.

.

Oct 23, 2017

සුබ ගමන්, මිස්ටර් සැම්සන් - Good Bye Mr. Samson




මිස්ටර් සැම්සන් රතු, හීන්දෑරි, සාමාන්‍ය ශරීරයකින් හෙබි කෙනෙකු උනේය. කොන්ඩය ක්‍රීම් ගා පසු පසට පීරූ ඔහු ඇන්දේ, කළු කලිසම හා අත් දිග සුදු ෂර්ට් එකය. ෂර්ට් එකේ අත ඉතා මහතට වැලමිටෙන් උඩට නමා තිබුනේය. හන්දියට සෙරෙප්පු දෙකක් දමාගෙන ගියද, ඉන් එහා ගමනක් නම් සපත්තු දෙක අනිවාර්ය විය. මඟුල් ගෙවල් සඳහා යන විට, තද රතු පාට හෝ මෙරූන් පාට ටයි පට පමණක්ම ඇන්දේය. ඔහු උපන් උණවටුනේ අයට හා නෑදෑයින් අතරේ ඔහු නෝටන් අයියා විය. ගමේ යාළුවන්ට නෝටයා විය. බොහෝ කාළයක් ජීවත් වූ කැළණිය තොරණ හංදිය පැත්තේ අයට ඔහු මිස්ටර් සැම්සන් හෝ සැම්සන් මහත්තයා විය. 

මිස්ටර් සැම්සන් කියන්නේ මාතලන්ගේ තාත්තාය. මාතලන් තාත්තාට කුඩා කාළයේ එසේ ඇමතුවේ තාත්තා කේන්ති ගස්සන්නටය. එහෙත් තාත්තා එයටද සිනාසුනේය. මා තාත්තාට එසේ ඇමතුවේ තාත්තා මට "ලොක්කා" කියා අමතන නිසාය. කැළණියේ ගෙදරට උදෑසන කිරි ගේන ආවේද ලොක්කාය. ඒ ලොක්කාගේ පෙනුම ඒ කාළේ උන් විකට නළුවකු වන, දොන් සිරිසේනගේ පෙනුමට බොහෝ සමාන නිසා, මාතලන්ටද ලොක්කා කියා අමතනවාට කිසිසේත්ම කැමති උනේ නැත. ඉන්පසු මා ලොකු පුතා විය. තාත්තා මිස්ටර් සැම්සන් නොවී, තාත්තාම වූයේය. මා ලොකු පුතා වන අතරේ, මලයා, "හින්නි පුතා"ද, නංගී, "හින්නි දූ"ද උනේය. 


තාත්තා ජීවත් වූ අවසාන කාළයේද මා(තලන්) නැවතත් තාත්තා ඇමතුවේ මිස්ටර් සැම්සන් කියාය. මිස්ටර් සැම්සන්ද මාතලන් අමතුවේ "ලොක්කා" කියාය. නමුත් ඒ අර කුඩා කාළයේ මෙන් කේන්තියෙන් නොව ඉතා ආදරෙයෙනි. එහි තාත්තා කියනවාට වඩා ගෞරවයක්ද තිබෙනා බවක් හැඟුන හෙයිනි. තාත්තා මිස්ටර් සැම්සන් වූ අතරේ අම්මා ඉබේම මිසිස් සැම්සන් වූවාය. 

ඉඩ කඩ ඇති සෑම අවස්තාවකම මල්ලිගේ ගෙදර උන් මිස්ටර් සැම්සන් බලන්නට ගිය අතර, ගෙදරට පැමිනෙන තෙක්, තුන් හතර වතාවක් කෝල් කරමින්, "කෝ තාම එන්නේ නැද්දයි.." අසමින් මග බලාගේන උන්නේ, මා කුඩා කාලයේ තාත්තා එනතෙක් බලාගෙන ඉන්නවා වාගේමය. ඒ සෑම දිනකම මග බලාගෙන උන්නේ, මාතලන්ගේ ප්‍රියතම ආහාරයක් වන සුදු කිරිබත්, කට්ට සම්බල් හා අයිස් කෝපී (බ්‍රැන්ඩි ස්වල්පයක් දැමූ) පිලියෙල කර ගෙනය. ඒ ඔහුගේ හැටිය. මේවා තාත්තාගේද ප්‍රියතම ආහරයන් වූයේය. මෙයිටාමතරව පොල් සම්බල්, හිරිහොදි හා ඉඳිආප්පද ෆේවරිට් ඒවා අතර තිබුනේය. බේකන් හා "එලිෆන්ට් හවුස්" පෝක් සොසේජ් ෆේවරිට්ම ඒවා උනේය. පැනි රස කෑමේද නොම්මර එකේ රුසියෙක් වූ ඔහුගේ ප්‍රියතම සුවීට් එක උනේ, ජුජුබ්ස්ය. අවසාන කාළයේ අම්මාටද කරදර කළ නොහැකි බැවින් අපි ගෙදරින් හෝ වෙනත් තැනකින් කෑම කා ගියද, ගෙදරට ගොඩවූ විගසම, කෑම දෙන්න යැයි කියා අම්මාට කරදර කලේය.

මා බොහෝ දේ ඉගෙන ගත්තේ මිස්ටර් සැම්සන්ගෙන්ය. ගමේ පන්සලේ හාමුදුරුවරුන් ඔහුගේ හොඳම මිතුරන් වූවද, ඔහු කිසි දිනෙක බුදුන් වැඳීමට පන්සල් ගියේ නැත. එමෙන්ම ගෙදරදි වැන්දේත් නැත. අම්මා සමඟ පන්සලකට ගොඩ වූවද, බුදු හාමුදුරුවන්ට පමණක් ආයුබෝවන් කියා, අම්මා වැඳපුදාගෙන එන තෙක් පැත්තකට වී බලාගෙන උන්නේය. ඔහු කියවීමේ රුසියෙක් විය. ඔහුගේ වෙළඳ ව්‍යාපාරය අසලම පිහිටි පිටකොටුවේ ගුණසේන සමාගමෙන් අපටද පොත පත අරගෙන දුන්නේය.  

එමෙන්ම ඔහු හොඳ කළාකමියෙක් විය. අප කුඩා කාළයේ සෑම ඉරිදාවකම, නාට්‍යයක් චිත්‍රපටයක් නැරඹීමට හෝ සත්තු වත්ත, ගෝල්ෆේස්, හෝ කටු ගෙට එක්කගෙන ගියේය. කටු ගේ ඔහුගේ ප්‍රියතම ස්ථානයක් විය. පැරණි ගීත, වේග රිද්ම ගීත වලට මෙන්ම නාඩගම් හා නූර්තී ගිත වලට ඔහු බොහෝ පෙම් කලේය. අපේ සෝ වලට කොතරම් පෙම් කලාදැයි කිවහොත්, මෑතකත් තාත්තා හා අම්මා පමණක් සෝ එකක් බලන්නට ගොස් සිටී බව කීවේ අහල පහල හිතවතෙක්ය. 

මිස්ටර් සැම්සන් බිව්වේ නැත. එයා කරේ අඩියක් ගහනා එකය. ඇත්තටම ඒය අඩියක්ම වුනේය. කවදාවත් වෙරි වෙන්නට බිව්වේ නැතිය. ගෙදරදි බිව්වේ ස්ටවුට්ය, ආච්චි බොහෝ දොස් කියද්දී, ඒවා අපටත් දුන්නේ මේවා බෙහෙත් කියාය. දිනකට බ්‍රිස්ටල් 20 පැකට් එකක් පමණ මිළදී ගෙන රටේ සංවර්ධනයට දායක උනද, පසු කාළයක එය නවතා දැම්මේ ඉබේමය. තාත්තාගේ ඩ්‍රින්කින් පාටනර් වූයේ හේවාදේව මුදලාලිය. පොල් ගහ යට කොටියා ඉන්නා භාගේ බෝතලය පිටකොටුවෙන් ගෙනාතර, ෂැන්ඩි වලට ගත්තේ තැඹිලිය, බයිට් එක උනේ සැම්සන් මහත්තයාගේ කට්ට සම්බලය. පසු කාළයේ අපත් සමඟද අඩියක් ගැසු තාත්තා, මගේ මිතුරන්ගෙත් හොඳම මිත්‍රයෙක්ම විය. ඔවුන් සමඟද පොඩි අඩියක් ගැසූ ඔහු, එය නවතා දැම්මේ, ඉතා මෑත කාළයේ උතසවයකදි ඇද වැටීමෙන් අනතුරුවය.  

මිස්ටර් සැම්සන්ට අනුව වසවර්ති මාරයෙක් වූ මාතලන්ට කිසි දිනෙකවත් බැණ අඬගසා හෝ තරවටු කොට නැත. මාතලන් ගැන කොම්ප්ලේන් ගෙන එන සෑමට තාත්තා කියා ඇත්තේ කොල්ලෙක් උනාම ඕවා කරන්නේ නැත්නම් උන්ගෙන් අති වැඩක් නෑ කියාය. එක පලහිලව්වක් ගැන කේලාම් පැමිනිල්ලක් කළ මිස්ටර් සිරිවර්ධනගෙන් තාත්තා අසා ඇත්තේ, පලහිලව්ව තියෙන්නේ මිස්ටර් සිරිවර්ධන්ගේ ඩෝටර්ලා එක්කද කියාය. මාතලන් රට රස්තියාදුවේ ගොස් පාන්දර 2 - 3 ට පවා එද්දී, අම්මා දොර වසාගෙන ඒ අසලම නිදා ගන්නාතරේ තාත්තාද උන්නේ නිදි වර්ජිතව බව මා හොඳින්ම දැනගෙන උන්නේය. විශේෂයෙන් ජේ වී පී කාළයෙදිවත් යන්නේ කොහේද කරන්නේ මක්කාද කියාවත් කිසි දිනෙක අසා නැත්තේය. 

මිස්ටර් සැම්සන් කිසි දිනෙක, අනුන්ගේ ඕපාදූප කත කොලේ නැත. පවුලේ අයට, සමහර දේවලට අප බැණ අඬ ගැසුවද, ඔහු නිහඬවම උන්නේය. දොඩමලු උනේ දේශපාලනය හා රට තොට විස්තර සඳහාමය. ඔහු උපන් ගෙයි යූ ඇන් පී කාරයෙක් උනේය. එහෙත් පසුව ඔහු නොම්මර එකේ මහින්ද වාදියෙක් විය. රනිල් යූ ඇන් පීය විනාශ කළ බව ඔහු කීවේය. මගේ බ්ලොග් කෙරුවාව ගැන මෙන්ම දේශපාලන මතිමතාන්තර ගැන උන්නේ බොහෝ සතුටෙන්ය. තාත්තා මට කුඩා කාළයේ කීවේ, "කාටවත් ගහන්න යන්න එපා..." කියාය. එහෙත්, කාගෙන්වත් ගුටි කා ඇවිත් එයාට කියන්නත් එපා කියාය. අදත් මා ජීවීතයේ අනුගමනය කරන්නේ, තාත්තාගේ ඒ කීමය. 


මිස්ටර් සැම්සන් ජොලි ගුඩ් පොරක්ම විය. ජීවීතේ දුකක් නොව සැපක්ම යැයි කියා මට කියා දුන්නේ ඔහුය. හරි හම්බ කළ බොහෝ දේ, රැවටීම් හා නඩු හබ ඔස්සේ අහිමී වී ගියද, ඔහු ජොලියෙන්ම උන්නේය. ඒවායෙන් කිසි දිනෙක් නොසැලුන අතර, මාතලන්ද එවන් තත්වයන්ට මුහුණ දෙන විට සැනසුවේ ඔහුමය. මීට මාස කීපයකට පෙර හදිසියෙම මෙන් ඔහු කීවේ, "දැන් උන්නා ඇති ලොක්කෝ..., ගියා නම් හොඳයි..." කියලාය. එසේ කීවේ වෙන හේතුවක් නිසා නොව, අම්මා ඔහු නිසා දුක් විඳි යැයි කියාය. එමෙන්ම, අම්මාට පෙර ඔහු යා යුතුයි කියාම කීවේ, අම්මා නැතිව ඔහුට දිනක් හෝ සිටීමට නොහැකි බව, ඔහු මෙන්ම අප සියල්ලන්ම දන්නා නිසාය. 

වසර 90 ක් වූ ජීවත් වූ මිස්ටර් සැම්සන්, දවස් තුනක් පමණ පණ ඇද්දේය. මා මල්ලීට කීවේ ඔහුට කරදර නොකර ඉන්න දෙන්න යැයි කියාය. හිතවත් දොස්තර මහතාද කීවේ එසේමය. එහෙත් මාතලන් එතනින් ආ පසු, මලයා වෙනත් දොස්තර කෙනෙක් ගෙනවිත් සේලයින් එකක් දී, කෝල් එකක් දී මට කීවේ, "බලාගෙන ඉන්න බෑ අයියේ..., ඒ නිසා සේලයින් එකක් දුන්නා..." කියාය. අපේ මලයා මාතලන් මෙන් නොව, බොහෝ සෙන්සිටිව් එකෙක්ය. 

අඟහරුවාද උදේ පාන්දර ඌ කෝල් එකක් දී හොඳටෝම ඇඬුවේය. මාතලන් ඌට ඇති වෙන තෙක් අඬන්නට දුන්නේය. මිස්ටර් සැම්සන් ගියා කියා, මා හට කිසිම දුකක් නැත. මන්ද ඒ තත්වයෙන් උන්නා නම් දුක් විඳින්නේ, අප නොව මිස්ටර් සැම්සන්ය. පුදුම ආදරයකින් මිය යන තෙක්ම එකටම උන් අම්මා ඇඬුවේ, "අනේ එයා නින්දෙන්ම මාව දාලා ගියා නේ...., කතා නොකර..." යැයි කියාය. මා යන විටත් ඇස් ඇරගෙන උන් තාත්තාගේ ඇස් දෙක වසා, "මිස්ටර් සැම්සන්, ගුඩ් බායි...." කියා කීවේ යලිත් කවදාවත් තාත්තා හමු නොවනා නිසාය. 

සුබ ගමන්..., මිස්ටර් සැම්සන්...!!!




Thank You For Being My Dad
Jon Barker

A son rarely tells his Father
How he really feels,
A handshake or a pat on the back is all that he reveals,

I'd like to right that wrong,
Here in this little song.
Thank you for shaping my life,
Thank you for teaching me all you can,
You are no ordinary man,
You make me everything I am.
Thank you for taking the time,
Thank you for showing me the way,
And thank you for being there when I need you,
Thank you for every single day.
Now I've been blessed with a son of my own,
Got my own bedtime stories to tell,
If I can raise him half as well as you raised me,
Guess I'll be doing pretty well.
Thank you for your guiding hand,
Thank you for making my dreams come true,
You're an extraordinary man,
And I hope you're as proud of me
As I am proud of you.
Thank you for giving me life,
Thank you for showing me good from bad.
I guess I'm only really trying to say,
Thank you for being my Dad.
Even though the years drift away, I
never took the time just to say,
‘I love you, and I always have,
And thank you for being my Dad.'
‘Thank you for being my Dad.'

.oOo.

86 comments:

  1. Thank you so much Mr. Samson for being mathalan's dad...!
    Good bye again Mr. Samson...happy journey...!

    ReplyDelete
  2. Meya kiyawathdi mage thaththawa mathak wuna. Ewan piyek lada oba itha wasanawanthai. Obage piyathumata niqan suwa patgami.

    ReplyDelete
  3. පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා
    විචාරක දියණිය

    ReplyDelete
  4. 😢😢😢...
    Pattai machan, andunaa... 😢
    Mr Samson ta suba gaman...

    ReplyDelete
    Replies
    1. මටත් අන්තිම ටික කියවද්දි කදුළු පැන්න. තාත්තල එක්ක යාළුවො වගේ ඉදල එයාල ගියාම දුක වැඩියි.

      Delete
  5. මිස්ට සැම්සන්ට සුභ ගමන් කියන්ඩ එන්ඩ බැරිඋනා. එතුමාට නිවන්සුව ලැබේවා !!!!
    මම මේ හිත හිතා ඉන්නෙ සැම්සන් මහත්තයට / නෝටන් අයියට තිබ්බෙ නැති කුකුල් කේන්තියක් එයාගෙ ලොකු පුතාට ආවෙ කොහෙන්ද කියල. ( මම හිතන්නෙ ඉස්කෝලෙන් )

    ReplyDelete
  6. මාතා,

    ඔබේ පියා අවවාදයට වඩා ආදර්ශය ලබාදීලා තියනවා. ඔබේ පියා බලාපොරොත්තු උන දේ සම්පුර්ණ වේවායි ප්‍රර්ථනා කරනවා, ඔහුට සුභ ගමන්!

    ReplyDelete
  7. කණගාටුයි මාතලන්....

    ReplyDelete
  8. උඹ අඬන්නෙ නැතුව තමන්ගෙ තාත්ත ගැන මෙහෙම කියන එකෙන්ම අපිව අඬවනව... මට මතකයි බොහොම කාලෙකට ඉස්සර මම ගී පවුරෙ ලියපු 'ලොකු මැණිකේ' කවි පන්තිය ගැන උඹ කියපු දේ... අම්මට කලින් තාත්ත යන්න ඕන කියපු හේතුව ඒ කවි පන්තියේ තිබුණ...

    උඹ ගොඩක් වාසනාවන්තයි මේ වගේ තාත්තෙක් ලැබෙන්න... එයා හොඳ තැනක උපදීවා කියලා පතනවා...

    අසංක (කුගෑගීප )

    ReplyDelete

  9. සුබ ගමන්..., මිස්ටර් සැම්සන්...!!!


    ReplyDelete
  10. සුභ ගමන් වේවා සීයේ!
    ලොක්කා වගේ බුවෙක්ට නිදහසේ හැදෙන්න ඉඩ හැරියාට අපේ උත්තමාචාරය.

    ReplyDelete
  11. අපේ තාත්තත් ලඟදි මලා.
    අපේ තාත්තා උග්‍ර යූ ඇන් පී කාරයෙක් (අන්තිම කාලේ දේශපාලනය අමතක කරලා හිටියේ)
    හැබැයි මට කවදාවත් අලියට කතිරෙ ගහන්න කිව්වේ නෑ.
    එයා කුල වාදියෙක්.
    මට කුලවාදියෙක් වෙන්න කිව්වේ නෑ.
    ඒ ගති වලට මම ගරු කරනවා.

    ReplyDelete
  12. සුබ ගමන් මිස්ටර් සැම්සන්!!!!

    ReplyDelete
  13. මෙවන් වසවර්ති මාරයෙක් හැදූ එක ගැන ඔබට සතුටු විය හැකියි.
    සුබ ගමන් මිස්ටර් සැම්සන් !!

    ReplyDelete
  14. සුභ ගමන් මිස්ටර් සැම්සන්
    ..

    ReplyDelete
  15. සංවේදී සටහනක්. මෙලොවට එන අය කුමන මොහොතක හෝ කුමන අයුරකින් හෝ මෙයින් නික්මී යා යුතුමය. ඉපදීම හා මරණයඅතර දෝලනය වන ජීවිතය සතුටින් පිරවිය හැකි නම් එයයි භාග්‍යය. අයියාගේ පියතුමා උපරිමයෙන් ජීවිතය වින්දනය කරලා යන්න ගියේ. ඔහුට සුභ ගමන්...!!!

    ReplyDelete
  16. සුභ ගමන් මිස්ටර් සැම්සන්. මාතේ ඉතාම තදින් දැනුන ලිපියක්.
    My deepest sympathies about your loss.

    ReplyDelete
  17. පියා ගැන ලස්සන සටහනක් මාතලන් . එතුමාට සුභ ගමන්. සින්දුවත් ආදරණිය ප්‍රණාමයක්. මට මගේ පියා නිතර මතක් වෙන්නේ ලුතර් වැන්බ්‍රොස් ගේ මේ සින්දුවත් එක්ක. අපේ තාත්තා කවදාවත් ඩාන්ස් කරලා නැහැ අම්ම එක්ක ඒක බටහිර දෙයක්නේ. නමුත් එකට දෙන්න සින්දු කියනවා. පැරණි ගීත සන්ධ්‍යාව කියල අපි කියන්නේ. අසනීප වුන වෙලාවක තිත්ත බෙහෙතක් දෙනකොට එක්කෝ සින්දුවක් හරි කතාවක් හරි කියනවා. අපි වාසනාවන්තයි බං එහෙම දෙමව්පියන් ඉන්න. උඹ වාසනාවන්තයි සැම්සන් මහත්තය වගේ තාත්තා කෙනෙක් ලැබීමෙන්ම.
    https://www.youtube.com/watch?v=wmDxJrggie8

    ReplyDelete
  18. මේකෙම සිංහල සින්දුව නොදැම්මොත් වැරැද්දක්. මේක තමයි අහන හැම වෙලාවකම මතක් වෙන අනිත් ගීතය.
    පියාණෙනි මා නැවත උපන්නොත්
    https://www.youtube.com/watch?v=3Hq2YSW4udM

    ReplyDelete
  19. අවසන් කොටස මා කියවූයේ දෑසට කඳුළු උනද්දී. ලොක්කා හැදූ මිස්ටර් සැම්සන් ඔබට සුබගමන්!!!

    ReplyDelete
  20. YES, REALLY THANK YOU FOR BEING MATHALAN'S DAD AND GOOD BYE Mr. SAMSON.

    ReplyDelete
  21. ඔබේ පියාගේ අභාවය පිළිබඳව මගේ බලවත් කණගාටුව. ඔබ "මිස්ටර් සැම්සන්" ගැන ලියා ඇති අභිනන්දන සටහන පමණක්ම ඔහුගේ කීර්තිමත් ජීවිතයට කදිම උපහාරයකි. ඔහු වෙනුවෙන් ඔබ තෝරා ග​ත් ​ ගීතයද​ ​ඒ උපහාරය තවත් ​මනරම් කරයි. මෙවැනි පියවරු ලැබූ දරුවෝද පින්වන්තයෝය. පියා පෙන්වූ මග නොබියව යන දරුවන්ගේ මිතුරන්ද පින්වන්තයෝය. ඔබ තෝරාගත් ගීතය ඇසූ සැණින් මට සිහි වූයේ Luther Vandros ගැයූ "Dance with my father again" ගීතයයි.

    "Back when I was a child
    Before life removed all the innocence
    My father would lift me high
    And dance with my mother and me
    And then
    Spin me around 'till I fell asleep
    Then up the stairs he would carry me
    And I knew for sure
    I was loved"
    ඔබ හොඳ පුතෙකි. ඔබේ පියා කොතැනක සිටියත් ඔබ කරන කියන දේ දැක සතුටු වෙනු ඇත.
    සුභ ගමන් "මිස්ටර් සැම්සන්"

    https://www.youtube.com/watch?v=lAmunwrk4nE

    ReplyDelete
  22. මම යහළුවක අත ඔහුට සුබ ගමන් පතා එවුවා. හදිසියේම යහළුවා කීවා මල ගෙදරක යනවා කියලා.එතකොටයි දැන ගත්තේ.

    “මිස්ටර් සැම්සන් ඔබට සුබ ගමන් “

    ඔබේ ලොක්කා අපට දායාද කලාට ඔබට තුති........

    ReplyDelete
  23. එවන් පියවරු ලද පුතුන් ද, මෙවන් පුතුන් ලද පියවරුන් ද වාසනාවන්තයෝය.
    මේ වියමන ම අගනා උපහාරයකි.

    ReplyDelete
  24. Obata suba gaman adaraneeya thaththe!

    ReplyDelete
  25. I don't know why, but I remembered Obaa when I was reading this...

    So long Mr. Samson..

    ReplyDelete
  26. පියාණන්ගේ අභාවය පිලිබඳ සාතිශය සංවේගය ප්‍රකාශ කරමි මාතලන්. හේතුන් නිසා ඇතිවෙලා තිබෙන දෑ සියල්ලක්ම හේතුන් නැතිවුණ දවසට නැතිවෙලා යනවා කියන ඒක විශ්ව සත්‍යයක් මාතලන්. ඔබත් මමත් අපි හැමෝමත් ඒ නැතිවන ස්භාවය ඇතුලේ ඉඳන් තාවකාලික සන්තොෂයන් හොයන සත්ව පිරිසක් විතරයි.

    ReplyDelete
  27. Good bye Mr. Samson! My deepest sympathies about your loss Maatha!

    ReplyDelete
  28. මිසටර් ලා නැතිදාට තමයි මිසටර් ලා හිටියානම් කියලා හිතෙන්නේ. උඹ නැන්දම්මාටත් ලියපු එකේ මොකේ එහෙම නොලියුවේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ. පුළුවන් නම කියපන් මොකක්ද කියලා. කොහොම උනත් ගියොත් එන්න බැරි දිහාවට ගිය ඔබ‍ට, සුබ ගමන් තාත්තේ.

    ReplyDelete
  29. සුබ ගමන් සැම්සන් මහත්තයෝ!

    ReplyDelete
  30. ලෝකේ ලස්සන කරපු අපූරු මිනිස්සු! සරළයි! ගැඹුරුයි!
    සුබ ගමන්!

    ReplyDelete
  31. සුබ ගමන් මිස්ටර් සැම්සන්....!!!!

    ReplyDelete
  32. මුළු මහත් ජීවිතය ඔබගේ අපේ දිවි කැඩපතවෙලා
    රළු අහස සේ දිස්වුනත් ඔබ හිරු ලෙසින් ලොව එළිකලා
    දළු ගොයම තුල වී අටුව දුටු ලෙසින් අප හැම රැකබලා
    සිළුව ඔබ මට : මිළිනවුවමුත් හදවතේ නැත වියැකිලා

    ReplyDelete
  33. සුබ ගමන් මිස්ටර් සැම්සන්....!

    ReplyDelete
  34. A gentleman very fortunate in life AND death.

    RIP

    ReplyDelete
  35. මාගේ බලවත් ශෝකය..

    ReplyDelete
  36. මගේ ගැන මගේ පුතෙක් මෙහෙම දෙයක් ලිවීමයි මට ලද හැකි ඉහලම සතුට!

    ReplyDelete
  37. Good bye Mr. Samson & may you rest in peace....

    ReplyDelete
  38. හෙට අනිද්දා මේ ගමන යෑමට නියමිත මගේ තාත්තා මතක් වී කඳුලක් ඉනුවා !

    ReplyDelete
  39. I leraernd lots about my grandpa and i am proud and happy avout my uncle i am divya galkissa

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න