.

.

Oct 29, 2017

මම ඒ බල්ලා මැරැවා......... (18+) - Kill That Dog...



මේ ප්‍රියාන් ඩි සිල්වාගේ තවත් කෙටි කතාවක්, මේ කතාව කියවන්න කලින්, ඒකට "මහින්ද ගුණවර්ධන" ලියපු මේ කොමෙන්ට් එක කියවලා ඉන්න...


ලියනවා කියන්නේ මොකක්ද?
රජවරුන්ට, ප්‍රභූවරුන්ට ලියපු ලියවිලි උසස් සාහිත්‍යය විදියට සලකනවා. ඒවා විචාරය කරද්දී හඳුන්වන්න පාවිච්චි කරන බර වචන සැට් එකකුත් තියෙනවා.
එතකොට ඒවා කියෙව්වෙ කව්ද? රස විඳින අවස්ථා මවා ගන්න පුළුවන් ද?
ශබ්ද රසය, අර්ථ රසය අන්තර්ගත සන්දේශ කාව්‍යයක්.
රජතුමා පිරිවර එක්ක සුව පහසු අසුන්වල හිඳගෙන. ගායකයො ගයනවා. වාදකයො වයනවා. නාටිකාංගනාවන් නටනවා.
‘‘දාසිය මට මධු බඳුනක් දෙව.‘‘ (සුබ සහ යස නාට්‍යයේ දෙබසක්)
මහ රෑ වෙනකම් සාදය පවතිනවා. රජතුමාගේ අවයව පිබිදුනාට පස්සේ ඉඟ සුඟ මිටින් ගන්න බැරි වුණත් වැඩියෙන් ම කුපිත කරවපු ගැහැනිය හෝ කිහිපදෙනෙක් එක්ක රජතුමා යනවා සිරි යහනට.
සීන් එක ඡේදනය වෙනවා. ජනතාව පීඩනයට පත් වෙනවා.
හැබැයි රටේ තියෙන්නේ සන්දේශ කාව්‍ය වර්ණනාවලින් පෙනෙන පරිසරය නෙවෙයි.
ප්‍රියාන් ලියන පරිසරය.
ප්‍රියාන්ගේ ලියවිලි සම්භාව්‍ය ඒවා අතරට ගන්නේ නෑ මේ යුගයෙදි. ඒවායේ කුනුහරුප තිබෙනවා. කපපුවා, මරපුවා ....
හැබැයි සුලභ තත්ත්වය.
මේවා කියවන්නේ ආචාර්ය මහාචාර්යවරු නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු.
සාහිත්‍ය නිර්ණායක තීරණය කළේ ලොකු අය. ඒ නිර්දේශ අනුව ලියැවෙන පොත් විකිණෙන්නේ දාහක්, නැත්තම් දෙදාහක්, ඉඳහිට එකක් දහ දාහක්.
මිලියන විස්සක් ඉන්න රටේ දාහක් .... දහදාහක් කියන්නේ කොච්චර ද?
සාහිත්‍ය නිර්ණායක තීරණය කරන එක ජනතාව අතට යන කාලය වැඩි ඈතක නෑ.
එදාට උඹ ගැන මිනිසුන් කියාවි මලයා.
ඔහොම යං ...



මම ඒ බල්ලා මැරැවා.........
=================
..............
" මොකද..? තෝ බලන්. .. ඉන්නේ....වාහේ.....?
අමිමට හුකාගන්නැතුව පලයන්.....පකයා....."
මම උන් දිහාම බලන් උන්නා....,,
කේන්තියට .....තරහට....මගේ ...අතපය වෙවිලුමි කෑවා...
මම උන් පස් හය දෙනා දිහාම මාරයා ආරැඪ වෙලා. බලන් උන්නා....
එක දිගට.....
ඔවි එක දිගට.....
" පලයන්...හුත්තෝ...කිවිවම අහලා යන්න...."
උස කඑ තඩි එකා ලගට ආවා.....
එ බල්ලා මගේ බෙල්ලෙන් ඇල්ලුවා....
උගේ තඩි මහත ඇගිලි වලට හුස්ම හිර වෙන්න වගේ....!
" අත ඇරපන්...කැරියෝ......"
මම....කියන කොටම....” පටාං....පටාං...” ගෑවා...කණ ලගින්....
උන් පිස්සු බල්ලෝ වගේ තඩි අත් ගෙඩි වලින් මට ගැහුවා.....
මුහුණ ඔලුව.....හරහා....
ඔවි....පිස්සු බල්ලෝ වගේ...!!
මගේ. ඇට කෝටු අතපය දෙදරැමි කෑවා....
......
එ තත්පරේ ආවා....
ඔවි එ තත්පරේ තමයි....ගුටිකාලා..ගුටිකාලා..ඇග හිරිවැටිලා වෙදනාව ශුන්‍ය වෙන තත්පරය...
ඒක ආවා....
ඉක්මනට ඒක ආවා..!!!
එ තත්පරේම...ඔලුව...පෙගාගෙන...උනුම උනු ලේ...මගේ මුහුන වහගෙන ඇස්...තෙමන් ගියා...
ලේ.......!!!!!!
ලේ......!!!!!!!
තවත් ....ලේ...!!!!!
ඔවි ඒ ලේ මට හයිය දුන්නා...
ඒ ලේ වල තිබුනේ මගේ අමිමගේ අහිංසක කිරි බිංදු....
ලේ වලින් ඇස් පෙගවන තත්පරේදි. අමිමා මතක් වුනා...
..............
ඔවි..අන්තිම තත්පරෙදි ඒක මට අහු වුනා...
කඑවරේම ඒක මට අහුවුනා...
කූනු කානුවෙ තිබුනු පරන අරක්කු බෝතලයක්...
..........
ඇගේ මුඑ හයියම දාලා ඇදලා ඇරියා එකෙකුගේ ඔලුවට....
"බුදු අමිමො...."
ඌ ඔලුව අල්ලන් මූනින් අතට වැටුනා...
බිදිචිච බෝතලෙන්. මම පිස්සුවෙන් වගේ තව එකෙකුට ඇන්නා...
"චිරිස්...!" ගාලා ලේ මගේ ඇගට පැන්නා...
...........
මිණි මරනවෝ!!! කියලා කෑ ගහාගෙන. ..උන්. ගාලු පර පැත්තට දිවිවා...
ඒ තත්පරේම මමත් අනිත් පැත්තට දිව්වා...!!
ලේ වලින් ඇස් හොදටම වැහිලා තිබුනත්..දිව්වා..
කැඩිචිච අරක්කු බෝතල් බාගේ ලේ පෙර පෙර මගේ අතේම තිබුනා...
" දැන් කොයිකත් එකයි....මොකා ආවත් අනිනවා.."
........................
................................
=======================================
කාලකන්නි. ,,,,නරැම..ජරා දවස්. කීපයක් ගෙවිලා ගියා..
මම හැංගුනා....
නෑ අමිමලා මාව හැංගුවා.....!!
.......................
හොරණ. පුංචි නැන්දලාගේ ....බාගෙට හදන් එන ගෙට උඩින්...වෙසක් හද මම දිහා බලන් හිටියේ මිනිමරැවෙක් දිහා බලනවා වගේ...!!!!
ඔවි....!!!
"මට හිතුනොත් තොටත් බෝතල් පාරක් හරි....පිහිපාරක් හරි අනිනවා ....."
මට හදත් එක්කත් ...වෛරෙන් උන්නේ...!!
......................
රංඩුවට පස්සෙන්ද...උන්ගේ මහා එවුන් ඇවිත්...අපේ ගෙයි බඩු මුටිටු කුඩු කරලා තිබිබා පොලොවෙ ගහලා....
............
උන්ට කුඩු කරන්න තරමි වටිනා කියන දෙයක් අපේ හිගන පැලේ තිබිබෙ නැ...
.............
යාඑවෙක්ගෙන් මම ඉල්ලන් ඇවිත් තිබුනු ගිටාර් එකයි....මගේ ඉස්කෝලේ පොත් ටිකයි..උන්..කෑලි කරලා තිබිබා...
............................................
............................................
" කොල්ලගේ වෙලාව අන්තිම නරකයි නංගියේ....
මූට හෙනහුරැ.....රාහු...අන්තිමයි....
කරදරමයි තියෙන්නේ..ඉස්සරහට...!!!
නැත්නමි මෙ...සෙල්ලමි කරන්න ගෙදරින් ගිය එකානේ...මට. හවස ..මලුත් කඩලා දීලා...."
අමිමගේ වෙවිලන කටහඩට පුංචිලගේ. ..කුස්සියේ වහලේ. ..මකුඑ දැලක එල්ලිලා බලන් ඉන්න...මකුඑ පැටවු පවා අඩනවා ඇති..
ඒක හරිම දුක්බරයි...!
මගේ අමිමා දුප්පත් අහිංසක හිගන්නියක්...!!!
....................................
.....................................
වෙසක් හද වලාකුඑ අස්සේ දියවුනා....!
පස්සේ...තව හදවල්...අහසට ආවා.......!
වැහි මාස වල හද වලාකුඑ වල පෙගුනා....
මාස ගානකින් මම...නිවුනා....
හොරණ පුංචිගේ...දූව...මගේ බතල නෑනා....හැමෝටම හොරෙන්...මගේ නලල ඉමිඹා.....!!
ඒකී. .බිග් ගර්ල් කෙනෙක් වෙලා.....මාසයක් යන්න කලින්.....මායි ඒකියි තුරැඑ වෙලා ඉන්නවා පුංචි දැකලා අහක බලන් ගියා.....
.....................
.......................
අමිමා හදිස්සියේම ඇවිත් ....මාව එක්කන් ගෙදර ගියා....!
"යමන් ගෙදර.....!
අරැන් සමාදාන වෙන්න කැමති වුනා...
උඹට කරදරයක් කරන්නැ කිවිවා...."
.....................................................
================================
ගෙදර ආවා..........!
නංගිලා මම දිහා බලන් උන්නේ මිනියක් මරලා නිදහස් වෙලා ආව වගේ....
මම අලුත් හුස්මක් ගත්තා...
අම්මගේ කරවල හොද්දේ සුවද මාස ගානකින් නාස්පුඩු වලට...කොලොප්පමි කරා....
චූටී නංගි විටන් විට ඇවිත් හොරෙන් මම දිහා බලලා දුවන් ගියා.....
" මෙහේ වරෙන් ඔය හොටු ටික පිහදාන්න..."
ඒකි නහය ඇගිල්ලෙන් හාරා හාරා දිවිවා......
............................
............................
.............................
තිරිසන්නු......!!!!
කාලකන්නි තිරිසන් හැත්ත...!!!
උන් ලස්සනට මගේ අහිංසක අමිමව රවටිටලා තිබුනා.....
උන් පොලු අරන්....ගෙට පනින කොට...චූටි නංගි මරලතෝනි දුන්නා.....!!!
අමිමා මොර තියාගෙන මාව බදා ගත්තා.....!!
චූටි නංගි මගේ කකුලක් බදා ගන්න කොට එකෙක් ඒකිව උස්සලා මිදුලට විසක් කරා.....!!
පොලු පාරවල්.......!!!
අතින් පයින්.......
" මරපයවි.!! ඔය වෙසිගේ පුතා....
චන්ඩි කරලා හැංගිලා ....ඉදලා....!!"

පොඩි රත්තා කඩුව වන වනා....ගේ ජනෙල් පවා කුඩු කරා......
අමිමගේ කරවල හටිටය...බිම දිගේ ගලන් ගියා....
ඒවා බිම තැන තැන තිබුනු බත් හටිටයේ..කෑලි අතරින් ඔහේ යන්න ඇති......
" තොපිට හෙණ හත ගහනවා....!!
මගේ කොල්ලා මරන්න එපෝ.!!!!!!!!
අමිමා පොඩි රත්තගේ කකුල් දෙක ලග වැද වැටෙනවත්.....ඌ....මගේ අමිමට උගේ... අර තඩි කකුලෙන්. යටි බඩට ගහනවත් මම අවසිහියෙන් වගේදැක්කා.....
ඔවි......!!!!
ඌ....මගේ අමිමගේ බඩට පයින් ගැහුවා...
........................
........................
උන් මාව මරලා ගියා...!
පොඩි රත්තගේ කඩුවෙ...සීතල මුවාත තලේ...මගේ.....හිගන...පුංචි ඇටකටු..කපන් ගිහිල්ලා තිබුනා.....
හැම තැනම....
ලේ ගංගාවල් ගලන් ගිහල්ලා. තිබුනා.....!!!
අමිමගේ. ..ලේ ..මගේ ලේ ...සිමෙන්ති පොලො⁣වෙදි. ආදරෙන් වැලදගන්න ඇති.....
..................
ලේ ගගක කෙදිරි ගාන අමිමා බදා ගෙන චූටි නංගි....වැටිලා උන්නා....
මම අහසේ ඉදන්...අත දික් කරලා චූටිව වඩා ගන්න හැදුවා....
මම ශීතල වුනා....
ඔවි මම....ඇත්තටම වළාකුඑ වගේ සීතල උනා......
************************************
************************************
ලෝකේ මහා පුදුම තැනක්....
පුංචිම පුංචි දේවල් ජීවිත වෙනස් කරනවා....!
................
හරියට මගේ ජීවිතේ වගේ.....!
ඔවි....මට උනා වගේ.....!
.............
එදා කොලු කමට පිටිටනියෙදි උන් මගේ සෙරෙප්පු දෙක හැංගුවා....!මම කොලු කමට පංඩිත කමට....උන් එක්ක පැටලුනා....
පුංචි සිද්ධියක් අපි ගොඩාක් දෙනෙක්ගේ ජීවිත වෙනස් කරා.......
....................
.....................
මම. ..අන්තිම තත්පරේ මරණේන් ගොඩ ආවා...!
මාස ගානක්..ජීවිතේ එක්ක පොර බැදුවා....
අමිමා ....!!
අමිමා මාව බෙිරගන්න ගිහින් වැදුනු කඩු පාරකින් ස්නායුකැපිලා....බාගෙට පණ නැති උන කෙසග අතින් බත් උයන් ඉස්පිරිතාලෙට ..උදේ හවා ගෑටුවා...
..............
ඔවි......
මම පලා ගියා....
මම ගමෙන්ම ගියා....මහා ා වෛරයක් අරන්....!!!
මම ගියා.....!!
මගේ හිගන අමිමගේ. ..ලේ ..කදුඑ...වෛරයේ හිර කරන්...!!!
මම කොළඹ අදුරැ පාතාලෙට පැනලා ගියා...!
.................
..............මම කිමිදුනා.....
ඒ පාතාලේ මම යටටම කිමිදුනා....
හදවත මරලා ගෝතමිපුර කුණු කානුවකට විසික් කරා.....
කඩුවෙල ධමිමක අය්යගේ...හෙවනැල්ල.....
නවුපර් අය්යගේ....තියුනු ඇස්..මම ඉක්මනට ලොකු මිනිහෙක් කරා...
" ඌ.....හිතක් පපුවක් නැති එකෙක්..."
ඉස්සර තොටගමුව පන්සලේ දහමි පාසලේ. හොදම මල් වටිටිය හදපු මට පාතල ලෝකේ චරිත සහතික නිකුත් කරා
.............ා
දන්නවද...? උඹලා.......
මොල කෑලි කුඩු වෙන්න වෙඩි තියලා.....වෙඩි කාපු එකා ගැහී ගැහී මැරෙද්දි....උගේ අලුත්ම අලුත් ලේ සුවද දැනෙද්දි ...මම හයිය වුනා...මට ඔනි ඉලක්කෙට යන්න....!
===========================================
ඉර මාර රස්නෙයි එදා......
වලාකුඑ මොනාත් නැ..........
හිස් අහස .....නිහඩයි.......
.................
" හරි ඔන්න බඩු එනවා... ...."
කලු චමින්ද ....කෙදිරැවා...!
ඔවි ඌ ආවා.....හරියටම ඌ අපේ ඉස්සරහටම ආවා....
දිලිසි දිලිසි ආවා.....
ඌ. ටිකක් බීලා ....හිටිය බව අපි දැනන් හිටියා.....
............
.............උගේ ගෙයි ඉස්සරහා ගේටිටුව ලග අපි හිටියේ....
...........
" ඇයි මල්ලි මොකෝ...?"
ඌ ඇස් ලොකු කරන් ඇහුවා.....
" පොඩි රත්තා අය්යේ...කොහොමද....?
අදුනන්න පුඑවන්ද ...?"
මම ඇහුවා උගෙන්....
ඌ මගේ කලු ඝන රැවුලයි...දිග කොන්ඩෙයි දිහා බලන් උන්නා.....
" මම....රංජනීගේ පුතා....අර උඹ කෑලි වලට කැපුවෙ.....
අන්න ඌ....
තෝ මගේ අමිමට ගහපු ඒ කකුල අමිමට ගිහින් දෙන්න ආවෙ....!!!!
උගේ කැත රතු ඇස් උඩ ගියා.....
ඌ දුවන්න හැදුවා....
" කැරි බල්ලා..."
කලු චමින්ද පොඩි රත්තගේ කණ ලගටම තියලා තී එයටි එක පත්තු කරා...
උන්ඩ...පහාහයක්ම....
මොල කෑලි පාර දිගේ...
" ගනින් මන්නේ...හුත්තෝ ඉක්මනට..."
මම කැ ගැහුවා....
අලුත්ම දිලසෙන කඩුවක් වගේ තඩි මාඑ කපන මන්නෙන්....මම උගේ කකුලේ කලව හරියට කොටා ගෙන .කොටා ගෙන ගියා...මස් කපා ගෙන ෙලේ විද්දා...
........
උගේ ජරා ලේ ....මහා පාර පුරා....
උගේ කකලේ කලවා ඇටෙ කපන්න දහා දොලොස් වතාවක්ම කොටන්න. උනා.....
.....................
.....................
********************************
චමින්ද ටිරෙල් බයික් එක......අපේ මහා ගෙදරට හැරෙන පටු පාරට හැරෙවිවා...
අැගේ කපාගත්ත කකුලෙන් ගලන ලේ වලින්මගේ පිට නෑවිලා තිබුනේ.....
...........
.............
අමිමෙි....!!!!!
මම බයික්එකේ ඉදන්ම කෑගැහුවා....
" පොඩි රත්තගේ කකුල ගෙනාවා......"
මම ලේ තාම ගලන තිරිසනාගේ කකුල අමිමට අත්දෙකෙන්ම උඩට උස්සලා පෙන්නුවා.....
.....................
..............................
============================================
(( ආදරෙයි ...අමිමෙ....!!! ))
මම සිංගප්පුරුව හරහා ඉතාලියට පැන්නා...!!!!!!!

14 comments:

  1. හොදයි ඇත්තටම. අමුවෙන්ම දැනුනා

    ReplyDelete
  2. නියමෙටම ලියල තියනවා...මේ කතා වදින්නේ මෙහෙම තමයි...මේකෙ ඇත්ත තමයි ගොඩක් පාතාලෙ මැරයො කියන එවුන් බිහිවෙන්නෙ උන්ට ජීවිතේ යම්කිසි කාලෙක මේ කතාවෙ වගේ දේවල් වෙන හින්දා...

    අසංක

    ReplyDelete
  3. කියවල ඉවර උනාට පස්සෙ මගේ මොලෙන් ලේ ගලනව වගේ දැනුන!!

    ReplyDelete
  4. මාළු මන්නෙකිං ඔච්චර කොටන්ඩ ඕනද බං

    ReplyDelete
  5. https://io9.gizmodo.com/18-perfect-short-stories-that-pack-more-of-a-punch-than-1692442650

    ReplyDelete
    Replies
    1. ස්තුති.ඒ ලින්කෙකේ කතා මරු වගේ.

      Delete
  6. හ්ම්ම්ම් .....
    හරිම බරයි ලියවිල්ල

    ReplyDelete
  7. මේ දවස් වල ටිවි එකේ නිතර නිතර කියන කොල්ල කල්ලි පැනල කපල මරලා. මෙය පුද්ගලික කෝන්තරයකට වුවක් බැව් පොලීසිය සැක කරයි කියන කතාත් මේ වගේ “පුංචි සෙරප්පු“ ලොකු කර ගත්ත ඒව වෙන්නැති. වැඩේ කියන්නේ අහිංසක කිරිසප්පයො මුකුත්ම නොදැන මැරෙනවා.නැතිනම් වෛරය ඉස්සරහට ගෙනියන පාතාලයො වෙනවා.අනේ මන්ද බන්.මට නම් මේක කියවල මහ බයක් දැනුනා.

    ReplyDelete
  8. අම්මෝ..ඒක.. මොළේ හිරිවැවෙනවා..

    ReplyDelete
  9. කියෙව්වට පස්සේ නිකන් අවුල් වගේ.. මොකටද නිකන් මනොපාරක් දාන් ඉන්න තියෙන එක කියවලා ඔළුව විකාර කර ගන්නේ..

    ReplyDelete
  10. හොඳටම දැනුණා. ඇඟට නෙවෙයි......
    මොළේට....!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න