.

.

Oct 14, 2017

ඈ මගේ වියපත් සඳ හා ප්‍රියාන් ද සිල්වා - Couger & Priyan De Silva




ප්‍රියාන් ද සිල්වා, "ද සිල්වලා" ඉන්නේ කොහෙද? ඔව්, ඌත් අම්බලන්ගොඩ. මාතලන්ගේ බුකි හිතවතෙක්. මාතලන් ඌට පෙම් බඳින්නේ උගේ "මයික්‍රෝ කෙටි කතා" නිසා. ඒවා මාරයි. හේතුව ඒවා සාම්ප්‍රදායික නෑ. මෙහෙම උන් තමයි ලෝකය අලුත් කරන්නේ. ලෝකය ලස්සන කරන්නේ. ඌ දැන හෝ නොදැන මයික්‍රො සන්නිවේදන මාද්දියකට, ගේනවා මයික්‍රෝ කෙටි කතා.

ඒවා බොහොම කෙටියි. ඒත් ගැඹුරුයි. ටච් කරන්න ඕන මොන තැනද, ඒ කියන්න හාට් එකද, බොක්කද, කොල බොක්කද, උන්ඩුක පුඡ්චයද, එහෙම නැත්නම් බුද්ධියද, ඇඟේ මයිල් වලද, ආන් ඒ මොකක් හරි එකකට මාරම විඩියට දැනෙනවා. ඒ නිසා ඌ බුකියේ අතිශයින්ම ජනප්‍රිය පොරක්. ඒ කෙටි කතා තුල ඌ කෙටි චිත්‍රපටයක් අපූරුවට මවනවා.

අනෙක් කරුන, අපේ සමාජය දිනපතා දකින අහන විඳින, ඒත් එහෙම දෙයක් උනේ නෑ වගේ, ඒක රහසක් වගේ රකින දේ ඌ බය නැතිව කතා කරනවා. කොටින්ම කියනවා නම් අපේ රටේ පුහු සදාචාර රෙදි ඌ කිසිම බයක් නැතිව ගලවලා දානවා. ඒ කතාවල තියෙන්නේ ඇත්ත. අමු ඇත්ත.

මාතලන් මේ දේ ඌට කියනවා. ඌ ඒක අගය කරනවා. මම ඌට පොරොන්දු වෙනවා උඹේ මේ කෙටි කතාව මගේ බොගේ දානවා කියලා. ඌ කියනවා ඌ මීට වඩා දෙයක් කරන්න කැමතියි කියලා. මම හිතනවා ඌ ඒ දේ කරයි කියලා. සමහර විට මාතලන් ඌ වෙනුවෙන් වෙන්වෙයි. ඒකට මාතලන් කිසි අහිතක් නෑ... මේ තියෙන්නේ ඒ සාක්ෂි..

උපුටා ගැන්ම බුකියෙන්


// Priyantha Hewage Maathalan ප්‍රියාන්


උඹේ කතා ගැන කියන්න දෙයක් නෑ. ඒත් උඹ අළුත් කෙටි කතා ආකෘතියක් හදපු යුගයේ කෙටි කතා කාරයා වෙනවා නිතැතින්ම. උඹ තමයි මයික්‍රෝ කෙටි කතාවේ පුරෝගාමියා...
Priyan DeSilva උඹ වගේ එකෙක්.... කියනවා නමි ඒකේ... මොකක් හරිම ඇති..!
ස්තුතියි බං.... උඹට....!
උඹෙ බිලොග් එකට. ..ලියන්න ඔනි.... දෙයක්..දිගටම......
Priyantha Hewage Maathalan කොහොමත් මගේ බ්ලොග් එකත් වේලෙනවා වෙලාවක් නැති කමෙන්. ඒත් මේක ඉරිදට කලින් දාන්න බලන්නම්. අනික් ඒවත් දාමූ...
Priyan DeSilva උඹ කැමති විදිහට කරපන්......!!
වෙනස් දිග එකක් දිගටම ලියමු......
දෙයක් තියේ.....ලියන්න.... උඩුයට්කුරැ කරන්න... සමහර තැන්
Priyantha Hewage Maathalan එළ ඒ වැඩේ කරමු... මම කොහොමත් සම්ප්‍රදායට කැමති නෑ. ඒක කුඩු කරන උන්ටයි කැමති... 
Priyan DeSilva සමිපුදායට පුකට පයින් ගහමු.....!

සංස්කෘතිය නිරැවත් කරමු.... ඇත්තටම ඒවල තියෙන්නේ හිස්... ප්‍රෝඩාවක් විතරයි බං.....! 
අපි ගේම දෙමු මචෝ

බුකියේ ප්‍රියාන්ගේ රසිකයෙක් වන්න << මෙන්න ලින්ක් එක >>

මාතලන් කියන්නේ බොරුද බලන්න, උගේ නවතම මයික්‍රෝ කෙටු කතාව පහළින් කියවන්න...



===================
ඈ මගේ වියපත් සඳ.....!
ආත්මීය ආදරය....
===================

" හුත්තිගේ පුතෝ....මෙ ලංකාව නෙමී.....!!
තෙරැමි ගනින්.....!
........
බූරැවෝ.....! තෝ ඉන්නේ..වීසා.... ඩොකියුමන්ටි කිසි දෙයක් නැතුව..... අනිත් එක මෙහේ භාෂාවත්....තොට තේරෙන්නැ..... තොගේ. ..පාඩුවෙ. ..ගෙට වෙලා ඉදපන්....ජොබි කෑල්ලක් හොයලා දෙනකමි....!!
.......
නොදකින්..වේසාවා....!!...
දැන්....ඔය නාකී ගෑනී. ...මැරැනොත් එහෙම....තොට විතරක් නෙමි......මටත් හිරේ යන්න වෙනවා....
විසා..නැති එකෙක් තියා ගත්තා කියලා.....!!"
.................
.................
මිලානෝ...ඇග හිරිවටිටන , ...කුප්ප හීතල ජනෙල් දාර අස්සෙනුත් ගේ ඇතුලට කඩන් පැන්නා.....
එලියේ.... පුඑන් වගේ හිම කෑලි...ඔහේ පාවෙවි....එකා පිට එකා....පොලවට හෙමිහිට කඩන් වැටුනා....නිදහසේ...
මම.... රතු පාට වයින් බිංදුවකින් මෙසේ එහෙට මෙහෙට ඉරි ඇන්දා...... චානීයා ආපහු වීදුරැවක් පුරවන්....මගේ දිහා ඔරවන් බලන් හිට්යා.....
උගේ ඇස්.... කොහොමත් ලස්සනයි...... බොනකොට රතු වෙනවා....ටිකක්....!!

" මොකද බූරැවෝ....බලන් ඉන්නේ...බීපන්....!
............
ප්‍රියෝ.....අහපන්...!
උඹට මෙහේ දේවල් තාම තේරෙන්නැ....
උඹ ඇවිත් සතියයි...
මෙවා. ..මහා වෙනස් අමුතු රටවල්.... නීති රීති වෙනස්...
නිදහස..වගේම..තමයි.... අනිත් පැත්තත්......!!
................
මොකක් හරි..ඇක්සිඩන්ටි...හරි... කරදරයක් වුනොත් අපට අපේ ගෑනිගෙවත් ඇගට අත තියන්න බෑ....911 හරි....පොලීසිය හරි....එනකමි....
එහෙම අල්ලලා හරි...හොලවලා හරි..වතුර ටිකක් හරි...දීලා.... අන්තිමට වැරදිකාරයා වෙන්නේ එ උදවිවට ආපු එකා.....
දොස්තරලා. කියනවා..මේ ලෙඩා මැරිලා තියෙන්නේ....අනතුරෙන් පස්සෙ වැරදි විදිහට ඇල්ලුව නිසා ක්යලා.......!!
.........
දැන් තොට..තේරෙනවද...තෝ කරපු හරක් වැඩෙ....!!"
...............
...............
..............
=============================

තඩි....තටිටු බිල්ඩින් එකේ....තුනවෙනි තටිටුවෙ තඩි ගේක මම තනි වුනා...
යාඑවා.උදේම වැඩටගියා....හවස ආවා... අපි රෑට සිහිය නැති වෙන කම් බිව්වා...

"උඹ එහේ මෙහේ වැඩිය.යන්නෙපා....!
මේ දවස් වල වීසා නැති උන් චෙක් කරනවා..."

ඌ වැඩට ගියාට පස්සේ.....මම ඔහේ පාරවල් දිගේ ඇවිද්දා... සීතලේ..හිම වැටිච්ච පාරවල් දිගේ..
අරමුනක් නැතුව...
බඩගිනි උනාම දවල්ට හො හවසට ගෙදර ආවා...
දවස් ගානක් එහෙම ගෙවලා දැම්මා.......
.............
දවසක...!
බඩගිනි වෙලා මම තරප්පු පේලියේ උඩට නැග්ගේ...දවල් තිස්සේම සීතලේ බඩගින්නේ ඇව්දලා මහන්සි වෙලා...
...........
ලේ...!!!
.....
රතුම රතු ලේ..!!!

තුන්වෙනිතටිටුවෙ.... අපේ ඉස්සරහා ගෙදර බාගෙට ඇරපු දොර අස්සෙන්....හීන් ඟංඟාවක් වගේ පොලව තෙමන් ගලන් ආවා....

තුනවෙනි තටිටුවේ ගෙවල් තුනයිතිබුනේ....!
එවල ජීවත් උනේ... යමක් කමක් තියෙන තනියම ජීවිතේ සැදැ සමය ...නිදහසේ පාකරලා යවන...වයසක අය...

ඒ ලේ පාර ආව ඓණ්ටෙරො 2 නොමිමරෙ තියෙන ගෙදර ජිවත් උනේ..වයසක ආචිචි කෙනෙක්...
මට එක යාන්තමි මතකෙට ආවා...

ඔලුව ඇතුලේ අකුණු ගැහුවා...!
මේ මල මූසල බිල්ඩින් එක දවාලට අමු සොහොනක් වගේ... කිසිම එකෙක් පලාතක නැ...

" මොන මගුලක්ද...? කාට හරි කරදරයක්නේ..."
අහක බලන් යන්න...තරමි...මම බංකොලොත් වෙලා උන්නැ.....

මම යාන්තමට ඇරැනු දොර හෙම්හ්ට තල්ලු කරා....!

" දෙයියන්ට හෙණ ගහපිය...!!!"

නකි ගෑනී ලේ විලක වැට්ලා හිට්යා...
ඒ ලේ...පුංචි ගංගාවල් වගේ.... හැම තැනම ගලන් ගියා...!
අමු ලේ සුවද නාස් පුඩු පොඩි කරා මගේ...
මම ආචිචිට ලංවෙලා බැලුවා...!

මැරිලා...!!

උන්දැගේ රත්තරං පාට කෙස් බිම දිගේ ඔහේ විසිරිලා තිබුනා.... උනුසුමි ලේ ගංගා කෙස් දිගේ...අසරණ විදිහට...ගල් වෙලා...බලන් උන්නා....

මම අන්තිම මට පුඑවන් දේත්කරා...

රැලි ගැහුනු ශිතල අතේ...නාඩි වැටෙන බොල් සද්දේ.....එක්තරා තත්පරේකදි... මගේ කණ අස්සෙන්...මොලේ පසාරැ කරන් ගියා....

"මැරිලා නැ හුත්තෝ..........."

මම කෑගහන් දොරෙන් එලියට පැන්නා.....!!

පඩි පෙල දිගේ පහලට මොර තියන් දිවිවා...!!

Help....!! Help..... !!

එක ඉතාලි වචනයක් දැනන් හිටිය නැති මම.... පාරට පැනලා වාහන නැවැත්තුවා....
සමහර වාහන ඇගට කපන් ගියා....
පස්සේ පාරෙ යන කිහිප දෙනෙක් මගේ ලගට ආවා...
මම දන්න...ඉංග්‍රිසියෙන්....අතින් පයින්.... විස්තරේ කිව්වා....
තරැණ නෝනා කෙනෙක්... "චරබර ..." ගගා කාහේටද කතාකරා පෝන් එකෙන්.....
.........
........
විනාඩි ගානකින් මරහඩ දීගෙන....ඇමිබියුලන්ස් එකකුත් එක්ක පොලිස් කාර් එකකුත් ආවා....
..........
.........
===================
................
................

මිලානෝ...!!!
නිල් වළාකුඑ යට හිම පියලි... නිදහසේ පොලව ඉඹ ගන්න සීතල නගරය....
පාරවල් සුදුම සුදු වුනා..... උස ගස් මුදුන් ...උස බිල්ඩින්...හිමෙන් ගල් වුනා...
රෑ පුරාවට සීතල වීදුරැ ජනේල වලට පුංචි අයිස් කැට හෙමින් හාදු දුන්නා...

" උඹට..ස්තුතියි ප්‍රි....!!
මම තව ටික දවසක් හරි ජීවත්. වෙන්නේ උඹ නිසා....!!

සිමෝනා.... වෙවිලන රැලි වැටුන සුදු අතින්.... මගේ රළු අත හෙම්හිට පිරිමැද්දා....

රතු පාට වයින් වීදුරැ...දෙක....මත් වුනා හෙමිහිට...
සිමෝනා ගේ රෝස මල් ඇල්ලුව රවුමි හිස් වැස්ම....උඩට පුංචි...හිම බිංදු වැටුනා....
ඇග කිලිපොලන් යන ශිශිර ඝෘර්තුව පුදුමෙන් අපි දිහා බලන්. උන්නා....

.................
.................
ඔවි....!!
ලෝ කේ තාම හාස්කමි සිද්ධ වෙනවා....!!
මම ඒක ඇත්තටම දැක්කා..වින්දා....!!
ආදරේ හාස්කමි මවනවා....!! සීමා මායිමි නීති රීති.... බිදින ආදර කතා ලෝකෙ වෙනස් කරනවා....
එහෙම ආදරය කරන උන්ගේ හුස්ම...තමයි ඇත්තටම විශ්වය ඉස්සරහට අරන් යන්නේ.....

" මම ජීව්තේ විදින්නේ දැන් ප්‍රී........"

රතු වයින්.... සුදුම.සුදු....ශ්‍රිතල වොඩිකා..... අපි දෙන්නා.... රෑ පුරා උනුහුමි කරා...
සිමෝනගේ. ....අපූරැ හුරැබුහුටි නිවසේ...බිත්ති උඩ ආයි ඉතාලියට කීර්තියක් ගෙනාපු ඒ බැලේ නර්ථන ශිල්පිනියගේ සුමට නර්ථන හෙවනැලි...රඟ දුන්නා.....
.........
ඔවි අපි ජීව්තේ වින්දා...හරිම අපූරැවට....
.........
මිලානෝ නගරේ.... හිම මිදුනු පාරවල් දිගේ අපි හෙම්හිට ඇවිද්දා.......
උනුහුමි අවන්හල් වල....කපුචීනෝ සුවද...වින්දා....
......
සැදෑ සමය ගෙවන මිතුරැ...අපූරැ මිනිසුන් සිමෝනා වැලද ගත්තා... සුභ පැතුවා....!

"ළුි මිඔ....විට...... .."
( ඔහු මගේ ජීවිතය......)

සීමෝනගේ දිලිසෙන හිනාවෙන ඇස්.....නිල් පාටයි...!
ඒ ඇස්.... මට හැමදේම.අමතක කරා......

ලෝ ෙක්. ...හොදම දේ සත්‍ය ආදරය...!

===================

" ජරා යකෙක් වෙන්න එපා යකෝ.....!!
නාකී ඉතාලි ගෑනියෙක් එක්ක උඹ ජීවත් වෙනවාකියලා...... ගොඩාක් ඈයෝ දැන් දන්නවා....
......... යකෝ... තොට නිදා ගන්න ඔනි නමි මිලානෝ වල ඔන තරමි සිංහල පොඩි කෑලි ඉන්නේ..... "
..........
" බලපන්..ඇවිත් මාස කීයක් වෙනවද....ජොබි එකක් කරන්න.... මෙහේ බාසාව ඉගෙන ගන්න ....ඩොකියුමන්ටි ටික හදා ගන්න..... කිසි උනන්දුවක් නැ....
නාකී ගෑනියෙක්ගේ රෙද්ද අසසේ වැටීලා.... පිස්සු නටනවා..."
..............
..............
..............චානී...පිස්සු බල්ලෙක් වගේ කඩන් පැන්නා...
ඇත්තටම. මම මාවම අමතක කරලා තිබුනේ....
මම බාහිර ලෝකෙම අමතක කරලාතිබිබෙ....
...........
මගේ ඉලක්ක....වගකීමි යුතුකමි....ආදරයක්...ඔවි..! අසමිමත ආදරයක් ඉස්සරහා දිය කරලා තිබුනේ....
.......
ජීවිතය පිස්සුවක්....!!
............
................
=======================

මම. මිලානෝ අහසට ගිනි තිබිබා.....!

සුදුම සුදු හිම අගුරැ කරා....!!.

අහස ගුගුරන් වහලට වැටෙන ලොකු වැහි බිංදු සිමෝනගේ කදුඑ එක්ක.... පාවෙලා තුරැඑ වෙලා..... ඔල්ගා නදියට එකතු වුනා....
ඒවාසමහර විට අපි දෙන්නා ගොඩාක් දවස් වැතිර්ලා හිටිය..මෙප්ලර් පාර්ක් එක හරහා....ඟඟට වැටෙන්න ඇති.......!

"ප්‍රී .... මාව දාලා යන්න එපා...!
මෙහෙම දාලා යන්න නමි ...ඇයි උඹ මාව එදා බෙරගත්තේ....??"

............අසරණ....ගැහැණියගේ විලාපය.....කදුඑ.....ඒ බැදීම....මම අසරණ කරා... ඒ ...අව්‍යජ හුස්මට මම දෙදරැවා.....
ඒත්....කිලෝ මීටර් දහස් ගානක් දුරක....වගකීමි බැදීමි....බඩගිනි කටවල් ...ගොඩාක් මම දිහා බලන් හිට්ය.....ා.
.............
ඉතින්.....!
මම සිමෝනගේ කදුඑ වලට ගිනි තිබ්බා....!
ඒ කදුඑ බුර බුරා....අහසට...ගිනි තිබ්බා.....

..............
මම ගිනිගන්න සීතල මිලානෝ අහස යටින් පැනලා ගියා....

=======================

රෝමෙදි. මම....හදවත මැරැවා....!
යුරෝ කොල ...... ඉස්සරහ හදවත මැරැවා....සල්ලි හමිබ කරන රේස් එක හති දම දමා දිවිවා....
.................
..................
චනියා නිතරම මිලානෝ ඉදන් කතා කරා....
........
" අර ගෑනිගෙන් මල වදයක් බං....!
නිතරම ඇවිත් උඹව අහනවා....!"
.............
............
" අර ගෑනිට දැන් ටිකක් මොලේ අවුල් වගේ බං....
පවි....!!!
පුඑවන් නමි දවසක් ඇවිත් බලලා පලයන්...."
...........
.............
හදවත මරපු මට මොනාත් දැනුන්නැ....
මම නිර්වින්දනය වෙලා තිබුනේ...... හදවත ගලවලා අයින් කරපු තැනට මම රෑ තිස්සේ වොඩිකා පිරෙවිවා....
............
.........චානිගේ එන කෝල් මම කටි කරලා දැම්මා...
...........වොඩිකා බෝතලේ අඩිය යටින් මම....මිලානෝ නිල් පාට අහස දැක්කා....
ආත්මයක්....හදවතක් නැති....කාලකන්නි ජීව්තයක්....බිම පෙරළුන හිස් බෝතලයක්තුරැඑකරන් සීතල පොලවෙ....නිදාගත්තා....
වොඩිකා හීන මැද්දේ සිමෝනා එක්කතුරැඑ වෙලා ....තාලෙට අඩිතිය තියා නැටුවා..... එයා සීතල රැලි වැටුන අත්වලින් මගේ මුහුන අතගෑවා.....
.....................
........................
.....................
======================
ප්‍රී....
සිමෝනා. නැති වුනා...!!!
උඹ මම කොල් කරාම ගන්නැති නිස්යි මැසේජ් කරේ...
...........
පුඑවන් නමි ඇවිත් ඒ ගෑනිගේ මලමිනියටවත් සැනසීමක් දෙන්න තරමිවත් ...මනුස්සකමක් තියෙන බව පෙන්නපන්..........."
.....................
......................
බිව්වා......!
සිහිය නැති වෙනකමිම බිව්වා....!
අතට අහුවුන හැම දෙයක්ම බිව්වා...... සිමෝනා හීතල හීන්් අත් වලින්...මගේ ඔලුව අතගෑවා.......!!
කෙලවරක් නැතුව බිව්වා.....පියව් සිහිය ආව ගමන් ආයි බිව්වා.......
.................
............
රෝමෙ ....බෝඩිමෙ උන්...ඉස්පිර්තාලෙට ගිහින් දාලා තිබුනා.....
..............
...........

දවස් ගානක්....අපායත්...ඉස්පිර්තාලෙත් අතරෙ ගන්ධබිබයෙක් වගේ පාවෙන්න ඇති...
මම ජීව්තේ ජනේලෙන් එලියට විසි කරද්දි ඒක ආයි ඇතුලටම ආවා....
.............
................
======================

චානියගේ මැසේජ් එක දැක්කේ ..... බෝඩිමට ඇවිත් දවස්ගානකට පසසෙ....අහමිබෙන්......

___________________________________________________

ඒ අසරණ ගෑනිගේ මරණෙටවත් ආවෙ නැති උඹ බල්ලෙක්....!!!
සිමෝනා මැරලා තියෙන්නේ සේරම උඹෙ නමට ලියලා...
...........
එගෑනී කුණු ගොඩාක් වගේ අමතක කරලා....වද දීලා...මරලා.... මරණෙටවත් නාවට කමක් නැ....
.......
ඇවිත් දේපල බුක්ති විදපන්.....!!!


26 comments:

  1. පට්ට!!
    මේවා බුකියේ වෝල් අස්සෙ අතුරුදන් වෙන්න දෙන්නැතිව බ්ලොග් එකකවත් වැටෙන එක වටිනව.

    ReplyDelete
    Replies
    1. අනිවා... ගොඩක් වෙලාවට ඌ මෙතන ලියයි

      Delete
  2. //රෝමෙදි. මම....හදවත මැරැවා....!
    යුරෝ කොල ...... ඉස්සරහ හදවත මැරැවා....සල්ලි හමිබ කරන රේස් එක හති දම දමා දිවිවා....//

    මම සහ මගේ අරමුණ අතර ගැටුම

    ReplyDelete
    Replies
    1. මා නොවන මම
      මට මගේ නොවන, මගේම ආදරයක් තිබුනා

      Delete
  3. උබ ඉතිං දෙයක් කලොත් ඉතිං බඩුම ම තමයි. කෙටි හෝ නව කතා වලට වැඩි මනාපයක් නැති උනත් ෆේස් බුක් නැති අපිටත් මේවා කියවන්න චාන්ස් එකක් දුන්නට උබට රොම්බ තෑන්ක්ස්.

    මේ කතාව නං පට්ට. මෙහෙත් ලංකාවේ මිනිස්සු පමණට වඩා ආශ්‍රය කරනවානම් ඉතාලියෙ ඉන්නව වගේ තමයි. පොස්ට් නං ලියතහැකි දහ පහළොවක්. දැන් අවුරුදු හතරකිං විතර සිංහල ඇවුන් එක්ක ආශ්‍රය නවත්තල. මම මචං මම කියන මනුස්සය පණ පිටින්ම වලලල ගොඩක් කල්. ඒත් තවමත් ගොන් වැඩ නොකරනවත් ම නොවෙයි. ඒ ගොන් කම නිසාත් නෙමෙයි. ඒ ඇවිල්ල කාරුණික දෙමව්පියන්ගෙ ලේ මගේ නහර වල දුවන නිසා. දැන් ට්‍රයි එක කරුණාව කියන ගතිගුණය නැති කරගන්න. කරුණාව කියන්නෙත් ඉදිරියට යන්න තියෙන තවත් බාදාවක්.

    පොරගෙ ලිවිල්ලනම් එල කිරි. පුළුවන්නම් බ්ලොග් එකක් ලියන්න කියහන්. මොකද මේ කපේදි ෆේස් බුක් එක ඇක්ටිව් කරන්න හිත දෙන්නෙ නැහැ.

    👊🏽

    ReplyDelete
    Replies
    1. මම හිතන විදියට ටික්කෝ මේ ඉන්නේ උඹ වගේම එකෙක්...

      Delete
  4. කෙටි වුනත් ඒක පට්ට අර උඩින් කියවෙන දේට වැඩිය අර යටින් කියවෙන දේ...
    හිරි වැටෙනවා
    සිරාවටම පට්ට

    ReplyDelete
    Replies
    1. මූ මුගේ ටීචර් කෙනෙක් ගැන සුනාමි කතාවක් ලියලා තිබ්බා

      මගේ මුළු ඇඟම ඇඩුවා මචෝ

      Delete
  5. අමුතුයි. ලස්සනයි. පට්ටයි

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත... ඔන්ලි ෆ්‍රොම් ප්‍රියාන්

      Delete
  6. ඇයි ඌ ගියේ... අවුල්. මේවා ඇත්තටම වෙනවා... වෙනස්...මාව ටච් උනා

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ ගොඩාක් දේවල් තියෙනවා මචෝ... රට ගිහින් සාමාන්‍ය ජොබ් කළ එකෙක් විදියට මට මේකා මාර විදියට දැනෙනවා...

      Delete
  7. කියෙව්වා.. දැනුනා.. වින්දා... අපූරුයි..

    ReplyDelete
  8. උඹ සැටිපිකෙට් දුන්නොත් ආයෙ අහන්න දෙයක් තියෙනවැයි. එල.

    ReplyDelete
  9. මම නම් යන්නෑ කියවන්න ඒවා. මේ මදැයි සති ගාණකට.

    ReplyDelete
    Replies
    1. එකක් ඇති අවුරුද්දකට

      Delete
  10. මේක පට්ට බං.. ඌව ෆලෝ කරන්න ගත්තා.. බ්ලොග් වලට ගෙනෙන් කොහොමහරි ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ගේනවා

      Delete
  11. හදවත මරාගත්තා හයියෝ..

    ReplyDelete
    Replies
    1. ඌ කෙලින්ම පිහියෙන් අනිනවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න