.

.

Dec 7, 2017

ධර්‍මද්වීපය දූෂිත රාජ්‍යයක් ලෙස නම් කිරීම හෙලා දකිමූ - Fuck U America




ලොව උතුම්ම ආගමික නිකාය වන, "නිර්මල ශ්‍රී ලාංකීය තේරවාදී බුදු දහමින්" තෙත්වූත්, උතුම් වූ දළදා හාන්දුරුවන්ගේ පිහිටෙන් හා රැකවරනයෙන් බැබලෙන්නා වූත් , අවුරුදු 2500 ක අති ප්‍රෞඩ කිසිවකිට දෙවන නොවන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් උරුම වූත්, අම්මට සිරි ලංකාව මේ ඊයේ පෙරේදා බිහිවූ ඇමරිකාව වැනි, තුප්පහි කැරපොතු හිගන සුද්දන් වෙසෙනා දෙකයි පනහේ රටක් විසින්, ලොව දූෂිත රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස නම් කිරීම අප විසින් හෙලා දැකිය යුතු අතර,

එයින් නොනැවති ඔවුන් හා පස මිතුරු සියළු බලවේගයන් හා එක්ව, ඒ කියන්නේ උතුරු කොරියාව වැනි නිර්භීත රාජ්‍යයක් හා එක්ව සම්බාධක පැනවිය යුතු කාළය එළඹ ඇත. එයින් නොනැවති ඔවුන්ට යුධ ප්‍රකාෂ කොට, එකසත් ජාතින්ගේ තීන්දු තීරණ වලට කන් නොදී යුධ පෙකාෂ කොට විනාශ කර දැමීමද වහාම කළ යුතුය.

මේවා මේ කාළයක් තිස්සේ සිඳු වූ ජාත්තියන්තර කුමන්ත්‍රණ වල උග්‍රම ඵලය ලැබූ අවස්ථාවයි. බලන්න ඔවුන් කෙතරම් සැලසුම් සහගතද කියා. මෙතෙක් මේ රටට එන බටහිර කුමන්ත්‍රණ වලට එදිරිව ලෙමන් පෆ් පවා කමින්, උපවාස කරමින්, තැඹිලි වීදුරුවක පිහිටෙන් නැවතත් ජීවත් වීමට වාසනවා ලත්, ජාතියේ එකම ගැලවුම් කරුවා වූ, වීරෝධාර විමල් වීරවංශ මැතිදාන්නගේ පක්ෂයේ සියළුම නායකයින්ට ඩොලර් බෙදා, එතුමානෝ පොන්නයෙක් ලෙස නම් කර එතුමාගේ අධෝ මුඛය සමාවෙන්න සිරි මුඛය විවර වීම නවතා, ජාතියේ දෑස් කඳුලෙන් තෙත් කොට ගත වූයේ එකම දිනක් පමණි.

එහෙත්, යුක්තිය හා නීතිය අකුරටම ඉටුකරනා ගරු අධිකරණය ඊයේම ඇමරිකාවට එල්ල කළ කනේ පහර අප ජාතියක් වශයෙන් අගය කළ යුතුය. ගරු අධිකරණය ඊයේ දිනයේදි ගරු සජින් වාස් ගුණවර්ධන නම් අහිංසම මනුස්සයකු වත්කම් හා බැරකම් ප්‍රකාෂ එලි නොකිරීමේ හේතුව මත රුපිය 1000 ක්ම දඩ ගසා පෙන්නුවේ මේ රට දූෂිත රාජ්ජයන් නොවනා බව නොවේද? 

කෙනෙකු තර්ක කළ හැක්කේ, ගරි අධිකරණයට රුපියල් 1000 ක් වැනි විශාල මුදලක් ගෙවීමට ඇති මළ පෙරේත කමට වත්කම් හා බැරකම් ප්‍රකාෂ ඉදිරිපත් කරනා බවක් නොවේද?

එහෙත් ඇත්ත කතාව එය නොවනා බව අප කවුරුත් දන්නවාය. ප්‍රාදේශීය සබා නගර සබා මට්ටමේ සිට ජනාධිපති කම දක්වා, අපේ රටේ සිටින්නේ දූෂණය වංචාව හෙලා දකිනා නායකයින් පිරිසක් නොවේද?

අපේ ජනාධිපති තුමා බලන්න. ඔහු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හා දූෂණ කොමිසමෙන් එලවා දැමුයේ ඇයි. සිරි ලංකා නිදහස් පක්ෂයේ සුපිරිසිඳු දේශපාලකයින්ට දූෂණ චෝදනා එල්ලකොට, ඒවා යට ගැසීමට නම්, කප්පම් ලබා දෙන ලෙස ඉල්ලා සිටී නිසා නොවේද? එවන් පිරිසිඳු සරළ සරම අඳිනා ජනපති කෙනෙක් ඉන්නා රටක්, ලොව අංක එකේ දූෂීත රාජ්‍යක් ලෙස නම් කිරීම සහගහනා අපරාදයක් නොවේද?

එක එක බැංකු කාරයෝ තමන් කැමති මිළ ගනන් ඉදිරිපත් කොට බොන්ඩ් මිළදී ගැනීමේ අන්ත දූෂිත කූඨ ව්‍යාපරය නවතා දමා, සේවක අර්ථසාධක අරමුදල හා මහ බැකුව අතර ගනුදෙණු සඳහා පර්පචුවෙල් ට්‍රෙසරීස් නම් පුන්‍යායතනයක් පත් කළ අගමැතිවරයෙක් ඉන්නා රටක් ලොව නොම්මර එකේ දූෂිත රාජ්‍යක් ලෙස නම් කළ උන්ට, ට්‍රොනෙඩෝ, හරිකේන් නොව, සුනාමී ආවත් අපට දුකක් දැනේද..?

අති උතිම් සිරි දළදා වහන්සේ හා අග්‍රාශ්‍රාවක ඇත් දළ වහන්සේලා වායූ දූෂණයට ලක් වනා බැවින්, ඒ අසල ඇති මාර්ගයන් වසා දමා, ලොව උතුම්ම වූ පූජනීය වස්තුව රකිමින් වායුව හෝ දූෂණය වීමට ඉඩ නොතබනා බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේ වහන්සේලා වැඩ වාසය කරණා ධර්‍මද්වීපයක්, අන්ත දූෂීත රාජ්ජයක් ලෙස නම් කිරීම අපාගත වන පව්කාර කම් නොවේද?

තම බිරින්දෑවරුන් ජාතියේ තිරජීවනය සඳහා රටවිරුවන් ලෙස විදේස්ගත කොට, තමන්ගේම ලෙයින් උපන් දියණිවරුන් දූෂණයයට ලක් වීමට කිසිඳු ලෙසකින් වත් ඉඩ නොතබා, පණ මෙන් රකිනා පියවරුන් හා සීයාවරුන් ජීවත් වනා රටක්, දූෂිත රාජ්ජයක් ලෙස නම් කිරීම කෙතරම් පහත් ක්‍රියාවක්ද

දිනපතා පැවෙතෙන භාවනා වැඩ සටහන් සඳහා සහභාගී නොවනා සුළු සේවකයා පවා, ආදරයෙන් කන කිතිකවා, විහිළුවක් කොට, එම පන්ති සදහා යුමු කරනා පොලිස්පතිවරයෙක් හා සත පහක මුදලක් ජරාව ලෙස නොගන්නා අභීත පොලිස් නිළදරුවන් හා කොස්සාවරුන් වෙසෙනා පොලිස් සේවයක් හිමි රාජ්ජයක්, දූෂිත රටක් ලෙස නම් කිරීම කෙතරම් සාධාරණද?

අන්ත දූෂීත ක්‍රියාවන්හී නොයෙදි ඉතා අමාරුවෙන් ජීවිත ගැට ගසා ගන්නා දේශපාලකයින්ගේ අඹු දරුවන් සුරැකිම සඳහා පින්ඩපාතය වැඩම කොට, ඒ පවුල් රක්නා, දළ පූට්ටුවාගේ දළ දෙක අහිමි වීම නිසා සිත කළකිරි රහත් බව ලබනා, පන්සල් වල දමා යන බල්ලන් බළලුන් හා අලි පැටවුන් තම දරුවන් මෙන් රක්නා, තම අන්‍ය ආගමිකයින් හා සුළු ජාතික පිරිස්ද තම දරුවන් මෙන් පීතෲ කරුණාවෙන් රක්නා, නානසාරලා, ඉත්තෑවලා, බෙංගමුවේ ආලවකලා, ඇල්ලට වට දෙක ගුණවංශලා වැනි උතුම් බුද්ධ පුත්‍රයින් වැඩ වසනා, නිවුනු සමාජයක් හෙබි රටක් අන්ත දූෂිත රාජ්ජයක් ලෙස නම් කිරීම කෙසේ නම් ඉවසා සිටින්නදා?

පාසලට ඇතුල් කිරීම සඳහා ඇති සම්මුඛ පර්යේෂන සඳහා, උතුම් වූත් පරම වූත් සත්‍යම පවසනා ලෙස නිවසේදී පුරුදු කරවා, නිවැරදි ලිපි ලේඛන පමණක්ම ඉදිරිපත් කොට, කිසිඳු දේශපාලන අත පෙවීමකින් තොරව, කුඩා කළ පටන් දූෂන හොරකම වංචාව යනු අපාගතවන පාප ක්‍රියා බව ආදරෙය්න් කියා දෙන මව්වරුන් පියවරුන් පිරි උතුම් වූ දේශයක්, අන්ත දූෂිත රාජ්ජයක් ලෙස නම් කිරීම කෙතරම් යුක්ති සහගතද?

තම සිසු දරුවන්, බාහිර පන්ති, හවස පන්ති, පෞද්ගලික උපකාර පන්ති, ඉන්ඩිවිජුවල් ටියුෂන් වලට යෑමෙන් වලකා, ඔවුන්ගෙන් කිසිඳු පඬුරු පාක්කුඩමක් නොගෙන, තම්න්ගේ දරුවන් මෙන් නිසි අජ්ජාපනය ලබාදී, ඔවුන්ගේ නෙත් පාදමින් ජාතියට බුද්ධිමත් දූ පුතුන් බිහි කරනා උතුම් වූ ගුරු පරපුරක් සිටිනා දිවයිනක්, අන්ත දූෂිත රාජ්ජයක් ලෙස නම් කිරීම ලැජ්ජාවටම කරුණක් නොවේද..?

ඉදින් මෙවන් වූ සත් පුරුෂ ජනතාවක් වෙසෙනා රාජ්ජයක්, ලොව අංක එකේ දූෂිත රාජ්ජ හතරෙන් එකක් ලෙස නම් කරළ ඇමරිකාවේ හතර හන්දි කඩා දැමීමට වහා පියවර ගත යුතු නොවේද...?

ෆක් යූ ඇමෙරිකා

Fuck U America
Hate U America 
We are the Greatest civilize country of the whole universe....!!!

Proud to be a සිරි ලාන්කියන්......!!!!

25 comments:

  1. Proud to be a සිරි ලාන්කියන්......!!!!+1

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්ටිකර් ගහමුද?
      "I love (heart) Corruption." "මෙය දූෂණ වැඩි දේශයයි" Proud to be Corrupted" "අත හිත දූෂණයෙන්"

      Delete
  2. https://www.ranker.com/list/the-most-corrupt-countries-in-the-world/info-lists

    ReplyDelete
  3. //Fuck U America//
    ඒ විතරද? ඔය පිටරටවල ඉන්න කළු සුද්දන්ට මේවා දැකලා හරි ගොං ආතල්!
    පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා, හේතු වාසනා!!!
    Fark off Ozzies, Pommies, Yankies!!!

    ReplyDelete
    Replies
    1. කොහොම වුණත් ලෝකයේ දියුණුම, ධනවත්ම සහ සමෘධිමත්ම ඒවගේම ලෝකෙන්ම උතුම්ම රට වන ඔස්ට්‍රේලියාවේ පවා මහජන මුදල් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදාගන්න දේශපාලකයෝ ඉන්න බව තුන්වෙනි ලෝකයේ හිඟන තුප්පහි රටක් වන ලංකාවෙ ඉන්න අමු ගොන් ළිංමැඩියෝ දන්නෙ නැහැ, එක උදාහරණයක් කියන්නම් ලංකාවෙ ළිංමැඩි ගොබ්බයින්ට දැනගන්නත් එක්ක;

      මීට වසර ගණනාවකට පෙර ශ්‍රේශ්ට ඕස්ට්‍රේලියාවේ ගරු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ හිටපු කථා නායිකා ධුරය දැරූ සුදු ජාතික මැතිනිය තමන්ට පැයකින් පමණ වාහනයකින් යන්න හැකි ගමන් හෙලිකොප්ටරයකින් ගිහින් තිබුණා. ලංකාවෙ කසඩ තුට්ටු දෙකේ හිඟන බෝතල් පත්තරකාරයෝ වගේ නෙවෙයි, ඉතාම දියුණු අතිවිශිශ්ට ශ්‍රේශ්ටතම ඔස්ට්‍රේලියන් ලෝක පූජිත ජනමාධ්‍ය වහාම ඒක දැඩි ලෙස විවේචනයට ලක් කළා. අන්තිමේ මෙහේ හිටපු අගමැති ඇයගෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ඉතා කාඅරුණිකව සහ මෘදුව ඉල්ලා සිටියා. ඇය ඒක කළා විතරක් නෙමෙයි ඇය එම ගමන් සඳහා වියදම් කල මුදලත් සතේටම ගණනය කොට රෙඩි කෑශ් වලොන් ඉක්මනින් ආපසු ගෙව්වා. තුන්වෙනි ලෝකයේ හිඟන තුට්ටු දෙකේ ලංකාව වගේ අපායවල්වල් තියෙන අසික්කිත ගතිය ඔන්න ඕකයි. බලවතුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ලෝක පූජිත ඔස්ට්‍රේලියාව වගේ රටවල කවමදාවත් සුලු වැරැද්දක්වත් වෙන්න ඒ ශ්‍රේශ්ට පුරවැසියන් ඉඩ දෙන්නේ නැති බව මෙහේ ඉන්න ඔය ගොන් ළිංමැඩියෝ දන්නෙ නැහැ, ගොන් හැත්ත.

      ඔස්ට්‍රේලියාව ලංකාව වගේ නෙමෙයි, එක හරිම ලොකු රටක්, ඔස්ට්‍රේලියාවේ භූ ස්කන්ධයේ ප්‍රමාණය හතරැස් කිලෝමීටර හැත්තෑ හත ලක්‍ෂයක්‌ විතර, ඔස්ට්‍රේලියාවේ දිග කිලෝමීටර තුන්දාස් හත්සීයක්, පළල නම් හතරදාහ විතර, ඔස්ට්‍රේලියාවේ ජන ගහනය මිලියන විසි හතරක් විතර.

      බොහෝ දෙනෙක් ප්‍රදේශ වල අග නුවරවල් වල පදිංචිව ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ වල හැම අගනුවරක් ම වගේ වෙරළේ පිහිටුවලා තියෙනවා. හේතුව ඔස්ට්‍රේලියාවේ මධ්‍යයේ වගේ නොවෙයි වෙරළේ සෑහෙන වැස්ස වහිනවා, මධ්‍යයේ විශාල රස්නේ කාන්තාර නිසා එහෙ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ.

      නොයෙක් වර්ගවල සතුන් ගොඩාඅක් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මිසක් වෙන රටවල් වල එහෙම විවිධත්වයක් නැහැ, මේ සතුගෙන් සමහරු ඉන්නේ කැන්ගරුයි, කොවාලෝයි, ඊම්යු යි, කොකාටූ යි, විසතුරු සර්පයෝයි.

      අපේ රාජ්‍ය ලාංජනයෙ ඉන්නේ ඊම්යු ත් කැන්ගරුවා ත්, අපේ ජාතික ගහ නම් වට්ටුල් ගහ. වසන්ත සෘතුවේ ආරම්භයේ දී වට්ටුල් ගස් උදුල කහ පාට මල් එක්ක පුබුදිනවා. ඔස්ට්‍රේලියාව මෙච්චර ලොකු නිසා පළාතෙන් පළාතට දේශගුණය වෙනස්.

      ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශ වල සෘතු හතරයි තියෙන්නේ - ග්‍රීෂ්ම සෘතුවයි, සරතු සෘතුවයි, සීත සෘතුවයි, වසන්ත සෘතුවයි, එත් උතුරු ප්‍රදේශ් වල සෘතු දෙකයි විතරයි තියෙන්නේ - වැසි සෘතුවයි වියලි සෘතුවයි, බාගවිට ඉඩෝරයක්ට භෝග විනාශ වෙනවා, වෙන විට ගංවතුරට භෝග විනාශ වෙනවා, ඒ නිසා ගොවියෙක් හැටියට වැඩ කරන්න ලේසි නැහැ, ඉතින් අපේ ශ්‍රේශ්ට ඔස්ට්‍රේලියන් ආණ්ඩුව අපේ ගොවියන්ට මුදල් දෙනවා අමාරු කාල වලදී, නමුත් ලංකාවේ මෝඩ ගොයි රැල වස බීලා මැරෙනවා, දුකේ බෑ, කවදාවත් හැද්න්නේ නැති මහ කසඩ රටක් මේ ලංකාව නම් බන්. නොදකින් ලංකාවේ ඉන්න කාලකණ්ණි පෙරේත හැත්ත. තොපි හැඳිගෑවිලා අකුලෝලම යන හැටි අපි ඔස්ට්‍රේලියන් පබ් වල ඉඳන් හරි ආසාවෙන් බලන් ඉන්නවා.

      Delete
    2. Bud in OzDecember 7, 2017 at 8:46 PM උඹට

      ඒ විතරද? ඔය පිටරටවල ඉන්න කළු සුද්දන්ට මේවා දැකලා හරි ගොං ආතල්!

      උඹට සතුටුයි දැන් ......oz සොව්බොර කෑරියෝ උඹලට ඕකනේ සුද්දන්ට කියලා කියව ගන්න ඕන උනේ

      දැන් ඉතින් සතුටට සමරන්නත් එක්ක සුද්දන්ට කියලා පුකේ යි කටෙයි එක පාර ඇරගනින්
      ත්‍රීසම් සමනල පාරක් දාලා පාර්ලිමේන්තුවෙන් අනුමැති හම්බවලානේ තියෙන්නේ වොම්බෑට්ටෝ

      //Fuck U OZ Black Stump,beyond the Bitzer dog //

      Delete
  4. මාතා,

    කෝ බන් මේකද යහපලානේ ? දැන් බලාගෙන ගියහම මහින්දටත් අන්තයි නේ.
    ඊයේ කාලෙකට පස්සේ ඊයේ මේ ක්‍රමය ගැන ලිපියක් ලිව්වා

    http://lankasithuwili.blogspot.com/2017/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. මෙයාටත් සිනුවර රසිකලොජිස්ට්ගෙ ලෙඩේ බෝ වෙලා වගේ. තමුං ලියපු පල්හෑලිවල ලින්ක් හලන්න පටන් අරන්.. අයියෝ සල්ලි.

      Delete
    2. ලාංකික සිතුවිලි,

      නව දේශපාලන න්‍යායක් නැතිව මේ රට ගොඩගන්න බෑ. විශාල ධනවාදි මුදල් මංකොල්ලය පුද්ගලවාදී ධන සම්පත් ඒකරාශි කරගැනීම් තුළ සැමවිටම සිදුවන්නේ අසාධාරණයක්.

      ඒත් එයට විසඳුමක් දියහැකි බුද්ධිමත් නායකයෙක් තවමත් මෙ රටේ නැති එක ගැන කණගාටුයි. භාණ්ඩ හා සේවා මත සංසරණය වන ක්‍රමයක්මේ රටට අවශ්‍යව ඇතත් එය ගලපා ගැනිමට දන්නා හෝ අවශ්‍යතාවයක් ඇති කෙනෙකු නැති බවද කිව යුතුය. මිනිසකුට ජීවත්වීම සඳහා අවශ්‍ය වන්නේ සුළු ඉඩකඩක් වවුද ඔහු මුළු රටේම සම්පත් සුරා කමින් තම දේපළ සුරක්ෂිත කරගනිමින් සිටී. එය කවදා කෙදිනක නතරවේද කිව නොහැකිය.

      Delete
    3. AnonymousDecember 9, 2017 at 12:53 AM
      //විශාල ධනවාදි මුදල් මංකොල්ලය පුද්ගලවාදී ධන සම්පත් ඒකරාශි කරගැනීම් තුළ සැමවිටම සිදුවන්නේ අසාධාරණයක්. //

      එතකොට සමාජවාදය තුල මේ මංකොල්ලය නැද්ද? , මම දකින විදියට සමාජවාදය තුල පුද්ගල නිදහසත් නෑ, පොඩ්ඩක් බලන්නකෝ හැමෝම පොරකන්නේ සමාජවාදී රටවල් වලට පනින්නද ධනවාදී රටවලට පනින්නද ? ජනාතා විමුක්ති පෙරමුණේ නායකයන් පලාගියේ රුසියාවට වත් චීනයට වත් නෙමෙයි එංගලන්තය වැනි ධනවාදී රටවලටයි.

      ඔබල කියන වැඩිම සුරාකෑම තියන සිංගප්පුරුව අද වෙන විට යම්පමනකටවත් සහනාදාර දෙන ලංකාවට වඩා කොච්චර දියුණුද?

      //භාණ්ඩ හා සේවා මත සංසරණය වන ක්‍රමයක්මේ රටට අවශ්‍යව ඇතත් එය ගලපා ගැනිමට දන්නා හෝ අවශ්‍යතාවයක් ඇති කෙනෙකු නැති බවද කිව යුතුය.//

      මේක තමයි යථාර්තය, මෙයට විසදුම තමයි ඉහල ඇමතිවරුන්ට විශාල වැටුප් සහ වැරදි කර හසු උනොත් උපරිම දඩුවම් කියන දේ.

      Delete
  5. Proud to be a සිරි ලාංකියන් කියනවට වඩා නාකද "Proud to be a සිරිලියන්ස්" කියල කිව්වනම්... ;)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකට වග කියන්න ඕනෙ සිරිලිය කේස් එක තමයි, ශිරන්ති අඟ බිසවගේ සිරිලිය හොරකම නිසා රටට වුණු පාඩුව ඩොලර් ට්‍රිලියන් සීයක් විතර, දැන් තමයි මරා ඇතුළු හොර රාජපක්ෂ මිනීමරු පවුල කොරපු නීලකාස කම්බ හොරකම් එලි වෙන්නෙ, මේක රාජපක්ෂ හොර හැත්තගෙ වැරැද්දක්, මේ ආණ්ඩුවෙ කේස් එකක් නෙවෙයි

      Delete
  6. මාතලන් ලොක්කෝ, ඕව පොඩි සිද්ධි, ලංකාව ඔය කියන තරම් දූෂිත නැහැ බන්, මරාගේ ගොන් වහල් බයි මීහරක්ගෙ පච ප්‍රචාරයක් වෙන්න ඇති.

    අපේ රනිල් මහත්තයත් එක්ක දේශපාලන ගේම් ගහන්න කාටවත් බෑ, දැන් අපේ අගමැතිතුමා හරිම පරිනතයි. ආසියාවේම තියා මුළු ලෝකෙම නෑ එතුමා වගේ කෙනෙක් කවුරු මොනවා කිව්වත් අපි යූ එන් පී සාමාජිකයෝ කවුරුත් දන්නවා එතුමා හොරෙක් නෙවෙයි කියලා. හැබැයි රවී මහත්තයා යූ ඇන් පී එකට හානි කරලා වගේ පේනවා, ඒකටත් ඉක්මන් පියවර ගත්තනේ.

    රනිල් මහත්තය සිරිසේනව හිරකලා විතරක් නෙමෙයි, මහින්දලා බැසිල්ලා ගෝඨලා ඇතුළු රාපපක්ෂ සනුහරෙත් මේ එක්කම වැලලිලා යනවා. නැවත බලයට පැමිණීමක් ගැන හිතන්නවත් බැහැ තවත් වසර 20කට 30කට. මහින්ද දිගින් දිගටම යුඑන්පිය බෙදන්න උත්සාහා කලත් රනිල් මහත්තය කුනු බැනුම් අහද්දිත් පක්ෂය බෙදෙන්න නොදී රැකගත්තා. ඒත් රනිල් මහත්තය බලයට ඇවිල්ලා අවුරුදු දෙකක් තුලදී ශ්රිිලනීපය හරියටම දෙකට බෙදුවා. දැන් යුඑන්පිය ගොඩ. රනිලුත් ගොඩ. රටට මොනදේ වුනත් එජාපය වෙනුවෙන් රනිල් විශිශ්ඨ බුද්ධිමත් බව ඉතාම පැහැදිලියි.

    චිරන් ජයතු අගමැතිතුමණි වැරදි කරපු අය ඉන්නවානම් කරුණාකරලා පක්ෂය සුද්ද කර අපි නැවත රට ගොඩ ගමු. ජයවේවා !

    ReplyDelete
  7. සුදුදට තේරයෙි රුපියල් ඉහල නැග්ග දවසට. දැනටත් උන් 150ක් ෙගවනව අපේ රුපියලක් ගන්න කාල කාකන්නි හිගන්නු ආව ෙමතන අපේ ඇද ෙහායන්න

    ReplyDelete
  8. අබ සරණ වේවා
    කුරහන් සරණ වේවා
    පොලු (කුරුඳු) සරණ වේවා
    මෙතුන් සරණින් (අපට) හැමිණවේවා

    දහම් පාසල් කයියේ තාලෙට කියන්න නම්;

    අබ සරණ වේවා
    කුරහන් සරණ වේවා
    පොලු සරණ වේවා
    මෙතුන් සරණින් හැමිණවේවා

    ReplyDelete
    Replies
    1. ඇප සරණ වේවා
      දුෂණ සරණ වේවා
      අබ සරණ වේවා
      මෙතුන් සරණින් ජයම වේවා

      Delete
  9. ලාංකීය දේශපාලනය මේ සනිටුහන් කරමින් තිබෙන්නේ එක්තරා දේශපාලන යුගයක අවසානය මාතලන්. මේ වර්තමාන දේශපාලනයේ ප්‍රධාන පක්ස දෙකේ ඉන්න නාකි හුයන්නලා ටිකයි උන්ට වහල් භාවයෙන් කතිරෙගහන නාකි චන්ද දායකයෝ ටිකයි මැරිලා යන දවස වෙනකම් මේ සිස්ටම් ඒක ඔහොම ඇදෙයි. එතනින් එහා එන්නේ අන්තර්ජාලය හරහා යමක් හොයලා බලලා පාලකයා තෝරන පිරිසක් ඉන්න යුගයක්. අන්න එදාට රටේ යම් දියුණුවක් වෙයි. අන්තර්ජාලය පරිශීලනය කරන පිරිස්ගේ බහුතර සහයෝගයෙන් පත්වුණ යහපාලනය තම චන්ද දායකයින්ට මහා දවාලේ හිටෝලා අරියේත් එළියේ ඉන්න චන්ද සාම්ප්‍රදායික පොතක් පතක් කියවන්නේ නැති මොට්ට මෝල් චන්ද දායකයින්ගේ බහුතරය වැඩි නිසා. ඔය සෙල්ලම් තව අවුරුදු 50ක් තියේවි උපරිමයෙන්.

    ReplyDelete
    Replies
    1. අම්බලමෝ..!!උබ කිව්ව කතාව හරි. ඒත් ඔය කියන ඇවුන් මැරෙන්නෙ උබ කියන අවුරුදු ගානෙන් නං අපිත් මුන්ට කඹුරලම මැරෙයි. ඒත් මුං මැරෙන්නෙ අපි වගේ නෙමෙයි. උං වගේම උන්ගෙ සර්ප ළමයි බෝ කරල මේ සිස්ටම් එක ඇතුලටම දාල. උදාහරණ දෙන්න ඕන නැහැනෙ මචෝ. මම තවමත් හිතනව මාතලන් බොස් ගෙ මේ පොස්ට් එකට දාන කමෙන්ට් එක ගැන.
      👊🏽

      Delete
    2. December 8, 2017 at 1:57 PM
      //Fuck U America , black Pommi //

      ඒ විතරද? ඔය පිටරටවල ඉන්න කළු සුද්දන්ට මේවා දැකලා හරි ගොං ආතල්!
      පින්කෙත හෙළ රන්දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා, හේතු වාසනා!!!
      Fark off Ozzies, Pommies, Yankies!!!

      Delete
  10. මේකනම් මාර පුදුම රටක් මාතලන් බොස්. අපරාදේ කියන්න බැහැ නිදහස දෝරෙ ගලා යනව ස්ට්‍රයික් වලින්. ස්ට්‍රයික් නං කොච්චර ෆකින් හිලේරියස් කියනවනං ප්‍රයිවට් බස් කාරය ස්ට්‍රයික් කරන්නෙත් සයිටම් වෙනුවෙන්.
    ඊට හපන් හිටපු ජනාදිපති විසින් තමන් අඩි හයක් යටට යවන්න හැදුව කියන ජනාදිපති තුමාම ඒ මිනීමරු මනුස්සය එක්කම එක්කාසු වෙන්න හදනව. මිලියන් ට්‍රිලියන් ගහපු උං හොයන්න ආපු උන් මහ දවල් මහ බැංකුව කැඩුවට පස්සෙ අහනව අරුං හොරකං කරපු හැටියට මේව මොනවද කියල. රටේ මුදල් ඇමති ලක්සරි ෆ්ලැට් ගන්නව පගා විදිහට. ඉස්සර වැව වටේ කාර් රේස් තියද්දි බණක් කියාගෙන දෙන දෙයක් කාල කට ශ්‍රී පුක වහගෙන හිටි ඇවුන් අද හදන්නෙ වියවස්තා වෙනස් කරන්න නීති හදන්න.

    ඒ වගේද බං රටේ පුරවැසියට එදා වේල කන්න නැති උනත් උතුරු කොරියාවට සම්භාදක දැම්ම කිව්වහම... 😂😂😂😂😂😂

    ReplyDelete
  11. ලංකාව ලෝකයේ වඩාත් දුෂිතම රටවල් අතරින් එකක් බව Facebook post එකක් සංසරණය වෙනවා. නමුත් මෙහි මුලාශ්‍රය කුමක්ද කියලා පැහැදිළි නැහැ. ලෝකය රටවල් වල දුෂණය මනින ප්‍රධාන ඒකකයක් වන්නේ Transparency International මගින් වාර්ෂිකව පලකරන Corruption Perceptions Index එකයි.
    එහි දිගුව පහත පලවෙනවා.
    file:///C:/Users/buddhike/Downloads/CPI2016_MapAndCountryResults_web.pdf

    ඒ අනුව 2016 වසරේ ලංකාව තිබෙන්නේ 95 තැන. එය 2015ට සාපේක්ෂව පහත වැටීමක්. 2016 වසරේ ලෝකයේ දුෂණය අඩුම රටවල් 3 වන්නේ ඩෙන්මාර්ක්, නවසීලන්තය සහ ෆින්ලන්තයයි.

    ReplyDelete
  12. Bud in OzDecember 10, 2017 at 4:10 PM

    ඈ නාකි වවුලෝ උඹට පුකේ අමාරුවටද හොයන්නේ ලංකාව තිබෙන්නේ 95 තැන ගැන ඔය ඉන්න රටේ තියන දේ ගැන හොයාපන්. අපේ ඒවා අපි හොයාගෙන විසඳ ගන්නම්. බ්ලැක් ඔසී උඹ.උඹේ වැඩක් බලාගිනින් මැග්පීයෝ [Australian magpie] ආයි ඇවිල්ලා රෙන්නේ නැතිව.

    ReplyDelete
  13. මාතලන් ලිපිය හොඳයි, හොඳ පැරඩියක්. ලංකාව ඔඡ්ර දුෂිතයි කියල ඇමෙරිකාව කියල තියෙනෙන් කොහෙද
    /ට්‍රාන්ස්පරන්සි ඉන්ටනැෂනල් ලිස්ට් එකේ ලංකාව 95. නරකම නැහැ. ලංකාවට පස්සේ රටවල් 80 විතර තියනවා. රුසියාව නේපාල පකිස්තාන් පිලිපීනය තායිලන්තය පස්සේ. අනික මොන දත්ටැහැ කියලත් බලන්න ඕනේ.
    https://www.transparency.org/news/feature/corruption_perceptions_index_2016#table

    ReplyDelete
    Replies
    1. Most corrupt countries
      https://www.cheatsheet.com/culture/ranking-worlds-corrupt-countries.html/?a=viewall

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න