.

.

Dec 12, 2017

පොඩි එකාගෙ ලියුම (ලොකොමොටිව් ඩැයිවර්ගේ) - Essay about my father (Locomotive Driver)




අපේ තාත්තා ලව් කොරනා කාළේ, අපේ අම්මාගේ අම්මා හෙවත්, අපේ ආච්චි, තාත්තාට කියා තිබෙන්නේ තොට ගෑණූ දෙනවට වඩා හොඳයි යකෝ, මේ කෙලීත් එක්ක රේල්ලුවට පැනලා මැරෙණා එකය කියලාය. අම්මාද ලව් කරන කාළේ තාත්තාට කියා ඇත්තේ, අපේ ආදරේ රේල් පීලී දෙකක් වාගේ කවදාවත් එකතු වෙන දෙයක් නොවේ වස්තුවේ කියලාය. ඒ උනාට තාත්තා කියා තියෙන්නේ, ඉට්ටේසොන් මාස්ටර්ලාට ටැබ්ලට් දෙන්නෙත් තාත්තා නිසා, ආච්චිට ටැබ්ලට් එක දීලා ඔහෙත් එක්ක නයිට් මේල් එකේ බදුල්ලේ හනිමූන් යන එක යනවාමයි කියලාය. අපේ තාත්තා ලොකෝමේටිව් ඩැයිවර කෙනෙක්ය. ඒ කියන්නේ කොච්චි රියදුරෙක්ය.

ඊයේ අපේ අනෙක් ආච්චි හෙවත්, අපේ තාත්හාගේ අම්මා කෝල් එකක් දීලා තාත්තා කියා සිටියේ, අනේ පුතේ උඹ නිසා මිනිස්සු අපිට ඉන්න දෙන්නේ නැතෙයි කියා, කියා සිටියෙමි. අම්මා නම් ඉන්නේ බොහෝම ආඩම්බරයෙන් වන්නාය. අපි කව්ද කියලා අහල පහළ ලපයි සිපයින්ටත් දැන් තේරෙනවා ඇති කියා අම්මා කුයුවාහුය. අම්මා දැන් හැම තිස්සෙම දාන්නේ විදුලි දුම්‍රියේ චංචල නාදේ කියනා සින්දුවය. අක්කා කිව්වේ, අනේ අම්මේ කොල්ලන්ගෙන් බේරුමක් නැතෙයි කියලාය. තාත්තාද ඉන්නේ බොහෝ ආඩම්බරයෙන් වෙමි. ඒත් එයා ආච්චිට කිව්වේ, ඒත් පොඩි බයකුත් තියෙනවා කියලාය. ආච්චි අහුවේ ඒ මොකෝ බෑනෝ දැන් සුදු වෑන් ඇත්තේ නෑ නේ කියලාය. තාත්තා කිව්වේ බය වෙලා ඉන්නේ සුදු වෑන් වලට නොව, ඉන්ලන්ඩ් රෙවනිවු එකෙන් එයිදෝ කියා තාත්තා කියා සිටියෙමු

ගෙදර පොඩි පොඩි ප්‍රශ්ණද තියෙනවාය. අහළ පහළ උන්ට පේන්න ආඩම්බරයෙන් සිටියාට, අම්මා තාත්තට කොක්කත් අදිනවාය. එයා ඇහුවේ තමුසෙ මට තමුසෙගෙ පඩිය කියලා දුන්නේ මෙච්චරය, ඉතිරි ඒවා දුන්නා මොන බැල්ලිටද කියලාය. තාත්තා එවිට අම්මා අමතා කීවේ ඔය නියෝජ්ජ ඇමතියා කියන්නේ බොරු කියලාය. අනික එයා කවදාවත් පීල්ල පැන්නේ නැතයිද, ට්‍රැක් එකේම ධාවනය කිරීම කළ බව කියා ගේ ඉස්සරහා පාන් පැලේ පඬුරක්ද ගැට ගැසුවාය.

එහා ගෙදර අංකල් අපේ තාත්තාගෙන් අහුවේ, ඇත්තටම ඕයි තමුසෙලාගේ ඇමතියා කෝ කියලාය. එයා කොහේ හරි කොටුවක් පැනලා කටත් අරගෙන නිදි අති කියා තාත්තා එවිට අර අන්කල්ට කීවෙමු. ඇත්තටම ඕයි තමුසෙලාගේ රස්සාවට කෙල්වෙන්න නේද යන්නේ, අර සිරිසේන මහත්තයා ඕක අත්තියාවස්ස සෙවයක් කොරලා නේද තියෙන්නේ කියා ඇසු විට අපේ තාත්තා කිව්වේ අනේ එයාගේ රෙද්දේ සේවා කියලාය.

එයා යහපාලනේ ගේනවයි කිව්වට ගෙනාවය. හොරු අල්ලනවා කිව්වට ඇල්ලුවාය. ඔය අත්තියාවස්ස සෙවේත් ඒ වගේම තමයි ඔයි කියා තාත්තා කියූ කළ, යහපාලන නියමුවෙක් වූ ඒ අංකල් කිව්වේ එහෙනම් අපි සමන් රත්නප්‍රියටවත් කියලා මොකක් හරි කොරන්න ඕනයි කියලාය. සමන් රත්නප්‍රියට බැරිනම් සරත් විජේසූරියට කිව්වත් අපේ සටන දිනලා තමයි අපි නවතින්නේ කියා තාත්තා ආඩම්බරයෙන් කියා සිටියෙමු.

මාත් පොඩි කාළේ පටන්, හූ...... හූ.... කුෂ්... කුෂ්.... හූ...... හූ.... කුෂ්... කුෂ්....කිය කියා කෝච්චි පදිනා කොට බැනපු අපේ අම්මා දැන් මම එහෙම යන කොට පෙට්ටියක් වෙලා මගේ පස්සෙන් එනවාය.. ඊට පස්සෙන් අක්කා එනවාය... එහා ගෙදර දිනිති ඇහුවේ, මාත් ඔයාගේ පෙට්ටියක් වෙන්නද කියලාය.. එතකොට අම්මා කිව්වේ ඕකිගේ අම්මත් කෝච්චියේම ගිහින් පෙට්ටි කඩා ගත්ත බඩුවක් නිසා උඹ එහෙම ඔය මායම් වලට අහු වෙන්න එපා කියලාය.

එවිට තාත්තා කිව්වේ උබ බය නැතිව හිටහන් පුතේ, උඹ එගෙන ගත්තත් නැතත් මම නවතින්නේ උඹත ජනාධිපතිටවත් බය නැති පොරක් කරලා කියලාය. අපේ සටන උඹ වෙනුවෙන් කියලාය. අපේ තාත්තා අද ජාතික වීරයෙක් වී අවසානය. අපේ තාත්තා යකාටවත් බය නෑ කියා දැන් අම්මාටත් තේරෙනවාය. කොහොමත් අපේ තාත්තා එනකොට, ගේට්ටුව දමා වාහන නවතා එයාට යන්න ඉඩ සලස්සනවාය. එයා වලක්වන්න ඉදිරියට එන ජාතික වීරයන් ඉතරක් නොව, අලි පවා එයා පයිසෙකර මායිම් කොරන්නේ නැතිවාය.  අපේ තාත්තා අද රටේ සම්පතක් වී අවසානය. අපේ තාත්තාට ඇමතියා, අගමැතියා ඉතරක් නොව ජනාධිපතිත් බයය. ඉතින් එහෙම තාත්තා කෙනෙක්ගේ පුතෙක් වීම ගැන මම ආඩම්බර වන්නෙමු. 

44 comments:

  1. සිරි ලංකාවේ ආණ්ඩුවක් කියල එකක් තියෙනවද කියලත් සැකයි දැන්නම්..

    ReplyDelete
  2. ඔය කෝච්චි ඩැයිබරලා Locomotive Engineer කියා තනතුරු නම වෙනස් කරගන එනයින් දොස්තරියෝ බැඳගන්නට උස්සාහ කළ බව පැරණි පතපොතේ දැක්වේ. ඒක හැබෑද?

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ අති නේ... පොඩි මෙව්වා එකක් තියෙනවා නේ බං.... දොස්තරලා නෙමෙයි චන්ද්‍රිකා නෝනා උනත් කැමති වෙයි.....

      Delete
    2. ලංකාවේ Engineer නමට නීත්‍යානුකුලභාවයක් තවම නෑ. ලඟදී මොකද්ද පනතක් සම්මත වුනා ඉංජිනේරු වෘත්තිය නියාමනය කරන්න. ඒක අනුව ඔහෙම ආවට ගියාට Engineer නම පාවිචිචි කොරන්න බෑ . වෛද්‍ය සභාව වගේ ඉංජිනේරු සභාවක් එනවාලු !

      Delete
  3. මාතලන්.. ඔබ මගේ සැකය තහවුරු කළා..

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං සැකේ..

      සැකේ පුලුන්...

      Delete
    2. එළකිරි එකේ පොඩි කොල්ලොන්ට තාම නයි අරිනවද බං උබ ?

      Delete
  4. කෝච්චි පදිනා කොට බැනපු අපේ අම්මා දැන් මම එහෙම යන කොට පෙට්ටියක් වෙලා මගේ පස්සෙන් එනවාය.
    ++++++++++++++++

    ReplyDelete
  5. අපිටත් ඔය රැස්පොට් බලාගන්න තිබුණ ඕපනායකටවත් කෝච්චිය දිවුවනං. කොහෙද ඉතිං...

    ReplyDelete
  6. මාතලන් ගේ තාත්තා ලොකෝමේටිව් ඩැයිවර කෙනෙක්ය. ඒ කියන්නේ කොච්චි රියදුරෙක්ය.
    තාත්තා බදුලු යන නිසා නාවලපිටියන් තවත් එන්ජිමක් ඇද්දේය අම්මටද එය අකමැත්තක් පල කලේද නැත එනිසා රජයටත් කියවන වුන්ටත් කිසි අවුලක් නැත

    ReplyDelete
    Replies
    1. ඒක හැකියාව ..
      බැරි එවුන් ඒරිසියා කරනවා

      Delete
    2. ලස්ස දෙකක් පඩි ගන්නවානම් එංජින් දෙකක් අදින එක මහා ගේමක් නෙමෙයි. අපි තනි එංජිම අදින්නෙත් අමාරුවෙන්.

      Delete
  7. නිවාඩු දෙන කොට වොරන්ට් ලියා ගැනීම බහුතර ගුරුවරුන්ගේ හැටියක්ය. ඒ නිවාඩු කාලයට කෝච්චියේ නැගී දරු මල්ලන් සමඟින් කොහේ හෝ යාමටය. වරදක් ද නැත. මොන්ටෙරෝ වල නැගි ට්‍රිප් යෑමට අපට හැකියාවක් තාම උදා වී නැත. අඩුම තරමේ මරුටියක වත් ට්‍රිපක් යාම ට හැකියාව නැත. නමුත් පෙර සිට කරගෙන ආ ලෙස නිවාඩුවට කොහේ හෝ යාම අපේ හැටිය. දැන් ඉතින් ඒකටත් පාර වැසී ඇත. නිවාඩුව ට නිවසට වී පෙර රිවයින් වන පෙර වැරදි හා ගොන් මෝඩකම් ගැන අසාගෙන සිටීමට සියල්ලන්ටම සිදුව ඇත.

    කොච්චි ඩ්‍රැයිවර් ලා භංග වේවා.....

    ඔය රස්සාව තාත්තගෙන් පුතාට යන කතාව ඇත්තක් ද මෙයා.

    ReplyDelete
    Replies
    1. රේල්ලුවේ එහෙම කස්ටම් එකක් තිබ්බ ඒ කාලේ.. අපේ තාත්තගේ තාත්තා රේල්ලුවේ.. ෂන්ටර් කෙනෙක්. අපේ තාත්තා හෙඩ් ගාඩ් වෙනකං ගියා.. බාප්පා එන්ජිං ඩ්‍රයිවර්.. උන් ඔක්කොම හෙනම බේබද්දෝ නිසා ඊළඟ පරම්පරාවට යන්න දුන්නේ නෑ අම්මලා.. එහෙම නොවුනානම් මටත් මෙදා සැරේ ඉස්ට්‍රයික් කරන්න තිබ්බ.. :) දැන්නම් ඒ 'ප්‍රයෝරිටි' දෙන එක නවත්තල ආණ්ඩුවේ අනිත් රස්සා වලට යනවා වගේ විභාග ලියල තමයි යන්න තියෙන්නේ.

      Delete
    2. එහම කේස් එකකට තමා උන්ගේ රෙද්දේ සටන

      Delete
  8. ඉංග්‍රීසි කොඩිය යටතේ උතරු අත්ලාන්තික් සාගරය හරහා ගමන් කෙරු නාවිකයන්ට තෙරුවන් සරණයි !!!

    ReplyDelete
  9. පුතේ තාත්තව ආදරයෙන් මතක් කලා කියන්න , ඒ වගේම එයාගෙ අම්මවත් එයිටත් වඩා ආදරෙන් මතක් කලා කියන්න.

    ReplyDelete
  10. තාත්තෙ පෙට්ටි කීයක්ද එකපාර වැඩිම ඇද්දෙ කියල අහල කියාන් ෙකා

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගෙන තමයි අහන්න වෙන්නේ

      Delete
  11. වහාම රොබෝ දුම්රිය හඳුන්වා දියයුතුයි.

    ReplyDelete
  12. රසික හීනෙන් බය වෙලා ඇහැරෙනවාලු දැන්. රසිකගේ තාත්තා භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් රසිකට පේන්න එනවා කියනවනි. රසික බය වෙලා දාඩිය දාගෙන හරිම පිපාසයෙන් අවදිවෙනවා.

    ReplyDelete
  13. http://www.zdnet.com/article/forget-self-driving-cars-heres-how-driverless-trains-are-moving-ahead/

    ReplyDelete
  14. ඈ බං මාතලන් බොස් මේ පොඩි එකාට අකුරු කියෙව්වෙ උබද සා රස තුමාද???? 🙈🙈🙈🙈😂😂😂

    ReplyDelete
  15. අර කවුද කියපු එක මටත් හිතෙනවා බං.. උඹ පටන් ගනින්කෝ මිනිස්සු හිනස්සන රස්සාවක්. :))))

    ReplyDelete
    Replies
    1. උව දැක්කහම කොහොමත් හිනා යනවනේ බන් පහු ගිය කාලේ පිටකොටුවේ පීපල්ස් පාක් එකේ
      බත් දන්සල ගාව හිටෝලා තිබ්බේ මෙයාව. බත් කන එවුන්ගේ චිත්ත දයිරය වැඩිවැන්න කියලා.
      යාපනේ යුද්දේ තියෙද්දී සැරයන් අර්ජුන් කමලනාත් සෙබළුන්ගේ චිත්ත දහිරය වඩන්න යාපනේ යුද්ද කලාවගේ https://www.youtube.com/watch?v=qtcCJw9hi8U

      Delete
    2. මමනේ කමියෝ එක යෝජනා කලේ අනේ හැබැටම

      Delete
    3. එහ්.. කවුරු හරි යෝජනා කරලා තියෙනවා දැක්කට කවුද මතක තිබ්බේ නෑ.. අම්මප මෝඩ චූන් ජෝකර්ල කැලේ මූ පටන් ගත්තොත් :)

      Delete
    4. ලැජ්ජා හිතෙන කතා කියන්න එපා කමියෝ

      අපි බොහෝම ලැජ්ජා බයට හැදිච්චි දරුවෝ

      Delete
  16. අම්මෝ ,.. මාතලන්.
    මේක කියවල හිනාව නවත්තගන්න හෙන ගේමක් දුන්නා .
    නියම පොස්ට් එකක් . ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මෙසේ බලන විට ඔබටත් නිතර පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් යහපත් සෞඛ්‍යමය ජීවිතයක් ගොඩනගා ගත හැක.

      Delete
    2. සිනා සී තර වෙන්න

      Delete
  17. මාරු පොස්ට් එක බන්.
    //එයා ඇහුවේ තමුසෙ මට තමුසෙගෙ පඩිය කියලා දුන්නේ මෙච්චරය, ඉතිරි ඒවා දුන්නා මොන බැල්ලිටද කියලාය. තාත්තා එවිට අම්මා අමතා කීවේ ඔය නියෝජ්ජ ඇමතියා කියන්නේ බොරු කියලාය. අනික එයා කවදාවත් පීල්ල පැන්නේ නැතයිද, ට්‍රැක් එකේම ධාවනය කිරීම කළ බව කියා ගේ ඉස්සරහා පාන් පැලේ පඬුරක්ද ගැට ගැසුවාය.//

    ReplyDelete
    Replies
    1. පස්සෙ තව තව ඒවා ඔලුවට ආවා.... මේ ඇති කියලා හිතුනා

      Delete
  18. https://www.youtube.com/watch?time_continue=3&v=tYRYqPtLq3w

    මෙන්න ලින්ක් එක මුන් ලක්ශ 2 ක් පඩි ගන්න හැටි හිටපු දුම්රිය සාමාන්‍ය අධිකාරී වරයකු කියන අන්දම

    මිනිසුන් රැකියා නොමැතිව සිටින විට. රියදුරන් අතිකාල පැය 400 කරන ආකාරය.
    අවම වශයෙන් තව රියදුරු රැකියා අවස්ථා 2 පුහුණු කර නව රැකියා ලබා දෙන්න උත්සාහවත් නොකර මෙවන් වැටුපක් ගෙවමින් කරන්නේ ජනතාව රැවටීමක් නොවේද කවුද මේවා සොයා බැලිය යුත්තේ

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න