.

.

Feb 10, 2018

ගුණමකුවන්ට පාඩම් කියා දෙන බුද්ධිමත් ජනතාව - A Lesson to Ungrateful Stupid Politicos



ප්‍රතිඵලය ඉතා පැහැදිලිය. මහින්ද ලොක්කා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත. දෙවන තැන සුපුරුදු පරිදි රනිල් ලොක්කාට ගොස ඇත. පචවංශයා ගලවගෙන ගිය පසු අහිමිවූ ඡන්ද ප්‍රතිශතය, මාතලන්ලා කඩේ ගිය ජෙප්පන්ට නැවත්ත් ලැබී ඇත. උනුත් එකයි මුනුත් එකයි, මහින්දත් හොරා රනිලුත් හොරා කියමින් කම්බා හොරු සැට් එකක් රෙද්ද අස්සේ දාගෙන, මං සුදනා වෙන්නට ගිය එතෙක් මෙතෙක් ලංකාවේ පහලවු අසාර්ථකම රාජ්‍ය පාලකයාගේ සරම, ඔහු පත් කල ජනතාව විසින්ම ඔළුවෙන් ගලවා දමා ඇත. 


සම හරක් බක පන්ඩිතයන් කියන්නේ අළුත් ජනතාවක් පත් කර ගත යුතු බවය. ජනතාව අමු හරකුන් බවය. එහෙත් මාතලන් නම් යමක් කමක් තෙරෙනා දවසේ පටන් කියන්නේ, මෙරට ජනතාව ඉතා බුද්ධිමත් චන්ද දායකයින් පිරිසක්ම බවය. එසෙ නොමැති නම් මෙවන් විපර්යාස, පෙරලි, කවදාවත් මේ අම්මට සිරි ලංකාවේ සිද්ද වන්නේ නැතිය. එකම කරුමය නම්, ජනතාවට තෝරා ගැනීමට ඇත්තේ, කොයි පැත්තෙන් ගත්තත් පට්ට දූෂිත හොරුන් සෙට් එකක් වීමය. එහෙත්, දරුවා පාසලට දමා ගැනීමට, කුඩා කාළයේ පටන්, බොරුව, හොර වැඩ, දූෂණය හුරු පුරුදු කරනා පට්ට ගෝත්‍රික සමාජයක් පාලනය කිරීමට ඔබින්නේද, එවන් පිරිසක්ම පමණමය. මේ රට ඒ තත්වයෙන් ගොඩ ගැනීමට නම්, විය යුත්තේ අළුත් ජනතාවක් පත් කර ගැනීම නොව. නැවත මේ රට යටත් විජිතයක් බවට පත් වීම පමණමය. 

ඡන්දයක් පැවත් වුවහොත් මේ ප්‍රතිඵලය ලැබෙනා බව අප කියන්නේ මේ හාල්පාරු ආන්ඩුව මහ ජන්දෙය්න් පත් වී මාස 6-7 ක් ගත වීමටත් පෙර සිටය. රනිල් ප්‍රමුඛ ඉන් ඇක්ස්පීරියන්ස් යූ ඇන් පී බබාලාට තිබුන එකම සිහිණය රට හෝ ගම හැදීම නොව, මහින්ද රාජපක්ෂ, ශිරන්ති නෝනා, නාමල්ලා, යෝෂිතලා, චිචීලා ගෙවූ සුඛෝපභෝගී ජිවිත හෙවත් ලයිෆ් ඉස්ටැයිල්, තම පවුලටත් අත් කර ගැනීම පමණමය. උදාහරණයකට පොලීසිය බාර සාගල රත්නායක ඊයේ චන්දය ප්‍රකාෂ කිරීමට පැමිණි ආකාරය බලන්න. අඩුම ගානේ රටේ නායකයන් වන සිරිසේන හා රනිල්වත් එසේ පැමිනියේ නැත. ඇත්තටම ගමේ උන් කියනවා වාගේ මුන්ට අමු කැවිලාය. 

සිරිසේන හා සිරි ලංකා ගොබ්බයන් ගැන කිසිඳු බලා පොරොත්තුවක් හෝ කැමත්තක් නොතිබුනද, රනිල් මේ රටට මක්කා හෝ දෙයක් කරාවී යැයි කියනා කාලකන්නි බලාපොරොත්තුවක් මාතලන් තුල මෙන්ම රටේ දියුණුව බලාපොරොත්තු වන ස්වාධීන මත දරණ හිතවතුන් අතරේද තිබින. එහෙත් කුප්‍රකට බැඳුම්කර වංචාව හේතුවෙන් රනිල්ට ඔලුව උස්සන්නට බැරි විය. මෙතක් එජාපයෙන් පහළ වූ අසාර්ථකම නායකයා රනිල් බව මුලු ලෝකයටම පෙන්වා අවසානය. රනිල් කල මෙලෝ රෙද්දක් නැතිය. කොළඹ ඉඳිවන සියළුම ගොඩනැගිලි, මහින්දගේ කාළයේ රටට පැමිණි ආයෝජන බව නොදන්නා මී හරකුන් දන්නේම නැති අතර, දන්න එකා හොඳින්ම දන්නවාය. 

මේ ගොබ්බ ආන්ඩුව මහින්දගේ කාළයේ ආරම්බ කළ ආන්ඩුවේ සංවර්ධන කටයුතු සියල්ලම නවතා දැමුවේය. ඒ රටට ආදරයට වත්, ඒවා රටට ගැලපෙන එවා නොවනා නිසාවත් නොව, කොමිස් ගැහිල්ලටමය. ඉන් පසු ඒවා ආර්ම්බ කළද, අද වන තෙක් එකඳු එක්ස්ප්‍රස් වේ එකක් රටර එකතු කර නැත්තේය. මහින්ද උන්නා නම් අද නුවරට යන්නේත්, කතරගම යන්නේත්, රත්නපුරේ යන්නේත් එක්ස්ප්‍රස් වේ එකේ බව, ඒවාවල නොයනා අහිංසක දුප්පත් එකා පවා හොඳින්ම දන්නවාය. මේ වෙනස ඒවාට පිළිතුරුය. 

උදාහරණයක් අවශ්‍යනම් කොටුවේ ‍YMBA බිල්ඩිම ඉදිරිපිට, ඝෝඨා සංවර්ධනය කිරීමට ගිය කොලෝනියල් බිල්ඩිම දෙස බලන්න. ඝෝඨා ගෙදර ගිය දවසේ පාටන් තාමත් ඒක එසේමය. එහෙත් ඝෝඨා අළුත්වැඩියා කොට සංවර්ධනය කළ කොලෝනියල් බිල්ඩින් සියල්ලම අද සල්ලි උල්පත්ය. සංචාරක ආකර්ෂණයන්ය. මුන්ට තාමත් අර බිල්ඩින් එකවත් හදා ගන්නට බැරිය. හදන්න සල්ලිත් නැතිය. 

එජාප රජයක් පැමිණි විට වඩාත්ම සතුටු වන්නේ ව්‍යාපාරික ප්‍රජාවය. එහෙත් අද ව්‍යාපාරික ප්‍රජාව නන්න පෝල්ය, උන් කියන්නේ මහින්ද උන්නා නම් මීට වඩා දස දහස් ගුණයක් හොඳ බවය. ජේ ආර්ගෙන් බිහිවු බිසිනස් කාරයෝ ඔක්කෝම මහින්දට දුන්නේ ඒ නිසාය. රනිල් පට්ට ෆේල් එකක් නිසාය. ගොබ්බ සිරි ලංකා කාරයෝ සෙට් එක එලවා, එජාපයේ තනි ආන්ඩුවක් හදපල්ලා කියා එජාපයේ ඉන්නා හිතවත් බීරී අලින්ට අප කියන්නේ එදා සිටය, ඒ වාගේම සිරිසේන තොපේ පුක නැතිවෙන්න අරිනවා කියන්නෙත් එදා සිටය. අප කියූ ඒවා උන් පයිසෙකට මායිම් කලේ නැතිය. අද තොපි කාලා තියෙන්නේ ඒ ටොපියය. 

රටේ මෙලෝ දෙයක් උනේ නැතිවා වගේම, ගමටද මෙලෝ සංසාර දෙයක් කලේ නැතිය. මහින්දගේ කාළේ පාරවල් සියල්ලම වාගේ සංවර්ධනය කළේය. යෝධ සංවර්ධන ව්‍යාපෘති මිනිස්සු ට්‍රිප් ගිහින් ආතල් ගන්නා තැන් බවට පත් කළේය. ගමේ බස් එකක් තියෙනා එකා, කතරගම යනවා වාගේ, සිරිපාදේ යනවා වාගේ, මාගම්පුර වරාය, ගුවන් තොටුපොල, කොළඹ අලුත් ජැටිය. කොත්මලේ උමඟ පෙන්නන්න ගමේ උන් අරගෙන ආවේය. මේවා පට්ට කරිෂ්මා එකක් ඇති, කපටි පී ආර් එකක් ඇති, මහින්ද මහත්තයාගේ ගේමය. අද උන්ට එහෙම යන්නට ට්‍රිප් ඇත්තේත් නැතිය. පෙන්නනවා නම් පෙන්නන්න තියෙන්නේ, බැඳිමකර කොමිසන්, මිහින් ලංකා කොමිසන්ය. කොමිසන් දමා එක එකාගේ කලිසම් ගලවන්න හදපු ඒකාගේ රෙද්ද ගලවා දමා තිබෙන්නේ, මේ බයිලා චක්‍රවර්තිගේ නැව් බයිලා වගේම, ඒවා නිකංම නිකං පඩ ෂෝ බව බුද්ධිමත් ජනතාව දන්නා නිසාය.  

සුළු ජාතිකයින්ට සහජීවනේ දිනවා කියා පැමිණ. බෙල්ල කබන බ්‍රෙගේඩියර්ලා එජාපෙන් ඉවත් කලාම ආයෙත් පත් කොට ජාතියේ මහා වීරයා වෙන්නට ගිය එකට සුළු ජාතිකයින් මෙන්ම අපේ උන්ද කන පැලෙන්නම දීලා ඇත්තේය. මේ පල දී තිබෙන්නේ තාජුඩින්ලාට, ලසන්තලාට, එක්නැලිගොඩලාට, නේවී එකෙන් උස්සා අතුරුදහන් කළ දරුවන්ට කෙලවන්නට රණවිරුවන් ආරක්ෂා කරමින් නැටූ නාඩගම්ය.

අපරාදේ කියන්නේ මහින්දගේ කාළේ නඩු වැටුන උන් නම් ජාත්‍යන්තර බලපෑම් යටතේ හෝ අද ඉන්නේ හිර ගෙවල් වලය. එනයින් රටේ ජනතාවට පමණක් නොව, ජාත්‍යන්තර සංවිධාන මෙන්ම සියළුම හිතවත් රටවලට පුක පෙන්නා අවසනයේ යුරෝපා හවුලෙන් බ්ලැක් ලිස්ට් උනේත්, ලොව දූෂිතම රාජ්ජයන් අතරෙන් 4 වන ස්තානයට පත් වන්නේත්. පාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා බොරු කාර විකටයෙක් රට පාලන කළ නිසාමය. 

මේ ජෝකර් පාලකයා ළඟ ඇති යහපාලනයක් නැත්තේය. මහින්ද රාජපක්ෂ පාලනයෙන් මේ පාලනය වෙන්ස් වන්නේ ජයන්ති නෝනාගෙන් පමණමය. සම හරක් විට ඒ මනුස්සයාට විලි ලැජ්ජාව කියා දෙයක් තියෙන්නට පුළුවන්ය. එදා, නාමල්ලා යෝෂිතලා චිචිලා කළ සියල්ලම අද චතුරිකාලා දහම්ලා කරමින් ඉන්නවාය. කොතරම් එකාධිපතියෙක්දැයි කියනවා නම්, නිර්පාක්ෂික සරළ මිනිසා ඕනෑම දෙයක් කියන්නේ, මම, මං, මගේ කියාය. එයා නොදන්නා එකම දේ ඔය එකක්කත් එයාගෙ නෙමෙයිය කියනා එකය. ඒ බව බුද්ධිමත් ජනතාබ ඉත හොඳින්ම මතක් කරලා දීලා තියෙනවාය. 

පාලකයන් මෙන්ම කිසිවෙක් මුල අමතක නොකල යුතුය, ගුණමකුවන් නොවිය යුතුය. එදා මහින්දට කෙලවෙලා ජනෙල් ගැට්ටේ එල්ලිලා අඬන්න උනේ, ජනතාවගේ බඩ අමතක කොට බල්ලන්ගේ බඩ ගැන සලකා බලන්නට ගිය නිසාය. යුද්දේ දින්නාට සුද්දේ දුන්නාට. එයා රජෙක් කළ ජනතාව අමතක කරන්න හොඳ නැතිය. එයා ජනතාවට ගුණමකු උනේය. ජනතාව එයාට හොඳ උත්තරයක් දුන්නේය. 

සිරිසේන කියන්නේ නොම්මර එකේ ගුණමකුවෙක්ය. එයා ජනපති කළ එජාපය, සිවිල් සංවිධාන, මෙන්ම ජනතාව සත පහකට මායිම් නොකළේය. ඇපත් නැතිව ගෙදර එලවූ සිරි ලංකා කාරයන් පිරිසක් හා එජාප විරෝධි කේවට්ටයන් පිරිසක් සමඟ මරි මෝඩ සිරසෙන් දෙන ලණු අඹර අඹරා කෑවේය. එජාපයට හා රනිල්ට පුක නැති වෙන්නම ගැහුවේය. තමන් වෙනුවෙන් ගුටි කෑ අළුත් පරපුරට සරම උස්සා පුක පෙන්නුවේය. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගෙදර යවා සිරි ලංකා එකේ කම්බා හොරුන් සියල්ල බේරා ගත්තේය. තමන් පත් කළ ජනතාවට පුක පෙන්නුවේය. ඒ සියල්ලට ජනතාව අපූරුවට පිළිතුරු දී ඇත්තේය. 

ගහපු කනේ පාර කොච්චර සැරද කියනවා නම්, සමහරක් ප්‍රදේශ වල, ගුණමකුවා ජෙප්පන්ටද පරාදය. මෙතරම් ගුණමකු පාලකයෙක් අම්මට සිරි ලංකා ඉතිහාසයෙම උන්නා වෙන්නට බැරිය. එමෙන්ම මෙතරම් බොරුකාරයෙක් ඉතිහාසයෙම උන්නා වෙන්නට බැරිය. එමෙන්ම තම්න්ට මේ ආන්ඩුව කරන්න බෑ කියා කැබිනට් මීටිමෙන් නැගිට යාමට තරම් අසාර්ථක පාලකයෙක්ද ලෝක ඉතිහාසයේවත් ඉන්නට නැතිව ඇතිය. වසර තුනක් යාමට මත්තේන් මෙරට බුද්ධිමත් ජනතා ඔහුට අපූරු පාඩමක් උගන්වා ඇත්තේය.   

දැන් ඉතින් ඔහුට ඔප්සොන් තුනක් ඇත්තේය. 

1. මහින්ද දමලා ගහලා ගියා සේ, පොලොන්නරුවේ පැල්පතට ගොස්, බැසියරයක එල්ලි, එහේ ඉන්නා මී හරකුන්ට තමන්ට උන දේ වැල් බයිලා වලින් ගයා, ගොන් ආතල් දී, අඩි හයක් ගැඹුරු වලකට බැසීම

2. සරම අස්සේ ඉන්නා කම්බා හොරුන් හා බැඳුම්කර හොරුන් සමඟ නැවතත් ජනතාවට ගොන් ආතල් දිදි රට පුරා ඇවිදීම.

3. සරම අස්සේ ඉන්නා කම්බා හොරුන් හා "මා මිත්‍ර" මහින්දගේ කම්බා හොරුන් සමඟ එක්ව, ඉල්ලාගෙන කෑම. 

ඒ ඔප්සොන් තුනය. 

මේ අවස්ථාවේ මට මතක් වෙන්නේ සුජීව සේනසිංහ කියූ අපූරු කතාවය. 
අහිගුන්ටකයාගේ නයා හිතුවේ මම මූ ගහන පදේට නටන්නේ මාකටද, මම ගිහින් තනියම පොලේ නටනවා කියාය. 

නයා තනියම පොලේ ගියේ නටන්නය. තනියෙන් එන නයා දුටු පොලේ ඉන්නා උන් අර මෝඩ නයා පොල්ලෙන් ගසා මරා දැම්මේය.. 

ප: ලි:

මට උනේ මොකෑ කියා මගේ පුකේ ඇඟිල්ල ගැසීමට එන වහලුන්ගේ හිත සුව පිණිස මාතලන්ගේ විග්‍රහය..

මාතලන් බලාපොරොත්තු වූ කාරණා කීපයම ඉටුවෙලා හමාරය.

1. යහපාලනයට කෙලවීම
2. සිරිසේනට ඇපත් නැති වීම
3. ඡන්දය ප්‍රකාෂ කිරීමට ජනතාව උනන්දු කිරීම
4. ජෙප්පන්ගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ දැමීම..

ඒ නිසා කවදත් වගේ, මාතලන් මේ පාරත් ඉහළින්ම දිණුම්ය..

මෙතැන් පටන් මහින්ද පාර්ෂවයෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයා වෙනුවෙන් කඩේ යමි... 

128 comments:

  1. එකෙන්ම මාතලන් බොස්. තව මොන කතාද හිටං. 👊🏽

    ReplyDelete
    Replies
    1. සතුට නම් , මේ සියල්ල අපින් කලින් ලිව්වා...

      Delete
    2. මෙදා විප්ලවය සද්ද නැතුවම කලේ සෝබිතලා, තානාපතිලා, එන්ජීඕ කාරයෝ,බ්ලොග් ඔස්තාර්ලා නොව මහජනතාවය.

      Delete
  2. කේන්තිය නිවෙන්ට තව ලියාපාං ..අපිට කියවන්ට

    ReplyDelete
    Replies
    1. කිසිම කේන්තියක් නෑ...

      පුදුම කාළකන්නි සතුටක් තියෙන්නේ..

      කාළකන්නි දෙන්නෙක් අවුරුදු තුනක් පුරා මේ රට කෑවා...

      Delete
    2. මාතලන් ලංකාව දාලා ඕනි තූත්තුකුඩියකට පලයන් දැන්...... යන තැනක රනිල්වත් අරන් පලයන් තනියට....

      Delete
    3. අපි කොහේවත් යන්නේ නෑ මල්ලී.... මේකෙම තමා ඔක්කෝම කරන්නේ... අපිට මොකා උන්නත් එකයි... අපි හම්බ කරා.. අපි කෑවා... එකෙක්ටවත් බයත් නෑ... ණයත් නෑ

      Delete
    4. හම්බ කරන විදියෙ තමා වැරැද්ද තියෙන්න‍ෙ... ඊට‍ හොදා වෙන දෙයක් කරන එක....

      Delete
  3. මාටලං 2015 -216 ආසන්නයේ ලියා ඇති දේ කියවීමෙන් මු නිකන් වැල යන අතට මැස්ස ගහන සිරිසේන වැනිම ගොබ්බ්යෙකු අවබෝධ කරගත හැකිවෙනු ඇත

    ReplyDelete
    Replies
    1. දේශපලන වහලෙකුට එසේ සිතීම පුදුමයට කරුණක් නොවේ

      Delete
    2. දේශපාලන ‍වසලයෙක් වහල්ලු ගැන කියන කොට තමා දුක....

      Delete
    3. ස්වාධීන මිනිසෙක් වසලයෙක් ලෙස වහලෙකුට පෙනීම පුදුම විය යුතු කරුනක් නොවේ...

      Delete
    4. ස්වාධීන මිනිසුන් වහළුන් ලෙස මාතලන් වැනි වසලයෙකට පෙනීම පුදුම විය යුතු කරුනක් නොවේ..

      Delete
  4. සතුටුයි, ප්‍රතිඵලය ගැන...
    පොහොට්ටුව දින්නෙ උන්ගෙ තියෙන හොදකට නෙමයි,අාණ්ඩුව ෆේල් නිසා..
    හරියට 2015 උනා වගේමයි!

    ReplyDelete
    Replies
    1. 2015 රනිල් මෛත්‍රී හවුල දින්නෙත් මහින්ද ෆේල් නිසා මිස බටලන්දේදි කොල්ලො කෙල්ලො දහස් ගනනක් මරපු, බ\ම්කොලොත් වෙච්චි පවුලේ රූපවාහිනි නාලිකාව ලොකු ගනනකට ආන්ඩුවට විකුනල ගාන කපා ගත්තු රනිල්ගෙ හොඳකට නෙවෙයි

      Delete
  5. methana badumkara magadi hora magadi seratama wada wadagath bedumwadaya prathikshepa karana eka ekata pramukathwaya labila thiyenawa methanadi. ubalage team ekata dan bada yanawanam pol muddak kgahaganin pike.

    ReplyDelete
    Replies
    1. මට ටීම් එකක් නෑ මෙයා... ගොන් රැලක් වගේ වහල් පිරිසකට සෑම පුද්ගලයාම ටීම් කාරයන් සේ පෙනීම පුදුමයට කරුණක් නොවේ...

      Delete
    2. koti thawama hitiyanam thopita mahinda honda wenna thibuna. ubalage team ekata mahinda epa une 2007 koti paradunata passe. apata kisi deyak amathaka na. uba danaganin dushanaya wanchawa nathi karanne ratak widihata sulu janakotas wala bedumwadi umathuwa nathi karana ekata mul thanak dila kiyana eka. uba ranilge bedumwadi wiyawasthawata paksha ewunge dushana gana kathakaranna kamathi na kiyalath api dannawa.

      Delete
    3. owu api dannawa uba 2010 idanma by default mahindata wirudhdayi kiyala. uba e kaleth UNP + bedumwadaya samagayi hitiye.

      Delete
  6. e mathalan , ubath kiuwe UNP eka dinai kiyalane jandeta kalin dawaseth. A ra kawiyakuth dala thibbe.

    ReplyDelete
    Replies
    1. ඔව් බං කිව්වා...

      මහින්දත් හොල්මන් වෙන ප්‍රතිඵලයක් ජනතාව දෙන කොට....

      Delete
  7. හනේ යකෝ.. උඹයි උඹේ ජෙප්පයි. ජෙප්පො තමා නියම නෑම නෑවෙ.. ගම ජවිපෙට.. හික්ස්.. පල පල යන්ට ආතල් නොදී තවත්

    ReplyDelete
  8. තුෂාර වන්නිආරච්චි කියන්නෙ කව්ද මාතලන් ? මිනිහ රනිල්ගේ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධිකරණ ලේකම්වරයෙක්ලු.

    චන්දෙට කලින් මිනිහ ලියල තිබුන මහින්දට ලොකු තරඟයකින් පස්සේ හරි දිනන්න පොඩි හරි චාන්ස් එකක් තියන්නෙ මොණරාගල විතරයි කියල. ඇත්තටම දැන් මිනිහගෙ අනාවැකිය හරියටම හරිගිය බව අපි දැන් දන්නවනේ.

    අද මිනිහ ලියල තියෙන විදියට කිසි අවුලක් යූ.ඇන්.පි යට නෑ. ඊළඟ ජනාධිපතිවරණයක් වුනත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්ලු.

    මිනිහ අන්තිමට මෙහෙම ලියනවා.

    “දැන් පොහොට්ටුව පිපී මලක් බවට පත්වී තිබේ. මීළඟට තිබෙන්නේ මල පරවන යුගයයි.”

    මෙහෙම ප්‍රාඥයො තවත් ළඟ තියාගත්තොත් රනිල් ඊළඟ ජනාධිපතිවරණය ගෙදර ඉඳන් අත උඩින් දිනන බවට කිසිම සැකයක් නෑ !!!

    ReplyDelete
    Replies
    1. තුෂාර ඉතින් වෙන මක්කා කියන්නද බං

      Delete
    2. තුෂාර වන්නිආරච්චි කියන්නෙත් ප්‍රියන්ත හේවගේටමද දන්නෙ නැහැ ...

      Delete
    3. ඒ විශ්ලේෂණය ටක්කෙටම හරි. පොඩි වෙනසයි කරන්න ඕනේ, මොණරාගල වෙනුවට කොලඹ කියලා දාලා, පොදුජන පෙරමුණ වෙනුවට එජාපේ කියලා දාන්න ඕනේ.

      Delete
  9. වැඩිපුරම කෙලවී ඇත්තේ සිරිසේනට නොව රනිල්ටය. ශ්‍රීලනිපය තුන්වන තැනෙන් ඉහළට ජන්ද නොගන්නා බව මේ ප්‍රාදේශීය සභා මැතිවරණය ආරම්භයේ සිටම අප කවුරුත් දැනසිටි දෙයකි. මෙහිදී තරඟය තිබුනේ අලියා සහ පොහොට්ටුව අතරය. බොහෝ අය සිතුවේ අලියා එකට ඒවි කියලාය. ඒ පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සහ ජනපතිවරණයේ ප්‍රතිපල අනුව යමින්ය. සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා මැතිවරණ වලට නැති උනන්දුවක් මෙවර ඇතිවුනේ බොහෝ දෙනෙකුට පොහොට්ටුවේ ශක්තිය බලාගන්නට තිබුණු හොඳ අවස්ථාව මෙය නිසා බව අපගේ අදහසයි.
    අපි නැවතත් කියමු. රනිල් කොළඹ ඉංග්‍රීසි කතාකරන බුර්ෂුවා පන්තියේ කෙනෙක් නිසා අප ඔහු ගැන සිතා සිටියේ ඩඩ්ලි ලා, ජේ ආර්ලා වගේ ජෙන්ටල්මන් දේශපාලකයෙක් කියලාය. නමුත් තමන්ට බන්දේසියේ තබාදුන් අගමැතිකම කරගන්නට බැරි රනිල් තවත් දේශපාලකක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටී. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සිට දේශපාන ජීවිතය දක්වාම ඇත්තේ එකම බොරුවකි, මුලාවකි. රාජපක්ෂලාගේ හොරකම් ගැන දෙසාබාමින් බලයට පැමිණි රනිල් මුලින්ම කලේ , රාජපක්ෂ සමග ඩීල් ගැසීමය. ඊළඟට තමන්ගේ රෝයල් සහ 'ෆක් බඩීස්' ලාට ප්‍රධාන තනතුරු පිරිනමමින් ඉදිරියට එන තරුණ නායකයින්ව පසු පෙළට දැමීමය. පුදනකොටම කන ජාතියේ රෝයල් මේට් මහ බැංකුව එක්කම එජාපයත් කාලා පැන්නේය. රනිල් මිස්ටර් ක්ලීන් නම් සිරිසේනට කලින් කොමිසම දාන්නට තිබුණි. නමුත් ඔහු කලේ හොරකම අන්තිමටම වැසීමය. දැනටත් එය කරමින් සිටී. රනිල් කිසි දවසක තම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නේ නැත. එසේ කලානම් වැඩිම කාලයක් විපක්ෂයේ පොල් ගාමින් සිට නිකම් ලබාදුන් තනතුර ඔයවගේ දුෂණය කරන්නේ නැත. රනිල්ට දැන් ඇත්තේ එකම ඔප්ෂන් එකකි. එජාපය රනිල්ගේ අප්පාගේ බුදලයක් නොව ඩඩ්ලිලා, ජේ ආර්ලා, ප්‍රේමදාසලා වැනි දැවැන්තයින් සිටි දැවැන්ත පක්ෂයකි. එහෙයින් දැන්වත් කරන්න පුළුවන් කෙනෙකුට ඔය තනතුර භාරදී ගෙදර යන එක රනිටත්, එජාපයටත් රටටත් බොහෝ හොඳය.

    ReplyDelete
  10. ජනතාව විසින් වරක් මහින්දට ඉගැන්වූ පාඩම, අද රනිල්ට හා සිරිසේනට උගන්වා තිබේ. එය අනාගතයේ බලයට එන්නට හීන මවන කිසිවෙකුන් විසින් හෝ අමතක නොකල යුතු ඓතිහාසික පාඩමකි.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න අවශ්‍ය උනේ ඒකයි....

      Delete
    2. @ Asanga & Maathalan

      ++++++++++++++

      The real truth is out there in your comment !

      Delete
    3. සම්පූර්ණයෙන්ම එකඟවෙමි. මම මහින්ද පාක්ෂිකයෙක්මි.

      නමුත් මේ චන්ද ප්‍රතිපලය "රාජපක්ෂවරුන් වනාහී ශ්‍රී ලංකා ද්වීපය පාලනය කිරීම සඳහා දෙවියන් විසින් තෝරාගනු ලැබූ කොටසක්ය" යන අර්ථයෙන් ඔවුන් විසින් තේරුම් නොගත යුතුය.

      එසේ වුවහොත් අසංග සඳහන් කරන "ඓතිහාසික පාඩම" නැවත වරක් ඔවුන් විසින් ජනතාව වෙතින් නිසැකවම ඉගෙනගනු ඇත.

      "නැපෝලියන්වරු" සම්බන්ධයෙන් මාක්ස් මෙසේ පවසයි.

      "History repeats itself, the first as tragedy, then as farce".

      මෙය "රාජපක්ෂවරුන්ට" මෙන්ම අපද අවබෝධ කරගත යුතුය.

      Delete
    4. @ Asanga & AnonymousFebruary 11, 2018 at 1:17 AM

      Spot on !!!

      Delete
    5. අසන්ග ලොක්කා,
      ජනතාව මහින්දට ඉගැන්වූ පාඩමට හොඳ රිටන් එකකුත් මහින්ද ජනතාවටම දෙයි නේද ආයම සහෝදර සහ පුත්‍ර සමාගමේ කස්ටිය එක්ක මදි නොකියන්නම?

      Delete
    6. වැඩිය බලවත් කවුදැයි ජනතාව, මහින්දටයි, සිරිසේනටයි, රනිල්ටයි, අනුරටයි කනට ගසාම පෙන්වා ඇත. ඊලඟට එන මහින්දට කලින් මහින්දට මෙන් අං එන්න තියෙන ඉඩ අඩුයි. අං ආවොත් ආයුෂත් කෙටි වෙයි

      Delete
  11. මම නම් හිතන්නේ ඡන්දය ප්‍රකාශකිරීම සම්බන්ධව ලෝකයේ හොඳම ගේම් දෙන ජනතාව ඉන්නේ ලංකාවේ කියාය. ඉදිරියේදී දේශපාලුවන්ට මීට වඩා පරෙස්සමින් වැඩකටයුතු කරන්නට සිදුවන බව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනෙන බව ද මට සිතෙන්නේය.

    ReplyDelete
    Replies
    1. බුද්ධිමත්ම ජනතාව ඉන්නේ මේ රටේ... රජවරු බල්ලෝ කරනවා එක දවසෙන්...

      Delete
  12. මචෝ මේක පළාත් පාලන මැතිවරණයක්ද පාර්ලිමේන්තු මහා මැතිවරණයක්ද?

    ReplyDelete
    Replies
    1. දෙකම නෙමෙයි...

      ජනමත විචාරනයක්

      Delete
  13. Maathalan kiwwa wagema kalakanni sathutak mata th thiyanawa.janapathiwaranaya maithree ta dunna mama parlimrnt chandedi unp 1ta dunna.eth mun kale kalakanni wada witharai.ekai me para jeppanta dunne.munta ohoma wenna oni.unp eke un hithan hitiye un monawa kalath minissu chande dei kiyala.thama parakku na hadenawa nam.me blog 1 balanawa nam unp eke chande illana kenek maathalange me post 1 unp eke okkotama pennanna.adu tharamin ada idan patan aran wada kalath janapathiwaranaya weddi unp 1ta dinanna puluwan.eth ehema karanne na loweth me unp anduwa.mama ada idan mahanda ge paththen janadi pathi wenna kawru illuwath e wenuwen mage chandaya denawa.janadipathi thuma gana nam katha karanne na.wadak na.

    ReplyDelete
  14. ආණ්ඩුව එකට ගත්තොත් පරද නැහැනේ මචන්.
    https://kolambagamaya.blogspot.co.uk/2018/02/blog-post_11.html
    හැබැයි උඹ කිවූ දේවලට එකඟයි.//මේ ගොබ්බ ආන්ඩුව මහින්දගේ කාළයේ ආරම්බ කළ ආන්ඩුවේ සංවර්ධන කටයුතු සියල්ලම නවතා දැමුවේය. ඒ රටට ආදරයට වත්, ඒවා රටට ගැලපෙන එවා නොවනා නිසාවත් නොව, කොමිස් ගැහිල්ලටමය. ඉන් පසු ඒවා ආර්ම්බ කළද, අද වන තෙක් එකඳු එක්ස්ප්‍රස් වේ එකක් රටර එකතු කර නැත්තේය. මහින්ද උන්නා නම් අද නුවරට යන්නේත්, කතරගම යන්නේත්, රත්නපුරේ යන්නේත් එක්ස්ප්‍රස් වේ එකේ බව, ඒවාවල නොයනා අහිංසක දුප්පත් එකා පවා හොඳින්ම දන්නවාය. මේ වෙනස ඒවාට පිළිතුරුය.

    උදාහරණයක් අවශ්‍යනම් කොටුවේ ‍YMBA බිල්ඩිම ඉදිරිපිට, ඝෝඨා සංවර්ධනය කිරීමට ගිය කොලෝනියල් බිල්ඩිම දෙස බලන්න. ඝෝඨා ගෙදර ගිය දවසේ පාටන් තාමත් ඒක එසේමය. එහෙත් ඝෝඨා අළුත්වැඩියා කොට සංවර්ධනය කළ කොලෝනියල් බිල්ඩින් සියල්ලම අද සල්ලි උල්පත්ය. සංචාරක ආකර්ෂණයන්ය. මුන්ට තාමත් අර බිල්ඩින් එකවත් හදා ගන්නට බැරිය. හදන්න සල්ලිත් නැතිය. //

    ReplyDelete
    Replies
    1. අන්න අජියෝ උඹේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාල ඇති. පුලුවන්නම් publish කරපන්.

      Delete
    2. එකට ගන්නේ කොහොමෙයි බං... කන පතේ රෙණ වසලයෙක් එක්ක... මූ කැම්පේන් එකේ ගහන තරමක් ගැහුවේ යූ ඇන් පී එකේ උන්ටනේ....

      Delete
    3. Ano Feb 11, 5.01 AM,

      අප විසින් 2015 ජන. 08 හංසයා ලකුණ ඉදිරියේ කතිරය ගසා ගෙදර යැවු පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමයත් පරදවමින් තෙවසරක් තුළ අධික වේගයකින් දූෂණයේ කප් ගැසූ වත්මන් අන්ත දූෂිත අශීලාචාර කුජීත යහපාලන රෙජීමයේ සැබෑ අණ දෙන නිලධාරී රනිල්, අගමැතිකමින්වත්, පක්ෂ නායකත්වයෙන්වත්, ඉවත් නොවීමට තීරණය කර අවසන්ය; 2020 තමන්ට ලැබෙන අවසන් අවස්ථාව බව රනිල් දනී.

      මේ 2018 පෙබ. 10 සැබෑ ජනතා විප්ලවය දැකීමෙන් මේ වන විට වික්ෂිප්ත වී සිටින ගෝත්‍රිකත්වයෙන් මරා කල්ලියද පරදවන පට්ට ගෝත්‍රික වැඩවසම් යූ.එන්.පී අමන හොර මුල ද දන්නා පරිදි 2020 වන විට රනිල් ගේ වයස 71කි, 2025 වන විට රනිල් ගේ වයස 76කි.

      වයස 76 දී ඡන්දය ඉල්ලීමට රනිල්, මහින්ද මෙන් තරුණකම රැකගත් අයෙකු නොවේ. රටේ ඡන්ද වලින් 1/3ක් ගත නොහැකි තමන්ට ජනාධිපතිවරණයකින් ජයගන්නවා තබා, එජාප අපේක්ෂකයා වීමට පක්ෂයේ අනුමැතිය ලබා ගැනීම පවා අසීරු බව රනිල් දනී. එම නිසා, රනිල් විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට විශාල ඉඩක් තිබේ. එයට ජවිපෙ සහාය අනිවාර්‍යයෙන්ම ලැබෙනු ඇති අතර සිරිසේන ද ඊට ඉඩ දීමට සැලකිය යුතු ඉඩක් තිබේ. ඒ අනුව පළාත් සභා අහෝසි නොවී විධායක ජනාධිපති ක්‍රමය අහෝසිවන සහ ඒ ඔස්සෙ රට බෙදී යාමට හේතුවන තත්වයක් නිර්මාණය වනු ඇත. එම නිසා මීට දෙමළ සන්ධානයේ වුවද උදව් ලැබීමට ඉඩක් පවතී. (දැනට විධායක ජනාධිපති සතු පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ බලය ආදිය ව්‍යවස්ථාදායක සභාවට හිමිවන ආදී තත්වයක දී, දෙමළ සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඡන්දය දීමට ඉඩක් පවති.)

      ඒ නිසා අද ඇතමුන් කථා කරන ගෝඨා 2020 වැනි ව්‍යාපෘති කිසිදිනෙක ක්‍රියාත්මක නොවන ව්‍යාපෘති වීමේ විශාල ඉඩක් පවතී. එම නිසා 2020 පැවැත්වෙන්නේ මහමැතිවරණයක් පමණක් වීමට ඉඩ ඇත. පොහොට්ටු වාදී (මරාවාදී) ඔබලා මෙන්ම මෙවර යහපාලන හොර මුලත් ජවිපෙ බොරු වැලත් කුජීත ලෙස කිච කර දැමීමට පොහොට්ටුව ඉදිරියේ කතිරය ගැසූ නිදහස්මතධාරී අප ඇතුලු අත්‍යන්ත බහුතර (සියයට 60-70% ක් ඉක්මවූ) පාවෙන ඡන්ද දායකයින් මේ තත්වය සැලකිල්ලට ගත යුතුය.

      Delete
    4. මාතලන්,

      අපි අතිගරු රනිල් හාමුව 2020 ජදී නාධිපති අපේක්ෂක වනතෙක් දිවිහිමියෙන් රැකගනිමු. එවිට මරාගේ මිනී මෝර මල්ලී සුදු වෑන් ගෝඨාට ඡන්ද ලක්ෂ 50ක් ඉක්මවා ජයග්‍රහණය කිරීමට රුපියලක හෝ වියදමක් නොයනු ඇත. එවිට අපේ ඩබල් ගේම් එකෙන් දැනට ඇග්‍රී වී ඇති ෆී ප්‍රොපෝසල් ප්‍රකාරව අපට දෙපැත්තෙන්ම ගාන කපාගනු හැකිය.

      මේ,
      (ඩබල් ගේම් ගසා දෙපැත්තෙන්ම ගාන කපන )

      රනිල් 2020 තෙක් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය
      ලන්ඩනය, එක්සත් රාජධානිය

      Delete
    5. හේ හේ, පළාත් පාලන මැතිවරණයකදී පවතින ආණ්ඩුව ඉතා වාසි සහගත තත්වය නොසලකා හැරියත් මේ කොළඹ ගමයා නමැති අන්දරේටත් රාජිතලාට මංගලලාට වගේ ගණන් බැහැනේ... හේ හේ.. මෙහෙම බලන්නකෝ ජන්දිපතිවරණයකදී පොදුජන පෙරමුණ (මරාගේ පොහොට්ටු හොර රැල ) , නිදහස් පක්ෂය (අත්) හා නිදහස් සන්දාන (බුලත් හපයෝ) එකට ආවොත් එතකොට;

      SLPP - 44.65%
      SLFP - 4.44%
      නිදහස් සන්දානය - 8.94%

      එකතුව = 58.03%

      හේ හේ.. දැන් ටිකක් සෘණාත්මකද? තොණ්ඩා/ ඩග්ලස් දේවානන්දා නම් දැනටත් පොහොට්ටුවේ, දිගම්බරම්ලා, කරුණා ඇතුලු වෙනත් දෙමල පක්ෂ (මක්කල් විඩුතලෙයිප් පුලිහල්/ අහිල ඉළන්ගෛ අරසු කච්චි ) ඉන්දියාව එක්ක ගහන ඩීල් ෆයිනලස් වෙච්චි ගමන් මරාලගෙ සාක්කුවෙ., හේ හේ

      කවදාවත් උතුරේ යුද්ධය යුද්ධයෙන් ජය ගත නොහැකි බව කියපු මන්ද බුද්ධික පිස්සු ජෝකර්ලා හිටපු රටක්නේ මේක. හකීම්ලා බතියුතීන් ලා කියන්නේ නොම්මර එකේ බ්‍රෝකර් ලා. එල්ටීටීඊ එක්ක ඩීල් දාපු මරා බැරා වගේ ගල් කපටි නීලකාස කම්බා හොරුන්ට ටී.එන්.ඒ. එක ෆුල් හරි ඒකෙන් ලොකු කෑල්ලක් ඩීල් එකකින් බාගන්න එක සුළු වැඩක්... හේ හේ ෆෝ එග්Zසාම්ප්ල්, කරන්න තියෙන්නේ බොරුවට මෛත්‍රී එක්ක වලියක් දාගේන මෛත්‍රීට/ රනිල්ට බැනලා අපි එකෙකුටවත් ඡන්දෙ දෙන් නෑ කියල වර්ජනේ කොරන එක. මරාගේ පොහොට්ටු හොරමුල මහරගමදි මෝටර් සයිකලෙන් දින්න වගේ තියෙයි...හේ හේ

      ඒකනෙවෙයි, දැන් අර උඩුවලා එක්ක සෙට් වෙලා පොදුජන පෙරමුණ කියන්නේ බැසිලුයි ඉන්දියාවයි සෙට් වෙලා අටවපු මරාලයක් බවත් ගෝඨා කියන්නේ මෛත්‍රී/ රනිල්ගේ අතකොලුවක් බවත් කියමින් ගොතන්න හදන කෙප්පෙට මොකෝ වෙන්නෙ? හේ හේ... ආයි පාරක් සම්මාන කේස් එකෙන් වගේ චා වෙන්න පොටක් පාදගන්න වගේ අපිට නම් පේන්නෙ...හේ හේ

      Delete
    6. අජිත්ගේ පෝස්ට් එකට කමෙන්ට්ස් දෙකක් දැම්මා. දෙකම අජිත් ගිලලා, ලැජ්ජ බිමේ. නොදකින් මෙහෙම බ්ලොග් කාරයෝ.

      Delete
    7. අරූ හොඳටම ෂුවර්ද ? මම එහම් කරන්නේ නැහැ. උඹ එක්කෝ වෙන කාගේ හරි බ්ලොගක දාල . කොමෙන්ට් එකක් තිබ්බේ නැහැ . මම ස්පෑම් ෆෝල්ඩරේ ත් බැලුව

      Delete
    8. ඇත්තටම Aruna Perera/ මාතලන් මේ රට ගොන් වහන්සේලා ඡන්දෙට කලින් එජාපය කොහොමත් උඩින්ම දිනනව කියල වැල් බයිල කෙළියා, දැන් පිස්සු තදවෙලා තවත් බහුබූත කියෝනව. රනිල්ට කෙලවන්නෙ මුන්වගෙ සට්ටැඹියෝ. සෝබිතලගෙ ගජ බින්නවලට රැවටිල චන්දෙ දුන්නට පස්සෙ තමයි මිනිස්සුන්ට තෙරුනෙ පිටිපස්සෙ හිටිය කාලකන්නි දූශිත එන්ජීඔ නඩයක ඇජෙන්ඩා එකක් තමයි ජහ පාලනේ කියන්නෙ කියල.

      දැන් හොටු පෙරාගන ජනවාරි 8 තාම වලංගුයි කිවුවට ආයි හරවන්න බෑ. මොකද මේපාර කාගෙවත් කැම්පේන් නැතුවම මිනිස්සුම ආපස්සට හැරුණ හින්දා.

      Delete
    9. //මොකද මේපාර කාගෙවත් කැම්පේන් නැතුවම මිනිස්සුම ආපස්සට හැරුණ හින්දා.// හරියටම හරි ඇනෝ. බැසිල් රාජපක්ෂ මහත්මයයි තරන්ජිත් සිං ජෙහාන් සඳු කියන්නෙත් ඒකම තමයි.

      Delete
    10. අතට ගානක් දීපුවම, දූශන චෝදනවක් ඔප්පු වී මංත්‍රී කම නැති කර ගත් ලංකාවේ පලමු මත්‍රී තුමා ප්‍රා-රාජිත "නූතන සේනක බිබිලෙ" කරපු ලෝටස් අජ්ජට මේ චන්දෙන් දිනුවේ රනිල් කියල ඔප්පු කරන එක සුළු දෙයක්.

      ලංකාවේ තියෙන අංක එකේ පාසලට ගිහිල්ලත් උසස් පෙල ෆේල් වෙලා ඉන්න කොට යූඇන්පී මන්ත්‍රී කෙනෙක් වෙච්චි යාලුවගෙ තාත්තා එවකට උසස් අද්‍යාපන ඇමති වුනු රනිල්ට කියල රුසියාවට ශිශ්‍යත්වයක් හදල දුන්නා. ලෝටස් ඒක අමතක කරල නැහැ
      එහෙම බලපුවම ලෝටස් අජ්ජා මෛත්‍රී වගෙ නෙවෙයි අවුරුදු 30-40 ක් ගියත් කෙලෙහි ගුනේ සලකනව

      Delete
    11. අරූ - මම මේ කල්පනා කලේ - ඊයේ කොච්චර ගත්තද :)
      වොඩ්ක කාලක් දැම්මම - පොස්ට් එක හොඳට ලියවිලා පබ්ලිෂ් බට්න් එකත් එබෙනවා වොඩ්ක බෝතල් භාගයක් දැම්මම පොස්ට් එක හොඳට ලියවෙනවා පබ්ලිෂ් බට්න් එකේ එබෙන්නේ නැහැ . ඇඟිල්ල එහෙ මෙහෙ වෙලා ඩිලීට් බට්න් එක වුනත් එබෙන්න පුළුවන්.
      වොඩ්ක බෝතල් තුන්කාල යනකොට් පොස්ට් එක ලියවෙන්නේ හිතේ. හැබැයි උඹට හිතෙන්නේ දැම්ම කියල.

      Delete
    12. //ප්‍රා-රාජිත "නූතන සේනක බිබිලෙ" කරපු ලෝටස් අජ්ජට// ඔය අදහස මගේ නම් නෙමේ. රාජිතට ඉන්වයිට් කලෙත් මම නම් නෙමේ. මම ආරාධනා කලේ කරු ජයසුරිය මහත්මයට. ගිහිල්ලම කලේ. වේදිකාවට අවහම මම ගිය එක ඇත්ත. මම වර්ජනය කරන එක හරි නැති නිසා හෙන්රිලා කෙරුවට . මොනවා වුනත් ඇමති කෙනෙක් නේ ආණ්ඩුවක.

      Delete
    13. ලංකාවේ තියෙන අංක එකේ පාසලට ගිහිල්ලත් උසස් පෙල ෆේල් වෙලා ඉන්න කොට යූඇන්පී මන්ත්‍රී කෙනෙක් වෙච්චි යාලුවගෙ තාත්තා එවකට උසස් අද්‍යාපන ඇමති වුනු රනිල්ට කියල රුසියාවට ශිශ්‍යත්වයක් හදල දුන්නා. ලෝටස් ඒක අමතක කරල නැහැ// උසස් පෙළ ෆේල් වෙච්හි එවුන්ට ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ලිපි එනවා කියල දන්නේ අද. //යූඇන්පී මන්ත්‍රී කෙනෙක් වෙච්චි යාලුවගෙ තාත්තා// කවුද මචන් ඒ මටත් දැන් ගන්න කියහන්කෝ

      Delete
    14. // උසස් පෙළ ෆේල් වෙච්හි එවුන්ට ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේ ලිපි එනවා කියල දන්නේ අද. //

      ෆේල් වෙච්චි උන්ට එහෙම ලියුම් එන්නේ නැහ බං. අවුරුදු 30-40 ක් තිස්සෙ බලන් හිටියට උඹට තාම එහෙම ලියුමක් ආවේ නත්තේ එකනේ.

      විභාගේ පාස් වෙච්චි කැම්පස් කොල්ලො තුන් හාරදහසක් මරල දම්මත් විභාගේ ෆේල් වෙච්චි උඹට අනාගතයක් හදල දීපු රනිල්ට අනාගතයක් හදල දෙන්ඩ උඹ වෙන මහන්සියට අපි ගරු කරනව ලෝටස් මහත්තයෝ.

      Delete
    15. ඇත්තද ඇනෝ, මට නම් ආවා ඒ කාලෙම. අනික මචන් මේ බ්ලොග් ලියන ඇනෝ දාන අයත් ඒ ලෙවල් ෆේල් ඇති නේද? නැතනම් මේවා ලිය ලිය ඉඳීද මම වගේ.
      කොහොමත් මචන් තර්කයකට, විවේචනයකට පිළිතුරක් නැතිවුනහම පෞද්ගලික ඇටෑක් වලට යන එක සාමාන්‍ය ට්‍රෙන්ඩ් එකක්. අවුලක් නැහැ.

      Delete
    16. //ඇත්තද ඇනෝ, මට නම් ආවා ඒ කාලෙම//

      ඉතිං සරමේවත් පිහ ගත්තෙ නැද්ද ලෝටස් තුමෝ ? ඔබ තුමා වගේම සල්ලි ටිකක් අරන් ලෝක හොරෙක්ව නූතන සේනක බිබිලෙ බවට පත් කරන ජාතියේ තවත් එකෙක් ලෝකෙට ජාතක උනොත් ලෝක අපාරදයක්

      Delete
    17. //ඉතිං සරමේවත් පිහ ගත්තෙ නැද්ද ලෝටස් තුමෝ ? //ඇනෝ තුමෝ ක්වික් රෙස්පොන්ස් එක නම් මරු. හේ හේ
      ඔය සේනක බිබිලේ සීන් එක කිව්වේ එතැන නිවේදිකාවෝ නේද. මම කොහොමද බං දන්නේ ඒවා. පදනමෙන් නේ ඔය ඔක්කොම ලෙහෙස්ති කලේ. හැබැයි ඉතින් උඹල ඔය පොර එක්ක ඔච්චර තරහ මොකද කියල මම නම් දන්නේ නැහැ. ජවිපෙ සහෝදරයෝ තරහා හේතුව නම් දන්නවා. ප්‍රා සීන් එක නේ. ඒත් ඉතින් මේ පාර නිර්මාල් සපෝර්ට් කරන කොට අවුලක් තිබ්බේ නැහැනේ.
      මෑන් ගිය ආණ්ඩුවේත් හිටිය නේද? ලබන සැරේ මහින්ද ආණ්ඩුවක් ආවොත් ඒකටත් වෙලාවට යයි.

      Delete
  15. කඨෝර භාෂා ශෛලියකින් ලියා තිබුණත් කතාව ඇත්තය.

    ReplyDelete
    Replies
    1. කඨෝර සමාජයකට ගැලපෙන භාෂාවෙන් ලිව්වාම ලේසියී...

      මාතලන් බොරු කියනවා බොහෝම අඩුයි..

      Delete
  16. දරුවා පාසලට දමා ගැනීමට, කුඩා කාළයේ පටන්, බොරුව, හොර වැඩ, දූෂණය හුරු පුරුදු කරනා පට්ට ගෝත්‍රික සමාජයක් පාලනය කිරීමට ඔබින්නේද, එවන් පිරිසක්ම පමණම//////// +++++++

    ReplyDelete
  17. වෙන පුකක් හොයාගෙන වගේ.....
    ගුඩ් ලක්

    ReplyDelete
  18. සිරිසේන මේ ප්‍රතිපලය අරුමයක් නොවෙ. හැම එකාම දැනන් හිටියා සිරිසේන මේ කෑම කන බව

    ඒත් මේකෙන් සිරා කෑම කෑවෙ රනිල්. මහ මැතිවරයත් එක්ක බලනකොට තනි පක්ශයක් විදියට මෛත්‍රීයි,මහින්දයි දෙන්නම එකම පිලකට දාලා හුරේ තියලා දිනපු රනිල් මේ පාර රෙදි ගැලවෙන්නම කාලා. ගම්වල මිනිස්සුන්ට මෙයිත්‍රී කියන්නෙ අදාලම චරිතයක් නෙවෙයි. ඒත් ගම්වල යු.එන්.පී කාරයො රනිල් එක්ක පට්ට ඇරියස් එකක හිටියෙ. මොකද රනිල් කියන හිකනලාට මිනිස්සුන්ගෙ හැගීම් තේරෙන්නෙ නෑ. කොටින්ම ඌ පිස්සෙක්... ජෝක් එකක් කරන් ඉන්න අමු පිස්සෙක්. මේ පරාජයට තනිකරම වග කියන්නො ඔනෙ රනිල් කියන පක්ශ නායකකමවත් දාලා නොයන ඒකාධිපතියා.

    ReplyDelete
  19. පුක හොදනකොට පුක ඇතුලට ඇඟිල්ල දාන්න එපා

    ReplyDelete
  20. අවු 2 ක් කලින් චන්දෙ තිබීමත්, අවු 2ක් පහුවෙලා තිබීමත් දෙකම අන්තරාදායකයි වගේ නේ?

    ReplyDelete
    Replies
    1. අම්මපා ඒක නම් සහතික ඇත්ත... වෙනස්ම දැක්මක්... ඒ කියන්නේ දෙක අපලයි

      Delete
  21. මෙහමත් එකක් තියෙනවා. සමස්ත ප්‍රතිඵලය අරන බැලුවහම තාම ලංකාවෙ මහින්ද පිළට විරුද්ධ ඡන්ද ප්‍රමාණය 55%ක් වගේ. 2020 සටන තාමත් විවෘතයි.

    ReplyDelete
  22. ඇමති කුට්ටමේ ඉන්න ජෝකර්ලා දෙන්නා මාරු කරලා, ඕන් වෙනසක් කලාය කියලා ඔන්න ඔහේ 2020 වෙනකන් රනිල්ව තියාගමු හිටං..!
    එහෙම නොකොලොත් ඉතිං හරාකිරි තමා කුට්ටමටම...!

    ReplyDelete
  23. පෞද්ගලිකව මේ මැතිවරණ ප්‍රතිපල ගැන දුකක් හෝ සතුටක් නෑ. පැහැදිලිව පෙනෙන යථාර්තය නම්, මාතලන් කියල තියෙන විදියටම, කොකා පෙන්නන උන්ට කොක්කු රෑනක්ම පෙන්නන්න අපේ මිනිස්සු දන්නවා.

    අනික් වැදගත්ම කරුණ තමා 2015, 2018 ඡන්ද වල මැ.කෝ ගෙ හැසිරීම. රජයේ නිලධාරියෙක් කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්නේ කොහොමද කියන එකට එතුමා හොඳ උදාහරණයක්. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීමටත්, වැඩි පිරිසක් මෙවර ඡන්දය පාවිච්චි කිරීමටත් මැ.කෝ ප්‍රධාන සාධකයක් වුණා කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මක්කා කොලත් සිරිසේනගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවදයක් තියෙනවා... ඒ නිසා පුක නැති වෙන්න ඉල්ලගෙන කනවා

      Delete
  24. මෙන්න මගේ අදහස http://lankasithuwili.blogspot.com/2018/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔය බයිලා නෙමෙයි බං.... මිනිස්සු උන්ට රිදුනම ඕන එකෙකුට පුක නැතිවෙන්න ගහනවා..

      මහින්දටත් දුන්නේ ජනෙල් ගැට්ටේ එල්ලෙන්නම...

      ඒකයි මම කියන්නේ ජනතාව බුද්ධිමත් කියලා...

      Delete
  25. මාතලන් කියනවා වගේ මේක ජනමත විචාරනයක් !

    මමත් එකට එකඟයි හැබැයි ප්‍රථිපලේ හරියට කියවා ගන්න ඕනේ. දැනටනම් එහෙම වගක් පෙනෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් එක එක වේසිගේ පුතාලා ප්‍රතිඵල විස්ලෙසොන කරන මාර අර්ථකතන දිහා බලාගෙන පට්ට ආතල් එකක් ගන්නවා... බැලුවාම එකෙක්කත් පැරදිලා නෑ බං

      Delete
  26. "ඉෂිනි වික්‍රමසිංහ ගෙදර යවා සිරි ලංකා එකේ කම්බා හොරුන් සියල්ල බේරා ගත්තේය. තමන් පත් කළ ජනතාවට පුක පෙන්නුවේය". "ඉෂිනි වික්‍රමසිංහ" නෙමෙයි නේද

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..
      වරද නිවැරදි කරනා ලදි

      Delete


  27. Copied from FB //

    නායක තුමනි ඔබට යන්ඩ අවසරයි.

    පක්ෂයට, පාක්ෂිකයන්ට, රටට වඩා ගජ මිතුරු කල්ලිය ලන්කරගෙන ඔබ රටට පක්ෂයට පාක්ෂිකයාට කල සේවයේ ප්‍රතිපල දැන් ලැබී ඇත. පරාජය අපට නුපුරුදු දෙයක් නොවන තරමටම එය අපට පමීපකර දුන් නායකතුමා ඔබය. නලුවෙක් නොව මොලයක් කියා අප ඔබ පිම්බුවත් ඔබගේ මොලයේ ප්‍රතිපල අප අද සුවසේ විදිමු. ආසියාවේ පරිනතම දේශපාලකයා කියා කියු ඔබ ඔබේ පරිනත බව ලොකයටම පෙන්වා ඇත. නරියෙකුට වඩා කපටි කාරටිකයෙකු යැයි කිවුවේ අප නොව විපක්ෂය විසිනි. ඔවුන් අද ඔබට සිනා සෙන්නේ කටින් නොව (පුකෙනි). ඔබගේ දේශපාලන කෘතහස්ථ බාවය, ආර්ථික කලමනා කොරනය සහ විශේෂයොන්ම මුල්‍ය කලමනා කොරනය තුලින් පසුගිය වසර 3 තුල රටට අත්කර දුන් ජයග්‍රහන වලට අද ඡනතාව කෘතගුන සලකා ඇත. දුෂනයෙන් තොර රහසින්වත් රාඡ්‍ය දේපල සොරා නොකන ඔබ ඉතිහාසයේ සිදුවු විශාලතම මුල්‍ය වංචාවේ වගඋත්තරකරුවෙකු වීම දෛවයේ සරදමකි. අමු UNP කාරයන් වු අප මහාබැංකු හොරකමේදි පිලිගත්තේ ඔබ පත්කල කමිටු වාර්ථාව සහ සුජීව සේනසිංහ ලියපු පොතේ දැ පමනි. නමුත් ඡනතාව අනෙත් වාර්ථාද කියවා තිබුනි. මෙවර පලාත් පාලන මැතිවරනය ජයග්‍රහනය කිරීමට ඔබට තිබු එකම තුරුම්පුව වුයේ මහින්ද සහ මෛත්‍රි බේද කර නිදහස් පක්ෂයේ ඡන්ධ කඩා එහි වාසිය ගැනීම පමනි. ඒ වෙනුවෙන් ඔබ unpට හිමි බොහෝ දැ සිරාට පරිත්‍යග කලහ. ගමේ වසර 20 දුක් විදි unp කාරයා අසරන කර ඡන්දෙන්පැරදුන නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු ඇමතිවරු කර ගම් unp සංවිධායක බලු කලේය. නමුත් අප ඉවසුවේ පක්ෂයේ යහපත වෙනුවෙනි. දැන් ප්‍රතිපල ලැබී ඇත ඔබ වැනි අවංක පරිනත දේශපාලකයෙක් ලංකාවට ගැලපෙන්නේ නෑ ඇමරිකාවේ සිටිය යුතුයි කිවත් ඇමරිකාවේ පක්ෂ නායකයෙකු ෂක්ෂය එක පරාජයකින් පසු නායක කම වෙනත් අයෙකුට දෙයි. ඒ නිසා ඇමරිකාව ඔබට හරි යන්නේ නැත. ඒංගලන්තයේ දුම්රියක් පීලි පැන්නත් ඇමති ඉල්ලා අස්වෙන නිසා ඒංගලන්තයද ඔබට සුදුසු නැත. යුරෝපයේ බොහෝ නායකයන් ප්‍රකොටිපතියන් (තමාඋපයාගත් මුදලින්) නිසා එයද ඔබට නොගැලපේ. අප්ප්‍රිකාවේ බොහෝ නායකයන් හමුධා ප්‍රධානින් උවත් කෙලින් සිට ගැනීමට නොහැකි ඔබ අප්ප්‍රිකාවට නොගැලපේ. සරම බැනියම නොඅදින, දරුවන් නොමැති, දොහොත්මුදුන්දී බුදුන් නොවදින උඩු රැවුල නොමැති, දරැවන්ට උම්මා නොදෙන, ගැහැනුන්ට අකමැති, ඔබ ලංකාවේ ඡනාධිපතිවීම ඇමරිකාවේ ඡනාධිපතිවීමට වඩා අමාරු බව ඔබගේ කෘතහස්ථ මොලයට වැටහේවායි පතමි.
    unpයට අප්පච්චිලා නැත. ඒ නිසා දෙවන පෙල නායකත්වය සමග අපේ ගමන නව ආරකින් පටන්ගත යුතුය.මහින්ද යුගයට බලපෑම් කල හැක්කේ ඡනතාවගේ පාක්ෂිකයාගේ හද ගැහෙන රාවය අදුනන ප්‍රේමදාස යුගයක් බිහි කිරීමෙන් පමනි. ඒ සදහා නියම සුදුස්සා පක්ෂය තුල සිටි. කුලල්කාගැනීම් නවතා සඡිත් සමග නව ගමනක් අරබමු!!!!

    මීට හිතවත්
    Kapila Mallikarachchige //

    ReplyDelete
    Replies
    1. එහෙම්මම කරයි බලාන හිටහන්

      Delete
  28. මාතා,

    ඉෂිනි වික්‍රමසිංහ නෙමෙයි බන් දිල්රුක්ෂි ඩයස්

    ReplyDelete
    Replies
    1. තැන්කූ මචෝ..
      වරද නිවැරදි කරනා ලදි

      Delete
  29. Gota must have given mathalan a huge sum of poor peoples money, so he started go shopping for him.. what a shame ..

    ReplyDelete
    Replies
    1. Machan, Please do not inform the Inland Revenue Dept and the FCID

      Delete
    2. its hard to accept the bitter truth.. !!!
      very soon mathalan will leave his job and will serve gota full time .. Suba anagathyak ...!!!

      Delete
  30. එකම පක්ෂයක් බදා ගෙන මොන අලුගුත්තේරු වැඩ කොලත් උන්ටම ඡන්දෙ දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් වේගෙන එන බව මේ ප්‍රතිඵලයෙනුත් පෙන්නා තිබෙනවා. විකල්පය ලෙස ජවිපෙට ස්ථාවර වෙන්න තව කලක් යයි. නමුත් බැරි නෑ. දැං බුරුස් හිතන්නෙ උන්දෑ කොරපු ක්‍රමේ අනුමත කරලා මිනිස්සු ඡන්දෙ දුන්නා කියලා. එහෙම දුන්නු බයියොත් ඉන්නවා. නමුත් ප්‍රතිඵලේ වෙනස් වුනේ ආණ්ඩු විරෝධී ඡන්ද වලින්. හොඳ හොඳ සෙල්ලං තව ඉස්සරහට....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... පොතිපල දැකලා පඹයෝ දෙන්නා පරල වෙලා ඉන්නේ..

      පරල උනාම පඹයා උනත් හරි භයානකයි....

      Delete
    2. හිරිහේන ලොක්කට පරල වෙංට හේතුවක් මට පේන්නේ නෑ මාතෙ...උංදැ ලස්ස පාලහකට ආසන්න ඡංද අරං තියෙනවා. 2015 ඕකෙං 1/10 ක් උංදැට හිටියෙ නෑ මයෙ හිතේ....උංදැගෙ පොලිටිකල් කැරියර් එක නං හමාර බව හැබෑව...මගේ තක්සේරුව නං මේ ඡංදෙං දිනාපු එකෙක් නෑ, දුන්නු උනුත් ඇතුලුව....

      Delete
  31. “මෙතැන් පටන් මහින්ද පාර්ශවයෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂකයා වෙනුවෙන් කඩේ යමි...”

    පිස්සු කෙලින්න එපා මචං.

    මේ නූතන සේනක බිබිලේ, අජිත් ධර්ම, Dimithri වගේ ප්‍රගල්භ දේශපාලන දාර්ශනිකයො කියන විදියට මේ පාරත් මහින්ද පරාදයි. ය(ජ)හපාලනේ 2015 දී ටත් වඩා චන්ද ප්‍රතිශතයක් අරගෙන මේ පාරත් ඉහලින්ම අනුමතයි.

    ය(ජ)හපාලන ආණ්ඩුව තමන්ගෙ ජනප්‍රියත්වය රැකගෙන තියනවා විතරක් නෙමෙයි ටිකක් වැඩි කරගෙනත් තියනවා.

    ඒ හින්ද බලපන් ඊළඟ පළාත් සභා චන්දෙදි තොන්ඩමන්, හකීම්, රිෂාර්ඩ්, අතාවුල්ලා ඔක්කොම ඉන්නෙ රනිල් හරි සිරිසේන එක්ක.

    බලපන් මෙහෙම ගිහින් ආණ්ඩුව 2020 වෙනකොට 65% ක විතර ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. රනිල් ආවොත් 2020 ජනාධිපතිවරණයට අත උඩින් දිනන්නෙ ගෙදර ඉඳන්.

    ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම “රනිල් උතුරු පළාතේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත්ත ජාතික තලයේ එකම නායකයා” කියන එක මේ පාරත් තහවුරු වුනා. දැක්ක නේද TNA එකට දුන්න fight එක එහෙදි.

    අම්මට සිරි. අමතක වුනා. අර “පොහොට්ටුවෙ” නාම යෝජනා ප්‍රතික්ෂේප වුනු මහරගම, තිරප්පනේ වගේ මට මතක හැටියට ඔක්කොම පළාත් පාලන ආයතන 19 ක විතර “පොහොට්ටුව” සහය දීපු ස්වාදීන කණ්ඩායම් වල චන්ද ඔය “ප්‍රතිශත සෙල්ලමට” අදාළ නෑ මචං. ඒවගේම “පොහොට්ටුව” තරඟ නොකළ පළාත් පාලන ආයතනවල “පොහොටුවට” එකම චන්දයක්වත් නෑ කියල හිතන්නත් ඕන මචං.

    Research Methodology පරතෙරට දන්න “තාරකා විද්‍යාඥයෙක්” (දවල්?) එක්ක තර්ක කරන්න අපි කවුද බං?

    ReplyDelete
    Replies
    1. //ඒ හින්ද බලපන් ඊළඟ පළාත් සභා චන්දෙදි තොන්ඩමන්, හකීම්, රිෂාර්ඩ්, අතාවුල්ලා ඔක්කොම ඉන්නෙ රනිල් හරි සිරිසේන එක්ක.
      බලපන් මෙහෙම ගිහින් ආණ්ඩුව 2020 වෙනකොට 65% ක විතර ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. රනිල් ආවොත් 2020 ජනාධිපතිවරණයට අත උඩින් දිනන්නෙ ගෙදර ඉඳන්.//
      මේ කිසි දෙයක් මම කියල නැහැ. සුළු නිරික්ෂණයක් විතරයි. කැමැති විධිහකට භාර ගන්න පුළුවන්. මේක පළාත් පාලන චන්දයක්. ඉස්සරහට අර තොණ්ඩා හා සි බි රත්නායක ඩිල් වගේ ඒවා වෙයි. ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ පළාත් පාලන ආයතන වලින් කුජිත ලෙස පැරදිලා. හොඳ කනේ පහරක් ගහල තියනවා. ජෝන් අමරතුංග , කිරි ඇල්ල වගේ දුශිතයෝ ඔක්කොටම. අනික මුන් මේ පාඩම ඉගෙන ගන්න ඕනේ කියන මාතලන් ගේ කතාවටත් එකඟයි.
      නමුත් ඇනෝ ඔයාම එකතු කරල බලන්න. හරි ප්‍රතිශත එහනම් අයින් කරමු.
      මෙන්න ආණ්ඩුවේ පැරදිච්ච පක්ෂ වල චන්ද සංඛ්‍යාව:
      එජාපය 3625510 එජනිස - 989821 ශ්‍රීලනිප - 498139 = 5,113,470 - පොහොට්ටුව - 4,968,762

      දැන් බැසිල් ඉන්දියා ගේම් එකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව දිනුම්. එජාපය අතු ගෑවී යනවා. ඒක හරි. නමුත්ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැතිව තියන ජනාධිපති චන්දෙදි 2020 -
      අනුරට දිනන්න බැහැ . එනිසා මහින්ද සහ එජාප/එජනිස අපේක්ෂක දෙගොල්ලටම ජවිපෙ ඕන වෙනවා. එතන චන්ද 695523.
      ඊළඟට - මහින්ද LTTE එකක් 2005 ඩිල් එක ගැහුවේ දෙමල චන්ද ආවනම් රනිල් දිනන නිසා එකනෙ සත්‍යය. ප්‍රභා ගොනා හිතුවේ මහින්දට ගහන එක ලේසියි. රනිල් කපටිය කියල. ප්‍රභා ඇන ගත්ත එක ඇත්ත. මහින්ද යුද්දේ දිනුව නිසා පාවෙන චන්ද එයාට ගියා . අපි ඔක්කොම මහින්දට සපෝර්ට් කලා . සමහර යුඇන්පී ජේවීපී කට්ටිය පවා.
      දැන් 2020 තත්වය ඕකද ?
      ව්‍යවස්ථාව වෙනස් කරල ජනාධිපතිකම අහෝසි කලොත් පොහොට්ටුව දිනයි. ඉන්දියාවට බැසිල් ලව්ව කර ගන්න ඕනේ ඒක. විමල් විරවංශ මහත්මය විතරක් ඒකට විරුද්දයි.

      දැන් දෙමල චන්දත් එකතු වුනොත් මෙන්න ගාන - 5,453,145.
      ජනධිපතිවරනෙට ඉල්ලනවා නම් දැම්ම ජේවීපී එක එක්ක ශේප් එකක් දා ගන්න

      Delete
    2. ඔබගේ බ්ලොගයේ ප්‍රතිචාරය පළ කළාට ස්තුතියි!!!

      තව පැය කිහිපයකින් ඉතා කෙටි කාලයකට රටින් බැහැරවන නිසා දිගු පිළිතුරක් ලිවීමට අපහසුය.

      එනිසා මා විසින් "මාතලන්හි" පෙර කළ විවරණය මෙහි නැවත පලකරමි.

      නමුත් මේ චන්ද ප්‍රතිපලය "රාජපක්ෂවරුන් වනාහී ශ්‍රී ලංකා ද්වීපය පාලනය කිරීම සඳහා දෙවියන් විසින් තෝරාගනු ලැබූ කොටසක්ය" යන අර්ථයෙන් ඔවුන් විසින් තේරුම් නොගත යුතුය.

      එසේ වුවහොත් අසංග සඳහන් කරන "ඓතිහාසික පාඩම" නැවත වරක් ඔවුන් විසින් ජනතාව වෙතින් නිසැකවම ඉගෙනගනු ඇත.

      "නැපෝලියන්වරු" සම්බන්ධයෙන් මාක්ස් මෙසේ පවසයි.

      "History repeats itself, the first as tragedy, then as farce".

      මෙය "රාජපක්ෂවරුන්" මෙන්ම අපද අවබෝධ කරගත යුතුය.

      අජිත්, අවශ්‍ය විටෙක මතවාදීව ඔබට තදින් පහර දෙමි. නමුත් කිසි විටෙක ඔබගේ ජාතිය, කුලය, ආගම, ලිංගික රුචිය, භෞතික පෙනුම, ආගම, බිරිඳ, දරුවන් ආදී ශීලාචාර මනුෂ්‍යයකු විසින් තම ප්‍රතිවාදියකුට පහර නොදිය ක්ෂේත්‍රයන් සම්බන්ධව දැඩි විනයක් රකිමි.

      "තාරකා විද්‍යාඥ" කතාව පවා මා ඈඳා ගත්තේ ඔබට අපහාසයට නොව එවන් ගණිතමය ශික්ෂණයක් ලැබුවකු විසින් ගණිතමය සංකල්පයන් මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීමේදී පවත්වාගතයුතු අවම ගණිතමය විනය ඔබට රළු ආකාරයෙන් සිහිපත් කිරීමටය.

      Have no hard feelings!

      Delete
    3. නමුත් මේ චන්ද ප්‍රතිපලය "රාජපක්ෂවරුන් වනාහී ශ්‍රී ලංකා ද්වීපය පාලනය කිරීම සඳහා දෙවියන් විසින් තෝරාගනු ලැබූ කොටසක්ය" යන අර්ථයෙන් ඔවුන් විසින් තේරුම් නොගත යුතුය.
      එසේ වුවහොත් අසංග සඳහන් කරන "ඓතිහාසික පාඩම" නැවත වරක් ඔවුන් විසින් ජනතාව වෙතින් නිසැකවම ඉගෙනගනු ඇත.
      - ඒක ඇත්ත. මේ දිනුම අගය කරමු. නමුත් සංඛ්‍යාමය වශයෙන් පොඩි අවුලක් තියනවා.
      //"තාරකා විද්‍යාඥ" කතාව පවා මා ඈඳා ගත්තේ ඔබට අපහාසයට නොව එවන් ගණිතමය ශික්ෂණයක් ලැබුවකු විසින් ගණිතමය සංකල්පයන් මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීමේදී පවත්වාගතයුතු අවම ගණිතමය විනය ඔබට රළු ආකාරයෙන් සිහිපත් කිරීමටය.//
      ඇනෝ මම තාරකා විද්‍යාඥයෙක් නෙමෙයි. මට ඩිග්රියක් තියනව තමයි astrophysics වලට. ටෙලස්කෝප් එකක් තියනවා, මේවා ඇවිල්ල hobbies. සුද්දෝ කියන්නේ Amateur astronomer කියලනේ. රස්සාව පරිගණක පැත්තෙනේ. Business Intelligence . මම දන්නවා ඔය ගණිතමය වපැත්තෙන් බැලුවට මහා පොළොවේ යථාර්තය වෙනස්. ඒවා සැලකිල්ලට ගන්න ඕනේ කියල. පොහොට්ටුව ලැබූ ජය අවතක්සේරුවක් නෙමයි කරන්නේ.
      දැන් ඔය උඩ ඇනෝ February 11, 2018 at 10:30 PM කියා තියෙන එක //
      මෙහෙම බලන්නකෝ ජන්දිපතිවරණයකදී පොදුජන පෙරමුණ (මරාගේ පොහොට්ටු හොර රැල ) , නිදහස් පක්ෂය (අත්) හා නිදහස් සන්දාන (බුලත් හපයෝ) එකට ආවොත් එතකොට;
      SLPP - 44.65%
      SLFP - 4.44%
      නිදහස් සන්දානය - 8.94% එකතුව = 58.03%//
      දැන් ලංකාවේ ඇත්තට මොකද වෙන්නේ? ආණ්ඩුව මයිත්‍රී රනිල් අරන් ගියොත් දිගටම ඔය ශ්‍රීලනිප පොරවල් හිමිට සෙට් වෙයි. "ජනතාවනි අපිට ජිවත් වෙන්න අමාරුයි 4x 4 වලට පෙට්රෝල් ඩිසල් ගහ ගන්න ඕනේ" - එහෙම අපතයෝනේ ඉන්නේ. ඉතින් වෙන්න සම්භාවිතාව වැඩි මුන් ආපහු ආණ්ඩුවේ ඉන්න එක.
      මහින්දට මහත්මයට තියෙන ඔප්ෂන් එක පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා රනිල් ආණ්ඩුව පරදන එක. හැබැයි ඒක තියෙන්නෙත් මෛත්‍රී අතේ.
      මේක හෙන අච්චාරුවක්. මහින්ද කෘතහස්ත වගේම කට්ට නායකයෙක්. බැසිල් හොඳ ගේම් කාරයෙක්. බැසිල් ට එරෙහිව ඉන්න පුළුවන් දෙන්න (ගේම් කාරයෝ) මංගල සහ රනිල්. සජිත් නෙමෙයි.
      මම මහින්ද නම් නාමල්ව තමයි ඉස්සරහට දාන්නේ . දැන් මෙහෙමම යන්න දීල . නාමල් අගමැති කරලා ගෝඨා, බැසිල්, මහින්ද පිටි පස්සේ ඉඳන් හසුරුවන එක.
      ගෝඨා දැම්මොත් - සිංහල බෞද්ධ චන්ද යන ලිමිට් එකක් , ගන්න පුළුවන් ලිමිට් එකක් තියනවා. මම පෙන්නුවේ ඒක. ඒ ලිමිට් එක කඩන්න බැසිල්ට පුළුවන්. හැබැයි ඒකට ඉන්දියාවේ ගේම් එකට සෙට් වෙන්න වෙනවා. ඕකයි මම කියන්නේ . ලිපියක් දාන්නම් මේක පැහැදිලි කරලා
      I have no hard feelings

      Delete
    4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කරන කිසිවෙකුට තම තමන්ගේ අභිමතය අනුව වැඩ කරන්නට නොදෙන බවත් තම පක්ෂය ජයග්‍රහණය කරනු ලබන ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයේ බුද්ධිමතුන්ගෙන් සමන්විත ජනසභා පිහිටුවා ඒ මගින් සංවර්ධන කටයුතු කිරීම සඳහා පියවර ගන්නා බවත්
      චමල් රාජපක්ෂ මහතා පැවසීය.

      "දූෂණය නැති කිරීම සඳහා තම පක්ෂය සදාචාරාත්මක වැඩ පිළිවෙලක් හදනවා. අපි බලයේ සිටි අවධියේ අපෙන් වූ වැරදි හා අඩුපාඩුකම් පිළිබඳව අපිට නිසි අවබෝධයක් තිබෙනවා. එම අවබෝධයත් සමඟ අපි අළුත් ගමනක් යනවා." චමල් රාජපක්ෂ මහතා තව දුරටත් පැවසීය.

      Delete
    5. ///මා නම් එක එක වේසිගේ පුතාලා ප්‍රතිඵල විස්ලෙසොන කරන මාර අර්ථකතන දිහා බලාගෙන පට්ට ආතල් එකක් ගන්නවා... බැලුවාම එකෙක්කත් පැරදිලා නෑ බං///

      X 2

      මාතලන් අපි 2015 ජනවාරි 8 අරමුණු වෙනුවෙන් විශ්වාසය තැබුවේ මෛත්‍රීපාල මත නොව එජාප UMP මතය. අප එජාප UNP සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාතවූ ව්‍යාපාරයක් ලෙසය. රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් සාපේක්ෂව ඉදිරිගාමී ලෙස සමාජ සංවර්ධනයට දායක වීමේ වැඩි හැකියාවක් මෙම මොහොතේ තිබෙන්නේ එජාපටය. අපි ඒවාට පටහැණි UNP දූෂණ, අක්‍රමිකතා ආදිය විවේචනය කිරීමෙන් වළකින්නට එය හේතුවේ. රනිල් හා ඔහුගේ ගෝලබාලයන් UNP අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්න හුඟක් එවුන් මේ ලක්ෂයෙන්ද ගානක් ගහගත්හ. UNP අපේක්ෂකයන්ට ලක්ෂය බැගින් දීපු එක හොඳයි. UNP උන් වත් ටික කාලෙකට හරි අතමිට සරුකර ගනීවි. රනිල් හා ඔහුගේ ගෝලබාලයන් UNP රු. කෝටි 15ක් දී දැන්වීම් හදා ගත්තේ ය. දිලිත් ජයවීර සල්ලි ටික අරගෙන Ad ගහලා දීලා අමුණුගම තාත්තයි දුවයි දෙන්නත් එක්ක එකතුවෙලා තුන්දෙනාම මහින්දට චන්දෙ දාන්න ඇති.

      Delete
    6. ඇනෝ මෙන්න ලිව්වා.AnonymousFebruary 12, 2018 at 5:47 AM
      ගෝඨා දැම්මොත් - සිංහල බෞද්ධ චන්ද යන ලිමිට් එකක් , ගන්න පුළුවන් ලිමිට් එකක් තියනවා. මම පෙන්නුවේ ඒක. ඒ ලිමිට් එක කඩන්න බැසිල්ට පුළුවන්. හැබැයි ඒකට ඉන්දියාවේ ගේම් එකට සෙට් වෙන්න වෙනවා. ඕකයි මම කියන්නේ . ලිපියක් දාන්නම් මේක පැහැදිලි කරලා
      https://kolambagamaya.blogspot.co.uk/2018/02/blog-post_12.html

      Delete
  32. මෙය මාතලන් හෝ ප්‍රියන්ත හේවගේ සහ මා අතර පුද්ගලික සංවාදයකි. එනිසා අප දෙදෙනා වෙතින් පරිගණක යතුරු පුවරුව හරහා "ගුද රමණ තෘප්තිය" ලැබීමේ උත්සාහයෙන් කරුණාකර වලකින්න.

    අවශ්‍යනම් මාතලන් කෙසේ වෙතත් (ඔහුගේ ලිංගික රුචිය මම නොදනිමි.) "top" සහකරුවකු වෙමින් ඔබට අවශ්‍ය තෘප්තිය නිසැකව මට ලබාදිය හැකිය. ඒ පිලිබඳ මනා පරිචයක් මා සතුය.

    මචං මාතලන්, රනිල්ගෙ ජන්ම පත්‍රයේ බලපන් "සඳු මකරය" තියෙනවා. එහෙම මිනිහෙක් කවදාවත් සාර්ථක නායකයෙක් වෙන්නෙ නෑ. කවදාවත් ලබපු බලය පවත්වා ගන්න දන්නේ නෑ. බලය ලැබුණු කාලය සම්පූර්ණයෙන් ගෙවන්නෙත් නෑ.

    මේක මට කිව්වේ හිටපු ජනාධිපති ඩී. බී. විජේතුංග. වැඩි විස්තර මට කිව්වේ නා_ _ _ _ _ පී . ඩී. _ _ _.

    ReplyDelete
  33. මාතලන්/ Ano

    ජන්ම පත්‍රයේ රාජයෝග යනු රජවීමම පමණක් නොවේ. හොඳ ආර්ථික තත්ත්වයක් තිබේද? යාන වාහන, ගේ දොර, ඉඩකඩම් සහිතව සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබේද කියා මේ මගින් දැනගත හැක.

    මාතලන් පහත තත්ත්වයන් ඔබගේ කේන්ද්‍ර සටහනේ තිබේදැයි බලන්න.

    1. ග්‍රහයින් හයදෙනෙක් උච්චව සිටියදී උපන්නේ, බොහෝ දේශයන්ට අධිපති අධිරාජ්‍යයකු හෝ දර්ශනවාදියකු වෙයි.

    2. ග්‍රහයින් පස් දෙනෙක් උච්චව සිටියදී ලග්නයෙහි ගුරු සිටි කල්හිද දේශදේශාන්තර කීර්තිමත් අධිරාජ්‍යයකු වේ. ශාස්ත්‍රඥානයෙන්ද කීර්තියෙන්ද භාග්‍යයෙන්ද යුක්ත වූවෙකි.

    3. කුම්භ ලග්නය වී ශුක්‍ර එහි සිට, ග්‍රහයින් සතර දෙනෙක් උච්ච වූවිට රාජ යෝගයකි. එම ග්‍රහයින් නීච නවාංශකය නොසිටිය යුතුය. කෲර ශෂ්ට්‍යාංශකවල නොසිටිය යුතුය.

    4. වෘෂභ ලග්නය වී චන්ද්‍රයා එහි සිට, චන්ද්‍රයා සමග ග්‍රහයින් සයදෙනෙක් උච්චවූ විට රාජයෝගයකි.

    5. මුල ත්‍රිකෝණ රාශිවල හෝ මිත්‍ර රාශිවල හෝ වක්‍රවූ ග්‍රහයෝ කුමන ස්ථානයක හෝ නීච අංශකයෙන් තොරවේද රජකු හා සමාන කෙනෙකු වේ.

    ReplyDelete
    Replies
    1. 6. මිත්‍ර ග්‍රහයෙකු විසින් දක්නා ලද එකම ග්‍රහයෙක් උච්චව සිටියදී උපන් අය මිත්‍ර මණ්ඩලයන් විසින් පිරිවරා ගන්නා ලද බොහෝ ධන සම්පත්තියෙන් යුත් ප්‍රදේශයක රජකු හා සමාන වේ.

      නීච අස්ත ආදියෙන් යුත් පාපයන් සිටියදී උපන් අය ධන, සැප ආදියෙන් තොර දුක නිසා බන්ධනාගාර ගතවී විපත් සිදුකර ගන්නා අයකු වෙයි.


      7. ශුභ ග්‍රහයකුගේ රාශියක් වර්ගෝත්තම ලග්නයව එහි ශුභයෝද ​වෙශිස්ථානයේ හෙවත් රවිගෙන් දොළොස් වැන්නේ කාරක ග්‍රහයෙක්ද ශුභ ග්‍රහයෝ කේන්ද්‍රගත ස්ථානයේ සිටියෝද ඒ කල්හි උපන්නෝ රජ වන්නේය.

      8. අධියෝගයෙන් උපන් අය සැප, වස්තුව, කීර්තිය, සතුරන්ගෙන් විනිර්මුක්ත වේ. දීර්ඝායුෂ, නිරෝගීභාවය නිර්භය බව සේනාපතිභාවය, මන්ත්‍රීත්වය හෝ රජ බව ලබන්නේය. අධියෝගය යනු චන්ද්‍රයාගෙන් හය හත අට යන ස්ථානවල බුධ ගුරු හා ශුක්‍ර යන ග්‍රහයින් සිටීමයි.

      9. ලග්නාධි යෝගයෙන් උපන් අයද ධනය, සැප, කීර්තිය ඇති කරයි. ලග්නාධියෝගය යනු ලග්නයෙන් හය, හත, අට යන ස්ථානවල සුබ ග්‍රහයින් තිදෙනෙකු සිටීමයි. ධනය, සැප, කීර්තිය ඇති කරයි.

      10. ලග්නයෙහි චන්ද්‍රයාද සිවුවැන්නේ ගුරුද දස වැන්නේ ශුක්‍රද ශනි උච්ච හෝ ස්වක්‍රීය රාශියෙහිවීද එකල උපන්නේ රජකු සමාන තැනැත්තෙක් වේ.

      11. ශුභයින් කේන්ද්‍රස්ථානවල සහ ත්‍රිකෝණගතවද, පාපයින් 6, 11 සහ 3 වැන්නේද සිටියදී ලග්නාධිපති බලවත්ව සිටියදී උපන්නේ රජකු සමාන වන්නේය.

      12. දස වැන්නාධිපති උච්ච, මිත්‍ර ලෙස 9 වැන්නේ සිටිමින් උපන් අය දේශපාලනඥයින්ට අනුශාසනා කරන්නකු වෙයි.

      13. ගුරු පස්වැන්නේද චන්ද්‍රයා ඔහුගෙන් කේන්ද්‍රගතවද, ලග්නය ස්ථිර රාශියක් වද එහි අධිපති 10 ද සිටියදී උපන් අය රජකු වන්නේය.

      14. ගුරු දොළොස්වැන්නේද, ශනි, රවි හෝ තුන්වැන්නාධිපති එකොළොස් වැන්නේද, ලග්නාධිපති ගුරුගෙන් 12 වැන්නේද සිටියදී උපන්නේ රාජාධිරාජයෙකි.

      15. රාහු කේතු හැර අන් සියලු ග්‍රහයින් පූර්ව රාශි හයේ සිටි කල නව වැන්නාධිපති විසින් චන්ද්‍රයා දකිනු ලබත්ද එකල උපන් අය දේශපාලඥයකු වෙයි.

      16. චන්ද්‍ර කුජ දෙවැන්නේ හෝ තෙවැන්නේ සිටියදී රාහු පස්වැන්නේ වීද එකල උපන් අය රජකු හා සමාන අයෙකි.

      Delete
    2. 17. සියලුම ග්‍රහයෝ දස වැන්නාධිපති සිටි රාශිය මෙන් රාශි හයක සිටියෝද එකල්හි උපන්නා අධිරාජ්‍යයෙකි.

      18. තුන්වැන්නාධිපති ගුරු 12 ද ශනි හෝ රවි 11 ද ලග්නාධිපති 12 ද සිටියදී උපන් අය රාජාධිරාජයෙකි.

      19. නීච ග්‍රහයකු සිටින රාශියේ අධිපති සිටින නවාංශකයේ අධිපතියා ලග්නයෙන් කේන්ද්‍ර හෝ ත්‍රිකෝණගතද ලග්නය චර රැසක් වී එහි අධිපති චර රැසක ද එකල උපන් අය රජකු වෙයි.

      20. නව වැන්නාධිපති විසින් දකින ලද රාහු සහ ශනි 10 වැන්නේ සිටියදී ලග්නාධිපතියා නීච ග්‍රහයෙකු සමග සම්බන්ධද එකල උපන් අය රජකු වැනි අයෙකි.

      21. යමෙකු උපදින කල රවි සිංහයේද, චන්ද්‍ර කටකයේද, ශනි මකරයේද, ගුරු මීනයේද, බුධ මිථුනයේද, කිවි තුලාවේද, කුජ මේෂයේද සිටියේද එකල උපන් අය රජ වෙයි.

      22. යමෙකු උපදින කල රවි සිංහයේද චන්ද්‍ර වෘෂභයේද, කුජ මේෂයේද බුධ කන්‍යාවේද, ගුරු ධනුවේද ශුක්‍ර තුලාවේද ශනි කුම්භයේද වී නම් රජෙක් උපදී.

      23. ලග්නයෙහි බලවත් ග්‍රහයෙක් සිටි කල සඳු සමග ගුරු කටකයේත් හිරු ධනුවේත්, බුධ කන්‍යාවේත් සිටියදී උපන් අය රජකු වේ.

      24. ලග්නය කටක වී ගුරු එහි සිට, ශනි, සිකුරු, කුජ යන මොවුන් 7 ත් 4 ත් සිටියහොත් එකල උපන් තැනැත්තාද රජකු වේ.

      25. මේෂ රාශිය ලග්නය වී එහි රවි සහ ගුරුද, නවයේ බුධ, චන්ද්‍ර සහ ශුක්‍ර යන තිදෙනාද දහයේ කුජද සිටියදී උපන් අය රජකු වේ.

      26. රාහු කේතු හැර අනෙකුත් ග්‍රහයෝ කේන්ද්‍රගතව මිත්‍ර, උච්ච, ස්වක්ෂේත්‍රව වූවෝද එකල උපන් අය ප්‍රසිද්ධ රජකු වේ.

      27. නවවන දසවන අධිපතීන් බල ඇතිව මාරුවී සිටීම රාජ යෝගයකි. පින් රැස්කරන ධනවත් ප්‍රඥා සම්පන්න දේශපාලඥයෙකි.

      28. ලග්නාධිපති බල ඇතිව නව වැන්නේත්, නව වැන්නාධිපති බල ඇතිව දහයේත් දහය අධිපති බල ඇතිව ශුභයකුත් සමග පහේත් පස්වැන්න අධිපති ශුභයකු සමග ධනු රාශියේත් හෝ 10 වැන්නේත් සිටී නම් හේ කීර්ති ධන ගුණ සම්පන්න රජකු වෙයි.

      29. කටක රාශියේ හෝ 10, 4, 7 යන එක තැනක බලවත් ගුරු සිටියේද, හිරු මේෂයේත් බල ඇතිව සිටිත්නම් නීතිය දන්නා දක්ෂ නිර්භීත දේශපාලඥනයෙකු වෙයි.

      30. කුම්භය ලග්නය වී එහි ශනිද සත්වැන්නේ ගුරුද අටේ බුධද දහයේ කුජද සිටියදී උපන් අය රජෙකි.

      31. තුලාව ලග්නය වී එහි ශුක්‍ර ශනි දෙදනාද දොළොස් වැන්නේ රවි බුධ දෙදෙනාද සත්වැන්නේ කුජද දහයේ ගුරුද සිටි කල උපන් අය රජ වේ.

      32. වෘෂභ ලග්නය වී එහි චන්ද්‍රයාද පස්වැන්නේ රවි සහ බුධද සත්වැන්නේ සිකුරුද, දොළොස්වැන්නේ කුජද තුනේ ගුරුද සිටි කල උපන් අය රජ වේ.

      33. තුලා ලග්නය වී එහි ශනිද තුනේ රවි චන්ද්‍ර දෙදෙනාද පස්වැන්නේ කුජද සිටියදී උපන් අය දක්ෂ දේශපාලඥයකු වේ.

      34. ලග්නය මේෂය වූ කල එහි රවිද, නවයේ ගුරුද හතේ ශනි චන්ද්‍ර දෙදෙනාද යෙදී උපන් අය දේශපාලඥයෙකි.

      35. ලග්නය මකරය වී ශනි එහිද තුනේ සඳුද සයේ කුජද නවයේ බුධද දොළොස්වැන්නේ ගුරුද සිටිකල උපන්නා අනුශාසනා කරන්නකු වේ.

      36. වෘෂභ ලග්නය වී එහි චන්ද්‍රයාද ශනි හයේද ගුරු සත්වැන්නේද රවි හතරේද සිටියදී උපන් අය දේශපාලඥයෙකි.

      37. මීන ලග්නය වී ශුක්‍ර එහිද, ගුරු සහ සඳු දස වැන්නේද කුජ එකොළොස්වැන්නේද සිටි කල උපන් අය දක්ෂ දේශපාලඥයෙකි.

      38. කන්‍යා ලග්නය වී බුධ එහිද සඳු ගුරු හතරවැන්නේද කුජ පස්වැන්නේද සිටියදී උපන් අය රජ වේ.

      39. කන්‍යා ලග්නය වී එහි බුධද, පස් වැන්නේ කුජද, ශනිද සිව්වැන්නේ ගුරු සහ සිකුරුද සිටි කල උපන් අය දේශපාලනඥයෙකි.

      40. මීන ලග්නය වී සඳු එහිද, දොලොස්වැන්නේ ශනිද, එකොළොස්වැන්නේ කුජද හයේ රවිද සිටියදී උපන් අය දේශපාලඥයෙකි.

      41. මේෂ ලග්නය වී කුජ ලග්නයේද ගුරු හතරේද සිටියදී උපන් අය රජවේ.

      42. කන්‍යා ලග්නය වී එහි බුධද සත්වැන්නේ ගුරු හා සඳුද දහයේ ශුක්‍ර ද පස්වැන්නේ කුජ හා ශනිද ඇති කල උපන් අය දේශපාලඥයෙකි.

      මෙය මාතලන් ඉහත දක්වා ඇත්තේ රාජයෝග කිහිපයක් පමණි. තවත් එවැනි යෝග ගණනාවක් තිබේ. ඔබගේ කේන්ද්‍ර සටහනේ මෙවැනි යෝග තිබුණද එමගින් ඔබට ජය ලැබී නොමැතිනම් සුළු සුළු දෝෂ ඊට බලපෑවා විය හැක. එම දෝෂ මගහරවා ගැනීමට අදාළ ප්‍රතිකර්ම කරගැනීමෙන් ඔබට ජය, ධනය සහ වාසනාව ළඟාකර ගත හැක.

      Delete
    3. Maathalan uba chandeta kalin dinana pakshe gna 2 wena pakshe gana prathishatha ekka predict post ekak dapan.... nattan chandeta passe dinana paththa dinanawai kiwa kiyanawane..... ubama kiwa UNP eke jaya pahadili kiwane

      Delete
    4. Ow Kiwwa... Mahindath hithagena indalaa thiyenne ehema thamai

      Delete
  34. ජවිපෙ මම හිතුව තරම් ඉදිරියට පැමිණ නැත .

    බැදුම්කරරනිල් ට හොද වැඩේ ය .

    සිරිසේන, බැදුම්කරරනිල් පැරදුන එකට සතුටු වන අතර මිනිහා ගේ "අත" සහ සාර විට ඔතන " බුලත් කොලය " ට කෙලවී තිබෙන බව මිනිහා ට අමතකය .

    මහින්ද මුන් දෙදෙනා දෙස බලා උපරිම ෆන් එකක් ගන්නවාය .

    ReplyDelete
  35. මේ දේශපාලන ප්‍රතිඵලය එක්කෙනෙක්වත් හරියට තේරුම් අරගෙන නැහැ. මහින්දලාගේ මිනීමරු හොර කල්ලිය සමග ලංකාව සුරගන කාපු ගොඩක් අය හිටියා . යහපාලනය හන්දා මුන්ට යන එන මං නැති වුණා( තෝරු මෝරු ටික බේරුණු එක් වෙනම දෙයක්.)
    මුන්ව දේශපාලනයෙන් අතුගාලා දාන තුරු මොනව කළත් වැඩක් වෙන්නේ නැහැ දේශපාලනයෙන් අතුගාලා දාන තුරු මොනව කළත් වැඩක් වෙන්නේ නැහැ

    ReplyDelete
  36. වර්තමානයේදි සමාජ සංවර්ධනයට ඉවහල් වෙන ප්‍රජාතාන්ත්‍රික සමානාත්මතාවාදී පක්ෂයක් විදියට තියෙන්නෙ යූඑන්පිය. ඒකෙ අනෙක මහින්ද. මැද්දෙ කියෙන්නෙ බොරුව. ආයෙ කරන්න ඉතුරු වෙලා තියන්නෙ ජවිපෙ වගේ වැඩ බැරි ටාසන්ලා ටිකක් බලයට ගේන එක විතරයි.

    ReplyDelete
  37. රනිලට බැරිද සිරිසෙනව ගෙදර යවන්න..මහින්ද එක්ක එකතු වෙලා හරි කමක් නැහැ..කැරි වැඩනම් කැරි වැඩ වලින්ම උත්තර දිය යුතුයි.
    ඒ ඩබල මෙ ඩබලට වඩා හොද වෙයි කියලා හිතෙනවා..

    ReplyDelete
  38. "උන් කියන්නේ මහින්ද උන්නා නම් මීට වඩා දස දහස් ගුණයක් හොඳ බවය. ජේ ආර්ගෙන් බිහිවු බිසිනස් කාරයෝ ඔක්කෝම මහින්දට දුන්නේ ඒ නිසාය. රනිල් පට්ට ෆේල් එකක් නිසාය. ගොබ්බ සිරි ලංකා කාරයෝ සෙට් එක එලවා, එජාපයේ තනි ආන්ඩුවක් හදපල්ලා කියා එජාපයේ ඉන්නා හිතවත් බීරී අලින්ට අප කියන්නේ එදා සිටය."
    මහින්ද සිරි ලන්කාකාරයෙකි. ඔහු සමග සිටිනාවිට සිරිලන්කාකරයන් ගොබ්බ ලෙස පෙනුනෙ නැත. එතකොට උන් යූඑන්පි ආන්ඩුවට ආපසු ගොබ්බ උනේ කෙසේද? පට්ට ෆෙල් රනිල්, යූඑන්පි උන්විතරක් ඉන්නා ආන්ඩුවක ෆේල් නොවී සිටිය හැක්කෙ කෙසේද? මෙතන අවුල සිරිලන්කාකාරයො නොව, උන් ආන්ඩුවට සැබෑලෙස හවුල්කරගෙන ශක්තිමත් රජයක් ගෙනයාමට රනිල්ට නායකත්වයක් දීමට නොහැකිවීම නේද? පන්ගු පේරු වැඩ හා මයිත්‍රිට අනවශ්ය ලෙස පහර දෙන්න යෑමෙන් ඉල්ලා කෑමක් කරගත්තා නේද?

    ReplyDelete
  39. ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?
    (අද කාලෙ කොල්ලන්ගෙ ගණන් පාඩම්)

    පස්වන වසරේ ඉගෙනුම ලබන තම පුත්‍රයා මධ්‍ය වාර්ෂික පරීක්ෂණයෙන් ගණිතය විෂය සඳහා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ඇතිබව දැකීමෙන් වික්‍රමසූරිය මහතා අතිශයින් කෝපයට පත්විය. වහා තම පුතා කැඳවූ...

    වික්‍රමසූරිය මහතා -

    උඹට කිව්ව් නේද අර සිරිවර්ධනලගේ කොලුව එක්ක දඟල දඟල ඉන්නකොට ඔය ටික වෙයි කියල. බලපන් අර රාජසූරියගේ පුතා ගණන් වලට 100 න් 80 ක් අරන්ලු. බලපන් උඹට කීයද ?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 45 යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, කියන අපූරුව. එතකොට සිරිවර්ධනලගෙ කොලුවට කීයද?

    පොඩි වික්‍රමසූරිය -

    100 න් 40යි.

    වික්‍රමසූරිය මහතා -

    හඃ, බලපන් උඹල දෙන්න කරගෙන තියන විනාසෙ?

    පොඩි වික්‍රමසූරිය -

    මොන විනාසයක්ද ?

    වික්‍රමසූරිය මහතා -

    ඇයි මිනිහො දඟල දඟල ඉඳල ගණන් වලට උඹල දෙන්නම අඩු ලකුණු ගන්න එක
    විනාසයක් නෙමෙයිද? බලපන් හොඳට වැඩ කරපු පොඩි රාජසූරියට 80 යි.

    පොඩි වික්‍රමසූරිය -

    හඃ හඃ හඃ. තාත්ත මේ පිස්සු කතාකරනව. මට 45යි . පොඩි සිරිවර්ධනට 40. අපි දෙන්නටම 85යි.

    ඉතින් වැඩ කරපු පොඩි රාජසූරියට වඩා දඟල දඟල හිටිය අපේ ලකුණු වැඩි නැද්ද ?

    ඉතිං මොන විනාසයක්ද, දැන් මොකක්ද ප්‍රශ්නෙ?

    මෙයට වික්‍රමසූරිය මහතාගේ ප්‍රතිචාරය කුමක් වන්නට ඇද්ද?

    ReplyDelete
  40. ඔලිම්පික් පදක්කම් ගැන වඩාත් ගැඹුරු ගණිතමය විශ්ලේෂණයක්

    මීළඟ ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය ලබන රුසියාව රන් පදක්කම හිමිකර ගන්නා අතර දෙවන ස්ථානය ලබන ඇමෙරිකාව රිදී පදක්කමද තුන්වන ස්ථානය ලබන එංගලන්තය ලෝකඩ පදක්කමද හිමිකරගන්නේ යයි අපි උපකල්පනය කරමු.

    නිරීක්ෂණ -

    01.ඇමෙරිකාව සහ එංගලන්තය යන රටවල් දෙකම නේටෝ සංවිධානයට අයත් රටවල්ය. එනිසා රුසියාව එක පදක්කමක් ලබද්දී නේටෝ සංවිධානය පදක්කම් දෙකක් ලබයි. එකට වඩා දෙක යනු විශාල සංඛ්‍යාවකි.

    02. රුසියාව ලද පදක්කමේ බරට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් වල බර එකට එකතුකළ විට ලැබෙන අගය වැඩිය.

    03. රුසියාව ලද පදක්කමේ විශ්කම්භයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි විෂ්කම්භයන්ගේ එකතුව විශාලය.

    04. රුසියාව ලද පදක්කමේ පරිධියට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි පරිධීන්ගේ ගේ එකතුව විශාලය.

    05. රුසියාව ලද පදක්කමේ වර්ගපලයට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම්හි වර්ගපලයන්ගේ එකතුව විශාලය.

    06. රුසියාව ලද පදක්කමේ ඝනකමට වඩා ඇමෙරිකාව සහ එංගලන්තය ලද පදක්කම් එකමත එක තැබූ විට ලැබෙන්නේ වැඩි ඝනකමකි.

    නිගමනය -

    ඔලිම්පික් උළෙලේ මීටර් 100 දිවීමේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ රුසියාව නොව නේටෝ සංවිධානයයි.

    ReplyDelete
  41. රාජ මාළිඟේ පරවියා වගේ
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
    ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ
    ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ //.......
    මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බොයි
    උන් නොදැක නොබල එක මොහොතක් ඉන්න බෑ අපොයි
    මේ සුරතල් සත්තු මාගේ - මට රන්මුතු මැණික් වාගේ
    උන්ගෙ බරට රන් දුන්නත් - මම විකුණන් නෑ //

    රාජ මාළිඟේ පරවියා වගේ....

    මම යන්න තමයි හිතන් ඉන්නේ ලෝකයේ වටේ
    මම ගියොත් යන්නේ කවදා හරි බූරුවෙකු පිටේ
    ඉතිහාසෙට නම තියාලා ලංකාවට කොඩි දමාලා
    එහෙම මිසක් කවදාවත් මම මැරෙන්නෙ නෑ

    රාජ මාළිඟේ පරවියා වගේ.....


    මොකා ආවත් ගියත් මන් ඉන්නේ මේ වගේ මුන් ඔක්කොම මම ආදරේට ඇති කරන්නේ ඉබ්බොයි ගෙම්බෝයි වගේ මුන් කියලා කියලා වෙනසක් නැ අපි කවුරුත් ගියොත් යන්නේ හැමදාමත් හරි බූරුවෙකු පිටේ එහෙම ගියොත් මිසක් කවදාවත් අපි දිනන්නේ නැහැ

    එනිසා මෙහෙම ඉඳපන් මාතලන් රාජ මාළිඟේ පරවියා වගේ ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නැ ඇඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නෙ නෑ


    ReplyDelete
  42. මේවා මේ සිත නිවන කතා . ඔය උඩ ලියල තියෙන දෙකම දාන්න ඕනේ මේ ලිපියට නෙමේ. අර චන්ද ප්‍රතිඵල ගැන ලියල තියෙන එකට. මේක පටන් ගත්තේ අපේ රන්දිකා නංගි නේ. දැන් හැමෝම කොපි කරගෙන යනවා දැක්කා. ගොබ්බ කතාවක් . දැන් මගේ තර්කය 2020 ජනාධිපතිවරණය ගැන. මහින්ද ගේ චන්ද සංඛ්‍යාව 44%. . පළාත් සභා චන්දෙන් මහින්ද පාර්ශ්වය දිනපු එක ගැන තර්කයක් නැහැ. ඒ ගොල්ලෝ දිනුම්. නමුත් ජනාධිපති චන්දෙදි එන්නේ මුළු චන්ද සංඛ්‍යාව . ඇමෙරිකාවේ හිලරි පැරදුන වගේ එලෙක්ටෝරල් කොලේජ් සීන් එකක් ලංකාවේ නැහැ.
    එතකොට එජනිස, එජාප, ශ්‍රීලනිප චන්ද 46.1%. ඒකට බැසිල් ඉන්දියාවේ TSS එක්ක ගහපු ගිවිසුම වැඩ කලේ නැත්නම් දෙමල චන්දත් එකතු කලහම 49%. ජනාධිපතිවරනේදී පොහොට්ටුව දිනීමේ සම්භාවිතාව අඩුයි. පුලුවන්නම් ඒ ගණන් ටික එකතු කරලා පෙන්වන්න. ඕක වෙනස් කරන්න පුළුවන් හැබැයි බැසිල්ට විතරයි.

    ReplyDelete
    Replies
    1. අනේ ලෝටෝ.. හැරේන් 2014 අගෝස්තු පලාත් සබා ඡන්දෙදි පරාදයි. මරා දිනුම්. ඒත් 2015 ජනවාරි මරා පරාදයි. Momentum එක ගැන කිසිම දනුමක් නැතිවනේ උඹ ඔය ගොබ්බ කතාව කියන්නේ.. ඒත් බලපන් ඔය ගොබ්බ තර්කෙට අනුව උනත් සිරාට 4% යි. ජෙප්පො විලි ලැජ්ජා නැතිව ජහපාලනේට ආයෙත් කඩේ ගියොත් උන්ට තියෙන 6%න් බාගයක් අඩුවෙනව. ඒ කියන්නෙ 32%(UNP) + 4%(Sirisena) + 3%(JVP) + 4%(TNA) = 43%. මරාට 55%. වෙනත් අපේක්ශකයන් - 2%.

      Delete
    2. හැරේන් 2014 අගෝස්තු පලාත් සබා ඡන්දෙදි පරාදයි. මරා දිනුම්. ඒත් 2015 ජනවාරි මරා පරාදයි. - මොකක්ද ඒ කේස් එක. මම හිතුවේ හරින ප්‍රනාන්දු දිනුම් කියල,
      // බලපන් ඔය ගොබ්බ තර්කෙට අනුව උනත් සිරාට 4% යි. ජෙප්පො විලි ලැජ්ජා නැතිව ජහපාලනේට ආයෙත් කඩේ ගියොත් උන්ට තියෙන 6%න් බාගයක් අඩුවෙනව. ඒ කියන්නෙ 32%(UNP) + 4%(Sirisena) + 3%(JVP) + 4%(TNA) = 43%. මරාට 55%. වෙනත් අපේක්ශකයන් - 2%//
      ඇනෝ අනිවාර්යයෙන්ම මෙහෙම වෙන්න සම්භාවිතාවක් වුනත් තියනවා. මම නැහැයි කියන්නේ නැහැ.
      දැන් බලහන් උඹේ උපකල්පන:
      ජෙප්පො විලි ලැජ්ජා නැතිව ජහපාලනේට ආයෙත් කඩේ ගියොත් උන්ට තියෙන 6%න් බාගයක් අඩුවෙනව.
      මේක විතරයි.

      දැන් මම පාදක කර ගත්තේ මේ මැතිවරණයේ නියම අගයන්.
      ඊට පස්සේ උපකල්පනය කලේ එම සභාග ආණ්ඩුවේ ශ්‍රීලනිප , එජනිස අපතයෝ ටික එහෙම්ම ඉඳී කියල ලාභ ප්‍රයෝජන , ඇමති බිරිඳ ආදිය නිසා. වෙන්න බැරි නැහැනේ.
      ඊළඟට බැසිල් ගේමට බැස්සේ නැත්නම් TNA සෙට් එකත් රනිල්ගේ පැත්තේ හිටියේ කොහොමත්.
      ඔන් ඔය උපකල්පන දෙක.
      අනික 2005 - ප්‍රභා චන්ද වර්ජනය කරලා ජවිපෙ මහින්ද ගේ පැත්තේ 51.6% ආව. 2010 යුද්දේ දිනපු නිසා ආව.
      2015 ජවිපෙ හා TNA අනිත් පැත්තේ පැරදුන.
      අනිත් එක මේවා වැඩිය හිතට අරන් හාර්ට් අටෑක් හදා ගන්න එපා.

      Delete
  43. රජරට ගමරාළ සහ කුඹුරු අස්වැද්දීම

    අතීතයේ සිට රජරට ගමරාළලාට මෙන්ම වෙදරාළටද ප්‍රසිද්ධය. ගමරාළ යනු අතීතයේ සිටි ගම් ප්‍රධානියෙකි. අද පවතින ග්‍රාමසේවක තනතුර ගමරාළට සමානද යන්න පිලිබඳ විෂේශඥ මතයක් ප්‍රකාශ කිරීම අප වැනි දුහුනන් විසින් නොව පිළිගත් ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් කළ යුත්තකි.කෙසේ වෙතත් අතීත ගමරාළ කෙනෙකු නූතන ග්‍රාමසේවකවරයකු වීම ඉදිරිගාමී වන අතර නූතන ග්‍රාමසේවකවරයකු අතීත ගමරාළ කෙනෙකු වීම පසුගාමී බව නම් පැවසිය යුතුමය.

    ඇතැම් අතීත ගමරාළලා දක්ෂ වෙදරාළලාද වූ අතර ඇතැමුන් පවසන පරිදි සමහර වර්තමාන ගමරාළලා රටේ වෙදරාළලාය. “හදිස්සියට මතෙ අප්පුත් වෙදරාළ” යැයි කතාවක් ඇතත් “හදිස්සියට ගමරාළත් වෙදරාළ” යැයි කතාවක් අප නම් අසා නැත. නමුත් සුළු අසනීපයකට ප්‍රතිකාර සඳහා ගමරාළ වෙදරාළ වීමේ කිසිදු වරදක් නැති නමුත් එවන් ගමරාළ කෙනෙකු තමුන් අටානූවක් රෝග සහ නවානූවක් ව්‍යාධි සුවකිරීමේ අති සමත් ජීවකයකු යයි සිතා බරපතල රෝගයකට ප්‍රතිකාර කළොත් ලෙඩාටද වෙදාටද තෙරුවන් සරණය.

    මේ කතාවත් ගමරාළ කෙනෙකු ගැනය.සාමාන්‍යයෙන් ගමරාළලා හොඳ ගොවියෝය. ගොවිතැන යනු ක්‍රියාවකි. වැඩිමනත් ලෙස සත් ක්‍රියාවකි. මේ ගමරාල ක්‍රියාවට කෙසේ වෙතත් කතාවට - කවියට අති දක්ෂය.

    ගමරාළගේ අසල්වැසි ලඳක් විය. ඕතොමෝ රූබරය. සැමියා අකලට මියගිය බැවින් වැන්දඹුය. එහෙයින්ම ඈ සතු කෙතද පුරන්විය.

    දිනක් මේ ගමරාළ පුරන්වූ කුඹුර අසලින් යද්දී ඒ අසල රුකක් යට හුන් මේ ලිය දක්නට ලැබිණි. කව් සිත පහලවූ ගමරාළ මෙසේ ගැයීය.

    අකලට පුරන්වූ කුඹුරක් දකින විට
    කිති කැවෙනා හිතක් ඇත හොඳ ගොවියෙකුට
    ආවෙමි කුඹුර අස්වද්දන සිහිය පිට
    සින්නකර කුඹුරු දැන්නම් නොමැත මට

    මේ ලඳ ද කවියෙහි දක්ෂය. එබැවින් මෙලෙස කවට කවෙන්ම පිළිතුරු ලැබිණි.

    අකලට පුරන්වුව කළ කම් නියම පිට
    කුඹුරේ ඉඩක් නැත මගෙ අඳ ගොවියකුට
    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු මට
    හද්දා කසිකබල් නගුලක් දැන් කුමට

    ලජ්ජා ඇති ගමරාළ ඉන්පසු ඒ පැත්ත පළාතක පස් පෑගුවේ නැත.

    මෙය අප උපමා කතාවක් ලෙස ගනිමු. කුඹුර යනු පක්ෂයකි. කාන්තාව නම් ඒ පාක්ෂිකයාය. මුල් කවිය යනු පාක්ෂිකයා වෙතින් චන්ද අයැදීමයි.පිළිතුරු කවිය යනු පාක්ෂිකයාගේ චන්දයයි. එසේ නම් මේ ගමරාළ කවරෙක්ද ?

    සංවාදය සඳහා ඉඩහරිමි. අවැසි කෙනෙකුට පෝස්ටුවක් ලෙස නැවත පළ කළ හැකිය.

    - නැවතත් මයුරවිල මි.

    ReplyDelete
  44. රනිල් ෆේල් එකෙන්ම යුන්පියත් ෆේල්. සිරිසේන යුන්පි එක නැතිකරන මඟ අරගෙන ඉන්නේ. අල්ලා හුවක්බාර්!
    سنقتل كلكم .... الله عظيم!

    ReplyDelete
    Replies
    1. අල්ලා වල්ල කෑවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න