.

.

Feb 23, 2018

රනිල්ට නෙමේ, සිරිසේනටත් බෑ - Ranil, please go home with Siriseana


Cartoon by - Awantha Artigala

රනිල්ට බැරි බව අවසානයේ ඔහු පිලිගෙන ඇත. එය මහත්මා දේශපාලනයේ ලක්ෂණයකි. මෙතැන් පටන් ලංකාවේ මහත්මා දේශපාලනය යලිඳු කිසිඳු දිනෙක නොලැබෙන අතර මොකා පැමිනියත් වැඩවසම් රාජාන්ඩු ක්‍රමයක් තුල ජිවත් වන ප්‍රාවෙනිදාසයන් ලෙස හැඩ ගැසීම අප කාටත් ඉතා හොඳය. එය එතරම් අපහසු කටයුත්තක් නොවන්නේ. මානව නිදහස කන පැලෙන්න තිබෙනා රටවල් වල ජීවත් උවත්, අපේ උන් නියම වහලුන් නිසාමය. උන්ගේ පරම පැතුම රජෙක්ය. මෙතැන් පටන් දුටුගැමුණුලා, ඝෝඨාභයලා, අනුලලා, සිරි වික්‍රම රාජසිංහලා මෙන්ම සුභ සහ යසලාත් සිංහාසනා ආරුඩ වී, අපට ආතල්, සොමිය හෝ භීෂණය කියන මක්කා හෝ ලබා දෙනවා ඇතිය. 

මොකා යටතේ හෝ අයෝජනයන් මුවාවෙන් ආර්ථිකමය විදේස් ආක්‍රමනයක් සිඳු නොවූවහොත්, ජහ මනයාට අබ සරණම අත් වෙනවා නිසැකය. රුපියක් පනහට අල කිලෝවක් කෑමේ පින ජනතාවට තිබියදි, නුවර එළියේ එකාගේ අල, ඌ කියනා ගානට අරගෙන කාපන් කියනා මරි මෝඩ අමන පාලකය්න් පිරිසකගෙන්, ජනතාවට සහන මිළට ආහාර ලැබේ කියා සිතනවා නම් එය සිහිණයක්ම විතරමය.  

කෑමට බීමට බදු ගසා උන්ගේ සුඛ විහරණය සපයා ගන්නා මෙවන් අමන පාලකයන් පිරිසක් තුන් ලෝකයේම නැතුව ඇතිය. කරුමය කියන්නේ ඒ කාලකන්නින් පමණක් නොව මිලියන එක හමාරකට අධික රාජ්ජ සේවයේ හිඟන්නන් පිරිසක්ද නඩත්තු කරන්න වෙලා තිබීමය. පාසල් සිසුවකුට ටැබ් එකක් දෙන්න බැරි පුක බිම ඇනිච්ච ගමරාල ආන්ඩුවේ පින් බතාලාට ලක්ෂ 50 හේ වෙහිකල් පර්මිට් දෙන්නේ මේක උන්ගේ අම්මා අප්පාගේ බූදලය කියා හිතාගෙන වෙන්න ඇතිය. පුක බිම ඇනුනත් මුන්ගේ මෝඩ කම් වල නම් අඩුවක් වෙලා ඇත්තේ නම් නැතිය. 


මල පැන්නාම මිනිස්සු තීරණ ගන්නේ හිතා බලා නෙමේය. හදිසි කෝපය පිට දාලා මිනීයක් මැරුවත් බේරෙන්න පුළුවන් වන්නේ ඒ නිසාය. අප්පච්චි මලා කියා සොයිසා කියන්නේත්, අප්පච්චි මරපු උන් ආතල් එකක් ගන්නේත් ඒ නිසාය. මහින්ද මහත්තයා ජනේලේ එල්ලීමේ ආතල් එකට සතියක් යන්නටත් මත්තෙන්, 

මැදමුලන දේව වන්දනාව, කතරේ වන්දනාවත් පරදා ලෝ පතල වන්නේ මේ ආන්ඩුවෙන් උන් වහන්සේලට කිසිඳු අතුරු ආන්තරාවක් නොවනා බවත් මේ නපුංසකයන් ඒ නම ඇහුවත් රෙද්දේ පහවෙන පීචං පොරවල් බවත් ඉවෙන් මෙන් වටහා ගත් නිසාමය. 

කියනා කිසිවක්ම සිඳු නොකරනා බව දින කීපයකින්ම අවබෝධ කර ගන්නා එතුමානෝ අභයාරමයේදි නියත විවරන ලබා ගේමට බහින්නේ ගේමක් නොමැති බව දන්නා නිසාමය. එදිනේ පටන් නැවතත් ජනතාවගේ රජතුමා වන්නේ ආප්ප කා පැන්න විහිළුකාර දොරටුපාල රූකඩයා නොව රට එක් සේසත් කල නියම කරිෂ්මාවෙන් අග තැන්පත් දෙතිස් මහා පුරුස ලක්සොන වලින් හෙබි මහා රජානෝමය. 


අළුතෙන් නීතී ගෙනාවත් රාජපක්ෂලාට අතවත් තැබිය නොහැක්කේ ඔවුන්ගේ වන්දි භඨ්ඨයන් තීන්දු තීරණ ගන්නා සෑම තැනකම අනුයුක්ත කොට සිටී නිසාමය. රටේ පමණක් නොව විදේස් රාජ්‍යන් හා ඇති සබදතාවලද කිසිඳු වෙනසක් සිඳු වී නොමැති බව පැහදිලිවම පෙනී යන්නේ උදයංග වීරතුංග කතා වස්තුව අවසාන වන ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කිරීමෙන්ය. 


ඇලිසබෙත් ග්ලවුස් ගලවලා අත දුන්නාට. මරකෙල්ලා, ඔබාමලා, ට්‍රම්ප්ලා, ජස්ටින් ටෲඩෝලා අතට අත දුන්නාට ඒ කොරලා තියෙන්නේ අපේ උන් දඹානේ වැදි නායකයාට අතට අත දී ගන්නා ආතල් එකක් බව හොඳින්ම තේරෙන්නේ උන් එකෙක්කත් එයින් පස්සේ මේ පැත්ත පලාතේවත් බලන්නේ නැති නිසාමය. කොහොමත් සුද්දෝ වැද්දෝ බලන්න ආසය. උන්ගේ රටවල් වල වැද්දෝ නැති නිසා එහේට ගෙන්නාගෙනම බලන එක උන්ට ලේසිය.


රනිල්ට ඉල්ලා අස්වෙන්න කියනා උන්නැහේට ජනතාව දීලා තියෙන්නේ හොම්බෙන් යන්නට නොව පුකෙන් ඇද ඇද යන්නටය. ජෙප්පන්ටත් වඩා අඩුවෙන් ඡන්ද ගත්ත එකා හරි නම් කරන්න ඕනා මට මේක කරන්න බෑ කියා තමාගේ නොහැකියාව පෙන්වා කැබිනට් මීටිමෙන් නැගිට ගියා මෙන්ම ජනාධිපති පුටුවෙන්ද නැගිටලා යන එකය. පර්සනැලටියක් නැති උන් සමහර පුටුවලට ඔරොත්තු නොදෙනවා මෙන්ම උන්ට ඊවා වල ඉඳගෙන්න ඉන්න බැරි බවත් ලෝකයටම පෙන්වා අවසානය. 


ඉතිරි අවුරුදු දෙකත් ජනතාවට මක්කා නැතත් හොඳ ගොන් ආතල් ටිකක් බලන්න පුළුවන් බව ඊයේ ඇඹිලිපිටියේ දුන්න ආතල් එකෙන්ම බලා ගන්න පුළුවන්ය. අත් ඉස්සරහට දාගෙන මත් ද්‍රව්‍ය නිවාරන පොරොන්දු දෙනවාට වඩා කුඩු කාරයෝ රෙද්ද අස්සේ දාගෙන විගඩම් නටනා එකා කල යුත්තේ රෙද්ද අස්සේ අත ඔබාගෙන වෙන ආතල් එකක් ගන්නා එකය.


කෙටියෙන් කියනවා නම් රනිල්ට මෙන්ම සිරිසේනටත් ම්ක්කත්ම බැරිය. ඒ දෙදෙනාට පමණක් නොව දෙපැත්තේම වෙන එකෙක්ටවත් මෙලෝ දෙයක් බැරි බවත් රහසක් නොවේමය. දැන් ඉතින් කල යුත්තේ ජනතාවට ගොන් ආතල් දීම නවත්වා සියළුම මැතිවරණ එක දිනක පවත්වා ප්‍රථිපල පිටවීමට පෙර බෝට්ටුවකින් හෝ කටුනායකින් ආරක්ෂිත රාජ්‍යක් කරා පිටුවහල් වීම පමණමය. 

19 comments:

  1. මාතා,

    //දැන් ඉතින් කල යුත්තේ ජනතාවට ගොන් ආතල් දීම නවත්වා සියළුම මැතිවරණ එක දිනක පවත්වා ප්‍රථිපල පිටවීමට පෙර බෝට්ටුවකින් හෝ කටුනායකින් ආරක්ෂිත රාජ්‍යක් කරා පිටුවහල් වීම පමණමය. //

    මම උබෙන් අහන්න හිටියේ කෝ බන් තැපැල් චන්ද ප්‍රතිඵල ?
    ආරංචියි වන වෙන්න ලැබිල කියල.

    මේ වෙලාවේ සරත් ෆොන්සේකාව නිතිය හා සාමය ඇමති කරලා මහින්ද ට දඩුවම් දෙන්න ගියාම ඉදිරියේ මේ රජය ජනතාව අතර තවත් අප්‍රසාදයට පත්වෙනවා, මේකෙන් වෙන්නේ ඉදිරියේ සිරිසේනට අන්ත අසරණ තත්වයට පත්වන එකයි.

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ කියන්නේ රාජපක්ෂලා කරපු හොරකම් වහලා (මෙච්චර කල් කළා වගේ) ආණ්ඩුවට ඉක්මනින්ම ඉල්ලා අස්වෙලා ජන්දේ තියලා මහින්දව ආයෙත් රජ පුටුවේ ඉන්දන්න කියලද?
      ජනතාව අතර මේ ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙන්න මූලික හේතුව මොකක්ද? රාජපක්ෂලා හොරු කියලා බලයට ආපු මේ ආණ්ඩුව හොරකම් ඇල්ලීම අහක දාලා උනුත් හොරකම් කරන්න පටන් ගත්තා. රාජපක්ෂලා එතකොට ආණ්ඩුවට හොරා කියලා බනිනවා. ආණ්ඩුව රාජපක්ෂලාගේ හොරකම් වහනවා. එතකොට මහින්ද සුදනා. ලංකාවේ අංක එකේ දේශපාලක ධනවතා කියලා ෆෝචුන් සඟරාව කියනවා. දැන් උඹ කියන විදිහට මහින්ද අගමැති වුනොත් මොකද වෙන්නේ? සිරිසේනලා, රනිල්ලා හිරේ ගිහින් බේරුනොත් ඇති. සරත් ෆොන්සේකාගේ, ශිරානි බණ්ඩාරනායකලාගේ නඩු අහපු විදිහටම නඩු අහලා දඬුවම් දෙයි.ඒත් මොකද, ලංකාව මාස හයෙන් සිංගප්පුරුව පරද්දයි ආර්ථික සංවර්ධනය අතින්. උඹ වගේ ලංකාවේ ඉන්න බහුතර ගොන් ජනතාවගේ සිතුවිල්ල මේකද?

      Delete
    2. // දැන් උඹ කියන විදිහට මහින්ද අගමැති වුනොත් මොකද වෙන්නේ? සිරිසේනලා, රනිල්ලා හිරේ ගිහින් බේරුනොත් ඇති. සරත් ෆොන්සේකාගේ, ශිරානි බණ්ඩාරනායකලාගේ නඩු අහපු විදිහටම නඩු අහලා දඬුවම් දෙයි.ඒත් මොකද, ලංකාව මාස හයෙන් සිංගප්පුරුව පරද්දයි ආර්ථික සංවර්ධනය අතින්.//

      මේ ලොක්ක මේ රටට විදේශ ආයෝජන එන්නේ නැත්තේ ඇයි බලයේ සිටින අය දිගටම කප්පම් ගන්න නිසයි ඔබ කියන සරත් ෆොන්සේකා එහෙම නොගෙන ඉදීද, ඔබට මතක නැද්ද ඔහුට ඩොලර් ලක්ෂ 5 ක් ඔහු සතුව තිබුන ලැබුන ආකාරය කියන්න බැරුව, මේ මුදල රාජසන්තක වනවා නමුත් ඔහු රජයේ ඇමති වරයෙක් වූ වහාම විජේදාස රාජපක්ෂට බලපෑම් කළා මතකද ඒ මුදල නිදහස් කරගන්න.

      මෙතන ප්‍රශ්නය මහින්ද හොරකම් කරන එක නෙමෙයි බලය ලැබුන පසු කොයි කවුරුත් හොරකම් කරන එකයි, මහින්ද හොරකම් කළා කියන දේ ඇත්ත නමුත් ඔහු රටට ඉතුරු වෙන්න යමක් කළා, අද නුවර අධිවේගයට කිලෝමිටරය කොටි 28 ක් කියනවා නමුත් මහින්ද මහා වංචා කළා කියන යුගයේ දක්ෂිණ අධිවේගයට ගිහින් තියන්නේ කොටි 14 ක් කිලෝමීටරයට.

      මේ කොටි 14 ගැන මේ රජය කිව්වේ තක්ෂණික විගණනයක් කරනවා කියල නේද ? අද දක්වා අඩුගානේ පටන්ගෙන තියනවද ? මෙතන වෙන්නේ මහ්න්දගෙන් පලිගන්න ඔහුගේ පවුලේ අය සිරගත කිරීමයි, මේ අතර රටේ කිසිම දියුණුවක් වෙන්නේ නෑ මොකද විදේශ ආයෝජකයෝ එන්නේ නැති නිසා ඉන්පස්සේ ඉදිරි කාලයේ ණය වාරික සහ පොලිය තව වැඩියෙන් ගෙවන්න වෙන කොට මිනිසුන්ට විශාල බදු පනවන්න වෙනවා දැනටමත් අප්‍රේල් 1 දා සිට මේ නව බදු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා මෙයින් මිනිසුන් දැඩි පීඩනයක් ඇතිවෙයි.

      වේගයෙන් මිනිසුන්ගේ රැකියා නැතිවීමත් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගැසීමත් නිසා විදේශ වලින් නිතියානුකුල ලෙස රජයට එන විදේශ විනිමයත් නැතිවෙයි, රටේ ජිවන වියදම අහස උසට ගියහම මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නෙමෙයි, ඉන්පස්සේ තමයි සරත්ෆොන්සේකා ගේ නියම වැඩ කිඩ බලන්න පුළුවන්, අවසාන වශයෙන් ලක්ෂ ගණන් මිනිසුන්ගේ ජිවිත විනාස කරලා රටේ තවත් බලයේ ඉන්න බැරි කොට ෆොන්සේකා රට පනි.

      Delete
    3. සිරාට අපිට කරපුවට සහ ගහනවා මේ ආත්මයේම

      Delete
  2. දුටුගැමුණුලා, ඝෝඨාභයලා, අනුලලා, සිරි වික්‍රම රාජසිංහලා මෙන්ම සුභ සහ යසලාත් සිංහාසනා ආරුඩ වී, අපට ආතල්, සොමිය හෝ භීෂණය කියන මක්කා හෝ ලබා දෙනවා ඇතිය.

    හු හු මාතලන් දැන්මම බයවෙලා හු හු අපොයි මෙහෙම බයගුල්ලෙක් බයියන්ගේ ටාගට් එක උඹද ලොක්කා

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... උන්ගේ මේන් ටාගට් එක මාතලන් වන මම

      Delete
  3. // රජරට ගමරාළ සහ කුඹුරු අස්වැද්දීම

    අතීතයේ සිට රජරට ගමරාළලාට මෙන්ම වෙදරාළලාටද ප්‍රසිද්ධය. ගමරාළ යනු අතීතයේ සිටි ගම් ප්‍රධානියෙකි. අද පවතින ග්‍රාමසේවක තනතුර ගමරාළට සමානද යන්න පිලිබඳ විෂේශඥ මතයක් ප්‍රකාශ කිරීම අප වැනි දුහුනන් විසින් නොව පිළිගත් ඉතිහාසඥයන් සහ සමාජ විද්‍යාඥයන් විසින් කළ යුත්තකි.කෙසේ වෙතත් අතීත ගමරාළ කෙනෙකු නූතන ග්‍රාමසේවකවරයකු වීම ඉදිරිගාමී වන අතර නූතන ග්‍රාමසේවකවරයකු අතීත ගමරාළ කෙනෙකු වීම පසුගාමී බව නම් පැවසිය යුතුමය.

    ඇතැම් අතීත ගමරාළලා දක්ෂ වෙදරාළලාද වූ අතර ඇතැමුන් පවසන පරිදි සමහර වර්තමාන ගමරාළලා රටේ වෙදරාළලාය. “හදිස්සියට මතෙ අප්පුත් වෙදරාළ” යැයි කතාවක් ඇතත් “හදිස්සියට ගමරාළත් වෙදරාළ” යැයි කතාවක් අප නම් අසා නැත. නමුත් සුළු අසනීපයකට ප්‍රතිකාර සඳහා ගමරාළ වෙදරාළ වීමේ කිසිදු වරදක් නැති නමුත් එවන් ගමරාළ කෙනෙකු තමුන් අටානූවක් රෝග සහ නවානූවක් ව්‍යාධි සුවකිරීමේ අති සමත් ජීවකයකු යයි සිතා බරපතල රෝගයකට ප්‍රතිකාර කළොත් ලෙඩාටද වෙදාටද තෙරුවන් සරණය.

    මේ කතාවත් ගමරාළ කෙනෙකු ගැනය.සාමාන්‍යයෙන් ගමරාළලා හොඳ ගොවියෝය. ගොවිතැන යනු ක්‍රියාවකි. වැඩිමනත් ලෙස සත් ක්‍රියාවකි. මේ ගමරාල ක්‍රියාවට කෙසේ වෙතත් කතාවට - කවියට අති දක්ෂය.

    ගමරාළගේ අසල්වැසි ලඳක් විය. ඕතොමෝ රූබරය. සැමියා අකලට මියගිය බැවින් වැන්දඹුය. එහෙයින්ම ඈ සතු කෙතද පුරන්විය.

    දිනක් මේ ගමරාළ පුරන්වූ කුඹුර අසලින් යද්දී ඒ අසල රුකක් යට හුන් මේ ලිය දක්නට ලැබිණි. කව් සිත පහලවූ ගමරාළ මෙසේ ගැයීය.

    අකලට පුරන්වූ කුඹුරක් දකින විට
    කිති කැවෙනා හිතක් ඇත හොඳ ගොවියෙකුට
    ආවෙමි කුඹුර අස්වද්දන සිහිය පිට
    සින්නකර කුඹුරු දැන්නම් නොමැත මට

    මේ ලඳ ද කවියෙහි දක්ෂය. එබැවින් මෙලෙස කවට කවෙන්ම පිළිතුරු ලැබිණි.

    අකලට පුරන්වුව කළ කම් නියම පිට
    කුඹුරේ ඉඩක් නැත මගෙ අඳ ගොවියකුට
    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරපු මට
    හද්දා කසිකබල් නගුලක් දැන් කුමට

    ලජ්ජා ඇති ගමරාළ ඉන්පසු ඒ පැත්ත පළාතක පස් පෑගුවේ නැත.

    මෙය අප උපමා කතාවක් ලෙස ගනිමු. කුඹුර යනු පක්ෂයකි. කාන්තාව නම් ඒ පාක්ෂිකයාය. මුල් කවිය යනු පාක්ෂිකයා වෙතින් චන්ද අයැදීමයි.පිළිතුරු කවිය යනු පාක්ෂිකයාගේ චන්දයයි. එසේ නම් මේ ගමරාළ කවරෙක්ද ?

    සංවාදය සඳහා ඉඩහරිමි. අවැසි කෙනෙකුට පෝස්ටුවක් ලෙස නැවත පළ කළ හැකිය.

    - නැවතත් මයුරවිල මි. //

    ReplyDelete
    Replies
    1. මේක මම බුකියේ දැම්මා ... නැගලම ගියා මචෝ

      Delete
  4. හනේද කියන්නෙ..? අම්මප බං සමාජයට ඕන කරන මිනිස්සු හාර්ට් ඇටෑක්, මාර්ග අනතුරු, ලෙඩ රෝග වලින් අපරාදෙ මැරිල යනව. ඒත් බං මෙච්චර හෙණ ඉල්ලන යකා තවමත් කරන ගොං කන් අඩු නොකර තවමත් යහතින් ඉන්නවනෙ..
    තූ නොදකින්.

    ReplyDelete
  5. අපේ රටේ නීතිය හා සාමය බාරදෙන්න ඕන වයිමාට. ආර්ථිකේ වගේමයි. බූරු කුට්ටම කොච්චර ඇනුවත්,ගහන එකා පරාදයි..තෝන් ගන්න එකා දිනුං.

    ReplyDelete
    Replies
    1. අබ සරණයි... පිස්සු පීකුදු සමඟ බොම්බෙ මොටයි සැලඩ්

      Delete
  6. කොහොමද ඉයන් බොස් මතකද අපේ පැරණි සංවාදය

    මම කිව්වා //ඔබ කියන විදියට විශාල පිරිසක් චන්දය කටුගායි නමුත් සැලකියයුතු විශාල පිරිසක් පොහොට්ටුවට චන්දය දෙයි, ඔබටත් මගේ තර්කය වැරදි වන්නේ ඇයි කියල පෙන්වා දෙන්න බැරිඋනා නේද ?//

    ඔබ කිව්වා // එහෙම වෙනවද කියන එක තව දවස් 10 කින් දැනගන්න පුළුවන් වෙයි. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි //

    දැන් පේනවා නේද වෙලා තියන දේ ? මිනිස්සු චන්දෙ කටුගාල නෑ නේද ? ඉදිරි මහා මැතිවරණයක මේ තත්වය මිට දරුණුයි!

    ReplyDelete
  7. //අපේ උන් දඹානේ වැදි නායකයාට අතට අත දී ගන්නා ආතල් එකක් බව හොඳින්ම තේරෙන්නේ උන්...//
    එලම ..........

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න