.

.

May 2, 2018

ලෙස්ටර් ලොවට හඳුන්වා දුන් ටුවර් ගයිඩ් - Lester, Cannes & Tour Guides



"රැස" පත්තරේ ඉන්න, මාතලන්ගේ බොක්කක් වන මංජුල සමරසෙකර බොහෝම කළබලයෙන් මාතලන්ට කෝල් එකක් ගන්නවා. මාතලන් ඒ වෙලාවේ ඩ්‍රයිව් කර කර උන්න නිසා, ගමන අහවර වෙලා මංජුලයට කෝල් එකක් ගත්තාම, ඌ පොඩි ආරාධනාවක් කරනවා ටුවර් ගයිඩ්ලා ගැන කොලමක් සති පතා කරමු කියලා. අපරාදේ කියන්නේ ඒකට ගානක් ගෙවනවයි කියලත් කියනවා. මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ සතිපතා ඒ දේ කරන්න වෙලාවක් නැතිකම නිසා. ඒත් ආරාධනය මගේ හිතේ තියෙන නිසාත්, ලෙසටර් ජේම්ස් පීරිස්ට හා රේඛාවට සම්බන්ධ ගයිඩ් කතාවකුත් තියෙන නිසා ,මේ ලිපිය ලියලා දාන්න මාතලන්ට හිතෙනවා.

ලෙස්ටර් අද අම්මට සිරි ලංකාවෙන් සමු අරගෙන යනවා. ලෙස්ටර් ලාංකිය සිනමාවට හින්ගල සෝ 19 ක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒ සියල්ලම ඉහළ තත්වයක නැතත්, සමහර සෝ නම් ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියන එක කවුරුත් පිලිගන්නවා. ඒ වගේම ලෙස්ටර් සිංහල සිනමාවට හඳුන්වා දුන් පිරිස අති විශාලයි. රනිල් මේ මෑතක තිබුන ලෙස්ටර්ගෙ බෝත් ඩේ එකට ගිහින් කියලා තිබුනා එයා තාමත් රේඛාව බලනවය කියලා. එයා නෙමෙයි අපිත් ඕක බලනවා ඉඳ හිට. හැබයි සිරස් එක.

රේඛාව තමයි ලෙස්ටර්ගේ පළමු සිංහල සිනමා කෘතිය. ඒත් ඔහු එංගලන්තේ ඉන්න කාළේ, එහේ සුද්දන්ගේ ෆිල්ම් සංගමයකට සෙට් වෙලා, කෙටි චිත්‍රපට කීපයක් හදනවා. ඉන් පස්සෙ තමයි ලංකාවට ඇවිත් රේඛාව හදන්නේ. රේඛාව ලෙස්ටර්ගේ මෙන්ම තවත් කළාකරුවන් කීප දෙනෙකුගෙම ප්‍රථම සිනමා අත්දැකීම වෙනවා. ඊට සම්බන්ධ උන සියළු දෙනාම වාගේ, ලංකාවේ ජනප්‍රිය චරිත බවට පත් වෙනවා. ඒ වගේම රේඛාව තමයි එලිමහනේ රූ ගත කරපු පළවන හින්ගල බයිස්කෝප් එක, හැබයි ඒක පෙන්නුවේ අම්මට සිරි ලංකාවේ නම් නෙමෙයි 'සිලෝන්" කියලා මුලු ලෝකෙම දැනගෙන උන්න බොහෝම සුන්දර රටක.

ඒ රටේ උන්න කාලකන්නි ඒ රට විනාශ කරලා ගොඩාක් කල්.. දැන් තියෙනවා අම්මට සිරි ලංකාවද මොකක්ද කියලා තුන්සිය හැටපස් දවසෙම නරලෝ හොල්මන් පෙන්නන පිස්සන් කොටුවක්.

අපේ ගොන්නු සම හරක් ලෙසටර්ට නිවන් සුව පැතුවට, ලෙස්ටර් හොද රෝමානු කතෝලිකයෙක්. ලෙසටර් ඉගෙන ගන්නේ වැල්ලවත්තේ සැන් පීටර්ස් කොලේජ් එකේ. සහෝදර සහෝදරියෝ 3 දෙනෙක්. එයාගේ අම්මා තමයි කලම්බු සෙවන් හෙවත්, කොළඹ හතේ සැන් බ්‍රිජට් කොන්වන්ට් එකෙන් බිහි උන පළමු උපාධිධාරිනිය. ඔහුගේ එක් සහෝදරයෙක් වන "අයිවන් පීරිස්" ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. "කලම්බෝ 43 ගෲප්" කියන කලා හවුලේ උන්න ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් හතරදෙනාගෙන් කෙනෙක්. අනෙක් අය තමයි, "ජෝජ් කීට්", "ජස්ටින් දැරණියගල" සහ "හැරල්ඩ් පීරිස්".

එතකොට "ගයිඩ්" කෙනෙක් කොහොමද ලෙස්ටර් හා සම්බන්ධ වෙන්නේ? ලෙස්ටර්ව ලෝකයට හඳුනවා දෙන්නේ? මෙන්න එතනදි තමයි ගයිඩ් කෙනෙක් කොච්චර වටින පුද්ගලයෙක්ද කියනා කාරනය වැදගත් වෙන්නේ. ඇත්තටම "ටුවර් ගයිඩ්" කෙනෙක් කියන්නේ ඇම්බැසිඩර් කෙනෙක්ගේ ජොබ් එක කරන මනුස්සයෙක්. ගයිඩ් කෙනෙකුට පුළුවන් රට ලෝකයට ගෙනියන්න වගේම. ලෝකෙටම එපා කරපු රටක් කරන්නත්. දැන් ඉන්න උන් නම් වැඩි පුර කරන්නේ මාතලන් දෙවනියට කියපු කාරනය. ගයිඩ්ලා විතරක් නෙමෙයි, ටුවර් කොම්පැනි සහ ඒජන්ට්ස්ලා කරන්නෙත් ඒක. ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්.

Maria Schell
ඔස්ට්‍රියාවේ උපන් ප්‍රසිද්ධ ජර්මන් නිලියක් වෙන මරියා ස්කේල් ("Maria Schell") එනවා ලංකාවේ නිවාඩුවක් ගත කරන්න. එයා නවතින්නේ කවුරුත් දන්න "ගල්කිස්සෙ හෝටලේ". මේ ගල්කිස්සෙ හෝටලේ ලඟ උන්න ගයිඩ් කෙනෙක් වෙච්ච, "ආතර් අයියා" ගැන "ඇම් ඇස් ප්‍රනාන්දු" බයිලා එකකුත් ගහලා තියෙනවා. ඒ ගැන මාතලන් වෙන වෙලාවක ලියන්නම්. ඉතින් මේ සුදු නෝනා එයාගේ ගයිඩ්ට කියනවා, එයාට හින්ගල සෝ එකක් බලන්න ආසය කියලා. මේ ගයිඩා හොඳ රසිකයෙක් වෙන්න ඕන. පොර මෙයාව එක්ක යනවා "වැල්ලවත්තේ රොක්සි" හෝල් එකෙට. ඒකෙ තිරගත වෙන්න ලෙස්ටර්ගේ රේඛාව.

සුදු නෝනා එයා ඔබ්සවර් පත්තරේට දෙන ඉනටවීව් එකකදි, එයා බලපු මේ හින්ගල සෝ එක බොහෝම වර්නනා කරනවා. එයා කියනවා මේ සෝ එක "කැනාස් සිනමා උළෙලෙ" (Cannes Film Festival) ප්‍රදර්ෂණය කළ යුතු මට්ටමකය තියෙන්නේ කියලා. එයා ආයේ ජර්මනියට ගිහිල්ලා, ෆිල්ම් ෆැස්ටිවල් එකේ ඕගනයිසර්ස්ලට කතා කරලා, සෝ එක එහේ තිර ගත කරන්න ඕන වැඩ කටයුතු සලස්වනවා.

ඕන් එතනදි කොක්කට එනවා අපේ දේශපාලන මී හරකෙක්. ඒ තමයි අමුඩෙත් ගහගෙන පාර්ලිමේන්තු ආපු, දවස් කීයක්ද අගමැතිකම කරාපු, ගාල්ලේ W දහනායක. ඒ යකා කියනවා, මේක පෙන්නුවොත් හෙම සිලෝන් එකට තියෙන කීර්ති නාමය නැතිවෙනවය කියලා හිටන්. දැන් ඉන්න එකා වගේම ලෙඩෙක් වෙන්න ඇති ඌත්. හැබයි ඉතින් රේඛාව බලපු එකෙක් දන්නවා ඒකෙ පෙන්නන්නේ ගමේ අදටත් තියෙන අමු ඇත්තය කියන එක. ඔය ඇත්ත පෙන්නන්න අපේ හැම එකාම හරි බයයි. උන් කියන්නේ ගම කියලා කියන්නේ තව්තිසා දිවිය ලෝකේ වගේ බොහෝම සුන්දර තැනක්ය කියලා හිටන්.

Paul Bowles
හැබයි මෙතනදි ලෙසටර්ට සපෝට් එකට එනවා එකෙක් ඌත් පිටරට සුද්දෙක්. එයා ඇවිල්ලා ඇමරිකන් කාරයෙක්, එහෙ ප්‍රසිද්ධ ලේඛකයෙක් වගේම පරිවර්තකයෙක්. නම "පෝල් බව්ල්ස්." (Paul Bowles) පොර අර ගොන් දහනායකට ලියනවා, ඔහේ මොන මළහත්තිලව්ව කිව්වත්, ඕන ගමක හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවා කියලා මොලේ තියෙන මිනිස්සු දන්නවා, ඒ නිසා මෝඩ මූසල වැඩ කරන්න එපාය කියලා.

සම්මාණ මක්කත් හම්බ උනේ නැතත්, කොහොම හරි රේඛාව කැනාස් ෆිල්ම් ෆෙස්ටිවල් එක නියෝජනය කරනවා. අනේ අර සුද්දටයි සුද්දිටයි හරි ඉහළයි. ඒ දෙන්නා ලෙසටර්ගේ හිතවතුන් තියා, ලෙසටර් කව්ද කියලවත් නොදන්න රත්තරන් මිනිස්සු. එහෙම බැලුවාම ලෙසටර්ව ලෝකට ගෙනිහින් තියෙන්නේ, අපේ ගයිඩෙක් බලාගෙන ගියාම හිටන් ආයිබන්ඩ.

කාටද ආඩම්බර හිටන් නේ.. 

25 comments:

  1. හොඳයි මචෝ ලිපිය.

    මගේ හිතේ කැකෑරෙන පුරස්නයක් තියෙනවා .අර කොලමට කියක් දෙන්නම් කිව්වද? මට නම් හිතෙන්නේ සොච්චමක් වෙන්න ඕනේ. මොකද ලංකාවේ පත්තර කත්තුරුල හොඳ පැදියක් ගත්තට ලියන එවුන්ට දෙන්නේ සොච්චමක්. බොහෝ වෙලාවට තුට්ටුවක් වත් දෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. රැස එකේ ගෙවිම් වල අවුලක් නෑ කියලා තමයි ආරංචිය...
      මට පොරොන්දු උන ගාන නම් සොච්චම් ගානක්... ඒ කියපු ගානට වඩා මම ලියපු එවා මට වටිනවා.... මම ලිව්වත් මුදල් බලාපොරොත්තුවෙන් ලියන්නේ නෑ... මොකෝ මම ලියන්නේ මගේ කාන්සියට... විනෝදයට... ඕන් ඩොලර් වගේ නම් අවුලක් නෑ...

      Delete
    2. 99 වැනි උපන් දිනේට අත් අල්ලන් කරන සුබ පැතුම් බාර නොගත්ත නම් එතුමා තාමත් ජීවතුන් අතර.

      Anyway,
      RIP the Great Legend !!!

      Delete
  2. හෝව් , සන්සෝදනයක්. ඉහලින් වැරදිලා 'පඩියක්' එක පැදියක් කියල ලියවිලා

    ReplyDelete
  3. අපිත් ඕක බලනවා ඉඳ හිට. හැබයි සිරස් එක....?

    ReplyDelete
  4. ලෙස්ටර්ටත් අකුල් හෙලන්ඩ ගමරාළ කෙනෙක් හිටියා එහෙනම්. මේ වගේ මීහරකුන්ගේ උදලු දැමීම අස්සේ මේ මනුස්සයා සිරි ලංකාවේම හිටිය එක අප අගය කරන්නට ඕනෑ තමයි. ලෙස්ටර් හදාපු හැම චිත්‍රපටයක්ම විශිෂ්ඨ නොවූ බවට මාතලන්ගේ කියමන ගැන විවාදයක් නැහැ. ඒත් ඒ නරක ඒවාත් අර අච්චාරු චිත්තරපට කියලා පෙන්නාපු ජරාවට වඩා ඉහළින් තිබුණා. මට නම් ගම්පෙරළියට වඩා ඉහළ සිනමා වෘත්තාන්තයක් මෙතෙක් ලංකාවේ බිහිවුණේ නැහැ කියලයි හිතෙන්නේ. රන්සළු සහ ගොළු හදවතෙහි අමරදේවයන් සහ කේමදාසයන් සැපයු පසුබිම් සංගීත සිංහල සිනමාවට අලුත් යමක් හඳුන්වා දුන් අවස්තාවන් දෙකක්. හදවතේ තෙරපෙමින් තිබුණු , එහෙත් කියා ගන්නට නොහැකි වූ ප්‍රේමයේ වැලපිල්ල ගොළුහදවත තේමා ගීතයෙන් අපුරුවට කියා තිබුණි. කේමදාසයන්ට එවැනි හපන් කමක් කරන්නට හැකිවූයේ චිත්‍රපට කලාව යනු කුමක්දැයි මනාව හඳුනාගත් ප්‍රවීණ අධ්‍යක්ෂකයෙකු වූ ලෙස්ටර් සමග ඔහුට කටයුතු කරන්නට ඉඩ ලැබුණ නිසාය. ලෙස්ටර්, ඔබට සුභ ගමන්!

    https://www.youtube.com/watch?v=w7b19bSqMOA

    ReplyDelete
  5. මහත්තයා රියදුරෙක්ද? කොපමණ ඉගෙන ගෙන තිබෙනවද? උපාධියක් තිබෙනවද?

    ReplyDelete
    Replies
    1. නැත... ඉගෙන ගෙන නැත... උපාධියක් ඇත..

      Delete
  6. ඇයි බොල නම නැත්තෝ තොට මොකටද ඒක?

    ReplyDelete
  7. //මහත්තයා රියදුරෙක්ද? කොපමණ ඉගෙන ගෙන තිබෙනවද? උපාධියක් තිබෙනවද?//

    මොන උපාදි තිබුනත් බක බක ගෑම ගෙම්බාගේ අවේනික ලස්සනයකි...හික් !! මේ අම්මට සිරි(සේන) ලංකාවේ ගෙම්බන්ගෙන් අඩුවක් නැත ........

    ReplyDelete
    Replies
    1. //අම්මට සිරි(සේන) ලංකාවේ//+++++:D

      Delete
  8. http://marcuspriyanthaperera.blogspot.com/2018/05/blog-post.html

    අමන දේසපාලකයින් හා බොරු සදාචාර පණ්ඩිතයන් ඒකාලෙත් ඉඳල තියනව. මේක කියවල බලන්න.
    http://marcuspriyanthaperera.blogspot.co.uk/2015/05/blog-post_14.html

    ලංකාවෙ පුරෝගාමී කාටූන් චිත්‍රපටිය දුටුගැමුණු සහ කතෝලික බහුතරය සහිත රටවලත් පෙන්නුව ඩා වින්චි කෝඩ් තහනම් කරපු පිස්සු රටක් මේක

    ReplyDelete
    Replies
    1. මරි මෝඩ මූසලයෝ ඉන්න රටක්

      Delete
  9. හැබැයි ටුවර් ගයිඩ් සටහන අඩුගානේ සති දෙකකට සැරයක්වත් ලියන්න තිබ්බනං හොඳයි නේද, කියවලා තියෙනවද දිවයින පත්තරේ තානායම් පල්ලාගේ සටහන. අන්න ඒ වගේ රසවත් ලිපි පෙළක් ලියන්න තිබ්බා , සල්ලි නැතත් ඒක හොඳ අශ්වාදනිය වැඩක් වෙයි

    ReplyDelete
    Replies
    1. ඒවා ලිව්වොත් එහෙම මේක "නව සරණ" පත්තරේ වගේ තියෙයි

      Delete
  10. // එයා නෙමෙයි අපිත් ඕක බලනවා ඉඳ හිට. හැබයි සිරස් එක.// ඉදකින්

    සුභ ගමන්.....

    ReplyDelete
  11. හැබයි ඉතින් රේඛාව බලපු එකෙක් දන්නවා ඒකෙ පෙන්නන්නේ ගමේ අදටත් තියෙන අමු ඇත්තය කියන එක. ඔය ඇත්ත පෙන්නන්න අපේ හැම එකාම හරි බයයි.++++++++++++++++++++++++

    ReplyDelete
  12. පත්තර දෙක තුනකට ලියන්න කතා තියෙනවනේ බං උඹ ගාව.. ලෝබ නැතුව ලියහන්කෝ.. වෙලාව මදි නම් මංජුල යත් එක්ක කතා කරලා මාසෙකට දවසක් වත් ලියපං. ඒ කොළමේ ඉතුරු දවස්වලට තා බ්ලොග් කාරයෝ තුන් දෙනෙක්ව වත් දාගන්න බැරිය..

    ReplyDelete
  13. ඔය ගයිඩො ඉන්නව නේද? පට්ට පජාත ජාතියක්ලුනේ .

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න