.

.

Jul 12, 2020

කොරෝනා දෙවනි රැල්ළේ පීනන්නෝ...



වගකිව යුත්තෝ ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජා උනාට කොරෝනා දෙවනි රැල්ළ ඇවිල්ලා ඉවරය. තත්වය පළවන රැල්ලට වඩා ඔඩු දුවා ඇති බවත් රහසක් නොවේය. එයාලා ජනතාවට දොස් පවරා ඇඟ බේරා ගන්නට හදනවාය. ඊයේ අනිල් ජාසිංහ උන්නැහේ කිව්වේ රාජාංගනයේ මළ ගෙදර හා දානේ ගෙදර ඔවුන් කියූ ආකාරයට සිඳු වෙලා නැතෙයි කියලාය. එතකොට තොන්ඩාගේ මළ ගෙදර තිබුනේ එයාලාගේ නිර්දේශ අනුවදැයි අපට අහන්නට හිතෙනවාමය. එයිටාමතරව රාජාංගනයේ යාය දෙක PHI ලාගෙන් තොර කලාපයක්දැයි අසන්නම වෙනවාය. මොකෝ මළගෙවල් හරියට වෙනවාදැයි බලන එක එයාලාගේ ඩියුටිය නිසාමය.


ඇත්ත කතාව ඕක නෙමේය. සියල්ලන්ටම ලෙඩේ අමතක වෙලා වෙනත් ලෙඩක් හැදුන එකය. ඒ ඉලැක්ෂොන් උණ රෝගයය. මැතිවරණ කොමිසමේ සභාපති ගැසට් කරන්නැයි ඉල්ලා සකස් කල නීති රීතී රෙගුලාසි ටික පවිත්‍රා නෝනා දාපූ තැනක එහෙම්මම ඇතිය. මොකෝ එයාට එයිට වඩා මනාපේ ලොකුය. රටේ ප්‍රධානියාත්, දෙවනියාත්, තරඟයට මෙන් සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අමු අමුවේ උල්ලංගනය කලේය.

ජනාධිපතිතුමාගෙන් මෙවන් දෙයක් කිසිවකු බලාපොරොත්තු වූයේ නැතිය. මහ එකා හරහට යනවා නම් අපි කෙලින් යන්නේ මක්කටදෝ කියලා හිතපු අනෙක් පක්ෂවල මහ උන්ද, ජනතාවට ආදර්ශයක් දෙනවා වෙනුවට, උනුත් කකුළු පෙරහරට එකතු උනේය. ඒ මදිවාට අද ජෙප්පෝ කියන්නේ උන් කීයටවත් උන්ගේ මතිවරණ ප්‍රචාරක වැඩපිලිවල නවත්තන්නේ නැතයි කියාය. හැබයි ඒක එච්චර අවුලකුත් වෙන්නේ නැතිය. මොකෝ එයැයිලාගේ ඒවාට ජනතාව එන්නේ නැති නිසාය. මේ වෙලාවේ රැස්වීම්වලට යන එකෙක් වේ නම්,  උනුත් අර වගේම පිස්සන් පිරිසක් වෙන්නම ඕනෑය.

පාලකයන් එසේ තම වගකීම් පැහැර හරිද්දී, කවදත් අයිස් ගැහීමට උපන් හපන් කම් පෙන්වන රාජ්‍ය නිළධාරින්ගේ සිට සෑම එකාම තම තම වගකීම් පැහැර හැර ඇති බව දැන් ඉතාමත් පැහැදිලිය. පිස්සෝ වාගේ මේ මත්තේම නහින්නෙයි කියා අප කියන්නේද නැතිය. මාතලන් මුල සිටම කීවේ කොරෝනා සමඟ ජීවත් වෙන්න ලෝකයටම සිද්ද වෙනවා කියාය. එහෙත් ජනතාවටත් වඩා මෙහි වගකීම ඇත්තේ අදාල නිළධාරින්ටය.

රෝගය බෝවනාකාරය පිළිබඳවද ලෝක සෞඛ්‍ය සංවිධානයටවත් හරි අදහසක් අද වන තෙක් ඇත්තේ නැතිය. දින 14 කාළ සීමාව පට්ටපල් බොරුවක් බව කන්දකාඩූ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිදුවීමෙන් ඉතා පැහැදිලිව පේනවාය. සුදුවල්ලෙන් සොයා ගත් පිරිස ඔතනට යැව්වේ කල්පිටියේ හෝ වෙනත් කොහේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වීමෙන් අනතුරව PCR පරීක්ෂණ පවත්වා සහතිකයක්ද ලබා දීමෙන් පසුවය. එසේ යවා දැන් මාසයකටත් වැඩිය

ඒ නිසා කන්දකඩුවලට කිසි දිනෙක කොරෝනා එන්නේ නැතයි යන මතයක එතන ඉන්න ලොක්කෝ හිතාගෙන ඉන්නට ඇතිය. 

නාත්තන්ඩිය ප්‍රදෙශයේ උපදේශිකාව රෝග ලක්ෂණ පෙන්නුම් කලද, ඔවුන් එය සත පහකට ගනන් නොගෙන ඇය පොදු ප්‍රවාහන සේවයෙන්ම ගෙදර එවන්නේ වගකීම් විරහිතවය. දැන් ආසාදිත තත්වයට පත්ව ඇත්තේ ඇය පමණක් නොවේය. තවත් උපදේශකයින් පිරිසක්ද ඒ අතර ඉන්නවාය. ඒ කියන්නේ මුළු කඳවුරම කොරෝනා ෆාම් එකක් වෙනකන් එතන ඉන්නා උන් ඇස් කන් පියාගෙන උන්නාය කියනා එකය.

වාසනාවකට මෙය මතුවන්නේ වැලිකඩින්ය. එතන පිරිසද PCR පරීක්ෂණ වලට ලක් කලද, එම පිරිස සතියෙන් සතිය මාස දෙක තුනක් හෝ නැවත නැවත PCR පරීක්ෂණවලට ලක් කල යුතු බව මාතලන්ගේ මතයයි. මේවා එම ආයතනවල පාලකයින්ගේ වගකීම්ය. වැඩේ කෙල උනායින් පස්සේ එක එකාට දොස් කියලා වැඩක් නැතිය. කුඩු කාරයන්ට සියළු පව් පටවා, ශුද්ධවන්තයන් වෙන්න එකෙක්ටවත් බැරිය. මොකෝ කුඩු විකුණලා තියෙන්නෙත් රාජ්‍ය සේවකයන්ම වන නිසාය. උන් නිකන් රාජ්‍ය සේවකයන් නොව රාජ්‍ය ආරක්ෂාවට ඉන්නා උන්ම වීම මාරම ලොල් සහගතය.

කොවිඩ් 19 හෙවත් කොරෝනාවලට එන්නතක් හෝ බෙහෙතක් සොයා ගන්නා තෙක් මුලු ලෝකයේම මේ තත්වය එසේ පවතින එක ඉර හඳ මෙන් විශ්වාසය. ඒ වාගෙම එම එන්නත හෝ බෙහෙත ලංකාවෙන් සොයාගන්නේ නැති බවත් අර වගේම විශ්වාසය.

එහෙත් රෝගය පාලනය කර ගැනිමේ විශේෂ සමත්කමක් හා මෙහෙයුම් ක්‍රියාදමයක් ආන්ඩුවට පවතින බවත් රහසක් නෙමේය. අවම පහසුකම් යටතේ දියුණු රටවලටත් වඩා සාර්ථකව රෝගීන් රැකබලාගැන්මටත්, මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවත්වාගෙන යාමටත්, රෝගීන් පැමිනිය හැකි ස්ථාන වන ගුවන් තොටුපල හා වරායන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රම ජාත්‍යන්තර තත්වයෙන් පවත්වාගෙන යාමටත් සමත් වූ බවත් මුලු ලෝකයම දන්නවාය.

ඒ අතරේ දෙවනි රැල්ලක් එනවා කියා අපි කිව්වා ආන්ඩුව ගනන් ගත්තේ නෑ කියා මොර දිදී දෙවනි රැල්ළේ පැන පැන ආතල් ගන්නා සෙට් එකක්ද ඒ අතර ඉන්නවාය. ඒ අස්සේ ඉන්දියානු ඇම්බියුලන්ස් වල යනකොට කරන්ට් වැදිලා මැරෙණ බව සොයාගත් ගොම සංගමයද ඉන්නවාය. දෙවනි රැළි නොව ඊටත් වඩා රැළි එන්න පුලුවන් බව ලෝකය ගැන දන්නා ඕන එකෙක්ට තේරෙනවාය. ලෝකයේ බලවත්ම රටවල් රෝගය පාලනය කර ගැනීමට නොහැකිව එක එක සෙල්ලම් දමද්දි මේ පිස්සන්ට ආන්ඩුවට ඇඟිලි දික් කරන්නට කිසිම අයිතියකුත් නැත්තේය.

මොකෝ උන් ඔක්කෝම කිව්වේ. මේක ඝෝඨාගෙවත්, හමුදාවෙත් දස්කමක් නොව වෙනත් කාගේදෝ දස්සකමක් නිසා අඩු උනා කියාය. දැන් වැඩි වෙන කොටත් වැඩ බැරි ආන්ඩුවට දොස් කියන්නේ නැතිව අරගොල්ලන්ටම කියා වැඩේ ගොඩ දාගන්නවානම් අපිටත් මාරම සතුටුය.



17 comments:

  1. Well said... මාතේ...🤣

    ReplyDelete
  2. Replies
    1. මදුරු මාදව ගම්පහින් අගමැති කරමු!

      Delete
    2. @ Antonio

      FYI

      //AnonymousApril 5, 2017 at 1:55 AM

      බ්ලොග් පාඨකයින්ගේ ජීවිතයට සාමාන්‍ය දැනුම;

      A. ඇමරිකාව සොයා ගත්තේ - කිස්ඩෝපර් කොලම්බස්

      B. ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් සහ රසිකලොජිස්ට්

      C. ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන්

      D. ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා

      01. ලංකාවට බ්ලොග් හඳුන්වා දීම කළ සහ සිංහල බ්ලොග්වල බලපත්‍රලාභී නිල අයිතිකරු - ලන්ඩන් ඇල්බට් නොහොත් ඇජීට් ඩැර්මා (විශේෂඥ සූර චෞර)

      02. ලංකාවට මනෝ විද්යාව හඳුන්වා දුන්නේ - වෛද්‍ය මහාචාර්ය රුවන් ජයතුංග මනෝ විශ්ලේෂණ විශේෂඥ

      03. ලංකාවේ ජනතාවට හොඳ නරක කියාදෙන්නේ - සාස්තරපති නැකැත්පති පේරාදෙණි ගෝත්‍රික දෙපිටකාට්ටු මනපහත් මනාධම අන්තවාදී ජාතිවාදී රසිකොලොජිස්ට් නොහොත් සිනුවර මහා ප්‍රා(අ)ඥ (මේ දවස් වල උන් වහන්සේ ඔස්ට්‍රලියාවේ සමරිසි නිකායේ ප්‍රධාන සංඝනායක සිනුවරවාසී පරකන්දෙණියේ චුල්ලවට්ටි තලිසෙනදිට්ඨ නායක ස්ථවිරයන් වහන්සේ නමින් මහණදම් පුරමින් ජාතිවාදී අවජාතකය ඇසුරෙන් බන තලන විචිත්‍ර ධර්ම කථිකයෙකි!)

      04. ලංකාවේ ජනතාවට දේශපාලනය කියාදෙන්නේ - මතුගම මහා ප්‍රාඥ අජිත් පැරකුම් ජයසිංහ

      05. ලංකාවේ බ්ලොග් සම්භන්දයෙන් නිසි බලධරයා - බ්ලොග් පොලිස්පති ලිංතොටගේ ඉයන් ප්‍රනාන්දු (කැපුවත් කොළ ග්‍රීන් බ්ලඩ් යාවජීව සාමාජික)

      06. බ්ලොග් වලින් මඩ ගැසීමේ කලාව සොයාගත්තේ - කුමාර බලුආරච්චි නොහොත් සරස නොහොත් දන්ගොතා

      07. මඩ බ්ගොල් කඩමාලුවල මාගල් වැනි ආලෝචන පළ කර පොරවල්වීමේ කලාවේ පිකාසෝලා - මයුර විලයා හා කුදලා ගමයා

      08. බ්ලොග්වල මෙලෝ රහක් නැති ගොන් කතා ලියමින් ඒවා ජෝක් යැයි සිතාගෙන ස්වයංවින්දනයේ යෙදෙන්නා - නීතිඥ ප්‍රදීප් ජයතුංග නොහොත් ප්‍රා ජේ

      09. බ්ලොග්ලොව හිතහොඳ මෝඩයා - ප්‍රියන්ත හේවගේ හෙවත් ළමාතන්///

      FYI

      Delete
  3. මුන්ට පු* ඉඳලම පිස්සු

    ReplyDelete
  4. Whatever said and done (COVID or not) democratic process must go on. Alternative to having elected govt is dictatorship and no one want it (including people asking to postpone elections)

    What do we want? SLPP want elections since they want to set-up govt, all others want to postpone the inevitable loss. Few counties who are worse than SL had elections during COVID. I think we should get on with elections and done with. (Wijebahau)

    ReplyDelete
  5. Whatever said and done (COVID or not) democratic process must go on. Alternative to having elected govt is dictatorship and no one want(S) it (including people asking to postpone elections)

    What do we want? SLPP want elections since they want to set-up govt, all others want to postpone the inevitable loss. Few counties who are worse than SL had elections during COVID. I think we should get on with elections and done with. (Wijebahau


    Corrected

    ReplyDelete
    Replies
    1. Nobody is singular, and that is not related with the fact any number different from 1 (one) is considered plural.

      Delete
  6. ඔන්න මාතලන් මම සින්ඩිකේටරයක් හැදුව.මුලින්ම එකතු කලේ ඔයාගෙ බ්ලොග් දෙක.සප් එකක් ඕනි.

    ReplyDelete
  7. දෙවෙනි රැල්ලත් මිටි තැන්වලින්ම ගලයි.............

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න