.

.

Jul 9, 2020

ප්‍රේමදාසගේ හිඟන කොල්ලා චින්තනය..



මෙවර මහ මැතිවරණය සමාජ මාධ්‍යවල පවා මහත් ඕලාරික බවක් පෙන්වන්නේය. එයට හේතූ කීපයක්ම තිබය හැකිය. ඒ චන්දයට තව බොහෝ කාළයක් තිබීම, කොරෝනා හේතුවෙන් මහා මැතිවරණ රැස්වීම පැවැත්වීමට නොහැකිවීම, කොමිසම විසින් මැතිවරණ ප්‍රචාරණ නීතී රීතී තද කර තිබීම හා තවත් හේතූන් රාශියක් නිසා බව බව විවිධ අයගේ මතයන්ය.


මාතලන් නම් සිතන්නේ.. මීටින් වලට බලෙන් කැන්දාගෙන එන අන්ත අසරණ දුප්පත් ජනතාව මිස අනෙක් උන්ට මේ දේශපාලනය එපාම වී තිබීම ඊට හේතුව බවයි. අවුරුදු පහක සාපයකින් ජනතාව මිදුනේ වුවද බලාපොරොත්තු වූ සහන කිසිවක් ජනතාවට නොලැබීමෙන් මුන් ඔක්කෝම එකයි යන ජනමතය මිනිසුන් තුල වැඩි වැඩියෙන් ඇති වීම ඊට හේතුව බවයි.

කොරෝනා වසංගතයෙන් ආර්ථිකයට වූ හානිය පසෙක තිබියේවා මේ රජය ආර්ථිකය ගොඩ ගැනීමට ගන්නා ක්‍රියාමාර්ගයන් පියවි ඇසට නොපෙනීම ඔවුනට බලාපොරොත්තු වන 2/3 නොලැබී යාමට විශේෂයෙන් හේතුවනු ඇත. එහෙත් ආන්ඩුවේ ජයග්‍රහණය ස්ථිර බව තරඟයට එලඹ ඇති ප්‍රතිවාදීන් පවා පිලිගැනීම ආන්ඩුවට ඉතා වාසි සහගත තත්වයක් ගෙන එන එකත් බොරු නෙමේය. ඒ කෙසේ වෙතත් 2/3 නම් කිසි සේත් නොලැබෙන බවත් ලියා තැබිය යුතුමය.

එමෙන්ම දෙවන බලවේගය සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ටෙලිපොන් සැට් එක බවත් අවිවාදිතය. එහෙත් චන්දයෙන් පසු ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිද? ඔවුන්ට මේ රට ගොඩ ගැනීමට වැඩපිලිවෙලක් තිබේද? ඒ ගැන කිසිවක් මැතිවරණ වේදිකාවකදී කියවේද?

අඩුම ගානේ වැඩ බැරි තියරි කාරයෙක් වෙන රනිල් වික්‍රමසිංහට ආර්ථිකය ගැන ඇති දැක්මවත් ඔවුන්ගේ කිසිවකුට හෝ තිබේද? ඔවුන් කතාකරන්නේ මොනවාද? මේ රටේ සියල්ලන්ම හිඟන්නන් කිරීමට නොවේද? සුභසාධන රාජ්‍යයක් කිරීමට නොවේද? ඔවුන්ගේ රාජ්‍යයේ ජනතාවට සහන පිට සහන දෙන වියදම් ඇති මුත් ඒ සඳහා රාජ්‍යයට ලැබෙන ආදායම් මොනවාද යන්න ගැන කිසිඳු සඳහනක් වේද?

දේශපාලනයේ අන්දරේලා එදා මෙන්ම අදද ඉන්නේය. එහෙත් රටේ නායකයා වෙන්න යන එකා බන්ධු සමරසිංහගේ පාට් එක කිරීම මොන තරම් පාපයක්ද? හිටපු අන්දරේ අවුරුදු පහක් පිස්සු කෙලියා මදිද? නායකයකුගෙන් මිනිස්සු බලාපොරොත්තු වන්නේ මෙවන් ගොන් කතාද? ඒවා විශ්වාස කරනා උන් සිටින්නේ නම් උන්ට අබ සරණ ඇර වෙන සරණක් කිසි දිනක ලැබේද? සිරිකොත ඇල්ලුවා කියා මේ රටේ ජනතාවගේ ප්‍රශ්ණ විසඳේද?

වාසනාවකට හද්ද බයියන් වන රාජපක්ෂ කල්ලියේ ගොන් කතා කියූ උන්ගේ ඒ කතා අද අහන්නට ලැබෙන්නේ නැත්තේ ඝෝඨාභයගේ ආගමනයත් සමඟය. අද උන් කතා කරන්නේ ඇත්ත තත්වයයි. යතාර්ථයයි. මේ රටේ ජනතාව ගොනුන්ට අන්දවා ලබා ගන්නා දෙයින් තමන්ටද කිසි සෙතක් අත් වන්නේ නැති බව ඔවුන් පසුගිය කාළයේ අවබෝධ කර ගන්නට ඇත. MCC හා වරායේ නැගෙනහිර පර්යන්තය ගැන පවා ඔවුන් කියන්නේ ඇත්තය. මේවා නොම්මර එකේ පඹයෙක් වූ සිරිසේනටත් හොරෙන් රනිල්ලා අත්සන් කරලා ජරාවත අරගෙන අහවර ඒවාය.

රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම් තමා බලයට පැමිනිය ගමන් ඉරා දමනවා කියන්නේ සමහර විට සංසාරයේදී බලයක් නොලැබෙන බව දන්නා නිසාත් විය හැකිය. ජනතාවට මසකට 20000 ක් දෙන කතාත්, විදුලිය බිල් ජල බිල් කපා හැරීමත්, ණය මුදල් කපා හැරීමත්, රැස්වීම්වලට එන හිඟන්නන්ට 4% පොලියට ණය දෙන කතාත් කියන්නේ ඒ නිසා වෙන්නට පුලුවන්ය.

මහ චන්දයෙන් පසු ටෙලිපෝන් සැට්ටෙකට අත්වන ඉරණමත් ලියා තැබිය යුතුමය. රනිල් ජීවත් වෙන තාක් සිරිකොත බලය ඇල්ලීම නම් බොරු බයිලාය. එජාපයේ ඔරිජිනල් එජාප කාරයෝ ඉන්නේ සිරිකොතේය. ප්‍රේමදාස සමග ඉන්නේ නොම්මර එකේ එජාප බයියන්ය. උන්ට අවශ්‍ය බලයක් හෝ වැඩපිලිවෙලක් ඇත්තේම නැතිය. 2015 මහත් බලාපොරොත්තු තබා උන් ආර්ථික උස්තාද්ලා වූ හර්ෂ ද සිල්වලා එරාන් වික්‍රමරත්නලා නිකන්ම නිකං හාල්පාරුවෝ බව අගේට ඔප්පු කර පෙන්නුවේය. අනික් උන් කසිප්පු කාරයෝ හා බඩු කාරයෝය.

මංගල සමරවීර ඔතනින් බැස ගියේ නිකන් නෙමේය. මංගලලාගේ ක්ලාස් එක නියෝජනය කරන එකෙක්වත් ඔතන ඇත්තේ නැතිය. උන්ට අත්වන ඉරනමත් ඔහුට හොඳින් වැටහෙන්න ඇතිය. එතනින් එලියට ආ ගමන් රනිල් හම්බ වෙන්න යන්නේත් හොරගොල්ලට යන්නේත් ඒ නිසාමය.

අර බඩු කාරයෝ හා කසිප්පු කාරයෝ ටික සල්ලිවලට බා ගන්නා එක බැසිල් ලොක්කාට සිම්පල් වැඩක්ය. රනිල් හා පිරිස ආන්ඩුවට එක් වූ පසු, උන්ගෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන අධීක්ෂණ ඇමති කමක් දුන්නාම උන්ට ඉහටත් උඩින් ඇතිය. 2/3 ඉතා පහසුවෙන් හදා ගන්නේ එසේය. එවිට මූලධර්මවාධී ජාතිවාදීන්ගේ සිහිණද බොඳ වී යනු ඇත. උන් මහරාජාගේ සිහිණ රාජ්‍යය කුඩු කර දමන්නේ එසේය.

ඉන්පසු ඔතන බලය අල්ලන්නේ රාජිතලා හා චම්පිකලාය. සජිත් සමඟ ඉතිරිවනු ඇත්තේ රනිල් විසින් සිරිකොතට ඇතුල්වීමට එරෙහිව භ්‍රහ්ම දන්ඩනය පැනවූ පිරිස පමණමය. උන් උවත්, රනිල්ගේ දෙපා නැමද අලියා පිටේ නැග්ගොත් ඔහේලා කලබල වෙන්න නරකය.

16 comments:

  1. අපි සියණෑ කෝරලේ සිංහල මිනිස්සු,
    අපි දෙන්නේ දෙකට පමණයි.

    ReplyDelete
    Replies
    1. 1. පරිප්පු
      2. සාඩින්

      ඔහොම යං ඇන්තනි ඔහොම යං

      Delete
    2. AnonymousJuly 10, 2020 at 7:51 AM
      ලංකාව කියන්නේ මහ පුදුම රටක්
      මෙහෙ බඩගිනි වෙන්නේ සිංහල අයට විතරමද දන්නේ නෑ.

      සිංහලයෝ ආර්ථික කාරණා ගැන හිතලා චන්දේ දීමේ කැත පුරුද්දෙන් මිදිය යුතුයි.

      Delete
    3. මදුරු මාදව

      Delete
  2. සජිත් කියන්නේ මේ වෙලාවේ වැඩක්ම නැති එකෙක්

    ReplyDelete
  3. උඹේ ෆේස්බුක් එකවුන්ට් එකට මොකද වුණේ?

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ. අපූරුවට බ්ලොග් එක ලියාගෙන, හොඳ පාඨකයන් ටිකක් නෙමෙයි ගොඩක් හදාගෙන හිටපු එකා, ෆේස්බුක් එකේ එක එකාට කඩේ යන්න ගත්තා. මම සකයට කියනව අවුරුද්දකට බ්ලොක් කරන්න කියලා.😁😁😁😁

      Delete
  4. Correction Maathalan, once Premadasa senior got elected and 'Mangala la ge class eka ballata dammeya' That can happen again, not in this election though. (Wijebahu)

    ReplyDelete
  5. " aurudu pahaka sapayen " ethokota rajapakshlage aurudu 15 sapada ..??

    ReplyDelete
  6. now there is no difference between weerawansa and Mathalan .. rajapaksha laundry..!!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න