.

.

Aug 11, 2020

රනිල් වික්‍රමසිංහ නම් ප්‍රොපගැන්ඩාවේ නිමාව



රනිල් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගත යුතු බව 2015 න් පසු කීප අවස්ථාවකම මාතලන් විසින් ලියා තැබුවේය. එහෙත් ඒ නායක කම සජිත් ප්‍රේමදාසට පැවරීමෙන් නොවේය. ඔහු වෙනුවට, වියපත් වුවද ගෞරවාන්විත පොරක් එජාපයේ උන්නේය. ඒ කරූ ජයසූරියයි. මෙහිදි මාතලන් "2015 න් පසු" කියා කියන්නේ විශේෂ හේතුවක් ඇතිවය. ඒ රනිල් ප්‍රොපගැන්ඩාවේ අපද වල්මත් වී උන් නිසාය. 

එහෙත් 2015 පාර්ලිමේන්තුවේ බලය ලබාගෙන මහින්ද කරපු වැඩත් නවත්වා මහ බංකුවට ගේම දෙන කොටම අප උන්නේ සිහිණයක බවත්, රනිල් යනු තනිකර ප්‍රොපගැන්ඩාවක් බවත් මොනවාට අවබෝධ උනේය. රනිල් පමණක් නොව ඒ මුළු පක්ෂයේම මේ රට ගොඩගත හැකි කිසිවකුම නොමැති බව පස් වසරක් තිස්සේ මුළු ලොවටම පෙන්වා අවසානය. ආර්ථික උස්තාද්ලා ලෙස පෙනි උන් පොරවල් අමු හාල්පාරුවෝ බව රනිල් කරපු එකම එක දේ වන "සුවිසැරියත්" තමන්ගේ එකවුන්ට් එකේ දාගන්නා හැටි දැක්කාම අනේ අනිච්චේ සංසාරේ කියා සිතෙනවාය. 

රනිල් පසුපස කිසි දිනෙක ජනතාව උන්නේ නැතිය. ඒ බව කැළණියේ ජීවත් වූ අප අත්දැකීමෙන්ම දන්නවාය. රනිල් නායකත්වයට පත් වූ විගසම, ඒ කාළයේ වැඩිමල් පාක්ෂකයින් අප සමඟ කීවේ, රනිල් නායකත්වයේ දිගටම සිටියහොත්, එය එජාපයේ අවසානය වනු ඇති බවය. අද ඔවුන් දිවියලෝකවල ජීවත් වූවත් ඔවුන්ගේ කටවල් වලට සුරඟනාවන් අමෘතය වක්කරනවා නොඅනුමානය. 

අප වැනි හාල් පාරුවන් මේ ප්‍රොපගැන්ඩාවේ මුලා වීම මහා දෙයක් නොවන්නේ, ලෝක නායකයෝ මෙන්ම සංවිධානද මේ මුලාවේ වික්ටිම් වූ නිසාමය. රනිල් පසුපස ජනතාව උන්නේ නැතයි කියා මාතලන් මුලින් කීවේය. ඔහුට සාමාන්‍ය ජනතාව සමඟ තබා, තම පක්ෂයේ ලොකු පොරවල් සමඟ හෝ ඇයි හොඳයියක් තිබ්බේ නැතිය. ඔහුගේ ඇයි හොඳයිය තිබුනේ එක්තරා ඇබ්බහිවීමක් සහිත ඉහළ පැලැන්තියේ හිතවතුන් කීප දෙනෙක් සමඟය. 

ඔහු බියගම දමා කොළඹ හතේ කුරුඳුවත්තට එන්නේ ඒ නිසාමය. එහිදි මහජනතාව හමුවීම් ඇත්තේ නැතිය. එය ඔහුගේ අධිකාරිවාදය නිදහසේ පවත්වාගෙන යාමට මහත් රුකුලක් වූයේය. තව දුරටත් ජනතාව හා ගණුදෙණුවක් ඔහුට තිබුනේ නැතිය. ඉන් පසු ඔහුගේ ගණුදෙණුව තිබුනේ බටහිර තානාපතිවරුන් හා NGO කාරයන් සමඟ පමණි. ඊට කෘතගුණ සැලකීමක් ලෙස ඔවුන් විසින් අපූරූ ප්‍රොපගැන්ඩාවක් සමාජ ගත කලේය. 

ඒ රනිල් මාර දේශපාලන බුද්ධිමතෙක්ය කියලාය. ඔහු ආසියාවේ මහා මොළය විය. මෑතක් වන තුරුම තරුණ නායකත්වයද විය. එහෙත් 2001 වර්ෂයේ අවසානයේ සිට 2004 අප්‍රේල් මාසයේ චන්ද්‍රිකා කුමාරණතුංග විසින් ඔහු බලයෙන් එලවා දමන තෙක් රටට කරපු කිසිවක් ඇත්තේ නැතිය. එමෙන්ම එම වකවානුවේ දෙවරක් ජනාධිපතිකම් කල චන්ද්‍රිකා නෝනාද එම බෝට්ටුවේම තවත් පච හිලක් බවත් ලියලාම තියන්න ඕනෑය. 

ඉන් පසු මංගල සමරවීර උන්නැහේ "රනිල්ට බෑ" කියා කීවත් අප උන්නේ අර සිහිණයේමය. රනිල්ට මෙන්ම සජිත්ටත් බැරි බව තේරුම් ගත් නිසාවෙන් එතුමානෝ බැස යන සඳ සේ දේශපාලනයෙන් බැස තමාගේ හිතෛශීන් වන NGO කාක්කෝ සමඟ මොකක්දෝ අටවාගෙන තියෙනවාය. ඒ හදාගෙන තියෙන්නේ රට හදන්නට නොව රටට කෙලින්නටය. 

කොටින් සමඟ චන්ද්‍රිකාටත් හොරෙන් ගිවිසුම් ගසා සුප්‍රසිද්ධ මිලේනියම් සිටි පාවාදීම හේතුවෙන් බලයෙන් පහකලද, ඔහු ගැන මවා තිබු ප්‍රොපගැන්ඩාවේ අප මෙන්ම ජනතාවද තව දුරටත් ජීවත් උනේය. ඒ ඔහු රටේ නායකත්වයට පත් වුවහොත්, ජේ ආර් හා රණසිංහ ප්‍රේමදාසටත් වඩා විශාල ආර්ථික ප්‍රගතියක් රටට අත්කර දෙනු ඇතයි යන මුලාවෙනි. එහෙත් 2005 දී රටේ වාසනාවට ජනාධිපති වීම ඔහුගෙන් ගිලිහී යන්නේ, ප්‍රතිවාදියාට වඩා සුළු චන්ද ප්‍රමාණයක් අහිමි වී යාමෙන්ය. 

එම වසරේදී ඔහු ජනාධිපති ධූරයට පත් වූයේ නම්, අද අපට අනුරාධපුරයෙන් එහා යන්න වෙන්නේ වීසා අරගෙනය. මේ රට, රටවල් දෙකක් නොව, තුනක් වෙනවා නොඅනුමානය. ඔහු රට ගැන හෝ ජනතාව ගැන කිසිඳු හැඟිමක් තිබූ නායකයකු නොවේ. බටහිර රටවල් මේ රට ගොඩ දමාවීයැයි යන සොඳුරු සිහිණයක් ඔහුගේ සිතේ සැමදා තිබිනි. 

රනිල් කෙසේ හෝ රටේ පාලකයා ලෙස ගෙන ආ යුතු වුවද ඔහුට ජනවරමක් නොමැති බවත් ප්‍රොපගැන්ඩා සෙට්ටෙක ඒ වන විට අවබෝධ කොටගෙන තිබුනේය. පොද්දෙක් හෙවත් පෙන්දෙක් රටේ නායකයා කොට රනිල් හරහා තම අභිප්‍රායන් ඉටු කර ගැනීම බටහිර බලවේගවල හා NGO කාක්කන්ගේ අරමුණ උනේය. ඒ රාජපක්ෂලා හරහා චීනය මේ වන විටත් ලංකාව ආක්‍රමණය කර තිබූ නිසාය. 

බලාපොරොත්තු වූ ලෙසම ජයගත් ඔවුන්, සිරිසේනට ලෝක බලවතුන්ගෙන් මහා පිලිගැනීමක් ලබා දී මුරුංගා අත්තේ තබා, ගොනාට ඇන්දීම සුපිරියටම කරගෙන ගියේය. ඊළඟට වූයේ 19 ව්‍යවස්ථාවෙන් සිරිසේනගේ තටු කපා රනිල් පොර කිරීමයි. වැඩේ සාර්ථක වුවද රනිල් වැඩ්ඩෙක් නොවන බව වටහා ගත් අර බලවේගයන් රනිල් අත් හැර දමන්නේ, පාඨලීගේ ගුලි ගිලිනා රනිල් තම පිරිවරත් සමඟ චීන සංචාරයේ ගිය දා පටන්ය. 

මේ අතරතුරේ මහ බැංකුවට දුන් ගේමේන් මිස්ටර් ක්ලීන් නොම්මර එකේ කම්බා හොරෙක් බව එලියට එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබා ගැන්මටත් පෙරය. ඩීව් ගුණසෙකර කෝප් කමිටුවෙන් ගේම අදිනවාත් සමඟම පාර්ලිමේන්තුව විසුරුවන්නේ මෙයින් ගැලවිය හැකියැයි සිතාය. එහෙත් සිරිසේන සියල්ලෝම අධිකරණයටම කැඳවා කලිසම් ගලවා දමන්නේ එතෙක් පොරවාගෙන උන් ටයි කෝට් අස්සේ උන්නේ කම්බා හොර නඩයක් බව මුළු ලෝකයාටම පෙන්වමිනි. 

මෙයින් උදාමයට පත් චීනා රනිල් නියමෙටම ගොනාට අන්දා තමන්ගේ පොට් සිටිය යලිත් ක්‍රියාත්මක කල අතර, රාජපක්ෂලාගෙන් ලබා ගත නොහැකිවූ හම්බන්තොට වරායද තමන් සතුකර ගත්තේය. එහෙත් පෙන්දන් දෙදෙනෙකු විසින් පාලනය කරනා රටක් තුල ආයෝජන කිරීමට අකමැති වූ නිසා, චීනයෙන් හෝ කිසිඳු ආයෝජකයෙක් ආයේ ලංකාවෙ පැත්ත පලාතේ ආවේ නැතිය. 

පසුව චීනාගෙන් මෙන්ම බටහිර බලවතුන්ගෙන් කිසිඳු පිලිසරණක් නොමැති වීම තුල ඔහු යන්නේ ඇමරිකාව, සිංගප්පූරුව හා ජපානය පසුපසය. සිංගප්පුරුව සමඟ ගැසුවේ ලංකාව සිංගප්පුරුවේ කසළ අංගනය කිරීමේ ගිවිසුමකි. ඊළඟට ඇමරිකාව සමඟ එලඹි MCC ගිවිසුමද පාක්ෂිකයන්ගේ මෙන්ම විරුද්ධ පාක්ෂිකයාගේද විරෝධයට ලක් වීමෙන් යට ගැසුවේය. රනිල්ගේ තවත් මාරම ප්‍රොජෙක්ට් වූයේ එංගලන්තයේ සායනික කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒමය. මේවා සංසාරයේදි අප අසා හෝ දැක තිබූ ප්‍රොජෙක්ට් නම් නොවේය. 

මේවා මේ ආකාරයෙන් යන අතරේ තමන්ට කිසිවක්ම කල නොහැකි බව ලොවටම පෙන්වා තිබියදීත් ගෞරවනීය සමුගැනීමේ අවස්ථාවක් උදාකලේද තම පරම සතුරා වූ සිරිසේන විසින්මය. ඒ කුප්‍රකට ඔක්තෝබර් විප්ලවයයි. එහිදි ඔහුට ඔප්සොන් හෙවත් අගනා විකල්ප දෙකක් හිමි විය. 

1. විප්ලවය පරාජය කිරීමෙන් පසු සජිත් ප්‍රේමදාසට නායකත්වය හා අග්‍රාමාත්‍යධූරය පිරිනමා ගෞරවාන්විතව ඉවත් වීම. 

2. මහින්දට හා සිරිසේනට ඔනා දෙයක් කර ගනින් කියා බැක්ෆුට් ක්‍රීඩා කොට, නැවත් ගේමට පැමිණීම. 

එහෙත් බලයෙන් මෝහණයට පත් වූ පසු තිබෙන කුඩා මොළයටත් කෙල වී යන නිසාවෙන් ඔහු ගත්තේ වෙනස් තීරණයකි. මේ අති දරුණු පරාජයට හේතු වූයේ ඒ ආසියාවේ මහා මොළය යනු අමු බොරුවක් බව මොනවාට කියා පාමිනි. 

මෙය රනිල් වික්‍රමසිංහයන්ට ගැලපෙන රටක් නොවනා බවත් ඔහු ගැලපෙන්නේ දියුණු රටකට බවත් කියනා ලිබරල් පොරවල්වලට අපට කියන්න තියෙන්නේ, දියුණු රටක උන්නා නම් රනිල්ට ගෙදර යන්න වෙන්නේ 2005 පරාජයත් එක්කම කියලාය. ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ රටේ ඉතරක් නොව දේශපාලන පක්ශවලත් තියෙනවාය කියා නොදන්නා පුකේ ලිබරල් න්‍යායාචාර්යවරුන් නොදන්නවා උනාට, ඇත්තටම ලෝකය දන්නා උන් නම් ඒ බව දන්නවාය. 

හරක් මස් කඩේ මුදලාලි මලත් ඔහු සත් ගුණවත් උපාසක කියා පාංශුකූලයට එන පන්සලේ නායක හාමුදුරුවෝ දේසනා කරන්නා සේ, අද රනිල් අරවා කෙරූ මේවා කෙරූ මහා පොරක් සේ 2% ඇත්ත අලින් ගයනා ප්‍රශස්ති දැක්කාම අපට හිනා යන්නේ පස්ස පැත්තෙන්ය. මේ එකක්කත් ඔහුගේ කෙරුවාවන් නොව ඇතුලත්මුදලිගේ කොන්සෙප්ට්ය. එහෙම නැත්නම් ප්‍රේමදාසගේ කොන්සෙප්ට්ය. ඒවා සියල්ලම අධීක්ෂණය උනේ ඔවුන් යටතේය. 

ඇත්තටම රනිල් කල එකම දේ සුවිසැරිය ගිලන් රථ සේවය රටට තාග්‍යක් ලෙස ලබාදීම පමණි. එහෙත් අද එයත් මරාලයක්ම බව වරායේ ඇති කචල් වලින් සියල්ලන්ටම අවබෝධ වී අවසානය. රනිල් ගෙන ආ මරාල අද ලිහාගන්න වෙලා තියෙන්නේ අලුතෙන් ආ ආන්ඩුවටය. MCC ගිවිසුමද එයින් එකකි. 

එදා බලයේ උන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 8 කට (කේවල මැතිවරණ ක්‍රමය අනුව) බස්සා, වර්ල්ඩ් රෙකෝඩ් තියා බලයට ආ පක්ෂයක් සදා කල් බලයේ සිටීමට සමානුපාතික ක්‍රමයක් ගෙන එන්නේ, මතුයම් දිනෙක එජාපයේ එකෙක් හෝ ඒ පින් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්දන්නදැයි කුකුසක් කෙනෙක් තුල ඇතිවන්නේ නම් එයත් පුදුමයක් නෙමේය. 

එහෙත් එවන් සුපිරි පක්ෂය, රනිල් වික්‍රමසිංහ නම් තම බෑනා විසින්ම එවැනි ඉරණමකට ඇද දමාවී යැයි සිතුනේ නම්, ජේ ආර් උන්නැහේ තම බෑනා කිසි දිනෙක දෙශපාලනයට ගෙන එන්නේ නැති බව, ඉන්නා ලෝකයක සිට JR උන්නැහේ සිතනා එක නම්, රනිල් පක්ෂයට කෙලියා වාගේම විශ්වාසය. 

ඒ වගත් මෙසේය......

11 comments:

  1. Super,

    To bring MR down in 2015, Ranil needed support from whole world and pack of lies like Thadjudeen, 18 Lamborghini, USD 80Bil in Dubai bank, Gold horse, Volkswagen etc.

    This time, Ranil himself bought his own demise no one had to fabricate lies.

    Wijebahu

    ReplyDelete
    Replies
    1. Ranil is going so සිංහල බ්ලොග් වල රෙන්නෙ නැතුව Wijebahu you also go

      Delete
  2. මාතේ, අලි සබ්‍රි කියන්නේ ගොවිගම තම්බියෙද්ද බං?

    ReplyDelete
    Replies
    1. නිවැරදිවම කියනවනම් අලි සබ්‍රි මහත්මයා සිංහල බෞද්ධ ගොවිගම තම්බියෙක්

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න