.

.

Aug 22, 2020

ගමනක අවසානය – ශ්‍රීලනිපය

 


මෙම ළිපියේ මුල් කොටස බැලීමට මේ අකුරු උඩ ක්ලික් කරන්න

(ළිපිය මාගලක් වූ බැවින් කොටස් තුනකට කඩන ලදි)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය අහෝසි වන්නේ 1970 ජයග්‍රහණයත් සමඟය යන්න මාතලන්ගේ විශ්වාසයයි. එහිදි බලය මෙහෙයවන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයක් නොව වාමාශිකයින් කණ්ඩායමකි. රටක් ගොඩගන්නේ, මිනිසුන්ට බත් කන්න තහනම් කර ඔවුන් කුණු බක්කි අවුස්සන තත්වයකට ඇද දමා නම්, ඒ ගොඩගැන්මෙන් ඇති ඵලක් නැතෙයි කියා වමේ බලවේගයන්ට 1977 දී ජනතාව පෙන්වා දුන්නේය.

1970 බලයට පත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුක්කානම තිබුනේ වාමාශිංකයින් අතේය. ඒ වාමාශිංකයින්, ලෙස ජනතාවගේ සිත් තුල ජීවත්වන විප්ලවකාරී වාමාංශිකයින් නොවේ. ඔවුන් සියල්ලෝම අධිරාජ්‍යවාදි පාලන කාළය තුල බිහි වූ ලුම්පන් පන්තියේ දුවා දරුවෝය. එහි නෂ්ඨාවශේෂයන් කීපයක් තාමත් රාජපක්ෂලාගේ පොහොට්ටුවේද හොල්මන් කරමින් සිටී. ඔවුන්ගෙන් පසු ඒ ධනවාදී ලුම්පන් වාමාංශිකයාද අතුරුදහන් වීමට නියමිතය.

එසේ අනාථ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා පාලනය යටතේදී ගමන් කරන්නේ කිසිවකුත් සිතූ ගමනක් නොවේ. එය කවුරුත් දන්නා යහපාලන යුගය මෙන්ම කිසිම දැක්මක් නැති රට කබාසීනීයා කර දැමූ වසර 11 කි.

එය වමටත් නැති ධනවාදයටත් නැති, එහෙටත් නැති මෙහෙටත් නැති අමුතුම එකක්ම වූයේය. විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනවා කියා ආපු උන් ආර්ථිකය ඍණ අගයකට ගෙන ගියේ ලංකාවේ ප්‍රථම වතාවටය. එක ගෙනාපු උන් කීවේ චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා කියලාය.

කිසිඳු අනන්‍යතාවයක් නොතිබු පක්ෂයට නැවත අනන්‍යතාවයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂය. වසර දහයක අවසානයේ එයට පට බැදුන නම ඔවුන්ගේ අනන්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ මහ බයියා වූ අතර පාක්ෂිකයින් බයියෝ විය.

පොදු ව්‍යවහාරය මෙය වුවද ජේ ආර්ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති හා චන්ද්‍රප්‍රේමගේ කොල පාට සමාජයේ නියම නියෝජනය තිබුනේ මෙතනය. ලිබරල්වාදීන් ඔවුන් බෞද්ධ මූලධර්මවාදී ගෝත්‍රික පිරිසක් ලෙස හැඳින්වූවද, නාමල් රාජපක්ෂලාගේ දැක්ම තිබුනේ පුකේ ලිබරල් උන්ටත් වඩා ඉදිරියෙනි.

මා නම් දකින්නේ නාමල් කොළඹ ඉහළ සමාජය සාමාන්‍යකරනය කොට රටට හඳුන්වා දුන් පුද්ගලයා ලෙසිනි. රාජපක්ෂලා එලවා 2015 බලය ලබා ගත් උන් උත්සාහ කලේද නාමල් රාජපක්ෂලා වීමට වූවත්, උන්ට එය සාර්ථකව කළ නොහැකි වූ බවත් සියල්ලන්ම දුටුවේය. නාමල් ගැන කොතෙක් විවේචන තිබුනද මාතලන් නම් ඔහු දකින්නේ විප්ලවවාදියෙකු ලෙසිනි. එය වෙනම මාතෘකාවක් බැවින් අනාගතයේ ඒ ගැන වෙනම ලිවිය යුතුය.

රාජපක්ෂලා තවත් විශේෂිත විප්ලවයක් කළේය. ඒ මේ රටේ දියුණුවට හා සංවර්ධනයට ඉමහත් බාධාවක් වන සඝ පරපුර මෙල්ල කිරීමය. ඔවුන් අද රාජපක්ෂලාට එහෙයි කියන තත්වයට පත් වී අවසානය. මහින්ද එය රැඩිකල් ලෙස කළ අතර. ඝෝඨා එය වඩාත් මානුෂික මුහුණුවරකින් කරගෙන යයි. අනෙක් පක්ෂ හා නායකයින් සියල්ලම රාජපක්ෂලා ඉදිරියේ පදිරි වන්නේ මේ හැකියාව හමුවේය.

කෙසේ වුවත් 2015 මහින්දලා ගෙදර යන්නේ ජනාධිපති කම් පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම්ද පරිත්‍යාග කරමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නාමිකවද මරණයට පත් වීමේ සීග්‍රගාමී ගමන ඇරඹෙන්නේ එතැන් සිටය. මෛත්‍රීපාල සිරිසේන අද එහි අවමංගල උත්සවය සංවිධානය කරමින් සිටී.

පක්ෂ නායකත්වය රැගෙන නැවත මළකඳ කෙලින් කරනා මෙන් මහින්ද රාජපක්ෂට ආරධනා පත්‍ර එවා තිබුනද, සමානුපාතික ක්‍රමය යටතේත් 2/3 ක් ලබාගත් නැවුම් පොහොට්ටුවක් අත්හැර දමා අත බදා ගන්නට යෑම නැවතත් ගල් යුගයකට යාමක් බව නම් නොලියා සිටිය නොහැකිය.

අද ලාංකීය දේශපාලනයේ රෝ මොඩල් එක රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂ යනු වෙනම ෆිලෝසොෆියකි. ආගමකි. සියල්ලෝම ඔහුගේ දර්ශණය වන්දනාමාන කරන්නෝය. එහෙත් රාජපක්ෂලා සිටිනා තෙක් ඔවුන් සියල්ලෝම අනුගාමිකයින් පමණක්ම වන්නෝය.




9 comments:

  1. ණය නැති රටක් අරගෙන
    හැත්තෑ දෙවසරක් ගෙවමින
    රටම ණය කරමින
    රඟති නිල්-කොල-රතුද ඇඳගෙන


    ReplyDelete
  2. කොච්චර මේකප් දැම්මත් මළමිනියක අජීවී ගතිය යනවය? දැන් ගොඩක් පක්ෂ මිනී නැත්තං පිල්ලි!

    ReplyDelete
  3. මාතේ, ඔය උඩ තියෙන cartoon එක ලොකු කතාවක් කියනවා. බැලූ බැල්මට හිනා ගියාට කැටපෝලයා යකෙක්,ගල් ආන්දෙක්,...තේරුම් ගත නොහැකි චරිතයක්. ආන්ඩු මට්ටු නොකොලොත් ආන්ඩුවට අබ සරනයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ගෝටට පතෝලයාගෙන් පරිස්සම් වෙන්න වෙනම දූතයො සෙට් එකක් යෙදෙව්වත් අවුලක් නෑ. ජනතාවට හෙන ගැහුවත් මිනිහා අග්‍ර ඵල නෙලන්න බලන් ඉන්නෙ..

      Delete
    2. දේශපාලනය ගේමක් කියල හිතං ඉදල කුජීත වූ රනිල්ගේ අනිත් එක. ගේම් කාරයංව කටින් අතදාල කණපිට ගහන්න රාජ පක්ෂ කල්ලියේ අමන ගෝත්‍රික පාදඩයන් දන්නව. බලං ඉන්න. ප්‍රහසන තුල ක්ලැසික් දකින්න සෑහෙන්න ඉමැජිනේෂන් ඕනේ. But it’s not worth the effort.

      Delete
  4. මාතේ my3 තරම් බුකියේ බයිට් වෙන වෙනත් චරිතයක් නැති තරම්. එයා මොනවා කිව්වත් කලත් අපේ අය එයාව ජෝක් එකට ගන්නවා. වෙනින් කවුරු හරි මොකක් හරි අවර පදමේ දෙයක් කිව්වත් කලත් ඒකටත් බයිට් එකට ගන්නේ මෛත්‍රී. ඒ නිසා එයා මිය යන්නේ නැහැ. ජෝක් එකක් හැටියට හරි පවතිනවා. ලංකාවේ හුඟක් සීරියස් වෙච්ච බොහෝ දෙනෙක් භෞතිකව හෝ සංකේතීයව මිය ගියත් මෛත්‍රීගේ පැවැත්ම මට නම් මනෝ විශ්ලේෂණ රෝග ලක්ෂණයක් වගේ දෙයක්. පුදුම විදියට එයා මේ මොහොත ඇතුළේ පවතින්න අරන් තියනවා. යහපාලනයට එකතු වෙච්ච ගොඩක් දෙනෙක් පසුගිය දා මැතිවරණයෙන් වාෂ්ප වෙලා ගියත් මෙන්න බොලේ මෛත්‍රී ආයෙත් ප්‍රාදුර්භූත වෙලා පාර්ලිමේන්තු ගිහිල්ලා ඉන්නවා නිකම් අවතාරයක් වගේ.

    පසුගිය අගෝස්තු මාසයේ පස් වෙනිද අවසන් වෙච්ච කට හේදුනු මැතිවරණයේ කේවල ජයග්‍රාහකයා පොහොට්ටුව හැටියට ගත්තොත් දෙවැනි තැන රනර් අප් පොසිෂන් එකේ ඉන්නේ මෛත්‍රිපාල උන්නැහේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වෙච්ච සෙට් එක. ඒක එහෙම වෙන්නෙත් පොහොට්ටුවේ අය නෙගටිව් කැම්පේන් එකක් කරමින් ඉන්නැද්දි. පොහොට්ටුවේ අයට විතරක් චන්දේ දෙන්න කියල කිව්වට රටේ හැම පැත්තකින්ම වැඩි මනාප ප්‍රමාණයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය මිනිස්සු පාර්ලිමේන්තු එවල තියනවා. මේක හුඟක් අය නොසිතපු දෙයක්. අපේ පළාත් වල පවා අපි හිතුවේ ශ්‍රී ලංකා අයට ඇඩ්රස් නැතිවෙයි කියල. නමුත් සිදු වුනේ වෙන දෙයක්.

    ඉතින් මම දැක්කා කට්ටිය කියල තියනවා මෛත්‍රී ගැහුවේ ට්‍රෝජන් අශ්වයා වගේ ගේම් එකක් කියල. ඒ කියන්නේ කාටවත් දැනෙන්නේ නැතුවම බලකොටුව ඇතුළට රිංගලා ඇතුළතින්ම සටන පටන් ගැනීම වගේ දෙයක්. ඒ නිසා වෙන්න ඇති මෛත්‍රී අර වයිරල් වෙච්ච ප්‍රකාශය කරන්නේ. දීර්ඝ දුෂ්කර කටයුත්තකින් පස්සේ එහි අග්‍ර ඵලය නෙළීමට ටික කාලයක් බලා සිටිය යුතුයි යන්න. ඒ ප්‍රකාශය බුකියේ හැමෝම තමන්ගේ ප්‍රොෆයිල් වල ඔබා ගත්තේ එහි තියන දේශපාලනික අනාගතකාලීන බව වැටහුන නිසා වෙන්නත් පුළුවන්.

    ඒ කියන්නේ නොසිතපු දෙයක් වෙලා තියනවා කියල දැන් හැමෝටම වැටහෙනවා. විශේෂයෙන් යහපාලනය ඇතුලේ ඉඳලා කුජීත වෙච්ච සියලු අයට සාපේක්ෂව වැඩි ගේමක් නැතුව මන්ත්‍රීවරු දොළහක් ශ්‍රී ලංකා එකට මෛත්‍රී අරගෙන දීලා සෑහෙන කේවල් කිරීමේ බලයක් දිනාගෙන තියනවා. උතුරේ එක මන්ත්‍රී ධූරයක් පවා එයට හිමියි. එක්සත් ජාතික පක්ෂයටවත් ඒ දේ උතුරේ කරන්න බැරි උනා කියන්නේ මෛත්‍රී විසින් කරන ලද මොනවා හෝ දෙයක් තිබිල තියනවා කියල දැන් අපි පිළිගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මක්කා කලත් එජාපෙ කරන්න ගිය අමු ගොන් වැඩ රාශියක් සිරා නැවැත්තුවා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න