.

.

Aug 7, 2020

ඝෝඨා… රැල්ළක් නොව සුනාමියකි

 

ලැබුන ප්‍රතිඵලය සියල්ලෝම හොල්මන් කර ඇත. අප දන්නා මැතිවරණ ඉතිහාසය තුල මෙහෙම කෙලියක් සිද්ද වූයේ මතකයට ඇති පළමු මැතිවරණය වන 1977 ඉලෙක්සොන් එකේ විතරමය. කොටින්ම… අද දේශපාලනය තුල සිටිනා තෙම්පරාදුම චරිතය වන මහින්ද මහත්තයා හෝ මේ වගේ රිසාල්ට් එකක් නම් බලාපොරොත්තු නොවූ බව, එතුමා චන්දය ප්‍රකාෂ කිරීමෙන් අනතුරුව මාධ්‍යට කී දෙයින් ඉතා පැහැදිලිය. උන්නැහේ කීවේ ලැබුනේ නැති උනත්, හදා ගන්නා හැටි අපි දන්නවා කියාය. පෝට්ටුවේ න්‍යායාචාර්‍ය බැසිල් ලොක්කාද බලාපොරොත්තු උනේ 135 ක් පමණය.

මේ අතරේ යහපාලනයට කඩේ ගිය වෙබ් කාරයෝ මෙන්ම NGO කාරයෝ සමීක්ෂණ පවත්වා කිව්වේ 113 ක් ගන්න එකත් අමාරු වැඩක් වෙයි කියලාය. අද උන් කොහේදෝ කියා හොයා ගන්නටත් නැතිය. උකුස්සන්ගේ ජය උන්ගේ අමන්දානන්දයට හේතු වී තිබෙන්නේ ඒ නිසාය. එහෙත් මෙවන් ජයක් හමුවේ උකුස්සන්ට සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නැති එකත් පරම සත්‍යයමය.

එමෙන්ම NGO පප්පලා කිව්වේ ජනපතිවරණය දින්න වෙලාවේම තිබ්බා නම් චාන්සෙකක් තිබ්බත්, ආන්ඩුව ෆේල් නිසා 100 ගන්න එකත් මාරම අමාරු ගේමක් කියාය. ඒ සියල්ල අද බයිලාම බවට පත් වී ඇත්තේය. එජාපය චක බ්ලාස් හෙවත් වයිට් වෝෂ්ය. ඒ ගැන වෙනම ලියන්න ඕනෑ කතාවක් තියෙනවාය. ජෙප්පන්ට තිබුන එවාත් නැතිය. ටැලිපෝනය ලද්දේ ජයක් නොව අන්ත පරාජයක්ය.

මේ සියල්ලට හේතුව වෙන කිසිවක් නොව මහින්ද සුළඟට පසු ආ “ඝෝඨාභය සුනාමියයි”. ඝෝඨාභය රාජපක්ෂ කෙරේ ඇති විශ්වාසයයි. ඇත්තටම ජනාධිපතිවරණයත් සමඟම මහ මැතිවරණය පැවැත්වූවා නම්, සමහර විට මේ ප්‍රතිඵලය නොලැබීමටත් ඉඩ තිබිනි. ඒ ඝෝඨා කව්දැයි ජනතාවට ඉස්ටඩී කිරීමට කාළයක් නොලැබෙන නිසාවෙනි.

රටට ලැබුනේ ඔහුගේ විරුද්ධවාදීන් බලාපොරොත්තු වූ ඝෝඨාභය කෙනෙක් නොව ජනතාවාදී නායකයෙකි. ඔහු ජනතාවට ආදරය කරනා බව ක්‍රියාවෙන්ම ඔප්පු කළේය. ඔහු තමාට අවාසියක් වුවද වෙනත් දේශපාලුවන් කීමට බිය දේ කෙලින්ම කීවේය. එය ඔහුට අවාසියක් වී නැතිය. සත්‍යවාදියාට විරුද්ධවාදියා උනත් ගරු කරනවාය. ඒ කියා ඔහු සුළු ජාතින්ට වෙනස්කමක් කරලාත් නැතිය.

තමා ජනාධිපති කලේ මේ රටේ සිංහළ බෞද්ධ ජනතාව බව එතුමා නොබියව කීවේ රුවන්වැලිසෑය ඉදිරියේය. මෙයින් ඔහුට චන්දය නොදුන් සිංහළ බෞද්ධයැයි කියනා උන්ගේ රෙදි ගැලවි ගියේය. උන් මෙතෙක් උන්නේ රටට වින කරනා කාළකන්නින් බලවේගයක් සමඟ බව උන් තේරුම් ගත්තේ ඉන් පසුවය. රටේ වාසනාවට ජනතාව එය අවබෝධ කර ගත්තද, මහරාජාගේ සල්ලිවලට නටනා දීඝදන්තුවාටත් ඒවා වටහා ගැනීමේ ශක්තියක් තිබ්බේ නැතිය.

ප්‍රධානම කරුණ කොරෝනා වසංගතයෙන් රට බෙරා ගැනීමයි. ලෝකයේ හොඳම කොරන්ටයින් සිස්ටම් එක හඳුන්වා දෙමින් අද ඔහු ලෝකයම ජයගෙන අවසානය. එමෙන්ම එතුමාගේ නියෝජනයන් වන වියත් මග නියෝජනයන්ද අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දී ඇත. විරුද්ධවාදින් කුමන වැල් බයිලා ගැසුවත් ලෝකය ගැන දන්නා ජනතාව, ආන්ඩුවේ ක්‍රියාදාමය අගය කර ඇත.

අනෙක් කරුණ පාට පක්ෂ දෙක නොබලා ජනතාවට ලබා දුන් රුපියල් 10,000 යි. මෙය ජනතාව කිසි ලෙසකින් හෝ බලාපොරොත්තු වූ දෙයක් නොවේ. එහෙත් එය ජනතාව ආදරයෙන් වැළඳ ගත්තේය. ඒ සල්ලිත් අරගෙන, වෙන එකෙක්ට දෙන්නේ කොහොමද ඕයි කියා හිතපු මිනිස්සු කරේ, වෙන උන්ට දී පව් පුරවා ගන්නේ නැතිව ගෙදරට වී ඉන්නා එකය. එය ප්‍රකාශිත නොවූ චන්ද ගනනින් මනාව අවබෝධ කර ගත හැක.

ස්කෝර් කල තවත් ප්‍රධානම කරුණක් වන්නේ, මහ බැංකුවේ කාළකන්නින්ට දැමූ සත්තමයි. බැනුම් අහගත්ත උන් එදා මහා රෑත් වැඩ කරපු හැටි මුළු රටම දුටුවේය. ඝෝඨා හා සෙල්ලම් නැති බව ආන්ඩුවේ පින් පඩි කන නිළධාරියෝ අවබෝධ කර ගත්තේය. ඔය නිළධාරි පැලැන්තිය දේශපාලුවන්ටත් වඩා ජනතාවට දිරවන්නේ නැති පිරිසක් බවත් ලියා තියන්නම ඕනෑය. ආන්ඩු කුඩු කරන්නේ මුන් බව කවුරුත් දන්නවාය.

කුඩු කාරයන්ට හා පාතාලේ උන්ට එරෙහිව යන ඔපරේසොන් එකද ජනතාවගේ ආදරයට පත් වී හමාරය. ඔපරේසොන් එක උන්ට සීම නොවී, නාකොටික් එකේ උන්ටද, බන්ධනාගාරේ උන්ටද, සුරාබදු එකේ උන්ටද කෙලවීමේ හේතුවෙන්, ජනතාව විඳිනා සතුට එතුමා දෑසින්ම දුටුවේය. මෙය විරුද්ධවාදින් කිසිසේත් බලාපොරොත්තු වූ ක්‍රියාදාමයක් නොවේ.

එමෙන්ම අවසාන මොහොතේ කොරෝනා අවධානමද නොතකා සමාන්‍ය ජනතාව අතරට යාමත් ඔවුන්ගේ සමහර ගැටළුවලට එවෙලේම සොලියුසොන් ලබා දීමත් ඔහු කයිවාරුකාරයකු නොවනා බව ඔප්පු කලේය. හැකි නම් මාසයකට එක දිනක් හෝ රණසිංහ ප්‍රේමදාසගේ ජනාධිපති ජංගම සේවය මෙන් මේ ක්‍රියාදාමය තව දුරටත් කරගෙන යා හැකි නම්, එය ජනතාවගේ ගෞරවාදරයට පත් වනු නොඅනුමානය. එමෙන්ම බලය ලැබුන පසු ජනතාව අමතක කලේ යැයි කියනා ප්‍රධානම චෝදනාවකින් ගැලවීමක්ද වනු ඇත්තේය.

ඇත්තටම මේ රට හදන්නට මහා දෙයක් කරන්නට ඕනෑ නැතිය. කළ යුත්තේ වැඩ කරනා එකය. නිළධාරින් කරන්නේ නැත්නම් හමුදාව එක්ක හෝ එවා ඉටු කිරීම ජනතාවගේ එකම බලාපොරොත්තුවය.

ජනතාව ඉල්ලන්නේ මහා දේවල් නොවේ. ඒ සියල්ල ඉතා පහසුවෙන් ඉටු කල හැකි දේ බව එතුමා ක්‍රියාවෙන්ම ප්‍රායෝගිකවම ඔප්පු කළේය. බොහෝ දේ දේශපාලුවන්ගේ ගසාකෑම් හා කොමිස් හේතුවෙන් ඉටු නොවූ ඒවාය. JR කීවාක් මෙන් AR FR වලින් නම් ජනතාවට ඇති වැඩක් නැත්තේමය. නිළධාරින් විසින් ඕවා හදාගෙන තියෙන්නේ වැඩ කරන්නට නොව නොකර සිටින්නටටය.

මේ රටේ අමාත්‍යංශවලට වෙන් කරනා මුදල් නැවත භාන්ඩාගාරයට එවනා බව ප්‍රසිද්ධ රහසකි. ඒ කියන්නේ දෙන දේවත් කරන්නේ නැති කාළකන්නි දේශපාලුවන් හා නිළධාරීන් පිරිසක් රටේ ඉන්නා බවය.

අප ඔබ තුමාට කියන්නේ… අමාත්‍යවරු පත් කරත්, ඔවුන් අධීක්ෂණය සඳහා ඔබ තුමාට විශ්වාස කල හැකි පිරිසක් පසු විපරම සඳහා අනිවාර්‍යයෙන් පත් කල යුතුම බවය. මොකෝ ඔය සම හරක් උන් මහින්ද මහත්තයාත් නැති කරපු පිස්සු බුවාලා නිසාමය..

ඒ වගත් මේසේය.......


19 comments:

  1. Jayawewa!!!! Good luck SL, hope things will go up from here.

    All distractors can go and see sharks in Mirihana for next 5 years.

    The difference is Gota earned his living by doing a job in SL and US, unlike most politicians made a living by poor peoples tax for generations. (Wijebahu)

    ReplyDelete
  2. ponna paka balagena indapan gota rata hadanakan.

    ReplyDelete
  3. රටට අපට අනාගත පරපුරටම සෙතක් වේවා!

    ReplyDelete
  4. මේ සියල්ලට හේතුව වෙන කිසිවක් නොව මහින්ද සුළඟට පසු ආ “ඝෝඨාභය සුනාමියයි”. ඝෝඨාභය රාජපක්ෂ කෙරේ ඇති විශ්වාසයයි.

    මේක හරියටම හරි........

    ReplyDelete
  5. දැන් ඉක්මනට ගෝටාට, මහින්දට සෙට් වෙලා සම්තින් එකක් හම්බෙන වැඩක් හොයාගන්න එක තමයි මගේ අදහස. පෙරේදා හවස් වෙද්දීම කොක්ක ගහගත්තා අවශ්‍ය අයට. දැන් වැඩේ ගොඩදාගෙන යන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉක්මනට NGO එක්කටයි ජෙප්පොන්ටයි සෙට් වෙලා ගෝටායි, මහින්දයි මානව හිමිකම් කඩනව, එම්බසි අක්කලව පැහැර ගන්නව කියල ප්‍රෙස් කොන්ෆෙරන්ස් තියල ලිප්ටන් එකට ගිහින් සම්තින් එකක් හම්බෙන වැඩක් හොයාගන්න එක තමයි මගේ අදහස. පෙරේදා හවස් වෙද්දීම කොක්ක ගහගත්තා අවශ්‍ය අයට. දැන් වැඩේ ගොඩදාගෙන යන්නේ. ඩොලර් වලින් ගෙවන්නෙ ඩොලර් වලින් !! නරකද අප්පා ?

      Delete
  6. මාතේ මේ ලංකා නිව්ස් වෙබ් අඩවියේ වාර්තාව දැක්කාද?

    http://lankanewsweb.org/archives/24449

    මැදමූලන අල් මොහොමඩ් රාජපක්ෂ කල්ලිය ලංකාවේ අන්තවාදී කණ්ඩායම් පෝෂණය කරන හැටි. අලි සබ්රි වගේ අන්තවාදීන් අමාත්‍ය ධූර වලට පත්කරල ලංකාවේ සිංහල බෞද්ධ උරුමයන් විනාශ කරන්න කටයුතු කරන බව ඉතාම පැහැදිලියි. මේවාට උඩගෙඩි දෙමින් රජයට කඩේ යන තැරිදාර පුන්නක්කු මළපෙරේත සක්කිලි සාඩිං බයියන් කියන අමු මී හරක් රැලට විරුද්ධව හඬක් නගන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  7. wijebaahu cum and rite englis

    ReplyDelete
  8. මාතේ, මහ බැංකුව ගැන නොදන්න එවුන්ට නම් ඒකේ ‍රැට ලයිට් පත්තු වෙන එක මැජික් වෙන්න ඇති. ඒ වුනාට කොහොමත් මහ බැංකුවේ වැඩ කරන උන්ට ගොඩක් දවස්වල රෑ වැඩ වැටෙනවා. අනික ඒ වෙච්ච දේ වුනේ රජයේ වැඩ කරලා ලැබෙන්න තියෙන සල්ලි ඇපේට අරන් සමාගම්වලට ණය දීපු එක. මට තේරෙන්නෙ නැති දේ තමයි එහෙම වටේ යන්නෙ නැතිව කෙලින්ම රජයෙන් ගෙවන්න තියෙන බිල් ටික ගෙවන එක නොකරන්නෙ ඇයි කියන එක. හැබයි ඒ මොනවා වුනත් දැන් රටේ බැංකුවල සල්ලි තොගය වැඩි වෙලා දිගට හරහට ණය දෙනවා. මේකේ ප්‍රතිඵලය ගැනත් කියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාට මොන වගේ පිළිතුරක් දුන්නොත්ද සතුටු...

      Delete
  9. kade giya obata ( Mathalan ) sathutuda dan ..??

    do you think this result is genuine .. ??

    ReplyDelete
  10. මහත්මයා කියන්නේ "මෛනට" [මෛ(3පාල සිරිසේ)න] ට හොඳ බ්‍රශියර් සහ මඩුවල්ග ඇමතිකමද සමනළ, සලබ, දළඹු, උකුසු සහ දියකාවුන් පිළිබඳ රාජ්‍ය අමතිකමද
    අධිකරණ ඇමැතිකමට නං අනිවාර්යයෙන්ම චොකා මල්ලියා ඉතාම සුදුසුයි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න