.

.

Aug 20, 2020

ගමනක අවසානය – එජාපය

 


2015 දී සිඳු වූ දේශපාලන පෙරලිය රටට ජනතාවට මෙන්ම දේශපාලන පක්ෂවලටද හතේ හත වැදුනු විශේෂ සංධිස්ථානයක් බව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලියවෙනු නොඅනුමානය.

ඒ ලංකාවේ පැරණිම පක්ෂය වන 1946 සැප්තම්බර මාසයේ 6 වනදා ආරම්බ වූ එජාපයේත්, 1951 සැප්තැම්බර 2 වනදා බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, 1965 මැයි 14 වනදා බිහිවූ ජනතා විමුක්ති පෙරමුණේත් අවසානයට මුල පිරූ වකවානුව ලෙසයි.

ඒ ලංකාවේ මෙතෙක් පැවති ප්‍රධානම පක්ෂ තුනයි. මාතලන් නම් මෙය දකින්නේ ධනාත්මකවය. අද ලෝකයේ තිබෙන්නේ ඔය පක්ෂ බිහි වූ කාළයේ තිබු සමාජයක් නොවේ. ඇද ඇත්තේ ආර්ථික, දේශපාලන මෙන්ම සමාජීය වශයෙන් විශාල පරිවර්ථනයක් සහිත ලෝකයකි. ලෝකය වේගයෙන් වෙනස් වූවද, මේ පක්ෂවල දැක්මන්, ප්‍රතිපත්ති මෙන්ම නායකයින්ද ඊට අනුගතව වෙනස් නොවීම මෙන්ම අවංක නොවීම අපේ රට මේ තත්වයෙන් පැවතීමට ප්‍රධානම හේතුවයි.

පරිසරය අනුව වෙනස් විය නොහැකි ජීවීන්ට පැවැත්මක් ඇත්තේ නැති බව මේ පක්ෂවලට අත් වූ ඉරණම අපට මොනවාට පසක් කරමින් සිටී. මොන හෙනේ ගැහුවත් තමන්ගේ පැවත්ම තහවුරු කර ගත් තනි තනි පුද්ගලයන් පිරිසක්ද මේ පක්ෂවල සිටිනා බව වෙනම කතාවක් වුවද, නැවත පක්ෂ වශයෙන් ඔවුන්ට කිසිම පැවත්මක් නම් ඇත්තේ නැතිය. එහිදි අසරණ වන්නේ වහල් පාක්ෂිකයින්ය. කොටින්ම වෙනස් විය නොහැකි ළිං මැඩි වහලුන්ය.

එජාපයේ මෙවන් විශාල පිරිසක් උන් බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඒ එජාපයේ දෙදරායාම තුල කලකිරීමට පත් දේශපාලන වහලුන් පිරිසයි. ඇත්තටම වෙනස තේරුම් ගෙන ඔවුන් චන්ද පොලට ගියේ නම්, සමගි ජන බලවේගයේ මෙන්ම එජාපයේද ප්‍රතිඵලය මීට වඩා හොඳ ප්‍රතිඵලයක් වනවා නොඅනුමානය.

1993 රණසිංහ ප්‍රේමදාසගේ හදිසි අභාවය හේතුවෙන් නිතරගයෙන් එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහ නවීන ලෝකයට ගැලපෙන නායකයෙක් වනු ඇතයි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියල්ලන්ම එල්බගෙන උන් මතයකි. එහෙත් මංගල සමරවීර පුද්ගලික අපහාසයක් ලෙස එල්ල කලද, මඩ ගැසීමට කට කහනවාට කියූවද, ඔහු කිසිවක්ම බැරි නායකයකු බව අද වන විට ඔප්පු කර අවසානය. ඒ ජාතික ලැයිස්තුවෙන් පත් වූ එකා හෝ පාරලිමේන්තුවට යවන්න බැරි නායකයකු ලෙසිනි. එජාපය නැවත ගොඩ ගත හැකි යැයි කෙනෙකු සිතන්නේ නම්, එයාලාට අත්වනු ඇත්තේද රනිල්ට වූ දෙයම මිස වෙන කිසිවක්ම නොවේ. සමගි ජන බලවේගයේ අනාගතය ගැන අප වෙනම කතා කල යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන මීළඟ පල් හෑල්ලෙන් ලිවීමට බලාපොරොත්තු වෙමි.

5 comments:

  1. //එජාපයේ මෙවන් විශාල පිරිසක් උන් බව මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් අපට පහසුවෙන් වටහා ගත හැකිය. ඒ එජාපයේ දෙදරායාම තුල කලකිරීමට පත් දේශපාලන වහලුන් පිරිසයි. ඇත්තටම වෙනස තේරුම් ගෙන ඔවුන් චන්ද පොලට ගියේ නම්, සමගි ජන බලවේගයේ මෙන්ම එජාපයේද ප්‍රතිඵලය මීට වඩා හොඳ ප්‍රතිඵලයක් වනවා නොඅනුමානය.//
    මම නම් හිතන්නෙ සැබෑ වහලුන් ටික තමා චන්ද පොලට ගොස් එජාප ට සහ සබජ ට චන්දය දුන්නේ. සජබ යනු නව පක්ශයක් නොව අළුත් ලෙබලයක් ගැසූ පරන බෝතලයම බව චන්ද පොලට නොගිය පිරිස හොඳින් තේරුම් ගත් නිසා ඔවුන් බලාපොරොත්තු වන නව ලෝකයට අනුව වෙනස් වූ ප්‍රතිපති හෝ පාලන විදියක් එජාප ට සහ සබජට නැති නිසා ඔවුන් චන්ද පොලට නොගිය බවයි මම සිතන්නෙ.

    හොඳම වහලුන් සිටින්නේ ජවිපෙට නිස ජවිපෙ ගැන කතා කර පලක් නැත

    ReplyDelete
  2. අයවැයක් ගෙනාවොත්
    පරතරය පේනවා
    පියවන්න ගන්න යන
    ණය කන්ද කොපමණද
    රටම දැන ගන්නවා

    නැති කරදර කුමට
    අපි නිකන් ඉන්නවා

    ReplyDelete
  3. නොගලන ගඟේ වතුර පල් වෙනවය කියනවනේ.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න