.

.

Oct 17, 2020

20 න් කෙලවෙන බෞද්ධ යුතෝපියාව



 

අප පිලිගැනීමට අකමැති වුවද.... ලාංකීය ථේරවාදී බුදු දහම තුලද කුහක දේශපාලනය අතු පතර විහිදා වැඩී අවසානය. 

ගමේ..., යූ ඇන් පී පන්සල් ශ්‍රී ලංකා පන්සල් කියා..., දායකයින් විසින් හැඳින්වූ පන්සල් මෙන්ම නායක හාමුදුරුවරුන්ද වැඩ සිටියත්... භික්ෂූන්ගේ දේශපාලන තුල අංඟම්පොර ඇල්ලීමට පටන් ගන්නේ 1956 දී රට අගාදයට ඇද දැමූ සඟ වෙද ගුරු ගොවි කම්කරු විප්ලවයත් සමඟය. 

එහිදි භික්ෂුන්ගේ පදයට පිටුපා ක්‍රියා කළ බන්ඩාරනායක මරා දමන්නේද..., එම බලවේගයේම භික්ෂුවක් වීම මාර ලොල් සහගතය. ආගමික සංස්ථාවට අවශ්‍ය වූයේ තමන්ගේ විධානයන්ට අනුව ක්‍රියාකරනා රූකඩ පාලකයෙකි.

බලයට පැමිනීමට ආගම විකුණාගෙන කෑ එකා..., එම බලවේගයකින්ම මිය ගියද "එම පක්ෂයට" අදාල පිරිස භික්ෂූන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකිරීමේ පාපය අදටද ගෙවමින් සිටී. 

චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරණතුංග කාළයේදි..., ඇයත් ජේ ආර් මෙන්ම භික්ෂූන් දේශපාලනයෙන් ඈත් කර තැබූවද..., 

ඔවුන් නැවතත් කරලියට එන්නේ..., චන්ද්‍රිකා පාලනය තුලදීම..., මහින්ද රාජපක්ෂයන් හට ජනරංජන මනරංජන උපාසක පට්ටම් ලබා දී..., 

තමුසේ නැති උනාට අපිට එකෙක් ඉස්සරහට ඉන්නවා හලෝ..., ලෙස චන්ද්‍රිකාටද පෙන්වමිනි. එහෙත් එකම චරිත හා ගතිගුණ ඇති චන්ද්‍රිකාවෝ විස්කි මැඩම් වී බෞද්ධයන්ගේ පිලිකුලට ලක්වෙමින් චෞර රැජිණක් වන අතරේ...., මහින්ද මහත්තයා බෞද්ධයන්ගේ මහා උපාසක වන්නේ අපූරු ලෙසය.  

පුෂ්පකුමාර (රණසිංහ ප්‍රේමදාස.) තියරිය අනුව යමින් අරලිය ගහ මන්දීරයේ සෑම පෝයකම මහින්ද හා ඔහුගේ ගෝලබාලයෝ බණ අසන්නේ බයියන් යනු ඇන්දිය හැකි නොම්මර එකේ මෝඩයින් බව දන්නා නිසාවෙන්මය. 

මේවා අද සජිත් ප්‍රේමදාසත් ක්‍රියාවට නගමින් සිටින්නේ..., ටොයි සිහිණයක ජීවත්වන ඒ පක්ෂයේ අමු ගොන් බයියන්ගේ මන දොල පිරවීමට මිස වෙන කිසිවකට නොවේ.... අනේ සාධූ.... සාධූ .... සාධූ....

නැත්නම් රටක් පාලන්ය කිරීමට විධායකයක ව්‍යවස්ථාව හා අධිකරණය තිබියදි තවත් සංස්ථාවක් කුමකටද...?

කරුමය කියන්නේ මේ බලවේගය වමේ පක්ෂ තුලට පමණක් නොව විස්ස්ස විජ්ජාල පද්ධතිය තුලද බලවත් වීමය..

මේ තිර රචනයම යොදාගෙන සම්භාව්‍ය මණ්ඩලයේ චිත්‍රපටයක් ජනතාවට පෙන්වීමට ගිය කරූ ජයසූරිය අද මහළු මඩමක තනියම දිවි ගෙවන්නේ... ඇන්දීමේ කලාව හා ගරු රඟපෑම් හැමෝටම කරන්න බැරි නිසාවෙන්මය. 

එහෙත් බන්ඩා සමඟ කල සෙල්ලම් මහින්දත් එක්ක කරන්න බෑ කියා දේශපාලන සංඝ සංස්ථාව වටහා ගන්නේ...,

යුද්ධය අවසානයේ සියළු සෙන්පතියන් පරදා...., අපේ මහින්ද මහත්තයා සිරි ලංකාද්වීපයේ මහ රජානෝ ලෙස පාර්ලිමෙන්තුව ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුරුවය. 

නියමිත දිනක් සඳහන් කරන්නේ නම්..., සරත් ෆොන්සේකා හතර ගාතයෙන් උස්සාගෙන ගොස් දඟ ගෙයි දෑමට එරෙහිව දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක් කරන්න ගිය දිනයේය.

එදා දළදා මාළිගාව ඉදිරිපිට උපවාස කිරීමට ඉදිරිපත් වූ සියල්ලන්ටම..., චීවර පස්සේ ගසාගෙන පන්සලට වඩින්නට වූයේ මහින්දගේ එක වෝනින් එකකින්ය. 

එදා පටන් ඔවුන් සියල්ලෝම මහ්න්දට "එහෙයි හාන්දුරුවනේ" කියනා තත්වයට පත් කර ගැනීම, ප්‍රභාකරන් නැති කර දැම්මාටත් වඩා විශිෂ්ඨ ජයග්‍රහණයක් බව මේ මොහොතේ නොලියා සිටිය නොහැකිය. 

ඉනික්භිතිව මහින්දාරාම නිකාය වැළඳගත් භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් විය. 

උන් වහන්සේලාට සිව් පසයෙන් නොව පස් පසයෙන්ද සැලකු මහින්ද නරෝත්තමයානන් වහන්සේ..., බුදු හාමුදුරුවෝ ලෙසද කව්දෝ එකෙක් හැඳින් වූ සේක. 

අසපුවාසීන් හා විවිධ මාදිලියේ පුද පූජා ක්‍රම බුද්ධාගමට එකතු වී ථේරවාදී බුද්ධාගම ප්‍රයිවටයිස් වී නොම්මර එකේ බිස්නස් එකක් වන්නේ මේ කාළයේය. 

ඒ අනුව මල්වතු අස්ගිරි අමරපුර රාමාඤ්ඤ නිකායන් හා මහා නාහිමිවරුන්ගේ ශ්‍රී විභූතිය නමට පමණක් සීමා වී.... ජනතාවගේ නායකයින් බවට පත් වෙන්නේ... යුනියන් සාධුලා, අසපු සාධුලා හා පොලිටිකල් සාධුලාය. 

මෙයින් පොලිටිකල් සාධුලා වඩාත් බලවත් වන අතර... NGO භික්ෂූන්ද IRC භික්ෂූන්ද බිහිවන්නේය.... ඔවුන් ධර්මයෙන් පමණක් නොව අතින් පයින්ද දේශනා කරමින් සාසනයට විශාල මෙහෙවරක් කරන්නේය. 

මොවුන් රාජාක්ෂවරුන් නැවත් බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් කල බව බොරුවක් නොවේ. 

නමුත් කුමන හෝ හේතුවක් මත 20 ට එරෙහිව සංදේශයක් යවා ඇති පිරිස ඝෝඨාභය උපාසක මහතාගේ මාසික සංඝායනාවේ දකින්නට ලැබෙන්නේ නැතිය.. මේ වේදනාව ඒ යුතෝපියාව බිඳ වැටීමද විය හැකිය...

විශේෂයෙන් මල්වතු අස්ගිරි ගියාට..., ඇල්ලේ අසපුවට හා අභයාරාමයට නොයෑමත් එක් හේතුවක් විය හැකිය...

සමහරු බලාපොරොත්තු වන්නේ.... එදා මහින්ද සමයේ ලද වරප්‍රසාදයන්ය...

ඇත්තෙන්ම... මේ විරුද්ධ වීම ලෙස ආන්ඩුවේ කිසිවකුත් කලබල විය යුතු නැත. මේ කල දුටු කල වල ඉහ ගැනීමේ උතුම් වූත් පවිත්‍රවූත් සිහිවිල්ලෙන් කරනා ඉල්ලීම්ය...

මුන්ට 20 ලැබුනට අපිට හම්බවෙන ලබ්බක් නැති නිසා. මේ වෙලාවේ පොඩි සද්දයක් දමා මක්කා හෝ කඩා ගත්තොත් සාසනේටා නේ ආයිබන්ඩ කියනා පරම වූත් පවිත්‍ර වූත් සිතිවිල්ලක් පමණමය...

ඝෝඨාභය මැතිතුමා කල යුත්තේ දූතයන් පිටත් කොට ඔබ වහන්සේලාට මක්කාද ඕනෑ කියා අසනා එක පමණි.....

ඉන් පසු 20 ට ගහන්න එකක් නෑ... 20 තියෙන්නේ නිවන්ට පහසුම මගයි කියා කීවෝත් ඔහේලා කලබල වෙන්ට ඕනා නැතිය.... 

බොහෝ විට මහින්ද මහත්තයා බුදු වී අවසන් නිසා...

ඝෝඨාභය උපාසක මහතා මෙතේ බුදුන් විය හැකිය....


සාධූ..... සාධූ ...... සාධූ....


උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං

සංඝො යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං



නමුත් මොකක්දෝ කරුමයකට ඝෝඨාභය ජනාධිපති තුමා මොවුන් ප්‍රතික්ෂේප කරනා බවක් පෙනේ. ඒ අනුව ඔවුන් තේරුම් ගෙන ඇත්තේ තම පැවත්ම රදා පවතින්නේ මහින්ද මහත්තයා බලවත් වීම තුල බවයි.

හා අනෙකුත් නිකායන් නටබුන් බවට පත්වෙමින් 


එහෙත් මේ පිරිස ඒ ලද Sලකුම් හා දීමනා ඝෝඨාභය පාලනය යටතේ නොලැබීම මේ සියළු සංතාපයනට හේතුව වී ඇත්තේ 


4 comments:

  1. කන්ට සූත්තර දෙසලා අප රවටා
    නල්ල මලේ නායකයන් ගෙන උඩටා
    පැසසුම් ගී ගයා උන්දැලවත් රවටා
    වැජඹෙනවුන්ගෙ ගති පිළිලෙකි සිරිලකටා

    ReplyDelete
  2. "අරහත් ධජය" දන්නවා
    බස් එකේ ඩ්‍රයිවර් විතරයි
    මාරුඋනේ කියලා
    පරණ කට්ටියම ඉන්නවා
    පරණ පාරෙම
    බස් එක දුවනවා

    ReplyDelete
  3. Difference is Mahinada is a political animal, Gota is a military man. Only combine force can bring the development people expect, else 5 years will be gone just like Yahapalaneya came and went. Wijebahu

    ReplyDelete
    Replies
    1. wy yu sae avar priminister is animal?
      mae bee yu ar the animal.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න