.

.

Oct 15, 2020

අස්සයා හා හොරු දෙන්නා


ඕන්න එකමත් එක කාළයක එකමත් එක රටක දරුණු ඝනයේ හොරු දෙන්නෙක් උන්නා.. 

දවසක් දෙන්නා කතාකර ගත්තා අශ්වයෙක් හොරකම් කරන්න…

ඒත් ඉතින් අපි අහු උනොත්…? එක හොරෙක් ඇහුවා..

මොන පිස්සුද මේ රටේ ඉන්න තරමක් ඉන්නේ මෝඩ හරක්.. උන් අල්ලයි අපේ නැට්ට… ටීම් හයක් නෙමේ දයහක් දැම්මත් අපි ඇල්ලිලි බොරු…. උඹ බය නැතිව හිටපන්… මේ හොර කමත් අපි වැදගත් විදියට මානුෂික මුහුණුවරක් සහිතව කරමු……. අනෙක් හොරා කිව්වා…

දෙන්න එක්ක ගමයගේ ගොවිපලට ගිහින් අශ්වයා හොරකම් කරා…

හරි දැන් ඔය සෑදලය ගලවලා මගේ පිට උඩින් තියලා උඹ අශ්වයත් අරගෙන මාරු වෙයන්…

ටික වෙලාවකින් අශ්වයා අයිති ගමරාල ආවා.. කෝ යකෝ මගේ අශ්වයා…

මේ ඉන්නේ මම තමයි අශ්වයා… ඇයි ඔහේට අඳුන ගන්න බැරිය… සෑදලය කරේ දාගෙන හිටපු හොරා කිව්වා…

මම අවුරුදු ගානකට කලින් හොඳ මිනිහෙක්… දවසක් මම ලස්සන කාන්තාවක් එක්ක සංසර්ගයේ යෙදුනා… බැලින්නම් ඒකි යක්ෂනියක්… එකී මට සාප කරා තෝ අශ්වයෙක් වෙයන් කියලා… එහෙම ඉද්දි තමයි තමුසේ මාව සල්ලි දීලා අරගෙන ඇවිත් මරව මරව වැඩ ගත්තේ…. ඒත් ඒ සාපය අදින් ඉවරයි…

අනේ… මොන තරම් දුක හිතෙන කතාවක්ද…? එතකොට මම මේ වැඩ අරගෙන තියෙන්නේ මනුස්සයෙක්ගෙන්ද….? මට සමාවෙන්න…. දැන් මම මොකද කරන්න ඕන…

දැන් ඉතින් ආයේ මම මුල ඉඳලා නැගිටින්න ඕන… තමුසේ ගාව තියෙන ඔක්කොම සල්ලි ටිකයි… ගෑනිගේ කනකර ටිකයි ඔක්කෝම මට දෙනවා… එතකොට තමුසෙගේ පව් මැකෙයි…

ටික කාලේකට පස්සේ අර යකා අලුත් අශ්වයෙක් ගන්න පොලට ගියා…

හොරු දෙන්නත් වෙස් වලාගෙන…. හොරා ගත්ත අශ්වයා විකුණන්න පොලට ඇවිත් උන්නා…

හොරු දෙන්නා කියපු ගානට අශ්වයා ගත්ත ගමයා. අශ්වයත්තෙක්ක යන ගමන් අශ්වයට මෙහෙම කිව්වා…

දකින් දකින් ගෑණූ එක්ක නිදා ගන්න යනවට මේවා උඹට හොඳ පාඩම්….

අනේ යකෝ තෝ වගේ ගොනෙක් කියලා අශ්වයා හේෂාරාවය කලා…

අශ්වයන්ගේ භාෂාව තේරෙන්නේ නැති නිසා ගමයා අශ්වයත් අරගෙන ආඩම්බරෙන් ගෙදර ගියා….

හොරු දෙන්නා ආතල් එකේ සල්ලිත් අරගෙන පිට වෙලා ගියා..

ඒ යන ගමන් උන් දැක්කා…

පොලිස් කන්ඩායම් හයක් කව්දෝ දෙන්නෙක් හොයනවා…

------------------------------------------

සුද්දන්ගේ කතාවක් මගේ එකක් ලෙස අනුවර්ථනය කොට ලියා පලකලේ මාතලන් වන මා විසිනි…..

------------------------------------------

සැ: යු: මේ පොටෝ එක මේ කතාව හා කිසිඳු සම්බන්ධයක් නැත…

 




2 comments:

  1. එහෙනම් මක්කටැයි දැම්මේ?කතාව මරු.
    Anuhas අනුහස්

    ReplyDelete
  2. අශ්වයට අං දුන්නා වගේ වැඩක් තමයි වෙන්න යන්නේ.
    පුත්තරයට අලුත් රස්සාවක්.කාර්ය මණ්ඩල ප්‍රධානී.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න