.

.

Nov 16, 2020

බජට් ඩ්‍රීම් (අයවැය සිහිණ)



හතේ හතම වැදි ජහ මන වෙලා.......... නැපට්

එක පිට එක ගසා පුල් චාටර් නේ........ ගැසට්

දෙදහස් විසි එකේ ප්ලුටොට අරිමු..... රොකට්

ගේනවා පුතේ මම අද තොපිලාට.......... බජට්


මල්ලී සැරයි වෙඩි වගෙ චයිනිස්........ කොච්චී

20 ගෙනල්ලත් තාමත් බැරි................. වෙච්චී

බැසිල් ගන්න ගෝලයෝ ගහනවා........ නිච්චී

මක්කා කලත් මම උඹලගෙ............. අප්පච්චි


තිරුපතී යන්න ගෙදරින් කොකු අඳිනු..... ඇත

කැලණි ගඟෙන් නාගයෝ එන්නේද...... නැත

MCC එකත් බයිඩන් හා ෂුවර්.............. නැත

එකම පිහිට ෂී ජී පෙන් ලඟය................. පුත


චන්දෙට දෙන්නේ ප්‍රති පත්තීයි....... ප්‍රකාෂණ

මීටින් වලදි පච දාහකි..................... වමාරණ

ඉටුවන දිනේ එනතෙක් උඹ මගේ......... පණ

අය වැය සිහිණයේ පච ටික ගිලිනු........ මැන


- කාව්‍ය සිරෝමනි මාතලන් -

21 comments:

  1. ඔබේ බෛ මිතුරාට උසුළු විසුළු නොකරන්න ඔවුන්ද මනුස්සයෝ බව සලකන්න.. ඔවුන්ව වහල්බවින් මුදවාගන්න උත්සහ කරන්න

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මාතේ ඒ කාලකණ්ණි බෛ මිතුරන් මැදමුලන ගංකබර නීලකාස කම්බ හොර කල්ලියේ වහල් බවින් මුදවා ඔවුන් පුතාණෝ ගේ ස ජ බ හොර ගුහාවේ නීලමහා නීලකාස කම්බ හොර හැත්තගේ හෝ බොනිකර තරු ලප වානර රතු අලි කුජීත කල්ලියේ හෝ එජාපයේ සබ්-කන්ට්‍රැක්ට් කරන වෙනත් කල්ලියක වහල් හැත්තක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියල හිතනවා ඉතින් මාතලන්ට. ඇත්තටම මාතේ අර ගොන් සාජන් තට්ට තම්බි මළකෝලම ජනපතිවරණයෙන් පස්සේ ඩුබායි පැන්නා කිසිම ආරංචියක් නෑ නේ. මෑනුයි නාගයයි සෙන්සර්මෑං පල්ලේ වත්තලා, පැතුම් කර්නර්ලා සෙට් එකත් එකතු කරලා දෙමුද බන් අලුත් ගේමක් තැටිය රත් වෙමින් පවතින වෙලාවේ.

      ඔන්න ඔය ජරා පස්ස කල්ලිය අමතක කරලා දාන්න මෙයා ලේසියෙන් කරන්න පුළුවන් වෙයි. ආපහු එජාප සජබ ජවිපෙ ටී එන් ඒ සහ විකල්ප බලවේග ඒකාබද්ධ එජාපයේ මහගෙදර නුඹ වෙනුවෙන් විවෘතයි මාතේ. ඔබට අපෙන් උණුසුම් ආරාධනා. නැවතත් 2015 දේදුනු විප්ලවය දෙවනි අදියර යළි ඇරඹුම සඳහා....

      Delete
  2. රුහුණු පුතා 2 බහුදින ධිවර යාත්‍රාවෙන් අද හවස මාතර වාරයේ සිට මුහුදු ගොස් මේ වනවිට දකුණු ලග ගොඩබිමේ කෙලවර සිට සැතප්ම 8 ක් ඈතින් ගැඹුරු මුහුදේ හිරු එෆ්එම් අහගෙන, කුණාටු සයුර මැද්දේ,යාත්‍රාව දෙදරවන රළ පහර මද්දයේ ධිවර කර්මාන්තයේ යෙදෙනා නාවුකයන්ට සාන්ත අන්තෝනි මුණිතුමාගේ පිහිට,ආරක්ෂාව ලැබේවා.

    ReplyDelete
  3. Dirty mind... මාතේ.........

    ReplyDelete
  4. සම්ප්‍රදාය විතරකි මේ ලේඛනය
    වසරෙන් වසර වැඩි වෙනවා රටේ ණය
    නැත ප්‍රතිපත්ති - නරි වාදන් නම් ගොඩය
    ඇත්තට කිරිය - නැත්තට කැකිරිත් නැතිය

    ReplyDelete
  5. මාත මචෝ මේ වීඩියෝ එක බලපන් ලංකාවේ දූෂිත පාලනාධිකාරිය ගැන ගොඩක් දේවල් අන්තිම ටිකේම තියෙනවා


    https://m.facebook.com/story.php?story_fbid=331611664632395&id=101395548304734

    ReplyDelete
  6. ඇත්තටම මාතාගේ මේ පෝස්ට් එක දැක්කම මතක් වුණේ කෝටුවක් වන වන නියර දිගේ ඇවිදගෙන ආපු මහින්දව, මීට අවුරුදු 10කට 15කට කලින් කොල්ලා වගේ පිට්ටනි වටේ දුවපු මහින්ද, සරම උස්සගෙන වැටවල් උඩින් පැනපු මහින්ද, කැබිතිගොල්ලෑව බෝම්බෙ පුපුරපු ගමන් එතනට ගිහින් තමන්ගෙ මැරුණු දරුව වඩාගෙන කෑ ගහ ගහ අඬපු තාත්තගෙ ලේ ගෑවුණු අත් දෙක අල්ලගෙන අස්වසපු මහින්ද, යුද්ධෙ අතරමැද කාලේ හමුදා රෝහලට ගිහින් හමුදා සෙබළෙකුගෙ අත් දෙක අල්ලගෙන මං මේක ඉවර වෙනකන් නවත්තන්නෙ නැහැ කියල බොක්කෙන්ම කියපු මහින්ද. යුද්ධය අතරමැද්දි ඒ භයානක ක්‍රියාන්විත කලාපෙටම ගිහින් හමුදා සෙබළුන්ට දිරිය දීපු මහින්ද. යුද්ධයෙ අන්තිම කාලේ විදේශ නියෝජිතයින් ලංකාවට ඇවිත් යුද්ධය නවත්තන්න කියපු වෙලාවෙ ගිනි ගහන අව්වෙ ඇඹිලිපිටියට ගෙන්නලා කන්වල ඇගිලි ගහගන්න කියපු මහින්දව. 2009 ලෝක ආර්ථික අර්බූදය වෙලාවෙ පවා ආසියාවේ චීනයට පමනක් දෙවනි ආර්ථික වර්ධන වේගයකට ශ්‍රී ලංකාව ගෙන ආපු මහින්දව.

    හැබැයි ඒ මහින්ද 2010න් එකොළහෙන් පස්සේ අපට අහිමි වුණා මාතේ.

    ඒ මහින්දගේ මට තියෙන අවසාන මතකය 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය පත්තු වෙලා නෝන්ඩි වුණ වෙලාවේ "මට මේ අගමැතිකම් වැඩක් නැහැ, අගමැති ජනාධිපති තියා මම නිකම්ම නිකන් මහින්ද වුණත් මේ මහින්ද මහින්දම තමයි" කියලා ගර්ජනා කරපු අවස්ථාව.

    ඔව් මහින්දට දැන් වයසයි. අපිට ඒක පේනවා දැනෙනවා. ඔහුගේ හිතට කෙසේවෙතත් ගතට ඒක දැනෙන්න පටන් අරන්.

    හැමදාම අයවැය කියවීමෙන් පසුව තියෙන තේ පැන් සංග්‍රහය අයවැය කියවීමේ අතරමැද Interval එකක් වෙනවා.

    හැමදාම මුදල් ඇමති හිටගෙන කියවපු අයවැය අද ඉදගෙන කියවන්න වෙලා.

    වාඩිවෙන වෙලාවෙ මයික් එකෙන් ඇහුණේ හම්මෙහ් කොන්දත් රිදෙනවා වගේ කතාවක්. ඒකත් සුපුරුදු සරල හිනාවෙන්. හැබැයි මාත අපේ දේශපාලන විරුද්ධවාදී කම් විවේචන තියෙන නමුත් මහින්ද රාජපක්ෂ කියන්නෙ ලංකාවේ සෑහෙන පිරිසකට දේශපාලනික වීරයෙක්. ඒ වගේම සමස්ත වශයෙන් ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ හෝල් ඔෆ් ෆේම් ලෙජන්ඩ් එකක්.

    මට මේ ටික ලියන්න ඕන වුණේ ආණ්ඩු පක්ශය නියෝජනය කරන කඳවුරේ වගේම විපක්ෂය නියෝජනය කරන කඳවුරෙත් ඉන්නවා ඉතිහාසය දන්නෙ නැති නංගිලා මල්ලිලා.

    කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළුවන් චරිත තාම මේ පොළොවේ හැදිලා නැහැ. අනිවාර්‍යෙන්ම, කාලයක් යනකල් ලංකාවෙ දේශපාලනය අවුල් ජාලයක් වේවි.

    මේ ගහ බිම වැටුණොත් ඒ ගහ යට හැදුණු ගෝඨාභය, නාමල් වගේ අවශේෂ ගස් නිකන්ම නිකන් පුංචි හුළඟවල් වලටත් ගහගෙන යන එක නවත්තන්න පුළුවන් වෙයිද මන්දා මාතේ. මේ ගැන උඹට මට වඩා රහට ලියන්න පුලුවන් වේවි කියලා හිතනවා. පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද මචන්.

    ✍ නීතිවේදී ප්‍රමිත් ගනේආරච්චි

    ReplyDelete
  7. කැලණියේ නා රජුට
    ඩේසිගෙ මැණික් මල්ලට
    ඥානක්කගේ නූලට
    පුදන ජහමන සිටින රටකට

    හිටගෙන කියෙව්වත්
    ඉඳගෙන දෙසාබෑවත්
    ණය වැයක් වූවත්
    කාරිනැත රට ණයම කෑවත්

    ReplyDelete
  8. මාතලන් දන්නවා ඇතිනේ හැමිල්ටන් නකී ගේ කතාව. කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතාට කියවීමට හෝ ලිවීමට නොහැකි නමුත් වෛද්‍ය උපාධිය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමන ලදී. මෙය කෙසේ සිදු වූවාද බලමු.

    කේප් ටවුන් වෛද්‍ය විශ්ව විද්‍යාලය වෛද්‍ය ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. ලෝකයේ පළමු බයිපාස් මෙහෙයුම මෙම විශ්ව විද්‍යාලයේදී සිදු විය.

    තම ජීවිතයේ කිසි දිනෙක පාසලට නොගිය නමුත් මෙන්ම එකදු ඉංග්‍රීසි වචනයක් කියවිමට හෝ ලිවීමට නොහැකි වූ ඔහුට ගෞරව උපාධිය විශ්ව විද්‍යාලය පිරිනමන ලදි.

    නමුත් 2003 දී එක් උදෑසනක, ලෝක ප්‍රකට ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩෙන්ට් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙසේ ප්‍රකාශ කළේය: “අද අපි ලෝකයේ වඩාත්ම ශල්‍ය වෛද්‍යවරුන් බිහි කළ මිනිසාට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ප්‍රදානය කරමු.”

    අසාමාන්‍ය ගුරුවරයෙක්, පුදුමාකාර ශල්‍ය වෛද්‍යවරයෙක්, වෛද්‍ය විද්‍යාව හැදෑරූ සහ මිනිස් මනස පුදුමයට පත් කළ අයෙක්.

    මෙම නිවේදනයත් සමඟ මහාචාර්යවරයා "හැමිල්ටන්" යන නම ප්‍රකාශකල අතර මුළු ශ්‍රවණාගාරයම සිටගෙන ඔහුට ආචාර කළේය.

    එය මෙම විශ්වවිද්‍යාල ඉතිහාසයේ විශාලතම පිළිගැනීමයි.

    ReplyDelete
    Replies
    1. හැමිල්ටන් උපත ලැබුවේ කේප් ටවුන්හි දුර බැහැර ගම්මානයක් වන සනිටානිහිය. ඔහුගේ දෙමව්පියන් ගොපල්ලන් වූ අතර, ඔහු එළු සමක් ඇඳ සිටි අතර, ඔහු දවස පුරාම පාවහන් නොමැතිව කඳුකරයේ ඇවිද ගියේය, කුඩා කාලයේදී ඔහුගේ පියා අසනීප විය, එබැවින් ඔහු බැටළුවන් හා එළුවන් අතහැර කේප් ටවුන් වෙත ගියේය. ඒ දිනවල කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවතුනි.
      ඔහු කම්කරුවෙකු ලෙස විශ්ව විද්‍යාලයට බැඳුණි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ලබා ගත හැකි තරම් මුදල් ඔහු ගෙදර යවන අතර ඔහු එළිමහනේ නිදාගත්තේ ග්‍රෑම් හපමින්ය.
      ඔහු කම්කරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය. ඉදිකිරීම් කටයුතු අවසන් විය. ඔහුට ටෙනිස් පිටිය කැපීමේ කාර්යය ලැබුණි.

      ඔහු සෑම දිනකම ටෙනිස් පිටියට පැමිණ තණකොළ කපන්නට පටන් ගනී.

      ඔහු අවුරුදු තුනක් තිස්සේ මේක කළා...

      එවිට ඔහුගේ ජීවිතයේ අමුතු හැරීමක් ඇති වෙමින් ඔහු වෛද්‍ය විද්‍යාවේ වෙනත් කිසිවෙකු නොසිටි තැනකට පැමිණියේය.

      එය මෘදු උණුසුම් උදෑසනක් විය. ජිරාෆ් පිළිබඳ පර්යේෂණ කරන මහාචාර්ය රොබට් ජොයිස්ට අවශ්‍ය වූයේ:

      "ජිරාෆ් කෙනෙක් වතුර බොන්න බෙල්ල නැමූ විට, එය අල්ලා නොගන්නේ ඇයි?"

      ඔවුන් මෙහෙයුම් මේසය මත ජිරාෆ් කෙනෙකු තබා සිහිසුන්ව ඔහුට තට්ටු කළ නමුත් සැත්කම ආරම්භ වූ වහාම ජිරාෆ් හිස ගසා දැමුවේය. එබැවින් සැත්කම අතරතුර ජිරාෆ්ගේ බෙල්ල තදින් තබා ගැනීමට ඔවුන්ට ශක්තිමත් මිනිසෙකු අවශ්‍ය විය.

      මහාචාර්යවරයා ශාලාවෙන් පිටතට පැමිණියේය 'හැමිල්ටන්' ඉදිරියෙන් තණකොළ කපමින් සිටිනූ , මහාචාර්යවරයා දුටුවේය. ඔහු ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න තරුණයෙක්. ඔව්හු ඔහුට ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගන්නා ලෙස අණ කළහ. "හැමිල්ටන්" ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගත්තේය.

      මෙහෙයුම පැය අටක් පැවතුනි. මෙම කාලය තුළ වෛද්‍යවරයා දිගින් දිගටම තේ සහ කෝපි විවේක ගත්තේය, කෙසේ වෙතත් "හැමිල්ටන්" ඔහු ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය. සැත්කම අවසන් වූ පසු ඔහු නිහඩව පිටතට ගොස් තණකොළ කපන්නට පටන් ගත්තේය.

      ඊළඟ දවසේ මහාචාර්යවරයා ඔහුට නැවත කතා කළ විට ඔහු පැමිණ ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය. පසුව එය ඔහුගේ පුරුද්දක් බවට පත්විය. ඔහු මාස ​​ගණනාවක් වැඩ දෙකක් කළේය ඔහු මෙම රාජකාරිය සඳහා අමතර මුදලක් ඉල්ලා නොසිටි ඔහු පැමිණිලි කළේ ද නැත.

      Delete
    2. මහාචාර්ය රොබට් ජොයිස් ඔහුගේ නොපසුබට උත්සාහය සහ අවංකභාවය ගැන පුදුමයට පත් වූ අතර “හැමිල්ටන්” ටෙනිස් පිටියේ සිට “විද්‍යාගාර සහායක” දක්වා උසස් කරනු ලැබීය. ඔහු දැන් විශ්ව විද්‍යාලයට පැමිණ, ශල්‍යාගාරයට ගොස් ශල්‍ය වෛද්‍යවරුන්ට උදව් කළේය. මෙම ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ පැවතුනි.

      1958 දී ඔහුගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් උදා විය. මේ වසරේ වෛද්‍ය බර්නාඩ් විශ්ව විද්‍යාලයට පැමිණ හෘද බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කළේය.

      "හැමිල්ටන්" ඔහුගේ සහායකයා බවට පත් වූ අතර, මෙම මෙහෙයුම් අතරතුර ඔහු සහායක සිට අතිරේක ශල්‍ය වෛද්‍යවරයෙකු දක්වා ගියේය.

      දැන් වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන අතර සැත්කමෙන් පසු ඔහුට මැහුම් දැමීමේ කාර්යය පැවරී ඇත. ඔහු විශිෂ්ට මැහුම් වැඩ කළා. ඔහුගේ ඇඟිලි පිරිසිදු හා වේගවත් විය. ඔහු එක් දිනක් තුළ පනස් දෙනෙකු මැහුම් දැමුවේය. ශල්‍යාගාරයේ වැඩ කරමින් සිටියදී ඔහු ශල්‍ය වෛද්‍යවරුන්ට වඩා මිනිස් සිරුර තේරුම් ගැනීමට පටන් ගත්තේය. එබැවින් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට ඉගැන්වීමේ වගකීම ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ඔහුට ලබා දුන්හ.

      ඔහු දැන් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම ශිල්ප ක්‍රම ඉගැන්වීමට පටන් ගත්තේය. ඔහු ක්‍රමයෙන් විශ්ව විද්‍යාලයේ වැදගත්ම පුද්ගලයා බවට පත්විය. වෛද්‍ය විද්‍යාවේ නියමයන් ඔහුට නුහුරු විය. නමුත් ඔහු ලෝකයේ හොඳම ශල්‍ය වෛද්‍යවරයා විය.

      ඔහුගේ ජීවිතයේ තුන්වන හැරවුම් ලක්ෂ්‍යය වූයේ 1970 දීය. අක්මාව පිළිබඳ පර්යේෂණ මේ වසරේ ආරම්භ විය.
      ඒ එම ශල්‍යකර්මයේදී අක්මා ධමනි හඳුනා ගැනීමයි. ..... අක්මාව බද්ධ කිරීම පහසු කළ ඔහුගේ ප්‍රකාශ වෛද්‍ය විද්‍යාව විශ්මයජනක කිරිමටත් මවිතයටත් පත් කළේය.

      අද, පුද්ගලයෙකුට ලෝකයේ යම් කොනක අක්මා සැත්කමක් කර රෝගියා දෑස් විවර කර ආලෝකය දකින විට මෙම සාර්ථක මෙහෙයුමේ සාර්ථකත්වයෙ ගෞරවය කෙලින්ම "හැමිල්ටන්" වෙත යයි.

      "හැමිල්ටන්" මෙම තනතුර ලබාගත්තේ අවංකව හා නොපසුබට උත්සාහයෙන්. ඔහු අවුරුදු 50 ක් කේප් ටවුන් විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධ වී සිටියේය.
      ඔහු හිමිදිරි පාන්දර තුනට නිවසින් පිටත් වී විශ්ව විද්‍යාලයට සැතපුම් 14 ක් පයින් ගමන් කර හරියටම උදෑසන හයට ශාලාවට ඇතුළු විය. මිනිසුන් ඔහුගේ කාලය සමඟ වේලාව දැනගැනීමට පුරුදුව සිටියහ.

      වෛද්‍ය විද්‍යාවේ කිසිවෙකුට මෙතෙක් නොලැබුණු ගෞරවයක් ඔහුට හිමි විය.

      ඔහු වෛද්‍ය ඉතිහාසයේ පළමු නූගත් ගුරුවරයා විය.
      ඔහුගේ ජීවිත කාලය තුළ ශල්‍ය වෛද්‍යවරුන් 30,000 ක් පුහුණු කළ පළමු නූගත් ශල්‍ය වෛද්‍යවරයා විය.
      2005 දී මියගිය ඔහු විශ්ව විද්‍යාලයේ තැන්පත් කරන ලදී.
      එම උපාධිය ලබා ගැනීමෙන් පසු ශල්‍ය වෛද්‍යවරුන්ට ඔහුගේ සොහොනට ගොස් පින්තූරයක් ගෙන ප්‍රායෝගික ජීවිතයට පිවිසීම අනිවාර්ය විය. ”

      * "ඔබ දන්නවා ඔහුට මෙම තනතුර ලැබුණේ කෙසේද කියා." *

      * “එක් අයෙක් පමණි.” *

      ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීමට ඔහු ශල්‍යාගාරයට කැඳවූ දිනය ඔහු ප්‍රතික්ෂේප කළේ නම්, ඔහු එදින පවසා තිබුනේ නම්, මම බිම් නඩත්තු සේවකයෙක්, මගේ කාර්යය ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීම නොවේ යන්න

      එය ඔව් සහ අමතර පැය අටක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔහුට සාර්ථකත්වයට දොර විවර වූ අතර ඔහු ශල්‍ය වෛද්‍යවරයකු බවට පත්විය.

      "අපගෙන් බොහෝ දෙනෙක් අපේ ජීවිත කාලය පුරාම රැකියාවක් සොයමින් සිටියෙමු. අප රැකියාවක් සොයා ගත යුතු අතර."

      ලෝකයේ සෑම රැකියාවකටම එක් නිර්ණායකයක් ඇති අතර රැකියාව ලබා ගත හැක්කේ නිර්ණායක සපුරාලන අයට පමණි. ඔබට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔබට ලෝකයේ ඕනෑම වැඩක් මිනිත්තු කිහිපයකින් ආරම්භ කළ හැකි අතර ලෝකයේ කිසිදු බලයක් නැවැත්විය නොහැක. ඔබ.

      "හැමිල්ටන්" රහස සොයාගෙන ඇති අතර, ඔහු රැකියාවට වඩා වැඩ කිරීමට වැදගත් විය. මේ අනුව එය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය වෙනස් කළේය.

      සිතන්න, ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළේ නම් ඔහුට ශල්‍ය වෛද්‍යවරයකු විය හැකිද? කවදාවත් නැහැ, නමුත් ඔහු උදැල්ල බිම තබා ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් විය.

      රැකියා විරහිත පුද්ගලයින් අසමත් වන්නේ ඔවුන් රැකියාවක් සොයන නිසා මිස රැකියාවක් සඳහා සුදුසු නොවන නිසා නොවේ.
      ඔබ "හැමිල්ටන්" මෙන් වැඩ කිරීමට පටන් ගත් දින සිට ඔබට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ශ්‍රේෂ්ඨ හා සාර්ථක මනුෂ්‍යයකු බවට පත්වනු ඇත.

      ලංකාවේ මේ වගේ දේවල් වෙයිද?

      Delete
    3. පිස්සු පීකුදු
      හැමිල්ටන් ශල්‍ය වෛද්‍යවරයකු නොවේ!
      හැබැයි එලියන්ත වයිට් නම් වෛද්‍යවරයෙක්
      අයි තව චන්න පැණිසුමන, එයත් වෛද්‍යවරයෙක් නේ.

      Delete
  9. ලංකාවේ සිංහලයට මුල අමතක වෙන්න යන්නෙ සති 2යිනෙ මාතලං. ජවිපෙ, පාඨලී සහ මංගලගේ සෙට් එක උන්ගෙ ගෲප් වල දාන ඒව ලංකාවේ ගොබ්බයො උඩ පැන ශෙයා කරනව. ඕං බලන්න ඔය ෆේල් කියන සෙට් එක ආපහු රනිල් උනත් බලයට ගේන්නෙ නැද්ද කියල. හැබැයි දෙමළ මිනිස්සු ඒ අතින් රත්තරං. කොටින්ගෙන් උන්ට මොන තරම් ප්‍රශ්න වෙලා තිබුනත් පවුලෙ මිනිස්සු උන් අතින් මැරුණත් උන් තාමත් පෙභාකරන්ට පන ඇරල. මොකෝ නැතෙයි?

    ReplyDelete
    Replies
    1. ඵල ඇති රුකට ගල් ගහන බව පැරණි සිංහල කියමනකි. එනයින් බලන කළ ගෝඨාට වදින ගල් අපට තෙරුම් ගත හැකිය. යම් යම් අඩු පාඩු තිබුනද, පවතින ලෝක සන්ධර්භයත් සමඟ එකට ගෙන සළකා බලන කළ, ගෝඨා ඔය ෆේල් මන්තරය මතුරන ගොබ්බයන්ට වඩා ගව් ගානක් උඩිනි.

      කෝවිඩ් දෙවෙනි රැල්ල ගෝඨා ප්‍රමුඛ කාර්‍යසධක බළකායට සරෙන්ඩර් වෙගන එන සෙයක් පෙන්වයි. ජනතාවගේ කැප කිරීම් සහ ජනතාව ඒ සඳහා යොමු කිරීම මේ සාර්ථකත්වයට හේතුවයි. ෆේල් මන්තරයා මතුරණ අවමංගලයන්ට තව ටික දිනකින් සිදුවන්නේ පුක හපාගෙන මිය යාමටයි..

      ආර්ථික වර්ධන වේගය 6 යි දශම ගණනක සිට 2 යි දශම ගණනකට ඇද දැමූ, 2009න් පසු බට්ටෙක්වත් නොපිරුනු රටක බෝම්බ වරුසාවකින් මිනිස් ජීවිත් බිලිගැනීමට මග විවර කළ කාළකණ්නි සෙට් එකක් දැන් ෆේල් ෆේල් ගගා යනකොට පක්ෂ අන්ධතාවයෙන් වහල් නොවුනු සාමාන්‍ය‍ය ජනයාට හිනා යන්නෙ පුකෙනි. මෙවන් අසීරු සමයක මෙ අපතයන් බලයේ සිටියානම් රටට වෙන විනාශයේ තරම සිතාගැනීමටවත් නොහැක. ඒ අතින් මේ රට වාසනාවන්තය..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න