.

.

Nov 20, 2020

ෆොනී ඉල්ලන්නේ වැක්සීන්ද…? වැස්ලීන්ද…?


 

ෆොන්සේකාට ආදරේට කියන්නේ ෆොනී කියලාය…. කින්ඩියට කියන්නේ වෙල් විදානේ කියලාය… මේ 30 වසරක යුද්ධය දිනා දුන් වීර සෙන්පතියෙක්ය..

ජෙප්පෝ උන්නැහේ නරාවලට ඇද දැම්මේය… එයා යුද්ධයට වැඩ කාරයෙක් වුවද.. දේශපාලනයේ මෙලෝ අල බෝලයක් දන්නේ නැති බව මේ වන විට ඔප්පු කර අවසානය..

මට මතක විදියට අර්ජුණලා ඉතරක් නොව…, කැටගොඩත් උන්නේ උන්නැහේ එක්කය… ඒත් ඒ යකාට පොලිටික්ස් බෑ කියා කීවේ… මාතලන්ගේ නෑවෙන.. එයා ළඟ උන් පලා බබෙක්ය. ඌත් හොඳ ගානක් අරගෙන මහින්ද මහත්තයා ළඟට ගියේය…

ආතක් පාතක නැතිව අනාථ වී සිටියදි රනිල්ගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අන්තීමේ රනිල්ටත් කෙලලා ටෙලිපෝනයේ එල්ලුනේය… සජිත්ගෙන් කිසි දිනෙක් ඔහුට තැනක් ලැබෙන්නේ නැතිය. එය පුතානෝගේ මෙන්ම පියානෝගේද මෙතඩ් එකය..

පුතානෝ තමාට අභියෝගයක් විය හැකි හැම එකාටම ගේම දුන්නේය.. කරූගෙන් පටන් ගෙන.., නවීන්, ජොනී.., කෙහෙළිය, දයාසිරි.., රෝසී, රවී, රනිල් මෙන්ම…, චන්දයේදී සුජීව සේනසිංහටත් ලස්සනට ගේම දුන්නේය.. දැන් ඉන්නේ එකම එකෙකි.. ඒ හරීන් පමණි..

හරීන් ඉන්නේත් වැට උඩය.. ඊයේ පෙරේදා මහින්ද මහත්තයා ගැන ගුණ ගී ගයා තිබෙනවාද…, ඊට මහින්ද මහත්තයාද උත්තර දී තිබෙනු කවුරුත් දුටුවේය..

දැන් ඉතිරිව ඉන්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.. ඔතන ෆොන්සේකාට සංසාරේදි මක්කත් ලැබෙන්නේ නැතිය.. ඒත් ෆොනී තාමත් ඉන්නේ ෆනී සෙට් එකත් එක්කය…

උන් කොරෝනා ටෙස්ට් කිට් ගිලින්න ඉල්ලනවාය.. කන්න එපා කියූ මාළු අමුවෙන් කනවාය… අපරාදේ කියන්නේ අපි මේ පැත්තේ ඉන්නේ…, පහුගිය අවුරුදු පහේ ෆේල් නිසා කියා කුරුණෑගල කසිප්පුවා ඊයේ කියුවේය… දෙන තරමක් දෙන්නේ පුල් ෆන්ය…

වෙලාවකට රට වහන්න කියනවාය… වෙලාවකට අරින්න කියනවාය… ඇරියාම අරින්න කිව්වේ මොන ගොනාද කියා ඕනෑම එකෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු ගොනා අහනවාය… එකම විකාරයක්ය…

එකසත් ජාතින්ගේ සංවිධානයෙන් වැක්සීන් 20,000 ක් දෙන්න යනවා කියා ආරංචිය ආ ගමන් පුතානෝ පාර්ලිමේන්තුව දෙක කළේ ඒ පාර පවිත්‍රා රටේ ජනතාව පරීක්ෂණාගාර මීයන් කරන්න යනවා යකෝ කියලාය…

දැන් ෆොන්සේකා අහන්නේ ඒ වැක්සීන් ගේන්නේ නැත්තේ ඇයි යකෝ කියලාය…

වාසුදේව මහත්තයාට කවුරුත් ආදරේට කියන්නේ කපයා කියලාය…

ඊයේ කපයා මහතාට ෆොනී එක්ක ඌරූ ජුවල්ම ගියේය… එයා කිව්වේ වෙල් විදානේට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුවේ කතා කරන්න මේක හමුදාව නෙමේ කියලාය…

කපයා මහතා වැක්සීන් එපා කියා කිසි වේලාවක කීවේ නැතිය.. එයා කීවේ මේ වෙලාවේ වැක්සීනයක අවශ්‍යතාවයක් නැති බවත්.. ජනතාව ටෙස්ටින් වලට යොදාගන්න දෙන්න බැරි බවත්…. ටෙස්ටින් වැක්සින් නොව.. එයාලා ටෙස්ට් කරලා 100% ෂුවර් වක්සින් එකක් ආවාම… ඒක ගෙනත් ජනතාවගේ විදින්න ඕන තැනට විදිනවා කියලාය….…

ෆොනිත් එය පිලිගත්තාට…. තා මක්කදෝ කියන්න ගොස්… ඇදගෙනම නා ගත්තේය…

හැබයි මාතලන්ට නම් සිතෙන්නේ මේ ෆනී සෙට් එකත් එක්ක ඉඳලා වැක්සීන් හා වැස්ලීන් පැටලුනාදෝ කියලාය… මොකෝ වෙනස් විදියේ රුචි අරුචි කම් ඇති උන් එක්ක ටික කලක් ඉන්නා විට.. තමන්ගේ රුචි අරුචි කම් පවා වෙනස් වීමට ඉඩ තිබෙනා නිසාය… දැන් කාලයක් තිස්සේ එයා ඉන්නේ එජාපයේ සෙට් එකක් එක්කය… එයාලා ටිකක් අමුතු රිසි කම් සහිත පිරිසක් බව එයාලාම පිලි ගන්නවාය… සම හරක්ගේ වීඩියෝ පවා ලීක් වී හත් පොලේ ගාගෙනත් අවසානය…

සුද්දෝ සුද්දියෝ වැස්ලීන් යොදා ගන්නේ…, තම ඉස්කින් එක මේන්ටේන් කර ගන්නට වූවාට…, එජාපයේ පිරිස් ඕවා යොදා ගන්නේ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස බව කවුරුත් දන්නවාය…

ඒ නිසා සමාර විට ටෙස්ට් කිට් වාගේම ෆොනීටත් වැක්සීන් හා වැස්ලීන් පැටලුනා විය හැකිය…

තමන්ට නොගැලපෙන් තැන්වල හිටගන්න ගියාම වීරයෝත් බලු වෙනවාය… ජෝක් එකක් වෙනවාය….

මෙලෝ රහක් නැති කපයා මහතා පොරක් වී… ෆීල්ඩ් මාෂල්ලා වෙල් විදානේලා වෙනවාය…


ඒ වගත් මෙසේය…



4 comments:

  1. සුද්දෝ සුද්දියෝ වැස්ලීන් යොදා ගන්නේ…, තම ඉස්කින් එක මේන්ටේන් කර ගන්නට වූවාට…, එජාපයේ පිරිස් ඕවා යොදා ගන්නේ ලිහිසි ද්‍රව්‍යයක් ලෙස බව කවුරුත් දන්නවාය…

    ReplyDelete
  2. තමන්ට නොගැලපෙන් තැන්වල හිටගන්න ගියාම වීරයෝත් බලු වෙනවාය… ජෝක් එකක් වෙනවාය….

    ReplyDelete
  3. මේ ෆනී සෙට් එකත් එක්ක ඉඳලා වැක්සීන් හා වැස්ලීන් පැටලුනාදෝ කියලාය… මොකෝ වෙනස් විදියේ රුචි අරුචි කම් ඇති උන් එක්ක ටික කලක් ඉන්නා විට.. තමන්ගේ රුචි අරුචි කම් පවා වෙනස් වීමට ඉඩ තිබෙනා නිසාය…

    ReplyDelete
  4. මාතලනා දන්නවා ඇතිනේ ප්‍රබල එජාප සජබ ආධාරකරුවෙක් වුණ විශ්‍රාම ලත් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු කලාකරුගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තියෙනවා කියලා? ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මේ බව ඔහුගේ හිතවතෙකුට මේ කලාකරුට දන්වන්නැයි දැනුම් දී ඇත.

    ඊයේ විල්සන් කරු කලාකරුවා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලද්දේ ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණාට පසුවයි.

    මේ ගැන හිතන්නේ මොකක්ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න