.

.

Nov 5, 2020

ඇඹුල්දෙණිය හංදියේ රෝල්ස් හා බන්දුලගේ හාල් ගැසට්


 කොරෝනා සමාජගත වී නැතයි කියන්නේ ලෝක සවුක්ක සන්ධානේ ඉස්ටෑන්ඩඩ් වලට අනුවෙයි කියලා මල පැනපු විසේග්න වයිජ්ජ වරයෙක් කිව්වාට, ගෙවල් අස්සේ මිය යන උන් වැටෙන්නේ මොන පොකුටරද කියා උන්නැහේ දන්නේත් නැතිය.

සමාර විට එහෙම කිව්වාම මෙච්චර කල් ගත්ත ක්‍රෙඩිට් එක නැතිවෙන නිසා එහෙම කියනවා ඇතිය. මොකෝ…, ලෝක සවුක්ක සන්ධානේ ඉස්ටෑන්ඩඩ් එකට අනුව සමාජගත වීම කියන්නේ ෆෝත් ඉස්ටෙප් එක හෙවත් අවසාන අවස්ථාව වීමය. මේ අවස්ථාවට රටක් පත් වූ විට වැඩේ ගොඩදැමීම ටිකක් අමාරුය.

ලොක් ඩවුන් නිසා ජනතාව මෙන්ම ආර්ථිකය අප්සෙට් යන නිසා විවෘත කරපු රටවල්.., ඇදගෙනම නාගෙන.., නැවතත් ලොක් ඩවුන් වලට යන්නේ ඒ නිසාය.

ඒ කෙසේ වෙතත් මුලු බස්නාහිර පලාතම කවර් වන සේ…, 9 වනදා උදෑසන තෙක් දැමූ ඇඳිරි නීතිය කිසි ලෙසකින්වත් දීර්ඝ නොකරන බවට සවේන්ද්‍ර මහත්තයා අද උදේ…, අද ද රෙණ එකට ඇවිත් කීවේය.

මේ තීරණයට ජනාධිපතිතුමා එන්නේ…, ඇඹුල්දෙනිය හංදියට පින් සිද්ද වෙන්නය. අපේ ජනාධිපති තුමා රටේ රජ්ජුරුවෝ උනාට රජ ගෙදර පදිංචොයට ගියේ නැතිය. පැජට් පාරේ ගෙවල් හතරක් පහක් එක් කොට මාලිගාව හදන්න ගියේත් නැතිය. එතුමා තාමත් ඉන්නේ මිරිහානේ ගෙදරය.

2030 වන තෙක්ම එතුමා මිරිහානේ ගෙදර ඉන්නවා නම් අපි කැමතිය. හැකිනම් තා ටිකක් ඈතට යනවා නම් ඒකත් වඩා හොඳය. මොකෝ…, මැදමුලනේ ඉඳන් ආවත්, අරලිය ගහ මන්දිරේ උන්න මහින්ද මහත්තයා හිතුවේ රටේ දරුවෝ ඔක්කෝම ජීවත් වන්නේ නාමල්ලා වගේ කියලාය.

ඒ නිසා උන්නැහේ චිචීගේ බල්ලන්ගේ කෑම මිළ බජට් එකෙන්ම අඩු කලාට, ජනතාවගේ බඩට දිගට හරහට කෙලියේය. අවසානයේ මල පැනපු ජනතාව දුටුගැමුණු සජ්ජුරුවෝ මැදමුලනටම එලවා දැමුවේය.

ඒ අනුව බැලුවාම එතුමා මිරිහානේ සිටීම රටේ වාසනාවක්ය. මන්ද මිරිහාන තියෙන්නේ කොළඹ හතේ නොවනා නිසාය.

ඇඳිරි නීතිය දැම්මායින් පස්සේ ඇඹුල්දෙනිය හංදියේ, තමන්ගේ ගෙදර රෝල්ස් විකුණපු නෝනාත්, චූන් පාන කාරයාත් (ගරු චූන් පාන් මැතිතුමා), සිල්ලර කඩ කාරයෝ දෙදෙනාත් පෙන්න නැති නිසා.., එතුමාගේ හදවත උණු උනේය. මේ මිනිස්සු ජීවත් වෙන්නේ කෙසේද කියනා ප්‍රශ්ණය එතුමාට ආවේය. දවසක් දෙකක් වැහුවත් ඒක විශාල පාඩුවක් බව එතුමාට අවබෝධ උනේය.

කරුමය කියන්නේ මේ රටේ ඉන්නා එකෙක්ටවත් ඕවා මේ වෙනකන් වැටහුනේ නැති එකය. උන් ඉන්නේ ජනතාවට කෙලින්නය. හැම එකාම එන්නේ පොලිස් පාට් දාගෙනය. උන්ට ජනතාව කෑවාද බීවාද කියනා එක අදාල නැතිය. උන්ට ඕනෑ උන්ගේ පවර් එක පෙන්නන්නටය.

අපේ රටේ එදිනෙදා කීයක් හරි හම්බ කරගෙන කන පිරිස අති විශාලය. විශේෂයෙන් නාගරික ප්‍රජාව අතර මේ පිරිස ඉතා විශාලය. අපේ රට වගේ දුප්පත් රටකට මේ පිරිසත් නඩත්තු කරන්න බැරිය. ලෝකයේ දියුණු රටවල් කරන ඒවා අපේ රටේ කරන්න බැරිය. අපි තීන්දූ තීරණ ගත යුත්තේ අපේ රටට ගැලපෙන ලෙසය.

මාතලන් නම් මාර්තු මාසයේ ලොක් ඩවුන් කිරීමටත් පෙර සිටම කීවේ රට විවෘතව තබාගෙන.., දරුණු නීතී රීතී හා අධීක්ෂණය යටතේ සමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා යුතු බවය.

එසේ කළ යුත්තේ මේ රටේ ජනතාවගෙන් අති බහුතරය මී හරකුන් නිසාය. පසුගිය මාස දෙක තුල ෆේස් මාස්ක් එක තිබුනේ බෙල්ලේය. මීටරය සෙන්ටි මීටර් උනේය. හැන්ඩ් වොෂ් විහිළුවක් උනේය.

රජය විසින් මෙය අධීක්ෂණය කිරීම කළ නොහැක්කක් නොවේ. එය ඉතා පහසුවෙන් කිරීමට ඕනෑ තරම් පිරිස් ආන්ඩුව සතුය. ආන්ඩුවේ පින් පඩි කන්නෝ අනන්තවත් සිටී. මෑතකත් ආන්ඩුවට 160,000 ක්ම බඳවා ගැනීමත් ආරම්බ කොට ඇත්තේය. සම හරක්ට උපාධි තිබ්බාට කරන්න වැඩක් නැතිය. අයිස් පප්පලාය.

හොඳම උදාහරණය අවුරුද්දක් ගිහිල්ලාත් හාල් මිළ පාලනය කර ගන්නට ආන්ඩුවට බැරිවීමය. නෝන්ඩි වෙන්නේ වෙන කවුරුන්වත් නොව ජනාධිපති තුමාය. පෙරදී නම් පොඩි ඇක්ස්කියුස් එකක් තිබ්බත්, 20 සම්මත කර ගත්තායින් පස්සේ සියළු බලතල මෙන්ම වගකීම්ද තියෙන්නේ එතුමා අතය.

එවා කරන්න බැරි ඇමතිවරු එලවා දමා අලුත් එකෙක් පත් කිරීමට දැන් බලතල ඕනෑවටත් වඩා තියෙනවාය. එයාලාගේ හිත් රිදෙයි කියා තීන්දූ තීරණ ගන්නේ නැතිව ඉන්නවා නම්, අනාගතයේ ජනතාව ගන්නා තීන්දූ තීරණ අති භයානක විය හැක.

අතේ ඇඟිලි ගනනටත් වඩා අඩු හාල් මාෆියාවේ දෙන්නා තුන්දෙනා ආන්ඩුවට සම්බන්ධ යැයි කියා උන්ගේ පැත්තේ හිටගෙන උන් රකිනවාද? එසේ නැත්නම් අඩුම තරමේ තමන්ට චන්දය දුන් ලක්ෂ 69 ක් වෙනුවෙන් පිනී සිටිනවාද යන්න වහාම තීරණය කළ යුතුය.

මන්ද මේ ගැසට් ගැහිල්ල දැන් එකම විහිළුවක් වී තියෙනා නිසාය. කඩේ උන් කියන්නේ ඒ කියන මිළට හාල් ගැසට් ගහන උන්ගෙන ඉල්ලා ගනින් කියලාය.

කොහොමත් බන්ධුල ගුණවර්ධන කියන්නේ, එදා මෙද තුර බාරදුන් සියළුම අමාත්‍ය ධූරයන්හි පට්ටම ෆේල් චරිතයක්ය.

උන්නැහේගේ ආර්ථික තියරි පොත්වලදි ඇත්ත වූවාට, මහපොලොවේ එවා පට්ට ජෝක්ස්ය. එයාගේ තියරිය අනුව නම් නිශ්පාදනය වැඩි උනාම මිළ අඩු විය යුතු උනත්, දැන් වෙන්නේ නිශ්පාදනය වැඩි වෙන තරමට මිළද වැඩි වීමය. එමෙන්ම මාෆියාව තවත් පොහොසත් වීමය.

යහපාලන ආන්ඩුවට කෙලියේ මෛත්‍රිපාල සිරිසේනය.

මේ ආන්ඩුවට කෙලින්නේ ඩඩ්ලි සිරිසේනය.


ඒ වගත් මෙසේය…



නීතිය ඇඳිරියේ ටික ටික නිම ……......………වේවා

කෝවිඩ් යකා ගෙන් මුළු රට දුරු……………. වේවා

මිනිසුන් විඳින දුක මැතිදා නෙත යොමු …..…..වේවා

ඇඹුල් දෙනිය හංදිය මතු බුදු ………......……..වේවා


– කාව්ය සිරෝමනී මාතලන් –


10 comments:

  1. https://www.slstory.com/?p=68047

    you can wash the dirt on above as well ..

    ReplyDelete
  2. ඩඩ්ලි සිරිසේන උකුලේ ඉන්නවිට
    නලවනු මිසක කිසිවක් කල හැකිද මට
    දිලිත් ජයවීර රිංගයි හවස ගෙට
    ඔහුවත් සැනසීම උරුමය ජනපතිට

    හැටනම ලක්ෂයක් තොපි චන්දය දුන්නේ
    මට නොව අගමැතිට යැයි දැන් පැවසෙන්නේ
    කුමටද ජනයිනේ තොපි ගැන වෙහෙසෙන්නේ
    මුන් දෙන්නම තමයි මගෙ පිහිටට ඉන්නේ

    ReplyDelete
  3. ඉවසන්න මාතලන් ඉවසන්න
    තව ටික දවසකින් '21' ගේනවා. බන්ධුල ගුණවර්ධන එළවන්නයි ඩඩ්ලිට ගේම දෙන්නයි.
    අලි සබ්‍රි මැතිතුමා දැනටම ගේමට බැහැල ඉන්නේ.

    ReplyDelete
  4. මමත් ලිව්වේ ඕකම තමයි

    ReplyDelete
  5. උන්නැහෙත් පට්ට නළුවෙක් විතරයි...කැමරා භාවිතය අඩු කළොත් අනාගතයක් තියෙයි. නැත්නම් නාගෙන කුජීතම වෙලා තමා යන්නෙ.. JR ගෙ කාලෙ වගේ නෙමේ GR ගෙ කාලෙ. කරණ කියන ඒවට හැරෙන් තැපෑලෙන් උත්තර හම්බෙනවා...

    ReplyDelete
    Replies
    1. හැබෑවටම සෙන්නා කෝවිඩ් 19 හෙම්බිරිස්සාවක් වැනි යැයිද ඒ සමග ජීවත්වීමට පුරුදු විය යුතු බවත් මුලින් පැවසූ බටහිර රටවල් අන්තිමට ඇන ගත්තානේ. මෙයට හේතුව herd immunity සහ PCR පරීක්ෂණ ගැන තාක්ෂණික කමිටු මගින් ඒ ඒ රජයන්ට දුන්නු වැරදි නිර්දේශයන්. දැන් ඔවුන් විශාල මරණ සංඛ්‍යාවක් පාළනය කර ගත නොහැකිව කුජීත ලෙස දඟලයි. ඇත්තෙන්ම මේ වසරේ මුල යුරෝපය සහ ඈමරිකාව විසින් මුල් අවස්තාවේම ලොක් ඩවුන් කිරීමකට ගියා නම් ලෝකය පුරා මෙතරම් දරුණු ලෙස කොරෝනා රෝගය ව්‍යප්ත නොවීමට ඉඩ තිබුණි.

      ලංකාවත් ලොක් ඩවුන් කිරීමකට ගොස් (Hammer) මුල් වටයේ කොරෝනා මරණ සහ පැතිරීම පාලනය කර ගත් නමුත් සංචාරක ව්‍යාපාරයත් නැවතිලා, ගාමන්ට් factory ත් වැහිලා, අපනයන නැවතිලා, රජයට ආදායමක් නැති වෙලා, කොරෝනා වාට්ටු හදන්න නිරෝධායන මධ්‍යස්ථාන හදන්න බිලියන ගනන් වියදම. ගත්තු ණය ගෙවන්නත් තියෙනවා. නිරෝධායනය වෙන කට්ටියට 10,000ක බඩු මල්ලකුත් දෙනවා. රස්සානැති කට්ටියට 5,000කුත් දෙනවා. ඒ සියලු දේ සැබෑය. නමුත් ලංකාව දැනට ඉන්න stage එක ගැන අරගෙන තියෙන තීරණය හරිද කියලා නැවත සලකා බලන්න ඕනෙ. ලංකාවේ දැන් ඇත්තටම එලබ ඇත්තේ හතර වන අවධිය එනම් අග මුල සොයා ගත නොහැකි පොකුරු තැනින් තැන මතුවන අවස්තාව නේද? PCR පරීක්ෂණ වාර්තා කඩිනමින් නොඑන, ලෙඩුන් හමුවන ප්‍රස්ථාරය වක්‍රාකාරව ඉහලට එසවෙන (Exponential), තැනින් තැන හදුනානොගත් රෝගීන් මියයන අවස්තාවක නේද මේ අපි ඉන්නේ? අනික මේ වතාවේ ලංකාවේ හමුවන වයිරස් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙන බවත් කියැවෙනවා.

      එන්නතක් හොයා ගන්නකල්ම රට වහන්න කියලා නෙමෙයි කියන්නේ. රෝගීන් මතුවන වේගය අඩුවෙනකල් කලානම් සම්ප්‍රේෂණය අඩු කර ගත හැකියි. නැතිනම් වෙන්නෙ මේ දවස් කීපයට දාපු ඇදිරි නීතියෙනුත් වැඩක් නැති වෙන එක. අසාර්ථක බව ඔප්පු කල බටහිර පාලකයන් ගේ ක්‍රම අනුව නොයා, lockdown හී ආදීනව කතා කරමින් නොසිට, dance එක නතර කර, රටම මිනී කනත්තක් වීමට පෙර අවම තරමින් දිස්ත්‍රික් මායිම් තව කාලයක් වසා තැබීමට අප කල්පනා කරන්න ඕන දැන් නම්.

      Delete
  6. මාතේ පංචිකාවත්ත කිව්වම අපිට එකපාර මතක් වෙන සංකේත දෙකයි . එකක් පංචිකාවත්ත අපේ පක්ෂ කාර්යාලය .. අනික මුනේ...

    මුනසිංහ සහොදරයා . ..

    ඕන වෙලාවක අපේ වාහනයක් කැඩුනොත් එකපාරටම මතක් වෙන්නේ මුනසිංහ සහෝදරයා .. විස්තරේ කියන්න විතරයි තියෙන්නේ යනකොට හොයලා තියෙනවා .. ඒ අතරෙත් ඉන්නේ වැඩ කරන තැන නෙමෙයි එක්කෝ හම්බන්තොට වාහනේට නැත්නම් සමන්ත සහෝදරයා ට බදුල්ල ට උදව් කරන්න දුවනවා .. ඒ මුනේගෙ හැටි..

    බඩු ගන්න තැන් වලට ගිහිනුත් ඒ මුදලාලි ලාට කියන්නේ මේක අපේ වැඩක් .. දන්නවනෙ පක්ෂයේ හැටි.. මේ සහෝදරවරු ජීවත් වෙන්නේ මෙච්චර අති දුෂ්කරතා රැසක් මධ්‍යයේ .. බඩු විකුණන මිනිස්සුන්ට පංති නොකරනවා විතරයි .. ඒ මුනේගෙ හැටි ..

    අපේ පක්ෂය කියන ඕනෑ වැඩක් තමන්ගේ වැඩකට වඩා විශාල හැගීමක් ඇතුව වැඩ කල හොඳ හදවතක් දැන් හදිසියේම අපෙන් සමුගෙන ... ��

    අපේ මුනසිංහ සහෝදරයගේ හැටියට කවදාවත් එයාට හැදෙයි කියලා හිතන්න බැරි ලෙඩක් ... ඒත් එයාට ඒක හැදුනා.. පක්ෂයේ හැමෝම .. පංචිකාවත්තේ යාලුවො විතරක් නෙමෙයි ... ලෙඩේ සනීප කරන්න බෑ කියල දන්න පිලිකා රෝහලේ දොස්තර මහත්තුරු පවා මුනේ ගොඩ දාන්න .. ආයේ අපි අතරට ගන්න මාර විදියට උත්සාහ කලා..

    ඒත් අද උදේ මුනසිංහ සහෝදරයා සදහටම සමුගත්තා මාතේ ...

    මාරම දුකයි තමයි ඒත් මොනවා කරන්න ද .. දැන් පංචිකාවත්ත මතක් උනාම ඉතිරි වෙලා තියෙන්නේ අපේ පක්ෂයේ කාර්යාලය විතරයි ..

    මේ සටන හරිම අමරුයි .. ඊට වඩා සමුගැනීම අමාරුයි. ඒත් සමුගනිමු සහෝදරයා ! ඔබ ඇතුළු පක්ෂය හා සමාජවාදී අරගලය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කළ සියලුම සහෝදර සහෝදරියන්ගේ නාමයෙන් අරගලය ජයග්‍රහණය කරනවාමයි. එතෙක් ඔබට සුභ ගමන්!

    ReplyDelete
  7. නසතොත් දෙබරෙකුට එක පාරින්ම ගසා
    නසනු නැතොත් යන්නට හැර දෑස වසා
    සිටිනු කියල කිව්වේ ජයවොඩන බොසා
    දැන් අය නාන්නෙම එය නොතකනා නිසා

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න