.

.

Nov 9, 2020

කමලා හැරිස් වෙත ආදරෙන්….


 

සෙත් වේවා…!!!



හිතවත් කමලා අක්කා වෙත,

සුපුරුදු පරිදි ඔබේ සැප දුක කෙසේදැයි අහනා එක හරි නැතිය. අක්කා ඉන්නේ ෆුල් ආතල් එකේ බව මම දන්නවාය.

අක්කාගේ ඉස්පීච් එකෙන් ඒ බව අපි දෑසින්ම දැක ගත්තෝය. ඉතින් රිපලයි ලෙටර් එකේ මගේ සැප දුක අහන්නත් එපාය. මොකෝ අපිත් ඉන්නේ එසේය.

අක්කා එලෙව්වේ එක පිස්සෙකි. අපි පිස්සන් දෙන්නෙක්ම එලවලා දමා පුන් ෆන් එකේ සිටින්නෝය.

එකෙක්ට නම් ඇපෙත් කැන්සල් උනේය. කරුමේ කියන්නේ.. අක්කලාගේ මෙහේ බ්‍රාන්ච් ලීඩර් එයා වෙච්චි එකය. ඒ නිසා දැන් එයාලාගේ ගෝලයෝත් ඉන්නේ නන්න පෝල් වෙලාය. ඒ වෙනුවට අපි ඇමරිකන් කිරි ටොයියෙක් පත් කර ගත්තේය.

අක්කාට කියන්න අක්කේ.. අක්කා මෙහේ ආවොත් හෙම අක්කලාගේ සිහිණ ටොයියෝ මොකාද, ගං කඹරයෝ මක්කුන්ද කියා හඳුනා ගන්න බැරිව අඤ්ඤකොරොස් වෙන්න ඉඩ තියෙනවාය.

බුදුන් රස්තියාදුවේ ඇරිය සිහිණ ටොයියෝ දැන් හැම පෝයටම බණ අහනවාය. උන් වෙනදාට පෝයදාටත් කරේ බන තලනා එකය. දැන් උන් අමු ජාතිවාදියෝ වෙලාය. නම සඳහන් කලොත් ස්කර්බර්ග් කාරයා විසින් බ්ලොක් කරන අයගේ මළ මිණී පොලොවේ තැන්පත් කරනවාට දැන් එයාලා පොලොවේ පස් කනවාය.

ගං කඹර බයියෝ දැන් කිරි ටොයියෝ වෙලාය… ඊයේ පෙරේදා අක්කලාගේ යාලුවෙක් වෙච්චි පොම්පියෝ අයියා ආපු වෙලාවේ ලැජ්ජාවටද කොහෙද එයාලා ඇඳන් යටට වෙලා උන්නේ බයට නම් නෙමේය.

දැන් MCC නොව අක්කලා කියනා ඕනා දෙයක් එක පයින් සයින් කොරන්න එයාලා රෙඩිය. රට මැදින් නොව හරහට ගියත් එයාලාගේ කිසිම පරහක් නැත්තේය.

අක්කලා ආපු එකට වැඩියෙන් සතුටු වෙන්නේ සිහිණ ටොයියෝය. මොකෝ නාකින්ට රටවල් කරන්න බෑ කිව්වේත් උන් නිසාය. ඒ නිසා අක්කාට පුලුවන් නම් ඔය නාකියා මහළු මඩමකට දමා අක්කා ගේම ගෙනියනවා නම් ඒක එයාලාගේ ඉහලම සන්තෝසයය.

එයාලා දැන් අක්කා අපේ නෑයෙක්ය කියා මෙහේ ඉන්නා DNA විසෙසග්නයෝ විසින් සොයාගෙන තියෙනවාය. අක්කලාගේ කාට හරි හත්මුතු පරම්පරාවෙම DNA හොයා ගන්න ඕනෑ නම්.., මෙහේ ඒකට සුපිරි බඩු ඉන්නවාය.

අක්කාගේ ඔපීස් එකේ ලොකු නෝනාත් මෙහේ කෙනෙක් කියා එයාලා ආඩම්බරයෙන් ඉන්නවාය. ඉතින් එයා හරි.., සුමතිරන් එක්ක ඇපයාර් එකක් පටන් ගනියි කියා මෙයාලා විශාල බලාපොරොත්තුවකින් ඉන්නවාය.

සමහර විට ගෞතම සිද්ධාර්තත් මෙහේ කෙනෙක් නිසා.., ඒ කතා ඇත්තම වෙන්නත් ඇතිය. ඒ කෙසේ වෙතත් දැන් එයාලාගේ එකම සිහිණය අක්කාය කියා.. පත්තර කත්තුරු කෙනෙක් වන කේ සංජිව මහතා පේස් බුක් සටහනකුත් දමා තිබෙනවා අක්කා සමාර විට දකින්නත් ඇතිය.

එයාලා හිතාගෙන ඉන්නේ අක්කා ජනවාරි වල ඔපීස් එකට ආපු ගමන් මෙහේ ඉන්න ඇමරිකන් කාරයා එලවා දමා.., අක්කලා මෙහේ ඇවිත් පදිංචි වෙයි කියලාය.

හැබයි ඉතින් අක්කා අපේ ඇමරිකන් කාරයා එක්ක එකතු වෙලා අරවා මේවා සයින් කරලා ගං කඹරයෝ එක්ක ඩාන්ස් කරන්න ගියොත් අරුන්ගේ සිහිණේ බොඳවෙනවාය.

ඒ නිසා ඒ සිහිණය කුඩු කරන්නේ නැතිව ඇමරිකන් ෆෝසස් මෙහේට එවා සිහිණ ටොයියන් පමණක් ඉතිරි කර.., ඉරාකෙට ඇපගනිස්ථානෙට දුන්නා වගේ ගේමක් දෙන්න පුලුවන් නම් ඒක එයාලාගේ ඉහළම තන්තෝසයය.

හැබයි ඉතින් වැඩේ ලේසි වෙන්නේ නැත්තේ ගං කඹරයා මොකාද.., සිහිණ ටොයියා මොකාද කියා අයිඩෙන්ටිපයි කිරීමය.

ඇත්තම කියනවා නම් අක්කේ මෙහේ ඔක්කෝම ජීවත් වෙන්නේත් ඇමරිකන් ඩ්‍රීම් එකේය.

ඔය බයියෝ උනත් අක්කලා එක්ක මලෙන් ඉන්නේ අක්කලා එනවා එනවා කීවාට එන්නේ නැති නිසාය. ඒ නිසා එයාලාගේ ළමයි ටික ඔහේට එවන්නේ තොපි හරි එහේ ගිහින් අපිවත් ගනින් කියලාය.

අක්කා මේ කතාව අහලා පුදුම වෙන්නත් පුලුවන්ය. අක්කාට කියන්න මෙහේ ඉන්න මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, පිදෙල් කැස්සෝ, චේ ගුවේරා, මා ඕ සේතන් අයියලාගේ ළමයි ඉන්නේත් ඔහේය.

අක්කා MCC අස්සන් කරන්න හරි පොඩි සත්තමක් දාලා යන්න හරි මෙහේ ආවොත්.., අපේ ගෙවල් පැත්තේත් ඇවිල්ලා යන්නෙයි කියා ආදරයෙන් ඉල්ලා සිටිනවාය. ඒ එන කොට මක්කා නැතත් මට ඇමරිකන් පාස්පෝට් එකක් ගෙනවා නම් ඒ හොඳටෝම ඇතිය.

මේ දවස්වල එනවා නම් කොවිඩ් ටෙස්ට් අරවා මේවා කරන්න වද වෙන්න ඕනා නැතිය. ඒ සැටිපකටුත් ඕනා නැතිය. සිහිණ ටොයියෝ ඒවා ඉල්ලන්නේ චීනාගෙන ඉතරමය. ඇමරිකාවේ ඔක්කෝම කෝවිඩ් වලින් මලත් අපේ උන්ට අක්කලා විශ්වාසය…

ඉතින් අක්කේ මේ අවුරුදු හතරේ ඔය වයස 77 නාකි බයිඩන් සීයාට නාගන්න දී 2024 අක්කා ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය ලෙස පත්වේවා කියා මම මගේ උන්ඩුකපුච්ඡයෙන්ම ප්‍රාර්ථනා කරනවාය.

ඒ සිස්ටම් ගැන අක්කාට අවබෝධයක් නැත්නම්. ඒ පිලිබඳ පොපෙසර්ලා මෙහේ ඉන්නා නිසා.., අක්කා මෙහේ ආවාම මට සෙට් කරලා දෙන්න පුලුවන්ය…

එහෙනම් අක්කේ අක්කාටත් බයිඩන් සීයාටත් සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබී..

ඇමරිකාවේ සියළු දෝෂ භංග දුරින් දුරු වේවා කියා ආදරයෙන් පතන්නේ…


ආදරණීය මල්ලී,


ප්‍රියන්ත හේවගේ මාතලන්…


පසුව ලියමි – හදිසියේ හරි ට්‍රම්පට් කාරයා යන්න බෑ කිව්වොත් මට ටාර් ගා කෝල් එකක් දෙන්නය. මම අපේ ඒලියන්ත උන්නැහේට කියා කුන්ඩලණී කළයක් මතුරා අක්කාට DHL හරහා එවන්නන්ය. අක්කාට තියෙන්නේ උදෑසනම නා පිරිසිඳු වී ගොස් නයගරා දිය ඇල්ලට කුන්ඩලණි මුට්ටිය දමා මැදමුලන පැත්තට හැරි වඳිනා එකය. ට්‍රම්පට් අයියා මැලනියාත් දමා දුවන්නේ පස්ස නොබලාය..



12 comments:

  1. Best wishes for next president kamala.
    Mathalan says that remember.

    ReplyDelete
  2. American dream = COVID19 now, even Ekanligoda will not go to US now.

    ReplyDelete
  3. යට ගොස් රට දැය
    මතු විය මර බය
    එතැනත් මෝහය
    සහ තණ්හාවය!

    කවුරුත් මළාවෙ
    මං බේරුණාවෙ
    මගෙ වාසනාවෙ
    මල් පීදුණාවෙ!!

    අපේ විදිහ මේ
    ජාතික උරුමේ
    මේකද ධර්මේ
    කාගෙත් කරුමේ!!!

    ReplyDelete
  4. 2024 වෙන එකක් නෑ.. අර යකාට මග යන්න පණ නෑ.. මම හිත්න්නෙ කමලා අක්කා ඇමරිකාවෙ ප්‍රථම ජනාධිපතිනිය වෙන්ඩ බොහොම ඉඩ තියනවා...

    ReplyDelete
  5. සමගි ජන බලවේගයේ අපට කරන්ඩ තියෙන්නෙ ඒක දෙයයි මාතේ. ගුරුකම් කරන අය ඔන තරම් ඉන්නවා ලංකාවෙ.ඒ අයගෙන් 5000කට විතර කියල රාජපක්ෂ පරම්පරාව ලංකාවෙන් විනාශවෙලා යනකන්ම ගුරුකම් කරමූ.මෙවිදිහට ගියොත් රටවිකුනනව සම්පූර්ණයෙන්ම. රටට අපරාධ කරන හැම එකෙන්ම විනාශ වෙන්ඩ කියල මතුරන්ඩ ඕන හැම කෙනෙක්ම, අපෙ රටට සියලුම දෙවිවරුන්ගේම පිහිටයි.

    ReplyDelete
  6. මාතලන් ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු කරලා තියෙනවා කියල කියන්නේ ඇත්තද?

    මහාචාර්ය විජේසූරිය අනිද්දා පුවත්පතක වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම උපරිම වයස් සීමාව අවුරුදු 55 ක් ලෙස නිශ්චිත කිරීමට යෝජනා වී ඇති බවයි.

    කෙසේ වෙතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අවම වයස් සීමාව අවුරුදු 30 නොවෙනස්ව පවතිනු ඇතැයිද සඳහන්ය.

    මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මීළඟ ජනාධිපතිවරණයේදී වයස අවුරුදු 55 ඉක්මවන නිසා ඔහුට බිය වී ඔහු ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීමේ අභිලාෂයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. මෙයට විරුද්ධව අපට අරගල කිරීම කළ හැකි බැවින් ඔබගේ සහාය අත්අයවශ්‍ය වී ඇත.

    ReplyDelete
    Replies
    1. @ Ano

      ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් වශයෙන් අපේ සහයෝගය ද ඒ සඳහා ලබාදෙන බව අනුර සහෝදරයා ප්‍රමුඛ අපද ශපථ කර සිටිමු.

      මේ දිනවල අපේ දේශපාලන මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති පරිදි ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මන් ආණ්ඩු පක්ෂය හැඳි ගෑවිලා යාම පිණිස සීනිගම දේවාලයේ විශේෂ පොල් ගැසීමේ ව්‍යාපෘතියක් සහ නවීන සමාජ ආර්ථික සංකල්ප වලට අනුව මිරිස් අඹරා පළි ගැසීමට ව්‍යාපාරයක් ආරම්භ කරලා සාර්ථකව මාකටින් කරගනිමින් විශාල විරෝධතා ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කිරීම පටන් ගන්න සියලූ කටයුතු සූදානම්.

      Delete
  7. අයිසේ මාතලන් අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරලා තියෙන්නේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමෙන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් වන බවත් ඒ ගැන සිතන විට තමන්ගේ ඇස් වලට කඳුළු බිඳු පැමිණෙන බවත් ඔහු පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

    මේ ලින්ක් එක;

    https://m.facebook.com/vfmradio.lk/videos/363360931396323/

    ReplyDelete
  8. හරි දැන් ලමාතං සහ විවර්ස්ලා සෙට් එකම කියපල්ලා 2025 මොක්කුද ගෙන්නෙ,

    01. රජපක්ශ ලාමද .?

    02.රනිල් සජිත් ප්‍රමුක,අන්ඩුවක්ද

    03. අනුර කුමාර අන්ඩුව ද

    04. රුවන් විජේවර්ධන අන්ඩුව ක්ද

    05, භික්ෂූන් ප්‍රමුක අන්ඩුවක්ද

    06. මෙ මොකෙක්වත් නෙමෙද ?

    ඇත්තටම උබලට හිතෙන දෙයක් කොටන් යමල්ලා, පක්ශපාටක් නැතුව, මොකද මෙ තුන් දෙගොල්ලො මාරුවෙවි ජනතාවට කෙලින එක විතරයි කරනනෙ...

    ReplyDelete
    Replies
    1. AnonymousNovember 11, 2020 at 6:11 AM

      අනේ මන්දා ඕයි තෝරගන්න එකෙක් නෑ බන් ඉස්සරාට මොනා වෙයිද කියල හිතාගන්න බෑ �� දේශපාලනේ ඉන්න උන් ගෙන් ටිකක් හරි හොඳයි කියලා කියන්න පුළුවන් උන් ටිකත් ඉන්නේ ආණ්ඩුවේ. විපක්ෂයේ චම්පික රණවක, සරත් ෆොන්සේකා, සංගක්කාර, ධම්මික පෙරේරා වගේ අයත් බලුවෙලා ඉන්නේ. රොහාන් පල්ලෙවත්තත් බයිලා කාරයෙක් විතරයි. අලුතින් එකෙක් පහළවෙනතුරු තියෙන ආණ්ඩුව හදාගන්න බලමු ඉතින්. අලුතින් එකෙක් ආවත් ඒත් බලයට ආවොත් මේ වගේ තමයි ඉතින් මීට අන්ත වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට.... ��

      Delete
  9. මාතලන් අයියේ මේ දවස්වල ලංකාවේ වේගයෙන් පැතිර යන කොරෝනා වසංගතය හමුවේ ජනපතිට සහ ආණ්ඩුවේ චරිත කීපයකට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාරය එල්ල කර ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇත. ජනපති, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල යන චරිත පළවෙනි වටයේ දී මෙම කණ්ඩායම තෝරාගෙන ඇත.

    ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් හා ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය විවිධාකාර ලෙස විවේචනය කරමින් මෙම ව්‍යාපෘතිය කරගෙන යන ලෙස උපදෙස් ලබා ලබාදී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන උස හීන්දෑරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

    අගමැති සිහිනය දකින සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ හිටපු අමාත්‍යවරයෙක් ද මේ සඳහා උදව් උපකාර කරන අතර ඔහුට සම්බන්ධකම් ඇති කළුතර ප්‍රදේශයේ භික්ෂුවක් ද මෙම ව්‍යාපෘතියට කැඳවා ඇත.

    ආණ්ඩුවේ ප්‍රතිරූපය රැකෙන වෘත්තීය මට්ටමේ චරිත සුනුවිසුනු කළ යුතු බව අදහස් දක්වා ඇති උස හීන්දෑරි මන්ත්‍රීවරයා ඔවුන්ගේ පවුල්වල කරුණු කාරණා ද එළියට ඇද හැකිතරම් ප්‍රහාර එල්ල කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

    මෙහෙයුම භාරදී ඇත්තේ පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට බලාපොරොත්තු වී නාමයෝජනා නොලැබුණු දකුණු පළාත නියෝජනය කරන දන්ත වෛද්‍යවරයෙක්ට ය. සජිත් ප්‍රේමදාසගෙන් හිස් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට කෙසේ හෝ එම දන්ත වෛද්‍යවරයා ව ගෙන එන බව උස හීන්දෑරි පුද්ගලයා ලබාදුන් පොරොන්දුවක් මත ඔහු මෙම ව්‍යාපෘතිය භාර ගෙන ඇත.

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බොහෝ කාරණා මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මාතලන්ගේ සහය හිමි වන්නේ කුමන පාර්ශ්වයකට ද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න