.

.

Oct 15, 2021

අපේ බයිලා චැම්ප්ලා හා පකිස්තාන් උස්තාද්ලා

 


🎈අපේ උන්... රට වහගෙන ආර්ථිකේ වැටුනා කියලා බයිලා ගහනවා...


🎈අපේ උන්.... ආන්ඩුව ඇතුලේ පිල් බෙදිලා මරාගන්නවා...


🎈අපේ උන්.... කරන්න බැරි කාබනික රෙද්දක් උස්සගෙන හත්පොලේ ගාගෙන නානවා


🎈අපේ උන්.... එන ආයෝජකයෝ ටිකත් ජරාව ඉල්ලලා නැති කර ගන්නවා


🎈අපේ උන්... වැඩ වර්ජන කර කර උද්ඝෝෂණ කර කර ඒවට සර්වපාක්ෂික සමුළු තියනවා


🎈අපේ උන්... පොල් මිළ තීරණේ කරන්න පොල් වලල්ලක් හදනවා


🎈අපේ උන්... තිබ්බ නිදහස් වෙළඳපොල ආර්ථිකේටත් තහංචි දාලා කඩාපැනීමේ හමුදා දාලා පෝලිම් ක්‍රමය ආයේ ගේනවා


🎈අපේ උන්ගේ ආර්ථික සංවර්ධනේ බාලගිරි දෝසේ වගේ... අද නොවේ හෙට.. ලබන මාසේ ගේනවා... ඊළඟ අවුරුද්දේ ගේනවා...


🎈අපේ උන්... 13 ක්‍රියාත්මක කරලා ඡන්දේ තියන්න කියනවා.. ඒවා තමයි ජාතික ප්‍රශ්ණ


🎈අපේ උන්... සියල්ලට විසඳුම් ලෙස ඒ පාර අලුත් ව්‍යවස්ථාවකුයි චන්ද ක්‍රමේකුයි ගේනවා


🎈එතකොට සව්භාගේ උතුරන්න ලැබෙනවා


🎈මේ පකිස්ථානේ සිස්ටම් චේන්ජ් එකකට ආපු පොර... ඒ රටේ උන්ටත් හිතාගන්න බැරි ඒවා කරනවා..


🎈අපේ උන්... කටින් බතල හිටවනවා...


🎈මේවා බලලාවත් ලැජ්ජා වෙලා හැදියල්ලා


😭 විලි ලැජ්ජාවේ තන්තෝසේ බෑ...


😭 2025 වෙන්නෙත් පෝට් සිටිය කියන කාන්තාරෙට වෙලා කහත් ගනන් නිසා පුච කහ කහ ඉන්න තමා..


😭 දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..

      අඳුර ළඟයි... ආලෝකේ දුරයි..


.



















11 comments:

  1. මංකොල්ලා කෑම ප්‍රතිපත්තිය කහ ගත්ත දේෂපාළකයෝත් එක්ක...

    ReplyDelete
  2. අපි; පුංචි සිංඤ්ඤෝලද කිරි බුදු අප්පච්චියේ ඔව්වාට පළි?

    ReplyDelete
  3. මම හිතන්නේ නූතන රාජපක්ෂ කල්ලියේ දූෂිත චෞර රෙජීමය මේ වන විටත් ලංකාවේ සැබෑ තත්ත්වය සත්‍ය ප්‍රමාණයට වඩා වැඩි කොට පෙන්වීම හරහා දැන් නම් රට ඉවරයි කියලා ජන මනසට කාවද්දලා රට ගොඩ දාගන්න නම් තිත්ත බේත් දෙන්න වෙනවා කියලා, අපි මේ නොකරම බැරි කමට කරන්නේ වගේ බයිල කියලා ජනතා කැමැත්ත බලෙන්ම ලබා ගෙන බහුතරයේ විරෝධය නොතකා භයානක වූ ප්‍රතිසංස්කරණ වලට යන්න නම් මීට වඩා දරුණු කඩාවැටීමක් අවශ්‍ය වෙනවා. බොහෝ දුරට ඉතාමත් සටකපට කල්ලියක් වන රාජ පක්ෂ චෞරයන්ගේ ආණ්ඩුව කරමින් ඉන්නේ ඒක වෙන්න පුළුවන්. (උදා: ගම්මන්පිල පහුගිය දවස් වල අභියෝග කලේ ලංකාවේ ඕන එකෙක් ඉන්නවා නම් තෙල් මිල අඩු කරලා පෙන්නන්න, නැත්නම් ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න, කාටවත් එහෙම ක්‍රමයක් නැති නිසා තෙල් මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම කළ යුතුයි කියලා. මේකට කවුරුත් උත්තර නොදී මග ඇරියේ ඇයි?) ඒ නිසා විපක්ෂ කණ්ඩායම් මේ තත්ත්වයට පොහොර යෙදීම ගැන හිතන්නේ මීට රාජපක්ෂ කල්ලියේ ඥාති සහෝදරයෙක් වන රනිල්ගේද සහය යටින් ඇති බව. අනෙක් අතට ඔය අයි එම් එෆ් එකට යන්න ප්‍රමාද කරන්නේත් ඒකයි, හොඳටම කෙළ වෙලා වගේ ගියාම අයි එම් එෆ් එකට ගිහින් එයාලගේ අනිවාර්යයෙන්ම කළ යුතු කොන්දේසි කියලා ඉතාමත්ම ජුගුප්සාජනක තීන්දු තීරණ අරන් තව තවත් අධික ලෙස බදු වැඩි කිරීමෙන්, රජයේ සේවකයන් කප්පාදු කිරීම, රජයේ ආයතන වසා දමා වියදම් අඩු කිරීම සහ බදු පිට බදු ගසා ජනතාවට රට එපා කරවයි රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීරලා පහුගිය කාලේ පුරාම කළා වගේ. ඊට පස්සෙ රාජපක්ෂ කල්ලිය ඇපත් නැතුව කුජීත ලෙස කිච වෙලා පරදින කොට නාකි මරා විශ්‍රාම යයි. ගෝරා බැරා ඇමරිකා පැනල ෂේප් වෙයි. නාමල් විතරක් හම්බන්තොටින් එයි. එතකොට 2024 රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ රූකඩ පාලකයෙක් මීට විකල්පය කියලා ගෙනත් ආයේත් ඒ වගේ ජඩ මහජන විරෝධී පාලනයක් ගෙන යාවි, ඊට පස්සේ 2029 යළි උපදින දියසෙන් විදියට ආයේත් නාමල් බෞතීස්ම කරන එක මරාගේ දිගු කාලීන සැලසුම විය යුතුයි. රනිල්ට අන්තිම කාලේ රටේ පාලකයා ලෙස ඉන්න සහ ඔහුගෙන් පසු ඔහුගේ ඥාති පුත් රුවනක් රටේ පාලකයා වීම මම හිතන්නේ ඔහුටත් ඉතා වැදගත් වේවි. මෙතනදී එජාපයේ පාලනය ඊළඟ පරපුර වෙනුවෙන් රුවන් විජේවර්ධන හෝ එම පවුල්වල ඊළඟ පරපුරේ අලුත් තරුණ තරුණියන් අතර හොඳ කෙනෙක්ට ලැබුණොත් නම් හොඳයි හැබැයි.

    ReplyDelete
  4. ගෞරවනීය මුහම්මද් නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන සැමරීමේ අවස්ථා ඉලක්ක කර වහබ්වාදී කණ්ඩායම් විසින් නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ආකරයක් නිරීක්ෂණය වෙයි. ඒ අතර බැනවැදීම්, තර්ජනය කිරීම් පසුගිය සති කිහිපය පුරා වාර්තා වෙමින් තිබුණු අතර එහි උච්චතම අවස්ථාව ලෙස පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියේ “සුබ්හානු මව්ලුත් පරායනය” සිදුකරමින් සිටි සුෆි බැතිමතුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන වහබ්වාදීන් විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා විය.

    අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ් වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබේ.

    එම නිසා මෙම මාසය තුල නබි තුමාගේ ජන්ම දිනය සමරන ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජය මැලි වෙන්නේ ඇයි?

    ReplyDelete
  5. මාතා මොකද හිතන්නේ මේ කියන කතාව ඇත්ත ද?

    https://m.youtube.com/watch?v=-ILMOWlhII0&feature=youtu.be

    සාමාන්‍යයෙන් මම දන්න විදිහට නම් රසායනිකයි කාබනිකයි එකට කරන්න බෑ. කාබනික පොහොර සක්‍රිය වෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් මගින්. සාමාන්‍ය විදියට රසායනික පොහොර දාපු ගමන් ක්ෂුද්‍ර ජීවීන් මැරෙනවා. එතකොට කාබනික පොහොර අක්‍රිය වෙනවා. යූරියා වගේ දේවල් වුණත් පසේ සංයුතියට බලපෑම් කර ගොඩක් පාංශු ජීවීන් හා ආශ්‍රිත වෙනත් සතුන් විනාශ කරන එක දකින්න පුළුවන්. ඒ නිසා එකක් තෝරාගන්න වෙනවා නේද?

    ReplyDelete
  6. චීනයෙන් අඩු මිලට හොඳ කාබනික පොහොර ගෙන්වීම, ඉන්දියානු කුමන්ත්‍රයක් නිසා අඩාල විය.

    මෙහිදී “චීන කුණු පොහොර“ කියා අමුතු වචනයක් පාවිච්චි විය. කාබනික පොහොර හදන්නේ කුණු වලින් නොවේද?

    ReplyDelete
  7. @ ජගත්,

    මෙතන දිගින් දිගටම මම නිරීක්ෂණය කරපු දේ තමයි, මාතලන් සංවර්ධනය කියන මිත්‍යාව තාර්කිකව කරුණු සහිතව පෙන්නන්න උත්සාහ කරනවා. ඒක සාපේක්ෂ දෙයක් මිස නිරපේක්ෂ දෙයක් නෙමෙයි කියලා. ඇත්තටම ඒක හරි. නමුත් මේක තාර්කිකව හිතන්න බැරි අය සහ විශේෂයෙන් පිටරට ගිහිල්ලා ජිවත් වන අය මාරාන්තිකව මාතලන්ට දිගින් දිගටම දැඩි ලෙස විරුද්ධ වෙනවා. මේ කරුණු තාර්කිකව පෙන්වා දීමේදී එවැනි රටවල් වලට පනින්න බලන් ඉන්න අය සහ එවැනි රටවල් සංවර්ධිත රටවල් යැයි කියා මන:කල්පිත අභූත සිහින මිථ්‍යාවක් එක්ක ඒ රටවල් වල ජිවත් වෙන අයගේ අධික මාන්නය සහිතවූ ඉගෝ එක පට්ටම අවුල් වෙනවා. මේ පිටරට ඉන්න අයගේ රහස තියෙන්නේ එහෙ නෙමෙයි ලංකාවෙ. ලංකාවේ ඉන්න අයගේ කුතුහලය අවුස්සන තරමට පිටරට ඉන්න අයගේ ජිවිත වලට අර්ථයක් ලැබෙන්නේ. ඒක වෙන්නේ මෙහෙම. ඔය පෙන්වන ඔවුන් ගිය ඊනියා 'දියුණු සංවර්ධිත රටවල්' පරිපුර්ණ රටවල් කියන මිථ්‍යා මනස්ගාත එක්ක තමයි එයාල ගියේ. බොහෝ වෙලාවට ඊට කලින් මේ බහුතරයක් වෙන ලංකාවෙන් පිට කිසිම රටක පොඩි සංචාරයක් වත් කරලා නෑ. ලංකාවේ සියලු නිසල හා සසල දේපොළ සියල්ලම විකුණලා ඒවා ඩොලර් විදියට රටින් පිටට ගෙනයමින් ආපහු කවදාවත් නොඑන්නම හිතාගෙන හැමෝටම ආයුබෝවන් කියලා තමයි ගොඩක් අය ගියේ. දැන් එහෙ ටික කාලයක් හිටියම තමන්ටම අහුවෙනවා ඒ සමාජ පරිපුර්ණ නෑ කියලා. කලින් නොසිතූ විරූ ලෙස අවුල් තැන් දුර්වල තැන් සෑහෙන අහුවෙනවා. ලංකාවට වඩා අන්ත බව පේනවා, ලංකාවේදී තිබ්බ විවේක සුවය, නිදහස, අවස්ථා, පිළිගැනීම සමාජ ඇසුරේ වටිනාකම් වගේ ගොඩක් දේවල් මතක් වෙනවා, මට නම් සමහර දවස් වලට නින්ද ගියේත් නෑ. නමුත් එහෙම කියලා දැන් ආපහු හැරෙන්න බෑ. දේපොළ සියල්ල විකුණා දමා නෑයින් මිතුරන්ට‍ සදහටම ආයුබෝවන් කියා පැමිණ ඇති නිසා ආපහු ගියොත් ලෝක අමාරුවක වැටෙන්නේ. ඉතින් මේ අවුල එක්ක එහෙම ජිවත් වෙනවා. එහෙ සමාජය තුළින් අපව දෙවන පන්තියට පන්නා දමා ඇති නිසා නිතරම ලංකාව ගැන සිතමින්, ලංකාවේ තොරතුරු හොයමින්, මෙහෙ ඉන්න ලංකාවේ අයත් එක්ක විවිධ ආකාරයේ ගෝත්‍රික ආකාරයෙන් කල්ලි කණ්ඩායම් හදාගෙන ඔහේ ජිවත් වෙනවා. හැම වෙලේම ලංකාවට සහ ලංකාවේ මිනිස්සුන්ට බැනල එහෙ ගැන ලංකාවේ අයට දිව්‍ය ලෝකයක් මවලා තමන්ගේ දෙබිඩි වංචනික අන්ත අසරණ අනාථ වූ ආත්ම වලට යම් තාවකාලික සහනයක් ලබා ගන්න ට්‍රයි කරනවා. එහෙම කරන්න නම් නිතරම ලංකාවෙ අයගේ ඒ රටවල් ගැන තියෙන කුතුහලය මේන්ටේන් වෙන්න ඕනේ. ඒකෙන් තමයි එයාලගේ පැවැත්ම තීරණය වෙන්නේ. එහෙ ගැන ලංකාවේ අය ඇත්ත දැනගත්ත ගමන් එයාලගේ (අපේ) පැවැත්ම අහෝසි වෙලා එයාල ලෝක අමරුවක වැටෙනවා. මාතා දිගින් දිගටම හදාරමින් මේ පෙන්වා දෙන්නේ යුගයේ අවශ්‍යතාවක්. සංවර්ධනයේ මිත්‍යාව පේනවා දෙන්න ඕනේ. ඒකෙන් අපේ මවු රට වූ ලංකාවේ ආණ්ඩුව යායුතු මග නිවැරදිව දිශානත කරන්න පුළුවන්. ඒක හැදෑරීමක්. අනික් දේ තමයි මේවා දිගින් දිගටම හදාරමින් පෙන්වා දුන්නම ඒ කියන රටවල අවුරුදු ගණන් හිටපු උන් වත් ඒවා ගැන අහලා හදාරලා නැති එක. ලංකාවේ හිටියත් කිසිම දෙයක් ගැන හරි අවබෝධයක් නැති විධිමත් හැදෑරීමක් නැති උන් ඒ රටවල් වල ගියා කියලා ඒ සමාජය හදාරන්නේ නෑ නේ. අඩුගානේ ඒ රටවල මියුසියම් එකකටවත් මේ අය යන්නේ නෑ, මම ඒ දවස්වල දන්නා කියන හැමෝටම වගේ කතා කරලත් කවුරුත් ආවේ නැති නිසා මම තනියම ගිහින් හැදෑරුවේ. එහෙ ඉදලත් බැන බැන බලන්නේ ලංකාවේ TV චැනල්, නිවුස්, සමාජ මාධ්‍ය එක්ක ලංකාවෙ උන් එක්ක ලංකාවෙ හිටියට වඩා ගණුදෙනු කරනවා.. එහෙ ගිහින් ඒ රටවල් විධිමත්ව හදාරන්න විවේක ජිවිතයක් හෝ නිසි අවබෝධයක් ම ඇත්තටම එයාලට නෑ.. මාතලන්ට ඒක ලංකාවේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුරත් එක්ක තියනවා. ඉතින් මාතා ඒ විවේක ජීවිතය එන්ජෝයි කරන ගමන් පිටරට උන්ගේ බුරිය මිරිකනවා උන්ට රෙද්දේ රෙවෙනකන්ම. අරුන් ඉතින් දමාගෙන එහෙම නෑ කියලා කියන්න තටමනවා. හරිම ලොල් සහගතයි නේද?

    ReplyDelete
  8. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්'

    ReplyDelete
  9. තමා වර්ථමානයේ ඉදුරාම සක්‍රිය සේවයේ නිරතව නොසිටියාට සොල්දාදුවෙක් බව මතක තබා ගන්න. සැබෑ සොල්දාදුවා කවරදාකවත් විශ්‍රාම යන්නේ නෑ,ඔවුන් කාලය සමග වියැකී යනවා පමණයි. ඒ බව ඔබ හොදින්ම දන්නවා නේ.

    ඒ නිසා සොල්දාදුවා, තමාට සේනාධිනායකයා සහ ආණ්ඩුව විවේචනය කිරීමට කිසිදු අයිතියක් නැහැ. එවැනි ද්‍රෝහී වැඩ කරන්න එපා. මෙම බ්ලොග් අඩවිය සහ එහි රචකයා ගැන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියට දැනුම් දීමට කටයුතු කරමි. එසේම අනෙකුත් ආරක්ෂක අංශ සදහාද එම දැනුවත් කිරීම සිදු කරමි.

    -රංග තේනුවර-

    ReplyDelete
  10. මාතා, ලංකාවේ මේ සති අන්තයේ පවතින දිර්ඝ නිවාඩුවත් සමග බොහෝ දෙනෙක් අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කලද දේශිය සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ නිවාඩුව ගත කරමින් සිටින බවත්, එම සංචාරකයන්ට නිරෝධායන උපදෙස් වලට අනුකුලව පහසුකම් සලසා දි ඇති බවත් සංචාරක හෝටල් හිමියන් පවසන්නේ මේ කියන කතාව ඇත්තක් තියෙනවා ද?

    නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන ඇතුළු නිවාස රැසක් දේශිය සංචාරකයන් විසින් කලින් වෙන් කරගෙන තිබු බවත්, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පී එච් අයි වෘත්තීය සමිතියේ සභාපතිගේ නියෝගය මත පදනම්ව ආණ්ඩුව විසින් අන්තර් පලාත් අතර සංචරණ සිමා දැඩි කිරිමත් සමග එම පිරිසෙන් සෑහෙන කොටසක් වෙන් කරගෙන තිබු සංචාරක නිකේතන අවලංගු කරගෙන ඇති නිසා තමන්ට අති විශාල පාඩුවක් වූ බව නුවරඑලිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් අද මැසිවිලි නැගුවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 12 ක් දක්වා වාර්තාගත අන්දමට අඩු වී ඇති පසුබිමක. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පවසන්නේ තමන්ගේ දීමනා තව දුරටත් එසේම ගෙවිය යුතු බව සහ තවත් විශාල වශයෙන් දීමනා වැඩි විය යුතු බවත් සංචරණ සීමා පණවා වහාම නැවතත් රට වසා දමන ලෙසයි. මෙයින් ඇත්තටම ලංකාවේ ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද? ලෝකයේ වෙනත් රටවල් වලින් අප ගත යුතු ආදර්ශ මොනවද?

    ReplyDelete
  11. මම ගුරු වර්ජනයට පක්ෂ උනත්, ආණ්ඩුවේ 21 වෙනිදා පාසල් විවෘත කිරීමේ වැඩපිලිවෙල සාර්ථකයි කියන්න වෙනව. ඔවුන් ඒ ඉලක්කය අඩුම තරමේ 80% සපුරා ගනීවි... (සමහර ප්‍රදේශ වල ඉන්න ගොබ්බ දේශපාලුවා අනුව වෙනස් වෙන්න පුලුවන්)

    1. මෙතනදි කිසිම විදියකින් නුපුහුණු ගුරුවරු යටතට දරුවන් දාන්නෙ නෑ..

    2. වර්ජනයේ නිරත විදුහල්පතිවරු පවා වර්ජනය නැවැත්වුවහොත් පාසැල් ඇරීම සඳහා සුද්ද පවිත්‍ර කරනව.

    3. 19 වෙනිදා වෙනකොට ශුද්ද පවිත්‍ර නොකල පාසැල් සඳහා පමණක් අලුතින් බඳවාගත්තු ලක්ෂෙ පත්වීම් දීපු අය දාලා සුද්ද කරනවා...

    4. මුලින්ම ප්‍රාථමික අංශ පටන්ගැනීම සෞඛ්‍ය අංශ තීරණයකි (පොඩි අයට වෛරසයේ බලපෑම අවම නිසාත් එයාලාව වැක්සින් නොකරණ නිසාත්.

    එකත් හොදයි. කොහොමත් අවුරුදු විස්සක් විතර ගුරු සේවය කරලත් දරුවන්ට හරියට උගන්වන්න බැරි ගුරුවරු ඉන්නවා හැමෝම නෙවෙයි ටික දෙනෙක් අපි අනිත් උපාධිධාරීන්ටත් අවස්ථාවක් දිලා බලමු. කතාවක් තියනවානේ කනමැන්දුමේ ඉන්න කොට අහලා ගියත් ඇති කියලා. දරුවෝ ඉන්න තත්ත්වයේ හැටියට මම නම් යවනවා ඉගෙනුම කෙසේ වෙතත් යාලුවෝත් එක්ක සෙල්ලම් කරලා හරි එයාලා සතුටු වෙයි ඒකම ඇති මට. මේ වෙනකොට ලංකාවේ හැමෝටම ඕනි රටේ වැඩ කඩාකප්පල් කරන්න. මෙහෙම රටක් දියුණු කරන්නේ කොහොමද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න