.

.

Oct 24, 2021

හාල් පරිප්පු කතාව හා යුතුකමේ මනාපය

 


ස' ට දැන් හෝ ඕක තේරිච්ච එක ළොකු දෙයක්‍ය. 


ඇත්තටම ස" අපි ගෙනාවේ බඩු මිළ පාලනය කිරීමට නොවේ, වෙළඳ ඇමති කෙනෙක් ඉන්නේ ඒකටය.


නිදහස් වෙළඳ පොල ආර්ථිකයක් තිබුන රටක ඒක ඔහේ ගලාගෙන යන්න දෙනවා විනා, වෙළඳ ඇමතියාවත්, ජනාධිපති ලේඛම්වත් ඒවා පාලනය කරන්න යෑම බව්වාගේ වැඩේ ඩොන්කියා කරන්න යෑමක් ය.


අපි ඝෝඨා ගෙනාවේ ඕවා කරන්නට නොව ආයෝජකයෝ ගෙනත් මේ රට දියුණු කරන්නටය.


ඒ... මේ රට ගොඩ දැමීමට වෙන මගක් ඇත්තේ නැති නිසාමය.


ආයෝජකයෝ එන්න නම්...

කෙලින් තීරණ ගත හැකි නිර්භීත නායකයෙක් ඕනාය  


පොලිටිකලි ස්ටේබල් නැති රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.


දැනට විපක්ෂය දිණුම්‍ ය. සජිත් හා ජෙප්පෝ  රට පුරා උද්ඝෝෂණ කරනවාය. රට පාලනය කරන්නේ උන් ය.


හැමතැනම වැඩ වර්ජනය.


යහපාලනයටත් උනේ මේකමය.


එදා ඒවා සංධානය කළේ ඔබලාය.


මේවට විසඳුම් දීම හෝ නවතා දමන තෙක්, මෙවන් වාතාවරණයන් යටතේ ආයෝජකයෝ එතැයි සිතන්නේ නම් එය දවල් සිහිණයක් පමනක්මය.


මුලින්ම ආන්ඩුව ඇතුලේ ඉන්නා කොඩිවින කැපීමෙන් තොවිලේ පටන් ගත යුතුය.


නැත්නම් වෙන්නේ යහපාලනයට උනා වාගේ ගහපු බෙරේකුත් නැති, බෙරේ පලුවකුත් නැති, ලබ්බේ තොවිලයක් පමණමය.


අර.....

 ඕන නම් රඟන්න පුලුවන් කියූ පරණ ඝෝඨාභය චරිතය නැවත කටලියට ගෙන ඒමට මේ හොඳම කාළයය.


කඩේ යන අප පමණක් නොව පක්ෂ විපක්ෂ හැම එකාම ඉල්ලන්නේ මේ ඝෝඨා නොව ඒ ඝෝඨාය.


ඉදින්, පක්ෂ විපක්ෂ හැම එකාගේම බලාපොරොත්තුව ඉටුකිරීම ඔබ සතු පරම යුතුකමය.


අප අපේ යුතුකම ඉටුකලෙමු...


ඔබ ඔබේ යුතුකම ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...


පමා වී පසුතැවිලි නොවන්න...

පමාදෝ මච්ඡුනෝ පදං....


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑන්ක්ස් හොඳේ ...!!!


.


30 comments:

  1. මම හිතන්නේ නන්දේ ඉවසලා ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාව ගොඩ දා ගනිමින් පිච් එක හදනවා වගේ, යුරෝපයේ උන් බයිල ගැහුවට උන්ට කළ හැකි දේ සීමිතයි, ජී එස් පී ප්ලස් එක තමයි අවුල තියෙන්නේ, ආණ්ඩුව ලොකු ඩොලර් කුට්ටියක් කඩාගන්න ලොකු ගේමක් ගහනවා, කොහෙන් හරි වැඩේ පත්තු කර ගත්තොත් නන්දේ ගේමට එන්ටර් වේවි.

    ReplyDelete
    Replies
    1. මේ ආණ්ඩුවේ මොන ගේම්ද ? දැන් දවස් 2 ට කලින් මෙරටේ කංසා පරික්ෂනාත්මකව වවපු ආචාර්ය වසන්ත වලිඅන්ගේ මහත්තයව අත්අඩංගුවට ගත්ත, කංසා කියන්නේ කෝටිගානක විදේශ විනිමය ගේන භෝගයක් එක මිනිසුන් මත්වෙලා පිස්සු නටන එකක් කියල හිතන මෝඩයෝ ඉන්න මේ රටේ කංසා ගැන දැනුම ඇති පර්යේෂකයෝ පවා බිහි නොවන තත්වයක් ඇත්තේ මෙරටේ හොබ්බ නීති නිසා, මේවා වෙනස්කරන්න තමයි ලොක්කව ගෙනාවේ දැන් මොකද කරන්නේ ?

      Delete
    2. @ ලංකා සිතුවිලි,

      ඔබ නොදන්නා කරුණු කීපයක් තියෙනවා මේ සම්බන්ධයෙන්, ඇත්තටම කංසා ශාකයේ qualities පිළිබඳ පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, ආයුර්වේදීය සහ බටහිර විද්‍යාත්මක පර්යේෂණ ඇසුරෙන් සිංහල බසින් රචනා කළ පළමු ග්‍රන්ථය වන ත්‍රෛලෝක්‍යවිජයා කෘතියෙහි කර්තෘ ආචාර්ය වසන්ත සේන වැලිඅංගව
      අත්අඩංගුවට ගැනීම ලංකාවේ පවතින නීතිය අනුව තණමල්විල පොලිසිය විසින් ඔක්තෝම්බර් 20 වනදා අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ ඔහු විසින් ඉදිකෙරෙමින් පවතින කංසා කෘතුකාගාර බිමෙහි කංසා වගා කිරීම යන චෝදනාව මතයි. කෙසේවුවද රජය මේ ගැන දැනගත් වහාම ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉක්මනටම ඔහුව ඇප මත මුදාහැර යවා තියෙනවා.

      එම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කියනවා නම් ලංකාවේ කංසා වගා කිරීම අපරාධ වරදක් බව දැනගෙනත් ඔහු මෙම ව්‍යාපෘතියට අතගසා ඇත්තේ රජයේ පුර්ණ අනුදැනුම සහිතව බවත් ආචාර්ය වසන්ත වැලිඅංග ප්‍රසිද්ධියේ කංසාවල ඇති ප්‍රයෝජන රටට පැහැදිලි කිරීම වෙනුවෙන් අත්හදා බැලීමක් ලෙස සිදු කළ පර්යේෂණාත්මක කංසා වගාව පිළිබඳ ජනාධිපතිවරයාගේ සිට රජයේ බලධාරීන් දැනුවත් කර ඇතත් අවසානයේ එම කංසා වගාව හරහා පර්යේෂණයට භාජනය වුයේ කංසාවල ඇති ප්‍රයෝජනය නොව ව්‍යවස්ථාදායකය මගින් නිසි පරිදි යාවත්කාලීන නොවූ ලංකාවේ යල්පැන ගිය නීතියේ ආධිපත්‍යයයි. පවතින නීතිය අනුව ලංකාවේ කංසා වගා කිරීම අපරාධ වරදක් බව දැනගෙනත් ඔහු මෙම ව්‍යාපෘතියට අතගසා ඇත්තේ රජයේ පුර්ණ අනුදැනුම සහිතවයි.

      වරක් ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් ජනතා ගැටලු විමසන අවස්ථාවකදීත් ආචාර්ය වසන්ත සේන වැලිඅංගයන් කංසාවල ඇති වැදගත්කම පහදා දුන් අතර අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී පැය ගණනාවක් සාකච්ඡා කර කංසාවල ආර්ථික වටිනාකම පහදා දී ඇත.

      ඊට අමතරව රජයේ මැති ඇමතිවරුන්ටද අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙයින් පෙනී යන්නේ ඔහුට මෙම පර්යේෂණාත්මක කංසා වගාව අප්‍රසිද්ධියේ කිරීමට උවමනාවක් නොතිබුණු බවයි.

      නමුත් පවත්නා නීති වෙනස් නොකර දේශපාලකයන්ගේ කටවචනය විශ්වාස කිරීම නිසාවෙන් ආචාර්ය වසන්ත වැලිඅංග මහතාව අත්අඩංගුවට ගෙන ඇත. අඩුම තරමින් කංසා අපරාධ නීතියෙන් ඉවත් කර සිවිල් නීතිය යටතට නොගෙන කංසා වගාවට ඔහුට නොනිල අවසරයක් ලබා දුන් පාලකයින් සිදුකර ඇත්තේ ඔහුගේ කීර්තිය මෙන්ම ජීවිතයත් අනතුරක දැමීමයි. කංසා වගාවෙන් රටට ප්‍රතිලාභ ලැබෙන්නේ කංසා වගාව තහනම් කර ඇති නීති සංශෝධනය කර නිල අවසරයක් සහිතව වගාව ආරම්භ කිරීමෙන් පමණි.

      ලෝකය පුරාම කංසා වගා කිරීමට අවසර දීම සිදුවන්නේ රජය හෝ පුද්ගලික හවුල්කාරිත්වය මත පිහිටුවන කංසා නියාමන අධිකාරියක් ඔස්සේය. ඊට නිශ්චිත බලපත්‍ර ක්‍රමයක් හා බදු ප්‍රතිපත්තියක් ඇත. එමගින් කංසා වගාව පමණක් නොව කංසා භාවිතය හා අවභාවිතය යන දෙකම නියාමනය වෙයි.

      එහිදී කංසා භාවිතා කිරීමට හැකි වයස් කාණ්ඩය, සාධාරණ මිලකට කංසා බෙදා හැරීම වැනි කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

      එවැනි නියාමන ක්‍රියාවලියක් නොමැතිව පුද්ගලික මට්ටමින් කංසා නීතිගත වීමම අනතුරකි, මෙහි ඇති භයානක තත්වයන් වෙනස් කිරීමට එය කළ යුතු බවත් පළමු අදියරවලදී කංසා වගාව රජයේ දැඩි නියාමනය යටතේ සිදුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය බව පහුගිය කාලෙ පැවසුවා. ඊට අදාළ නීති සංශෝධනය කර නිසි ක්‍රියාවලියක් නිර්මාණය කළහොත් මෙරටට විදෙස් ආයෝජන පවා ලබාගත හැකි බව ඇත්ත.

      මෙහි දෙවන අදියරවලදී පුද්ගලික අංශයේ දායකත්වය ලබාගත හැකි අතර එමඟින් රටට නව රැකියා අවස්ථා බිහි වනු ඇත.

      තෙවන අදියරවලදී ජනතාවගේ කංසා නිදහස තහවුරු කිරීමට හැකිය. අවසානයට කළ යුතු දේ මුලින් කිරීමට යාමෙන් සිදුවන්නේ කංසා තහනම නැවත තහවුරු වීමයි.

      මේක බලන්න'අවසර ලබුනත් නැතැත් මම කංසා වවනවා'' -ආචාර්ය ව. සේ. වැලිඅංග

      https://m.youtube.com/watch?v=81p5HKfLqqY&feature=youtu.be

      Delete
    3. @ ලංකා සිතුවිලි,

      යකෝ එහෙනම් අබිං, හෙරොයින් ඔක්කොම හැදුවම හරිනේ.
      ඇයි එව්වා සල්ලි නෙවෙයිද?

      මහින්ද මහත්තයට 'මෝඩ රජෙක්' කියන්න තිබ්බේ තවුසේට.

      Delete
  2. ගේමට එන්ටර් වීලා
    වාහන පර්මිට් දීලා
    මන්තිරිවරු පිනවාලා
    යතහැකි රටටම කෙළලා!

    ReplyDelete
    Replies
    1. මහ කකූළුවෝ පොඩි එවූන්ට කෙලින් යන්න කියනවා....

      Delete
  3. මේ වන විට ලංකාවේ ජනයා තම පරමාධිපත්‍යයෙන් කොටසක් යොදවා පිහිටුවා ඇති ආණ්ඩුව අතින් විය යුත්තේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් සහිතව රාජ්‍යය ශක්තිමත් කිරීමය. ජනරජවාදී රාජ්‍යයක ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ මහජන නියෝජිතයන් පෙනී සිටිය යුත්තේ ඒ වෙනුවෙනි. ආණ්ඩු සහ ආණ්ඩු නියෝජිතයන් පෙනී සිටින්නේ වෙළඳපොළ බලහත්කාරය සහ හිතුවක්කාර කම වෙනුවෙන් නම් ඔවුන් මහජන නියෝජිතයන් ද වෙළඳපොළ තැරැව්කරුවන් ද යන්න අප නැවත නැවත ඇසිය යුතු ප්‍රශ්නයකි. අපගේ සංවාදය පොර බදන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍යය ජනරජවාදයකට ගෙන යනවා ද නැතහොත් වෙළඳපොළවාදයකට ගෙන යනවාද යන අති මූලික කරුණු දෙක සමඟය. එහි දී පහුගිය කාලයේ මිල පාලන සමාජවාදී මතවාදයක් වෙනුවෙන් පෙසී සිටි වත්මන් රජය හිටි හැටියේ යූ ටර්න් ගසා දැන් කිසිදු පැකිලීමකින් තොරව වෙළඳපොළවාදී මාවතක වත්මන් රජය ගමන් කරමින් සිටී. විපක්ෂය ජනරජවාදී මාවතක ගමන් කරන ලෙස ඉල්ලා සිටී,

    දැන් රජයේ යෝජනා කරන්නේ වෙළඳපොළ යථාර්ථය අප බාරගත යුතු බවය. චෝදනාව වන්නේ අප ඒ යථාර්ථය දැනගෙනත් නොදන්නවුන් සේ සිටිනවාය, හොරගල් අහුලනවාය යන්න ය. වෙළඳපොළ යථාර්ථය හොඳටම දන්නේ රජයය. එය දන්නා රජය සිය දබර ඇඟිල්ල දිගු කරමින් කියා සිටින්නේ ප්‍රශ්න නො අසා ඊට අනුගත වන ලෙස ය.

    මේ නිසා වෙළඳපොළ නිදහස් වූ රටක ආණ්ඩුවකට කළ හැකි දෙයක් නැති බවත් රාජ්‍යය වෙළඳපොළ අණසකට යටත් විය යුතු බවත් රජය පෙන්වා දෙන යථාර්ථයේ එක පැතිකඩක් ය. එම දැක්ම සහිත භාවිතාවේ ඇති අනතුරු රජයට නොපෙනේද දැක නොදැක්කා සේ සිටින්නේද යන්න පොදුජනයා වෙනුවෙන් අප ඇසිය යුතු පැනයක් ය. එහි තවත් පැත්තක් ඇත. එනම් අසීමිත වෙළඳපොළ නිදහස හෝ හිතුවක්කාරකම හමුවේ රාජ්‍යයට සහ ආණ්ඩුවට කළ හැකි දෙයක් නොමැති නම් පාර්ලිමේන්තුව අහෝසිකොට වෙළඳ ඒජන්සියකට රට පාලනය කිරීම බාරදීම වඩාත් උචිතය යන්න රජය නොකියා කියන දෙය විය හැකිය යන්න ඒ පැත්තය.

    අපි වෙළඳපොළ යථාර්ථය නොදන්නවුන් නොවෙමු. එසේම එය දැක නොදැක්කා සේ හොරගල් අහුලන්නන් ද නොවන්නේ ඒ යථාර්ථයට අභියෝග කරමින් වෙළඳපොළ බලහත්කාරයට එරෙහිව එය නියාමනය හෝ පාලනය හෝ කිරීම සඳහා වන ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ආකෘතියක් සහ `ජනරජවාදී රාජ්‍ය තන්ත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින්නවුන් නිසා ය. අපි වත්මන් ප්‍රජා විරෝධී රාජ්‍ය-ආණ්ඩු බලහත්කාරයට සේම වෙළඳපොළ බලහත්කාරයට ද එකසේ විරුද්ධ වන්නෙමු. ආණ්ඩුවක් කළ යුත්තේ මේ බලහත්කාරකම් දෙකෙන්ම ජනයා ආරක්ෂා කිරීමය. මේ මොහොතේ ප්‍රගතිශීලී දේශපාලනය යනු පවත්නා පීඩාකාරී යථාර්ථය නඩත්තු කිරීමට ගැළපෙන ලෙස සමාජය කපාකොටා තලා සකස් කිරීම නොව ඒ යථාර්ථය වෙනස් කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ජනයා පෙලගැස්සවීම ය, දැනුවත් කිරීමය. මේ අදහස ඌනිතවාදී අදහසක් ලෙස චරිතට පෙනේ නම් වැල යන අතට මැස්ස ගැසීම සමස්තවාදී අදහසක් විය යුතු ය. ලෝකය සහ සමාජය අලු‍ත්වැඩියා කළ යුතු වුවත් එය කළ යුත්තේ ජනයාගේ සතුට සහ යහපැවැත්ම අරමුණු කරගෙන මිස පීඩා වැඩි දියුණු කිරීම උදෙසා නොවන බව අප වටහා ගත යුතුය, එය අන් අයට ද වටහා දිය යුතු ය යන්න මාතලන්ලාද පිළිගන්නවා ඇත.

    මේ අනුව ම දකින විදිහට රාජ්‍යයයේ බලය සීමා කොට ආණ්ඩුවේ පාලනය අඩුකොට වෙළඳපොළ බලය අසීමිත කළ විට සහ ඊට හිතු දෙයක් කිරීමට ඉඩ හැරිය විට රාජ්‍යයේ සහ ආණ්ඩුවේ කාර්යභාරය කුමක්ද යන්න වඩාත් නිශ්චිතව මාතලා ජනයාට පැහැදිලි කළ යුතු ය. අපට ඇති ප්‍රශ්නය වන්නේ වෙළඳපොළ යථාර්ථය නො තේරීම නොව ඒකට ආණ්ඩුව වෙනුවෙන් පෙනීසිටින ඇතැම් වාමාංශික ශාස්ත්‍රාලීය පරිචයක් ද තිබු බුද්ධිමතුන් හෝ වියතුන් දක්වන ගෞරවය සහ වන්දනාමාන කිරීමය. මගේ මිත්‍ර මාතලන්ටද මා මග පෙන්වන්නේ ජනහිතකාමී දේශපාලන පරමාර්ථ නොව වෙළඳපොළ සහ වෙළෙන්ඳන් වීම මගේ කනස්සල්ලට හේතු වන්නකි.

    ReplyDelete
  4. චීනය සහ ඇමරිකාව යන දෙකම අද වෙළදපොල රාජ්‍ය, ළමාතන් දන්නවත් ඇති නේද තායිලන්තයේ මැලේසියාවේ ඉන්දුනීසියාවේ පොල් වවන්නේ වගුරු වලට සමාන මඩ ඉඩම් වල කානු දාලා කන්ඩි උඩ පොල් හිටවනවා. ලංකාවේ වගේ ගැඹුරට හාරන්නේ නෑ හිටවන්නේ මතුපිටට වෙන්න. වගුරු බිම් වල තියෙන පස් කන්ඩි උඩ හරි වේගෙන් සරු විදිහට පොල් වැවෙනවා. පාරුවලින් ඒ පොල් එකතු කරගෙන යන්නත් ලේසියි, ගෙඩි පැලෙන්නෙත් නැහැ වතුරේ/ මඩේ නිසා වැටෙන්නේ. ඉතින් ඔය වැඩේ ලංකාවේ කුඹුරක කරන්න බැරුව තිබුණා පහුගිය දශක ගණනාවක් පුරා.. මොකද ලංකාවේ මඩ ඉඩම් කුඹුරු ආරක්ෂා කරන්න වෙනම නීති රෙගුලාසි තියෙනවා. ඒවා වෙන වැඩකට පුරවන්න ගියත් අටෝරාසියක් නීති හරස් වෙනවා.

    හැබැයි මෑතකදී පුරන් කුඹරු අක්කර 2500 (දෙදහස් පන්සියයක) 2020-21 වසරවලදී පොල් වගා කිරීමට සැලසුම්කර ඇති අතර සාම්ප්‍රදායික පොල් ත්‍රිකෝණයෙන් බැහැරව ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් උතුරු හා නැගෙනහිර පළාත්වලත් පොල් වගාව ව්‍යාප්ත කිරීම මෙහි ඉලක්කයයි. ඒ සඳහා අවශ්‍ය පොල් පැල ලක්ෂ 40 ක් දිවයින පුරා ඇති පැල තවාන් 39 කදි මේ වන විට සකස් කෙරෙමින් පවති. පොල් සංවර්ධන මණ්ඩලය හා සමෘද්ධි අධිකාරිය එක්ව දිවයින පුරා පොල්පැල ලක්ෂ 20 ක් බෙදාහැරීමට කටයුතු කරල තියෙනවා දැන් නම්, ඇත්තටම අපි පොල් වවන වියලි ක්‍රමයට වඩා කලපු සහ මඩ ඉඩම් වල පොල් තියන්න පුලුවන් නම් හොදටම ස්කෝ කරන්න පුලුවන්.. කොහද ඉතින් අපේ අයියලා හැමදේටම නීති දාගෙන ආරක්සා කරගෙන ලැගගෙන හිටියානේ පහුගිය කාලේ පුරා. ඒ වගේම ආණ්ඩුව දැන් කියල තියෙනවා ෆයිනස් වෙනුවට බෑවුම් සඳහා රබර් ගස් පාවිච්චි කරන්න කියලත්, මේක බලන්න;

    https://sinhala.enbsl.lk/2020/08/26/%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B7%86/

    පෝර කේස් එක ගැන කියද්දි අපේ පැතිවලපෝර සහනාධාර ලැබෙන නිසාම කුඹුරු කරන අය ඉන්නවා. අස්වැන්න කාර්යක්ෂමතාවය සහ සහනාධාර අතර රේඛිය සම්බන්ධතාවයක් නැහැ.. කුඹුර කරලා වැපීරූ වී ටිකවත් නැති එකාටත් ඊලගපාර පොෝර වතුර නිකන් ලැබෙනවා.. රජයකට කෙලින්ම මේවා නවත්වන්න බැහැ..මුලින්ම කරන්න ඕනි පර්ෆොමන්ස් බේස් එකක් ගෙනල්ලා හරියට අස්වනු දෙන්නේ නැති කුඹුු වලට ටිකෙන් ටික සහනාධාර කප්පාදු කරන එක.. ඒත් ඉතින් ඒවා කරන්න ගියත් දේසපාලනය හරස් වෙනවා.. කොහොම වුනත් කාරෝනා වලින් අද වෙද්දි මෙතෙක්කල් ලෝඩ් ෆකීර්ලා වගේ ලෝක විනාස වුනත් අපේ පඩි ටික හම්බෙනවා කියලා රජේ සේවාවට ගිය උන්ගේ පඩි අවධානමට ලක් වෙලා.. ඒ මට්ටමින් හරි වැටුනොත් තමයි මේකේ උන් අලුත් දේවල් ගැන හිතන්නේ.. ආන්ඩුව මිනිස්සු නඩත්තු කරන තාක්කල් මිනස්සු අලුත් ලෝකයක් දකින් නැහැ.. දහනවවන සියවසේ සුද්දෝ වගේම ලංකාවේ මිනිස්සුත් ඔය වගේ විවිධ අත්හදා බැලීම් කළා. කෝපි අසාර්ථක වෙනකොට ඒක අත ඇරලා තේ දැම්මා. ඒ කාලෙත් රජයෙන් බාධාවක් නොතිබුණානම් මිනිස්සු වෙනස් විදිහට පොල් හිටවන එක වගේ දේවල් කරයි. ඒ වගේම මාතලන් කියනවා වගේම ගොඩ යනවනම් මේක තමයි වෙලාව.

    ReplyDelete
  5. ඇත්ත කතාව. කොහොම හරි මොන ජාතියෙන් හරි ලංකාව ගොඩගන්න ලැබේවා කියන එක මට ඇති එකම පැතුමයි, සැතපුම් දහස් ගානක් දුර හිටියත් මගේ මවු දෙරණේ රස විස්තර කියවන විටදීත් හරිම සතුටුයි, විශේෂයෙන්ම රසවත් කෑම ජාති ගැන මතක් වෙනවා, කටට කෙල උනනවා. ඇත්තටම මාතා ජාඩි මුට්ටි පිදුරු දරනු මත පේලියට තියල තියන්න කුස්සියේ වෙනම කොනක් තියෙනවා. කොස් තම්බල ජාඩි හොදිත් සමග කාපු දවස්, කොච්චි සමග ජාඩි තෙල්දාළ බත් සමග කාපු දවස් මතකයට නැගෙනවා. දුර නෑයන්ට පොල්කොළ කූඩ වල ජාඩි යවනවා. ජාඩි කිරි හොදි දිව්‍ය ලෝක රස කියල අපේ සීය කියනවා, පැසක මුට්ටියක හදලා දමුපු මාළු මාසයක් විතර ගියහම මාළු ටික ගාණට පදම් වෙලා තියෙනවා. ලු‍ණුවල තියෙන ලවණ ගතියට මාළුවගේ ඇඟේ තියෙන වතුර ලු‍ණු උරාගන්නවා. විද්‍යාත්මකව මේකට කියන්නෙ ආසෘතිය කියලා. ගොරකත් මේ වැඩේට උදව් වෙනවා. ඒ නිසා මාළු නරක් නොවී තියෙනවා. මේ මාළු මාසයක් විතර යනකොට කෑමට ගන්න පුළුවන්. අවශ්‍ය තරම් මාළු මුට්ටියෙන් අරගෙන හෝදලා පෙති කපලා මැටි හට්ටියකට ද‌ාලා, ඊට සෑහෙන්න රතුලූනු, හොඳ සැරට මිරිස් කුඩු, පමණට ලු‍ණු, හායි හූයි කියන්න සැරට කොච්චි කරල් කීපයක් දෙකට පලලා, පමණට දිය කිරි දාල තැම්බීගෙන එනකොට මිටි කිරි එකතුකරලා හැඳි ගාල ළිපෙන් බාගන්න ඕනෙ. ජාඩි හොද්දට කන කෑමක් නිසා හොදි හිඳෙන්න දෙන්න එපා. ජාඩි වල නියම රහ එන්නෙ කොච්චි දැම්මහම. මේ ජාඩි හොද්ද එක්ක රතු බත් කන්න පුළුවනි ඔනෙ තරමක්. පොල් සම්බලකුත් එකතු වුණහම මාර රසයි. ජාඩි බත් අදින කෑමක්. ඒවගේම තමයි පොල් දාලා තැම්බුව කොස්, දෙල් තම්බලා පොල් එක්ක කන්නත් ජාඩි මාරයි. රතු බත් එක්ක දෙල් කහ පොල් දාලා මලවලා, ජාඩි හොද්දක් හදාගත්තම හරි ජාති. දවල්ට බත් කන්න හැකි. ජාඩි හදන්න අති ප්‍රසිද්ධ අපේ ගම කොග්ගල, තව දොඩන්දුවෙ, බළපිටියෙ පැරැන්නො සුලු‍ප්පු යාත්‍රාවල නැගිල ලු‍ණු ගොරක එහෙමත් අරගෙන ඉන්දියාවෙ තූත්තුකුඩි වරායට ගිහින් එහෙන් මාළු අල්ලන් ජාඩි කරලා ඒව පීප්පවල ද‌ාගෙන ඇවිත් ලංකාවෙ විකුණුවා කියලා දොඩන්දූවෙ ධීවර වරාය ඉතිහාසයේ කියවෙනවා. මේ කියන්නෙ දහ නවවෙනි ශතවර්ෂය මුල් කාලයේ.

    ඒ එක්කම ජාඩි නිසා අපිට තව අතුරු පලයක් ලැබෙනවා. ඒවට කියන්නෙ “ලු‍ණිජ්ජ” කියලා. මාතා අහල තියෙනවද මේ ගැන? ලු‍ණිජ්ජ කියන්නෙ මාළු, ලු‍ණු, ගොරක එක්ක පදම් වෙනකොට මාලුවලින් ජලය ලෙස ඉවත්වෙලා හට්ටියේ එකතුවෙන දියරෙටයි. ලු‍ණිජ්ජත් සමහර කෑම උයනකොට රස කාරකයක් හැටියට කදිමයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොවන පෝෂණීය ද්‍රව්‍යයකි. පොළොස් ගැට, කෙසෙල් මුව උයද්දි ලු‍ණිජ්ජ ටිකක් එක්කලහම වෑංජනේ පංකාදු පහයි. පොල්සම්බල් හදලා, දෙහි දානකොට ලු‍ණිජ්ජ ටිකක් එක්කලහම පට්ට රසයි. ජාඩි කන්න ආස කෙනෙක් ඉන්නවනම් ඉතින් හදාගන්න වෙනවා. කුම්බලා මාළු, බල මාළු වගේ ලොකු මාළු වර්ග වගේම හුරුල්ලො වගේ පොඩි මාළුවලින් මේ ජාඩි කියන සුපිරිම රසයක් ජනිත කළ ආහාරය සකස් කරන්න හැකියි, ඒ වගෙම මේ රසවත් ආහාරය දෙස් විදෙස් සුපිරි කෑමක්. ජාඩි හොද්ද ද මේ වගේ ඉතා වැදගත් මේවාට අනාදිමත් ඉතිහාසයක් වගේම මේ ආහාරය ලෝකයේම සකස් කරන්නේ පුම්චි අපේ පුම්චි අපේ ලංකාවේ විතරයි. මේවා ආහාරයට ගන්නා වූ සුද්දෝ තව තවත් ඉල්ලන්නේ මෙහි ඇති අමුතුම රසය නිසා, මේ නිසා දැනට වසංගතය නිසා වියැකෙමින් පවතින ලාංකේය සංචාරක හෝටල්වල මේ ජාඩි මාළු කෑම අතිශය ජනප්‍රිය වූ අතර ඒ කාලේත් ජාඩි පීරිසියක් රුපියල් 500 සිට ඉහළ අගයක් ගත්තා, දැන් නම් ඊටත් වඩා හොඳ ගානකට දෙන්න පුළුවන් වේවි සංචාරක ව්‍යාපාරය ආයෙත් පටන් ගත්තොත් නේද බන් මාතා?.

    ReplyDelete
  6. අඩෝ ළමා තන්, ඔන්න ඔය නිසා තමයි අර මම කියන අනෙකාගේ දැනුම පහත් කර කතා කරන JVP මහන්තත්ත ගතිය ඇතිවූ හේතුව. ජවිපෙ ජාතික බලවේගයේ වහල් මීහරක් රැල හිතන්නේ උන් විතරයි රට රටවල වෙන දේවල් දන්නේ සහ දැනගන්න ඕන කියලා. මුන් හිතන්නේ අපි වගේ අය ප්‍රතිපත්ති ප්‍රකාශන කියවන්නේ නැහැ කියලයි. මුන් හිතන්නේ මේ ලෝකේ ගැන මුන් කියන බයිලා විතරක් අහගෙන අපි ඉන්න ඕනා කියලයි. මුන්ට අනෙකාගේ පර්යේෂණය විහිළුවක්. මුන් වගේ දුෂ්ටයන් තවත් නැහැ. ඉරිසියාවෙන් පෙළෙන නරුමයන්. මුන්ට තර්කයක් නැහැ. පදනමක් නැහැ. මුන් බයයි අනෙකා දැනුම හොයනවාට. එහෙම දැනුම හොයන උන්ව මුන් මරනවා. උගත් වෙන්න ඕනෑ මුන් විතරයි. එහෙම කරන්නේ අනෙක් උන්ව මරලා. මුන්ව ප්‍රතික්ෂේප කළ යුත්තේ මෙන්න මේ කෲර පරපීඩක හිංසාකාරී දුෂ්ට ගතිය නිසයි. මොකද කියන්නේ මේක ගැන?

    ReplyDelete
    Replies
    1. සියල්ල දත් පුක් පඬි ජවිපෙ පරපීඩක උම්මත්තකයන් සහ සාධාරණ සාමාන්‍ය මිනිසුන් අතර වෙනස තමයි මෙවැනි කිසියම් හොඳ යෝජනාවක් කළ විට "ඇයි ඉතුරු අක්කර ටිකේ වවන්නේ කාබනික නොවන සහල්ද..." කියා අපහාසයට නොඇසීම... උන් කතා කරන්නේ හරියට උන් තරම් විශ්ව දැනුම වෙන කාටවත් නැති මහා බඹා ගානටයි. උන්ට කවදාවත් වරදින්නේ නැහැනෙ... ඔවුන්ට කිසි දවසක මේ රටේ මිනිස්සුන්ගේ පිළිගැනීම නොලැබෙන්නේ ඒ අති මහන්තත්ත කමත් අනුන් හෙලා දකින අනුන් පහත් කරන තමන්ට බැරි නම් අනුන්ටත් කරන්න බැරි කරවන දුෂ්ට ගතිය නිසයි. උන්ට එකතු වෙන්නේ ඒ ගතිගුණ තියෙන උන්මයි. ලෝකයත් සමග වෛරයෙන් ඉන්න. අනුන්ට ඉරිසියා කරන. කකුලෙන් අදින. බොරු සෝබන කතා කියන. වෛරයෙන් පිරුණු මිනිස්සු.

      Delete
  7. ඉතින් බන් මාතේ, මේ වගේ පටු අදහස් තියන නෙගෙටිවු අය එක්ක කොහොමද ඉතිං රටක් දියුණු කරන්නෙ, උදාහරණයක් විදියට ඊයේ මැච් එකට කලින් පෝස්ට් කරපුවා බලපන් එෆ් බී එකේ, දැන් හැබැයි ගොඩක් ඒවා අයින් කරලා නෝන්ඩි නිසා, ක්‍රිකට් කියන්නෙ අපේ ජාතික ක්‍රීඩාව දිනුවත් පැරදුනත් අපේ කොල්ලො එක්ක අපි ඉන්න ඕනෙ. දිනුම පැරදුම කොහොම වෙතත් පරදින්නත් කලින් "හපොයි ලංකාවේ ගොන් මෝඩ ටීම් එකේ හැත්ත අද කනවෝ අද කනවෝ" කියල කෑගහන්නෙ නැතුව අපේ කොල්ලන්ව මෝටිවේට් කරන්න ඕනෙ. උත්සාහ කරල බලන්න ඕන හැම දේකටම කලින්, ඒ වගේම තමයි රට ගැනත් කියන්න තියෙන්නේ හැම දේකටම කලින් "බුදු අම්මෝ රටම ඉවරයි සේරම බංකොලොත් කෙළවිලා තියෙන්නේ" කියලා වැලපෙන හැලි වලන් පොන්න මීහරක් හැත්තක් එක්ක හරිම අමාරුවෙන් තමයි වැඩේ ගොඩ දාගන්න වෙන්නේ. ගියපාර යහපාලන ආණ්ඩුව කාලේත් මුන් වැලපුණා දැනුත් වැලපෙනවා විතරයි.

    ReplyDelete
  8. ඉන්දීය අදානි පෝට් & FTZ සමූහයේ සභාපති ගෞතම් අදානි අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරල තියෙන්නෙ, ඒ වගේම කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදානි ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද මෙම පිරිස ඊයේ රාත‍්‍රියේ පෞද්ගලික ගුවන් යානා දෙකකින් ලංකාවට පැමිණ ඇති බව සදහන්, මේ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
  9. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete
    Replies
    1. බාගෙට නෙවෙයි හරියට ඕක ගැන කියන්න ඕන;

      -සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා

      සචිත්ත පරියොදපනං එතං බුද්ධානුසාසනං

      (නො කරනු පවක් දිවි හිමියෙන් කිසි විටෙක

      රැස් කළ මැනවි දස කුසලම හැම දිනක

      පිරිසිදු කරනු සිත - සිතිවිලි හැම තැනක

      බුදු අනුසසුන මෙය පිහිටනු මැන සිතක)

      - ඛන්තී පරමං තපොති තික්ඛා

      නිබ්බා නං පරමං වදන්ති බුද්ධා

      නහි පබ්බ ජිතො පරූප ඝාති

      සමණො හොති පරං විහෙඨයන්තො

      (තවුසන්ගේ ගුණය ඉවසුම නමැති දෙයයි

      නිවනම සුවය බව තුන්බුදුවරුම කියයි

      අන් පණ නසන්නා පිරිවැජියකුද සැකයි

      වයිරය සිත ඇතොත් ඔහු මහණෙකුද නොවෙයි)

      - අනුපවාදො අනුපඝාතො පාතිමොක්ඛෙච සංවරෝ

      මත්තඤුඤු තා ච භත්තසමිං පන්ථංසයනාසනං

      (දෑ කුල බෙයින් අන් අය පහතට නොහෙළා

      පාමොක් දෙසා සංවර සීලය රැකලා

      වැඩිපුර නොකා සමවත් මග පල ලබලා

      සැනසුම, මහණකම බව ඇත බුදුහිමි දෙසලා)

      සරලවම කිව්වොත් මේ කියන දේවල් කළොත් එනම් සියළු පාපී දේවල් නොකිරීම, කුසල් රැස් කිරිම, තම සිත පිරිසිදුව තබාගැනීම මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි, ඉවසීම පරම තපසයි. බුදුවරු නිවන පරම සුවය ලෙසට දක්වති. පැවිදිවරු අන්අය ඝාතනය නොකරති අන් අයට හිංසා කිරිම පැවිද්දෝ නොකරති. චෝදනා නැගීම පරපණ නැසීම නොකරති. ප්‍රාතිමෝක්ෂ සංවරය, භෝජනයේ ප්‍රමාණය දැනගැනීම විචික්ත සෙනසුන් ඇසුර අධිචිත්තය වැඩිමේ ගති බුදුන්ගේ අනුශාසනයයි.

      Delete
  10. ඉදිරි මාස දෙකක කාලය ඇතුළත රට තුළ අනිවාර්යයෙන්ම සහ ස්ථිර වශයෙන්ම දිගු කාලීන බරපතල සාගතයක් නිර්මාණය වන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සම සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ලටම අවධාරණය කළ අතර කාබනික පොහොර ව්‍යාපෘතිය යැයි පවසමින් සිදුකර ඇති රසායන පොහොර අත්හිටුවීම හේතුවෙන් මෙම ලංකාවෙ ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවති භයානකම සාගතය ඇතිවන බවද ඔහු පැහැදිලි කළා.

    මීට අමතරව කාබනික පොහොර ව්‍යාපෘතිය හේතුවෙන් අද ලංකාවේ යැපුම් කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත් පවසන මන්ත්‍රීවරයා වැරදි ආහාර ප්‍රතිපත්තිය හා රාජපක්ෂ කල්ලියේ අන්ත දූෂිත අසික්කිත ජාවාරම්කාර ප්‍රතිපත්තිය ද මේ සඳහා බලපා ඇති බව පෙන්වා දුන් අතර ඉදිරි කාලයේ දී ඩොලර් සපයා ගැනීමට ආණ්ඩුවට නොහැකිවන බැවින් ඉතාමත් දුෂ්කර වූ සැන්දෑ යාමයේ දිනකදී අවම වශයෙන් පැය හයක් හතක් වත් විදුලි කප්පාදුවක් හා පෞද්ගලික වාහන වලට බරපතළ ගණයේ ඉන්ධන කප්පාදුවක් ද අනිවාර්ය බවද ඉතාමත් විශ්වාසවන්ත භාවයෙන් පැහැදිලි කළා, මේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් පොදු ජනතාවට ගත හැකි ආරක්ෂක ක්‍රම මොනවාද කියලා කියන්න පුළුවන් නේද මාතලන්?

    ReplyDelete
  11. මහ කකූළුවෝ පොඩි එවූන්ට කෙලින් යන්න කියනවා....

    ReplyDelete
  12. යකෝ ආයෝජකයො එන්නෙ පොලිටිකල් ස්ටේබල් හරි උඹ වගේ උන්ට අනුව හෙන නිර්භීත තීරණ ගන්න නායකයෙක් හින්දා නම්, උන් ඔක්කොම යන්නෙ උතුරු කොරියාවට, මොකද එහෙ ආණ්ඩු වෙනස් වෙන්නෙ නෑ, ඉන්නෙ නිර්භීතම පාලකයා, කිම් ජොන් කිව්වොත් ජනතාව තනි කකුලන් හරි හිටන් ඉඳී. නිකන් ගොන් කතා කියන්න එපා බන්, ආයෝජකයො එන්නෙ උන්ට වැඩිම ලාභයක් ගන්න පුළුවන් තැනට, ඒ වගේම අවදානම සාපේක්ෂව අඩු වෙන්න ඕනෙ. එහෙම තැනක් හදන්න උබලගෙ නන්දෙට පුළුවන් නම්, ආයෝජකයො ගලාගෙන එයි. කොහොමද එහෙම තැනක් හදන්නෙ ? දකුණු ආසියාව ගත්තොත්, ලංකාවෙ ශ්‍රමය තමයි මිල අධිකම, ඊට පස්සෙ විදුලිය, තෙල් මෙව්වත් වැඩිම මිල ලංකාවෙ. ඊට පස්සෙ දූෂිතම දේසපාලුවො සහ රාජ්‍ය යාන්ත්‍රණයත් ලංකාවෙ. එන හැම ආයෝජකයෙක්ම කොමිස් කුට්ටියක් දෙන්න ඕනෙ දේසපාලුවන්ගෙ ඉඳලා රාජයේ නිළධාරීන්ට. ඊට පස්සෙ අකාර්යක්ෂමම රාජ්‍ය යාන්ත්‍රණය, උන් වැඩිම කාලයක් අරන් හැටහුටාමාරක් තැන්වල ආයෝජකයන්ව රස්තියාදු කරවනවා. ඊට පස්සෙ ඉන්නෙ වෘත්තීය සමිති, උන් එක්ක වැඩ කරන්න බෑනෙ, පොඩි දේටත් වැඩ වර්ජන, ඊට පස්සෙ කොහොමද ටාගට් කවර් කරන්නෙ ? ඊටත් අමතරව වෘත්තීය දැනුමක් තියෙන එවුන් ලංකාවෙ අඩුයි, උන් බහුතරයක් මැද පෙරදිග, නැත්නම් මයිග්‍රෙට් වෙලා බටහිර රටවල. ලංකාවෙ ඉන්න වෘත්තිකයෝ එක්කො වැඩ බැරි උන්, නැත්නම් අයිස් ගහන් උන්, තවත් බහුතරයක් ජනගහනයෙ ඉන්නෙ වෘත්තීය දැනුමක් නැති නුපුහුණු එවුන්. ඉතින් ආයෝජකයන්ට බහුතරයක් සේවකයොත් පිටරටින් තමයි අරන් එන්න වෙන්නෙ. මේ විධියෙ රටකට අයෝජකයො එන්න නම් එක්කො උන්ගෙ මොලේ කචල් වෙන්න ඕනෙ නැත්නම් පට්ට හොරු ටිකක් වෙන්න ඕනෙ. ඒ නිසා ලංකාවට එන විදේශ ආයෝජකයො බහුතරයක් ජාවාරම්කාරයො, නැත්නම් පරිසරය විනාශ කරන කර්මාන්තකරුවො.

    ReplyDelete
  13. //අපි ඝෝඨා ගෙනාවේ ඕවා කරන්නට නොව ආයෝජකයෝ ගෙනත් මේ රට දියුණු කරන්නටය.

    ඒ... මේ රට ගොඩ දැමීමට වෙන මගක් ඇත්තේ නැති නිසාමය.

    ආයෝජකයෝ එන්න නම්...

    කෙලින් තීරණ ගත හැකි නිර්භීත නායකයෙක් ඕනාය

    පොලිටිකලි ස්ටේබල් නැති රටකට ආයෝජකයෝ එන්නේ නැතිය.//

    මාතලන්, ප්‍රධානතම ප්‍රශ්නය තමයි රටක් දියුණු වෙන්න බෑ මේ සෘණාත්මක මානසිකත්වයෙන්. රට දියුණු වෙන්න නම් ධනාත්මක මානසිකත්වයක් තියෙන්න ඕනෙ. අපි අපි ගැන විශ්වාස කරන්න ඕනෙ. අපි අපේ රට ගැන, ආණ්ඩුව ගැන විශ්වාස කරන්න ඕනෙ. ආණ්ඩුවටත් බහුතර ජනයා අතර ඒ විශ්වාසය නැවත ඇතිකරගන්න පුළුවන් වුණොත් සමහරවිට දැනට වැහිලා තියෙන කඩතුරා ඉවත් වේවි.

    ටසිරි ලංකාවේ බහුතරයට ලොකු තියරීස් තියනව රට හදන ක්‍රම, දූෂණය නැති කිරීම, දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ වැරදි ආදිය ගැන, ඒත් එක් එක් පුරවැසියන් ලෙස අපේ විනය, අවංකකම, කාර්යක්ෂමතාව, තර්කානුකූල සිතීම ආදිය සෑහෙන්න දුර්වලයි. අපි දක්ෂ අනුන් හදන්න කතා කරන්න. රටක් හදන්න පුරවැසියන් බහුතරය හැදෙන්න ඕන. අපි මහන්සි නොවී, අපේ වැඩකරගැනීමට වංක ක්‍රම යොදමින්, මිථ්‍යා විශ්වාස කරපින්නා ගෙන මේ රට හැදෙන්නෙ නෑ මුන් ඔක්කොම හොරු කියමින් ඉන්නවා, මේ කියන "මුන් ඔක්කොම"ට අපිත් අයිතියි, හැමෝම.

    දැන් නම් සෑහෙන්න අමාරුයි මොකද පැවතීම සඳහා බහුතරය යන මාර්ගයේ යාමට හැමෝටම වෙලා තිබෙන නිසා. කොහෙන් කවුරු හැදෙන්න පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.

    මිනිස්සු ගෝටාව පත්කරගෙන ඔන්න ඕකා රට හදපු දෙන් කියලා අපි උඩබලාගෙන ගෙදෙට්ට වෙලා නිකම්ම හිටියම මොකෝ වෙන්නේ?

    රට හදන්න ලොරි ටෝක් දෙන අයියලා, කාර් එකට නැග්ගම බීපූ කිරි පැකට් එකේ කවරේ කාර් එකේ කාර්පට් එක උඩ තියන්න කැමති නෑ ඒක ජරා වෙනවා කියලා. බොහොම කැමැත්තෙන් දෙපාරක් හිතන්නෙ නැතිව ග්ලස් එක පාත් කරලා අර කවරේ පාරට විසිකරණවා. ඔය චූටි උදාහරණයක් විතරයි.

    ReplyDelete
  14. විදෙස් ආයෝජන ගැන කියනවා නම්,

    දකුණු ආසියාවේ දැනට පකිස්තානය හැරුණාම අඩුම තෙල් මිල තියෙන්නේ ලංකාවේ;

    https://statisticstimes.com/economy/countries-by-petrol-prices-and-gdp-per-capita.php

    ඒ වගේම වතුර මිල, යටිතල පහසුකම් සහ විදුලි බිලත් දැනට ඕකේ, එමෙන්ම ලංකාවේ ශ්‍රම බලකාය කලාපයේ වෙනත් රටවලට සාපෙක්ෂව දැන උගත්කමින් සහ කුසලතාවලින් ඉහළයි, නමුත් තව පුහුණු ශ්‍රමය නිර්මාණය අත්‍යවාශ්‍යයි, පහුගිය දශකය දිහ බැලුවාම ලංකාවේ අපනයනයන් සලකා බැලීමේ දී ඉතා සුළු වෙනස්කම් දක්නට ලැබුණ ද විශාල වෙනස්කම් දක්නට නැහැ. අපනයන නිෂ්පාදයන් නව්‍යකරණයවීමක් හෝ විවිධාංගීකරණය වීමත් සිදුවී මදි. නවෝත්පාදනයන් සිදුවී ඇත්තේ ඉතා අතලොස්සක්. පවතින නවෝත්පාදන ක්‍රමෝපායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය කරන දැනුම නොඅඩුව ලැබිය යුතු අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහය දැක්වීම සිදුවිය යුතුය. ඒ සඳහා විදේශ ආයෝජනයන් ඉතා වැදගත්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය වෙළෙඳපල තුළ තවදුරටත් අවශ්‍ය පහසුකම් ඇති කිරීම හා අවශ්‍ය ණය යෝජනා ක්‍රමයන් හදුන්වා දිය යුතුයි වෙනත් පරිඹ්ජෝජන ණය වගේ දේවල්/ ලීසින් වගේ දේවල් අධෛර්යමත් කරමින්.

    කාර්මික ගැටළු වලට ලංකාවේ ශ්‍රම බලකායේ පවත්නා දුර්වලතා හා කාර්මික ගැටළු ආයෝජනයන් සඳහා පුළුල්ව බලපෑම් කරන නිසා, විශේෂයෙන් ශ්‍රම බලකාය තුළ කුසලතාවයන් නොගැලපීම, නිපුන ශ්‍රම බලකායේ දුර්වලතා මඟ හරවා ගැනීම ඉතා වැදගත්. කාර්මික ගැටළු නිරාකරණය කිරීම හා කාර්මික නීති රීති ලිහිල් කිරීම තවදුරටත් නියාමනය හා සලකා බැලීම කළ යුතු අතරම කාන්තාවන් ශ්‍රම බලකායට සහභාගීකරවා ගැනීම හා ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය ඉහළ නැංවීම මඟින් වාසි සහගත තත්ත්වයක් ලබා ගත හැකි වේවි.

    ReplyDelete
  15. මේ දවස් වල ලංකාවේ ආණ්ඩුව රටට වැඩිම ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ලෙස හඳුනාගෙන තිබෙන දෙයක් තමයි සේවා අපනයන (Services Exports), මේ ගැන ජනපති වරණය කාලයේත් වත්මන් ජනපති සහ ඔහුගේ වියත් මග වැනි දේශපාලන හොරණෑකරුවන් කයිවාරු ගහපුවා ඔබටත් මතක ඇති.

    ඒ පිළිබඳව උදාහරණ කීපයක් ඇසුරින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නම්. සුපිරි මහල් නිවාසයක් ඉදිකිරීමට ආයෝජනයක් ලැබේ යැයි සිතමු. ඉන් ආර්ථිකයට ආකාර කීපයකින් දායකත්වයක් අත් වනවා. ආර්ථික මට්ටම ඉහළට යන විට ⁣මෙවැනි නිවාස අවැසි අයට නිවසක් ලැබෙනවා. නගර සංවර්ධනය, අලංකරණය වැනි කරුණු මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ අයටත් ප්‍රතිලාභ බෙදී යනවා. රබර් කර්මාන්ත ශාලාවකින් වෙන්නේ අගය එකතු කිරීමේ නිෂ්පාදනයක් ලෙස අපේ අමුද්‍රව්‍යවලට වටිනාකමක් ලැබී විදෙස් විනිමය වැඩිකර ගැනීමට අවස්ථාවක් උදා වනවා.

    මීට වෙනස්ව තොරතුරු තාක්ෂණ සේවා සපයන ව්‍යාපාරයකට සම්බන්ධ කර්මාන්ත ශාලාවක් පැමිණීම මේ අංශ දෙකටම වඩා ඵලදායි බව කිව යුතුයි. එසේ වන්නේ දෙතුන් දහසකට රුපියල් ලක්ෂ එකහමාරක සිට දෙක හමාර තුන සහ ජ්‍යෙෂ්ඨ අයට මිලියන ගණනින් පමණ වැටුපක් ලබා දෙන එවැනි ව්‍යාපාර නිසා වැඩි දෙනකු අතර ආර්ථික ප්‍රතිලාභ ගලා යෑමෙනුයි. එපමණක් නොවෙයි එවැනි ව්‍යාපාර ක්‍රමානුකූලව වර්ධනය වන වෘත්තීය විවිධාංගීකරණයකින් යුතුයි.

    එහිදී එම ආයතනය මෙන්ම සේවකයන්ගේ මට්ටමත් සංවර්ධනය වන ආකාරයෙනුයි මෙවැනි ව්‍යාපාර ස්ථාපිත වන්නේ. ආයතනය ක්‍රමයෙන් ඉහළට දියුණු වෙන්නේ එහි සේවකයන්ගේ මට්ටමත් ඉහළ නංවමින්. මෙමඟින් බුද්ධි ගලනය අවම වන අතරම so called Gota 2020 "දැනුම පදනම් කරගත් ආර්ථිකයක්" ගොඩනැඟීමටත් අවස්ථාව උදා වනවා. වැදගත්ම දේ මෙවැනි ආයතනවල රැකියාවේ නිරත වන විශාල පිරිසකගේ ජීවන තත්ත්වය ඉහළ යාම නිසා ඔවුන් සතු මිලදී ගැනීමේ හැකියාව වැඩි වීමයි. ඒ නිසාම සමාජය තුළ මුදල් ගලා යෑම (කෑශ් ෆ්ලෝ) ශක්තිමත් වනවා. ලොව ඉහළ ආදායම් උපය සමාගම් අතර තොරතුරු තාක්ෂණ සේවා සපයන ප්‍රමුඛයි. ලංකාවේ ඉහළ අධ්‍යාපන පසුබිම නිසා මෙබඳු ආයෝජන ළඟා කර ගැනීමට ඇති හැකියාව ද ඉහළයි.

    දැනටමත් මෙවැනි තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ලන්කාවේ ආයෝජන විශාල වශයෙන් සිදු කරන බව දකින්න පුළුවන්, මේ එක උදාහරණයක්;

    https://economynext.com/sri-lanka-hires-by-indias-hcl-technologies-top-1000-in-first-year-86480/

    මේ තියෙන්නේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු යම් යම් ගැන 2019 -20 අයවැය සහ 2021 ගිය අවුරුද්දේ බදු අඩු කරන විට කියපු යෝජනා, මේවා ලංකාවේ ක්‍රියාත්මක වෙනවාද කියලා දන්නේ නෑ

    //පහත දැකවෙන වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 0% දක්වා අඩු කිරීම සහ ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයකින් යුතු ආයෝජන මණ්ඩල ගිවිසුම් හරහා නව ව්‍යාපාර අවස්ථා සහතික කිරීම.

    i. අධ්‍යාපනය

    ii. තොරතුරු සේවා ක්‍රියාකාරකම්
    (ව්‍යාපාර කාර්යාවලිය තෙවන පාර්ශවයකට ලබාදීම (BPO), තොරතුරු සම්බන්ධ ව්‍යාපාර කාර්යාවලි තෙවන පාර්ශවයකට ලබාදීම (KPO), හොස්ටින්, දත්ත සැකසුම් සේවාවන් හා ඒ හා සබැඳි ක්‍රියාකාරකම්, web portals, news syndicates සහ ජනමාධ්‍ය සඳහා අවශ්‍ය පුවත්, ඡායාරූප සහ විවිධාංග සැපයීමේ ප්‍රවෘත්ති ආයතනමය ක්‍රියාකාරකම්, පරිගණක පදනම් කරගත් දුරකථන තොරතුරු සේවාවන්, කොන්ත්‍රාත් පදනම මත හෝ නිදහස් පදනම මත සිදුකරන තොරතුරු සෝදිසි කිරීමේ සේවාවන් සහ පුවත් නිස්සාරණ සේවාවන් (news clipping services), පුවත්පත් නිස්සාරණ සේවාවන් (press clipping services) සහ සෙසු ඩිජිටල් සේවා)

    iii. මානව සෞඛ්‍ය ක්‍රියාකාරකම්

    iv. ගුවන් ගමනාගමනය

    v. මෝටර් රථවාහන, ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් නිෂ්පාදනය

    vi. කසළ එක්රැස් කිරීම, පිරිපහදුව සහ බැහැර කිරීමේ ක්‍රියාකාරකම්, අමුද්‍රව්‍ය ප්‍රතිජනනය

    vii. ජලය එක්රැස් කිරීම, පිළියම් කිරීම සහ සැපයීම

    viii. මළාපවාහනය

    ix. වෙනත් ගමනාගමන මෙවලම් නිෂ්පාදනය

    x. ධීවර කර්මාන්තය සහ ජලජ ජීවී වගාව

    xi. පිළියම්කරණ ක්‍රියාකාරකම් සහ වෙනත් කසළ කළමනාකරණ සේවාවන්

    1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම

    1. සහ 2. යටතේ සඳහන් කර නොමැති, දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා වත්මන් සමාගම් බදු ප්‍රතිශතය 12% දක්වා අඩු කිරීම සහ සියලුම අංශ (බස්නාහිර පළාත) සඳහා ඉදිරි වසර 25 ක කාලයකට අඩු කළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දීම, සෙසු පළාත් 8 සඳහා මෙහිදී 80%ක් ලබාදිය යුතුය. මේ අනුව බලාත්මක වන බදු ප්‍රතිශතය 2.4% කි (මෙය අතිරේක වශයෙන් ග්‍රාමීය, දිස්ත්‍රික් මට්ටමේ රැකියා උත්පාදනයට උදව් වනු ඇත).

    උපයන විට බදු ප්‍රතිශතය 12% අය කරනු ඇත්තේ රු. 500,000 ක මාසික ආදායම් සීමාවක ආරම්භයේදී ය.//

    Cont'd...

    ReplyDelete
    Replies
    1. ශ්‍රමිකයන් (එහෙම නැත්නම් ලාබ ශ්‍රමය - cheap labour) අපනයනය කියන්නේ ඉතාම බේසික් වැඩක්, ඒකෙන් ලැබෙන රිටර්න් එක සාපේක්ෂව අඩුයි. ලන්කාවේ ශ්‍රම බලකායේ ශ්‍රමිකයින් මිලියන් දෙකකට වඩා විදෙස් රටවල වැඩ කරලා රටට ලැබෙන්නේ ඩොලර් බිලියන හතක් විතර, නමුත් මෙම ශ්‍රමය රට තුල ව්‍යවසායයන් වල බුද්ධිමත්ව යොදාගන්න පුළුවන් නම් අපනයන ආදායමත් තව ඩොලර් බිලියන දහයකට වඩා වැඩි කරගෙන රටේ දළ දේශීය නිශ්පාදිතය ඩොලර් බිලියන 20 -25 ක් වගේ විශාල ගානකින් වැඩි කරගන්න පුළුවන් වෙයි කියල තමයි මම හිතන්නේ.

      Refer below FYI;

      https://www.treasury.gov.lk/budget/highlights#industry-power-trade

      https://home.kpmg/lk/en/home/insights/2020/11/budget-analysis-2021.html

      https://www.colombotelegraph.com/index.php/budget-expectations-2022/

      Delete
  16. බූරුතන්ට ආරන්චිද මන්දා සමගි ජන බලවේග රත්නපුර මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල මන්ත්‍රී චමින්ද විජේසිරි දෙන්නම ආණ්ඩුවට සහය දැක්වීමට පොහොට්ටුවට එක් වන බවට කියන ආරංචි ගැන? මේක ඇත්තද?

    මාධ්‍ය වාර්තා වල හැටියට මේ වන විට ඔවුන් දෙදෙනා පක්ෂයේ දරන වගකීම්වලින් අක්‍රීය වීමට කටයුතු කර ඇති බවත් ආරංචියි. මේ සම්බන්ධයෙන් පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරත් දැනුවත් බව කියනවා. මෙම මන්ත්‍රීවරුන් දෙන්නා ආණ්ඩුවට එක්වන බව කලකට පෙර සිටම වාර්තා පල වෙමින් තිබුනා, ඒත් මේ වගේ හාල් පාරුවො අරන් ආණ්ඩුවට කල හැකි දේ මොකද්ද?

    රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ප‍්‍රබලයන් අඩු වීම මත ඉදිරි මැතිවරණයකදී පාර්ලිමෙන්තු පැමිණීමට ඉඩක් ඇති බවට තක්සේරුව මත ඔවුන් ගන්න බව කියනවා, මේක සාර්ථක වේවිද?

    ReplyDelete
  17. මාතලන් ගොයියෝ, පොහොට්ටු කල්ලියේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම් කාබනික වගාව ගැන දැනුවත් කිරීමට ජනපති විසින් කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු වන ලංකාවේ ප්‍රධානතම කාබනික ක්රිෂි නිශ්පාදන අපනයනය කරන සමාගම් හිමිකරු ආචාර්ය සරත් රණවීර ආන්ඩුවේ පොහොට්ටු පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන්ට කාබනික ගොවිතැන සම්බන්ධ දේශනයක් පවත්වා තිබේ. මෙහිදී පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පවත්වන ලද මෙම දේශනයේදී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් දැඩි අවේගශීලිව අදහස් පල කර ඇති අතර මන්ත්‍රිවරුන් ගම් මට්ටමින් මුහුණ දෙමින් ඇති ගොවි ජනතාවගේ ප‍්‍රශ්ණ රාශියක් ඔහු වෙත යොමු කර ඇත.

    ආචර්ය සරත් රණවීරගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම් සමූහය වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.

    ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල මන්ත්‍රිවරු එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මුල් මාස හත තුළ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ ඩොලර් මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.

    එය ලංකාවේ සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ශික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් SLPP ඵට්ටු පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.

    එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ. ඊට ඔහුගෙ පිලිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමන අලෙවි කල යුතු බවයි.

    එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝදතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියායි.

    එහිදී ඉතාමත්ම ඉවසීමෙන් කරුණු පැහැදිලි ආචර්ය රණවීර සම්පුර්ණයෙන් 100% කාබනික පොහොර යොදා රට පුරාම වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කල නොහැකි බව පිලිගෙන ඇති නමුත් කෙමෙන් කෙමෙන් කල හැකි බවට පවසා තිබේ. එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද SLPP පසුපෙල මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇති අතර රතන හිමි SLPP මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බව පවසා හෙමින්ම මාරුවී ගොස් තිබේ. මේ ගැන මාතලන් දරන මතය කුමක්ද?

    ReplyDelete
  18. මාතා, මේ වෙද්දි ලෝකය පුරාම ආර්ථික අර්බුදයකට නතු වී අවසන්. ලෝකයේ ආයෝජන අතරින් සියයට හතළිහක් අඩු වී තිබෙනවා. මේ අභියෝග සියල්ල ජය ගත හැක්කේ ගෝලීය ආර්ථික දේශපාලන පසුබිම හඳුනා ගනිමින් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් පමණයි. ඒ නිසා දේශීය අර්බුද විසඳා ගැනීම වගේම ගෝලීය ආර්ථිකය ගැනත් පුළුල් අවබෝධයකින් ඉතා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. තව දෙයක් ගෙවුණු වසර දෙක තුනකට වැඩි කාලයක් පුරා (2019 පාස්කු කේස් එකේ ඉඳන්ම වගේ) ලංකාවට ලැබෙන ආදායම් සම්පූර්ණයෙන්ම පාහේ බොහෝ අඩු වී තිබෙනවා. සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. විරැකියාව දේශීය පමණක් නොවෙයි ගෝලීය ගැටලුවක් බවට පත් වී අවසන්. මේ හේතු නිසා රටේ ආර්ථිකය පවත්වා ගැනීමට දායක වන මේ කර්මාන්ත පවත්වා ගැනීම සෑහෙන බරපතල වගකීමක්. එහිදී සේවකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කළ යුතුයි. කර්මාන්තකරණය අංශ තුනක් යටතේ වර්ධනය කිරීමට අපේක්ෂිත බව රජය පවසනවා. එනම් ඇඟලුම් ක්ෂේත්‍ර, ඖෂධ, ඉලෙක්ට්‍රොනික කර්මාන්ත ආදියයි. දෙවැනි කාරණය තොරතුරු තාක්ෂණයට සම්බන්ධ ආයෝජන දියුණු කිරීමයි. තෙවැන්න සංචාරක කර්මාන්තය සම්බන්ධ ආයෝජන ප්‍රවර්ධනයයි. මීළඟ අංශය කෘෂිකර්මාන්තයයි. එය තේ, පොල් , රබර් එළවළු, බීජ මෙන්ම ලංකා ජනයාගෙන් වැඩි ප්‍රතිශතයක් සම්බන්ධ වී සිටින කෘෂි කර්මාන්තය ප්‍රමුඛ ක්ෂේත්‍රයක්. පසුගිය 2020 වසරේ රබර් කර්මාන්තය ආශ්‍රිතව ඩොලර් මිලියන තුන් සීයක ආයෝජනයක් විදිහට ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඇරඹුනාට ඊට රබර් අවශ්‍යතාව වාර්ෂිකව ටොන් හැත්තෑ දාහක් පමණ වෙනවා. දැනටමත් රබර් වගාව මදි ඒම රබර් සපයන්න ඒකාකාරීව, එවැනි කර්මාන්ත ආරම්භ වීම නිසා රබර් වගාව හා සම්බන්ධ සැමට ප්‍රතිලාභ අත්වීමට නියමිතයි.

    ඊළඟට නෙදර්ලන්තය මූලික කරගත් ගෝලීය විසිතුරු මල් වගාව ලංකාව වැනි රටක ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගත හැකි, අපනයන ආදායම් අපේක්ෂාවෙන් දියුණු කළ හැකි ව්‍යාපාරයක්. එවැනි අංශ දක්වා කෘෂිකාර්මික ආයෝජන ක්ෂේත්‍රය පුළුල්ව පැතිරී පවතිනවා. ඒ ක්ෂේත්‍ර සඳහා විදෙස් සහාය සහිතව ව්‍යාපෘති හඳුන්වා දීමයි වැදගත්.

    ලංකාව වටා ඇති මුහුද මෙන්ම මිරිදිය පදනම්ව කර්මාන්ත දියුණු කිරීමත් එක් අංශයක්. 1990 ගණන්වල ලාවට පටන් ගත් මේක තව මීට වඩා වර්ධනය කළ යුතුයි, 2021 ජූලි මාසයේ ආයෝජන දිරි ගැන්වීම සඳහා තිබුණු ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන සැසියෙහිදී (SLIF එස්එල්අයිඑෆ්) මේ සෑම අංශයක් පිළිබඳවම පුළුල් අවධානයක් යොමු කිරීමට සමත් වුණා, ඒ වීඩියෝ එක මාතලන්ට අන්තර්ජාලය හරහා බලන්න පුළුවන් වෙයි, මීට වඩා ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සෑහෙන වැදගත්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න