.

.

Feb 14, 2021

ඉච්ඡාභංගත්වයට පත් 69 ලක්ෂය වෙනුවෙන් ලියමි


මාතලන් බයියෙක් නොවුනද, 69 ලක්ෂයේ සාමාජිකයෙක් වන්නේය.. මේ 69 ලක්ෂයේ සිටිනා සියල්ලන්ම බයියන් යැයි කෙනෙකු සිතන්නේ නම්, ඔහු ලාංකීය දේශපාලනය පිළිබඳ මෙලෝ මලහත්තිලව්වක් නොදන්නා අඳබාලයකු විය යුතුය. මේ රටේ ආන්ඩු පෙරලන්නේ ඒ ඒ පක්ෂවලට කඹුරනා වහලුන් නොව මාතලන් වැනි මධ්‍යස්ත මතධාරීන්ය. 

කෙනෙකු අප කිසිම ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදීන් ලෙස හැඳින්වූවද, අපට නම් කීමට ඇත්තේ, දිනෙන් දින වෙනස් වන ලෝකය සමඟ වෙනස් විය නොහැකි සත්වයින් දේශපාලනික වශයෙන් පරාජයට පත් වී වියරු වටුන උන්මත්තකයින් පිරිසක් බවට පත්වනා බවය. මධ්‍යස්ථ මතධරීන් සැමදා ජයග්‍රාහකින්ය.

මාතලන් විශ්වාස කරන්නේ ලිබරල්වාදය, නිදහස් වෙළඳපොල ආර්ථිකය හා ලෝකයම එකම ගමක් යන සංකල්පයන්ය. එය වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකි එකම කණ්ඩායම රාජපක්ෂ කඳවුර වන බව අද වාමාංශික දේශපාලන උස්තාද්ලා පවා පිලිගෙන අහවරය. 

රාජපක්ෂලාගේ අනාගතය පවතින්නේ මෙන්න මේ කියනා මධ්‍යස්ත මතධාරීන්ගේ ලැදියාව මතය. මන්ද පොහොට්ටුවාදීන්ගේ චන්දය ඔවුනට සැමදා ලැබෙන නිසාය. මෙම මධ්‍යස්ත මතධාරීන් රාජපක්ෂලාට චන්දය ප්‍රකාෂ කරනුයේ අසාර්ථක පස් වසරක කාළකන්නි පාලනයක් එලවා දැමීම මූලික පරමාර්තය කරගෙනය. ඊට අමතරව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් හා සංවර්ධන ක්‍රියාදාමයක් බලාපොරොත්තුවෙන්ය. 

එහිදි ඔවුන් බලාපොරොත්තු වූ ආකර්ෂණීය නායකත්වය රාජපක්ෂ කඳවුර වෙතින් ඔවුනට ලැබෙන්නේය. ඒ වසර 30 ක් ඇදි ඇදී ගිය යුද්ධයට විප්ලවීය තීරණ ගෙන සංග්‍රාමීය නායකත්වය සැලසූ නිර්භීත නායකයාය. ඒ ගෝඨාභය රාජපක්ෂ නම් අති සාර්ථක ආරක්ෂක ලේකම්වරයාය. කොළඹ ලෝකයේ ලස්සනම නගරය බවට පත් කල වැඩ කරුවාය. කිසිවකුටත් යටත් නොවී තීන්දූ තීරණ ගන්නා නිර්භීත නායකයාය.

මෙහිදි අප බලාපොරොත්තු වූ අපේක්ෂාවන් මෙන්ම, ජනප්‍රිය දේශපාලන පොරොන්දු මත බලාපොරොත්තු තබා සිටිනා පොහොට්ටු පාක්ෂිකයින්ගේ අපේක්ෂාවන් ගැනද අවධානය යොමු විය යුතුය. ඔවුන්ගේ අපේක්ෂා අතර බඩු මිළ අඩු කිරීම, පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු අයට දඬුවම් දීම, මහ බැංකු හොරුන්ට දඬුවම් ලබාදීම යන ඒවා මූලික කරුණු වන්නේය.

එහෙත් ආන්ඩුව ඒ 69 ලක්ෂයක් වූ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගෙන තිබේද? කනගාටුවෙන් වුවත් කිව යුතුව ඇත්තේ මේ කිසිවක්ම අද දක්වා ඉටු වී නැති බවය. යුද්ධයේදී හා නාගරික සංවර්ධනයේදී වැඩ පෙන්වූ ඝෝඨාභය අද ඇත්තේ නැති බවය. ඒ නිර්භීත තීන්දූ තීරණ අද කිසිවක්ම අද නොගන්නා බවය.  සුළු ප්‍රශ්ණ පවා ඔඩු දුවමින් ඇදෙන්නට තබා අවුල් ජාලයක් හා විහිළුවක් බවට පත්වනා බවක්ය..  

දුන් ජනප්‍රිය දෙශ්පාලන පොරොන්දු ඉටුකොට නොමැති ආන්ඩුව දැන් තවත් ටොපියක් බයියන්ට හපන්නට දී ඇත. ඒ යහපාලන සමනලයින්ගේ ප්‍රජා අයිතියට කෙලින්නට යාමය. මේවා කතාවට පමණක් සීමා වුවහොත් නෝන්ඩි වන්නේ වෙනින් කවුරුත් නොව රාජපක්ෂලාමය. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය, නැගෙනහිර ජැටිය යන කරුණු දෙකේදීම ආන්ඩුව අභ්‍යන්තර ගැටලුවලට මුහුණ පෑ අතර අද දිනය වන විට එය වඩාත් උග්‍ර තත්වයකට පත් වී ඇති බව බොරුවක් නොවේ. මෙය රාජපක්ෂලාගේ අභිමානයට කිසිසේත්ම හිතකර වාතාවරණයක් නම් නොවේ. ඔවුන් මතක තබා ගත යුතු දෙය නම් 2015 දී ඔවුන්ට බලය අහිමි වන්නේ විමල් වීරවංශ විසින් ගෙන ආ ආර්ථික ඝාතන අභ්‍යන්තරය කුමන්ත්‍රණය මගින්ම බවය. 

මෙම කල්ලිය විසින් රාජපක්ෂ කඳවුරු කිහිපයකට කැඩී ඇති බවට මතයක් ගොඩ නගා අවසානය. ඒ අනුව, වියත්මග හා ඝෝඨාභය එක පිලකි. බැසිල් හා නවක පොහොට්ටු මන්ත්‍රීවරුන් තවත් කල්ලියකි. මහින්ද නාමල් හා ඒ දෙදෙනාගේ බැතිබර දායකයින් තවත් පිලකි. ඊට අමතරව ආන්ඩුව තුල විපක්ෂ බලවේගයකි. කලින් පක්ෂ 10 ක් වූ එම කඳවුර දැන් පක්ෂ 12 ක් බවටත් තව තව පිරිස් ඔවුන් හා එකතු වන බවටත් බත් කන හරකෙක් වන මංගොනාපිල පවසති.  

විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට ආන්ඩු පක්ෂයක් වුවමනා නැත. යහපාලන ආන්ඩුවටද සිඳු වූයේ මේ කරුමයය. පඹයාගේ හාල්පාරුවෝ රනිල්ගේ විප්ලවීය තීරණ සියල්ලටම හරස් කැපුවේය. අවසානයේ රනිල් වෙනුවට මහින්ද ගෙනවිත්, තමාගේ නොව මහින්දගෙත් හත් පොලේ ගා නෝන්ඩි කර එලවා දැමුවේය. එවන් කාළකන්නි, මහින්දලා ලැජ්ජා නැතිව ආයෙත් රෙද්ද අස්සේ දාගත්තේය. අද ඒ පඹ උකුස්සා හා පඹ රැලද ගෙමට බැස ඇත. 

මේ කල්ලිවාදී ගෝත්‍රවාදී ගැටුම් විපක්ෂයේ අමානන්දයට හේතු වූවද පාක්ෂිකයන්ගේ මෙන්ම ආන්ඩු හිතවාදින්ගේ පිලිකුලට බඳුන් වී අවසානය. ජනතාව කළකිරී අවසානය. වහාම මේ ගැටුම් නිරාකරනය කර නොගන්නේ නම්, ආන්ඩුවේ ජනප්‍රියතාවය වේගයෙන් ගිලිහී යන බව කනගාටුවෙන් උවත් ලියා තැබිය යුතුමය. නිරාකරණය කර ගත්තද මේ පඩත්තලයින් පිරිස සිඳුකල හානිය සුළුපටු නොවන බවද සඳහන් කල යුතුය.

රාජපක්ෂලා බලයට ගෙන එන්නේ හා ඔවුනගේ බලය රඳා පවතින්නේ සිංහල බෞද්ධ ජනපදනම මතය යන්න රහසක් නොවේ. දැන් දැන් එම පිරිසද ආන්ඩු විරෝධීන් බවට පත් වී අවසානය. ඔවුනගේ පඬු පැහැ ප්‍රජාව දැන් වෙනත් නායකත්වයක් වටා රොඳ බඳිමින් සිටි. ඒ අනුව බලන කල එම බලවේගයේ සහාය ඔවුනට ලැබෙන අවසාන අවස්ථාව මෙය බවට පත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවක්ද පෙනේ.

මේ සියල්ලන්ම රඟන්නේ මහින්ද රාජපක්ෂ නම් මහා චරිතයේ ප්‍රතිභාව වටාය. කිසිවකු හෝ මහින්ද රාජපක්ෂ බලයේ ඉන්නේ තමන් නිසා යැයි කියන්නේද, ඌ එක්කෝ පිස්සකු විය යුතුය, එසේ නොමැති අමු කුහක ගුණමකුවකු විය යුතුය. ඒ අනුව මාතලන්ගේ නිගමනය නම්, මහින්ද දේශපාලන නායකත්වයද, බැසිල් පරිපාලනයද කරනාතරේ, ජනාධිපති තුමා තීන්දූ තීරණ ගත යුතු බවය. 

ආන්ඩුව කරන දෙයක් හෝ කැපි නොපෙනීමට ප්‍රධානතම හේතුව ලෙස මා දකින්නේ මහින්ද නම් ඒ ප්‍රතිභාවය ජනතාවගෙන් දුරස් වීමයි. අනිවාර්යයෙන් මහින්ද මහත්තයා නැවතත් සක්‍රීය දේශපාලනයට පැමිණිය යුතුය. විශේෂයෙන් වත්මන් ජනපති ගෝඨාභය දේශපාලනයේ ඉදිරි ගමනක් නොයන බවට ඉඟි කොට ඇති නිසාත්, දේශපාලන චරිතයක් වීමට ඇති අකමැත්ත මතත්, මහින්ද මහතා නිහඬව සිටීමත්,  රාජපක්ෂලාගේ ප්‍රතිභාවට කරන්නේ විශාල හානියකි. එක එක හාල්පාරුවන් වීරයාගේ මේන් රෝල් එක මෙන්ම එකවිට දුෂ්ඨයාටත් රඟපාමින් හීරෝලා වන්න යන්නේ මේ හේතුවෙනි. 

එමෙන්ම ආර්ථිකය මෙන්ම විදෙස් ප්‍රතිපත්තිය වෙනුවෙන් මෙතක් ගනු ලැබූ තීන්දු තීරණයන්ද ආන්ඩුවේ ප්‍රතිරූපය නැංවීමට කිසිසේත්ම ඉවහල් උනේ නැතිය. පැමිනි විගසම ලබා දුන් බදු සහන කිසිවක් ජනතාවට ලබුනේ නැති අතර, එහි වාසිය ගියේ ව්‍යාපාරික ප්‍රජාවටය. හාල් වලට හමුදාවේ ඩේටා බේස් චන්ඩි දමා ගැසට් ගැහුවත්, ජයගත්තේ හාල් මුදලාලිලාය. 

ඩොලරය පාලනය කරමින් තිබෙන්නේ බලහත්කාරයෙන්ය. මුදල් අච්චු ගැසීම නිශ්පාදන ආර්ථිකයක් ඇති රටකට ඔරොත්තු දිය හැකි වුවද අවන් ආර්ථිකයක් නොමැති අප වැනි රටක් ඒ තිරණය මඟින් තව දුරටත් ආර්ථික වශයෙන් හිර කර දමනු ඇත. මේ යෝජනා ගෙන ආ උන්ටම දැන් දැන් ඒවා වැටහෙමින් පැවතියද විලි ලැජ්ජාව නිසා අකුලා ගන්නේ නැතිය. එහිදි අප බලාපොරොත්තු වූ නිදහස් වෙළඳ පොල ආර්ථිකයට වදින්නේ මරු පහරකි. මේ සෙල්ලමෙන් ආර්ථිකයට වෙන්නේ කොටස් වෙළඳ පොළට සිඳු වූ දේ මිස වෙන කිසිවක් නොවේ. බොරුව කිසිදා ජය ගන්නේ නැත. බලෙන් ගිල්වා තබා ඇති රබර් බෝලය ළඟදීම වතුර මත පාවෙනු ඇත. 

බැසිල් හෝ කාගේ හෝ තීන්දුවකට අනුව ඩඩ්ලි හා මුදලාලිලා 4 දෙනෙක්ගේ මනදොල සපුරනවාද එසේ නොමැති නම් 69 ලක්ෂයට සාධාරන මිළකට හාල් ටිකක් ලබා දෙනවාද යන්න බාස්මති කන රාජපක්ෂලාට බාරය. මන්ද රටට වඩා බඩ ළොකු නිසාය. සමාන්‍ය ජනතාවට ජීවත් වීමට අපහසු තරමට බඩු මිළ ඉහළ බව ආන්ඩුවත් පිලිග්නිමින් සිටි. එහෙත් දෙනවා යැයි කියූ සහන කිසිවක් මේ වන විට ජනතාවට ලැබී නැත්තේය. ජාත්‍යාලයට වඩා බඩගින්න ලොකු බව 2015 ජනෙල් පොල්ලේ එල්ලුන අයට අමතකව ඇත්නම් අපිට කියන්න වෙන්නේ සොරි ඩොට් කොම් කියලාය. 

ආනයන නීතී රීතී නිසා ඒ මත පදනම් වූ වෙළඳාම් සියල්ලම නන්නපෝල්ය. උන්ගෙන් ඇහුවාම අම්මමෝ නැතිව බනින්නේ රාජපක්ෂලාට නෙමේය. රාජපක්ෂලා බලයට ගේනා අපටත් නෙමේය. අපේ අම්මලාටය. සම හරක් දන්දිනා හාමිනේටත් බනිනවාය. ඇත්තට ඒ අම්මලා ගැන අපිට හරි කනගාටුය.

ජැටිය නිසා ඉන්දියාව තරහා කර ගත්තේය. ආන්ඩුව බිස්නස් කරන්නට සැරසෙන්නේය. මේවා 1970-77 ත් අතර ක්‍රියාත්මක කොට සිරි ලංකා නිදහස් පක්ෂය ආසන 8 ට බස්සා ජේ ආර්ට 5/6 ක බලය ලබා දුන් අමු ගොන් තකතීරූ තින්දුය. ලෝකය එකම ගම්මානයකි. දියුණු වූ රාජ්‍යයන් සියල්ල දියුණු වී ඇත්තේ තනිවම නොවේ. ජාත්‍යන්තරය හා එක් වීමෙනි. 

එක රටක් මත යැපෙන්නට යාමත් මෝඩ ක්‍රියාවකි. ජිනීවා වලින් කොකු පිට කොකු එන්නේ හේතුවක් නැතිව නොවේ. එවායින් කල හැකි ලබ්බක් නැති වුවද, ජාත්‍යන්තරයෙන් කොන්වීම නම් අනිවාර්යයෙන් සිඳු වේ. ආර්ථිකයේ අති බහුතර කොටස විදෙස් රටවල් හා පවතින භාන්ඩ හා සේවා මත ‍යැපෙන රටක්, මේ තීන්දූ තීරණ ගත යුත්තේ ඉතා පරිස්සමටය. 

ඒ අනුව අපට කීමට ඇත්තේ, ආන්ඩුවට සහ සම්බන්ධ පිරිස්ද, 69 ලක්ෂයක් වූ ජනතාවද ඉතා කළකිරීමෙන් ඉන්නා බවය. මන්ද මේ බොහෝ දෙනෙකුට නොතේරෙන කරුණ නම්, වසරකින් දෙකකින් ගොඩ ගිය රටවල් ලෝකයේ තිබුනේ නැති බවය. අඩු ගානේ මේ සරළ සත්‍යය හෝ තේරුම් කර දෙන්නට එකෙක් ආන්ඩුවේ ඇත්තේ නැතිය. 

අප නම් ආන්ඩුව කෙරේ තවමත් බලාපොරොත්තුවේ දෑස් දල්වා ගෙන සිටින්නේය. එහෙත් සියල්ලෝ එසේ නැතිය. කළකිරුන පිරිස් නැවත් ගෙන ඒම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ..


ඒ වගත් මෙසේය...

40 comments:

  1. ලංකාවේ අසාර්තකම රජය.

    ReplyDelete
    Replies
    1. රනිල් සිරිසේන හා චන්ද්‍රිකා ඉනට අත් තබාගෙන

      Delete
  2. මාතා මේ ආණ්ඩුව අසාර්ථක රජයක් කියන්න කොහොම වත් බෑ මොකද අපි දැකපු අන්තම අසාර්ථකම රජය පහුගිය එක්සත් ජාතික පක්ෂයේ යහපාලන රජය හිටං හුටං සහ නිදහස් පක්ෂයේ හොර රැල එක්ක කරපු. මේ ආණ්ඩුවට කෙළ වෙන්න ප්‍රධාන හේතුව ලෝක ව්‍යාප්ත කොවිඩ් ප්‍රශ්නය සහ ගෝලීය ආර්ථික අර්බුදය. මේ නිසා ලංකාව ආනයන නවතා දැමීමට තීරණය කර තියෙනවා. ඔය හැම මගුලම පිටරටින් ආනයනය කරලා ලාබ තියාගෙන විකුණන හාල්පාරුවෝ නම් මෙලෝ රසක් නැති කම්මැලි හැත්තක්. පිටකොටුවේ සිට රටපුරා පැතිරී ඉන්න ඕකුන් නිසා තමයි ලංකාවේ කර්මාන්ත දියුණු කරන්න බැරි. විදේශ සංචිත නිකන් දියවෙලා යනවා. තව ටික කාලයක් ලංකාවේ දේශීය ආනයන ආදේශක හැකි පමණ නිපදවා ඒවා යම් මට්ටමකට ස්ථාවර උනාට පස්සේ ටික ටික පාලනයක් ඇතුව ආනයනයට අවසර දෙන්න පුළුවන්. එතකොට තරඟය එක්ක ලංකාවේ භාණ්ඩ කොලිටි වැඩි සහ මිල ගණන් අඩු ලෙස සංවර්ධනය කරන්න පුළුවන් වෙයි. මේක තමයි ලංකාවේ හදන්න පුළුවන් දේවල්/ වවන්න පුළුවන් දේ වලට කරන්න පුළුවන් හොඳම දේ. ඉන්දියාවේ කර්මාන්ත තනිකර දියුණු උනේ මේ විදියට. තව ආසියාවේ රටවල් උනත් එහෙම තමයි. මේක සරලව පැහැදිලි කරන්න පුළුවන් ඉන්දියාවේ වාහන නිෂ්පාදන කර්මාන්තය ඇසුරින්. මොකද එහෙම කළේ නැතුව ජේ ආර් පප්පල ලංකාවේ කළා වගේ කෙරුවා නම් මේ වෙනකොට ඉන්දියාව ජපානයේ සහ දකුණු කොරියාවේ විශාලතම වාහන වෙළඳ පොළ වෙයි. සුළු පිරිසක් තාවකාලිකව කට්ට කෑවට රටට දීර්ඝ කාලීන වශයෙන් වෙන්නේ හොඳක්. හැබැයි ලංකාවේ කොහොම වත් හදන්න බැරි සහ ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය වන අධි තාක්ෂණික උපකරණ, පරිගණක/ ටැබ් සහ ජංගම දුරකථන, කර්මාන්ත සඳහා යන්ත්‍ර, එතකොට වාණිජමය වාහන (ට්‍රක්, බස්, ලොරි වගේ ඒවා) ගෙන්වන එක හොඳයි. හැබැයි එන්ජින්, ට්‍රාන්ස්මිෂන් සහ සංකීර්ණ කොටස් හැර අනිත් කොටස් ලංකාවේ හදලා ලංකාවේ එකලස් කිරීම තමයි වඩාත්ම සුදුසු දේ. දැනට ලංකාවේ පෞද්ගලික ප්‍රවාහනය සඳහා වාහන තියෙන ප්‍රමාණය ඇති. ගොඩක් හයිබ්‍රිඩ් වාහන වගේම සහ පරණ වාහන වල අමතර කොටස් අඩු මිලට ජපානෙන් ගෙන්නලා හොඳින් හදලා පාවිච්චි කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. මේ වෙලාවේ අලුත් වාහන වෙනුවට ටිකක් පරණ වාහන රෙපෙයාර් කරලා භාවිත කරන එක දිරිමත් කිරීම සුදුසු බව පේනවා. මේ ගැන හිතන්නේ මොකද?

    ReplyDelete
    Replies
    1. වාහන නතර කිරීමට මාත එකඟයි... ඒත් අනෙක් භාන්ඩ තහනම් පිස්සු විකාරයක්...

      Delete
  3. මාතලන්October 9, 2012 at 9:04 AM
    මම දෙවිවරු පිලිගන්නේ නෑ.. ආගම අදහන්නේ නෑ.. ඒ මම ඒවා සත්‍ය ලෙස පිලි නොගන්නා නිසා.. නලීන්ද සිල්වා නාථ දෙවියෝ අදහනවා ඒක ඒ මනුස්සයගෙ නිදහස. අපි ඒක විවේච්නය කරනවා ඒක අපේ නිදහස. විමල් කියන්නේ අධිකරන කොමිසමේ ලේඛම් එයාම කාට හරි කියලා ගහ ගත්තා කියලා එම්බසි එකක් බැක් කරනවා කියලා. අපි ඒක පිලිගන්නේ නැති නිසා අපිට හිනා යනවා. උඹ හඳහන පිලි නොගන්න නිසා උඹට හිනා යනවා. මට හිනා යන්නේ නෑ. හේතුව ඒකේ යම් කිසි සත්‍යයක් තියෙනවා කියලා මම අත්දැකීමෙන් දන්න නිසා. මම මේ විෂයට කැමතියි. ඒ නිසා මම ඉගෙන ගත්තා. නමුත් කරේ තියාගෙන යන්නේ නෑ. මේ සමාජයේ මේක පිලිගන්න පිරිසක් ඉන්නවා. මම ඒ අයට උදව්වක් කරන්නේ. මගේ මාමා 1990 ගනන්වල හඳහනක් බලන්න රුපියල් 5000 ක් ගත්තා. ඒ කාලේ සුමනදාස වගේ හිටපු කෙනෙක් තමා එයත්. මමත් ඉගෙන ගත් දෙයි ප්‍රයෝජනයක් ගන්නවා. කෙනෙක්ගේ සිත සතුටු කරන්න පුළුවන් නම් මට ඒ ඇති. උඹ මහින්දට කැමති නෑ.. මමත් කැමති නෑ.. ඒත් මම විවේචනය කරනවා අඩුයි ඒ මොකා ආවත් එක නිසා.. ඒ නිසා සිස්ටම් එකම වෙනස් කරන්න ඕන කියන තැන මම ඉන්නවා. ඒ උනාට ලොක්කා ඒක කරන්නේ නෑ. ඒ කියලා වෙන එකෙකුට දුන්නත් ඌත් වෙනස් කරන්නේ නෑ. මම ආයතනයක් වැඩ කරනව නම්. මගේ බොසා හරි හෝ වැරදි මම ඌ කියන් දේ කරන්න ඕන. මගේ විවෙචනයට සවන් දෙනවානම් අවුලක් නෑ. ඒත් කියපු දේ කරපන් යකෝ කියලා අහගන්නත් මම කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. ජීවත් කරවන කොමෙන්ට්

      Delete
  4. මං හිතන්නෙ මහින්ද ශූර දේශපාලකයෙක් වුණාට ගෝඨාභය කියන්නෙ නිකන්ම නිකන් පුම්බපු බැලුමක් විතරයි. අරක්ෂක ලේකම කාලෙ ෆොන්සේකගෙ යුධ ජයග්‍රහණය යටි මඩි ගහල පොරක් වුණා. නාගරික සංවර්ධන අධිකාරියෙ කරපු දේවල් නිළධාරියෙක් විධියට හොඳ වුණත් ඒක වුණේ දක්ෂකමට කියල මම හිතන්නෙ නෑ. මොකද ඔහු හැසිරුණේ උප ජනාධිපති වගේනෙ, ඉතින් ඒ බලය පාවිච්චි කරල කොළඹ ලස්සන කළා, හරියට නාමල් SLPL එක සාර්ථකව කළා වගේ. ජනාධිපති වුණාට පස්සෙ තත්වෙ වෙනස්, ජනාධිපති කෙනෙක්ට හොඳ දේශපාලන අත්දැකීම් තියෙන්න ඕනෙ, නැත්නම් වැඩේ අනා ගන්නවා. මම හිතන්නෙ චන්ද්‍රිකාට වුණෙත් ඒකමයි. වටේම ආචර්ය මහාචාර්යල හිටියට, හරි දේශපාලන දැක්මක් නෑ. මිලිටරි මානසිකත්වයත් එක හේතුවක්, හැම අමාත්‍යංශයටම ආමිකාරයො දැම්ම කියලා වැඩේ වෙනවද ? ආමිකරයො යටතෙ සිවිල් මිනිස්සු වැඩ කරන්න කැමති නෑ. උන් දන්නෙ මිනිස්සුන්ට කුණුහර්පෙන් බැණ බැණ අණ දෙන්න විතරයි, වෙන මොන සැලසුමක්ද උන් දන්නෙ යුධ සැලසුම් හැර. උන්ව හොඳයි ලොකු production plant එකක, අයිස් ගහන කම්කරුවන්ගෙන් වැඩ ගන්න. අනික මේගොල්ලො බලය ගත්තෙම ජාතිවාදය වපුරලා, විශේෂයෙන්ම හාමුදුරුවො එක්ක එකතුවෙලා දේශීයත්වය උසි ගන්වලා. නමුත් යථාර්තය තමයි නිදහස් වෙළදපොල සහ ලිබරල් ආර්ථිකය. දැන් තමන්ගෙ සටන් පාඨ ඇතුලෙම හිර වෙලා, කිසිම ආයෝජනයක් කරන්න බෑ, හාමුදුවො සහ ඔවුන් වටා ඉන්න ජාතිවදීන් පිරිස රෙද්ද උස්සගෙන එනවා සටනට. විපක්ෂය කිසිම දෙයක් නොකළත්, ගෝඨාගෙ ඇතුලෙ කට්ටිය හොඳින්ම විපක්ෂයෙ කාර්යභාරය කරනවා. මම නම් හිතන්නෙ විපක්ෂ පිරිසගෙ ප්‍රජා අයිතිය අහිමි කිරීම කියන්නෙම බලවත් ආයුධයක් විපක්ෂයට සැපයීමක්. හරියට ගෝරියකට ගිහින් පොල්ලක්වත් අතේ නැතුව ගුටිකකා ඉන්න සෙට් එකකට T56 වගේ ස්වයංක්‍රීය ගිනි අවියක් දුන්න වගේ, වටේටම තියයි කුඩු වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඝෝඨා නැත්නම් ෆොන්සේකා වලේ...

      Delete
  5. ඇත්තටම මාතලන් ලංකාවේ විදේශ සංචිත අඩු වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩු සේරම 1980 ඉඳලා 2021 වෙනකන් ගත්ත ණය වලට අදාළ ණය වාරික ගෙවපු නිසයි. පේන විදියට නම් විදියට නොකා නොබී හරි ණය ගෙවන්න වෙන තැනට අපි වැටිලා තියෙනවා. මේකට දැනට තියෙන එකම විසඳුම ආනයන හැකිතාක් දුරට අවම කිරීම, මොකද ගිනි පොලියට ණය අරන් පිස්සු නටන එකට වැඩිය ඒක නම් හොදයි. ණය ගන්න වෙන ප්‍රධාන හේතුව අපනයන වලින් ලැබෙන ආදායම් වගේ දෙගුණයකින් ආනයනය කරන භාණ්ඩ වලට මුදල් වියදම් කරන්න වෙනවා ඩොලර් වලින්. දැන් ආනයනය සෑහෙන අඩු කරලා නිසා trade balance කේස් එක සෑහෙන අඩුයි. නමුත් සංවර්ධන ව්‍යාපෘති දේශීය හෝ විදේශීය ආයෝජන වලින් කරන්න වෙනවා. ආණ්ඩුව ව්‍යාපාර කටයුතු නොකර පුද්ගලික අංශයේ අයට කරන්න දීලා හරියට නියාමනයක් කලොත් ආදායම් වැඩි කරගෙන ජනතාවට සාධාරණ සේවා සපයන්න පුළුවන් වෙයි.

    ඒ අතරම 2020 ලංකාවේ ආණ්ඩුවට ලැබුන ඉන්ධන මිල අඩු වීමේ වාසිය මේ අවුරුද්දේ නම් ලැබෙන්නේ නෑ. 2020 අලුතින් උත්පාදනය උන විදේශ රැකියා වලට වඩා වැඩියෙන් විදේශ ශ්‍රමිකයන්ට රැකියා අහිමි වුන නිසා ලංකාවේ විදේශ ශ්‍රමිකයන්ගගේ ප්‍රේෂණ වලත් සැලකිය යුතු අඩුවක් වෙයි. සංචාරක කර්මාන්තයේත් හිතන තරම් වර්ධනයක් නොවෙන නිසා මේ අවුරුද්ද 2020 වඩා අමාරුවෙයි ඒත් ආණ්ඩුව යම් යම් ගේම් ගහන බව පේනවා. ඒවා සාර්ථක කරගන්න පුළුවන් නම් රටට හොඳයි ඒත් අසාර්ථක උනොත් රටම ඉවරයි. මොකද අපට කිසිම විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් හෝ අඩුම තරමේ විකල්ප නායකයන් වත් නැති නිසා. මොකද කිළී මහරාජා ආයතනය විසින් නටවන රූකඩ ප්ලැකනිල් සජිත් වත් මෙලෝ හසරක් නැතිව මඩ කෙළින ජවිපෙ ජාජබේ හෝ වෙන කිසිම විකල්පයක් රට ගොඩ දාන්න පුළුවන් කෙනෙක් නෑනේ? රනිල් උනත් පහුගිය අවුරුදු පහේ අපි හිතාගෙන හිටිය පොර නෙවෙයි කියල ඔප්පු උනා නේ. පාඨලී ගැන හිතන්නේ කොහොමද? ඒ හැමෝම වගේ අසාර්ථකයි කියල තමයි පේන්න තියෙන්නේ සාපේක්ෂ වශයෙන්. ගෝඨාභය පවා හිතාගෙන හිටිය තරම් සාර්ථක නැහැ වගේ නේද නමුත් වෙලාවේ හැටියට මිනිහා ඇදන් යනවා අර ඇඹුල්දෙනිය ටෙස් මැච් එක ඇදන් ගියා වගේ. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලා හැර වෙන විකල්පයක් නෑ... ඒක ඔප්පු වෙලා ඉවරයි

      Delete
  6. ඉච්ඡාභංගත්වයට පත්වෙලා කියන්නේ මොකද? ඔය අපූරුවට ආණ්ඩුව වැඩ කරගෙන යන්නේ?

    ReplyDelete
    Replies
    1. එයාලා වැඩ... පාක්ෂිකයා කලකිරිලා

      Delete
  7. මාත බන් සින්නයියා ගුණසේකරන් නොහොත් ඇලේ ගුණා ගැන නියෝමාල් රංගජීව ලියල තියෙනවා මේ කතාව;


    කිඹුලාඇල ගුණාට සහෝදර සහෝදරයන් කිහිපදෙනෙක් සිටිහ. සින්නයියා විජේරංජන්, සින්නයියා සුරේෂ් කුමාර්, සින්නයියා සුසිලා , හා ගැහැණු සහෝදරියන්. මේ සින්නයියාලා උඩහා පළාතේ වතුකරයෙන් කොළොඹට සම්ප්ප්‍රාත්ත වු ද්‍රවිඩයන් ය.කොළඹ තිබුණ පොදු වැසිකිළි සේදීම හා මළ පහ කරත්ත වල වැඩ කිරිම සදහා කොළොඹ නවාතැන් ගත්තෝ වුහ. පසු කාලීනව කොළඹ වෙළඳ පොළේ විකුණන කංකුන් ,වගා කිරිම ප්‍රධාන වශයෙන් කරගෙන යන ලදි. මේ අය සක්කිලි (දමිළ චක්කිළි කුලයේ අය) යනුවෙන් ද හදුන්වන ලදි. මෝදර කිඹුලා ඇල, ඉබ්බාගේ වත්ත, කුණු ගොඩවත්ත, මේ පිරිස වැඩි වශයෙන් පදිංචිව සිටින ලදි .

    ***කුබුලා ඇලේ බලය***
    මෙහි සියලුම ජාවාරම් වල බලය තිබුණේ "හෙක්ටර්" නොහොත් පෑලියගොඩ හෙක්ටර් අතේය . 90 දශකයේ දි කොටි සංවිධානයේ L T T E Triangle හෙවත් එල්.ටි.ටි.ඊ. ත්‍රිකෝණයට අයත් වු මෝදර, කොටහේන , ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල බලය තෙල්බාලා, තඩි බාලා, වාසු, කොට ගාමිණී ලබා ගත්තේ කොටින්ගේ අවි ආයුධ වලට පිං සිදුවන්නටය. කොටින්ගේ අවි හා හෙරොයින් ජාවාරම එක්ක නිසා පෑලියගොඩ වික්ටර්ට ඇලේ බලය අතහැර පළා යන්නට විය. ඇලේ බලය සම්පුර්ණයෙන්ම ගුණා සතු විය. එදා වේල කන්න නැති, නුගත් දෙමළ තරුණ කොටස්වලින් ගුණා ගේ කල්ලිය ශක්තිමත් විය.

    *****ඉන්දියාවෙන් කෙළින්ම බඩු අතටම ***

    හෙරොයින් ප්‍රවාහනයට ස්ප්‍රින්ග්ස් බෝට්ටු හා ට්‍රොලර් බෝට්ටු දහයක් පමණ ඔහුන් සතු වීය. හලාවත ,මහ වැව ,ඉරණවිල මුහුදු වැල්ලේ ඉස්සන් කොටු විස්සකට පමණ කරගෙන යන මුවා වෙමින් කුඩු ඉන්දියාවේ සිටි ගොඩ බාන ලදි . ටික කාලයක් යන විට ගුණා ඉතාමත් ප්‍රබල පාතාලයේ නායකයෙකු බවට පත් විය. අහල පහළ ගම් පවා ඔහුගේ වචනයට යට විය. ගුණා යනු මාරයා ගේ සළකුණ බවට අහිංසක මිනිස්සුන්ගේ මනසේ රැදෙන ලදී . ඔහුගේ කුඩු ගැන පණ තියෙන මිනිහෙක් පොලිසීයට හෝ නාකොටික් එකට ඔත්තු දුන්නේ නැත. එසේ දුන්නා යැයි ගුණා විසින් සැකකළ කිහිපදෙනෙක් අදටත් බ්ලුමැන්ඩල් කුණු ගොඩේ පාංශුකූලේවත් නැතිව නිදයි.

    ***ජනාධිපතිණියට බෝම්බ ප්‍රහාරයක් ****

    කොළොන්නාවේ සිටි දේශපාලන කළ භාරත ලක්ෂ්මන් ගුණා ගේ සමීප මිතුරා වි කලක් සිටියේය .පෙළපාලියක් යන්න මිනිස්සු බස් ගණන් දෙන්නෙ ගුණා විසින් ය. මේ එල්.ටි.ටි.ඊ ත්‍රිකෝණය තුල සිටි කොටි බුද්ධි අංශය විසින් ගුණා ගේ උපකාර ඇතුව මරාගෙන මැරෙන කාන්තාවක් භාරත ලක්ෂ්මන් ගේ ටවුන් හෝල් වලට යන මිනිස්සු අතරට රිංගුවේ ය. භාරත ලක්ෂ්මන් මේ බවක් නොදැනදෝ මන්දා ඉදිරියේ ගමන් කරයි සූසයිඩර් පස්සෙන් ගමන් කර බෝම්බ ප්‍රහාරය සාර්ථකව එල්ල කළේය . මේ ප්‍රහාරයෙන් පසු ගුණා අත් අඩංගුවට පත්වා වසර දෙකක් පමණ රැදවුම් බාරයේ සිටි නිදහස් වීය . පසුව පෙර සේ ජාවාරම් කරමින් නිදහසේ ජිවත් වෙන්න විය. ඔහු පක්ෂ කිහිපයකට එකවර උදව් කළේ ය.ඒ නිසා කවුරු බලයට ආවත් ඔහු කිඹුලා ඇලේ ගුණා වීය.

    *** ගුණාට අභියෝගයක්****
    ගුණාට ගේමක් ඉල්ලන්න කොළොඹ පාතාලයේ එකෙක් නොවීය. එහෙත් බ්ලුමැන්ඩල් සිටි "ප්‍රින්ස් කොලොම්" පමණක් ගේමක් ඉල්ලුවේ ය. ඔහු ගුණා ගේ ගෝලයන් දුටු දැන මරා දැම්මේ ය. එකවරක් ගෝලයන් තුන් දෙනෙකු දණ ගස්වලා ඔලුවට වෙඩි තබා මරා දැම්මේ කොලොම් ගේ හයිය පෙන්වලා ය. බ්ලුමැන්ඩල් සංඛ ,බ්ලුමැන්ඩල් සංජිව ඉදිරියෙන්ම සිටි වෙඩික්කරුන්ව විය.ගුණා ලොකු බියකින් හා දැඩි ආරක්ෂාවක් සපයා ගන්නා ලදි . ඔහුට අන්ත දූෂිත නිළධාරින් ගේ සහය නොඅඩුව ලැබෙන ලදි .

    ** ගුණා ගේ මුදා නොගත් ආරක්ෂක වළල්ල***

    කිඹුලා ඇලට එන්න ප්‍රධාන මාර්ග කිහිපයක් ඇත. මෝදර බෝ ගහ හන්දියේ පාර, වරායේ නිළ නිවාස අසළින් ඇති පාර හා මාදම්පිටිය කනත්ත ලගින් ඇති පාර වේ. තව නිවාස ඇතුළෙන් ද පැමිණිය හැකි වේ. මේ සෑම පාරක්ම ආවරණය කිරිම ආරක්ෂක මුර කපොලු ස්ථාපිත කර ඇත. සෑම ස්ථානයකටම ගෝලයන් හතක්, අටක් දිවා රාත්‍රි සේවයේ යොදවන ලදි .බැරල් පවා වැලි පුරවා මේ ස්ථාන දමා තිබුණි. ඇතුලු වන සෑම පුද්ගලයෙක්ම අනීර්වායෙන්ම ප්‍රශ්න කර ,ඔහු යම් නිවසකට යෑමට පැමිණියේ නම් ඒ නිවසට ඔහුන් සමග යා යුතුය. Tied Security system එකක් තිබුණි. T56 අවි කිහිපයක් හෝ රීපිටර් අවි, පිස්තෝල මේ සෑම තැනකම ප්‍රසිද්ධියේ තබා ගන්නා අතර "මෝටරොල්ලා හැන්ඩ් සෙට් " ඔහුගේ අත විය. සංනිවේදනය පැහැදිලි විය. වෙනම රටක් ලෙස පැවතිය. මෝදර පොලිසීයට මීටර් 500ක් ඇතිය. හිතු මනාපේ හෙරොයින් ජාවාරම් සිදු වීය . කිසිදු බියකින් තොරව ගණු දෙනු සිදුවීය. මේ නිසා කිඹුලා ඇලේ මිනිස්සුන්ට හෙරොයින් ජාවාරම් ස්වයං රැකියාවක් විය. වැටලීම් ද නැත. ගුණාට ගැහැනු දෙන්නෙක් ඇත. ඒ ළග ළග ගෙවල් දෙකක පදිංචිව ඇත. කතරගම දේවියන් වගේය. කිබුලා ඇලේ මිනිස්සු ගේ ප්‍රශ්න පොලිසීයට කියන්න අවස්තාවක් නැත. ඔහුන් ගුණාගේ උසාවියට පැමිණිලි කළ යුතුය. ගුණා ඔහුගේ නිවස ඉදිරිපිට දෙපාර්ශවය ගෙන්වා ප්‍රශ්න වලට විසදුම දෙයි.වැඩි වශයෙන් දෙමළ චිත්‍ර පටය නැරඹීම නිසා ඒ අභාසය ලබා ඇත.

    ReplyDelete
    Replies
    1. ***නාකොටික් රේඩ් කුබුලා ඇලට ****

      මම 2001 මැද බාගයේ නාකොටික් එකේ රාජකාරිය වාර්තා කිරිමෙන් පසුව දිනක් I.P කෙනෙක් එක්ක කීබුලා ඇලට ගියේ ගුණා ගේ මල්ලි වන සින්නයියා සුරේෂ් අල්ලා ගැනිමටය. තෙමහල් නිවසකි. අන්තිම තට්ටුවේ swimming pool එකක් ඇත . ලෝකේ තියෙන සෑම විෂ්කි වර්ගයේ ම සාම්පල බෝතල් වීය . සැප ගන්න පැමිණි ලොකු මහත්තුරු ගේ නම් වැළකි. සුරේෂ් නැත .
      දෙවන වරටත් අපි සුලු කංඩායමක් ඇලට බැස්සේ ගුණා ගේ ප්‍රධාන ගෝලයා ගන්නටය. ඒ කිබුලා ඇල උක්කු පුතා නොහොත් සින්නයියා ත්‍රිවේන්ද්‍රන් අල්ලා ගැනිමට ය. ඔහුගේ නිවස පරික්සා වේ අපි සිටියේ දි එක්වරම 500ක් පිරිසක් අපි ඉන්න ගෙදර වටලා කුණු හරුප කියමින් ගේම ඉල්ලන්න විය. අපි පස්දෙනෙක් විය. නමුත් අපි බයේ යන්න ලැහැස්ති නැත. සෙනග අතර අවි කිහිපයක් එහා මෙහා වෙනවා දර්ශනය විය. මගේ අතේ ද අවියක් නැත. අපේ S.I පිස්තෝලය අරන් උඩට කර පෙන්වා බිය කිරිමට උත්සාහ කළේය. එක පුද්ගලයෙන් සරම උස්සා ගෙන පැමිණ අපිට කිව්වේ" අඩෝ ඔයිට වඩා බඩු අපි ළග තියෙනවා" යනුවෙන් ය. පසුව අපේ කංඩායමේ නායකයා තීරණ කළේ එතැනින් පිට වීමටය. ඉවසන්න බැරි තරහව, සමග ඉවත් විය. ඊට පසු අපි නැවතත් ගුණාගේ සහෝදරයා ගේ වන සින්නයියා සුසිලා ගේ ගෙදරට පැන්නේය. එදාට වඩා මහා පිරිසක් ඒ ගේ ද වටකර ගල් ගෑසීම් හා වෙඩි ශබ්ද ඇසෙන්න විය. ගේ දෙපැත්තේම වට කර ඇත.ඇග කවර් ගෙන ගෙයි ගේට්ටුවෙන් එළියට අත හා T56 දමා තනි අතෙන් දෙපැත්තට බර්ස්ට් දෙකක් ගැසුවේ ය. සියලුම දෙනා පැනලා දිව යන ලදි . තුන් දෙනෙක් ගේ වෘෂණ කෝෂ ගැලවි බිම වැටි පුද්ගලික රෝහලවලින් ගොඩ දාගත් බව පසුව අනාවරණය වන ලදි .

      ***කිබුලා ඇල වැනසීම***

      කෙසේ වෙතත් කුබුලා ඇලේ රේඩ් වලට තිත තබාගන්න සිදු විය. කොච්චර තොරතුරු ආවත් යන්න බය විය. මෙක මහා නින්ද සහගත දෙයක් විය. නාකොටික් එකට විශේෂ කාර්‍ය්ය බලකායේ හිටපු IP කෙනෙක් ආවේය. ඔහු බුද්ධික බාලචන්ද්‍ර නම් විය. දැන් සහකාර පොලිස් අධිකාරි ඇල්පිටිය පුහුණු පාසලේ සිටියි. ඔහුට මේ විස්තර දැනිම් දුන්නාම එදා රෑ ඔහුට නින්ද ගියේ නැත. ගුණාට ගහමු, ගුණාට ගහමු නිතර මතුරන්න විය. තොරතුරු සොයා බැලිම සදහා මම ත් බාලචන්ද්‍ර මහත්තයාත් වෙස් වලාගෙන අදුර වැටෙන කොට ඇතුලු වෙන්න උත්සාහ කලේ ය.එදා මම මුස්ලිම් විදියට තම්බි තොප්පිය පැළදෙන ,පෝර උරයක් කරේ එල්ලා ගෙන ,ඒකේ ඇතුලේ T56 දමා ගෙන ගියේ අපි දෙන්නා පමණි . මාව දැක්ක රැකවලෙක් මා ගෙන් දෙමළ බාසාවෙන් ප්‍රශ්න කරන්න විය.මම දෙමළ දන්නේ නැත. කරන්න දෙයක් නැත මා අතින් සංඥා කරමින් ගොලු මුස්ලිම් චරිතයක් රගන්න විය .වැඩේ අවුල් විය. නැවත එළියට ආවෙ ය

      අපි විවිධ උපක්‍රම භාවිතා කරමින් (තවම ඒ උපක්‍රම භාවිතා කරන නිසා සදහන් නොකරමි)
      ගුණා ගේ ලොකු අයියා වන සින්නයියා විජේ රංජන් එක්ක හෙරොයින් ජාවාරම්ක් කරන්න සැළසුමක් ගැසුවේය.වැඩේ සාර්ථකයි. මම තමා බඩු ගන්න වෙස්වලාගෙන ඔහුට හමුවෙන්න කිබුලා ඇලට යන්න ඔන . ගුණා ගේ ගෙදරට ආසන්නයේ පොඩි ගෙදරක සාකච්ඡාවක් පවත්වා ගණන් හිලව් කතා කරගෙන ඉදගෙන ඉන්න ලදි .ලොකු කංඩායමක් කුබුලා ඇලේ ඇතුළට රිංග වීමට නොහැකි නිසා බාලචන්ද්‍ර මහත්තයා පමණක් ඈතින් සිටින ලදි .මම තනිවි ඇත.අවියක් ද නැත. ගෝලයා බඩු ගෙනාවේය. විජේ මා සතු ඇති සල්ලි ටික ලබා ගන්න ආවේය.හෙරොයින් ග්‍රෑම් 350ක් මා අතය. ගෝලයා මට වැඩක් නැත.මට ඔනේ ඩයිනෝසරයාවය. ඒ වීජේ රංජන් ය. ඔහු උස මහත පුද්ගලයෙක් විය. මම තනියම ඔහුව අල්ලා ගත්තේ ය. නමුත් ඔහු සුදානම් නැහැ මට යටත් වෙන්න . හොදටම අපි ගහ ගත්තේ .ගෝලයාත් සටන පැමිණි යේය .මම ප්‍රසන්න ජයවීර මාස්ටර් ගේ වුෂු ගෝලයෙක්ය. ගෝලයා බිම වැටුණේය. විජේ කමිසය ගලවා පැන දිව්වෙය. ගෝලයා අල්ලා ගන්නා ලදි .පසුව අනෙක් නිලධාරීන් සමග මෙහෙයුම් කළද විජේ නොමැත .පස්සේ ගෝලයා උසාවි දැම්මත් අපි විජේ රංජන් ගැන උසාවියට කරුණු කියා ඔහුට වරෙන්තු ගන්නා ලදි.

      දෙවියන් ගේ පිහිටෙන් ගෝලයා ගිරවෙක් නොව මාල ගිරවෙක් විය. ගුණා ගේ ජාලය බිද දැමීමට අවශ්‍ය දේවල් අපි ගත්තේ ය. එක ගෝලයෙක් බඩු සමග අල්ලා ගෙන දින හතක් රැදවුම් නියෝග අරගෙන තබා ගෙන තව ගෝලයෙක් බඩු සමග ගන්නවා .අර ගෝලයා රිමාන්ඩ් කරනවා. ඔය ආකාරයට ගෝලයන් හා ඔහුනගේ ජාලයේ ගැහැනු පවා අත් අඩංගුවට දිගින් දිගටම ගන්නා ලදි . ගුණා නුවර එලියට පැන ගන්නා ලදි .සුරේෂ් ට එක ගෙදරක නිදාගන්න අවස්තාව අහිමිවිය . ඔහුන් ගේ Road blocks අතුරුදන් විය. කිබුලා ඇලේ හංගා තිබු ගිනි අවි විශාල ප්‍රමාණයක් පතොරම් ,හෙරොයින් කිලෝ ගණනාවක් අල්ලා ගන්නා ලදි . මම කිබුලා ඇලට යන්න Trooper ජීප් රථයේ බොනට් එක උඩ T56 කරේ තබාගෙන ය. ඒ කැටයම් වැඩ හා මදාව් කමටය. අවසානයේ ගුණා ගල් විය. දේශපාලකයෙකු ගේ ගෙදරක සැගවුණි. ඒ නුවර එලියේ ය. සින්නයියා විජේ රංජන් අපිව කොටු වුණේ ඇලෙන් පිට දිය. ඔහුව රිමාන්ඩ් කරන ලදි.

      දැන් කිබුලා ඇල මුදාගන්නා ලද ප්‍රදේශයක් විය. ඔනෑම කෙනෙකුට වැටලීම් කළ හැකි වීය. සුරා බදු කාරයන් ද දැන් බය නැතිව වැටලීම් වලට පැමිණේ.

      Delete
    2. ***කුණා ගෙන් මරණ වරෙන්තුවක් ***

      2005 දි මම මගේ පුතා ගේ පළමු උපන් දිනය නිසා studio එකට ගියේ ඡයාරූපයක් ගන්නය. මගේ ජංගම දුරකථනයක කතා කළේ අධ්‍යක්ෂ තුමා විය. "රංගජිව කොහෙද දැන් ඉන්නේ " මම ඉන්න තැන කිව්වේ ය."දැන්ම ඉන්න තැනින් ඈත් වෙන්න" ඉක්මනට .. ළමයි ආරක්ෂිතව තබා දැන්ම ඔෆිස් එකට එන්න " ඒ අනුව උපන් දිනය අමත කරලා ඔෆිස් එකට ගියේ ය. අධ්‍යක්ෂ තුමා පුජිත් ජයසුන්දර විය. එකෙක් දණ ගහ ගෙන එතුමා ඉදිරිපිට .ඔහු ප්‍රිති ඇන්ටන්(මරණ දඩුවම් ) කතාව පැහැදිලි ය. ගුණා රුපියල් ලක්ෂ දෙකහමාරක් පොට්ට නවුෆර් ට දී ඇත්තේ මාව ඝාතනය කරන්න කොන්ත්‍රාත්තුවටය. මම වැටලීම් කරලා ගෙදර යන්න එන්නේ පිටකොටුව බස් ස්ටැන්ඩ් එකටය. දිනක් නවුෆර් ගේ ගෝලයන් දෙදනෙක් මට වෙඩි තියන්න පිටකොටුව බෝධිය පැත්තෙන් මට ලං කරන විට ,ඔහුනගේ විරුද්ධ පාතාලයේ එකෙක් මුහුණ මුහුණ සෙට් වි ඇත. කලාතුරකින් මෙහෙම චාන්ස් එකක් එන්න නිසා ත් මම හැම දාම බස් එකට එන නිසා ත් මාව අත හැරිලා කලාතුරකින් ආව ටාගට් එක අරගෙන ඔහුව මරා දමා ගොස් ඇත. ඒ ආනමාලු ඉමිතියාස් ය. පස්සේ දින කිහිපයකින් පොට්ට නවුෆර් මහාධිකරණ විනිසුරු සරත් අබේපිටිය මහත්තයා ඝාතනයට අත් අඩංගුවට පත් විය. ගුණා පොට්ට නවුෆර් ට කියන්නේ වැඩේ කරන්නේ නැත්තනම් සල්ලි දීපං යනුවෙන් ය. මේ සල්ලි ඉල්ලන ගිහින් ඇත්තේ දැන් අපි ලග ඉන්න ප්‍රිති ඇන්ටන් ය.

      *****අවසානයේ අවසානය ***
      විජේ රංජන් අත් අඩංගුවට ගැනිම ගුණා ට වවන්නේ නැතුව ගිහින්ය.විජේ රංජන් ගේ ගැණි කුඩු සමග රිමාන්ඩ් විය. ඇය රිමාන්ඩ් වුනාට පසුව විජේ රංජන් ඇප අරන් එළියට ආවේය . දිනක් විජේ ආදරණිය බිරිඳ බැලිමට තවත් ගෝලයන් දෙදනෙක් එක්ක කාර් රථයෙන් රිමාන්ඩ් එකට ගොස් පැමිණි මේදි කාර් එකත් එක්ක අතුරුදන් විය. දිනකට පසු පූගොඩින් දැවී ගිය කාර රථයේ වෙඩි වැදිලා මැරුණු විජේ රංජන් ගේ හා ගෝලයන් ගේ සිරුරු හමුවීය . තවත් ටික දිනක් ගිය පසු කිබුලා ඇල ගුණා ගේ සහෝදරයෙක් වන සින්නයියා දිනේෂ් හා තව ගෝලයක් අතුරුදන් විය. වෙඩි වැදිලා මැරුණු තුවාල සහිතව මාදම්පේ පැත්තේ දමා තිබුණි.
      ගුණා ගේ සතුරු පාර්ශවයන් ගේ වැඩ තමා මේවා .
      ශරීරයට හොද නැති බව තේරුම් අරන් කිබුලා ඇලේ අධිරාජ්‍ය අතහැර දමා මුලු පවුල් පිටින් ඉංදියාවට පැන ගන්නා ලදී . එතකින් තිබු කිබුලා ඇල ගුණා ගේ චැප්ටර් එක ක්ලෝස්,විය. දැන් ඉංදියන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කාගේ ත් වුවමනාවට නොවේ කොට ගාමිණි ගෙන් ,නවාස් අරගෙන ,නවාස් ගෙන් හෙරොයින් කිලෝ 100 අරගෙන පස්සේ ඒ බඩු වල අයිති කාරයා කිබුලා ඇලේ ගුණාව ත් නවාස් පාවා දිලා . එහෙම තමා වුණේ. කියන්නේ මෙහෙම යි.

      ******නාකොටික් රංගජිව ****

      Delete
  8. ඕයි මාතලන් පහුගිය කාලේ මම දවසක් වටෙන් ගැසීමක අරමුණෙන් ආතල් එකට post එකක් දැම්මා "හේනෙ පඹයෙක් හිටවලා ඌරන්ට බැනලා වැඩක් නෑ" ඒක කීවේ "තිසාහාමි" කියලා. යකෝ මාතලන් ඒක එක දවසට 6k ඒක ෂෙයා කලා. තිසාහාමි ගේ රූපෙ දාලා, පොරටෝක් caption දදා ඒක එක එක පිටු හරහා publish කලා. අන්තිමට ටිල්වින් සිල්වා ගෙඩි පිටින් මීටිමක ඒක අතඅරිනවා දැක්කා. ඔන්න ඕකයි තත්වය. ඉතින් ඔහොම රටක මෙහෙම නොවී තියේද බන්?

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකේ ලින්ක් එකක් දැම්මා නම් තමා වටින්නේ...

      Delete
  9. මාතලන් රාජපස කල්ලියේ කෙරුවාව මේකෙන් බලාගන්න පුලුවන්


    https://www.facebook.com/watch/?v=2935497093373604

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ඔළුව වැදුන දවසේ ඉඳන් මූට පිස්සු කියලා හැමෝම දන්නවා....

      Delete
  10. වැව් කණ්ඩිය කැඩිලා ගම යට වෙන්න ඔන්න මෙන්න, ගමරාල යනවා පිල්ලෑවෙ ගෙදර සිරියාවතිගේ මෝල් ගහ කැඩුනෙ කොහොමද, පන්සල ළඟ ගුණපාලගේ උදළු මිටට වුනේ මොනවද කියලා හොයලා ඒවට පිළියම් යොදන්න..

    කාටද බන් මේවා කියන්නෙ දැන්...?

    ReplyDelete
    Replies
    1. සිරියාවතිගේ මෝල් ගහ සිරියාවතිට ලොකුයි....

      Delete
  11. අයිසේ මාතලන් මේ ආණ්ඩුවටත් කෙළවෙන්නේ 1977 - 94 ජේ ආර් ජේ ගේ එජාපය සහ 2010 - 15 මහින්ද ගේ රාජාණ්ඩුවට උනා වගේ ඉන්දියන් රජය තරහ කරගෙන තියෙන එක නිසා.

    ලංකාවට වැඩියෙන්ම භාණ්ඩ ආනයනය කරන රට ඉන්දියාව, උන් ඩොලර් බිලියන 4.5 - 5 ක් විතර භාණ්ඩ ලංකාවට එවනවා. කාර් වලට ඩොලර් මිලියන 300, මෝටර් බයිසිකල් ඩොලර් මිලියන 200 ක් විතර, නමුත් මේ ආනයන තහනම නිසා වගේම කොළඹ නැගෙනහිර ටර්මිනල් එක නොදීම නිසා ඔවුන් ඉන්නේ දැඩි වෛරයකින්. ලංකාවේ දෙවන විශාලම අපනයන ඩොලර් මිලියන අටසීයක් විතර ගන්නේ ඉන්දියන් කාරයෝ. ලංකාවේ ගම්මමිරිස් ඇතුළු කුළු බඩු ගොඩක් දේවල් ඉතාමත් අඩු මිලට අරන් විශාල ලාභයක් තියාන ලෝකප්‍රකට ඉන්දියන් බ්‍රැන්ඩ් වලින් අස්ප ගණන් වලට මාකට් කරලා ලාභ ලබනවා. සේවා අංශය උනත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ පිරිස් උනත් සෑහෙන දුරට ලංකාවට දෙන්නේ උන්ගේ සමාගම් යටතේ අපට උප කොන්ත්‍රාත්. නමුත් උන් දැන් අපි ඉන්න තත්ත්වය භයානකයි වගේ නේද?

    ඔය සේරම දේවල් අතරේ උතුරේ නැවතත් යුද්ධයක් ඇතිවීමේ ඉහළ අවදානමක් ඇතැයි යාපනය සිවිල් සංවිධාන කේන්දරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් සඳහන් කරල තියෙන්නෙ එම අවදානම පසුපස සිටින්නේ ඉන්දියානු රෝ ඔත්තු සේවය සහ දෙමළ ජාතික සන්ධානය බව ද පවසමින්.

    ඒ වගේම යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේද රෝ ඔත්තුකරුවන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු කියා සිටී.

    උතුරේ දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර වල බලවතුන් වන විග්නේශ්වරන් සහ පොන්නම්බලම්ට උදව් ආධාර කරන්නේ ද ඉන්දීය රෝ සංවිධානය බවද ඔහු පවසයි. නමුත් උතුරේ දෙමළ ජනතාව නැවත යුද්ධයක් බලාපොරොත්තු නැති නමුත් ඔවුන් මෙම සිදුවීම් නිසා බයෙන් ජීවත් වන බව ද ඔහු කියා සිටියේය. (අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.) පක්ෂ, විපක්ෂ සියලු දෙනා ට අවබෝධ වියයුතුයි ජාතියක් වශයෙන් රට සමගිව සිටින තාක් හැමෝටම දේශපාලනේ කරන්න පුළුවන් බවත් නැති වුනොත් ඇමෙරිකාව, ඉන්දියාව , යුරෝපය කැස කවන බෙදීම හරහා රට නැවත වියවුලකට යන බව.

    ආත්මාර්ථය පමණක් මුල්කරගෙන රට ගැන කැක්කුම නැතිව යන ගමන නිසා සහ සෑහෙන මුදල් ප්‍රමාණයක් යෙදවීම හරහා ඔබත් නොදනිම රෝ, CIA ගොදුරක් විය හැකි බව පේනවා නේද මචන්?

    https://youtu.be/A6UuOCsDSqw

    ReplyDelete
  12. අයියෝ මාතලන්, අපි හැමෝටම වැරදුනා 2019 ඡන්දෙ දි. අපරාදේ

    මෙන්න මේ වීඩියෝ එකේ පැහැදිලි කරල තියෙන්නෙ හිටපු ජනපති ආර් ප්‍රේමදාස මහතා ඒ කාලේ කොච්චර දක්ෂ බුද්ධිමත් සහ කාර්යක්ෂම අයුරින් රට පාලනය කළාද කියලා.


    https://www.facebook.com/112035193550571/videos/435496607783718/

    අද සජිත් ප්‍රේමදාස මහතාත් ඒ හා සමානවම ශ්‍රේෂ්ඨ ආකාරයකට රට පාලනය කරන්න දන්න දක්ෂ බුද්ධිමත් කෙනෙක්. මේක බලලා ඔබේ අදහස් අපට කියන්න. අනිවාර්යයෙන්ම ඔබේ අදහස් වෙනස් කරන්න පුළුවන් මේ පුංචි වීඩියෝ එකේ කරුණු කාරණා වලින්...

    ReplyDelete
    Replies
    1. ප්‍රේමදාස මහත්තයගේ ගූ බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ පුතානෝ

      Delete
  13. මාතා මේ ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවට වඩා නම් පසුගාමී වෙන්න බැහැ කිරි පුතේ... රට අවුල් කරන ව්‍යවස්ථා මර උගුල්, චාරයක් නැතුව කුණුහරුප දොඩවන පිස්සු කැබිනට් මණ්ඩල, එකෙකුට එකෙක් නැති විලම්භීත මන්ද මානසික ඇමතිවරු, නිලධාරීන් පොළොස් පතියා, ආ. ලේකම් ලා වගේ බහුබූත විගඩම් වත් නැහැනෙ අඩුම තරමින්. අනික බොහෝ රාජ්‍ය තාන්ත්‍රික තීරණ කලින්ට සාපේක්ෂ වශයෙන්ට සෑහෙන දුරට දැන් ජනතාවට විවෘතයි. පුරවැසියන් ඒවාට සෘජුව බලපෑම් කරනවා. නමුත් එහෙමයි කියලා සෑහීමකට පත් වෙන්න බැහැ කොහෙත්ම. හැබැයි 2015 ඉඳන් කරපු විගඩමට වඩා නම් ඉතාම ප්‍රගතිශීලියි.

    ඒ වගේම මාතා මේ ආණ්ඩුව ගෙනා 20 ප්‍රජාතාන්ත්‍රික නැහැ. නමුත් 2015 වේ ගෙනා 19 ට වඩා ප්‍රජාතාන්ත්‍රික නොවෙන්නේ නම් නැහැ. 19 න් ජනරජවැසියගෙ ඡන්ද අයිතියක් හිර කළා. 20 න් ඒක නැවත ලබා දුන්නා. ඒක අන් සියල්ලටම වඩා ප්‍රගතිශීලීයි. ඒ වගේම කිසිම මහජන බලයක් තබා පුරවැසි භාවය වත් නැති ලොවෙත් නැති ලෝක හොරු ටිකක් දාලා හදපු ස්වාධීන කොමිෂන් සභා කියන වඳුරු කුණුහබ්බ ආයතන වගේ විගඩම් දැන් නෑ නේද මචන්. හැබැයි දිගටම රජයට අභියෝග කරමින් රට වෙනුවෙන් අපි අරගල කරමු පුරවැසියන් ගේ යහපත උදෙසා

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... කඩේ යන ගමන් ඒ වැඩෙත් කරනවා...

      Delete
  14. හා දැන් ඉතින් ඔය 69 ලක්සෙම ඥාණක්ක මෑණියෝ දිහාවට හැරිලා වැඳ ගන්නවල.
    ආ මාතලන් මොකද බලන් ඉන්නේ තමුසෙ ඉස්පැශල් කියල හිතුවද? වැඳ ගන්නව අයිෂේ ලොකු එක නොදී

    ReplyDelete
  15. නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ මේ වනවිට යටකර පස් දමා ඇති කසළ එතැනින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙනව නේද මාතලන්?

    පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ඔතන නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිදලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මාධ්‍ය වලට ප්‍රකාශ කළා.

    මේ වෙන කොට පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ රුපියල් බිලියනයකටත් වඩා වැඩි විශාල මුදලක් ඊට වැයකොට ඇතත් බිලියනයක් තියා මිලියන පණහක් වත් වැය වෙන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර අධ්‍යක්ෂ ජෙනරාල් වරයා රුපියල් බිලියනයක් වැනි අතිශයින්ම විශාල මුදලක් වැය කරන විට එහි තිබු කුණු කන්ද සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීවා. ඒ නිලධාරීන් කියන කතාව ඇත්ත ද මාතලන්?

    කියන විදියට පහුගිය 2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව දිරාගිය බාල වගුරු බිම් වලින් ගෙනා නොවටිනා මඩපසින් ලාවට යම්තමින් පුරවා ඊට උඩින් බඩවැටියකින් හොරෙන් කපාගත් පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් හෙතෙම කියා සිටියේය.

    වියදමට කිසිසේත්ම තබා ඉන් 5% ක් වත් වටිනා සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද මාධ්‍ය ආයතන වලට කියා සිටියා. මේක ගැන ඔබේ අදහස් මොනවා ද? මේක සත්‍ය චෝදනාවක් ද?

    ReplyDelete
  16. JVP USA
    J’aime cette Page · 5 mai 2018 ·

    https://www.facebook.com/officialjvpusa/videos/vb.1394488410850437/1557336157898994/?type=2&theater

    විජය කුමාරතුංග ඝාතනය කළේ කව්රුන්ද?

    ජනප්‍රිය නළු විජය කුමාරතුංග සහ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් මහතා ඝාතනය කළේ කව්රුන්ද?

    මේ සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් මහතා එක්සත් ජාතික පක්‍'ෂ ආර්.ප්‍රේ'මදාස තිරිසන් රජය විසින් කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවට කලකිරවා අප්‍රසන්න කරවීමට බව ඒ කාලයේ සිටම බුද්ධිමත් දැනුම් තේරුම් ඇති කවුරුත්ම පාහේ දන්නෙමු.

    ජනතා විමුක්ති පෙරමුණ එසේ කළා නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔවුන් සමඟ එක්ව ආණ්ඩු කරයි ද? ප්‍රේමකීර්තිද අල්විස් මහතා ඝාතනය කළේ කවුරුන් ද යන්න අද ඔහුගේ ආදරණීය දෙවන බිරිඳ විසින්ම ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ මෑතකදී හෙළිකල අයුරු මතක නම් ඒ සැබෑ වංචනික රාජ පක්ෂ කල්ලියේ මෝඩ බයිසන් ගවයන් හා ඇතැම් එ.ජා.ප දේශපාලකයන් වහා ඉවත දැමිය යුතුය. සත්‍යය කිසිදා වසන් කළ නොහැක. සත්‍යය කවදා හෝ ජය ගනු ඇත.

    විජය කුමාරතුංග සහ ප්‍රේමකීර්ති අල්විස් පමණක් නොව තවත් ඒ කාලයේ මියගිය බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණ ගිණුමට දමා ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍'ෂ ආර්.ප්‍රේ'මදාස තිරිසන් රජය විසින්ම එවක විපක්ෂයේ සිටි රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් සමග බව දැන් සියයට සියයක්ම ඔප්පු වී හමාරය.

    එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමතිවරු ද ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍ෂ ආර්.ප්‍රේමදාස විසින් බව පැහැදිලිය. මේ සෑම අපරාධයක් පිළිබඳ සත්‍යය තොරතුරු ඒ කාලේ පටන් දේශපාලන බලයේ ඉන්නා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනපතී නන්දසේන රාජපක්ෂත් හොඳටම දන්නවා, ඔවුනුත් මේවට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මාතලේ සමූහ මිනී වළවල් තුළ නිදන අහිංසක මිනිස්සු පිළිබඳ එවකට මාතලේ කලාපය භාරව කටයුතු කළ හමුදා නිලධාරී වත්මන් ජනපති නන්දසේන වගකිවයුතු වේ. ඒ වගේම එවකට එජාපයේ කණ්ඩායම් සමග එකතු වී මිනී මැරුම් සිදුකරන ලද රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් මේ සියල්ලටම වග කියන්න ඕන. කීර්ති අබේවික්‍රම ඇතුළු පිරිස ඝාතනය කලේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කල එජාපයේ සහ රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් වල කුමන්ත්‍රණ අනුව.

    දැන්වත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇති බොරු බිය තුරන් කර ගන්න. මන්ද අපත් දේශපාලන පක්ෂ භේදයන් ගෙන් තොරව සැමදාමත් මහජනතාව සමඟ ඉන්නා බැවින් කිසිවකු බිය විය යුතු නැත. මහජනයා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කව් ගී ලියැවුණා මදි.

    Ahfesl-France, Editor Board PARIS - 31.01.2019

    For more information about us :

    http://ahfesl.free.fr

    ReplyDelete
  17. මාතේ මේ ආණ්ඩුවට රජයේ වියදම් අඩු කර ගැනීම පිණිස කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා යෝජනා ගැන කතා කරන්න අදහසක් තියෙනවා ද? මොකද මම දැකපු දෙයක් තමයි ලංකාවේ 1948 සිට රජය විසින් ගොඩනැගිලි සැදුවත් system එක කාර්යක්ෂම "Efficient " සහ පලදායි "Effective" කරන්න කිසිදු කෙනෙකුට උවමනාවක් නැහැ කියලා.

    උදාහරණයක් ලෙස ලංකාවේ foreign ටුවරිස්ට් ලා විසින් දුම්රිය ස්ථාන සහ කෝච්චියේ වීඩියෝ යුටියුබ් එකේ දමා තිබෙන විඩියෝස් වල කොමෙන්ට් බලන්න, ගොඩක් බටහිර රටවල ඉන්න විදේශීකයන් අහලා තියෙනවා "ලංකාවේ දුම්රිය සේවය බ්‍රිතාන්‍ය පාලකයන් රට දාලා ගියාට පස්සේ දියුණුවක් නැද්ද" කියලා සහ "තාමත් නූතන ලෝකයේ විදියට කිසිම අලුත් කිරීමක් නැහැනේ ලංකාවේ දුම්රියේ කියලා" වගේ කතා ගොඩයි කොමෙන්ට් අතරේ, ඔය අස්සේ ලංකාවේ එවුනුත් විලි ලැජ්ජාවක් නැති "Visit Sri Lanka" කියලා හිරිකිතයක් නැතිව reply කරනවා. මොකද අපේ දුම්රිය සේවයේ වැඩ කටයුතු අන්තිම outdated සහ කිසිම් modern technology එකක් නැහැ. ඩිසල් දැවි තෙල් කළු දුම පිඹිමින් අවලස්සන එන්ජින් සහ compartments සහිත දුම්රිය තාමත් දුවනවා, ඉන්දියාවෙන් එන අලුත් නමුත් යල් පැන ගිය තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන ගොබ්බ එන්ජින් තෙල් පුච්චනවා හොඳටම එත් ලංකාවේ මිනිස්සු දැක්කේ නැහැ වගේ යනවා.

    ලංකාවේ රජයේ අළුත් බිල්ඩින් පිටින් ඉතාමත් නවීන පන්නයේ අමුද්‍රව්‍ය ලිෆ්ට් සහ ෆර්නිචර් සහිත වුවත් වැඩ කරන්න අලුත්ම ඇපල් පරිගණක සැම්සුන් ඩිස්ප්ලේ ආදිය ලබා දී ඇතත් වැඩ කටයුතු සඳහා ඇතුලත ඇත්තේ පැරණි අකාරයක්ෂම සහ තවමත් යම්තාක් දුරකට දූෂිත ක්‍රියාවලියකුයි. එහෙත් ප්‍රයිවෙට් ආයතන තුල එසේ නැත, පැරණි බිල්ඩින් උනත් කාලෙට අනුව වෙනස් වෙමින් ඉතා කාර්යක්ෂමව වැඩේ කරගෙන යයි. එම බිල්ඩින් පවා හොදින් නඩත්තු කර ගෙන යයි . රජයේ ආයතන හැදෙන්න ඕනේ නම් ලංකාවේ පෞද්ගලික අංශය දිහා බලා ගෙන හැදෙන්න ඕනේ. මට තියෙන ගැටලුව ඕවා හදන්න දේශපාලකයකු පැමිණිය යුතුමද... යන්නයි. මෙය කළමනාකරුවන්ගේ කාර්යක් නේද?. ලංකාවේ සියලු දේ දේශපාලකයන් පිට දමා අත පිහ දා ගැනීමේ සම්ප්‍රදායකුත් ඇත.

    ඒ නිසා මිනිසුන් හදා රට හදමු කියලා සමහර කට්ටිය යෝජනා ඉදිරිපත් කරනවා ඔවුන්ගේ දේශපාලන අදහස තමයි කොතරම් අධිවේගී මාර්ග, අධිවේගී අන්තරජාල, වරාය, ගුවන්තොටුපොළවල් හැදුවත් වැඩක් නැත රටේ ඉන්නේ අමන, තකතීරු, මජර මිනිසුන් නම් කියලා කියන්නේ.

    අනික් අතට ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක කොහොමත් දේශපාලකයො මේ තරම් බලවත් වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මහත්මයා, දැන් බලන්ට ගෙම්බා මාක් ඇන්ටික් වලට තියෙන ඉල්ලුම. එව්වා කොච්චර වටිනවද.
      අන්න එහෙම තමයි දුම්රිය සේවයත්. පිට රටවල ඉඳල එන්නේ ඒ ඇන්ටික් දුම්රිය වල ගමන් කරන්ට. ඒ එක්ස්පීරියන්ස් එක ගන්ට ලංකාව වගේ තව හොඳ තැනක් නැති නිසා තමා ඒ උදවිය ඩොලර් පවුම් වියදම් කරන් මෙහෙ එන්නේ..
      ඔය ගොඩනැගිලි බලන්ටත් තව ටික කාලයක් යනකොට විදේශික ටුවරිස්ට්ල පෝලිමේ එන දවසක් තියේවි.
      මහත්මයා ටිකක් ඉවසල ඉන්ට. තව ටික කලක් යනකොට මුළු රටම ඇන්ටික් වෙනවා, ඔබ තුමත් එක්කම.

      Delete
    2. @ 7.52 අඩෝ ලිං තොට (අංකල්) මුත්තේ,

      හරක වුණාට කමක් නෑ ඔච්චර ගොං විදියට තප්පු ලන්න එපා. ඇන්ටික් වෙනයි සාමාන්‍ය කෝච්චි වෙනයි. ඔය කියන ගල් අගුරු දුම්රිය තියෙන්නේ කෙටි දුරක් පරණ විදියට යන ස්පෙෂල් එකක් විදියට උඩරට දුම්රිය මාර්ගයේ විශේෂ අවස්ථාවක. සාමාන්‍ය දුම් රිය තියෙන්නේ උන්ට රට පුරා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු එක්ක සංචාරය කරන දේවල් වලට. දැනටමත් ලංකාවේ පරණ නටබුන් වගේම කොලෝනියල් ගොඩනැගිලි සහ Dutch hospital restaurant, independence arcade, Addison bungalow වගේ දේවල් උන් බලන බව දැන ගනින් බන් ගොන් පාට් දාන්න කලින්, උඹ අර සුක්රා මුනව්වර් හිච්චි කෙල්ල දන්න දේවල් වලින් 1% ක් වත් දන්නේ නැහැ නේ බන් හෙන ගොං. ඇන්ටික් වෙලා තියෙන්නේ උඹයි බොලාගේ විකුණ්සිං පිංපි ගොන්හාමුවයි නේ බන්, ඒ වගේම කේම්බ්‍රිජ් ටැරස් එකත් පොරගේ අතිජාත මිතුරු මැදමුලනේ මුත්තාගේ වලව්වත් දැනටමත් ඇන්ටික් වෙලා තෝත් දැන් වලපයයි ගොඩ පයයි නාකි හම්පඩ හිවල් ගොබිලෙක් වෙලා තියෙන්නේ නේද බන්. නහින දෙහින කාලේ පරිස්සමින් හිටපිය ගොන් ඇට රිළව.

      Delete
    3. අඩෝ ලිං තොටගෙ (බෑණ ) මුණුබුරේ,

      උඹත් දන්න දේවල්!
      ඊයෙ රෑ බේත් පංගුව බීවේ නැතෙයි (බෑණ ) මුණුබුරේ.
      අර දනපාල බාස්ට කියල හොඳවයින් තොයිලයක්වත් නටවගනින් කොල්ලෝ.

      Delete
    4. හහ් හහ් හා ලිං තොට මුත්තා මද කිපිල නේද බන් පට්ට ආතල් ඕයි. රන්න පොනිල් පිංපියාට කියලා ගලක් කප්පවා ගනින් මුත්තේ ඔය වයසට පණ මදිද මන්දා... ලොලේ ලොල්

      Delete
  18. අඩෝ මාතා මොනා උනත් නාථ දෙයියංගෙ ඇබිත්තයාට වැඩ බලන්ට දීපු දවසෙම හනිකට දනි පනි ගාලා පවිත්‍රා දේවී ඩිස්චාජ් උන එක නම් ලොකු දෙයක්..

    මිථ්‍යාව ප්‍රසන්ට් කරපු එක (මුට්ටි/ පැණි) වගේ දේවල් හින්දා පවිත්‍රා ගැන විවේචන තියෙන්ට පුලුවනි.. ඒත් වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් ඇති නාථ දෙයියට වඩා නම් කිස් දේවි තව හොඳා.. දාහෙන් සම්පතක්.

    පවිත්‍රා තව ටිකක් ඇඳේ හිටියා නම් එහෙම අර උන්දෑ වැඩ බලන්ට කියලා ඇවිත් ගම කාලා තියෙයි.. පැණි ෆැක්ටරියක් හදන්ටත් නිර්දේශ කරයි කියලා මන් නම් අවංකෙන්ම බයේ හිටියේ

    මිථ්‍යාදෘශ්ටිකත්වයෙහි කෙල පැමිණි ඔස්තාර් කෙනෙක් රටේ සෞඛ්‍ය වගෙ බරපතල එහෙක මේ අව් අස්සෙ වැඩ බලන්න ආවා කියන්නෙ හීනෙන්වත් බලාපොරොත්තු වෙන්ට භය හිතෙන භයානක තත්වයක් නෙවෙයි ද බන්?

    පවිත්‍රා ඉක්මන්ට හොඳ වෙලා ආයි ගිහින් තමුන්ගෙ වැඩේ භාරගත්තා නම් අපිටත් දෙයියනෙ කියලා අපේ වැඩක් බලාගන්ට තිබ්බා නේ. මොකෝ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අඩෝ වඳ සාපි පැණි චන්න.
      ඕකා තමා සජියට කලින් කොරෝන උණට hydroxychloroquine (ප්ලැකනිල් ) දෙන්න කිව්වේ. ඇමරිකාවේ Fox News එකේ දැම්ම විතරයි මූ ලොක්ක වගේ ලංකාවේ කිව්වා. පස්සේ සජිය ප්ලැකනිල් කිව්වා ගමන් මූ පැනල කිව්වා මම තමා ඒක මුලින්ම කිව්වේ.

      Delete
  19. බලය අවාම හැමදේම අමතකයි ඔක්කොම කටිිටියම හැමදාම. දැන් ඔය ආණ්ඩුවේ උඩදාගෙන කියවන සෙටිිඑක ඔක්කොම හීන් නුලෙන් සේරම විනාශ කරලා 2025 අනෙක් පැත්තට මාරැ වෙනවා, ඔය සබ්‍රි කියන ගෝතයා උනත් එහෙමයි උඩ දාගෙන හිටියට. එහෙම උනේ නැත්නමිි මේක ලංකාව නෙමෙිි. මොකෝ නැතෙයි බන්?

    ReplyDelete
  20. මාතා මොකෝ කියන්නේ ලංකාවේ භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් පිහිටුවා ලංකාවේ මැතිවරණ වලට තරඟ කිරීමේ සැලසුම් ගැන? මෝදි ගොයියා කියන දේවල් නොකරයි කියලා කියන්නත් අමාරුයි නේද? මේක ගැන හිතන්නේ මොකද?

    https://www.facebook.com/watch/?v=327362122027692

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න