.

.

Feb 17, 2021

විමල්ගේ මොළේ හා අපි වැටුන වලේ

 


විමල්ගේ මොළේ...

------------------

ඊයේ ඇස්ට්‍රා සෙනිකා ගහගත්තේ රතන හිමි කන පතේ රෙණ අයගේ රැස්සීමෙන් පස්සේ එලියට වැඩලා කිව්වේ ඊළඟ සජ්ජුරුවෝ මැට්ටෙන් හදන එක කරන්නේ උන්නාන්සෙලාලූ..

ඒ කියන්නේ මේ සජ්ජුරුවෝ වැඩක් නෑතෙයිය කියන එක නේ... 

මම හිතන්නේ ඔය මහත්තුරු ඔක්කෝම සජසැප හැරදා හෙට අනිද්දම එලියට යයි..

ඇයි දෙය්යනේ සජෙක් හදනවා කියන්නේ ලේසී පාසු වැඩක්ය..

මිහිඳු සජ්ජුරුවෝ හදන්නත් 1972 ඉඳලා 2005 වෙනකන් අවුරුදු 33 ක්ම ගිහින් තියෙනවා නේ...

මහින්ද ප්‍රධාන දායකයා වෙච්චි අභයාරාමේ නේස් මහා ඉස්තිවරත් මේ ගැන අනාවැකියක් කිව්වා.. තාම ප්‍රකාෂයක් හා ආශීර්වාදය ආවේ නැත්තේ ඇල්ලට වට පාර්ෂවයේ ගුණවන්ස මහා ඉස්තීවරගෙන් ඉතරයි..

ඒකත් ආවම වැඩෙ තීන්දුටි තීරණයි...

මල්වත්තෙනුයි අස්ගිරියෙනුයි සී සී ඇපෘවල් එක ගන්න ඉතරයි තියෙන්නේ...

ඒ උන්නාන්සෙලා දෙන්නා ඉතින් ඕන එකකට ඇපෲවල් දෙනවා නේ අප්පා...

මේ සියල්ලෙම මහා මොළකරු වන විමල්ගේ බල මාළු කාපු මොළේ දළඳා වහන්සේටත් වඩා ආරස්ස කොරන ඒ ආරක්ෂක අංශයේ ආරක්ෂක උතමයොත් සියළු දෙවි දේවතාවුන් ආරස්සා කොරන්න ඕන...

අඩු ගානේ කාරෙකේ දොරේ ගැට්ටෙවත් වදින්න දෙන්නේ නෑ ආයිබන්ඩ..

ඇයි යකෝ දැන් ඉන්න සජ්ජුරො සෙට්ටෙකත් අල්ලෙ නටවන මොළයක් නේ ආයිබන්ඩ...

අපිටත් රජෙක් ලැබෙන්න යන්නේ සුදු නෝනේ..


අනේ හුකේ නන්නානේ...

උඹයි මායි හඳපානේ....

**************************************************************************




මදැයි පුක ඉරගෙන..

මඩ නාගෙන..

😥😥😥😥😥😥😥😥


ජනාධිපති කෙනෙක් ගෙනාවා...

අගමැති කෙනෙක් ගෙනාවා...

ආන්ඩුවක් ගෙනාවා..

කැබිනට් හදන බාස් කෙනෙක් ගෙනාවා..

කැබිනට් එකක් ගෙනාවා..

ඇමතිවරු ගෙනාවා...

මන්තිවරු 148 ක් ගෙනාවා...

අග්‍රාන්ඩුකාරවරු ගෙනාවා..

2/3 කුත් දුන්නා..

20 ත් ගෙනාවා...


හැබයි වෙන එකෙක්..

එකම එකෙක්...


උන් ඔක්කොම බ්ලැක් මේල් කරන්...

බල්ලා මාක් දාලා...


සැට්ටෙකම අරූට බයේ ...

කසාය බීපූ ගොළුවෝ වගේ ඉන්නවා...


අයියෝ සාන්ත අපේ සල්ලි...

තනි ඇහැට ඇඬෙන්නෝ ඕයි...


ඩෝප් වෙන්නෙත් නෑ...

ඇනිවේ ගුඩ් නයිට් ඈ...


😥😥😥😥😥😥😥😥😥


25 comments:

  1. මෙහෙමයි වැඩේ මාතලන්, දැන් බලන්න ඔය ගම් වල ඉන්න කසිප්පු කරිඥං බොන (දැන් නම් කුඩු ගහන) අපතයෝ, හාල් පාරුවෝ කියලා වෙන් කරාපුම කට්ටියක් ඉන්නවානෙ. ඔය වගේම ගමේ ඉන්න ආරච්චි මහත්තුරු, ඉස්කෝලෙ මහත්තුරු වගේ ප්‍රභූන් කියන කට්ටියත් ඉන්නවනෙ. අපේ පොදු පිළිගැනීමේ හැටියට ඔය අපතයෝ නරකම නරකයි. හැබැයි ඔය ප්‍රභූන් අන්තිම හොඳයි. සමාජයේ ඉහලම පිළිගැනීම තියෙන්නෙත් ප්‍රභූ පෙලැන්තියටනෙ.

    ඒත් ගමේ මල ගෙයක් උනොත්, ගොක් අත්තක් කපාගන්න, ඒකෙන් ආරුක්කුවක් නවන්න, මිනී වල කපාගන්න, වලට මිනිය තැන්පත් කරන්න වල ඇතුලට බස්සන්න ඕනෑ වෙන්නෙත් අර අපතයෝම තමයි.

    එතකොට අර ප්‍රභූ කට්ටිය ?

    එයාලා අත් බැඳගෙන උපදෙස් දිදී පුටුවල ලැගගෙන ඉඳියි.

    ඒත් අවමංගල්‍යය උත්සවේදී කරන ස්තූති කතාවලදී අර අපතයෝ කියන කොටසට ස්තූතියක් කරනවා තියා උන්ව මතක් කරන්නෙවත් නෑ. ප්‍රභූන්ව නම් ඉහලින්ම වර්ණනා කරනවා. එයාලා ගමකට රටකට නැතුවම බැරි මිනිස්සු.

    තව විදිහකට කියනවානම් දැන් බලන්න අපේ රටේ බහුතරයකගේ හිත් වල ගහකොල ගැන පැලපදියම් වෙච්ච ආකාරයත් ඔයිට දෙවෙනි නෑ.

    හරියට මඟුල් කරඳ හොඳයි. නමත් මඟුල් නේ. ඒවයේ හෙවන තියෙනවා... මී මැස්සො පැණි බොනවා... මල් පිපුනහම ලස්සනයි. ඉතින් එව්වා සෝයි.

    ඔය මඟුල් කරඳ කියලා නම හැදුන හැටි ගැන පැරැන්නෝ කතාවක් කියනවා.

    ඉස්සරකාලේ හිටියා බූරුවන්ගෙ පිටේ අඩුමකුඩුම බැඳගෙන ගමින් ගමට යන අහිකුණ්ඨිකයන් කියලා ජන කොට්ටාශයක්. එයාලා පොඩිත්තන් ඉඩක තමයි තල්කොල වලින් වහපු පැල්කොටවල් අටවන් ලැගුම් ගත්තේ. දවස් පහ හයක් යනකොට මෙයාලා එතැනින් යනවා වෙන පැත්තකට. මොකද කිව්වොත් මෙයාලගේ කිසිම පිරිසිදු කමක් නැති හන්දා ඒ තැන් වල පණුවො බෝ වෙනවලු. කතාවට කියනවා හත්වැනි දවසෙදි අහිකුණ්ඨිකයන් උයන බත් මුට්ටියටත් පණුවො ගහනවා කියලා.

    ඔය ජන කොට්ඨාශයේ ඉලන්දාරි ලමිස්සියෝ විවාහ වුණාම එයාලා ටික කාලෙකට රැහෙන් වෙන්වෙලා ගිහින් වෙනම පැලක් හදාන ජීවත් වෙනවලු. ආං එහෙම පැල හදාගන්න තෝරාගන්නේ මඟුල් කරඳ ගහක් යටලු. ඒ මඟුල් කරඳ ගහේ තියෙන විශේෂ ගුණයක් හන්දා පණුවන් විකර්ශණය වෙන හන්දලු.

    එතකොට මෑතකදි මහා කතාවක් ගිය පණු කරඳ කියන ගස් ජාතිය තියෙන්නේ. අර දේවානිගෙ ගහ... හාමුදුරුවරු සිවුරු අන්දපු ගහ...

    අන්න එව්වා නම් නරකයි. ඒවයෙ කොල පණුවෝ කනවා. ඒවයෙ මල රෝස පාට නැහැ. ඒක හන්දා මුලු ලෝකෙන්ම වඳවෙලා ගියත් කමක් නෑ.

    ඒ වුණාට ඒ ගස් වලිනුත් ප්‍රයෝජනයක් තියෙනවා. ලොකුම ප්‍රයෝජනේ ගන්නේ ඔය පණු කරඳ ගස්වල කොල කාලා හැදෙන පණුවන්. උනුත් හැමදාම පණුවො වෙලා ඉන්නෙ නැහැ. උනුත් ලස්සන සමනලයෙක් වෙලා පරාගනයට උදව් වෙලා මේ ලෝකේ පැවැත්මට උපකාරයක් කරනවා. මොකද අපිට පුළුවනෑ මලින් මලට ඉගිල්ලිලා පරාගණය කරන්න.

    ඕන්න ඔය සරල දේ ගැන තේරුම් නොගන්න කට්ටිය කියන්නෙම මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ගන්න බැරි ඔක්කොම ගස් කපලම දාන්න කියලා.

    ඔක්සිජන් හැදෙන්නවත්, කාබන් විමෝචනය කරන්නවත් විතරක්ම නෙවෙයි මේ ලෝකෙට ගස් වැල් ඕනෑ. ඒ ගස්වැල් වලින් ඍජුවම යැපෙන්නන්ටයි ඒවා ඕනෑ.

    මේ ලෝකේ පවත්වාගෙන යන්න මැවිලා තියෙන ක්‍රමවේද හරි පුදුමයි. අපි මිරිස් පැලයක් මල් පැලයක් හිටෙව්වොත් ඒක ගොලුබෙල්ලො කනවා කියලා ගිරිය පුප්පලා උන්ව මැරෙන්න ලුණුවතුර වක්කරනවා. එතකොට අපි මිරිස් පැල හිටවන්නෙ නැති කාලෙට උන් කන්නෙ කඩෙන් ගෙනල්ලයැ. උන් කනවා ඔය පොලොවෙ හැදෙන වල් පැල ජාති. එව්වා දෙපෙත්තෙන් එලියට පනින කාලෙම උන්වත් කාලා දැම්මෙ නැත්නම් මේ ලෝකෙ එකම වල් පැල යායක් වෙයි. මොකෝ එව්වා අපි කන්නෙයි? මඟුල් කරඳ මල් වල තියෙන ලකේ පණු කරඳ වල නැහැ.

    පහුගිය 2019 ජනාධිපතිවරණ සමයෙදි ඡන්ද රැස්වීම් වලදි නිපදවෙන කාබන් විමෝචනය කරලා ඔක්සිජන් නිපදවන්න කියලා මුත්තයියා මුරලිදරන් මහත්තයා ෆාම් වර්ගයේ ගහක් හිටෝන හැටි මතක ද?. අපිට නොතේරුණාට ඒවයෙනුත් මොනවාහරි ප්‍රයෝජනයක් ඇති. (හිතට ආව හන්දා කිව්වට මං පරිසර විද්‍යාඥයෙක් එහෙම නෙවෙයි. නිකන්ම නිකන් ගොයිරාල කෙනෙක් විතරයි හොඳේ.)

    ඕක තමයි ඉතින් සැබෑ යථාර්තය තෙරුම් ගන්න තමයි මේ හදන්නේ නැණ පමණින්...

    ReplyDelete
    Replies
    1. පඬු කරඳ , ඕයි පඬු කරඳ.

      Delete
    2. මරු ලිවිල්ල ගොයියෝ.... මේක මම බුකියේ දානවා...

      Delete
    3. අඩෝ ඔහොම ම දාන්න එපා බන් ළමාතං ඕක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා මාතලං ඉට්ටැයිල් එකට වෙනත් උදාහරණ එක්ක ප්‍රතිනිර්මාණය කරපන් බන්, ඒක තමයි උඹේ තියෙන හැකියාවෙන් වැඩ ගන්න විදිහ...

      අන්තිමට ලියපං ඇනෝ කමෙන්ට් එකක් ඇසුරින් කාවිය සීරෝ මනී මහාචාර්ය ළමාතං විසින් පබඳින ලදී වගේ මොකක් හරි බයිලයක්...

      Delete
  2. ඇත්තටම මාතා විමල් නැත්තම් ඉතින් තාම මහින්ද ගෙදර අඩුම තරමින් විපක්ෂ නායක තනතුර වත් ලැබේද කියන්න බෑ, ගොඩක් අයට මතක නෑ ඒ දවස්වල මිනිස්සු මූණටම කිව්වා අපිට බැසිල් එපා ගොටා ආවොත් විතරයි චන්දේ දෙන්නෙ කියලා අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. බැසිල්ට මිනිස්සු අකමැති එක වෙනම කතාවක්...

      විමල් නිසා ආවා කියනෙක් අමු කෙප්පයක්

      Delete
  3. මහින්ද සුළඟ රට වටේම හමන කොට රටෙත් හිටියෙ නැති උන්, ඇඳන් යට හිටි එවුන් දැන් එනවා show වෙන්න. බලපන් අර ලන්සලා වගේ මෛත්‍රී ගේ රෙද්ද පල්ලෙන් බේරෙන හාල් කෑලි දඟලන හැටි. ජනවාරි අට පැරදිලා 2015 පළමුවෙනි පාර්ලිමේන්තු සැසිය වෙලාවෙ ඔක්කොම එවුන් බකන්නිලාගෙන හොට ඇනිලා මෛත්‍රීගේ පස්සේ යන්න යටිකූට්ටු වැඩ කර කර ඉන්නකොට මහින්ද වෙනුවෙන් සුපිරි කතාවක් කලේ විමල් වීරවංශ. ඒ කතාව හොයාගෙන කියෙව්ව නම් කව්රුත් වැටහෙයි කාටත්. ඔය අයියලා මල්ලිලා එකෙක් හිටියෙ නැහැ එදා. එක එක පඟරනැට්ටො, අවලම්මු, නිකම්මු, එතනෝල්, කුඩු, පස්, ගස්, අයියලා බලය ස්ථාපිත උනාට පස්සෙ ඉනිමගට පයින් ගහන්න හදන්නෙ. මුන් ගෝඨාභයටත් බාධා කරනවා. ඕකුන් නිසා තමයි 2015 පැරදුනේ. මේ නරුමයො ටික ඉල්ලන්නෙ නැවත පරාජය නම් දෙකක් නැහැ මිනිස්සු දෙයි තිතට. අමතක නොකල යුතුයි 2015 පැරදුනේ රාජ්‍ය බලය, ධනය, පිරිස සමග computer මොලයකුත් තියාගෙන බව. මෙවර අපි ගෝඨාභය දිනෙව්වෙ හදවතින්ම. ඔහු පමණයි ඉදිරියටත්, වෙන එකෙක් පේන මානෙක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම කෙප්ප
      කෙප්ප

      හැබයි විමල් රාජපක්ෂලා ඉවරකලා

      Delete
  4. ළමාතං, ලංකාවේ උතුරේ යාපනය අර්ධද්වීපය ආශ්‍රිතව පිහිටි දූපත් 03 ක ආරම්භ කිරීමට නියමිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබිණි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන ඇමරිකානු ඩොලර් මිලියන 12 ක මුදල ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ලැබීමට නියමිතය. ඩෙල්ෆ්ට්, නයනතිව්, අනලතිව් යන දූපත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනටමත් ඉන්දියාවේ විරෝධය එල්ල වී තිබෙනවා. ඒ, ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීනයට ලබාදීම සම්බන්ධයෙනි. ඉන්දියාවට ආසන්නයේ පිහිටි මෙම දූපත් තුනේ ව්‍යාපෘති චීනයට ලබාදීම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බව ඉන්දීය බළධාරීන් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබේ. අදාල ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක්ද ඉල්ලුම් කර තිබූ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් එම සමාගම ප්‍රතික්ෂේප වී තිබේ.

    ඉන්දියානු රජය විකල්ප යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර අදාල ව්‍යාපෘතිය තමන්ට ලබා දෙන්නේ නම් ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 12 ක මුදල ලබාදීමටද හැකියාව තිබෙන බවයි ඉන්දීය බළධාරීන් පවසන්නේ. මෙම යෝජනාව දැනටමත් නිළ වශයෙන් මෙරට රජය වෙත ඉදිරිපත් කර තිබේ. මේ ගැන හිතන්නේ මොකද?

    ReplyDelete
  5. අයිසෙ මාතලන් තමුසෙ හොදට ලියලා තියනවා.මම හිතන් ඉන්නෙ තමුසෙට මොකක් හරි සම්මාන කෑල්ලක් දීලා දාන්න.ඉස්සරහටත් හොදට ලිව්වොත්

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ මාතලන් සම්මාන ලබපු හැටි,

      https://bit.ly/2NkjmCH

      ///නෙළුම් යාය සමස්ත ලංකා ජාතික බ්ලොග් සම්මාන උළෙල එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ගරු කතානායක කරු ජයසුරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

      ශ්‍රී ලංකා ජාතික බ්ලොග් කරුවන්ගේ සංසදය සංවිධානය කළ මේ උත්සවයේදී වසරේ හොඳම බ්ලොග්කරු ලෙස ප්‍රියන්ත හේවගේ මහතාද, වසරේ හොඳම බ්ලොග් රචනය සඳහා ප්‍රථම ස්ථානය සඳුන් දසනායක මහතාද, වසරේ හොඳම බ්ලොග් කවියා ලෙස දමිත් ගුණවර්ධන මහතා ද සම්මානයට පාත්‍ර වූහ. හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා විසින් මෙය සංවිධානය කරන ලදී///

      ගිය පාර දරුම කිත්ති ලා ඉයෝංලා එජාප පක්ෂයේ අරමුදල් සහ එජාප හිතවාදී ව්‍යාපාරිකයන් ගෙන් ගාන කපලා හරි මාතලන් වගේ දක්ෂ ලේඛකයෙකුට සම්මාන දුන්නා. මේ සැරේ ඒ වගේම සෑර් කාරයාගේ හිතවාදී ව්‍යාපාරිකයන් ගෙන් ගානක් කපාගෙන සම්මාන උළෙලක් තියන්න එකෙක් නැති හැටි. අර දත් දොස්තර කාරය වත් ෆෝම් කරලා ගනින් බන් මාතේ? මොනා හරි කරමු.

      Delete
  6. මේව තමයි ජිල් ජිල් ජිල්
    ඇතුළෙ තියෙනවා හිල් හිල් හිල්
    කාලා බලන්ඩකො මල් මල් මල්
    කෑව වගෙයි තඩි කළු ගල්!

    ReplyDelete
  7. මාතා මේක බලන්න මේ ආචාර්ය මර්වින් සිල්වා මහතා වගේ විද්වත් පරිණත දේශපාලන නායකයෙක් මේ ගැන හොඳට විස්තර කරලා තියෙනවා මේකේ;

    https://www.facebook.com/watch/?v=435295224344611

    ReplyDelete
  8. මාතා මේක බලන්න මේක ඇත්ත ද?

    https://www.facebook.com/somarathna.amithamunethanne/videos/1181943435555211/?app=fbl

    ReplyDelete
  9. 80 ට තිබ්බ හාල් 120 යි
    19000 ට තිබ්බ කොමඩ් 49000 යි
    කන්නත් නෑ සෙන්නත් නෑ
    සෙන්න කැලේට ගිය උන්ට එතන තිබ්බ කැලෙත් නෑ.
    මාතලන්, අර බන්දුවා චන්දෙ කාලේ කිව්වේ මොකක්ද මචෝ
    ඒකත් මතක නෑ බං

    ReplyDelete
  10. ඒ ශබ්දේ ආවේ ගගේ වතුරවලට තද යමක් ස්පර්ශ කළායින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ඝෝෂාව, ඒ වගේ තුන් හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඩුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා. 2020 වර්ෂය වෙනකොට අපිට හොද නායකත්වයක් ලැබිලා හොද දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිව්ඩයත් ඒ සමගම අපිට ලැබුණා.

    ReplyDelete
  11. අයිසේ මාතලන් මේ බලපන් මේක;

    https://www.facebook.com/watch/?v=1266785103706546


    බූරු වංස නානව නේද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න