.

.

Jun 17, 2021

වෙනස් විය යුතු අධ්‍යාපන ක්‍රමය

 



ලෝකයේ අධ්‍යාපනය කියන දේ ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. අධ්‍යාපනය ලබා දෙන ක්‍රමය, විෂයයන්, ගුරු අධ්‍යාපනය, මේ සියල්ල දියුණුයි. පින්ලන්තේ,ව්සිංගප්පූරුව වැඩක් නෑ, කාළයක් අපි මැට්ටෝ කියපු අරාබියේ අධ්‍යාපනයත් ලෝකයේ දියුණුම රටවල තත්වයට පත් වෙලා ඉවරයි. 

අපේ උන් කුජ හතේ ඉන්න කෑලී හොයද්දී, උන් කුජට රොකට් යවනවා, එකට එකක් කෙල්ලොත් උගත්තු, විද්‍යාඥයෝ. ලෝකයේ දියුණුම සෞඛ්‍ය පහසුකම්, පර්‍යේශණාගාර, අභ්‍යාවකාෂ මධ්‍යස්ථාන විතරක් නෙමේ කාන්තාරයේ ඕගනික් ගොවිතැනුත් කරනවා.

ඒකට ප්‍රධාන හේතුව ඒ රටවල ඉන්න නායකයෝ අළුත් දේට බය නැති වීම, ඊට හේතුව උනේ ඒ ජෙනරේසොන් එක ලබාගත් විදෙස් අධ්‍යාපනය. උන්, උන්ට උග්න්වපු ගුරුවරු ආචර්‍යවරු මහාචර්‍යවරු තමන්ගේ රටට ගෙනාවා. උන් අධ්‍යාපනයේ වටිනකම ව්ටහා ගන්නවා. උන් කුහක උනේ නෑ රටේ සාමාන්‍ය මිනිහත් උන්ගේ ජීවන මට්ටමට ගේන්න. 

උන් රටින් ගෙනල්ලා හරි රට හැදුවා. රටේ උන් අමතක කළේ නෑ. ඉස්සර උන්ට පිටරටවල ගිහින් ලබා ගන්න උන දියුණු අධ්‍යාපනය උන් තමන්ගේ රටේ උන්ට ගේ දොරකඩටම හෙනත් දුන්නා. පිටරටවලින් සුපිරිම ගුරුවරු ආචාර්‍යවරු මහාචාර්‍යවරු ගෙනත් උන්ගේ උන්ට ඉගැන්නුවා. දැන් උන් කාටත් සෙකන්ඩ් නෑ. 

මේ විප්ලව කරන්න මහා කාළයක් ගියේ නෑ. පරම්පරා ගානක් ගියේ නෑ. දැන් උන් තව දුරටත් ගෝත්‍රිකයෝ නෙමේ, නූගත් මෝඩයොත් නෙමෙයි, ලෝකය ගැන විශ්වය ගැන සියල්ල දත් උගත්තු. එහෙම උනාම උන්ගේ ගෝත්‍රික ගතිත් ටිකෙන් ටික අතෑරලා, සමාජශීලී ජීවිතවලට පුරුදු වෙනවා. 

ඒත් ලංකාවේ මොකක්ද තත්වය. තාම ෆලෝ කරන්නේ 1948 සුද්දා දීලා ගියපු සිස්ටම් එක. පොඩි උන් ඔක්කොම නාට්ටාමිලා කරන්න පුරුදු කරනවා. දවසක උගන්වන සබ්ජෙක්ට්ස් ටික උන්ගේ කරට දරා ගන්නත් බැරි නම් කොහොමද අර පුංචි මොළ ගෙඩි වලට දරාගන්නේ. දියුණු රටවල පොඩි උන්ට අකුරු ඉලක්කම් උගන්වන්නේ නැ. උන්ට උගන්වන්නේ හොඳ නරක, යහපත් හැසිරීම්, සාමුහිකත්වය, පිරිසිඳුකම, සිරිත් විරිත්, මනුස්සකම්. 

මේ කිසිවක් ගෙදරදිවත් ඉස්කෝලෙවත් ඉගෙන නොගන්න උන් මහාචාර්‍යවරු වෙලා එලියට ආවත් උන්ගේ ගෝත්‍රික ගතිය යන්නෙත් නෑ, මනුස්සකමත් නෑ. තියෙන්නේ ලොකුකම විතරයි. ඔය එකෙක්වත් තමන්ගේ පම්පෝරිය කියවනවා මිසක් රටට කිසි දෙයක් කරන්නේ නැ. කරන්නත් බෑ. 

මොකෝ උන් ලබලා තියෙන්නේ නිර්මාණශීලී අධ්‍යාපනයක් නෙමේ. අපේ විභාග ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේ එහෙමයි. කට පාඩම් කරලා ලියන්න. ගොඩක් උන්ට ගණිතය විශය බැරි වෙන්නත් හේතුව ඒකයි. අනිත් ප්‍රශ්ණ ඔක්කෝටම පොතේ උත්තර තිබුනට. විභාගයට එන්නේ පොතේ තිබ්බේ නැති ගානක්. ඉතින් අරූගේ RAM එකේවත් ROM එකේවත් එහෙම ගානක් නෑ. 

අනික අප්ඩේට් නොවීම. පරිඝණක විජ්ජාව උගන්නනවා තමයි, ඒත් අප්ඩේට් වීමක් නෑ. මේ ළඟදි මම දැක්කා ටීවී එකේ ටීචර් කෙනෙක් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් ගැන මොනිටර් ගැන කී බෝඩ් ගැන උගන්වනවා, දැන මෙගා ෆික්සල් ෆෝන් වලින් සූම් ගිහින් ඉගෙන ගන්න උන්ට මේවා පට්ට ජෝක්.

දැන් පොඩි උන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ඉස්කෝලේ යන්නේ නෑ. උන්ට උගන්වන්න ජාතික වැඩ පිලිවලක් හදාගන්න අජ්ජාපන දෙපාර්තමේන්තුවේ ඉන්න ආචාර්‍ය මහාචාර්‍යලාටවත් ඇමතියා වෙච්චි මහාචාර්‍යවරයාටත් බැරි වෙලා තියෙනවා. උන් අවුරුදු දෙකක් කිසිම දෙයක් නොකර පින් පඩි කනවා.

ඊයේ මහාචාර්‍ය අර්ජුන ඩි සිල්වා මහත්තයා දෙරණේ චතුරට කියනවා ලංකාවේ ඉන්න උගත් පරපුර ඇඳවල් උඩට වෙලා ඉස්මාට් පෝන් වලින් ගේම් ගගහා ඉන්න වෙලාවේ, ස්වේච්චාවෙන් ඉදිරියට ඇවිත්, මේ වසංගතය මැඩලන්න කුමන හෝ ආකාරයකින් සපෝට් එකක් දෙන්නය කියලා. කරුමේ වෙලා තියෙන්නේ ඒ අය අඩු ගානේ මේක ලෝක වසංගතයක්වත් කියලා නොදැන, ස ෆේල්ස, ෆේල් කිය කියා ඉන්න උන් වීම. ඔය ෆේස් බුක් ගෲප් අස්සේ වස්සැප් ගෲප් අස්සෙ එකෙක් දැකලා තියෙනවද කොවිඩ් වෙනුවෙන් හැදුන ගෲප් එකක්, ඇප් එකක්. ඔන්න ලංකාවේ ඉන්න උගත්තූ.

මුල් කාළේ එක එක උන් එක එක දේ උස්සගෙන ආවත් ඒ එකක්වත් නව නිර්මාණ නෙවෙයි. කාගේ හරි කොපියක්, යූ ටියුබ් එකෙන් උස්සපුවා. අනික පට්ට ප්‍රාථමික නිර්මාණ.

ඔය අජ්ජාපන දෙපාර්තමේන්තුවේ ඉන්න උන් මේ අවුරුදු දෙකේ ඉස්කෝල ආයේ අරිනකන් බලාගෙන් ඉන්නවා මිසක්, ආයේ ගුරුවරු ටික ඉස්කෝලේ එනකන් බලාන ඉන්නවා මිසක්, දරුවෝ එනකන් බලාන ඉන්නවා මිසක්, ඉස්කූල් වෑන් බස් එන්නේ කොහොමද බලාගෙන ඉන්නවා මිසක්, එකෙක් හිතුවද මේ සිස්ටම් එක ඉදිරියටත් පවතියි කියලා ඊට අනුගත වෙන සිස්ටම් එකක්. ඇත්ත කතාව නෑ කියනෙක. 

ඔන් ලයින් සිස්ටම් එක හැමෝටම නෑ. සමහර පලාත්වල සිග්නල් නෑ. ඩේටා ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ෆෝන් අරගෙන දෙන්න ටැබ් අරගෙන දෙන්න හැම එකාටම සල්ලි නෑ. සමහර පවුල් වල දරුවෝ තුන හතර ඉන්නවා. දෙමව්පියනුත් ගුරුවරුන් නම් ඒ පවුලට සන්තානම් මෑනියන්ගේ පිහිටයි. 

අවුරුදු දෙකක් ගිහිල්ලත් මේ වෙනකම් සෑම දරුවෙක්ටම එක සමාන විදියට අජ්ජාපනය ලබලා දෙන සිස්ටම් එකක් නෑ. දරුවන්ට ඩේටා අඩු ගානේ අඩුවට දෙන සිස්ටම් එකක් නෑ. සූම් ඇර වෙන ඇප් එකක් නෑ. ෆෝන් ටැබ් අඩුවට දෙන වැඩ පිලිවලක් නෑ. ඒවා ආනයනෙ තහනම් නිසා ගිනි ගනන්. අඩු ගානේ අජ්ජාපන ඇමතියා ඒක අඩු කරලා දීපන් කියලා කැබිනට් පේපර් එකක් දාලා නෑ.

තියෙන රූපවාහිනී නාලිකා ඔක්කොගෙම උදේ ඉඳන් මහ රෑ වෙනකන් මල ජරා ටෙලි නාට්ටියි තුප්පහි මලයාලම් චිත්‍රපටියි. ඇයි අර සන්නගෙ සිංහල පන්තිය වගේ විනාඩි 20 - 30 යේ ක්‍රියේටිව් ඇට්‍රෑක්ටිව් ප්‍රෝග්‍රෑම් හදලා දාන්න බැරි. පොඩි උන් නෙමේ හැම එකාම බලයි. සන්නා සුද්දා වගේ සිංහළ උගන්වනවා. බලන්න ආසයි. පොඩි උන් නෙමෙයි මහ උන් උනත් බලයි.

අර MCC වලින් රට බෙදෙන හැටි උගන්නපු සර් උනත් අවුලක් නෑ. බොරුව උනත් සිරස වගේ නැතිව, රොෂාන් වටවල වගේ හත් පොලේ ගාගන්නේ නැතිව ඇත්ත වගේ දෙනවා. ගානක් චැනල් වලට ගෙව්වත් පාඩු නෑ. උන් උනත් ජාතික වැඩ පිලිවෙලක් නිසා බෑ කියන්නේ නෑ. එහෙම ඇට්‍රෑක්ටිව් විදියට උගන්වන උන් ගොඩක් ඉන්නවා, හැම සබ්ජෙක්ට් එකටම වගේ. 

අජ්ජාපන දෙපාර්තමේන්තුවේන් කරපු අයි චැනල් එකේ යන වැඩ සටහන් නම් බල්ලෙක්ටවත් . බලන්න බෑ. නිදි මතයි, කම්මැලියි, මෙලෝ රහක් නෑ. ඒවා නම් නොපෙන්වන තරමට හොදයි. පිටරටක එකෙක් දැක්කොත් හිතයි, අපි තාම ගෝත්‍රිකයෝ කියලා. ටයි එකක් හරියට දාන්න බැරි, මැච් වෙන්න කලිසමක් ෂර්ට් එකක් අඳින්න බැරි, පිලිවලකට සාරියක් අඳින්න බැරි උන් කියලා. මේ දෙවලුත් දරුවන් විශයට අකර්ෂනය කර ගැනීමට වැදගත්.

ඊට වඩා හොදයි සෙසමේ ස්ට්‍රීට් වගේ සුද්දන්ගේ ප්‍රෝග්‍රෑම් ටිකක් පෙන්නන එක. දරුවෝ ඉන්ගිරිසි ටිකක් හරි ඉගෙන ගනියි. 

නාමල් රාජපක්ෂ පහසු ගෙවීම් මත ටැබ් හා නොමිලේ ඩේටා ලබා දෙන වැඩ සටහනක් පටන් ගන්න යනවා කියලා ආරංචියක් එන්නේ මේ අතරේ. මේ සැරෙත් මං ගොනාපිල ලෙඩක් අදියිද දන්නේ නෑ පිවිතුරු සිංහළ  දරුවෝ වඳ වෙනවා කියලා. එයාලගෙ ළමයි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මෙහේ උන් ඉගෙනගත්තත් නැතත් එයාලට අවුලක් නෑ. අනිකා සිරිසේන. මේ වෙලාවේ මක්කා කියයිද දන්නේ නෑ.

හැබයි ඉතින් ටැබ්, ෆෝන් තියා ඩේටා ඔක්කොම දුන්නත් වැඩක් නැ. ඒවයෙනුත් උගන්වන්නේ අර නීරස ගුරුවරු නම්,  පරණ ලදරන් සබ්ජෙක්ට්ස් නම්, දරුවන්ට දරාගන්න බැරි තරම් දැණුමක් නම්,  අඩු පිරිසක් උගත්තු වෙලා වැඩක් නෑ. අවශ්‍ය වෙන්නේ බහුතරයක් උගත්තු වෙන අජ්ජාපන ක්‍රමයක්. ඉගෙන ගන්න බැරි එකාට උගන්වන ක්‍රමයක්, නවීන තාක්ෂණය එක්ක යන ගමනක්. මේ  තමයි හොඳම අවස්තාව අජ්ජාපනේ ගැන අලුතෙන් හිතන්න. ඒක මේ රටේ උන්ට කරන්න බෑ. පිට රටින් විශේෂඥයෝ ගෙනත් කරන්න ඕන වැඩක්. ඒවට හැම එකාම විරුද්ධව මරාගන්න එයි. හැබයි ඒවට බය නැතිව මේ තීරණ ක්‍රියාත්මක කලොත් රට වෙනස් වෙයි.

නැත්නම් අනාගතයටත් ටැබ් ඉස්මාට් ෆෝන් උස්සගෙන ටයි කෝට් ඇඳගෙන යන වෙනස් වෙන්න බය, හයිබ්‍රිඩ් වාහන වලට බය, පෝට් සිටියට බය, එක්ස්ප්‍රස් වේ වලට බය, අලුත් එයාර්පෝර්ට් වලට බය, සුද්දන්ට බය, ඉන්දියාවටත් බය, චීනටත් බය, ඕගනික් ෆාමින් වලට බය, අරක්කු බියර් වලට බය, තමන්ම විතරක් ගොඩ ගියාම ඇති කියලා හිතාගෙන ඉන්න අමු ගං කබර ගෝත්‍රිකයෝ  ටිකක් රටේ ඉඳියි..


ඒ වගත් මෙසේය.

33 comments:

  1. අඩෝ මාතේ මරු පෝස්ට් එකක් ඕයි, පට්ට කතාව.... ලෙසටම ලියල තියෙනවා...

    අඩෝ උඹ අපට හොරෙන් ඔන්ලයින් බඩු ඕඩර් කරලා වගේ,.... නැත්නම් දංකොටුව ඉස්පෙසල් පාරක් සෙට් උනා ද?

    කොහොම හරි මේ දේවල් රටේ නායකයා වත් තේරුම් ගන්න ඕන බන් බූකියේ බුරන බල්ලන් සත පහකට මායිම් නොකර තමන්ට හරි කියල හිතෙන වැඩපිළිවෙළක් බය නැතුව ක්‍රියාත්මක කරලා තමන්ගේ ගමන නිවැරදිව යනවා නම් කිසිම අවුලක් නෑ..... වැඩේ සාර්ථක උනොත් බහුතර ජනතාව සහය දෙනවා මඩ කරියන්ට බය වෙන්න ඕන නෑ පොඩ්ඩක් වත්.....

    ReplyDelete
    Replies
    1. මේ පින්තූරය දාන්න මම කීයටවත් හිතුවේ නෑ.
      ඒක මගේ පොලිසි එකක්...

      නමුත් මේ පින්තුරය පට්ට දේශපාලනිකයි...

      මෙතන ලාංකිය දේශපාලනයේ සංඝඨක සියල්ල අන්තර්ගතයි..

      මේ මිනිස්සුන්ට බනින කාළකන්නි මොක්කුද කියන්න මේ ලියන්නේ..

      මේ තරුණයා කරේ ග්‍රේට්ම ග්‍රේට් වැඩක්..
      පොර ගියේ නිකං කබ්බෙක් වගේ නෙමෙයි..
      බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා..
      ගියේ තනියමත් නෙමේ නෝනා හා පුතා සමඟ..
      ඔවුනුත් ක්ලාස් විදියට ඇඳලා..
      අනික මේක ලෝකෙටම පේන්න ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් ගෙනියනවා..
      මේ දවස්වල ඔවුන් ඉන්නෙත් අමාරුවෙන්..
      දැන් පොරටත් ගානක් ලැබෙනවා..
      අර ජෝඩුවට විශාල මුදලකුත් ලබා දුන් බව සැලයි..

      උඹ ග්‍රේට් කොල්ලෙක් මචං..
      උඹ කනට ගැහුවේ මේ රටේ අනුන්ට ඉරිසියා කරන කුහකයන්ට..
      රට ගිහිල්ලත් මේ රටට සාප කරන කුහකයන්ට..
      අවුරුදු 70 කට සාප කර කර සියල්ල නොමිළේ දෙනකන් බලාගෙන ඉන්න කාළකන්නින්ට..
      අමාරුවෙන් දුක් මහන්සියෙන් ගොඩ යන මිනිස්සුන්ට කුඩු කාරයෝ කියන කුහකයන්ට..

      අරූ දුප්පත් උනත් ඌ ළඟ මනුස්සකම තිබුනා
      උඹ සෑලකුවේ ඒ මනුස්සකමට..

      මේ රටේ හැදෙනවා නම් ඕන තරම් අවස්ථාව තියෙනවා
      නිදහස් අධ්‍යාපනය තියෙනවා
      ගොඩක් උන් ඒකෙන් ගොඩ ගිය උන්
      ඕන කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාරයක් ස්වයං රැකියාවක් කරන්න පුලුවන්
      ආන්ඩුවෙන් තහංචි නෑ
      තමන්ගෙම ත්‍රී විල් එකෙන් හම්බ කරන් කන එකාටත් බනින කාළකන්නි මේ රටේ ඉන්නේ.
      මට නම් උන් ග්‍රේට් පොරවල්.
      බය නැතිව ලීස් දාලා වාහන ගන්න උන්,
      ලෝන් ගගලා ගෙවල් හදන උන්,
      ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි හොඳට කාලා බීලා ඉන්න උන්,
      මට නම් පට්ට පොරවල්..
      රැකියා ඕන තරම් තියෙනවා
      මයියොක්කා දන්ඩක් හිටෙව්වත් පැලවෙනවා
      කොස් ගෙඩියක් කපලා පාර අයිනේ තියාගෙන උන්නත් ගන්න මිනිස්සු ඉන්නවා.

      උඹ මේ රටේ දරුවන්ට හොඳ පාඩමක් කියා දෙනවා.
      පුලුවන්නම් මම වගේ එකෙක් වෙයන්..
      හොඳට කාපන්, හොඳට ඇඳපන්,
      බ්‍රෑන්ඩඩ් ඒවලින්ම ඇඳපන්
      නෝනට දරුවට මම වගේ සලකපන්
      නැති බැරි මිනිස්සුන්ට උදව්වක් කරපන්..

      ඒ දෙන මොරාල් එක අර කාළකන්නින්ට දෙන්න බෑ
      උන්ට ඕන උඹත් හිඟන්නෙක් වෙන්න
      උඹේ නෝනා වැරහැලි අඳින හිගන්නියක් වෙන්න
      උඹේ දරුවා හිඟන දරුවෙක් වෙන්න..

      එහෙව් කාළකන්නින්ට උඹ මේ ගහපු කනේ පාරට

      මෙන්න පුතා සැලියුට් එක..

      උඹ වන් පුතුන් ලද මව්පියන්ද
      උඹ වන් සැමියෙක් ලද ප්‍රිය බිරිඳද
      උඹ වන් පියෙක් ලද පුතනුවන්ද
      උඹ වන් මිනිසෙක් ලද මේ රටද

      පින් කර ඇතැයි මට සිතේ...

      ස්ධූතී ... නන්ඩ්‍රෙයි ... ටෑන්ක්ස් හොඳේ....!!!!

      .🥰🥰🥰🥰

      Delete
  2. ඔබ දන්න ආර්ථික අපහසුතා හෝ සංචරන සීමා යටතේ පීඩාවට පත් වී සිටින
    Zoom අධ්‍යාපන පැකේජය
    අවශ්‍ය වී ඇති දරුවන් වේ නම් අපට දන්වන්න
    +94778840500

    ReplyDelete
  3. මෙහෙමයි රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට LEARN හරහා සපයා ඇති unlimited zoom පහසුකම පාසල් පද්ධතියටද ලබාදිය හැකි නම් හෝ වෙනත් සුදුසු platform එකක් හඳුන්වා දෙනවා නම් හොඳයි නේද?

    ReplyDelete
  4. ඔය ෆේස් බුක් ගෲප් අස්සේ වස්සැප් ගෲප් අස්සෙ ඉන්න වේශිගේ පුතාල පැත්තකින් තියමුකෝ. ආණ්ඩුවේ, පොහොට්ටුවේ වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය මහාචාර්ය කී දෙනෙක් ඉන්නවද? ඒ අය මක්කද කළේ. විශේෂඥ වෛද්‍ය සීතා නෝනි නම් කොවිඩ් බෙහෙත දැන දැනත් කිව්වේ නෑ හැබැයි කුඩෙයි ටෝච් එකටයි ලියුනුත් ගහනවා. වෛද්‍ය මහාචාර්ය චන්න ඇමති පැණියක් උස්සගෙන දැඟලුව. පකේ ෆාමකොලොජි ප්‍රොෆෙසර්. (විශ්‍රාමික) කමල්ගේ ආශ්‍රිතයන් අල්ලන බුද්දි අංශ ටෙලිපෝන් එකට මක්කැයි උනේ. පඩ ෂෝ නේ. ඔය වියත්තු. උඹ අර දෙකයි පනගේ වස්සැප් කෑලි වලට බෝලෙ පාස් කරනවා. උඹේ සිත නිවෙනවනං ගාන කැපෙනවනං අපෙ මොකෝ.

    මාතලන්, මූලිකවම ස'ට 69 ලක්ෂයක් චන්දෙ දුන්නේ ඇයි, තුනෙන් දෙක දුන්නේ ඇයි, 20 පාස් කරලා දුන්නේ ඇයි.
    දැන් රටේ කරන්න තියෙන අනිත් වැඩත් සේරම මිනිස්සුම කරලා දෙන්ට ඕනෙද ?
    ස' නෙවෙයි ලොක්ක අපියි ෆේල්. ස' (හරි ස'ගෙ ගෝලයෝ හරි) උඩින්ම පාස්.

    උඹත් ඉතින් හෙලුවෙම්ම ඉන්න එපා බන් සෝටක් වත් ඇඳන් ඉඳපන්

    ReplyDelete
  5. යකෝ මාතලන්, ඔය ලබ්බේ ලකේ පංකාවේ බුකියේ බයිලා ගහන කාලකන්නි මීහරක් හැත්ත කියන දේවල් ගණන් ගන්න එපා, උන් කියන විදිහට

    නිකන් උගන්නන්න ඕන..

    නිකන් බෙහෙත් දෙන්න ඕන..

    නිකන් නිරෝධායනය කරන්න ඕන..

    ඒක දීලා පන්දාහේ බඩු මල්ලකුත් දෙන්න ඕන..

    රුපියල් විසි දාහක් හැමෝටම දෙන්න ඕන සජිත් ප්‍රේමදාස කියන හැටියට සහ උගේ වහල් ටෙලිෆෝන් කබ්බෝ වහල්ලු මීහරක් කියන විදිහට, තව ඊට පස්සෙ

    ගෙවල් නැති උන්ට නිකන් ගෙවල් දෙන්න ඕන..

    කන්න නැති උන්ට නිකන් කන්න දෙන්න ඕන..

    රස්සා නිකන් දෙන්න ඕන..

    දීපු රස්සා වල උන්ගේ පඩි වැඩි කරලා දෙන්න ඕන..

    ඒ මදිවට උන්ගේ ළමයින්ට නිකන් ෆෝන් දෙන්න ඕන..

    ඒවට ඕන ඩේටා නිකන් දෙන්න ඕන..

    යූබටෙන් ජාලෙන් කොපි කරලා මොකක් හරි අටමගලයක් හැදුවම ඒකට රාජ්‍ය අනුග්‍රහය ලෙස කෝටි ගණන් මුදල් දෙන්න ඕන..

    මේවා දෙන්නත් ඕන ඒ කරලා ලෝකයේ බොරතෙල් ගාන කීය උනත් කමක් නැහැ පෙට්‍රල් අඩුවට දෙන්නත් ඕන (දැනටත් දකුණු ආසියාවේ අඩුම ලංකාවේ)

    ඒ ඔක්කොම එක්ක සෞඛ්‍ය සේවය එහෙම තියෙන්න ඕනි ස්කැන්ඩිනේවියානු රටවල් වල ලෙවල් එකට හැබැයි සත පහක් වත් බදු ගහන්නත් බෑ...

    බදු නැතුව වාහන ආනයනය කරන්න ඕන, ඊට පස්සෙ පාරේ ට්‍රැෆික් වැඩි වෙනකොට ඒකත් ආණ්ඩුව වැරදි

    ඒකට පාරවල් පලල් කලොත් ගස් කපනවා ඒකටත් ආණ්ඩුව වැරදි

    හයිවේ හදන එකටත් විරුද්ධයි, පණු කරඳ ගහක් අල්ලන් නටනවා..

    කිසිම දෙයක් උපයා ගන්නෙ නැතුව හැම මගුලම නිකන් ඉල්ලන ජාතියක්..

    දුප්පත් මිනිස්සු ඉන්න රටවල් ගොඩ නගන්න පුලුවන්..

    වටිනා සම්පත් නැති රටවල් වුනත් ගොඩ නගන්න පුලුවන්..

    ඒත් හිඟන මානසිකත්වයක් තියෙන යාචකයො ඉන්න රටවල් ගොඩගන්න කවදාවත් බෑ. (අනිත් පැත්තෙන් සේරම දුන්නා කියමු, ඒ දීලත් තව මොකක් හරි මගුලක් අල්ලගෙන බැණුම්ත් අහන්න ඕන.. අන්න ඒක තමයි හැම ආණ්ඩුවකටම එපා වෙන වැඩේ..)

    හැබෑටම ලංකාව සුභසාධන වැඩ වලට පහුගිය 73 වසරක කාලේ පුරාම වියදම් කරපු සල්ලි දෙස් විදෙස් පුද්ගලික අංශයේ කළමනාකරණය යටතේ පාලනය වන සංවර්ධන ව්‍යාපාර වල ආයෝජන ලෙස යෙදෙව්වනම් මේ රට මීට වඩා ගොඩක් හොඳ තැනක තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

    ඇයි මෙි Petroleum එකයි, ලංවිමයි public quoted companies කරන්න බැරි? ආණ්ඩුව 100% පාලනය යටතේ business කරන එක දැන්වත් නවත්වන්න ඔන. තාම හිතන් ඉන්නේ මෙික සෝවියට් සමුහණ්ඩුව කියලා (වාසුදේව වගේ මැන්ටල් විතරක් නෙවෙයි ලංකාවේ ආණ්ඩුවේම බූරුවංසලා, ජවිපේ වගේම විපක්ෂයේ සජබ/ එජාප බහුතරයකගේත් ඔලුවේ කුහක සෝවියට් කොමියුනිස්ට්කාරයෙක් ඉන්නවා. යකෝ බලපිය සමාජවාදී කියන චීනයේ පවා ඔය වගේ සමාජවාදීන්ගේ හණමිටි අදහස් වෙනුවට දැන් Public-Private Partnership (PPP) යනවා, ලංකාවේ ටෙලිකොම් එක පාඩු නැතිව දුවන්නේ 51:49 එහෙම දීලා.

    ඔතනින් එහාට මිනිස්සුන්ගෙ ඔලුව හදන්නෙ නැතුව වෙන මොනව හැදුවත් වැඩක් නෑ, ඒකට තමයි හොඳ විධිමත් වැදගත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ. මේ ගැන ආණ්ඩුවේ පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන් නම් අපේ කුඩා ළමයින් ලොකු වෙන කොට ඊළඟ පරම්පරාවල් උන්ටවත් මේ රට ගොඩ දාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. @ AnonymousJune 18, 2021 at 7:51 AM

      ඔන්න ඔය හිගන මානසිකත්වය සහ ගෝත්‍රික මානසිකත්වය ඉවර කරපු දාට මේ රටට ඉර පායයි

      Delete
  6. මේ ගැන අප ද යම් යම් නිරීක්ෂණ සිදු කළ අතර අප දුටු ආකාරයට එම සිද්ධීන් ඇසුරින් මෙසේ ප්‍රකාශ කළ හැකි වනු ඇත.

    මෙහි ඉහත විස්තර කළ ඔන්ලයින් ඉගෙනීමට ෆෝන් නැති දරුවන්ගේ තාත්තලා, සිග්නල් නැති ප්‍රදේශ වල දරුවන්ගේ තාත්තලා අද හවසටත් කසිප්පු බොති. ඔවුන්ගේ බීම නැවතී නැත.

    ඔන්ලයින් මත්පැන් ඩිලිවරි ආවා කියා ඔවුන් ඔන්ලයින් මත්පැන් ඩිලිවරි කර ගැනීමට යන්නේ නැත. අන්තර්ජාල සිග්නල් නැති ප්‍රදේශ වල බාර් සහිත සුපර් මාකට්ද නැත.

    ලංකාව වගේ මහජන බදු මුදලින් වසර 13ක් පිනට උගන්වා, ඉන්පසු වසර හතරක් නොමිලයේ උගන්වා උපාධියද දෙන මේ අසිරිමත් දිවයිනේ, ඔන්ලයින් ලිකර් ඩිලිවර් ඇරඹීමට නම් පාසල් ළමුන්ට නොමිලයේ දුරකතන ලබා දී සිටිය යුතු යැයි යම් ගොබිලයෙකු සිතනවා නම් ඒ උන්ගේ ගෝත්‍රික මානසිකත්වය විනා රටේ වරදක් නොවේ.

    ලොව වෙන කිසිම රටක් මෙලෙසට නොමිලයේ උගන්වන්නේ නැත. ආර්ථික විද්‍යා සංකල්ප අනුව හරි නම් ලංකාවෙ මහජන මුදල් කාබාසිනියා කරමින් මේ දැනට කරන දේවල් පවා රටේ ආර්ථිකය දියුණුවට මහත් බාධකයකි. හැම රෙද්දම කලින් කලට පත්වන ආණ්ඩුවලින් නිකන් දෙන ලෙස ඉල්ලන මේ හිඟනුන් අනෙක් පැත්තෙන් ඊට අවශ්‍ය අරමුදල් බරපැන සපයා ගැනීම සඳහා සියලුම ආණ්ඩුවලින් ණය ගනිද්දි ඒකට විරුද්ධව කෑගසන අයුරු පුදුමය.

    ලංකාවේ මේ තාක් කාලයක් තිස්සේ පත්වූ සියලුම ආණ්ඩු ලෝකයටම ණය වී සිටින්නේ ලොව වෙනත් කිසිදු රටක නොකරන ලෙසට මුන්ට නිකන් උගන්නන්නේ, නිකන් බෙහෙත් දෙන්නේ, අඩු මිලට විදුලිය දෙන්නේ ඒ දේවල් දීමට හතරමහා නිධානය පහල වී නැති නිසා බව පුරවැසියන් සියලු දෙනාම තේරුම් ගන්න අත්‍යවශ්‍යයි.

    ඌබර් ඊට්ස්, පික් මී ෆූඩ්ස්, බර්ගර් කිංග්, පීට්සා හට් ඩිලිවරි සේවා ඔස්සේ මිනිසුන් ඔන්ලයින් ආහාර දැනටම නිවෙසටම ගෙන්වා ගන්නා බව, මේ සඳහා සංවේදි පල් හෑලි ලියූ කුහකයන් පිරිස නොදන්නවා විය හැක. ඒ වගේම මත්පැන් පානය කරන එකාට බෙබේ කියා කියන කුහක හාල් කෑලි රජයේ මැදිහත්වීමක් තුලින් ලබා දෙන සියලුම වරප්‍රසාද සුබසාධන අරමුණින් යුතුව කරන සේරම දේවල් වලට විශාලතම දායකත්වය ලබා දී ඇත්තේ එම බෙබේලා සහ දුම් පානය කරන අය බවත් පාසල් අධ්‍යාපනය හරහා හෝ තේරුම් කරල දෙන්න අවශ්‍ය බවට මම යෝජනා කරමි.

    ReplyDelete
  7. ළමාතං,

    බොලාගේ ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු විසින් හසුරුවන නූතන නන්දසේන රෙජීමයේ වත්මන් පාලන කටයුතු පිළිබඳව මා දකින ප්‍රධාන අඩුපාඩුව තමයි දිගින් දිගටම එක එක දේශපාලනික ගේම් වල බලපෑම මත ඇති කරනු ලබන ෆේස්බුක් රැලි වලට, දොස්තරලාගේ හවස මාධ්‍ය හමුවට සහ පාලි ගාථා පමණක් දත් ආර්ථිකය හෝ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන මෙලෝ මගුලක් ගැන මෙලොවින් මෙලෝ දෙයක් නොතේරෙන චීවරධාරී භීක්ෂූන්ගේ පල් හෑලි වලට බියෙන් රජයේ කැබිනට් මණ්ඩලයේදී ලබා ගත් තීරණ වෙනස් කිරීමයි, ගත යුතු තීරණය නොගෙන සිටීමයි.

    දිනය අවසානයේ සෘණාත්මක ෆේස්බුක් හෑලි ලියන්නන්, දොස්තරලා සහ වාසියට කඹුරන භික්ෂූන් කොහොමත් රජයට විරුද්ධ වන අතර, ගත යුතු හරි තීරණය නොගැනීමෙන් සිදු වන හානිය නිසා සැබෑ මහජනතාවත් කෙමෙන් කෙමෙන් රජයෙන් ඈත් වනු නිසැකයි. සිරිසේන ගමයා ගේ පහුගිය යහපාලන රජයට වුණේත් ඒක තමයි.

    ජනාධිපති විසින් ආණ්ඩුවේ නිලධාරීන් කියන දේ මත පමණක් පදනම් නොවී විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥ ඥානයක් සහිත කණ්ඩායමක් සහ විශේෂයෙන්ම අදාල ක්ෂේත්‍රයේ පළපුරුදු පෞද්ගලික ව්‍යාපාර ව්‍යවසායයන් ගේද අදහස් විමසමින් ඉතාමත් ඉක්මනින් ජනාධිපතිත් කරුණු අධ්‍යයනය කර තම කණ්ඩායමට විය යුතු යැයි තමන් විශ්වාස කරන දේ අවබෝධ කරදී නිවැරැදි වෙනස් නොවන තීරණ ගතයුතුයි.

    සාමූහික තීරණ ගත්පසු එම කණ්ඩායමම ඒවාට විරුද්ධ වීම, මාධ්‍ය ප්‍රකාශ සහ බුකියේ කමෙන්ට් දැමීම් තහනම් කල යුතුයි.

    ඔය වගේම පොහොට්ටු පක්ෂයේ නායකත්වය ඔහු ගතයුතුයි. වැරදි කරන්නන් ඉවත්කිරීම, දඩුවම් දීම ඔහුගේ වගකීමයි. රජයක් උනහම එඩිතර වෙන්න ඕන, මේ වගේ වැනි වැනි රටවල් පාලනය කරන්න බැහැ.

    ReplyDelete
  8. ඇඬි ඇඬියාව ..බැරි බැරියාව ..රෝගයෙන් පෙලෙන උගතුන් බුද්ධිමතුන් යැයි තමන්ම කියාගන්නා කිසිම දේක කිසිමදාක හොදක් නොදකින වැරදි අඩුපාඩු පමනක් දකින ඍනාත්මක චින්තනයේ කුහක ගුනමකු ගැලරිය පිනවන �� නාඩගoකාරයෝ සමාජ මාධ්‍ය තුල...හොටුපෙරාගෙන අඩන අතරේ ධනාත්මක චින්තනයේ මිනිසුන් ..තම තමන්ට හැකි පමනින් .මව්බිම..වෙනස් කරමින් සිටී .ඒ සැමට ජාතියේම උත්තමාචාරය ..තෙරුවන් සරනයි ..මව්බිමේ සියලුම පුරවැසියන් ට..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කොච්චර වේගයෙන් වෙනස් කරනවද කීවොත් තව ටික දවසකින් ශ්‍රීලංකාව චීනයේ සිංචුං ප්‍රාන්තේ වෙලාතමා නවතින්නේ.

      Delete
  9. අපේ ඉරිසියා රෝගය සුව වෙනදා
    අනුනුත් හැදේවා පැතුමට හිත දෙනදා
    'කෙරුමෝ අපි තමයි' තමයි උඩඟුව දුරු වෙනදා
    රටට සෙත සැදෙයි; දුරුවන්වී බාධා

    ReplyDelete
  10. ඈ බං, රටේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරන්න උබේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා කියපන්කෝ බලන්න. උබ සාමාන්‍ය පෙළත් ෆේල් ගොබ්බ නුගත් ටැක්සි කාරයෙක් නේද

    ReplyDelete
  11. අඩෝ මාතලන්,

    දැන් බලපන් එක දවසට PCR 35,000ක්. ..වියදම 274,500,000/-

    ඇන්ටිජන් 20,000ක්. වියදම 322,000,000/-
    නිරෝදායන වෙන අයට සෑම සැප පහසුකමක් ම රජයේ වියදමින් නොමිලේ දෙනවා

    ඉස්පිරිතාලේ තාමත් බෙහෙත් ටික නිකන් දෙනවා...

    එන්නත් ගේනවා කෝටි ගානක් වියදන් කරලා..

    දොස්තරලාට නර්ස් ලට අතිකාල වෙනද වගේ දෙගුනයක් ගෙවන්න වෙලා තියෙනවා....

    ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග සේරම නැවතිලා තියෙන වෙලාවක....

    හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කෝටි 10කට කිට්ටු වෙන්න ගෙවද්දි(රු 5000/-)
    නිකමට හිතුවට කොහොමද මේ රට අරන් යන්නේ කියල...

    මේ රට ගෝටා ගෙ විතරද අපේ නෙවෙයිද එතකොට......

    60ක් 70ක් දීලා සිගරට් බි බී නාස්ති කරන මේ දවස් වල ගල් බෝතලේ 5,000ක් දීලා අරන් බොන....රු.500 කේ ජී කෑල්ල ලෝබ නැතුව ගහන උන් ලීටර් එකකට රුපියල් 20කට මැරෙන්න හදනවා....

    රුපියල් 20ක් වැඩි කලේ රට අරගෙන යන්න අමාරු නිසා.... ඒක නොතේරෙන මොඩ හරක් මේකෙ කෑ ගහද්දි තමා හිතෙන්නෙ මේ රට දියුනු නොවී එක තැන පල් වෙන්න හේතුව දේශපාලනේ නෙවෙයි මේකේ ඉන්න කුහක හැත්ත නිසා කියන එක

    ReplyDelete
  12. අයිසේ මාතලන්,

    ලංකාව කියලා කියන්නේ ජනරජයක් (මේක - Democratic Socialist "REPUBLIC" of Sri Lanka) ඒ නිසා ලංකාව වගේ රටක "රටේ බාරකරු" කියා තනතුරක් නැහැ. ඒවා ඔය සමාජ ජාල වල මෝඩයන් විසින්ම හදාගත් බහුබූත කතා. කොටින්ම ලංකාව කියලා කියන්නේ ජනරජයක්. ඒ නිසා එහි තනි බාරකාරයෙක් නැහැ. පුරවැසියන් (Citizens) සියලු දෙනාටම පොදුවේ සමානව රටේ සිදුවන දේවල් ගැන තියෙන වගකීම, වගවීම (Accountability) සමානවම බෙදී යා යුතුයි. Dictatorship ආඥාදායකත්වයක් සහිත රටක වගේ එක මිනිහෙකුට තනි තීරණ ගත නොහැකියි.

    ඒ අනුව ජනරජයේ තීරණ ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. විධායක ජනපති, විධායක ඇමතිවරු සහ විධායක රාජ්‍ය සේවකයන් කළ යුත්තේ ඒවා ක්‍රියාත්මක කිරීමයි. (Executive - Execute) තනියම තීරණ ගන්න මේක ඒක පුද්ගල ව්‍යාපාරයක් නොවේ. දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය කරන්නේ ඒ නිසාය. කණ්ඩායමේ වැඩිපුර ඉන්නේ "එහෙයියන්" මෙන් පෙනී සිටින සට කපට ආත්මාර්ථකාමී අමනයන් සහ දුෂ්ටයන්. එය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කරගත් මෝඩකමක්.

    කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍ර ආණ්ඩු ක්‍රමයක් යටතේ රජයක දේශපාලනික තනතුරු වලට "පත් කිරීම්" නැත. ඇත්තේ "තෝරා ගැනීම් ය" (Appointment vs Election). (පත් කිරීම් තියෙන්නේ රජයේ සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ ආයතනවලයි)

    ලංකාව වගේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් පවතින රටක ජනපතිකම යනු කොහොමත් ආතතිකාරී දෙයක්. තමන් විසින් හෝ අනුන් විසින් හෝ කුමන හෝ හේතුවලින් හෝ ඇති කරන ආතතිය නන්දසේන ගෝඨාභය විසින් සාධාරණව දරා ගන්නා බව පෙනේ. එය නායකත්වයේ පරිණත ලක්ෂණයක්. මෙතරම් ආතතිකාරී කාලයක ගෝඨාභය වැන්නෙක් ජනපතිකම කිරීම ඒ අතින් හොඳ දෙයක්. තීරණවල හොඳ නරක වෙනම කාරණයක්. වැඩ කරන්නට වී ඇත්තේ මෝඩයන්, කපටි ආත්මාර්ථකාමී අමනයන් සහ දුෂ්ටයන් සමගයි. මෙය ලංකාවේ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ සජිත් ඇතුළු සෑම දෙනාටම මුහුණ දීමට සිදු වූ සහ ඉදිරියටත් සිදුවන සාමාන්‍ය තත්ත්වයක්. මීට මුහුණ දීමට අවශ්‍ය දැඩි ආත්ම ශක්තියක් සහ ආත්ම විශ්වාසය අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලියි.

    ReplyDelete
  13. මාතේ, අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න ඕන ඒත් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලබා ගැනීමට නම් රජයේ ආදායම් වැඩි කර ගත යුතුයි. ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන තත්ත්වය ගැන විස්තර ගත්තම සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා අපට මේ අවුරුදු දෙකක් විතර කාලයේ ඩොලර් බිලියන අටක් පමණ (රුපියල් ට්‍රිලියන 1.6 ක් විතර) පාඩු ලැබූවත්, පෞද්ගලික අංශයේ බොහෝ ආයතන වාර්තාගත මට්ටමක අධික ආදායම් ලබනවා. එහිදී LOLC සමාගමේ 2019 දි වාර්ෂික ආදායම් කෝටි 1,980 ක්, හැබැයි 2020 දී කෝටි 5,320 කට ඉහළ යනවා. හේලීස් සමාගමත් එසේයි. 2019 වාර්ෂික ආදායම කෝටි 289 යි, 2020 දී කෝටි 1,405 යි. එවැනි තවත් ආයතන රාශියක් තිබෙනවා. එය එක්ස්ප්‍රෝ ලංකා, හේමාස් සමාගම, කොමර්ෂල් බැංකුව වගේම සමහර රාජ්‍ය ආයතනත් එසේයි. මේ නිසා ආණ්ඩුව 2020 මුල සිට විශාල වශයෙන් බදු අඩු කිරීම සමගම ලංකාවේ පුද්ගලික ආයතන විශාල වශයෙන් ලාභ ලබන අතර ඒ ලාභ ආයෝජනය කර තව තවත් ලාභ ලබන අතර ඒ ලාභ වලින් රජයේ වියදමට දැනෙන වෙනසක් වෙන්නේ නැහැ.

    ඒ නිසා රජය මේ ආයතන වලට කතා කරලා ඒ අයගේ CSR ව්‍යාපෘති ලෙස අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

    ඒ අනුව මගේ හැඟීම නම් මේ ක්‍රමය මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ඊ තක්සලාව’ වැඩසටහන් සමඟ එක්ව ටැබ් පරිගණක පාසැල් දරු දැරියන්ට ලබා දීමට පුළුවන් වෙයි.

    එමෙන්ම එම සිසුන්ට දත්ත නොමිලේ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන කටයුතු වඩාත් පහසුවෙන් කරගෙන යාමේ හැකියාව මෙමගින් හිමිවන බවත් ග්‍රාමීය ප්‍රදේශවල දිළිඳු පාසැල් දරුවන්ට මෙම ටැබ් යන්ත්‍ර ප්‍රදානයක් ලෙස ලබාදීමට සැලසුම් කළ හැකියි. දකුණු කොරියාවේ, චීනයේ, වියට්නාම් සමාගම් වල සහය ඇතුව ටැබ් යන්ත්‍ර එකලස් කරන ව්‍යාපාර ලංකාවේ ආරම්භ කිරීම සුදුසු බව පේනවා නේද? ඒ නිෂ්පාදනය කරන්නේ මෙරට නිසා තවත් පිරිසකට රැකියා අවස්ථා හිමිවෙනවා. මේ ගැන ඔබේ අදහස් කෙසේ ද?

    ReplyDelete
  14. post එක උස්සනවා මචං

    ReplyDelete
  15. මාතා මොකද හිතන්නේ මේ ආචාර්ය හල්වතුර ගැන?

    https://www.ceylonnewsline.com/2021/06/ලෝකයේ-හොඳම-තරුණ-විද්%e2%80%8dයාඥ/

    ReplyDelete
  16. දැන් ගුරුවරුන්ට ලේසි නෑ. ළමයින්ට බොරු උගන්වන්න බෑ.. පොඩි උන් මාර අප්ඩේට්.

    මම මේ ළගදි අහන් හිටියා අපෙ පුතලට විද්‍යාව උගන්වද්දි. සර් එන්නත් ගැන මොනවද් කියන්න ගිහින්, පොඩි උන් ටික සර්ට කියලා දුන්නා එන්නත් වල ජාතකේ ඉඳන්. උන් අහනවා සර් ෆයිසර් එන්නත ඇමෙරිකාවෙ අවුරුදු 12ට වැඩි ළමයින්ටත් දෙනවා, ඇයි සර් ඒක අපිට දීලා ඉස්කෝලෙ අරින්න බැරි කියලා. සර්ට කට උත්තර නෑ..

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      ඔය ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් ලංකාවේ භාවිතා කරන්න අමාරුයි. සෙල්සියස් අංශක ඍණ හැත්තෑ ගණන්වල ඉතා පහළ උෂ්ණත්ව පරාසයක් තුළ ඉතා දිගු කලක් තබා ගනිමින් ගබඩා කිරීම, ප්‍රවාහනය සහ එන්නත්කරණය වගේ දේවල් ප්‍රායෝගිකව හරිම අමාරු වැඩක්. ඒ වගේම මගේ ගණනය කිරීම් වලට අනුව ෆයිසර් බයෝ එන්ටෙක් මාත්‍රා දෙකම ලංකාවට ගෙනත් එන්නත් කරන්න එක් පුද්ගලයෙකුට රුපියල් 23,000 ක් (එක්කෙනෙක්ට) වැය කරන්නට සිදු වෙනවා. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපදය ලංකාවට එන්නත් ලබා දීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නොවන දැඩි කොන්දේසි ඉදිරිපත් කරාවි, ව්‍යවස්ථා සංශෝධන, බදු වැඩි කිරීම, ඇතැම් සිරකරුවන් නිදහස් කිරීම, යම් පොලිස් පරීක්ෂණ සහ නඩු අත්හිටුවීමට වගේ අදාළ නැති වෙනත් මගුල් ගොඩක් දේවල් කියලා ආණ්ඩුවට වැඩේ එපා වේවි. මහ පිස්සු රටක්නේ.

      අනෙක් අතට ඇමරිකානු එක්සත් ජනපදය තමන්ගේ කපටි යටි අරමුණු සඳහා යොදා ගන්නා බළල් සුරතලුන් කීප දෙනෙක් (උදා: ඊශ්‍රායලය, ඇෆ්ගනිස්ථානයේ රූකඩ පාලකයන් වැනි) හැර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර නොදෙන තරම්, ඉතාමත් කුඩා ප්‍රමාණයේ ආධාර (උදා: ලංකාවට පී සී ආර් කට්ටල 5,000 ක් විතර දුන්නා, කොළඹ දිස්ත්‍රික්කයේ දවසක පරීක්ෂණ වලටත් මදි, අර Express pearl නැවේ කේස් එකට ධීවර වන්දි ගෙවීමට ඩොලර් ලක්ෂයක් දෙනවා කිව්වා, ධීවරයෙක්ට රුපියල් පන්සීයක් විතර දෙන්න පුළුවන්.) පමණක් ලබා දෙන නිසා ඊට වඩා අප වෙනත් රටවල් එක්ක බලන්න ඕන. දැනටමත් අපි චීනයෙන් ඩොලර් බිලියන එක හමාරක මැදි කාලීන Swap එකක් (ණයක්) අරන් තියෙන නිසා ඒකෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි සයිනොෆාර්ම් වලින්. දැනට හොඳම රුසියානු ස්පුට්නික් එක, නමුත් රුසියාව සමග එහෙම ගිවිසුමක් නෑ. කුඩක් වශයෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ලංකාවේම එන්නත් නිෂ්පාදනය කරන සැලසුම් සාර්ථක උනොත් තව සෑහෙන විදේශ විනිමය ඉතුරු කර ගන්න පුළුවන් වේවි.

      ඒ වගේම ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතේ අතුරු ආබාධ ගැනත් සෑහෙන වාර්තා තියෙනවා.

      As I observed Israel finds ‘likely’ link between Pfizer Covid-19 vaccine and cases of heart inflammation in young males referred to following news reports;

      https://www.sciencemag.org/news/2021/06/israel-reports-link-between-rare-cases-heart-inflammation-and-covid-19-vaccination

      https://www.timesofisrael.com/israel-reports-link-between-pfizer-2nd-shot-and-heart-problem-in-males-under-30/

      https://www.rt.com/news/525451-israel-link-pfizer-heart-inflammation/

      ඊට අමතරව මේ ගැන මට තේරෙන විදිහට නම් කොවිඩ් මර්දනය සඳහා වූ ඇස්ට්‍රා සෙනෙකා එන්නත් හදන්නේ අළුත් ක්‍රමයට, ඒ අනුව එන්නතේ ඇති වෛරස් ජාන කොටස් වලට සෛල වල න්‍යෂ්ටියට යන්න ඉඩ ලැබෙනවා. සතියකට විතර කලින් නිකුත් වූ පරීක්ෂණ ප්‍රතිඵල වලින් තමයි හොයා ගත්තේ ඒක නිසා තමයි ලේ කැටි ගැසීම් ආදී නරක ප්‍රතිඵල ඒ වැක්සීන් එකෙන් ලැබෙන්නේ කියලා. දින කිහිපයට කලින් ඊශ්‍රායල් පරීක්ෂණයකිනුත් සොයා ගත්තා ෆයිසර් වැක්සීන් එකෙනුත් හදවත විශාල කිරීමේ අතුරු ආබාධයක් ඇති වීමේ අවදානමක් තිබිය හැකි බව.

      මට තේරෙන විදිහට නම් සයිනෝෆාම් හදන්නේ සාර්ථකව පෝලියෝ එන්නත් ආදිය හදපු පැරණි ක්‍රමයට. ඒ නිසයි වඩා ආරක්ෂාකාරී.

      තව යුරෝපා රටකිනුත් (නම අමතකයි) මාස කිහිපයකට කලින් තීරණය කළ බව මතකයි ඇස්ට්‍රා සෙනෙකා, ෆයිසර් වගේ එන්නත් තම ජනතාවට නොදී, ඒ තොග සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවල් වලට යවන්න.

      ඉහත සඳහන් කරුණු සංවාදයට විවෘතයි. සමහර විට මට වරදින්නට පුළුවන්. මේ ගැනත් විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බොහොම ස්තුතියි.

      Delete
    2. ����������������

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න