.

.

Jul 18, 2022

හිතවත් සජිත් මැතිතුමා වෙත,

 


හිතවත් සජිත් මැතිතුමා වෙත,

➖➖➖➖➖➖➖➖➖➖➖


සෙත් වේවා,


ඔබ තුමාගේ සැප දුක් කෙසේද, නිතරම ආසයි බයයි ලෙඩේ හැදිලා අසනීප වෙන නිසා, මේ ගින්විජ්ජුම්බරේ අහවර වෙනකන් ඉහෙන් බහින රෝගයක්, අතුරු ආන්තරාවක්, කරදරයක් උපද්‍රවයක් සිඳු නොවේවා කියා මුලින්ම පතනවාය.


එක එකා කියන ඒවාට බයේ ඔබ තුමා ජනපති තරඟෙට ඉදිරිපත් නොවී ඉන්න ඕනෑ නැතිය. බය, බව්වාට දමා, ඔබ තුමා අනිවාර්‍යයෙන් මේකට ඉදිරිපත් වෙන්න ඕනෑමය.


මොකෝ ඔබතුමා ජනාධිපති වෙනකන් මක්කු නැතත් මේ රටේ කාන්තාවෝ බලාගෙන ඉන්නේ, ඔබතුමා නොමිළේ දෙනවා යැයි කියූ පෑඩ් අඳින්නටය. එහෙම ඇඳලා ඒවා පෙන්න පෙන්න යන කොට බයියන්ට වෙන්නේ පොලොව පලාගෙන ඔබ තුමාගේ පියානෝ ගිය දිහාවට යන්නටය.


ඒ දුන් කප්පරක් පොරොන්දු පැත්තක තබා, දැන් ඔක්කොම බලාගෙන ඉන්නේ මෑතකම ඔබ තුමා දුන්න පොරොන්දුව දිහා බලාගෙනය.


ඒ රටවල් තුනකින් මාස හයක් යනකන් නොමිළේ දෙනවා යැයි කියූ පැස්ටෝල් හා ඩීසල් ටික ගන්නටය. කංචන ලොක්කා පෝලිමේ ඉන්නේ නැතුව ගෙදර පලයල්ලා කිව්වාට, උන් එකෙක්වත් යන්නේ නැත්තේ, තෙල් දන්සැල් වලින් තෙල් ගන්න ඔක්කෝම එන්නට ඉඩ තිබෙනා නිසාය.


ඔක්කෝම කියන්නේ ඔබ තුමා තෙල් නොමිළේ දෙනවා කිව්වා වගේ ගෑසුයි පෝර ටිකත් අඩු ගානකට දෙයි කියලාය.


විදුලිය නම් පැය 24 පුරාම අකන්ඩව ඔබ තුමාගේ ඩයිනමෝවෙන් දෙන්න පුලුවනිය.


ඒ ඇරෙන්න ඔබතුමාගේ රට හදන වැඩ පිලිවල 20 වනදාට කලින් එලියට දැම්මොත්, රනිල් ලොක්කාට යන්න වෙන්නේ හොම්බෙන්මය. 


ඒ ප්‍රතිපත්ති ප්‍රකාෂණය සිරසෙන් ලයිව් බ්‍රෝඩ්කාස්ට් කරාම, සියතෙනුත් නොමිළේම ප්‍රචාරණය කරනා බව ඉරහඳ වගේ විශ්වාසය.


ඔබ තුමාට කියන්න,දැන් රංගෙ බණ්ඩාරලැයි ගෙවල් පැත්තේ ගෙම්බෝ ඉතරක් නොව, අපේ වෙලේ ගෙම්බොත් කෑ ගහන්නේ සජිත්... සජිත්... කියලාය.


ගෝල්පේස් එකේ කොල්ලන්ට බයේ ගමේ යන්න බැරි වෙන නිසා, පාර්ලිමේන්තුවේ ඉන්න පෝට්ටු බයියෝත් ඔක්කෝම චන්දේ දෙන්නේ ඔබ තුමාටෙයි කියලා උන් ඔක්කෝම වගේ මට කෝල් කරලා කිව්වාය.


ඒ කොල්ලෝ ඔබ තුමාගේ පියානෝගේ පණ පිටින් බාබේකිව් සැනකෙළිය දැකලා නැති නිසා, උන්ට ඒවා පෙන්නුවායින් පස්සේ, පියානෝ මුළු රටේම පෝස්ටරෙන් කිව්වා වගේ...


මේ කව්ද? 

මොනවද කරන්නේ?


කියා...එදාට දැන ගන්නා බවත් බුදු ෂුවර්මය.


බටන් එක ඔබපු ගමන් ඩොලර් එන ක්‍රමයක් ඔබතුමා හදනා බව මට විශ්වාසය.


ඔබ තුමාට ජයෙන් ජයම වේවා


මීට,

සදා හිතවත්,


මාතලන්

.

18 comments:

  1. ඔන්න ඔය පිස්සු කෝලමට ඉන්න දීපන් බන් සොයං ආතල් එකක් අරගෙන, ඒක නෙවෙයි ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට තාම තේරෙන්නෙ නෑ ලංකාවේ ආර්ථිකය වැට්ටුවෙත් සැලැස්මෙම කොටසක් විදියට කියලා. වට්ටන්න පටන්ගත්තේ 2018 ඉදන්. ගෙවන්න බැරි විශාල අයි එස් බී වගේම SLDB සහ වෙනත් ස්වැප් වගේ ණය තොගය ගත්තේ මන්ගල සමරවීර සමන්තා පවර්ලගේ ඉගැන්වීම් වලට අනුව 2017-2018 කාලයේ සහ 2019 විතරක් ඩොලර් බිලියන 4.4 ක් අයි එස් බී ගත්තානේ

    ආර්ථිකය වට්ටලා සිංහල මිනිස්සු ගෙනාපු ජනාධිපති සිංහල මිනිස්සු ලවාම එලෙව්වා. කෝමද ඒක?

    හැබැයි අනිත් පැත්තෙන් නන්දසේන බලයට ආවට පස්සෙ රාජපක්ෂලා සහ හෙංචයියන් (ජොනී …..වගෙ අය) සාමාන්‍ය ජනයාට සාධාරණයක් කළා ද ? එයාලා උද්ධච්ච විදියට නෙවෙයි ද වැඩ කළේ. එතනත් ප්‍රශ්නයක් තියෙනවා අනෙක් පැත්තෙන් නන්දසේන හොඳ සන්නිවේදකයෙක් නෙවෙයි හරියට මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න ටීම් එකක් හිටයේ නෑ සුදේව සහ කිංස්ලි පවා අසාර්ථක වූණා

    ඒවගේම 2019 ජනවරමට සාධාරණයක් ඉටු උනේ නෑ. අන්තිමට ජනවරමට මොකක් හරි සාධාරණයක් කරන්න මහන්සි උන ගෝටාභය එලවලා අනිත් 225 එහෙමම ඉන්නවා. ඉන්නවා විතරක් නෙවේ බොහොම සන්තෝසෙන් ඉන්නවා වගේ තමයි පේන්න තියෙන්නේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. @ Ano;

      The recovery of the economy of SL is the key issue of our political system since we wanted board consensus between majority political and social forces by leading political parties who gain 2020 base of Parliamentary elections with covered mandate from People.

      Indeed Sajith P….has to depart from UNP Old Liberal policies, which is not against People of USA but against USA hegemony in Asian cultures. SL, as a country rules and governances elected and selected by Right To Vote not by bullet but by ballot since 1931 under British Colonialism, Thus we are in right track record of that politics and ours path is not individual oriented one, it is team work of all majority political Parties. …their leaders.
      We are in experiences of Economic deliver some thing can immediate recovers of back Supply Chain of provide daily needs of Food items of ours citizens, well quite possible overcome Crisis by support of emerging nation HELP like BRICS. We are for IMF and WB agendas of economy, we should seek new Capital Markets in world.

      - Dr. A Nimal
      Faculty of Human resources
      University of Indianapolis
      IN 46227, United States
      Phone: +1 3177 883 369

      Delete
  2. අඩෝ අඩෝ ළමාතං, බොට තව කෑල්ලක් මිස් වෙලා තියෙනවා නේද මචන්? ඇයි බන් පුතාණෝගේ ආගමනය සමග රටපුරා බිහිවන නව රැකියා අවස්ථා ගැන විශේෂයෙන් කියන්ට ඕන නේද?

    ඇත්තටම නොමිලේ කෑම බීම ලෑම බඩු ගැසීම ආදී මෙකී නොකී සියලුම පහසුකම් සමග අඩු මහන්සියක්විය යුතු සුවිශේෂී රැකියා අවස්ථා බිහි කරන නිසා ලංකාවේ කලා අංශයේ උපාධි පාඨමාලා හදාරන පුද්ගලික අංශයේ ආයතන වල මළාට රැකියාවක් සොයා ගන්නට බැරි රැකියා විරහිත උපාධිධාරීන්ට හොඳ විකල්පයක් අරගල භූමියේ ජොබ් එක.

    ඒ නිසා එම අවස්ථාවේ හැටියට බඩ වඩා ගැනීමේ අරගලය කරන මේ අරගල කාරයන්ට උවමනා වී තිබෙන්නේ ලංකාවේ ඇති ප්‍රශ්න විසඳීමට නොවන බවත්යි රටින් පිට ඉඳල බලන කොට පැහැදිලියි.

    ඒ නිසා උන්ට ඕන ප්‍රශ්න විසඳීම අවුරා දැමීමටයි එතකොට තමයි මේ අරගල කාරයන්ට දිගටම අරගලය පවත්වාගෙන යා හැකි වෙන්නේ. මොකද මේ අරගල කාරයන්ගේ ජීවනෝපාය තමයි අරගලය. රජයේ ගොඩනැගිලි අල්ලා ගෙන ඒවායේ ඇති වටිනා කියන දේ සොරා ගැනීම දැන් අරගල කාරයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම වලක්වා සජබ නායක සජිත් ප්‍රේමදාස වගේ පඹයෙක්ව ජනාධිපති කරගැනීමට අරගල කාරයන්ට අවශ්‍ය වී ඇත්තේ, අරගල කාරයෝ දන්නවා රනිල් ජනාධිපති වුනොත් සටකපට පුද්ගලයකු විදියට ඔහු රජයේ ගොඩනැගිලි වලට සිදු වී ඇති අලාභය ගණන් බලා එය අරගල කාරයන්ගෙන් අය කර ගැනීමට නඩු පවරන බව. මේ දක්වා රජයේ ගොඩනැගිලි වලට සිදු වී ඇති අලාභය රුපියල් කෝටි සිය ගණනක්. නැති වී හෝ විනාශ කර ඇති හෝ ඇතැම් පෞරාණික කෞතුක භාණ්ඩ මිල කළ නොහැකියි. අරගල කාරයන්ට අවශ්‍ය වී ඇත්තේ ඔවුන් විසින් සොරා ගෙන ඇති සහ විනාශ කර ඇති රජයේ දේපල වල අලාභ ඔවුන් ගෙන් අය කර නොගන්නා පතෝල ජනාධිපති වරයෙකු පත් කර ගෙන මෙම රජයේ ගොඩනැගිලි පොදු මහජනතාවගේ බදු මුදල් වලින් පිළිසකර කර ගැනීමටයි. ඒ නිසා සජිත් ප්‍රේමදාසට කඩාකප්පල් කාරින්ගේ සහයෝගය ලැබෙන බව පේනවා නේද?

    ReplyDelete
    Replies
    1. @ 6.29 ලන්කාවෙ පන්සල් පිංකැට ඔක්කොම ඉවර කරලා තමා සජිත් පස්ස බලන්නේ. අරගල කාරයින්ටත් ගානක් දෙයි, විශේශයෙන් ලොක්කන්ට අන්තරේ සහ ජවිපෙ ජා. ජා. බලවේගේ

      Delete
  3. මොනවා හිතුණත්
    මොනවා ලිව්වත්
    ලියැවී තියෙනා දේ සිදු වේවී
    තව පැය කීයද
    එය සිදු වෙන්නට
    ඉවසන් ඉඳලා බලන්න වේවී

    ReplyDelete
    Replies
    1. නිදී

      අරගලයට ඇවිත් ජීවිත අහිමි වෙච්ච අය යි විවිධ ආබාධ වෙච්ච අයයි පැත්තක ඉද්දි අරගලයෙ නියමුවො කියන මහත්තුරු වගේ පෙනී ඉන්න කාලකණ්ණි කම්බා හොරු ටිකක් නම් මිලියන ගානනක රටසල්ලි උපහාරයක් ලැබුව කියල ආරංචියි, අද උදේ ටී වී එකෙත් එහෙම කතාවක් කියනව ඇහුන ඕං

      අහිංසක මිනිස්සුන්ගෙ දුක් කරදරයි ජීවිතයි විකුනල හම්බ කරන් කන එකත් අළුත්ම කලාවක් වේගන එන එකේ හැමෝම ටිකක් පරිස්සමින් කල්පනා කරල වැඩ කලොත් හොදයි වගේ…

      Delete
  4. ඈ බං සෑර් ගේ සව්බාග්ගෙ කෝ?

    ReplyDelete
  5. අරගල ලොක්කන් තිදෙනෙකුගේ ගිණුම්වලට කෝටි හතරහමාරක්.. ලැබුනු විදිහ ඇහුවාම බැංකුවත් වටලනවා කියා තර්ජනය කරලා..

    ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ. එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ 150 බැගින් රුපියල් ලක්ෂ 450ක මුදලක් විදේශයක සිට කිසියම් පුද්ගලයකු තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. එම මුදල තැන්පත් කිරීමෙන් ටික වේලාවකට පසු මෙම බැංකුවට අදාළ පුද්ගලයන් තිදෙනා සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ ඇත.

    ඔවුන් පැමිණ ගිණුම්වලින් සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිලධාරීන්ට ද ඔවුන් තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

    එලෙස තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළඟ දිනයේ බැංකුවත් වටලන බව පවසමිනි

    •අශිකා ජයවීර
    – අරුණ

    ReplyDelete
    Replies
    1. Born liyanna epa manussoyo.

      Delete
    2. @ AnonymousJuly 18, 2022 at 8:30 PM

      ලන්කාවෙ පිස්සු බල්ලන් අල්ලලා කරන දේ ඔය සල්ලි වලට මෝඩ ගංකබර කොල්ලන් කෙල්ලන් ටිකක් අවුස්සලා ඇමෙරිකන් ඉන්දීය ඇජෙන්ඩා එකේ හැටියට ආණ්ඩු පේරලලා ගාන් කපාගත්තු මූන්ටත් කරන්න ඕනෑ. මූන් මේ විනාශ කරේ අපේ මවු රටේ වටිනා සම්පත් මෙන්ම රජයේ දේපොළ. මුන්ගේ පවුලේ සියලුම දේපළ රජයට පවරා රාජසන්තක කර ගෙන අලාභය මුන්ගෙන් අය කරගන්න ඕනෑ.

      https://www.lankaweb.com/news/items/2022/07/18/%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD-%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A/

      Delete
    3. අල ගලේ තියලා අරගලේ කොරලා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් හම්බ කරගත්තු ජෙපිස්ලා, පෙරට්ස්ලා රනිල්ට විරුද්ධව නඩු දාන්න U.N. යනකොට නඩු භාණ්ඩ හැටියට අර ආමි කාර්යන්ගේ ඔලු පලලා උස්සපු T56ත් අරං පලයව්. එතකොට අඩුගානෙ ලංකාවෙ හමුදාව පුහුණු කරන්න හරි U.N. සාමසාධක හමුදාවක් එවයි යකූ, ආය 2ක් නෑ, අනිවා… ඊට පස්සෙ තඩි U.N. සුද්දෙක් ඇවිල්ලා බොලාට ජෙපි-පෙරට්ටු ආණ්ඩුවක් හදල දෙනව… එතකොට ඇති වෙනකං මරාගෙන කාපියව්. බොලාගෙ මතයට විරුද්ධ නම් අම්ම අප්ප වුනත් මරල දාපියව්..! හිඟන්නගෙ ඉඳලා රටේ හැමෝටම එකම පඩියකට government රස්සා දීපල්ල..! ආය ⁣ඉතිං ඊට වඩා සුරපුරයක් කොහෙද යකූ. එතකොට අර හිටං කිව්ව වගෙ ආර්තිකේ 2ක් 3ක් ඉබේටම නගිනවා….!!!

      අනෙක හිටපු හමුදාපති එහෙම නන්දසේනව ආරක්ෂා කරලා සලකපු හැටියට, ඒ වගෙ අයව ඩයස්පෝරාවෙන් ජාත්‍යන්තර අධිකරණයට යව්වත් දැන් නම් එච්චර ගානක් නෑ. ඒ අයත් රජය අමතක කරල ඩයස්පෝරාවෙන් මෙහෙයවන අරගලයටම කියල ඇරවගත්තනෙ. දැන් ඇරල U.N. ගියාම තව පාරක් ඇරවගන්න පුලුවනි. තොපිට තව කෝටි ගානක් හම්බ කොර ගන්නත් පුළුවන් වෙයි.

      Delete
  6. ගෝතලන්,

    ඇමරිකන් එංගලන්ත සහ ඉන්දීය ආධාරද සහිතව රිමෝට් එකෙන් අරගලය හරහා මෝඩ කොල්ලන් කෙල්ලන් සෙට් එකක් රෙදි නැතුව කඩේ යවාගෙන නන්දසේනයා 'එල්ව්වේ' රනිල් කියන එක වලංගු තියරියක්. එමගින් රනිල්ට ලැබෙනවා

    1. ආණ්ඩුවක් පිහිටුවලා ජනාධිපති ලෙස තම සිහින ඉටුකර ගන්න

    2. ආණ්ඩුවක් පිහිටුවලා සජබ කට්ටිය බාගෙන සජිත් තනි කරන්න

    3. උපක්‍රමික ව පසු බැහැලා රනිල් යටතේ ෆොට්ටු මන්ත්‍රීලට තනතුරු දෙන්න, පාර්ලිමේන්තුවේ ජොබ් තියාගෙන දෙන්න

    4. 2025 රනිල් (හෝ රුවන්) යටතේ ආණ්ඩුවක් හදලා දාගෙන තියෙන ඩීල් වල හැටියටම 2030 දී රාජපක්ෂ අනුප්රාප්තියකයෙක් ට තැන දෙන්න . ඒ වෙනකල් රාජපක්ෂලා ට කරදරයක් නොවී තියාගෙන ඉන්න, ඒ නිසා සජ්ජාට නෝ චාන්ස් කතා කරල වැඩක් නැත, ඒ නිසා වෙන දෙයක් ගැන කතා කරමු.

    ReplyDelete
  7. මිටිනං ජනාධිපති
    උසනං අගමැති

    ඒක නියමයි

    සජිත් බූරැවාට පුලුවන්ද රටක් කරන්න? ඕකටද අපි අරගල කලේ? පව් අපි !

    ReplyDelete
  8. අපෝ…අරගල කරල ලැබෙන තෑග්ග මෙයා ද? ඊට වඩා හොඳයි තව රනිල් ජනාධිපති වුනා නම් ! මෙතරම් ගව පට්ටි ඇති ලන්කාවෙ තරුණ ගවයකු හොයාගන්නට බැරි ඇයි? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමු ගොනෙක්. පියානෝ නොසිටින්නට ගෙදර කුස්සියේ වලං හෝදන නෝන්ජලයෙක් විතරයි. ඇයි අර පුංචම්මගෙ වාහෙ ආයෙ හැංගිලාද? එහෙම නැත්තං අර හොරකම් කල සල්ලි දඩිබිඩියෙ හංගනවද?

    ReplyDelete
    Replies
    1. @ AnonymousJuly 18, 2022 at 10:42 PM

      //ඊට වඩා හොඳයි තව රනිල් ජනාධිපති වුනා නම්//

      රනිල් වික්‍රමසිංහට යන්තම් හෝ බලයක් ලැබුනේ 2003 – 2005 කාලයදී පමණි. එවිට පවතී ප්‍රධාන ප්‍රශ්නය වූ කොටි ත්‍රස්තවාදීන් ගෙන් රර ගලවා ගැනීමයි. ඔහු එහිදී ක්‍රියාත්මක කල අවිහිංසාවාදී එහෙත් ඉතා කපටි සුත්‍රයට කොටි සංවිධානය නතු විය. එය දැනගත් ප්‍රකරන් 2005 චන්දයේදී චන්ද වර්ජනයක් සිදු කර රනිල් පරාජය කරන ලදී. රනිල් කොටි සංවිධානය කල පිපුරුම පසු කාලීනව බුක්තිවින්දේ රාජපක්ෂ නඩයයි. ඉන්පසු යහපාලනයේ දී රනිල් ඕනෙවුනේ ප්‍රධාන පක්ෂ දෙක එකට වසර 10ක් රට පාලනය දීර්ඝකාලීන ආර්ථික හා සාමජිය ඉලක්ක සම්පුර්ණ කර ගැනීමටයි. නමුත් රාජපක්ෂ වරුන්, එදා බණ්ඩාරනායක කලාක් මෙන්ම පක්ෂය කඩා පොහොට්ටුවක් අටවා සිරිසෙන සමග ඩීල් දමමින් රනිල් ගේ රජය විනාශ කළේය. රටට රනිල්ගෙන් ප්‍රොයෝජන ගැනීමට ති අන්තිම අවස්ථාව මෙයයි.

      Delete
  9. ඕකා එන්නේ නැහැ බන්, බොහෝ දුරට රනියා එයි, රනිලත් හිතනවා ඇති ලන්දේසීන්, ප්‍රුරුතුගීසීන්, ඉන්ග්‍රීසීන් රට පාලනය කරේ මහජන චන්දෙන් ඇවිල්ලද කියලා. එම නිසා එක එක වාසුවෝ කියන පලියට මම මොකටද රාජපස්සලගෙන් නිකම්ම වගේ හම්බු වුනදේ අරූ මූ කියන පලියට දාල යන්නේ කියලා. විධායක ජනාධිපතිවරයෙකුගේ පාලන බලය අතට ගත් වහාම රනිල සිදු කරන ලද්දේ හදිසි නීතිය හා ඇඳිරි නීතිය වැනි මර්දන අණ පනත් ක්‍රියාත්මක කිරීම. අරගලය පිළිබඳ රට තුල වැරදි චිත්‍රය ස්ථාපිත කිරීම සඳහා ඉතා සැළසුම් සහගතව ප්‍රහාරයට ලක්වූ හමුදා නිළදාරීන්ගේ සුවදුක් බැලීමට යාමෙන් රටට හඟවන්නට උත්සාහ දරන ලද්දේද, එම නිළධාරීන්ගේ වේදනාව බෙදා ගැනීමකට වඩා, ජනයා ඉදිරියේදී ප්‍රමුඛතාවය දීමට බලාපොරෝත්තු වන හැසිරීමෙහි සේයාවකි. එයද නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ක්‍රමයට වඩා කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවන වග බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

    ඇත්තටම නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උද්දච්ඡ තීන්දු ගන්නා ඒකාධිපතියෙකු ලෙස පත්වීමට පෙර විවේචනයට මෙන්ම බොහෝ දෙනෙක් සළකනු ලැබූවද, අවසන් වශයෙන් බලයට පත්වූ පසුව මහජනතාවගේ අපේක්ෂාවන් තේරුම් ගනිමින් ඊට හිස නමන තත්වයට පත් වුණත් වර්තමානයට අදාලව, විකෘති සහගත වුවද, පවතින පාර්ලිමේන්තුව තුල රනිල්ට වඩා වැඩි කැමැත්තක් දිනාගැනීමට හැකිව තිබූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා නොකළ අන්දමට, රනිල් රටේ අතිමහත් ජනතාවගේ අපේක්ෂාවන් ව්‍යවස්ථා උගුලක සිර කරන්නට උත්සාහ කරමින් සිටින බව අපට ඉතා පැහැදිලිය. මේ ගැන වෙනම සාකච්ඡා කරන්න ඕනා.

    ReplyDelete
  10. මාතලන් ට රෙද්දේ රෙවිලා.😀 දැන් සෑර්ට කඩේ ගිහින් ඉවරද?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න