.

.

Jun 29, 2024

උඩුගමසූරිය කියපු ඇත්ත

 


උඩුගමසූරිය කියපු ඇත්ත

➖➖➖➖🔹🔹🔹➖➖➖


මොනවා උනත් ඒ මනුස්සයා ඇත්ත කියපු එකට අපි ගරු කරන්න ඕන. ඒ මිනිස්සු මේ රට දාලා යන්නේ දේශපාලනය නිසාවත් බදු ගැහිල්ල නිසාවෙත් නෙමෙයි.... මේ රටේ නිළධාරී පැලැන්තිය... පට්ට ඉරිසියාකාර කුහක හැත්තක් නිසා.


ඇමරිකාවේ විශ්ව විද්‍යාලය තුල සිඳුවන සියළුම ක්‍රියාපටිපාටියන් මෙහේ විශ්ව ව්ද්‍යාල තුලද සිඳුවන බවත් ඒ සඳහා රජයෙන් මුදල් වෙන් කරන බවත් ඔහු පිලිගත්තා.


එතකොට සිඳු නොවන්නේ කුමක්ද? ගොඩාක් උන් කිසිම පරීක්ෂණ හෝ සමීක්ෂණ කිසිවක්ම නොකිරීමත්... කළත්... ඒවා අවසාන ප්‍රථිපලය ලැබෙන තෙක් ක්‍රියාත්මක වීමට කෝඩීනේෂන් එකක් නැති කමයි.


කෝඩිනේෂන් එකක් නැති බව උන්නැහේ පිලිගත්තට... ඒකට හේතුව එයා කියන්නේ නෑ... මොකෝ එයත් ඒ කුලකයේම කෙනෙක් වූ නිසා.


එතකොට මොකක්ද මේ නොකියන හේතුව හා ඒක නොකියන්න හේතුව?


ඒ තමා අකාර්‍ය්ක්ෂම රාජ්‍ය සේවය සහ නිළධාරී මාෆියාව. දේශපාලුවෝ මේක කියන්න බය තැපැල් චන්ද ගොඩ නිසා. අනික් උන් ඒක නොකියන්නේ අරුන්ට තියෙන අධිකාරී බලයට ඇති බිය නිසා.


හංසමාලිට එරෙහිව පැමිනිල්ල කළ එකා අල්ලලා හිරේ දාන්නේ ආන් ඒ තුච්ඡ සිස්ටම් එක.


මේවා දරුණුවටම ක්‍රියාත්මක වන තැනක් තමා විශ්ව විද්‍යාල පද්දතිය. තවත් ප්‍රධානම හේතුවක් තමා පරිපාලනය 33 කෝටියක් අමාත්‍යංශවලට වෙන් කර තිබීම. 


ඒ දේශපාලුවන්ට හොරා කන්න හදපු සිස්ටම්. මේවා හැදුවේ රණසිංහ ප්‍රේමදාස. හැබයි උන් ඔක්කොම පාලනය කරන ක්‍රමේ උන්නැහේ දැනන් උන්නා. සිරිසේනට ඝෝටට කෙලවුනේ මේවා නොදැන සිටීම.


විධායකේ වගේම.... මේවා අහෝසි කරන්න එකෙක් කතා කරන්නේ නෑ. උන් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන්නෙත් නෑ. ඒ කියන්නේ උන් විධායක ජනාධිපති පයිසෙකට මායිම් කරන්නෙත් නෑ.


ඊයේ කෝප් කමිටුවේ හෙලි වුනා රුපියල් කෝටී 100 ක් විනාශ කරන රාජ්‍ය නිළධාරීන් හා උන්ගේ පට්ට ෆේල් AR සහ FR ගැන. උන්ට ඒවා විහිළු. පාර්ලිමේන්තුව වගේම මේ කමිටුත් දැන් පාර්ලිමන්ට් ජෝක්ස්. ඒවයේ ඉන්න දේශපාලුවොත් කම්බා හොරු. ඒවට එන උන් ඊට එහා හොර හැත්ත.


උන් කාටවත් බය නෑ.... මොකෝ කවදාවත් උන්ගේ රස්සාව නැති වෙන්නේ නෑ. හොරා කාලත් දිගටම සේවයේ ඉන්නවා. අස්කලොත් උද්ඝෝෂණ වැඩ වර්ජන කරනවා. ඇමතියගෙ කාමරේ වටකරලා ඌට නෙලනවා. මේ මාෆියා එතරම් බලවත්.


සිස්ටම් එක වෙනස් කරනවා කියලා ජෙප්පෝ ගෙනාවත් වෙන්නේ ඔච්චරයි. රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්නෙත් ජෙප්පෝ නිසා උන් මේක කිසි අවුලක් නැතිව කරගෙන යයි. මොකෝ දැනටත් පට්ට දූෂිත උන් හැම එකාම කවර් වෙන්නේ යුනියන් බලය තුල.


ඒකට නම් අවශ්‍ය වෙන්නේ... තවත් ජේ ආර් කෙනෙක්, රණසිංහ ප්‍රේමදාස කෙනෙක් විතරයි. උන් රනිල් වික්‍රමසිංහ පයිසෙකට මායිම් කරන්නේ නෑ. උන් ඔය ඉඩම් ඔප්පු දෙන ඒවා.. අස්වැසුම වගේ ඒවා සියල්ල කඩාකප්පල් කරනවා. මට මේ ගැන පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා. ඒවා නිළධාරින්ට කියලා වැඩකුත් නෑ. කියන්න එකෙකුත් නෑ. කිව්වට වැඩකුත් නෑ.


ඒකට ප්‍රධාන හේතුව පෞද්ගලික අංශයේ වගේ, පවරන වැඩ වලට කිසිම ටාගට් ඩේට් එකක් ටයිම් එකක් හා පසුවිපරමක් නොමැති වීම. අමාත්‍යවරයාගේ වගකීම විය යුත්තේ ඒක. 


ඒත් කැබිනට් තීරණයක් වගේම ජනාධිපති තුමාගේ නියෝගයක් අවුරුද්දකුත් මාස 6 ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා නෑ කියලා කෝපා කමිටුවේ ප්‍රශ්ණ කරන දේශපාලුවොයි උත්තර දෙන්න ආපු නිලධාරිනුයි කන පැලෙන්න හිනා වෙලා ආතල් එකක් ගත්තා. උන්ටම ඒවා ජෝක් වෙලා ඉවරයි.


මගේ පෞද්ගලික කාරනයටත් දැන් අවුරුද්දක්. නිළධාරීන් දෙන්නෙක් එකතුවෙලා ඒවා යට ගහලා. ඒ නිළධාරීන් කෝප් කමිටුවට ඇවිත් ගල් පැලෙන බොරු කියන්නේ.


ඒ සිස්ටම් නොහදා රට හැදිල්ල සම්මා බොරුවක් විතරමයි. රාජ්‍ය සේවය හා නිළධාරීන් ඒ තරම් දූෂිතයි. උන් අති බහුතරය කම්බා හොරු.


ඔය ඇත්ත එකෙක් කියන්නේ නෑ.....


.

22 comments:

  1. කතාව ඇත්ත ලංකාවේ ලොන්ත ක්‍රිකට් බලධාරීන් කියන්නේත් ඔය දේශපාලුවන් සහ නිලධාරීන් වගේම කුර සහිත ජිවින් කොට්ටාසයක් ...වටිනා මැණිකක් ඉන්දියාවට දීලා අපේ ලොන්ත හැත්ත විරෝනවා දැන් ..මන් දැක්කා මීට ඉස්සෙල්ලා ලිපියක් ..ඇන්ජිලෝ ගෙ ඉදන් ඔක්කොම චුරු චුරු ගෑවලු බව්වා බෝල් එක විසි කරන වේගය වැඩියි කියලා ..දැන් හරිනෙ ශ්‍රී ලංකාව ජය ගත් 2014 T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ විටෙක ඉන්දීය කණ්ඩායම, ජයග්‍රාහී තැනක සිටියා.

    මන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරග වල දී තිබුණේ එතරම් හොඳ වාර්තාවක් නොවෙයි.

    නමුත් තරගාවලිය පුරා අසාර්ථක වූ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක කුමාර් සංගක්කාර එදින තරගය සිය පාලනයෙන් ගිලිහීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

    අවසානයේ කුමාර් සංගක්කාර නොදැවී අර්ධ ශතකයක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය ජය ගත්තා.

    ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පිතිකරුවා මෙන්ම වැඩිම ලකුණු ලාභියා ද වූ තරුණ විරාත් කෝලි කුමාර් සංගක්කාරට සුබ පැතුවා.

    සංගා කුමක් හෝ දෙයක් බොහෝ වෙලාවක් තිස්සේ කෝලි සමග කතා කළා.

    කෝලි ඉතා ගෞරවයෙන් එයට සවන් දුන්නා.

    අවසානයේ ලෝක කුසලානයක් ද සමග කුමාර් සංගක්කාර T20 ක්‍රීඩාවෙන් සමුගත්තා.

    ඒ ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම ආකාරයේ සමුගැන්ම.

    පැහැදිලිවම ඒ දිනය විරාත් කෝලිගේ මනසේ ඇඳී තිබෙන්නට ඇති.

    2024 T20 ලෝක කුසලානය ඉන්දියාව ජය ගත්තා.

    ඒ සමගම ක්‍රිකට් ලෝකයට බිහි වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු මෙන්ම අවසන් තරගයේ වීරයා ද වූ විරාත් කෝලි සිය සමුගැන්ම ප්‍රකාශ කළා.

    ඔහු රඟ දැක්වූවේ කුමාර් සංගක්කාරගේ ලෝක කුසලාන භූමිකාවමයි.

    ඉන්දියාව ලැබූ ජය විශිෂ්ඨ ජයග්‍රහණයක්.

    තරගාවලිය පුරාම අපරාජිතව සිටිමින්, ක්‍රීඩා කළ සෑම කණ්ඩායමක්ම පහසුවෙන් පරාජය කරමින් ලැබූ ජයක්.

    මේ ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාවට බොහෝ වැදගත්.

    මෑතක සිට පැවැති සෑම ලෝක කුසලානයකම ප්‍රියතම කණ්ඩායම ඉන්දියාව වී සිටියත්, ඒ සෑම තරගාවලියකදීම ඔවුන් අසාර්ථක වුණා.

    අවසන් එක්දින ලෝක කුසලානයේ සිය මවුරටේදීම ඔවුන් අවසන් මහා තරගය පරාජය වුණා.

    එම නිසා ඉන්දීය ක්‍රිකට් රසිකයන් සිටියේ තරමක කලකිරීමක.

    සිය කණ්ඩායමට ලෝක කුසලාන ජය ගත නොහැකි යැයි මතයක් ඉන්දීය රසිකයන් අතර ගොඩනැගී තිබුණා.

    මෙවර ලෝක කුසලාන ජයග්‍රහණයට එම කලකිරීම සහ මතයත් තරමක හේතුවක්.

    මන්ද සෙසු සෑම ලෝක කුසලානයකටම පෙර පැවැති ඉන්දියාව ජය ගත යුතුමැයි වන පීඩනය මෙවර ඉන්දීය කණ්ඩායමට එල්ල වූයේ නැහැ.

    ඔවුන් අවම පීඩනයකින් පියවරෙන් පියවර ඉදිරියට ගොස් අවසානයේ ලෝක කුසලානය ජය ගත්තා.

    මේ ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයටත් වැදගත්.

    ඔවුන් ඉන්දීය ප්‍රීමියර් ලීග තරගාවලිය ආරම්භ කළේ 2008 වසරේ දී.

    එතැන් සිට T20 ලෝක කුසලාන හයක් පැවැත්වූවත් ඉන් එකක් හෝ ඔවුන්ට ජයගත නොහැකි වුණා.

    2014 වසරේ අවසන් මහා තරගයට පැමිණ, ඔවුන් පරාජය වුණා.

    එම නිසා ඉන්දීය ප්‍රීමියර් ලීගය නොවැදගත් යැයි මතයක් ද ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇතිව තිබුණා.

    අවසානයේ ලෝක කුසලානයක් ජය ගැනීම ඉන්දීය ප්‍රීමියර් ලීගය පැත්තෙන් ඔවුන්ට අස්වැසිල්ලක්.

    කෙසේවූවත් මෙම ලෝක කුසලාන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමි විය යුත්තේ එක් ක්‍රීඩකයෙකුට.

    ඉන්දීය ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් හිමි වූයේ ඔහුගෙන්.

    අවසන් මහා තරගයේ වරෙක දකුණු අප්‍රිකානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 30 කින්, ලකුණු 30 ක් පමණයි.

    හෙන්රික් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් කඩුල්ලේ සිටියා.

    එනමුත් අවසන් පන්දුවාරය වනවිට දකුණු අප්‍රිකානුවන්ට පන්දු හයකට ලකුණු 16 ක් අවශ්‍ය වුණා.

    ඒ වෙනස ඇති කළේ ඔහුයි.

    ඔහු ජස්ප්‍රිත් බුම්රා.

    සුදු පන්දු ක්‍රීඩාවේ වත්මන් නොම්මර එකේ පන්දු යවන්නාත්, එදා මෙදාතුර බිහි වූ විශිෂ්ඨතම T20 පන්දු යවන්නෙකු ලෙසත් අවිවාදයෙන් පිළිගැනෙන ජස්ප්‍රිත් බුම්රා.

    තරගාවලිය පුරා ඔහු කඩුලු පහලොවක් බිඳ හෙලා තිබුණා. පන්දු වාරයකට ලබා දුන් ලකුණු ගණන පහකටත් අඩුයි.

    ඉන්දීය ලෝක කුසලාන ජයග්‍රහණයේ ප්‍රධානම සැලසුම්කරුවා ඔහු.

    ReplyDelete
    Replies
    1. අවසන් මහා තරගයේත් ඔහුගේ පන්දු වාර හතරට ලබා දී තිබුණේ ලකුණු 18 ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහු කඩුලු දෙකක් ද බිඳ හෙළා තිබුණා.

      එවැනි අද්වීතිය වාර්තාවක් මින්පෙර වේග පන්දු යවන්නෙක් ප්‍රදර්ශනය කර නැහැ.

      කොටින්ම ප්‍රතිවාදී කණ්ඩායම් ඉන්දියාව සමග තරග වල දී ඉලක්කය සැලසුම් කළේ බුම්රා ගේ පන්දු වාර හතර නොතකායි.

      එතරම් හොඳින් ඔහු මෙවර ලෝක කුසලානයේ පන්දු යැව්වා.

      ජයග්‍රහණයේ ගෞරවය හිමි වන සෙසු සාමාජිකයා, ඉන්දීය නායක රෝහිත් ෂර්මා.

      මීට මාස කිහිපයකට පෙර ඔහුගේ ඉන්දීය ප්‍රීමියර් ලීග නායකත්වය අහිමි කළා.

      එම තරගාවලියේ ඔහුගේ අසාර්ථකත්වය මත ඉන්දීය නායකත්වයත් ඔහුගෙන් ගලවා දැමීමට සාකච්ඡාවක් ඇතිව තිබුණා.

      නමුත් ඒ සියල්ලටම ඔහු මේ තරගාවලියේ දී පිළිතුරු ලබා දුන්නා.

      ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී ස්ථාවරය ගොඩනැගුණේ ආරම්භක පන්දු වාර කිහිපයේ ඔහුගේ පිතිකරණයෙන්.

      කිසිඳු පීඩනයක් නොමැතිව, පන්දු යවන්නන්ට උචිත තනතීරු වල පවා ඔහු නිදහසේ ලකුණු ලබා ගත්තා.

      එය ජයග්‍රහණයට විශාල හේතුවක් වුණා.

      ඉන්දියාව අවසන් වරට ජය ගත් 2007 T20 ලෝක කුසලාන කණ්ඩායමේත් ඔහු සාමාජිකයෙක්.

      එදා ඔහු ශ්‍රේෂ්ඨ මහේන්ද්‍ර සිං දෝනි යටතේ ක්‍රීඩා කළා.

      පසුව ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීගයේ දෝනිට එරෙහිව තරග කළා. දෝනි සහ ඔහු අතර ඉන්දීය ප්‍රීමියර් ලීග පහ බැගින් බෙදී ගියා.

      එය නායකත්වය උදෙසා පුරාවෘත්ත සටනක්.

      අවසානයේ ඔහුගේ නායකත්වයෙන් ඉන්දියාවට ලෝක කුසලානයක් ද දිනා දුන්නා.

      T20 ආකෘතියේ දී නායකයෙකු වශයෙන් ඔහු, මහේන්ද්‍ර සිං දෝනිට එතරම් දුර නැහැ.

      මේ ජයග්‍රහණය සැබැවින්ම දක්ෂතාවයෙන් උපයා ගත් ජයක්.

      ඉන්දීය කණ්ඩායම ලෝක ශූරයන් වීමට සුදුසුයි. ඔවුන් ලෝක කුසලානය දිනා ගන්නේ සිය කුසලතාවයෙන්ම එය ඔප්පු කිරීමෙන් පසුවයි.

      Delete
  2. වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමිය මේ වන විට ඉතා දුක්ඛිත දෙස වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටු රදවා ඇත.

    ඇය මේ වන විට ඉතාම අවාසනාවන්ත ලෙස එතුමිය කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින අතර නම වෙනුවට සිරකරු අංකයක් ද ලබාදී ඇත.

    රටට විශාල සේවයක් කරමින් හිටපු දූෂිත ජනපතිවරයකු ධූරයෙන් පලවා හැරීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනලද ජාතික වීරවරියක වන එතුමිය මෙතෙක් විශේෂ ඉල්ලීමක් කර නැති බවත් එනිසා ඇය විශේෂ වරප්‍රසාද ලබන වාට්ටුවකට යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බවද බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍ය වලට ප්‍රතිචාර දැක්වීමද දැඩි ලෙස විවේචනයකට ලක්විය.

    කෙසේ වෙතත් එතුමිය තම ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පිරිස හරහා මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ප්‍රබල ලෙස අභියාචනාවක් ගොනු කිරීමට තීරණය කර තිබේ.

    එළඹෙන සතියේ මුල් දින කිහිපය ඇතුළත එය ගොනු කිරීමෙන් පසු ඇයට ඇප ලබාගැනීමට හැකිවනු ඇති බවද බොහෝ නීතිඥයන් කියා සිටිති.

    ReplyDelete
    Replies
    1. හිරුණිකාට කට්ටිය පෝලිම් දානවලු....

      Delete
    2. හොඳම වැඩේ වෙට්ට පාසිට

      Delete
  3. වරෙක ඉන්දියාවට විරුද්ධ බව පෙන්වා චීනයට ඇති ලැදියාවක් පෙන්වා චීනය ගොනාට ඇන්දවීමත් තවත් අවස්තාවකදී චීනයට දැඩිව විරුද්ධ බවක් පෙන්වා ඉන්දියාවට බොරු ලැදියාවක් පෙන්වා ඉන්දියාව ගොනාට අන්දවන්න යාමත් තවත් විටක දේශිය ව්‍යාපාරිකයා ජාතික සම්පත් රැකගැනීම ඉදිරියට දමා චීන සහ ඉන්දියානු ආයෝජන සහ ව්‍යාපෘති වලට විරෝධය පෑමත් පිටුපස සිටින්නේ මේ නව-යටත් විජිත වහල් රාජ්‍යයේ නියම පාලකයා වන Anglo-American අධිරාජ්‍යවාදී බලවේගයමය.

    මේ අනුව මේ කපටි උපක්‍රයමය සඳහා වරින්වර යොදා ගැනෙන ජාතිකත්වය, දේශීය ව්‍යාපාරිකයා රැක ගැනීම, ජාතික සම්පත් රැකගැනීම යන තේමාවන් සහ ඒ සඳහා යොදාගැනෙන ලංකාවේ සියලුම පක්‍ෂ, පක්‍ෂ නායකයන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති එකමුතු, පිටිපස සිටින පොදු බලවේගය ඉහත සඳහන් Anglo-American බලවේගයම වන බව හැමෝම දැනගෙන ක්‍රියාත්මක විය යුතුමය.

    ReplyDelete
  4. ඇත්තටම අද කාලේ මෙහෙම ලියවිල්ලක් දකින එක මාරම මාර සතුටුයි

    ReplyDelete
  5. ලංකාවේ නිදහස් අධ්‍යාපනය වැඩක් තියෙනවද හිතෙන්නේ මේ වෙලාවට, ඉගෙන ගෙන උපාධි ගහලා රජයේ සේවයේ ඉහළම තනතුරු වලට ගිය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍යවරු වගේ උන් පවා ලෝක හොරු බවට පත්ව සිටින අතර දේශපාලන හොරුන් එලවන බව කියමින් තරුණ තරුණියන්ට බෝල බැස්සවූ පහුගිය අරගලය සමයේ පවා ඊට නායකත්වය දෙන බව පෙන්වමින් පැමිණ සිටිය අයත් එක එක්කෙනා අරගලයෙන් ගොඩ ගියා. ලක් අම්මා දැන් පුතානෝ ළඟ..අනෙක් අය රනිලාපච්චි ළඟ. අන්තිමට අරගල⁣ය කරපු කට්ටියගෙ බලාපොරොත්තු ටිකත් නැති උනා. අරගලය වෙනුවෙන් දිවි පුදපු අය වෙනුවෙන් මොනවද බන් කළේ? ඒ අහිංසක මිනිස්සු පාරට බැස්සේ රට වෙනුවෙන් හිතල. අන්තිමට දමිතලා, රැට්ටලා, ධනිෂ්ලා ගොඩ ගියා. අන්තිමට අපි බලාපොරොත්තු වුන ජයග්‍රහණය ගන්න බැරි උනා. අනුර අංකල් ජනාධිපති උනත් මේ පවතින system එක ඇතුළේ එයාලත් උපරිම ජොලි කරනවා ලොවෙත්. එදාට අපි ආයෙමත් පාරෙදි හම්බවෙමු. 😪

    ReplyDelete
  6. දකුණු චීනයේ Shenzhen නගරයේ සිට Zhongshan නගරය දක්වා ඉදි කළ හරස් මුහුදු මාර්ගය අද(30) ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරමින් මහජන චීන සමූහාණ්ඩුව මගින් එය ජනතා අයිතියට පැවරිණ.

    එම ව්‍යාපෘතිය දියයට උමං මාර්ගයකින්, පාලම් දෙකකින් සහ කෘත්‍රිමව නිම වූ දූපත් දෙකකින් ද සමන්විතය. එය හොංකොං-Zhuhai-මැකෞව් දැවැන්ත පාලම ඉදිකිරීමෙන් පසු ගුවන්තුං පළාත, හොංකොං විශේෂ පරිපාලන කලාපය හා මැකෞව් විශේෂ පරිපාලන කලාපය යා කරමින් ඉදිකෙරුණු තවත් මහා පරිමාණයේ ගමනාගමන ව්‍යාපෘතියකි. එහි සමස්ත දිග ප්‍රමාණය කිලෝමීටර් 24කි. මීට පෙර චීනයේ Shenzhen නගරයේ සිට Zhongshan නගරය දක්වා ගමන් කිරීමට පැය 2ක කාලයක් ගත වුව ද මේ පාලම විවෘත කිරීමත් සමග ඒ සඳහා ගත වන්නේ විනාඩි 30ක් පමණි.

    මෙම ව්‍යාපෘතිය ගෝලීය මට්ටමේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණික ගැටළු රැසකට විසඳුම් සපයමින් ලෝක වාර්තා රැසකට ද හිමිකම් කියන ව්‍යාපෘතියක් වීම ද විශේෂත්වයකි.

    ReplyDelete
  7. ගෝමික උඩුගමසූරියලා මෙන් අපත් දේශපාලනය නො‌දන්න පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    ශ්‍රී ලංකාවෙ දේශපාලන ඉතිහාසය නො‌දන්න පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    ජවිපෙ වැනි අතීශයින් අවස්ථාවාදී නරුම දේශපාලන කණ්ඩායම් නො‌හඳුනන පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    බලය ඩැහැ ගැනීම සඳහා අසත්‍ය සහ වෛරය වපුරා බලය ඩැහැ ගැනීමට උත්සහ කරන ජවිපෙ නො‌හඳුනන පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    බියගුළු මිනිසෙක් මුග්ධ විප්ලව දෙකක් කර අප දේශයේ මනුෂ්‍යත්වය විනාශ කල බව නො‌දැන සිටි පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    අවියේ බලයෙන ඩැහැ ගත නො‌හැකි වූ බලය කෙසේ හෝ‌ ලබාගැනීම අරමුණු කරගෙන අප දේශය ආ‌ර්ථිකව විනාශ කල හැකි කණ්ඩායම් වලට බලය ලැබෙන සේ දේශපාලන තිරය ඉදිරිපිට සහ තිරය පිටුපස නරුම පාදඩ දේශපාලනයක අකුදි ඇ‌තුළු ජවිපෙ අවස්ථාවාදී අසහෝ‌දරයින් නිරත වීම නො‌දුටු පිරිසක් වූවා නම් අප අකුදිගේ ව්‍යාජ දේශපාලන රංගනයට රැවටෙන්නට ඉඩ තිබුණි.

    අප අකුදි අසහෝ‌දරයා පාදඩ දේශපාලනයේ පතාකයෙක් බව නො‌දැන සිටිය නම් අප අකුදි අසහෝ‌දරයා අව්‍යාජ මිනිසෙක් යැයි රැවටී අකුදි අසහෝ‌දරයාගේ අවස්ථාවාදී කපටි කතා අසා රැවටෙන්නට ඉඩක් තිබුණි.

    තමන් නො‌දන්නා බව නො‌දන්න මිනිසුන් සමහරෙක් හට අකුදි දැවන්තයෙක් වූවාට අපට අකුදි අසහෝ‌දරයා පාදඩ දේශපාලන බාවිතයක් තිබෙන අවස්ථාවාදී දේශපාලනය වන්දනාමාන කරන අයෙක් පමණකි.

    ReplyDelete
  8. ඔය හාදයාත් එක්සත් ජනපදයේ ඉන්න උන්ගේ අතකොළුවක්නේ, ඇමරිකන් ප්ලෑන් බී කොම්පස් project එකට මේ දවස්වල වැඩ... ඔය යක්කු සේරම තාවකාලික project වලට එන උන්, මතකනේ 2019 මහේෂ් සේනානායක හිටපු ආමි ලොක්කා වෙච්ච තට්ට නයාව දාගෙන නටපූ නැටුම, ඌ එක්කත් ආචාර්ය මහාචාර්ය කියාගත්ත එක එක අමුතු පොරවල් ඇවිත් ලොකු ටෝක්ස් දුන්නේ, ආයේ නන්දේගේ වියත් මග එළිය වගේ සංවිධාන වලත් ඔය වගේ සර්කස් කාරයෝ කොච්චර නැටුවා ද? අන්තිමට මොකද වුණේ? බොරු කයිවාරුවයි වාත සුගන්ධයයි පමණයි නේද? 😄

    ReplyDelete
  9. මාතේ, මොන මාතෘකාව යටතේ ලිව්වත් දීර්ඝ ක්‍රිකට් විචාර ලියන ඇනොලා බලාපොරොත්තුවෙන්නෙ මොනවද ?

    ReplyDelete
    Replies
    1. @ AnonymousJune 30, 2024 at 11:43 PM

      පිතිකරුවන්ට පැයට කිලෝමීටර150 කට වඩා වෙිගෙන් බෝල වීසි කරනවා කියලා, මේකා එක්ක බෑ කියලා ගොබ්බ ඇන්ඡලෝ මැතිවුස්ලා වගේ මීහරක් ශ්‍රි ලංකා ක්‍රිකටි ආයතනයෙන්ම පන්නලා දාපු බවුවාව,,. වසර ගණනාවකට පෙර කෝලිගෙ මැදිහත් වීමෙන් ඉන්දීය පුහුණුකරුවන් පිරිස සමග ගෙන්න ගත්තෙ ඔසීලගෙ අධිවේගී වේග පන්දු යවන්නන්ට මුන දෙන්න පුරැදු වෙන්න.. ඒක කෝලිම කීප සැරයක්ම කියලා බවුවව සෑහෙන්න අගේ කරා

      අද වෙන කොට හොද පඩියක් වගේම ඉන්දියාවෙි ක්‍රීඩකයන්ගෙ සුවිශේෂී පිලිගැනීම මැද බවුවා සැපට ඉන්නවා..

      ලංකාවෙි හිටියා නම් ජොබ් එකත් නැතුව SSC එක ලග තාම වැන් වල හයර් දුවනවා....මේ වගේ රටේ තියෙන ඉතාම සීමිත නමූත් වටිනාම සම්පත් වලට පයින් ගහලා තමයි ලංකාවේ මෑතකාලීන ක්‍රිකටි පරිපාලනය නාගන්න පටන් ගත්තේ... අපි අරගල කරන්නේ ඒකට, මේක දේශපාලන අරගල වලට සමාන්තරව දිවෙන ඒ හා සම්බන්ධ සමගාමීව පැවැත්වෙන අරගලයක්!

      Delete
    2. @@ both guys

      ඔබලා මෙතන සඳහන් කර තිබෙන (අම්මට) ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු විසිකරන පුහුණුකරුවකු විදියට සේවය කරමින් සිටි බව්වා යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටින නුවන් සෙනෙවිරත්නව අපි දන්නා තරමින් කණ්ඩායමෙන් එලවා ගත් බව කියන්නේ ඒ නුවන්ගේ පන්දු වේගයෙන් එනවා වැඩි නිසා ඇගේ වැදී ආබාද ඇති වෙන්න පුළුවන් වගේ කථා නිසා එදා ඉදපු ජාතික කණ්ඩයමේ උන්දලා බලධාරින්ට කේලම් කියලා එලවා ගත්තාලු.

      හැබැයි 2018 දි තමයි නුවන්ව ඉන්දියාවේන් බඳවා ගන්නවා කියලා සඳහන් වෙන්නේ. ඒ නිෂ්චිත කාර්යක් සදහා. ඒ තමයි ඉන්දියාව එවකට පකිස්ථානයේ මොහොමඩ් අමිර් වගේ වමත් වේග පන්දු යවන්නන්ට දක්වපු දැඩි අසාර්ථකත්වයට පිළිතුරු සොයා යාමේ දැඩි උවමනාවක් ඉන්දීය කණ්ඩායමට තිබුණ නිසා. නුවන් ඉන්දියාව බදවාගන්නා විටත් සචින්, ඩ්‍රාවිඩ් වැනි කාලයේ සිට වේගවත් පන්දු විසිකරන්නෙක් වු රඝූ ඉන්දීය කණ්ඩායමේ සිට තිබෙනවා. නමුත් නුවන් වමතින් ඉතා වේගයෙන් පන්දු විසිකරන්නෙක් නිසා ඉන්දියාවේ සැලැස්මට නුවන් ගැලපි තිබෙනවා.

      වමත් වේග පන්දු යවන්නන් ඉදිරියේ ඉන්දියානු ක්‍රිඩකයන් දැක්වු දැඩි දුර්වලතාවය ක්‍රම ක්‍රමයෙන් මෙයින් විසදාගන්න පටන් ගන්නවා.

      ටික දිනකට පසුව විරාත් කෝලිගේ පුද්ගලික පන්දු විසිකරන්නෙක් බවට නුවන් පත්වු බව කියවෙනවා. විරාත්
      කෝලි 2024 ටී20 අවසන් මහා තරගයේ පමණක් හෝ ලකුණු රැස් කර ලෝක කුසලානයක් දිනා දුන් ලෙජන්ඩ් කෙනෙක් විදියට රසික ආදරය මැද සමුගද්දි එම දෙදෙනා එකතුව ඡායාරුපයක් ගැනිම හරහා නොකියවෙන දහසක් දේ මේ තුල ඇති බව වටහා ගන්නට පුළුවන්.

      ලංකාවේ කණ්ඩායමට සේවය සලසද්දී විවිධ කේලම් කියා නුවන්ව එලවාගත් එවකට කණ්ඩායමේ සිටි ලංකාවේ උන්දලා සමහරක් විට අද ලෝ බජට් ගොබ්බ ලෙජන්ලා වෙලා ක්‍රිකට් උගන්නනවා, තව එකෙක් තාම හොම්බෙන් යන කණ්ඩායමේ ගොබ්බ සීනියරයෙක් වෙලා ගොන් ආතල් දෙනවා. එය තම තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති.

      ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙන්න එක අමුතු එක හේතුවක් නෙවේ හේතු දහ දහසකටත් වඩා තියෙනවා හැබැයි ඒ හැම හේතුවකම තියන මූලිකම ලක්ෂණය දුර්වල කළමණාකරනය, පවුඩර් මලෙන් පවුඩර් දාන පුයර බබාලා වගේ ගොබ්බ ලපටියො ටිකක් ජාතික කණ්ඩායමේ හැදිම, පුද්ගලික කැමැති අකමැතිකම් වලට කැපිල්ල, මුදල් වලින් සියල්ලම කල හැකි කියා විශ්වාස කිරිම, විනය බින්දුවටම පිරිහිම, වැනි අමන අදහස් නිසා අපි බලා සිටියදි අධි වේගයෙන් ලංකාවේ ක්‍රිකට් වල පල්ලට යමින් තිබෙන බව ඉතාමත්ම ප්‍රබල ලෙස පේන්න තියෙනවා.

      Delete
  10. ආර් සම්පන්තන් මැතිතුමා අභාවප්‍රාප්ත වෙලා නේද මාතේ, සම්බන්ධන් මැතිතුමාට ඔහුගේ ආගම අනුව ඔහු බලාපොරොත්තු වූ තැනට යන්න ලැබේවා. සම්බන්ධන් මැතිතුමාට වයස අවුරුදු 91 වුනත් ඔහු මිය යන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අපේ සිංහල මිනිස්සු වගේ වයස 70 වුනු ගමන් නාකියෙක් කියලා ඒ මනුස්සයට අපහාස කලේ නෑ දෙමළ මිනිස්සු. සිංහලයට ඕන දෙයක් මතක තියෙන්නෙ සති 2යි කියල ප්‍රභාකරනුත් කියලා තියෙන්නෙ නිකන් නෙමෙයිනෙ

    ReplyDelete
  11. @ මාතලන්

    ඔය ගැන අලි සබ්රි හොඳට පැහැදිලිව කිව්වා මතකද 2022 ලංකාව ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මාධ්‍ය වලට අනාවරණය කළා

    එවකට ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

    මහා ආර්ථික මොළයයි තමන්ව හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න වගේ මෙලෝ වැඩකට නැති අමුම අමු තකතීරු ජෝකරේලා සමඟ ලංකාවේ එතෙක් මෙතෙක් පහළවූ විසුළු සහගතම දේසපාලුවා වූ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවත් ඔවුන් භාණ්ඩාගාරයේ ලේඛන හා ඉදිරිපත් කළ කරුණු දැක දැඩිලෙස බියට පත් වූ බවත් ගෝඨාභය රාජපක්ෂගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

    එම මොහොතේ නම් රට කවදාවත්ම බේරා ගැනීමට නොහැකි බවත් මෙම අර්බුදය නවතින්නේ ලිබියාව, ලෙබනනය, ග්‍රීසිය වැනි තත්ත්වයකට පත්වී මහා ලේ වැගිරිමකින් බවත් ඔවුන් දුන් උත්තරය බවත් අලි සබ්රි ඇමතිවරයා කියා සිටියේය.

    රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක‍්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ඔහු කීවේ;

    "මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායක ජෝකර් හා එම පක්ෂයේ ඉන්නවා කියන මහා ලොකු බයිලා ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කියලා දැඩිලෙස බයට පත්වෙලා හපෝ අපට නම් බෑ කිව්වා.

    ඊට පස්සෙත් රට වැටෙන්නේ නැති බව තේරුනාම වට්ටන්නත් සෑහෙන බාල්දි වගයක් පෙරලුවා හර්ශ ද සිල්වා. පෝට් සිටියට එන්න නියමිතව තිබූ අයෝජන ප්‍රමානයක් පවා නැවැත්තුවා COPA එකේ ඉදගෙන.

    ReplyDelete
  12. අවි ගත්තෝ අවියෙන්ම නැසේ වගේම තමා අනුන් හිරේ දාන්න නිතරම හිතන ඇත්තෝ තමාම හිරේ යති

    ReplyDelete
  13. බොරු මරිසි දාන්න එපා මාතලන්. රනිල් මෑතකදී ගහන විශාලතම දේශපාලන ගේම් එක ගහන්නෙ මේ මොහොතේ. ඒක ඔහුගේ අන්තිම තුරුම්පුව, ඒ නිසා මේක රනිල්ට ඩෙත් ගේම් එකක්.

    ඔහු 13 දෙන බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කළේ රට එක්සේසත් කරන්න ගෝටට හම්බුණ ජනබලයෙන් ලැබුණු ජනාධිපති බලතල තමයි මේ ඔහු ඊට සම්පූර්නයෙන්ම පරස්පර 13 ඉක්මවා පලාත් සභාවලට බලතල දෙන්න පාවිච්චි කරන්නෙ.

    රනිල්ගෙ අරමුණ සජබෙ හා පොහොට්ටුවෙ ඉන්න දමිළ මුස්ලිම් පක්ෂ ටික බා ගැනීම.

    ඔය සුළු ජාතික පක්ෂ බා ගැනීම හා සජබෙන් තව ටිකක් ආපසු අලියා වෙත ගෙන්න ගැනීම එකම පැකේජයක් තුළ කර ගැනීම හැර විසඳුමක් රනිල්ට නෑ.

    යන එන මං නැති වෙල ඉන්න පොහොට්ටුවෙ සමහරක් වුණත් තමා සරණ යන්න බැරි නෑ කියල ඔහු හිතනව. ජවිපෙට පාවෙන චන්ද කොටසක් කැඩී යාමෙන් සජබෙ දුර්වල වෙයි කියන තත්වයේ වාසියට තමයි මේ රනිල් රුවල් නග්ගන්නෙ.

    මේ ට්‍රයි එක ගන්න රනිල් 13 දෙන එක නෙමෙයි ඊට වැඩි දෙයක් වුණත් කරනව.

    කණ්ඩායම් විවාදයට අනුර කැමති නෑ. කේවල විවාදයට සජිත් කැමති නෑ. එච්චරයි.

    මහින්ද බොරු කරනකොටත් අපි කිව්වා. අනුර කුමාර කරනකොටත් අපි කියනවා.

    සජිත් එන්නෑ කියල තියෙද්දි රනිල්ගෙ අයි.ටී.එන් එකේ වාඩි වෙලා පුටු දෙකක් තියාගෙන බොරු මරිසි දාන්න එපා. සජිත් අපිට වැඩකුත් නෑ. හැබැයි ඔයාල කරන දේවලුත් අපි හොඳට දන්නවා.ගමේ ගොඩේ කතාවක් තියෙනව කෙනෙක් ඕනවට වඩා දඟලල අකාලයේ මරණයට පත් වුණාම, "මේකා මැරෙන්න තමයි ඔච්චර දැඟලුවෙ" කියල. "යන්න කිට්ටු වෙලා තමයි ඔය" කියල මිනිස්සු කියනව.

    මේකෙන් ගන්න තියෙන්නෙ ඔච්චරයි.

    ReplyDelete
  14. First of all you must admit that capitalists often say that the USSRs fall is a sign of weakness with the socialist system, but it was capitalism that destroyed the USSR, not socialism, coz GDP was rising every year in USSR. But politicians were working for capitalist. They destroyed everything in last 5-10 years of USSR. And Gorbachev was working fully for USA government and capitaloid banksters. After the "death" of soviet führer, Stalin, politicians were working for the country's destruction, slowly. USSR was destroyed by money with money, and by corrupt politicians.

    ReplyDelete
  15. උඩුගමසූරිය ඇතුලු ඔය ක්වන්ටම් ලීප් රැස්වීමට ආපු විදේශීය පිරිස එක්සත් ජනපදය විසින් ලංකාවේ යම් ව්‍යාපෘතියකට පත් කරන ලද එරට වසන ලාංකික සම්භවයක් ඇති නියෝජිත පිරිසකි. ජවිපෙ මාලිමාව ඔවුන් මේවන විට යොදාගෙන ඇත්තේ ලංකාවේ පාලනය මෙහෙයවන ටූල් එකක් ලෙසයි. රනිල් ද සජිත් ද අනුර ද ආදී වශයෙන් ඊළඟට පත්වන පාලකයා ඇතුලු ප්‍රධාන තීරණ සියල්ල පාහේ පිටින් තීරණය වනු ඇති අතරම ලංකාවේ වැරදි අධ්‍යාපන ක්‍රම වේදය මගින් ජාතීන් ආගම් වශයෙන් මෙන්ම ස්ත්‍රී පුරුශ වශයෙන්ද බෙදා වෙන්කල පාසැල් මගින් උගන්වන අතර වැඩි වියට පත් වූ පසු හැමදෙනාටම සාමයෙන් සමගියෙන් ඉන්නා ලෙස බල කරයි. නමුත් ඔවුනොවුන් අන්‍යෝන්‍ය වශයෙන් බියෙන් සැකෙන් ජීවත් වෙති. මිශ්‍ර පාසැල් තිබෙන නමුත් ඒවායේද තමා කවරෙක්දැයි හදුනාගත හැකි අන්‍යෝන්‍ය වෙනස්කම් පිලිගන්නා නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොමැතිවීමෙන් අප තුල වෙනස් පවතින වැරදි දුක්කිත ක්‍රමයට අනුගාමී රොබෝවරුන් බිහිවේ. අපතුල උපදින ඔවුන් අපවම ප්‍රතික්ෂේප කරයි. අනෙකා දෙස සැකයෙන් බලයි. අප සමාජයේ බොහෝවිට මිනිසුන් ගැහැනුන් සත්‍ය ලෙස හදුනන්නේ විවාහයෙන් පසුවයි. එමනිසා ඉතාම දුක්ක දායක ලෙස විශේෂයෙන් සින්හල බෞද්ධ විවාහකයන් අතර දික්කසාද ඉතා ඉහල අගයක තිබේ. රට කරවන නීතිඥ ප්‍රජාවට හා කට්ටඩියන්ට නම් මෙය කනගාටුවට කරුනක් නොවේ. නමුත් මේ ගැටලුව රටේ ප්‍රගමනය ට මහත් බාදාවක් වී ඇත. රස්සාව පරස්පරතව හා අතිශයින්ම ජීව විද්‍යාත්මක හැගීම් අතර සිරවන රටේ තරුන ජීවිත ද ඔවුන්ගෙන් උපදින දරුවන් ද මෙයින් මහත් පීඩාවට පත්වන්නේය. නිශ්පාදනයට උචිත මානසිකත්වයක් ඔවුනට ඇති නොවේ. පීඩිත පරපුරක යැපෙන්නන් වැඩිවේ. ලමා අපචාර කාන්තා හින්සන,මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගබ්සා වල පියවරුන් වන්නේ එම පීඩනයයි. නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් මගින් පොලීසි උසාවි මානසික රෝහල් මෙන්ම දේවාලද අඩුකල හැකිය. නමුත් රට කරවන නීතිඥ යන්ට,නිලධාරීන්ට රස්සා නැති වනු ඇත. නමුත් ඒ ආයතන නඩත්තුවට යන මුදල් මගින් ඔවුන්ට පහසුකම් දිය හැකිය. යැපෙන්නන් අඩු කල හැක .රටේ පීඩිත නොවන මිනිසුන් නිශ්පාදනය නිසැක ලෙසම වැඩිකරනු ඇත.
    අසහාය ප්‍රේම ගී ගායකයෙක් වන පුන්සිරි සොයිසා මහතාගේ ගීය මෙම ගැටලුවල තවත් පැතිකඩකි.
    "ඔබ නොවන ඔබ" කෘතිය බලන්න.

    ReplyDelete
  16. මාතේ ෆොන්සේකා දැනටමත් රනිල් වික්‍රමසිංහ ලගට ගිහින් ඉවරයි. රාජිතගේ තලතා අතුකෝරලගේ ඉඳලා තව සෙට් එකක් ඉක්මනට ඒවි ඒ වගේම මාතේලා බලාපොරොත්තු වෙන විදිහට ගේම් එක play වෙන්නෙ නෑ ... අනික ඒව ප්‍රසිද්ධ කරගෙන කරන්න ඕන වැඩත් නෙමෙයි

    අනික මහින්දල ළඟ හිටපු එවුන් මහින්දලට ( සරා පොන්සේකල , සිරිසේනල , විමල්ල වගේ එවුන් )
    ඇරපු විදිහට රනිල් කියන්නෙ තවත් අරින එකෙක් විතරයි, මහින්දල එදත් යක්කුන්ගෙන් වැඩ ගත්ත, අදත් එහෙමයි

    මාතේලා තවම දණ ගානව.

    ඊට පස්සේ සජිත් අනුර දිලිත්ට බලන් ඉන්න තමයි තියෙන්නේ 😅කොහොමත් පොහොට්ටුව කියන්නේ දැන් රනිල් තමයි. පොහොට්ටුවේ සෙට් එකට ඉලග පාර පාර්ලිමේන්තු එන්න එයාලට නායකයෙක් ඕන. ඉතිං දැං ඉන්න කරන්නේ නායකයව ජනාධිපති කරන එක තමයි. සමහරවිට රනිල් සජබෙනුත් ටිකක් ගලවා ගනී.

    ReplyDelete
  17. වර්තමාන ලෝකය ඉතා වේගයෙන් හරිත බලශක්ති කරා ඇදී යයි. බහුතරයක් හරිත බලශක්ති ප්‍රභව (සූර්ය කෝෂ, සුළං බලශක්ති වැනි) ශක්තිය ජනනය කරන්නේ පරිසර ස්වභාවය අනුවය. මේ නිසා මෙම බලශක්ති ප්‍රභව තුලින් ශක්තිය ජනනය කිරීමේදී ශක්ති ගබඩාකරණය අනිවාර්ය වෙයි.

    එසේම ලෝකයේ ඇතිවෙමින් පවතින විශාලම අභියෝගයක් නම් ලෝකයේ ආර්ථික සංවර්ධනය සමග වේගවත්ව විස්තාරණය වන ශක්ති ජාල (energy grids) සඳහා තඹ සහ ඇලුමිනියම් වැනි ලෝහ සැපයීමයි. මේ සඳහා සුදුසුම විසඳුමක් ලෙස isolated microgrids යෝජනා වෙයි. මෙම කාරණා දෙකටම බැටරි බලශක්ති ගබඩා පද්ධති (battery energy storage systems) අත්‍යවශ්‍ය අංගයක් වේ.

    මීට අමතරව යතුරුපැදිවල සිට අභ්‍යවකාශ තරණය දක්වා ප්‍රවාහන මාධ්‍ය තව වසර කිහිපයකින් සම්පූර්ණයෙන්ම පාහේ විදුලිබලය මත පමණක් පදනම් වනු ඇත. ඒ සමගම බැටරි කර්මාන්තය සඳහා එන ඉල්ලුම සිතා ගැනීමටවත් නොහැකි පරිමාවකි.

    මේ අනුව අද බැටරි ගබඩා පද්ධති හඳුන්වන්නේ ලෝකයේ බලශක්ති අනාගතය (world energy future) ලෙසටය.

    අනාගත බැටරි තාක්ෂණය මුළුමනින්ම බැර ලෝහ මත ගොඩනැගෙනු ඇතැයි බොහෝ දෙනා මත පළකරති. මේ අනුව අප්‍රිකා මහාද්වීපයේ පහල කොටසේ (Southern African region) ඇති විශාල බැර ලෝහ නිධි වෙත ලෝකයේ අවධානය යොමු වී ඇත. Rio Tinto ආයතනයට ආරාධනා කල සරසවි පහ දෙස බලන විට ඔබට යම් නොපෑහෙන ගතියක් දැකිය හැක. ලෝකයේ ඉහලම ඇති සරසවි හතරක් සමග අංකනය දෙසිය ගණනක වූ අපේ සරසවිය කරන්නේ කුමක්දැයි ඔබට සිතෙනු ඇත. නමුත් අප්‍රිකා මහාද්වීපයේ ඇති භූවිද්‍යාව පිලිබඳ පැරණිම සහ විශාලතම පර්යේෂණ ආයතනය විට්ස් සරසවියයි. එසේම දකුණු අප්‍රිකානු කලාපයේ ඇති ලෝකයේ ධනවත්ම ලෝහ නිධි අයත් කොම්පැණි තාක්ෂණික සහය ලබා ගන්නේ අපේ සරසවියෙන්ය.

    දැන් අපි ලංකාව දෙසට හැරෙමු. ලෝකයේ ගොඩබිම් ප්‍රදේශ වල ඇති ඛනිජ සම්පත් මෙන් දස ගුණයකට වැඩි ප්‍රමාණයක් සාගර පතුලේ ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. බැර ලෝහ සම්බන්ධයෙන්ද මෙය සත්‍යවේ.

    සාගර පතුලෙන් අභ්‍යන්තරයේ ඇති ලෝහ පිළිබඳව අදහසක් ලබා ගැනීම සඳහා ක්‍රම වේද රාශියක් ඇත. මින් seismic surveys, electromagnetic surveys, side-scan sonar, multibeam echosounder ආදී ක්‍රමවේදයන් සඳහා මුහුදේ යාත්‍රාකරන නැවක සිට හෝ චන්ද්‍රිකා / ලයිඩර් තාක්ෂණය ඔස්සේ කටයුතු කල හැක.

    එහෙත් sediment and water column sampling, Autonomous Underwater Vehicles (AUVs) and Remotely Operated Vehicles (ROVs) වැනි තාක්ෂණයන් උපයෝගී කරගැනීමට දීර්ඝ කාලයක් යම් මුහුදු සීමාවක රැඳී සිටිය යුතුය. මෙම දෙවනුව සඳහන් කල ක්‍රමවේදයන් වඩා නිවැරදි ප්‍රමාණික දත්ත ලබා දෙයි. මේ නිසා මෙවැනි ලෝහ නිධි ගොඩ ගැනීමට ආයෝජනයන් කිරීමට පෙර දෙවැනි ක්‍රමවේදයන් ක්‍රියාවේ යෙදවීම අත්‍යවශ්‍ය වෙයි. මේ සඳහා සාගර සීමාව අයිති රටෙන් අවසර ගැනීම අනිවාර්ය වෙයි.

    මට හැඟෙන ආකාරයට මේ වන විටත් චීනය, ඉන්දියාව, ඇමරිකාව සහ විශාල පරිමාණයේ පෞද්ගලික කොම්පැණි කිහිපයක් පළමුව සඳහන් කල ක්‍රමවේදයන් ඔස්සේ යම් පමණක ගවේෂණ ලංකාවට අයත් සාගර කලාපයේ සිදුකර යම් ගුණාත්මක තක්සේරුවක් ලබා ගෙන ඇත. එහි ප්‍රතිඵල ඔවුන්ගේ ඉලක්ක සඳහා ඉතා ධනාත්මක බවද මට හැඟී යයි. එහෙත් ප්‍රමාණික දත්ත ලබා ගැනීමට නම් ලංකා මුහුදු කලාපයේ දීර්ඝ කාලයක් රැඳී සිට ගවේෂණ සිදුකිරීම අනිවාර්ය වෙයි. මේ ගැන ඉව වැටී දෝ (නැත්නම් එක් කෙනෙක් තරහා කරගැනීමට නොහැකි නිසාදේ) ලංකා රජය පසුගිය කාලයේ චීනය, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකින්ම මෙම කලාපයේ සාගර ගවේෂණයට ඉල්ලා ඇති අවසරයන් ලබා දුන්නේ නැත. ලංකාවේ නව තානාපතිනිය ලෙස එක්සත් ජනපදය
    එලිසබෙත් හෝර්ස්ට් එවන විට භාරතය ලංකාවේ දකුණු මුහුදේ කොබෝල්ට් නිධි වෙත ආකර්ෂණය වීම වැළැක්විය නොහැකිව ඇත.

    මේක බලන්න

    https://m.youtube.com/watch?v=SVF5FJt1IQE

    මේකත් බලන්න

    https://www.youtube.com/watch?v=49hVzOaxrnY

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න