.

.

Oct 14, 2024

ගන්දස්සාර බේරේ මැද ඉඳිවූ සිනමන් ලයිෆ් මන්දිරේ සහ මධ්‍යම පරිසර අධිකාරිය


 

ගන්දස්සාර බේරේ මැද ඉඳිවූ

සිනමන් ලයිෆ් මන්දිරේ සහ

මධ්‍යම පරිසර අධිකාරිය

➖➖➖➖➖➖➖🔴➖


.

ලංකාවේ පෞද්ගලික අංශය විසින් කරන ලද විශාලම ආයෝජනයේ එක කොටසක් අද විවෘත වෙනවා... එ තමා ඩොලර් බිලියන 1.2 ක වියදමින්... ඉස්සර කොම්පඤ්ඤ වීදියේ එලිෆන්ට් හවුස් කැෆේ භූමීයේ ඉඳිකරන ලද Cinnamon Life ප්‍රොජෙක්ට් එක...


මේක ෂොපින් මෝල්, සම්මන්ත්‍රණ ශාලා, අධි සුඛෝපභෝගී නිවාස සහ  තරු පන්තියේ හෝටලයක් සහිත දැවැන්තම ප්‍රොජෙක්ට් එකක්....


ඕක ඇතුලේ තත්වය කොහොම වුනත් ඔය පැත්ත පලාතේ AC වාහනෙකින් ගියත් යන්න බැරි තරමට ගන්දස්සාරේ ඉන්න බෑ... ඒ බේරේ වැවේ ගන්දස්සාරේ....


පහුගිය ආන්ඩු සමයේ බේරේ වැව විදෙස් ආධාර යටතේ විදෙස් සමාගමක් මගින් නොමිළේම පවිත්‍ර කර දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුනත්.... මධ්‍යම පරිසර අධිකාරිය ඒකට අවසර දුන්නේ නෑ...


ඒකට හේතුව රාජ්‍ය නිළධාරී මාෆියාව... මොකෝ නොමිළේ වෙන වැඩක් නේ.... ඉතින් ජරාව කන්න විදියක් නෑ...


ලංකාවේ දේශපාලුවන්ට වඩා රාජ්‍ය ධනය මංකොල්ලකෑවෙත් මහභාන්ඩාගාරේ සුද්ද කළෙත් ඔය රාජ්‍ය නිළධාරී මාෆියාව....


චීන පෝර නැව ආපහු හරවලා යැවුවෙත්, ඉන්දියාවෙන් බිත්තර ගේන්න නොදුන්නෙත් ඕකුන්ම තමා... ඒකට ජවිපේ දේශපාලනය හා හූනියන්  සංගමුත් බලපෑවා....


ජනාධිපති සඕදරයත් වායූ සමීකරණය කරණ ලද සැප පහසු කාමර වල ඉන්න නිසා මේ දුර්ගන්ධය නොදැනුනත් මේක ප්‍රධානම නඟරයේ පිරිසිඳු කමටත් නමටත් සංචාරක ව්‍යාපාරයටත් කරන හානිය සුළුපටු එකක් නෙමේ....


දැන් එයාලගෙ ආන්ඩුවක් තියෙන නිසා බේරේ ක්ලින් කළොත් ආයෙත් දවසක ජනාධිපති සඕදරයගෙ පාක්ෂිකයින් බේරේ දැම්මත් කිසි අවුලක් නැතිව බල්ටි ගගහා ඉන්න පුලුවන් වෙයි...


ඕක ශුද්ද පවිත්‍ර කළොත් අර බෙන්තොට ගඟේ කරන ඔක්කොම වෝටර් ස්පෝර්ට්ස් කොළඹම කරලා වෙනම ගානක් හොයන්න පුළුවන්.....


ඒ වගත් මෙසේය.....

.

11 comments:

  1. ඔය පක්ෂෙ කලේ අධ්‍යාපන දවල පත්‍රිකාවේ ඉඳලම කලේ වැරදි තොරතුරු සමාජගත කරපු එක.මෙයාලගේ වැඩ හින්ද තරුණයින්ට උන චින්තනමය විනාශය ඇස්තමෙින්තු කරන්න බැහැ. අනුර කියපු කතාවෙන් මට මට තේරුණ දෙයක් තමයි බොරැ කියලා කියලා දැන් චෙක් මේට් වෙලා මටනං හිතෙන්නෙ එක්කෝ බලය අතහරින්න වෙනවා.....නැත්තං දර්ශනය අතාරින්න වෙනවා......සරලවම කිව්වොත් එහෙම මේ යන විදියට විදියට විජේවීරගේ ෆොටෝ එක අයින් කරලා පක්ස කාර්යාලයේ රනිල්ගෙ ෆොටෝ එක ගහගන්න වෙනවා 🤣🤣

    ReplyDelete
  2. සතියෙන්ද හැදුවේ කියලා අහන උන්ට උත්තරේ....හැදුවෙනම් සතියෙන් නෙමෙයී .... ඒත් ඔය හොටෙල් එක හැදුවට...අනුර ජනාදිපති වෙන තුරු එය විවෘත නොකරන බව හොටෙල් හිමිකාර සමාගම විසින් ජාත්‍යන්තර මාද්‍යට පවසා ඇති බව ඔබ දන්නවාද.... අනුර ජ්නාදිපති නොවුනන්ම් රටට වටිනා සම්පතක් කිසිදා විවෘත නොවනුනු ගොඩනැගිල්ලක් ලෙස වැලලී යනු ඇත 😪👍

    ReplyDelete
  3. මාතේ,

    ජාතික ජන බලවේගය විසින් සමාජ ගතකරනු ලැබූ උගන්ඩා කතාවට දැන් ලංකාවේ වගේම පිටරටවල ඉන්න ලාංකික ජනතාව ගොඩක් දෙනා හිනා වෙනවා. නමුත් මට මතකයි 2022 මට මෙල්බන් නගරයේ පන්සලකදී මුණ ගැසුණු ලාංකික අයෙක් කිව්වෙ මහින්ද ප්ලේන් තුනක උගන්ඩාවට සල්ලි අරන් ගියා කියලා. ඔහු රුපියල් බිලියන ලොකු ගණනක අගයකුත් කිව්වා.

    මමත් එය විශ්වාස කරපු බව අඟවලා ඇහුවෙ දැන් එතකොට රාජපක්ෂ හොර රැල ඒ අරන් ගියේ 'රුපියල්' නෝට්ටුද 'ඩොලර්' නෝට්ටුද කියලා. මොකද ඔහු කීවේ 'රුපියල්' බිලියන ගණනක මුදලක් නිසා. ඔහු එකපාරටම 'රුපියල්' කියලා පස්සෙ ආයෙ ඒක වෙනස්කරලා 'ඩොලර්' කියලා කිව්වා. උගන්ඩාවට රුපියල් ගෙනිහින් වැඩක් නෑ කියල ඔහුටම කල්පනා වෙන්න ඇති.

    ඒ වෙලාවෙ මම ඒක බොරුවක් කියලා තර්ක කරන්න ගියා නම් සමහර විට ඔහු මට පන්සල ඇතුළෙදිම ගහනවා. ඔහු තමන් කියපු කතාව තරයේ විශ්වාස කරපු බව පෙනුනා. ඔහු ඕස්ට්‍රේලියාවෙ පරිගණක වෘත්තිකයකු ලෙස සේවය කරන අයෙක්. ඕන්න ඕකයි තත්වය 😪

    ReplyDelete
    Replies
    1. ඇනෝ, ලංකාවෙ ඉන්නෙ ගොබෙල්ස් ගොයියට කියාපු සෙට් එක. මුන්ව අන්දන්න පුළුවන් ආයෙ ලොවෙත් නැති වෙන්න.. කෙලින්ම කපලා මහලා ඇඳ ගන්නෙ..පහුගිය අවුරුදු පහලව ඇතුලුත මුන් (ටොයියන් සහ ජෙප්පන්) විසින් ගිල දාපු ලණු වලින් සමහරක් තමා මේ තියෙන්නෙ..
      1. ඩුබායි වල මැරියට් හෝටලය රාජපක්ශලාගේ.
      2. ලැම්බෝගිනි
      3. රත්තරන් අස්වයන්
      4. ගෝටාගේ මිනී මෝරු
      5. උගන්ඩා සල්ලි
      6. පාස්කු ප්‍රහාරය කළේ ගෝටා
      7. යුද්ධය ජයගත්තේ සරත් ෆොන්සේකා තනියම. මහින්ද ඒ වෙලාවේ ජනාධිපති වෙලා හිටියා විතරයි.
      තව තියනවා හෙන සෙට් එකක් මේ වෙලාවෙ මතක් වෙන්නෑ.. මතක් වුනොත් ලියලා දාන්න.

      මුන්ගෙ මේ පදනමක් නැති විකාර හින්දා වුනේ ඇත්තම චූදිතයන් හැංගිලා අදටත් හොරකම් කරණ එක..

      Delete
    2. Agree with both of you guts 😅🤣😂

      දැක්ක නේද වීඩියෝ එක?

      "පොඩ්ඩක් චොරි ඈ, තොමස් ඩි ලාරු කොම්පැනිය උගන්ඩා රාජ්‍යයට ප්‍රින්ට් කරපු සල්ලි තමයි ප්ලේන් එකේ ගෙනිහින් තියෙන්නෙ ඈ...රාජපක්සලා ගේ සල්ලි නෙමෙයි ඈ.."
      මීට අවංක උගන්ඩා කුමාරි 😁😁

      Delete
  4. සැළකියයුතු රැකියා ප්‍රමාණයක් උත්පාදනය වන්නටත් බලපාන ආර්ථික කලාපයක් නිර්මාණය කරන්න පුලුවන්

    ReplyDelete
  5. මාතා,

    මේ නිව්ස් එක ගැන ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ සාමාජිකත්වය දරන කෙනෙක් ලෙස මාතලන්ගේ මතය කුමක්ද?

    මෙහෙම අසත්‍ය ප්‍රකාශ කිරීම සාධාරණීකරණය කිරීමට පුළුවන් ද?

    ///

    ජාතික ජන බලවේග රජයක් යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීමට අරමුණු කරන බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

    රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් හෝ භාවිත කරමින් ඇත්නම් තමා ප්‍රමුඛ ජාජබ රජයට ඉතාම ඉක්මනින්ම එම මුදල් නැවත ලබා ගත හැකි බවත් ඇය පෙන්වා දෙයි.

    පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද ඇය පවසන්නීය.

    පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ද ඇය අවධාරණය කරයි.

    රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පැවසුවාය.

    “මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුළෙ බොහෝ අවලාදවලට මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලීනව මට ඇතැමුන් ඉතාම අපහාසාත්මක නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. ඒ පිළිබඳව මගේ දැඩි විරෝධය සහ අප්‍රසාදය ප්‍රකාශ කිරීමට අවශ්‍යයි. එබඳු මඩ ප්‍රහාර එල්ල කරන අයට ඉදිරියේදි නිසි ලෙස නීත්‍යනුකූල ලෙස කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා.

    කොහොමවුණත් මෙතනදී මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා කියන එක.

    ඒ අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා. තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළා, ඒක තමයි සමාජය විසින් කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලා රූ සමාගම විසින් ලැබුණු ඇනවුමකට අනුව කරපු මුදල් රැගෙන යාමක්.

    නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තිබෙන්නට පුළුවන් බව. කළු සල්ලි සුදුකරපු ඒවා තියෙනවා ඇති. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ. ඒ මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙනයාම් වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගයේ නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. මේ මොහොතේදී මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය අමතක කොට දමන ලෙසත් ඒ වෙනුවට ඉදිරියේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මන්ත්‍රීධුරයක් ජනතාව ලබාදුන්නොත් නම් එසේ වංචා කර තිබෙන මුදල් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරමින් වැඩ කරන බවයි."

    -ලංකාදීප///

    කෝ මේවට උත්තර දෙන්න මාතලන්?

    ReplyDelete
  6. මෙවර මහා මැතිවරණයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණය කැඳවීම කළ ගැසට් පත්‍රයේ දෝෂයක් තිබෙන බව මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වී තිබේ.

    තාක්ෂණික කාරණයක් වුවත් අකුරට නීතියට වැඩ කරන්න පැමිණි ජනාධිපති සහෝදරයාට මෙය වස නින්දාවකි. මට නම් පෙනෙන්නේ එය කිසිවෙකු විසින් හිතාමතාම නව සිංහල බෞද්ධ නායකයා වන අනුර දිසානායක සහෝදරයා අපහසුතාවයකට පත් කිරීමට ගත් කූට උත්සාහයක් බවය.

    ජනාධිපතිගේ එම කුළුඳුල් තීරණය වැරදි යැයි අධිකරණයෙන් ඔප්පු වුවහොත් වෙන්නේ මළ හත්ඉලව්වකි. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම අවලංගු වේ. නැවත විසුරුවන දිනය දක්වා මන්ත්‍රිවරුන්ට පඩි ගෙවීමට සිදු වේ. ඒ ජනතා බදු මුදල් නාස්තිය ජනාධිපතිගේ වරදින් වන බව විපක්ෂය චෝදනා කරනු ඇත. නැත්නම් එය ගෙවන්නේ අනුර සහෝදරයාගේ අම්මගේ අප්පගේ බූදලයෙන්ද කියා උන් ප්‍රශ්න කරනු ඇත. එය අපට ලැජ්ජාවකි. ඊටත් වඩා බරපතල ප්‍රශ්නය වන්නේ මැතිවරණ දිනය කල් දැමීමට සිදු වීමය. මහා මැතිවරණයම නැවත ප්‍රකාශයට පත් කිරීමට සිදු වේ. නාම යෝජනා පවා අලුතෙන් දීමට සිදු විය හැකිය. මේ සා විශාල වරදක් සිදු වුණේ කොහොමද?

    පාර්ලිමේන්තුව විසුරුවීම, මැතිවරණ කැඳවීම වැනි මූලික විධායක ක්‍රියා සුළුපටු ඒවා නොවේ. ඒ ක්‍රියාකාරකම්වලදී බෙහෙවින් ප්‍රවේශම් විය යුතුය. රාජ්‍ය පාලනයේ අත්දැකීම් බිංදුව වුවත් අඩුම තරමින් අදාළ ලේකම්ලා විසින් ජනාධිපති සහෝදරයාට මෙවැනි ලණු නොදී සිටිය යුතුය. කොළඹ ප්‍රභූ පැලැන්තිය සහ රාජ්‍ය නිලධාරී කල්ලිය තඹුත්තේගම අනුර සහෝදරයාව ජනතාව ඉදිරියේ ජෝක් එකක් කරන්නේ මෙන්න මේ ආකාරයටය. මෙය වහාම පාලනය කළ යුතුය. මෙම සිංහල බෞද්ධ නායකයා රැක ගත යුතුය.

    දවසක් දෙකක් එහෙට මෙහෙට වුණාට මොකද කියා ඇසුවාට බැරිය. නීතිය නම් නීතියයි. අධිකරණයේ දවසක් පහු වුණොත් නඩුවක් ගොනු කිරීමටත් නොහැකිය. අධිකරණයට දේශපාලන බලපෑම් නොකළ යුතුය. ජනාධිපති සහෝදරයා වැටී තිබෙන්නේ අලි අමාරුවකය. තමන්ගේ අත්සනින් සිදු කර ගත් මේ වරද අනාගතය ගැන අසුබ නිමිත්තකි.

    විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් නිසා කියා රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට සිය මිතුරන් පත් කර ගත් විට මෙවැනි අකරතැබ්බ සිදු වේ. රාජ්‍ය පරිපාලන සේවයේ අත්දැකීම් ඇති පරිණත නිලධාරීන් සුදුසුකම් මත පමණක් තනතුරුවලට පත් කර ගත යුත්තේ එබැවිණි. ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණා කියා වැඩක් නැත. දැන් ඔය කාලා තියෙන්නේ ගමම. ගෝඨාභයට හොඳටම කළේත් ඔහු ළඟම හිටි, ඔහු වැඩියෙන්ම විශ්වාස කළ අයයි. සිංහල බෞද්ධයන්ගේ අවසාන අපේක්ෂාව වන ජනාධිපති සහෝදරයා වැඩියෙන්ම ප්‍රවේශම් විය යුත්තේ තමන්ම පත් කර ගත් ළඟම සිටින අයගෙනි. අත්වැරදීම් වගේ පෙනුණාට ඒවා අත්වැරදීම් නොවේ. රනිල් වික්‍රමසිංහ වගේ පහරයෙක් 2022 ජනාධිපති වුණේ අගමැති පුටුවේ ඉඳගෙන බවත් මතක තියාගෙන ඉතාමත් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ.

    ReplyDelete
  7. මාතේ මතකද ඉස්සර මොකක්ද මන්ද සති අන්ත පත්තරේක අයිඩියානන්ද කියල විකට ලිපියක් ගියා. චරිතෙ නියම නම අයි. ඩී. ආනන්ද. ඒත් මෑන් දවස පුරා අලුත් අලුත් දේ ගැන හිතන නිසා කවුරුත් කියන්නෙ අයිඩියානන්ද කියලයි.

    හැබැයි මිනිහ හිතන හැම අලුත් දෙයක්ම අන්තිමට මෙලෝ වැඩකට නැති කරන්නම බැරි දේවල්. මාලිමාවට වෙලා තියෙන්නේත් ඒකම වීම දෛවයේ සරදමක් ද කොහෙද 😀

    ReplyDelete
  8. සිනමන් ලයිෆ් මන්දිරේ ගැන විස්තර දැක්කම මට ටිකක් විතර පරණ කතාවක් මතක් වෙනව ඔන්න ඔය එක්තරා ආයතනයක ප්‍රධානියෙකුට හිටි හැටියේ එක එක අසනීප එන්න පටන් ගන්නවා. සල්ලි බාගේ යහමින් තියෙන නිසා රටේ ඉන්න හොඳම වෛද්‍යවරු ලවා පරීක්ෂා කරගෙන බෙහෙත් ගත්තත් මෙයාට හරිහමන් සනීපයක් නම් ලැබෙන්නේ නෑ.

    දවසක් උදේ පාන්දරින්ම මේ ලොක්කා තමන්ගේ ආයතනයට යන්න හදිසියේ ලක ලෑස්ති වෙනකොට මෙයාට තරමක කැස්සක් පටන් ගන්නවා. කැස්ස නවතින පාටක් නැති නිසා ලොක්කගේ නෝනා උණු වතුර වීදුරුවක් ලොක්කගේ අතට දෙන ගමන් මෙහෙම කියනවා...

    "මම හිතන්නේ ඔහේ දැන් පශු වෛද්‍යවරයෙකු ගාවට ගිහිල්ලා පොඩ්ඩක් චෙක් කරගෙන බෙහෙත් ටිකක් ගත්තොත් ඔය තියෙන ලෙඩ සේරම හොඳවෙයි..."

    "මට... ඒ මොන මඟුළකටද මම පශු වෛද්‍යවරයෙක් ගාවට යන්නේ..?" ලොක්කා අහනවා...

    ගෙදර අතුගාන ගමන් නෝනා ඒකට උත්තර දෙන්න පටන් ගන්නවා...

    "දැන් බලනවා තමුසේ උදේ පාන්දරින්ම කුකුළෙක් වගේ ඇහැරෙනවා... නරියෙක් වගේ හූ කිය කියා ඈණුම් දෙක තුනක් අරිනවා... ඊට පස්සේ බාත්රූම් එකට ගිහිල්ලා අලියෙක් වගේ පඩ ඇර ඇර ඒ වැඩේ කරනවා... පස්සේ කපුටෙක් වගේ එහෙන් මෙහෙන් ඔළුව තෙමාගෙන නාගන්නවා... රිළවෙක් වගේ මම උදේට හදලා තියෙන දෙයක් එහෙන් මෙහෙන් කාලා දානවා... ඊට පස්සේ කාර් එකට නැඟලා වටපිට කිසි දෙයක් බලන්නේ නැතුව අශ්වයෙක් වගේ ඔහේ ඔෆීස් එකට දුවනවා... ඔෆීස් එකට ගිහිල්ලත් බූරුවෙක් වගේ ඔහේ වැඩ කරනවා... පොඩි හරි වැරැද්දක් උනාම ඔෆීස් එකේ මිනිස්සුන්ට වලහෙක් වගේ කඩාගෙන පනිනවා... සෙකට්‍රිත් එක්ක ප්‍රේම කුරුල්ලෙක් වගේ දවසම කිචිබිචිය දාගෙන ඉන්නවා... හවසට යාළුවොත් එක්ක ක්ලබ් එකට ගිහින් ඌරෙක් වගේ ඒකේ ලැගලා ඉඳලා ඉබ්බෙක් වගේ හෙමීට ගෙදර ඇවිත් කාර් එකෙන් බැහැලා කකුළුවෙක් වගේ ගේ ඇතුලට එනවා... ඊට පස්සේ මම පොඩ්ඩක් එහෙ මෙහේ උනොත් බල්ලෙක් වගේ මට බනිනවා... රෑට උයලා තියෙන දෙයක් කිඹුලෙක් කිරිමැටි ගිලිනවා වගේ ඔහේ ගිලලා දානවා... එහෙම ගිලලා ගිහින් මී හරකෙක් වගේ ඇඳට පනිනවා... ඊට පස්සේ විනාඩි පහකින් විතර ගෝරිල්ලෙක් වගේ ගොරවන්න පටන් ගන්නවා..."

    යන්න ආපු ගමන පැත්තකින් තියලා තමන්ගේ බිරිද මේ කියවගෙන, කියවගෙන යන දේවල් ඇස් ලොකු කරගෙන, කට ඇරගෙන, නළල රැළි කරගෙන, ඔළුවේ අත ගහගෙන ලොක්කා අහගෙන ඉන්නවා...

    ලොක්කගේ කිසිම සද්දයක් නැති නිසා නෝනා කතාව නවත්තලා හැරිලා ලොක්කා දිහා බලනවා...

    ලොක්කා මේ ඉන්න විදිය දකින නෝනා...

    "මොකද තමුසේ උගුඩුවෙක් වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ..."

    ReplyDelete
  9. කියවමි අසමි වැඩියෙන්, තතු දැනගනිමි
    උඩු පෙළ මෙන්ම යටි පෙළ අරුතත් සොයමි
    මිනිහත් සතෙකු බව ඉන් තේරුම් ගනිමි
    තිරිසන් ගතිය අත හරිනට වෙර දරමි

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න