උද්දච්ඡ කුක්කුච්ඡලාගේ අමන කතා
සාධාරනීකරණය කරනා
තියොරොටිකල් ගොබ්බයෝ.
➖➖➖➖➖➖➖💀💀💀➖
සවුක්ක ඇමති ජොස්තර නහින්ඩ දනසිස්සගේ අමන කතාව දෙවැනි වන්නේ... මේ ජාතියේම උද්දච්ඡ අමනයකු වූ.... කෙහෙළියගේ මල් ශාලා කතාවට පමණමය....
ඒක සාධාරනීකරණය ගොබ්බයන්ගේ මානසිකත්වය ගැන මාතලන් අනේක වාරයක් ලියා ඇති මුත්.... නැවත නැවතත් ලියන්නේ මේවා කියවා හැදෙන හා ස්තූතී කරනා එකෙකු හෝ ඉන්නා නිසාය.....
ලෝකයේ තියෙන පිලිගත් සිස්ටම්..... 100% ඒ අයුරින්ම ක්‍රියාත්මක වන රටක් ලෝකයේ ඇත්තේ නැතිය. දියුණු වූ රාජ්‍යයන් දියුණු වී ඇත්තේ.... කුමන හෝ සිස්ටම් එකක් ඒ රටේ ජන ජීවිතය සිරිත් විරිත් හා සංස්කෘතියට අදාලව මුසුකර ගැනීමෙන්‍ය.
අපේ රටේ මිනිස්සු තමන්ට කන්න නැතත් අනුන්ට කන්න බොන දෙන ජාතියක්මය. 3 - 4% ක් එසේ නොවනා අමු කුහක හැතිකරයක් බවත්.. එසේ නොවනා 65 - 66% ඔවුන්ට රැවටුන බවත් අපි දන්නවාය.
අපේ රටේ ඇඩ්වර්ටයිසින් කාරයන්ට හා නිර්මාණකාරයන් සුළු පිරිසකට මේ සංස්කෘතිය හා හැදියාවන් ගැන අවබෝධයක් ඇති මුත්... මේ ගැන 100% ක අවබෝධයක් ඇති දේශපාලුවෙක් මෙතෙක් බිහි නොවීම.... අපේ රට සෑම අන්තයකින්ම දිළිඳු හා බංකොලොත් රටක් වීමට ප්‍රධානම හේතුවය.
නහින්ඩ දනහිස්ස කියන්නේ.... අවංක හෝ ඇත්ත කතාවක් කියනා උන්ගෙන් මට අසන්නට ඇත්තේ..... ඔවුන් බලයේ නැති කාළයේ ඉස්පිරිතාලවල වාට්ටු හැදුවේ, පිරිසිඳු කළේ, සමාජ සේවා වැඩ කළේ.... අමාත්‍යංශවල අනුමැතිය හෝ ජාතික ප්‍රතිපත්තියට අනුව හෝ මධ්‍යගත ප්‍රතිපත්තිවලට අදාලවද කියලාය.
රජයේ රෝහල් රටේ විවිධ ප්‍රදේශවල පිහිටා තිබුනද..... සමහර ඒවා කාර්‍යක්ෂම ක්‍රියාශීලී පිරිසිඳු සුහදශීලී ඉස්පිරිතාල විමටත්.... සමහරක් ඒවා රාක්ෂයන් පිරි මිහිපිට අපායන් වීමටත් හේතුව මේ අම්බරුවන්ට තේරෙන්නේ නැතිය.
දනහිස්ස හා වටපඩත්තල වොෂින් මැෂින් කියනාකාරයට... තියොරටිකල් සිස්ටම් එකට වැඩ කටයුතු කළේ නම්.... අනෙක් ඉස්පිරිතාලවලටද අත් වන්නේ අර මිහිපිට නරකාදි වලට අත් වන ඉරණමමය.
එහෙත් සමහර විට රෝහල් වලට පත්වීම් ලැබ පැමිණෙන දෙවිවරුන් වැනිරෝහල් අධ්‍යක්ෂකවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, ඩී ඇම් ඕ වරුන්ගේ කැපවීමෙන් හා මහන්සියෙන්..... පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාරයෙන්.... රෝහල් සේවක මණ්ඩලයේ සහායෙන්.... දිවියලෝක බවට පත්කළ රෝහල් බොහෝමයක් ඇති බව..... මෙහිදි ලියා තබනුයේ ඔවුන්ට උපහාරයක් ලෙසමය.
කෙලින්ම දිවය ලෝකයේ ගිය අපේක්ෂා රෝහලේම දොස්තර වසන්ත දිසානායක.... අම්පාර රෝහලේ දොස්තර ලංකාතිලක ජයසිංහ මෙන්ම.....
බොරැල්ල කාසල් රෝහල දිවියලෝකයක් කළ විශේෂඥ වෛද්‍ය සිරිසේන... බදුල්ල මහ රෝහලේ දන්ත වෛද්‍ය එකකය මෙන්ම බදුල්ල මහ රෝහල මෙන්ම සමස්ත රෝහල් පද්දතියේම නිල ඇඳුම්වලත් විප්ලවටක් සිඳුකොට එම රෝහලද දිවියලෝක බවට පත් කළ විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර වැනි වෛද්‍යවරුන් ඕවා කලේ....
ජොස්තර දනහිස්ස වැනි අමු කුහක හීනමාන ඉරිසියාකාර අමාත්‍යංශ නිළධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම, සහෝදර වෛද්‍යවරුන්ගේ හා රෝහල් කාර්‍ය මණ්ඩල අපතයන්ගේ දහසක් කුඩුකේඩූ කම් පෙත්සම් මධ්‍යයේ.... සිස්ටම් එකට අනුගත නොවී... පටිසෝතගාමී මාර්ගයේ ගමන් ගත් සුපර් මෑන්ලා වූ නිසාවෙන්මය.
දැන් මුන් කියන්නේ මේ ගොඩනැගිලි යන්ත්‍රසූත්‍ර ලබා දුන්නාට ඒවා මේන්ටේන් කරන්නට වෙන්නේ රජයටය කියලාය.
නොමිළේ ලැබෙන ඒවාත් මේන්ටේන් කරගන්නටවත් බැරි නම් ඒවාට පිරිස් නැත්නම් ඊට වගකිව යුත්තේ පරිත්‍යාගශීලීන් නොව තිස්තුන් කෝටියක් දෙවිවරුන් දෙන මුදලටත් වඩා මුදල් වෙන් කරනවායැයි කටමැත දොඩවන කයිතන් ආන්ඩුව හා කයිතන් අමාත්‍යවරයාය.
එහෙත් මා දන්නා පරිද්දෙන් නම්... මේ පරිත්‍යාගශීලීන් සියල්ලන්ම මේවා පරිත්‍යාග කරනවා පමණක් නොව ඒවා මේන්ටේන් කිරීමද කරණු ලබනාතර ඔවුන් මියගියහොත් හෝ පාලකයින් වෙනස් වුවහොත් ඔවුන් විසින් පිහිටුවා ඇති අරමුදල් මඟින් ඒවා දිගටම නඩත්තු වන්නේය.
එසේ කළ නොහැකි නම්, මුදලුත් නැත්නම්, පිරිසුත් නැත්නම් ඒවා වසා දැම්මා කියා ඇති පාඩුවක් ඇත්තේත් නැතිය.
කව්දෝ තිරිසනෙක් ලියා තිබ්බේ සුවිසැරිය ගිලන් රථ සේවයද මෙවන් සුදු අලියෙක් කියලාය. ඒ වටපඩත්තලයාට මට කීමට ඇත්තේ මෙතෙක් එම ගිලන් රථ සේවය මගින් සැපසූ සේවය පෞද්ගලික රෝහලක සේවාවල මුදලෙන් ගනන් හදා බලනා ලෙසත්, බේරාගත් ජීවිතවල වටිනාකම ඊට එකතු කරනා ලෙසත්‍ය.
ජීවිතයේ අසීමිත කැපකිරීම් කර ලබා ගත් දැනුමෙන් හා කුසලතාවයෙන් නැවත ජීවය අයදිමින් සිටින සුවහසක් ලාංකීය මල් කැකුලු හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ ජීවිත නගා සිටුවමින්, කරන්නා වූ අසීමිත කැප කිරීම වෙනුවෙන්....
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එකම ළමා ඇට මිදුලු බද්ධ කිරීම සම්බන්ද පිලිකා රෝග විශේෂඤ්ණ වෛද්‍ය ප්‍රභානී මද්දුමආරච්චීගේ කැපවීමෙන් හා මහන්සියෙන් කතරගම දේවාලයේ ධන පරිත්‍යාගයෙන් හා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් දැයට දායාද කළ පිරිසට කිසිඳූ ස්තූතියක් සිඳු නොකට....
මිනිසුන්ට නොව සතුන්ටද ප්‍රතිකාර කළ රජවරුන්... සිටුවරුන්... දානපතියන් සිටි රටක.... තම උද්ද්ච්ඡ හීනමාන අමනකම ප්‍රදර්ශනය කළ.... ඖෂධ හිඟයක් ආවොත් මට කියන්න එපා යැයි කියනා වටපඩයන් පමණක් නොව... එවන් කතා ඔලුවේ උඩ තබාගෙන වන්දනා කරනා උන්ද... මිනිසුන් නොව තිරසනුන්ටත් එහා අපාය සහායකින්මය....
තොපි මේ කියන්නේ.... තොපේ සිහිණ සිස්ටම් ක්‍රියත්මක වෙන රටක් මේ හිඟන දුප්පත් රටේ පහළ වන තෙක්... අසරණ ජනතාව ඉස්පිරිතාලවලට නොව මල් ශාලවට යා යුතු යැයි කියූ කෙහෙළියගේ කතාවමය....
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා...
නීරෝගී වෙත්වා....
සුවපත් වෙත්වා....
සැපතට පත් වේවා..... ///
#මාතලන්