.

.

Aug 23, 2025

රුබිකන්තරණය - Crossing the Rubicon

 


රුබිකන්තරණය

Crossing the Rubicon

➖➖➖➖➖➖⭕➖


සාලිය පීරිස්ගෙ fb post එකෙන් පස්සේ..... රුබිකන්තරණය ගැන හැමෝම කතා වෙනවා... 


සාමාන්‍යයෙන් මේක යෙදෙන්නේ.... දැන් ඉතින් ඉදිරියටම යාම මිස ආපසු හැරීමක් නැත... කියනෙකට....


කෙනෙක් හිතයි මේ තරණය මහා දෙයක් කියලා.... ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වුනේ.... 


රුබිකන් කියන්නේ මහා ගංගාවක් හෝ තරණය කරන්න අපහසු ගඟක් නෙමෙයි.... එය ගංඟාවක් කිව්වට ඉතා පහසුවෙන් තරණය කරන්න පුල්‍වන් ගඟක්... මේක මේ කතාව හා ඒ හා බැඳුන චිත්‍ර වලින් හොඳින් පේනවා....


ඉතින් ඇයි මේක මේ මහා තරණයක් වුනේ... මේ රුබීකන් නම් ඉතා කුඩා ගඟ තමයි රෝම අධිරාජ්‍යයේ දේශ සීමාව.... ගෝල් දේශයේ සීසර්.... මේ දේශසීමාව තරණය කොට රෝම අධිරාජ්‍ය අත්පත්කර ගැන්ම තමා මේකෙන් කියවෙන්නේ....


ඒ හා බැඳුන කතා බොහෝමයි....


මේක සාලිය පීරිස් කියන්නේ..... රනිල් අත් අඩංගුවට ගැනීම හොඳ දෙයක්.... හොඳ දේශපාලන තීන්දුවක්....  හොඳ තීරණයක්... දැන් ඉතින් අනිත් අයටත් ගේම දෙනේකයි තියෙන්නේ කියනවා වගේ අදහසකින් කියලයි මට හිතෙන්නේ.....


මොකෝ එයාටත් ළොකු හිතේ අමාරුවක් තියෙනවා...... අරගලයේ වුන් කෙනෙක් හැටියට.... රනිල් අරගලේට ෂොට් එක දීපූ එකට.... මොකෝ අරගලයෙන් පසු රටේ නායකත්වයට එයාගේ නමත් යෝජනා වෙලා තිබුනා....


හැබයි බොහෝ දෙනෙක් නොදන්න දේ තමා අරගලය තුල රනිලුත් උන්නා කියනෙක....


ඉතින් මේ රනිල් සිරගත කිරීම අනුරෆෙ තනි වැඩක් කියලා මම හිතන්නේ නෑ... මෙතන රනිල්ගේ ටීම් එක හැර අරගලයේ උන්න සියලුම පිරිස ඉන්නවා....


ඊට දින කීපෙකෙට කලින්.... කාදිනල් බොහෝම සතුටෙන් අරගල භුමියේ තිබුන හෙඩ් ඔෆීස් එකට ඇවිත් ගියේ නිකං නෙමෙයි.... කාදිනල් හා රනිල් කියන්නේ නයයි පොළඟයි වගේ දෙන්නෙක්....


බොහෝ අය සුදා මරාගෙන කන්න ගියාට... මෑතක අනුර කුමාර පාර්මේන්තුවට ආව වෙලාවේ රනිල් ඇතුලට දාන බව කිව්වා....


ඒක දේශපාලනය නොදන්න ගොබ්බයින්ට තේරුනේ නෑ... 😁


ඒ හැර.... මේ පිටිපස්සේ ජූලී චන්ග් නෝනා වගේම..... ඉන්දියාවේ මෝදිත් ඇති කියන සැකය මට තියෙනවා... මොකෝ කොබෝල්ට් නිධිය ගැන රනිල් උන්නේ වෙනත් මතයක නිසා රනිල් හා මෝදි අතර වෛරයක් ගොඩ නැගුනා....


අනුරත් එක්ක ගහපු එක ගිවිසුමකින් අපේ ඛනිජ සම්පත් ඩැහැගැනීමේ අයිතිය ඉන්දියාව ලේසියෙන්ම පවරා ගත්තා....


කෙසේ හෝ ශ්‍රී ලංකාව... චීනය වගේ... චන්ද නැති, ඒක පාක්ෂික රටක් නොවුනහොත්... ( එසේ වීමට ඇති සම්භාවිතාවය ඉතා ඉහළය) මේ කතන්දරයට වෙනත් අර්ථයක්ද එක්වීමට ඇත.... 😁


ඔය හයි වේ එකේ යනකොට බෝඩ් එකක් තියෙනවා No stopping or turning කියලා....

මේ කියන්නෙත් ඒකම තමා.....

 

උපුල් සාන්ත සන්නා පොතකුත් ලිව්වා මේ නමින්.... ඒකේ නම වුනේ...


No Stopping or Turning Back


ඉස්ධූතී නන්ඩ්‍රෙයි ටෑම්ස් හොඳේ ....


#මාතලන්

44 comments:

  1. මිනීමරු කුහක ජේවීපීකාරයෝ දුටු තැන පිළිකුල් කරන්න ඕනී

    ReplyDelete
  2. රනිල් හාමු හිටි හැටියෙම දැම්මයි ඇතුලට අල්ලා
    නීතිය කාටත් පොදු වෙයි සත්තයි දෙයියම්පල්ලා
    වැලිකඩ ඉන්නා සිර කරුවනි හනිකට නැගිටිල්ලා
    කොලු සක්විති ඔහෙට වඩියි ෆුක බේරන් දුවහල්ලා

    ReplyDelete
    Replies
    1. ෂා... මරු මරු... දවස් දෙකකින් කම්පියුටරය ලඟට ආවේ. ඒත් බොලේ මගේ නමෙන් කවියකුත් ලියලා...

      Delete
    2. පල කාලකන්නි ජේවීපී ඩොබියා

      Delete
    3. @නිදිගෙ පංච තන්තරේAugust 23, 2025 at 7:22 PM

      හොඳ දේට හොඳයි කියන්නත් එපැයි...!

      -නිදි කොපිය (ඔරිජිනල්)

      Delete
  3. ස්වභාවධර්මයා නඩු අහන දවසට රූබිකන් පිටාර ගලාවි...

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      ඔව් ඔයා කියන එක ඇත්ත, ඉක්මනින්ම හෝ පමාවී හෝ ඕකේ සැබෑ තත්ත්වය ගැන අපට දැනගන්නට ලැබේවි

      රනිල්ගෙ අතීතය ගත්තාම ඊළාම් යුද්ධයේදි රනිල් දක්වපු සිංහල බෞද්ධ විරෝධී ආකල්පය නිසා ලංකාවේ බහුතර ජාතිකවාදී සිංහල ජනයා අතර රනිල් එක්ක ඇරියස් එකක් තිබ්බ හැබැයි රනිල් ඒ දේ නිවැරදි කරගත්තා කියල පසුව ඒ අයට දැනුනා ආර්ථික අර්බුදය, සහ අරගලයට මුහුණ දෙන අතරේ ජනාධිපති හැටියට සිංහල බෞද්ධයින්ට විරෝධයක් නොදක්වා රට කරගන ගිය විදිහ එක්ක ජාත්‍යන්තරයට කිව්ව ලංකාවෙ " ආගමික නායකයින් හැටියට අපි පිලිගන්නෙ බෞද්ධ නායක හාමුදුරුවරු අනික් අය ඒ වගේ තැනක නෑ " කියල. කොහොමත් රනිල් ආර්තික අරබුධයක් මැද ජනපති හැටියට රටට අයහපතක් කලේ නෑ , ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය දේ කරමින්ම කොහොම උනත් උවමනා වෙලාවෙ බෙල්ල දුන්න. බයි දේශපාලකයින්ගෙ ගෙවල් ගිනිතියන එක පාලනය කලා. එහෙම නොවෙන්න අද අනුර ජනපති පුටුවෙත් නෑ.

      Delete
  4. රනිල් වික්‍රමසිංහ ගැන මම හිතන විදියට ඔහු බලය යොදා රාජ්ය මුදල් පැහැර ගැනීමට සෘජුවම සම්බන්ධ වුණේ බැඳුම්කර වංචාවට පමණයි. පැවති රජය පෙරළා දැමීමට යෙදිය යුතු මුල්‍ය බැර සපයන බව යුරෝපීයයන් සහ ඩයස්පෝරාව දුන් පොරොන්දුව ඉන්දියානු බලපෑම නිසා ඉටු නොකිරීම නිසා ඔහු තම මිතුරාගෙන් ලබාගත් ණය පියවීම සඳහා නීතිගත මූල්‍ය ක්‍රියාවලිය ක්, සටකපට ලෙස යොදා ගැනීමකි . එයට ඔහු පමණක් නොව යහපාලන ආණ්ඩුවද යහපාලනය පිහිටුවීම සඳහා උපකාරකල දේශපාලන කණ්ඩායම් ද , පාක්ෂික මහජනතාව ද පොදුවේ වගකීම දැරිය යුතුය.
    කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත් කරවීම තුලින් භීතියට පත් කරවීම ට අවශ්‍යවූයේ තම කණ්ඩායම තුළ සිටින රදල සහ ඉහල පැලැන්තියේ අය බවනම් වුවමනාවෙන් මේ සිද්ධිය විමසන කෙනෙකු ට තේරුම් යනු ඇත.

    මේක පසුපස රනිල් වික්‍රමසිංහ මෑතකාලීනව ගත්,තීරණ විශේෂයෙන්ම ලංකාවට අයත් ඉන්දීය සාගරයේ පතුලේ තියෙන සහ ලංකාවට එපිටින් පවතින නිදහස් මුහුදු කලාපයේ පවතින කොබෝල්ට් නිධිය අයිතිය ඉන්දියාවට ඍජුවම නොපැරවීමට නන්දසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම එකම තීරණය ගැනීම සහ ඒ ගැන කිසිම ආකාරයක අවබෝධයක් නැතිව ඉන්න මෝඩ අනුර කුමාර බයකරගෙන ගෙන මේක ලේසියෙන්ම ඉන්දියාවට පවරාගැනීමට හැකි වීම භාරතය ලැබූ ජයග්‍රහණයේ රහසයි.

    ReplyDelete
  5. රුබිකොන් තරණය හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම අතර ඇති සමානකම මෙම සිදුවීම් දෙකම සිදුවන්නේ අතිශය අභියෝගාත්මක සහ අවදානම් සහිත පරිසරයක වීම. නායකයන් දෙදෙනාම තම තීරණ ගැනීමේදී විශාල අවදානම් ප්‍රමාණයක් කළමනාකරණය කිරීමට සිදු විය. ජුලියස් සීසර් රුබිකොන් නදිය තරණය කිරීමට ගත් තීරණය ක්ෂණික සහ තනි තීරණයක් විය. එය හුදෙක් මිලිටරිමය ක්‍රියාවකට වඩා, දේශපාලනමය වශයෙන් සිය බලය තහවුරු කර ගැනීමේ උපාය මාර්ගයක් විය. එවකට පැවති රෝම සෙනෙට් සභාවේ බලය සහ ඔහුගේ විරුද්ධවාදීන්ගේ බලය හමුවේ, ඔහුට තිබූ එකම විකල්පය වූයේ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමයි. මෙය අවිනිශ්චිත තත්ත්වයක් තුළ, විශාල ප්‍රතිවිපාක ඇති කළ හැකි තනි තීරණයකි.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාර ගත්තේ ද එවැනිම අවිනිශ්චිත තත්ත්වයක් තුළ ය. රටපුරා විරෝධතා පැවතුණු අතර, ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් අත විය. දේශපාලනික වශයෙන් ඔහුට පක්ෂයේ පවා පූර්ණ සහයෝගයක් නොතිබුණු අතර, විරුද්ධ පක්ෂ ඔහුගේ පත්වීමට දැඩි ලෙස විරෝධය පෑවේය. මෙම අතිශය අවදානම් සහගත තත්ත්වය තුළ, ඔහු ජනාධිපති ධුරය භාර ගත්තේ රටේ පැවැත්ම සඳහා අවශ්‍ය වූ තීරණාත්මක පියවරක් ලෙසය. මෙම තීරණය "දේශපාලන සියදිවි නසා ගැනීමක්" විය හැකි බවට බොහෝ දෙනා අදහස් පළ කළ ද, ඔහු එය කළමනාකරණය කරමින් බලය තහවුරු කර ගත්තේය.

    සීසර් රුබිකොන් තරණය කළ පසු, ඔහුට ආපසු හැරී යාමට නොහැකි විය. ඔහුගේ අනාගතය තීරණය වූයේ ඉදිරියේදී ඇති වන ගැටුමේ ප්‍රතිඵලය මතය. ඔහු සිය හමුදාව විශ්වාස කරමින්, තමන්ගේ දේශපාලන බුද්ධිය මත විශ්වාසය තබා ඉදිරියට ගියේය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය භාර ගත් පසු, ඔහුට විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. මහජන විරෝධය, කඩා වැටුණු ආර්ථිකය, ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ලබා ගැනීම වැනි අභියෝග රැසක් ඔහු හමුවේ විය. ඔහු දේශපාලන වශයෙන් ඉතා බුද්ධිමත්ව මෙම අභියෝගවලට මුහුණ දෙමින් තම තීරණය සාර්ථක කර ගැනීමට කටයුතු කළේය.

    මෙම සිදුවීම් දෙකම පවතින දේශපාලන ක්‍රමය බිඳ දමමින් නව යුගයක් ඇරඹීමට මඟ පෑදීය.

    සීසර් රුබිකොන් තරණය කිරීම රෝම ජනරජයේ අවසානයේ පළමු පියවර විය. ජනරජ පාලනය යටතේ සෙනෙට් සභාවට තිබූ බලය අභියෝගයට ලක් කරමින්, ඔහු සිය බලය තහවුරු කර ගත්තේය. මෙම සිදුවීම අවසානයේ, ජනරජ ක්‍රමය බිඳ වැටී රෝම අධිරාජ්‍ය යුගය ආරම්භ විය. ඔහුගේ ක්‍රියාව රෝමයේ සම්පූර්ණ දේශපාලන ක්‍රමය සහ සමාජ ව්‍යුහය වෙනස් කළේය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම, ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය තුළ ද වැදගත් වෙනස්කම් ඇති කළේය. ආණ්ඩුවට එරෙහිව පැවති විරෝධතා සහ විරෝධතාකරුවන්ගේ ආක්‍රමණශීලී ක්‍රියා හේතුවෙන් සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයට දැවැන්ත අභියෝගයක් එල්ල විය. ඔහු ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ, රටේ ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ මහජනතාවගේ දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය වෙනස් විය.

    සීසර්ගේ රුබිකොන් තරණය, රෝමය මිලිටරි බලය මත පදනම් වූ ඒකාධිපති පාලනයක් කරා ගෙන ගිය උත්ප්‍රේරකයක් විය. එය රෝම දේශපාලනයේ සහ සමාජයේ මූලික වෙනස්කම්වලට මූලික හේතුව විය.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීම, ආර්ථිකමය හා සමාජමය වශයෙන් දැවැන්ත අර්බුදයක් විසඳීමට ගත් තීරණාත්මක උත්සාහයක් විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති, ණය කළමනාකරණය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහා වූ නව මාවතක් විවෘත කළේය!

    සීසර්ගේ මරණයෙන් රෝමය කැළඹුනා. මාක් ඇන්තනී රෝමය බාරගත්තා. එයා රෝම නගරය සන්සුන් කෙරුවා. තාම සීසර් මැරිලා දින දෙක තුනයි. සීසර්ව මරපු අය හිටියෙ බයවෙලා.

    සීසර්ව මරපු අයට දඬුවම් කරන්නෑ කියලා මාක් ඇන්තනී ප්‍රකාශයක් නිකුත් කෙරුවා. ඒ වගේම ජුලියස් සීසර්ගෙ රාජ්‍ය නිළධාරීන්ට ඒ තනතුරුවලම ඉන්න ඉඩ දුන්නා. රෝමය ටිකක් කාම් ඩවුන් කරන්න මේ වැඩේ උදව්වක් වුණා. දවසක් දෙකක් යද්දි රෝමයේ සාමාන්‍ය මිනිස්සු සීසර්ගේ මරණය ගැන ඕපාදූප ටික දැනගත්තා.

    සීසර්ව මැරුවෙ රෝමයේ යහපතටය කියන එක ගොඩක් අය පිළිගත්තෙ නෑ. සීසර්ව මරපු පලිය ගන්න අදහස මාක් ඇන්තනී අතෑරියෙත් නෑ. ඒ වුණාට පලි ගන්න ඉක්මන් වෙලා බෑ. රෝමයේ පාලකයා වෙන්න නම් ඉවසන්න ඕන.

    වැඩේ අල වුණා. සීසර් එයාගෙ උරුමක්කාරයා විදිහට නම් කරලා තිබුණේ ඒ වෙද්දි ග්‍රීසියේ හිටපු ඔක්ටේවියන් කියන කොලු ගැටයාව. මිනිස්සු ඒක දැනගත්තා. අපි ඔක්ටේවියන්ගෙ පැත්තෙ. කට්ටියක් කිව්වා. අපි මාක් ඇන්තනීගෙ පැත්තෙ. අනික් කට්ටිය කිව්වා. අපිට ඕන සීසර්ව මරපු පලිය ගන්න. තව පිරිසක් කිව්වා. ලිබරේටර්ස්ලා තමයි හරි. තවත් පිරිසක් කිව්වා. රෝමය සීසීකඩ වෙලා මිනිස්සු-සෙබලු-සෙන්පතියො කණ්ඩායම්වලට බෙදුනා.

    මාක් ඇන්තනී ගැන මෙලෝ අල බෝලයක් සීසර් එයාගෙ අන්තිම කැමැත්තෙ සඳහන් කරලා තිබුණෙ නෑ. ඒ කියන්නෙ මාක් ඇන්තනීට රෝමෙ පාලකයා වෙන්න බෑ.

    ඔක්ටේවියන්ට යාන්තම් වයස 18 ලැබුවා විතරයි. ඒ මදිවාට ලෙඩ පාට දුර්වලයෙක්. එයාට තිබුණු එකම දේ මැරුණු සීසර්ගෙ ආශීර්වාදය විතරයි. ඕන මඟුලක් කියලා ඔක්ටේවියන් ග්‍රීසියේ ඉඳන් රෝමයට ආවා. මේකා නම් මාක් ඇන්තනීට කොහෙත්ම අභියෝගයක් නෙවෙයි. හැමෝම එහෙම හිතුවා.

    ReplyDelete
    Replies
    1. මෙතනදී මාක් ඇන්තනීට බයේ හිටපු සෙනෙට් සභාව ඔක්ටේවියන්ව පිළිගත්තා. හැබැයි කොල්ලා මොළකාරයා. සෙනෙට් සභිකයින්ගෙන් සීසර්ගෙ හමුදාව එයා වෙන් කෙරුවා. කරලා සෙබලුන්ගෙ කැමැත්ත එයා වෙතට නම්මගත්තා.

      මේ වෙද්දි රෝමෙ ගම්මානවල මිනිස්සු යුද්ධ පටන් අරන්. සීසර් නැති හින්දා සෙන්පතියො එක්ක විවිධ කල්ලි ගැටුණා.

      මාක් ඇන්තනී රෝමයෙන් පිටවුණා. ඔක්ටේවියන් රෝමයේ නැවතුනා. මාක් ඇන්තනීට ඕන වුණා ඔක්ටේවියන්ව යුද්ධ කරලා පරද්දන්න. දෙන්නා යුද්ධයක් පටන් ගත්තා. ඔක්ටේවියන්, සෙනෙට් සභාව සහ සීසර්ගෙ සෙබලු එක පැත්තක්. මාක් ඇන්තනී අනෙක් පැත්තෙ. යුද්ධයෙන් මාක් ඇන්තනී පැරදුනා. හැබැයි අනෙක් පැත්තටත් බරපතල හානි.

      සෙනෙට් සභිකයෙක්ව නායකයා කරගමු කියලා සෙනෙට් සභාව කිව්වා. ඔක්ටේවියන් ඒකට කැමති වුණේ නෑ. තාමත් රෝමයේ ශක්තිවන්තයා තමයි මාක් ඇන්තනී. ඔක්ටේවියන් ගියා මාක් ඇන්තනී එක්ක සාකච්ඡාවකට. රෝමය ගොඩනගන්න නම් සෙනෙට් සභිකයින් ඇතුලු හමුදා අතුගාලා දාන්න වෙනවා. දෙන්නා තීරණය කෙරුවා. ඒ අස්සෙ රෝම ගම්මානවල ගහගන්නවා හිටු කියලා.

      මාක් ඇන්තනී, ඔක්ටේවියන් සහ ලෙපිඩුස් කියන තුන්දෙනා එකතු වුණා. සීසර්ගෙ පරණ හමුදාව හිටියෙ එයාලා තුන්දෙනා ළඟ. මේ අයට කිව්වෙ රජ තුන්කට්ටුව කියලා. රෝමයට මේ වගේ රජ තුන්කට්ටු දෙකක් හිටියා. පළවෙනි එක හිටියෙ ජුලියස් සීසර්ගෙ කාලෙ. මේ තමයි දෙවැනි තුන්කට්ටුව.

      තුන්දෙනා රෝමය බෙදුවා. කොටස් තුනකට කඩලා පාලනය පටන් ගත්තා. සීසර්ව මරපු පලිය ගන්නා බවට තුන්දෙනා එකඟ වුණා. එයාලගෙ පාලන ප්‍රදේශවල හිටපු හතුරෙකුගෙ මයිලක්වත් ඉතිරි කෙරුවෙ නෑ. සැක හිතුනාද මරා දැම්මා. රෝමය ලේ විලක් වුණා.

      රජ තුන්කට්ටුව ඔහොම ඉද්දි, රෝමයේ නැගෙනහිර පැතිවල එයාලට විරුද්ධ සේනාවක් සංවිධානය වුණා. ඒ තමයි සීසර්ව මරපු කට්ටිය. ලිබරේටර්ස්ලා. එහෙම නැත්නම් විමුක්තිවාදීන්. බෘෘටස් සහ කැෂියස්ගේ නායකත්වයෙන් එයාලා දසදහස් ගානක හමුදාවක් හැදුවා. එයාලා ප්‍රජාතන්ත්‍රවාදී රෝමයක් වෙනුවෙන් සටනට එන්න ලෑස්ති වුණා. මේක මාක් ඇන්තනීට ආරංචි වුණා.

      මාක් ඇන්තනී අවුරුදු 18 පොඩි එකාවත් අරන් යුද්ධෙට ගියා. මැසිඩෝනියාවෙ ෆිලිප්පිවලදි දෙගොල්ලො හම්බ වුණා. ඒක තමයි යුද්ධෙ! එතැන මහා යුද්ධ දෙකක් සිද්ධ වුණා. දෙක ම අවසානයේ ලිබරේටර්ස්ලා සමූල ඝාතනය වුණා. බෘෘටස් සහ කැෂියස් සියදිවි නසාගත්තා.

      රෝමයේ “ජනරජ“ කතාව එතැනම ඉවර වුණා.

      අන්තිමේ දි මාක් ඇන්තනීටයි ඔක්ටේවියන්ටයි අසීමිත බලයක් ලැබුණා. ලෙපිඩුස් කොන් වුණා. රෝමයේ කුඩා කොටසක් අරන් ලෙපිඩුස් වෙන් වුණා. තුන් කට්ටුව කැඩුනා. තාමත් සීසර්ගෙ මරණයේ උණුසුම මැකිලා නෑ.

      නැගෙනහිර රෝමය මාක් ඇන්තනී බාරගත්තා. ක්ලියෝපැට්‍රා ගැන ලිපියේදි මම ලිව්වා නැගෙනහිර රෝමයේදි මාක් ඇන්තනීයි ක්ලියෝපැට්‍රායි හාද වීම ගැන. ක්ලියෝපැට්‍රා තමයි ඊජිප්තු රැජින. රෝම මිනිස්සු කැමති වුණේ නෑ විදේශීය පාලකයො රෝමයට අත දානවාට. රෝමය විදෙස් රාජධානියක් බවට හැරෙයි කියන බය එයාලට ආවා.

      ඔක්ටේවියන් මේකෙ වාසිය ගත්තා. එයා තමයි රෝමයේ රැකවලා කියන මතය රෝමවරුන්ට ඒත්තු ගැන්නුවා. රෝම සංස්කෘතිය, දේශපාලන අභිමානය, රෝමයේ වටිනාකම් රකින පාලකයා තමන් බව එයා කිව්වා. මාක් ඇන්තනී නිකම්ම පරදේසක්කාර රැජිනකගෙ පෙම්වතෙක් ය කිව්වා.

      මාක් ඇන්තනීට යි ක්ලියෝපැට්‍රාට යි විරුද්ධව ඔක්ටේවියන් යුද්ධයකට ගියා. ක්ලියෝපැට්‍රාට තිබුණා ලොකු නාවික හමුදාවක්. මේ මහා යුද්ධයෙන් වැඩි හරියක් සිද්ධ වුණේ මුහුදේ. මේක සිද්ධ වුණේ ඇක්ටියුම් කියන ග්‍රීක නගරයේදි. ඒක හරිම ලස්සන වරාය නගරයක්. ඔක්ටේවියන් වෙනුවෙන් නාවික හමුදාවට අණ දුන්නෙ ‘මාකස් ඇග්‍රිප්පා‘.

      මාකස් ඇග්‍රිප්පා කියන්නෙ රෝමය ගැන කියවද්දි කියවන්න ම ඕන කෙනෙක්. එයා ගැන මම පස්සෙ වෙලාවක ලියන්නම්.

      Delete
    2. මාකස් ඇග්‍රිප්පාගෙ නාවික බල ඇණියට මාක් ඇන්තනීයි ක්ලියෝපැට්‍රායි පැරදුනා. පැරදුනා නෙවෙයි කුඩුපට්ටම් වුණා. මාක් ඇන්තනී ක්ලියෝපැට්‍රාත් එක්ක ඊජිප්තුවට පැනලා ගියා. ඊට පස්සෙ වෙච්ච දේ ක්ලියෝපැට්‍රාගෙ මරණය ගැන ලිපියෙදි පහුගිය දවසක මම ලිව්වා.

      ඔක්ටේවියන් රෝමයේ තනි පාලකයා වුණා. එයා රජ වුණේ ඔගස්ටස් සීසර් නමින්. මාකස් ඇග්‍රිප්පා තමයි ඔගස්ටස් සීසර් ලෝකය ම පාලනය කරද්දි එයාගෙ වන් මෑන් ආමි එක වුණේ.

      ඔන්න ඕකයි සීසර්ව මැරුවහම රෝමයේ සිද්ධ වුණ අලකලංචිය. ලිපිය දිග වැඩි වුණා. සීසර්ව මැරුවෙ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕනෑවට. අන්තිමේ ජනරජය අවසාන ම වුණා. රෝමය තනි පාලකයෙක් අතට පත්වුනා. සෙනෙට් සභාව නමට සීමා වුණා. රෝම “අධිරාජ්‍යය“ ආරම්භ වුණා.

      රෝමයේ මේ අලකලංචි වෙද්දි ලංකාවෙ වෙච්ච අලකලංචි ටික එහෙයි මෙහෙයි ඔය ටික වුණේ එකම කාලෙක. ක්‍රිස්තු පූර්ව 44 ඉඳන් ක්‍රිස්තු පූර්ව 27 වෙනකන් අවුරුදු 17 ක් ඇතුළත සීසර් මැරෙද්දි ලංකාවෙ රජ කෙරුවෙ අනුලා බිසව. සීසර්ගෙ මරණයෙන් වසර 17 ක් යනකන් රෝමය සිවිල් යුද්ධ, යුද්ධ සහ කුමන්ත්‍රණ වගේ දේවල් බොහොමයකට මුහුණ දුන්නා. ඒ ටික අවසාන වුණේ ඔගස්ටස් සීසර් හෙවත් ඔක්ටේවියන් යටතේ රෝමය අධිරාජ්‍යයක් වීමෙන්.

      ලංකාවෙත් වුණේ ඒ හා සමානම සිදුවීම් ටිකක්.

      වළගම්බා රජ්ජුරුවන්ගෙ පුත්‍රයා තමයි මහානාග. එයාට චෝරනාග කියලාත් කිව්වා. මෙයා දාමරිකයෙක්. ඒ වගේම කාලයක් හොරමුලක් එක්ක රස්තියාදුවේ ඇවිදපු හිතුවක්කාරයෙක්.

      සිදුවීම් කීපයකට පස්සෙ චෝරනාග රජ වුණා. රජ වෙන්න කලින් ගහපු කැරළි, කෝලාහල, දාමරිකකම් වලට උදව් නොකරපු විහාර 18 ක් මෙයා රජ වුණහම අළු කරලා දැම්මා. මෙයාගෙ අග මෙහෙසිය තමයි අනුලා බිසව.

      අනුලා මේ චෝරනාගට වස දීලා මැරුවා.

      ඊට පස්සෙ රජ වුණේ තිස්ස කුමාරයා. අනුලා මේ තිස්සටත් වස දීලා මැරුවා. මේ වෙද්දි අනුලා බිසව ලංකාවෙ රාජ්‍යත්වයේ තීරණාත්මක සාධකය වුණා. රජකමට පත් වුණේ එයාව විවාහ කරගන්නා කෙනෙක් විතරයි.

      අනුලා එක්ක පෙමින් වෙළුනු රජවාසල සාමාන්‍ය සෙබලෙක් ඊට පස්සෙ රජ වුණා. එයාගෙ නම සිව. අනුලා අවුරුද්දක් යද්දි සිවට වස දී මැරුවා.

      ඊළඟට අනුලාගේ පෙම්වතා වුණේ අනුරාධපුරයේ සාමාන්‍ය වැසියෙක් වූ වටුක නම් දමිළ පුද්ගලයා. ඒ අනුව වටුක රජ වුණා. පසුව වටුක රජුටත් අනුලා වස දුන්නා.

      ඉන් පස්සෙ අනුලා විවාහ වුණේ රජ වාසල දර අදින සේවකයෙක් එක්ක. ඒ තරුණ සේවකයා දාරුභතිකතිස්ස නමින් රජ වුණා. අනුලා මේ රජාටත් වස දුන්නා.

      ඊළඟට අනුලාගේ පෙම්වතා වුණේ නීලිය කියන පුරෝහිත බ්‍රාහ්මණයා. පස්සෙ නීලිය රජ වුණා. අනුලා නීලියටත් වස දුන්නා.

      අවසානයේ අනුලා බිසව තනිව ලංකා රාජ්‍යය භාරගෙන රැජින බවට පත්වුණා.

      අනුලාට මේ තරම් බලයක් හා හැකියාවක් ලැබුණෙ එයාගෙ මුල්ම සැමියා වූ චෝරනාග හින්දා. චෝරනාගට කලින් හිටියෙ මහාචූලික කියන රජතුමා.

      අනුලා ඔය වටවංගුව ගහලා රජ වූ ගමන්ම, අර මහාචූලිකගෙ පුතෙක් ආවා අනුලා එක්ක යුද්ධෙට. ඒ පුතා තමයි කූටකණ්ණතිස්ස.

      කූටකණ්ණතිස්ස කාලයක්ම අනුලාට බයේ පණ බේරාගෙන හැංගිලයි හිටියෙ. හැබැයි අගනුවරින් ඈත තැන්වල එයාට සෙබලු හිටියා. සේනා සංවිධානය කෙරුවා. අගනුවර තිබුණෙ අනුලාගෙ පාලනය යටතේ. රජවරු මාරු වුණේ ඇගේ කැමැත්ත අනුව.

      කූටකණ්ණතිස්ස වෙලාව බලලා අනුලාගෙ හමුදා සුණු විසුණු කෙරුවා. අනුලාව මරා දැම්මා.

      කූටකණ්ණතිස්ස ඉවසීමෙන් බලා ඉඳලා රජ වුණා. අවුරුදු 22 ක් පාලනය ගෙනිච්චා.

      වළගම්බාගෙන් පස්සෙ දශක ගානක් යුද්ධවලින් පිරුණු, කුමන්ත්‍රණවලින් පිරුණු, ලේ විළක් වූ ලංකා රාජධානිය සන්සුන් කෙරුවෙ මේ කූටකණ්ණතිස්ස.

      එයා අනුරාධපුර නගරය ප්‍රතිසංස්කරණය කෙරුවා. වාරි මාර්ග තැනුවා. මාර්ග පද්ධතියක් හැදුවා. කාලයක්ම අනුග්‍රහය නොලැබූ වෙහෙර විහාර සංවර්ධනය කෙරුවා. වැව් කිහිපයක් නිර්මාණය කෙරුවා. ලංකා රාජධානිය වැව් මූලික කරගත් ශිෂ්ටාචාරයක්. ඒ හින්දා වැව් කරවීම කියන්නෙ ලංකා රාජධානියේ මහා කාර්‍යයක්.

      මෙන්න මේ ටික ඔක්කෝම සිද්ධ වුණේ අර රෝම අලකලංචිය වෙද්දිම යි. සීසර් මැරෙද්දි මෙහෙ හිටියෙ අනුලා. රෝමය සිවිල් යුද්ධෙක හිරවෙද්දි මෙහෙත් හරිහරියට කුමන්ත්‍රණ. ඔගස්ටස් සීසර් මාක් ඇන්තනීයි, ක්ලියෝපැට්‍රායි පරදන මහා යුද්ධය වෙලාවෙම, මෙහේ අනුලා එක්ක කූටකණ්ණතිස්ස ඓතිහාසික යුද්ධයකයි හිටියෙ.

      එහේ ඔගස්ටස් සීසර් රජවෙලා රෝමය අධිරාජ්‍යයක් කරන වෙලාවෙ, මෙහේ අනුලාව මරලා කූටකණ්ණතිස්ස ලංකා රාජ්‍යයේ රජ වුණා. ඒ ක්‍රිස්තු පූර්ව 27 ආසන්න කාලයේදි. ඔගස්ටස්ට වගේ මෙයාටත් තව නම් තියෙනවා. මකලන්තිස්ස කියන්නෙත් මේ කූටකණ්ණතිස්සට ම තමයි. මේ තමයි සමාන්තර කතාව. කෙටිම ක්‍රමයට.

      Delete
  6. මාතා

    මට මේ ගැන කියන්න තියෙන්නේ, මීට සියවසකට පමණ පෙර ලොව සුපතල කලාකරු සහ දාර්ශනික චාලි චැප්ලින් අවුරුදු 88 ක් ජීවත් වූ අතර ගැඹුරු ප්‍රකාශ හතරක් අපට ඉතිරි කළා.

    1. මේ ලෝකයේ කිසිවක් සදාකාලික නැත, අපගේ ගැටළු පවා.

    2. මගේ කඳුළු කාටවත් නොපෙනෙන නිසා මම වැස්සේ ඇවිදීමට කැමතියි.

    3. ජීවිතයේ වඩාත්ම අහිමි වූ දිනය වන්නේ අප සිනාසෙන්නේ නැති දිනයයි.

    4. ලෝකයේ හොඳම වෛද්‍යවරු හය දෙනෙක්:

    හිරු

    විවේකය

    ව්‍යායාම

    ආහාර වේල

    ආත්ම ගෞරවය

    මිතුරන්

    ඔබේ ජීවිතයේ සෑම අදියරකදීම ඒවාට ඇලී සිටින්න සහ සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් භුක්ති විඳින්න.

    ඔබ සඳ දුටුවහොත් ඔබට අලංකාරය පෙනෙනු ඇත.

    ඔබ සූර්යයා දුටුවහොත් ඔබට ශක්තිය පෙනෙනු ඇත.

    ඔබ කැඩපතක් දුටුවහොත්, ඔබ විශිෂ්ටතම නිර්මාණය දකිනු ඇත. ඒ නිසා විශ්වාස කරන්න.

    අපි සියල්ලෝම සංචාරකයින් වන අතර ජීවිතය දැනටමත් අපගේ මාර්ග, වෙන් කිරීම් සහ ගමනාන්ත සිතියම්ගත කර ඇත. ගමන විශ්වාස කර සෑම මොහොතක්ම භුක්ති විඳින්න.

    ජීවිතය යනු ගමනක් පමණි! (සින්ද්ගී ඒක් සෆ්ර් හෛ සුහානා) එබැවින් අද ජීවත් වන්න - හෙට අප මෙලොව ජීවත් වීමටද ඉතුරු නොවිය හැකිය.

    මේ කරුණු සියල්ල මතක තියාගන්න

    ReplyDelete
  7. වර්තමානයේ ලංකා වේ බලයේ සිටින ජාතික ජන බලවේගයේ මාලිමා ආණ්ඩුව විසින් ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක කල යුතු Point of No Return ගැන මගේ සත දෙක;

    මාතලන්

    ඇත්ත වශයෙන්ම මාලිමාවට ඡන්දෙ දුන් බහුතර ජනතාව අතර අප වැනි අය මාලිමා රජය බලයට පත් කීරීමට බලපෑ එකම හේතුව හොරු ඇල්ලීම සහ වංචා දූෂණ කල අයට දඩුවම් දීමයි.

    ඒ හැර අපනම් වෙන කිසිවක් මාලිමා රජයෙන් බලාපොරොත්තු නොවෙයි.
    වැඩිපුර දෙයක් ලැබුනොත් එය බෝනස්

    මේ සඳහා ආන්ඩුවට ඇති පරමාණු අවිය "පොදු දේපල අවභාවිතය" පිළිබඳ පණතයි.

    එය පරමාණු අවියක් වන්නේ පණත සම්මත කල 1982 යුඇන්පීයත්,
    ඒ යටතේ චූදිතයන්ට එරෙහිව නඩු පවරනු ලබන CID ශානි අබේසේකර,
    පැමිණිල්ලෙ නීතිඥ දුලිප්,
    නඩුව ඇසූ නඩුකාරතුමිය, වගේම
    දෙකට බෙදී අනේ හොඳයි සහ අනේ පව් කියන පාක්ෂික ජනයා මෙන්ම
    පැත්තකට වෙලා නරඹන නිර්පාක්‍ෂික ජනයාද මේ බෝම්බය මඟින්ම දවා අළු කල හැකි බැවිණි.

    දැනට ඉපදී නැති දරුවන් හැරුණු විට අප සියල්ලෝ ජීවිතයේ යම් අවස්ථාවක පොදු දේපල අවභාවිතා කර ඇත්තෙමු.

    එමගින් වත්මන් ජනාධිපති අනුර කුමාරද නොගැලවේ.
    එසේ කියා රනිල්ව හිරේ දැමීම වැරදි වන්නේ නැත.

    සැබැවින්ම රට ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නායකත්වය දුන්නා සේම, මහජන දේපල අවභාවිතයට සිපිරි ගෙට යාමෙන් ඔහු දී ඇත්තේ ආදර්ශයකි.

    අප 2015 ස්ථාපනය කිරීමට තැත්දැරු
    Good Governence වලට රනිල් වික්‍රමසිංහයන්ට අගමැති ලෙස එදා දෙන්නට බැරිවුණ නායකත්වය අද ඔහු හිටපු ජනාධිපති ලෙස ලබාදී ඇත.

    ඔහු හිරේ නොයා ICU හිටියත් ඒ ලබාදී ඇති සංඛේතාත්මක වටිනාකම ඉතා ඉහලය.
    සැබැවින්ම ඔහු ICU/රෝහල්ගත කිරීමේන්
    වෛද්‍යවරුන්ද පොදු දේපල අවභාවිතා කර ඇත.

    මා මේ කරුණ උලුප්පා දැක්වූයේ අප දැන හෝ නොදැන කවර හෝ මොහොතක පොදු දේපල අවභාවිතා කරන බවත් කර ඇති බවත් කියාපෑමටය.

    උදාහරණයක් විදියට කිසිදා කිසිදු රජයේ තනතුරක් නොදරා ඇති ටිල්වින් සිල්වා සහෝදරයා පවා 2029 දි හෝ 2034 දි මේ පනත යටතේම බරපතල වැඩ සහිතව වසර දශක තුන හතරකට සිරගත කලහැක.

    ඒ පෙරපැවති මැතිවරණ වලදි තාරපාරේ සීනුව ලකුණ ඇදීම මගින් පොදු දේපලක් අවභාවිතා කිරීමට පක්ෂ ලේකම් ලෙස වගකිව යුතු හෙයිනි.

    අරගලය දිනවල වසන්ත මුදලිගේව දින 90 කට රනිල් ජනාධිපතිවරයා තාවකාලිකව හිරේ දැම්මෙත් තාරපාරේ කේස් එකකටය.

    සමස්ත සමාජ දේහයම සුද්ධකිරීමට මීට වඩා පනතක් නැත.

    නමුත් මිලියන 22 ක් හිරේ දැමීමට හිරගෙවල් ඉඩමදි ප්‍රශ්නයක් පවතී.
    ඒ නිසා පණතට පොඩි සංශෝධනයක් ගෙන ඒම මැනවි යයි සිතමු.
    සියලු දේශපාලකයොත්,
    සරත් ඇන් සිල්වා, මොහාන් පීරිස්ලා සිට සියලු නීතිඥයන්,
    අපි වගේ වෛද්‍යවරුන් ,
    සහකාර අධ්‍යක්ෂක සිට ඉහලට රජයේ සේවකයන් ,
    ගුරුවරුන් බඳු වෘත්තීකයන්
    පොදු දේපල අවභාවිතා කරන්නේ දැනුවත්වය.

    ඒ සඳහා විශාල දඩ මුදලක් අය කර ගැනීම යහපත්ය. (හිරගෙදර ඉඩමදි නිසා )

    අනුර කුමාර අප වත්මන් ජනාධිපති කොල්ලා කාලේ one way ටිකට් එකක් අරන් දවසම
    රේල්ලුවේ රටකජු ටොපි විකිණීම,
    අන්ධ මිනිසුන් ලොතරැයි විකිණීම බඳු සුළු පොදු දේපල අවභාවිතා කිරීම් වලට අවවාද කර පැය කීපයක් රඳවාගෙන සිට නිදහස් කිරීම ප්‍රමාණවත්ය.

    අප සියල්ලෝ වැරදිකරුවන් වන නිසා 1982 සිට ක්‍රියාත්මක නොකර සිටි මේ පණත නැවතත් හමස් පෙට්ටියට නොදමන ලෙස මේ ආන්ඩුවෙන් බැගෑපත්ව ආයාචනා කරමි.

    එසේ කලොත් වෙන්නේ 1980 ගේන්න ඕන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එදා ගෙන නොයේම නිසා වලපල්ලට අධ්‍යාපනය ගියාසේ,
    නීතියේ ආධිපත්‍යය සහ Good Governence ද වලපල්ලටම යාමයි.

    මේ පණත මේ ලියන මට එරෙහිව වුවද පාවිච්චි කලහැකි වුවද යුරෝපයේ වගේ උදේ කෑමට රජයේ මුදල් යුරෝ කීපයක් වියදම් කල අගමැතිවරයා දඬුවම් විදිනවා වගේ ,
    වංචා දූෂණ වලට කොරියාවෙ ජනාධිපතිලා බර ගානක් හිරේ යනවා වගෙ රටක් බලාපොරොත්තු වෙන අපිට මේ පණත ක්‍රියාත්මකවීම ඉතා වැදගත්ය.

    එහෙම කලොත් රජයේ සේවකයන් කවුරුත් වැඩකරන එකක් නෑ කියන්නේ තඩි හොරුය. බල්ලන්ට බේත් ගේන්නත් නිලරථය පාවිච්චි කල අයය.

    Point of No Return වලට පැමිණ ඇති නිසා අනුර කුමාර ප්‍රමුඛ මාලිමා ආන්ඩුව බස්වල තොරම්බල් ගැලවීම,
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට අකුලුවා ගත්තා සේ පණත සැමට එකලෙස ක්‍රියාත්මක කිරීම අකුලුවා ගත්තත් ඉදිරි මැතිවරණ වලදි ප්‍රමුඛ චන්ද පොරොන්දුවක් වනු ඇත්තේ එයයි.

    අඩුගානේ දේශපාලන පලිගැනීම් විදියටවත් මාලිමා ආන්ඩුවේ බහුතරයක් හිරේ දාන්න
    මේ පනතම අනාගත ආන්ඩුවක් බාවිතා කරනු ඇත.

    ඒ නිසා පුළුවන් තරම් පිරිසක් හිරේ දාන එක මාලිමා රජයට අත්හළ නොහැකි වගකීමකි.

    Point of No Return යනු එයයි.
    පුනරුදය හෙවත් අලුතින් ඉපදෙන්නෙ නැතිව මේ හොරු දූෂිතයන් සමඟ රට නැවත ගොඩගත නොහැක.

    නැවත හැරෙන්න හිතන්නවත් එපා !
    ජයවේවා,

    Point of No Return !

    - Dr Nilanga

    ReplyDelete
    Replies
    1. මෙහි ඇති විසුළු සහගත තත්ත්වය නම් කෝටි ප්‍රකෝටි ගණනින් පොදු දේපල විනාශ කරපු පක්ෂයක ආණ්ඩුවක් යටතේ පොදු දේපල අපහරණය කරමින් තම නිල රථය බිරිඳට ෂොපින් යාමට දුන් එම පක්ෂයෙන් බිහි වූ ජනාධිපති ලේඛම් වරයා විසින් මේ පැමිණිල්ල සිදු කොට තිබීමයි.

      අපට විශ්වයෙන් ලැබෙන පණිවිඩ අනුව මෙම අත්අඩංගුවට ගැනීම පස්ස පැත්තේ ඇණුන චිචීගේ රොකට් එක ගලවා ගැනීමට සහ අව්රුද්දක් ගතවීත් රටට මේන් කියා දෙයක් කිරීමට අපොහොසත්ව කියන කියන දෙයින් සහ කරණ කරණ දෙයින් හත් පොලේ ගා ගැනීම නිසා උකටලීව සිටි තම වහල්දායක සභාවට උත්තේජනයක් දීමට සංවිධානය කළ නාටකයක් බවයි. .

      Delete
  8. අඩෝ ගෝතලං,

    අපි ඔය රනිල් වික්‍රමසිංහගේ අත්අඩංගුවට ගැනීමේ කථාවේ ගැඹුරු⁣ සහ ගෝලීය දේශපාලනික පැත්ත වෙනම තියමු..හැබැයි රනිල් වික්‍රමසිංහ කියන කුප්‍රකට,තක්කඩි පාදඩ වල් පරයෙක්ට මේ වෙලා තියන වින්නැහිය නම් කලකම් පලදීම හැර වෙන කිසිවක් නෑ..මේකෙ තියන ලල්ම සීන් එක තමන් කිරිපොවලා හදපු නයා විසින්ම රනිල්ට දෂ්ඨ කිරීම...හොඳ වැඩේ රනිල් කියන පාහර httg පුතාට...

    රනිල් වික්‍රමසිංහ 2022 ජනාධිපති නොවෙන්නට
    2024 දී අනුර කුමාර වගේ පචමෝල් මැටි හරකෙක් ජනාධිපති වෙන්නෙත් නෑ... සත පහකට වැඩකට නැති හිඟන මාලිමා පඩංගුවට තුනෙන් දෙකේ ආණ්ඩුවක් ලැබෙන්නෙත් නෑ..අපි දිගින් දිගටම මේ ගැන ලියලා තියනවා..

    රනිල් වික්‍රමසිංහ දශක දෙකක් තුනක් තිස්සේ ජාතිකවාදී කඳවුරේ පොදු සතුරා..2019 දී රනිල්ගෙ හොම්බ ඇනුනට පස්සෙ කතාව එහෙ මෙහෙ උනාට රනිල් දිගින් දිගටම වැඩකලේ අපි නියෝජනය කරපු දේශපාලනික කඳවුරට එරෙහිව..2015-2019 රනිල්ගේ යුගය අමතක කරලා මැරිලා ඉපදුනු උන්ට රනිල් වීරයෙක් වෙලා..රට බේරගත්තලු..උන්ගෙ අම්මගෙ රෙද්ද..
    රට බංකොලොත් කරපු එකාගෙ ගුණ ගායනාව...ක්‍රෑහ් තුඃ..

    පහුගිය ජනාධිපතිවරයෙදි රනිල් කැම්පේන් කලේ අනුරට.සජිත්ට දෙන ඡන්දෙ අනුරට දෙන්න කියලා ප්‍රසිද්ධියේම කිව්ව සතා තමයි රනිල්..ඔව් රනිල්ට ඕන උනේ අනුර දිනවන්න තමයි..රනිල් පරදින බව තුන වෙන බව නොදන්න බබෙක් නෙවේ රනිල්..

    දාඩිය පෙරාගෙන උසාවි කූඩුවෙ මාංචු දාගෙන බල්ලෙක් වගේ ලැගලා හිටපු පොඩි වෙලාවෙදි ලන්සි පැපොලා රනිල්ට තේරෙන්ඩ ඇති තමන් විසින් ලෙකු කරපු පඟරනැට්ටෙක් ජනාධිපති කරන්න ඍජුව සහ වක්‍රව ගත්ත දේශපාලනික තීන්දුවල ගොංකම..

    රනිල්..දැන් තමුසෙට සනීපද ඕයි?

    (උඹ මේකෙ මොනව හරි කුරුටු ගාලා යන්න කියලා ලියපු නිසා ⁣කාලෙකින් මේ ගැන මගේ අදහස ඔය විදියට ලියලා දැම්මා..රනිල්ගෙ පුක ඉඹින දාර ගොන් බයියන්ට නම් දිරවයිද දන්නෑ.)

    ReplyDelete
  9. දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ
    කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ
    පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී
    කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි
    ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි
    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි
    තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි

    අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී
    අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ
    දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ
    වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ

    ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි

    ReplyDelete
  10. මාතේ, හැබැයි පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන චන්ද්‍රිකාගෙ කාලෙ තමයි වැඩියෙන්ම LTTE සංවිධානය බලවත්වුනේ.ඊට කලින් UNP රජයත් යුද්ධය අවසන් කරන්න හිතුවෙ නෑ.අපේ නායකයන්ට ඕන උනේ යුද්ධය සුවනොවන තුවාලයක් සේ බලය වෙනුවෙන් පවත්වාගෙන යන්නයි.ගුවන් හමුදාව සන්නද්ධ කලේ නෑ.හමුදාවට අවශ්‍ය නායකත්වය සහ ආයුධ වලින් සන්නද්ධ කරල යුද්ධය අවසන් කරන්න තීරණය කලේ මහින්ද රාජපක්ෂගෙ නායකත්වය.ඒ නිසයි මේ යුද්ධය අවසන් කලේ.එහෙම නොවුනානම් අද උතුරු නැගෙනහිර ප්‍රභාට දීල.රනිල් චන්ද්‍රිකා සිටියෙ ඒ පළාත්වල පාලනය LTTE එකට දෙන්නයි.මොනව උනත් චන්ද්‍රිකාගෙ අකමැත්ත උඩ රත්වත්ත යාපනේ අපේ හමුදාපාලනයට ගන්න තීරණය කිරීම වැදගත් කාර්‍ය්භාරයක්.ඒකත් අපි අමතක කරන්න හොඳ නෑ.

    චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලෙ තමයි හමුදාවේ ලොකුම සංහාර සිදූඋනේ මුලතිව්,ජයසිකුරු, අලිමංකඩ පසුබෑම සහ තවත් සමූල ගාතන ගොඩක් ඒ ආණ්ඩුවේ සිද්ද උනේ එවකට පැවති රජයේ සහා ආරක්ෂක පාලකයන්ගේ තිබූ නොසැලකිලිමත්කම සහා බලයට තිබූ කෑදරකම නිසායි.. එම නිසා මුලු ත්‍රීවිද හමුදාවටම ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්දුනා.. නමුත් අද ඔවුන් කල කැපකිරීම් කිසිදු කෙනෙක්ට මතක නැත එය දුකට කාරනයක්.. එහෙත් මම එක දෙයක් දනිමි මන්ද යත් දෙවියන් වහන්සේට ගනන් දීමට කාලයක් එලබේ එදාට සාදාරන කවුද කියා පවු කල නොකල සියල්ලන්ටම දැනගත හැකිවනු ඇත්.... රට,ජාතිය, වෙනුවෙන් තම තාරුණ ජීවිතය දන් දුන් සියලුම විරුවන් සමාදානයෙන් සැතපේවා දෙවියන් වහන්සේගේ අවසන් විනිශ්චයේදී ඔවුන් නැවත නැගිටිත්වා.... සියලුම දෙනාට ජේසු පිහිටයි මියගිය නොගිය සියලූම රනවිරුවන් හට ජේසු පිහිටයි ❤️✝️

    ReplyDelete
  11. Saumyage huththe rasa balanna thibba nam

    ReplyDelete
  12. ඇත්තටම සදාකාලික සතුරෝ හෝ මිතුරෝ නොමැති දේශපාලනය යනු වෛරය නොවේ රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක මෛත්‍රීපාල සිරිසේන තුන් දෙනාම එකතු වෙලා යහපාලනයේ මුලින්ම පොදුදේපල පණත යටතේ රිමාන්ඩි කරලා

    අපි මයිනාගේ බෙිබිලාව රිමාන්ඩි එකේ මෙට්ටේ බුදිකලා කීවේ නාමල් රාජපක්ෂටයි

    නාමල් රිමාන්ඩ් කල පසු රනිල් වත් මෛත්‍රීපාල සිරිසේනවත් නාමල් බලන්න ආවෙි නැත අනුර කොහොමත් එන්නේම නැත.

    එහෙත් දේශපාලනය යනු වෛරය වෛරයට ඇරියස් කවර් කිරීමක් නොවන බව මේ තරුණ දේශපාලඥයා පෙන්වීය.

    අදත් එදා රනිල්ලා නාමල්ට ගොණු කරපු චෝදනා වලට උසාවි වල රස්තියාදු වෙන නාමල් දැන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්තාම රනිල්ට හොද වැඩේ ඕකට කීවේ නැත.

    ඒ රනිල් නාමල්ව රිමාන්ඩි කරපු පොදු දේපල පණත යටතේම රිමාන්ඩි කරන විට

    එදා තමන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තු⁣වත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු⁣වත් අනීතික චෝදනා ගොණු කර අධිකරණයට ඇප ලබා දෙන්නට බැරි විදිහට රිමාන්ඩි කල ආකාරයටම කටයුතු කල බව කියන්නට හයියක් තිබුණා

    අධිකරණය ස්වාධීනයි

    අධිකරණයට ගොරක දඩමස් කර චෝදනාව පවතින රජය වෙනුවෙන් එදත් අදත් ගොණු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තු⁣ව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු⁣වයි.

    ඒ අනුව පවතින රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තු⁣වට සහ පොළීසිය සහ CID තවමත් පක්ෂපාතීව කටයුතු කරන්නේය.

    නාමල්ලා වෛරය ඇරියස්,නොකර පෙනී හිටියේ ඒ අනීතික චෝදනා ගොණු කිරීමට එරෙහිවයි

    දේශපාලනය යනු එයයි.

    මහින්දට කොතෙක් නින්දා කලත් අපහාස කලත් ඔහු තමන්ගේ දේශපාලනික සතුරාට අනීතික විපතක් කරන විට එයට එරෙහිව නැගී සිටියේය

    අද මහින්ද මරා මස් කන්න තරමට වෛර බැද ඇති ජවිප කාඩරයන් ටයර් උඩ මරනකොට ඒ අනීතියට එරෙහිවත් එදා ජීනීවා මානව හිමිකම් මහා මංඩලය ඉදිරිපිට ජවිප කාඩරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා බිම ඉදගත්තේ මහින්දයි

    ඒ නිසා විප්ලවය නාමයෙන් ආයුධ සමග අහුවෙලා රිමාන්ඩි එක තුළ අනීතිකව මරන්නට ලියවුන ටිල්වින්ලා ජිනීවා ප්‍රඥප්තියට වලින් ආවරණය කලේ ඒ මහින්ද නම් එවක නීතීඥයායි

    නාමල් රාජපක්ෂ ඒ මහින්දගේ දරුවායි

    ඒ මහින්දගේ දරා ගැනීමේ ගතිය
    ඒ මහින්දගේ අපහාස ඉවසීමේ ගුණය
    ඒ මහින්දගේ අනීතියට එරෙහිව සතුරා හට වුනත් පෙනී සිටීමේ ගුණය

    මහින්ද නාමල්ට කුරහන් සාටකය සමග ( සමහර අයට හොර සාටකය සමග) පිය උරුමයට ලබා දී ඇති බව රනිල්ට එරෙහිව සිද්ධ කරන මේ රාජ්‍ය ව්‍යවස්ථාපිත අනීතික මෙහෙයුමේදී දැක ගන්න ලැබුනේය

    ඉස්සර ඒ අයුක්තියට එරෙහිව නැගී සිටීමේ ගුණාංග අප කියවා ගත්තේ සෝමවංශ සහෝදරයා සිටි වර්තමානය වනවිට ගුණ වැනසී නැතිවී ගිය නුගුණ පිරි නූතන මාලිමාවට පෙර තිබුණ ඇත්ත ජවිප තරුණයාගෙනි. නමුත් අවාසනාවකට අද අපට එය කියවා ගන්කට ලැබෙන්නේ නාමල් රාජපක්ෂ වැනි තරුණයන් හරහායි.

    ReplyDelete
  13. හොඳ පෝස්ට් එකක් මාතලන්

    ලංකාවට පිට විදේශ රටක සිට බලන විට පෙනෙන විදිහට ලංකාවේ වර්තමාන සන්දර්භයට සාපේක්ෂව පුරාණ රෝමයේ ජුලියස් සීසර් රූබිකන් තරණය කිරීම යනු දේශපාලන විද්‍යාවේ සහ ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකි. ක්‍රි.පූ. 49 දී සීසර් සිය හමුදාව සමඟ ඉතාලියේ රූබිකන් නදිය තරණය කළේ රෝමානු සෙනෙට් සභාවේ නියෝගයට පිටුපාමිනි. මෙම ක්‍රියාව, ආපසු හැරවිය නොහැකි සහ සියලු දේශපාලන සම්ප්‍රදායන් බිඳ දමන තීරණයක් ලෙස සැලකේ.
    ​අර්ථය: "රූබිකන් තරණය කිරීම" යන යෙදුම අදටත් භාවිතා වන්නේ ආපසු හැරවිය නොහැකි, අවදානම් සහගත තීරණයක් ගැනීම විස්තර කිරීමටයි. සීසර්ගේ ක්‍රියාව රෝමානු ජනරජයේ පාලනය ජනරජවාදයේ සිට අධිරාජ්‍යවාදය දක්වා මාරු වීමට හේතු විය. එයින් පෙනී යන්නේ නායකයෙකු විසින් ගන්නා තනි තීරණයක් සමස්ත දේශපාලන පද්ධතියක ගමන් මඟ වෙනස් කළ හැකි බවයි.

    ​වර්තමාන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත එන්පීපී පාලනය සහ විපක්ෂයේ කාර්යභාරය ගත්තාම ​වත්මන් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය තුළ රජයේ අධික දූෂණය, ඒකාධිපතිවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පිරිහීම පිළිබඳ චෝදනා නිරන්තරයෙන් එල්ල වේ. මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂයේ කාර්යභාරය ඉතා තීරණාත්මක සහ සංකීර්ණ වේ.

    ​විපක්ෂයේ මූලික කාර්යභාරය ලෙස දේශපාලන විද්‍යාත්මකව විපක්ෂයක ප්‍රධාන කාර්යයන් වන්නේ පාලක පක්ෂය සමතුලිත කිරීම (checks and balances), විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සහ ජනතාවගේ හඬ නියෝජනය කිරීමයි. කෙසේ වෙතත්, වත්මන් ශ්‍රී ලංකාවේදී මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා විපක්ෂය මුහුණ දෙන අභියෝග රැසකි.

    මේ සඳහා ​ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ලෙස ​වර්තමාන දූෂිත අමන පාලනයට එරෙහිව විපක්ෂයට ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ. මේවා විවිධ දේශපාලන පාර්ශ්ව එකතු කරගෙන ක්‍රියාවට නැංවීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

    මේ වනවිට වෙන් වෙන්ව බෙදී සිටින විවිධාකාර ලෙස බෙදී සිටින විපක්ෂ බලවේග හැකිතාක්දුරට එකට එක්වී​එකමුතු පෙරමුණක් ගොඩනැගීම (Building a United Front): විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකම වේදිකාවක් යටතට ගෙන ඒම වඩාත් බලවත් විරෝධයක් ඇති කිරීමට උපකාරී වේ. මෙමගින් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව පුළුල් ජනමතයක් ගොඩනැගිය හැකිය.

    දැනට රජයට කිසිදු ආකාරයක වැඩපිලිවෙලක් නැතිව විකාර බහුබූත කරමින් ජනතා පිළිකුලට ලක් වී සිටින ආණ්ඩුවට එරෙහිව ඉතාමත්ම දක්ෂ ලෙස ​ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම (Presenting an Alternative Policy Framework): පාලක පක්ෂයේ දූෂිත ක්‍රියාවන් හෙළිදරව් කිරීමට අමතරව, විපක්ෂය රටේ ආර්ථික, දේශපාලන සහ සමාජ ගැටලුවලට විසඳුම් ලබා දිය හැකි පැහැදිලි හා විශ්වසනීය ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ යුතුය. මෙය ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
    ​පාර්ලිමේන්තු ක්‍රමවේදයන් ඵලදායීව භාවිතා කිරීම (Effective Use of Parliamentary Mechanisms): පාර්ලිමේන්තුව තුළ විවාද, යෝජනා සහ අධීක්ෂණ කමිටු හරහා ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සහ වගවීම ඉල්ලා සිටීම විපක්ෂයට කළ හැකි වැදගත් කාර්යයකි.
    ​ජනතා බලය සංවිධානය කිරීම (Mobilizing Public Power): විපක්ෂයට මාර්ගගත විරෝධතා ව්‍යාපාර, පෙළපාලි සහ රැලි සංවිධානය කිරීමෙන් ජනතා මතය බලගැන්විය හැකිය. මෙවැනි ක්‍රියාකාරකම් හරහා රජයට බලපෑම් කළ හැකි අතර, ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් ලැබේ.

    මෙහීදී ​සැලකිය යුතු කරුණු ලෙස වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව වැනි අන්ත​දූෂිත, අශීලාචාර, අශ්ලීල සහ අමන ඒකාධිපති වියරු පාලනයකට එරෙහිව විපක්ෂය ක්‍රියා කිරීමත් රෝමයේ සීසර් රූබිකන් තරණය කිරීමක් වැනිය.

    මෙහීදී විපක්ෂය ගන්නා සෑම පියවරක්ම ආපසු හැරවිය නොහැකි ප්‍රතිඵල ඇති කළ හැකිය. එක්සත් විපක්ෂයක අවශ්‍යතාවය සහ ඔවුන්ගේ උපාය මාර්ග, රටේ අනාගත දේශපාලන ඉරණම තීරණය කරනු ඇත. මේ තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට විපක්ෂයකට ඇති හැකියාව පිළිබඳ හොඳම පරීක්ෂණයකි.

    ReplyDelete
  14. මේ තාක්ෂණික technical point එක ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?


    අදාල වර්ෂය සඳහා ජනාධිපති වැය ශීර්ෂයන් සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය සිදු කල විගණනයේදී මෙම ගැටළුව මතු වී නැත.. මෙම ගැටළුව මතු වී ඇත්තේ ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර විගණනයකින් වන අතර එවැනි විගණනයක් සදහා එහි නිලධාරීන්ට බලයක් නැත.

    - ජනාධිපති නීතිඥ තිලක් මාරපන සැකකාර හිටපු ජනපතිවරයා වෙනුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්

    මේක අනුව නඩුව විසිවෙන්න පුළුවන්ද?

    ReplyDelete
  15. Gayani madamge chu bonna thibba nam

    ReplyDelete
  16. නැවක් කුණාටුවකට අසුවී ඇති බව වැටහෙන විට ගිලෙන්නටද පෙරත් නැවේ සිටින කපටි මීයන් නැවෙන් පනින බව හැමෝම දනිති.

    වරායෙන් බිමල්ලා පැන්නු පරීක්ෂාවකින්,තොරවු කන්ටේනර් අමුණා තිබුනේ ජනාධිපති අනුර විසින් බස්නාහිර ආණ්ඩුකාර ධූරයට පත්කරන ලද හනීෆාගේ ආනයන සමග බව චෝදනාව එල්ල වී තිබෙනබව හැමෝම දන්න කාරණයක්.

    ඒ බස්නාහිර පළාතට අනුර විසින් පත් කරන ලද ආන්ඩුකාරවරයායි, සමහරු ඩීල් අවසන් වු පසු අනුරලාට පස්ස හරවන්නට හෝ නැතහොත් අළුත් ඩීල් එකකට මාරු වෙනු නිසැකයි.

    රජයට මාස 10 යි තාම...! ඉතාම ඉක්මනින්ම රජය වෙනස් වන ආකාරය හැමෝටම දැකගත හැකිවනු නිසැකය.

    ReplyDelete
  17. මාතා, ඇත්තටම ඔය මාලිමාව කියාගෙන අද හිටියාට ඔය පක්ෂයේ ගාමක බලවේගය ජනතා විමුක්ති පෙරමුණ, ඔය ජවිපයේ කාඩර්ලා වෙච්ච ජෙප්පෝ ඉස්සර ගොඩක් ආදරය කරපු චරිතයක් වුණේ ප්‍රේමදාස උඩුගම්පල යනු 88/89 ජෙප්පන්ගෙ කන් වලට බෝල් පොයින්ට් පෑන් ගසා, පශ්චාත් භාගයට ඇස්ලෝන් බට ආධාරයෙන් කටු කම්බි බස්සවා දුටු තැන ජෙප්පන් සමූල ඝාතනය කල ජෙප්පන්ගෙ අංක එකේ විරුද්දවාදියායි.

    උඩුගම්පලගෙ හැසිරීම එසේ වීමට හේතුව වුණේ එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට ඉතාමත්ම පක්ෂපාතීත්වය දක්වපු නිසාම උඩුගම්පොල ජවිපෙ අයට විරුද්ධව ටිකක් තදින් නීතිය ක්‍රියාත්මක කරවීම නිසා ඊට එරෙහිව පලිගැනීම සහ ඔහුට පාඩමක් උගන්වලා වෙනත් නිලධාරීන්ටත් මේකමයි වෙන්නේ කියන පණිවිඩය දෙන්නට ජෙප්පන් විසින් ගාල්ලෙ උළුවිටිකේ විසූ ප්‍රේමදාස උඩුගම්පලගෙ මව සහෝදර සහෝදරියන් බිරිඳ නෑනලා සහ ඔවුන්ගේ කුඩා දරුවන් බිලිඳුන් ඇතුළු උඩුගම්පොල පවුලේ සියල්ලම සමූල ඝාතනය කර, ඒ සමූල ඝාතන වීඑච්එස් කැසට් පටවල රෙකෝඩ් කර උඩුගම්පලට යැවූ පිරිසක් වීම නිසා හටගත් කැකෑරෙන වෛරයයි

    එහෙව් උඩුගම්පලගෙ අක්කගෙ පුතාවූ පාරම්පරික එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් වූ ශානි අබේසේකර මැතිතුමා ජෙප්පන්ගෙ මැතිවරණ වේදිකාවල නැග පොරටෝක් දීමේ සිට විශ්‍රාම ගොස් සිටියදී නැවත සේවයට ගත් වර්තමානයේ ජෙප්පන්ගේ ආරක්ෂකයා, වීරයා, ශර්ලොක් හෝම්ස් වීම භීෂණ සමයේ ජීවිත බේරාගත් ජෙප්පන් කොතරම් ආහ්ලාදයකින් වැලද ගන්නවා ඇත්ද?

    ඒ තරම් ආශ්චර්‍යයක් කතා පොතකින්වත් කියවා අසා නැත. මේ ගැනත් පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?

    ReplyDelete
  18. මේ ගේන තර්ක ටික දැක්කම මට දිලීප පීරිස් ඊලග නීතිපති වෙනවා දකින්න හරිම කැමතියි.

    හේතුව අනුර දිසානායකට එරෙහිව ඊලග ආන්ඩුවක රාජ්‍ය මුදල් අවභාවිත නඩුවක් විභාග වනවිට

    දිලීප පීරිස්ට නීතිපති ලෙස මේ වචන ආපසු නෑ කියන්න බැරි වෙන නිසායි

    අනුර ජනාධිපති ලෙස ජර්මනියට සහ එක්සත් අරාබි එමීරයට ගිය ගමන් දෙකෙන් රටට ශත පහක ප්‍රතිලාභයක් ලැබුනේ නැත.

    අඩුම එක්සත් අරාබි එමීරයට(ඩුබායි) පැමිණි සංචාරයේදී ඉන්ධන රටට ලබා ගැනීමට නව අවස්ථාවක් වත් ලබා ගත නොහැකි විය

    එබැවින් දිලීප පීරිස්ට අනුව අනුර දිසානායක ජනාධිපති ලෙස කරන ලද සංචාර දෙකකින් රජයේ මුදල් ප්‍රතිලාභ රහිතව අවභාවිතයකට පක්වී ඇති බව අපට නිගමනය කළ හැකිය.

    ඉදින් වසර කීපය තුල ආන්ඩුව මාරු වුනාට පසු දිලීප පීරිස්ව වසරකින්,නීතිපති වුනොත් ඊලග ආන්ඩුවක මුල් කාලයේ නීතිපති වන්නේද දිලීප පීරිස් තමයි

    එවිට අපට අද වගේම අනුරටත් එරෙහිව දිලීප පීරිස් හරහා නීතිපති කාර්යාළය තර්ක මතු කරනවා අහන්න පුළුවනි.

    එදාට අද රජයේ විශිෂ්ඨම නීතීඥයා ලෙස දිලීප පීරිස්ට පවන් ගහන ජවිප මාළිමා ඩෝබිලා

    දිලීප පීරිස්ගේ මවු ගුණ ගායනා කරනවා බලන්නද පුළුවන.😃😃

    අත්තිඩියේ පඤ්ඤානන්ද හාමුදුරුවන් ලියපු අර අහසට පොළවෙන් නගින්නේම එක දුමාරයයි කියන සිංදුවේ පද දෙකක් තිබ්බා

    ඔය කොකාට වාරය නම්
    තිත්තයට දෙවාරයයි කියලා

    ReplyDelete
  19. උතුරේ ඇත්තටම වෙලා තියෙනනේ මේකයි මාතලන්;

    1. තමන් හා සටන් කරන සිංහලයන්ට විරුද්ධව භටයන් වශයෙන් පාවිච්චි කරන්න හා වෙනත් උදව් ගන්න එදා ප්‍රතුගීසීන් යාපනේ වෙනම දෙමල පාලනයක් තියනවය කියල පෙන්නන්න එයට වෙනම පාලකයො පත් කල . එභෙම පත් කල "රජවරු" කතෝලික ආගමට හැරීම ප්‍රතික්ෂේප කල නිසා ප්‍රතුගීසීන් විසින්ම ඔවුන්ව මරා දමනු ලැබුව. කෙටී කාලයකට යාපනය ප්‍රදේශය පාලනය කල සංකිලි එහෙම ප්‍රතුගීසීන් විසින් යාපනයට බලෙන් ඞපත් කල දෙමල "රජ" කෙනෙක්.

    2. පසුව පැමිණි ලන්දේසී ආණ්ඩුකාරයෙක් යාපනේ දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් තිබුණ බවට පොතක් ලියන්න (සිංහලයගෙ මහාවංශය වැනි) කියල දෙමල ලේඛකයෙකුට ආරාධනා කලා. එහෙම ඒ දෙමල ලේඛකය ලියපු "ඉතිහාස පොත" තමයි 'යාල්පානම් වයිපවමාලෙයි'.

    ඊට අමතරව ලන්දේසීන් උතුරු ප්‍රදේශයෙ පාරවල, වතුවල කම්කරු වැඩට කියල දහස් ගණනින් දකුණූ ඉන්දියාවෙන් දෙමල සහ දෙමල කතා කරන මුස්ලිමුන් ගෙන්නල ඔවුන්ට එහෙ පදිංචි වෙන්න ඉඩ සැලසුව.

    3.පසුව එන ඉන්ග්රීසිනුත් ඔවුන්ගෙ වතුවල වැඩට කියල දෙමල කම්කරුවන් මිලියන ගණනින් ලංකාවට ගෙන්ව ගත්ත. ඔවුන් සමග පැමිණි ජීජී පොන්නම්බලම් ලංකාව පාලනයෙදි දෙමල ජනතාවට සිංහල ජනතාව සමග 50ට 50 වශයෙන් අයිතිවාසිකම් ඕන කියල ඉල්ලුව. දැන් ඉන්ග්රීසින්ගෙ සහායෙන් ව්‍යාපාර කරන ඔහු දකුණෙ සිංහලයන් අතර කොලඹ අක්කර 15 ක ඉඩමක් අයිති කරන්න ඉන්නව. පසුව ඒ විදියටම එන කරුපයියා තොන්ඩමන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවලන්තැන්නෙන් අක්කර 50ක් අයිතිය කරන්න ඉන්නව.

    4.ඔය පසුබිම තමයි "දකුණු ඉන්දීය ව්‍යාප්තවාදය" වශයෙන් ජේවීපියෙ එදා ඉගැන්නුවෙ. එය 'ආක්‍රමණය" ආක්‍රමණයක් හැටියට හන්දුනා ගෙන කර ඇතී දෙයක් මිසක් ජාතිවාදී වීමක් නෙවෙයි.

    5.නිදහස ලැබීමෙන් පසු ජේ.ආර් ජයවර්ධන ආපසු ඉන්දියාවට යෑමට නියමිතව සිටි දකුණු ඉන්දීය දෙමල ජනතාවට ලක්ෂ ගණනකට කොන්දේසියකින් තොරව ලංකාවෙ පුරවැසි ක්‍රම දුන්නෙ එයින් සිංහල උරුමයට විය හැකි හානි ගණන් නොගෙනයි..

    6. වතුකරයට දෙමල ගුරුවරු තමිල්නාඩුවෙන් ගේන යෝජනාවට අද රජය එකඟ වෙනව නම් ඒ දෙමල ඩයස්‌පෝරාවෙ මීලන්ග සැලසුම් ඉටු කිරීමක් වශයෙන් විය හැකියි. වත්මන් රජය එහෙම කලොත් කරන්නෙ එසේ කිරීමෙන් ඔවුන්ට තියනව යැයි ඔවුන් පෙන්නන්න උත්සාහ කරන "ජාතිවාදී නොවීමේ මහත් වූ උදාර ගුණය" ප්‍රදර්ශනය කිරීමට වුවත් ඇත්තටම එයින් කෙරෙන්නෙ සිංහලයට මේ රටේ ඇති අයිතිය එදා සුද්දාද කරමින් සිටි විදියට තව දුරටත් හෑල්ලු කිරීමකුයි. ඵය තවත් නින්දිත පාවා දීමක්!.

    ReplyDelete
  20. මහින්දගේ කාලේ මර්වින් සිල්වා වගේ උන් නටන කොට ඔය මාලිමාවට කඩේ යන නිර්මාල් ලා ට ඔය නිර්ප්රභූ කතා තිබුනේ නැහැ. අදත් සුදාල වසන්තල වගේ තක්කඩි පඩ නරි නටන කොට ඒවා නැහැ.

    මේ කිසිම අදාලත්වයක් නැති නිර්ප්රභූ ලබ්බක් මෙතනට ගෙනාවෙ මුන්, මේ ආණ්ඩුව නා ගන්න ඒවයි හැටියට මිනිස්සුන්ගේ බෙදීම පවත්වාගෙන යන්න මොකක් හරි ඕනෙ නිසා.

    ඉස්සර කිව්වේ හොරකම් කරලා කරපු මහා විනාසේ නිසා මිනිස්සුන්ට ලැබුණු සැප සම්පත් ගැන. දැන් ඒක කියන්න බැහැ මොකද උගන්ඩා කතා බොරු කියල තමන්ම පිලි ගත්ත, අනික උන්ගේ පැත්තේ කන්ටේනර් ප්‍රශ්න එහෙමත් තියෙනවා. මහා ප්‍රචාරයක් දීල එකතු කරපු කාර් නුත් අන්තිමට අත යටින් දුන්න. කෝටි ගණන් හොරකම් නවත්තල ජනතාවට දෙනවා කියපු සැප සම්පත් තාම හඳේ.

    දැන් ඉතින් මිනිස්සු තමන් එක්ක තියා ගන්න ඊළඟට කරන්න පුළුවන් දේ තමයි, බලය ගන්න කරලා හරි ගියපු වට්ටෝරුව, ඉරිසියාව වෛරය ඇවිස්සීම. ඒක කරන්න තමයි ඔය ට්‍රයි කරන්නෙ රනිල් අපිට වඩා පොහොසත් සුදුයි ඒක නිසා නීතිය ඉෂ්ට වෙන්න හොඳ නැද්ද අහල.

    මුන් කියවල තියෙන්නේ මකියාවෙල්ලි නෙවෙයි ඇනිමල් ෆාර්ම්.

    ReplyDelete
  21. Saumyage huththe pethi pan kellak gahala thiyala aragena kanna thibba nam.

    Mm kohomada rasa. Ita passe chu bonna thibba nam Saumyage

    ReplyDelete
  22. අඩෝ මාතලන් සහ මචන්ලා ඇන් සුදූස්,

    ඕන්න ආයේ රනිලා බේරගන්න නූතන විහාර මහා දේවිය හිරු නිකර් හෝන්දු මාන්දු මළහෝන්තුව එනවා කියල කියනවා නේද? දමිතා අබේරත්න විගඩම විතරයි තාම අඩු, ඒ මල හත්වලාමත් තව ටික දවසකින් මෙතනට පාත් වේවි නේද?

    දැන් බලන්ඩ ඔය හිරුනිකා දිහා..මේක මේ සන්ධර්භයේ සංකීර්ණතාවය තේරුම් ගන්න හොඳම නියැදියක්..

    දැන් ඔය කවුරු අරගලේ වීර චරිත නඩත්තු කලත් ගෝඨා එලවන්න මුලින්ම මිරිහානෙ ගෝඨගෙ ගෙදර වටලන්න ආවෙ හිරුණිකා.. ඩිමෙන්ෂියා නැත්තම් මතක ඇති...

    රනිල්ව ගෝඨා අගමැති කලාම රනිල්ට විරුද්ධව
    අර "රනීඊඊඊල්...රනීඊඊඊල්" කියන ඵෙතිහාසික සුප්‍රසිද්ධ යටිගිරි ප්‍රකාශනය කලේත් හිරුනිකා..

    හරීන්ලා,ආශුලා,හිරුනිකාලා,මුජිබර්ලා,මරික්කාර්ලා ගෝඨා එලවන සටනේ පෙරමු⁣ණේ හිටියා..බයියන්ට සැපට ගුටි දීලා බේරේ දාලා නාවන මෙහෙයුමේ හිටියෙත් එයාලගෙ කොලඹ අවට ජීවත්වෙන කොලපාට වහල් මීහරක් පිස්සු හැතිකරේ

    ඒ අල්ල පනල්ලේ කට්ටිය ෆෝම් කරලා ගෝඨාව එලෙව්වා..

    දැන් ඕන්න හිරුනිකාලා රනිල්ව බේරගන්ඩ කොලඹ ඇවිත්...රනිලුත් රැකගෙන බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදයත් රැකලා දෙන්න හිරුනිකාලා පෙරට ඇවිත්..

    හරිම මාන්දවික දේශපාලනික තත්වයක් නේද මිත්‍රොරුනි...😀

    ReplyDelete
  23. මාතලන් ජනාධිපති අනුරගෙ දේශීය සංචාර පිළිබද තොරතුරු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරල. ඇයි දන්නෙ නැහැ ජනාධිපති ‘ගියපු’ ගමන් සහ දරපු වියදම කියන්න බැරි. ගියපු ගමන් ජනාධිපතිගෙ වර්තමාන ආරක්ෂාවට බලපාන්නෙ කොහොමද? හැබැයි මේක RTI කොමිසමට ගියාම දෙන්න කියනව මේ තොරතුරු. මේ ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  24. රනිල්ගේ ගමන නවතින්නේ ජම්පරයෙන්

    ReplyDelete
  25. මාතා 2004 අවුරුද්දේ කැනඩාවේ වුන මේ සීන් එක ඇහුවොත් සිරාවටම ඔයා ගොඩක් ශොක් වෙනවා...😳

    මට මේක මතක් වුනේ දැන් ලංකාවට අත්‍යාවශ්‍යම කරන පාතාලේ සාමජිකයින් සෙට් එකක්ම එකට අල්ලලා කියලා නිවුස් එක දැක්කාමයි.

    මේ ස්ටෝරිය එක කැනඩාවේ 2004 අවුරුද්දේ වුන True story එකක්.

    මේ කතාවේ කතා නායකයා වෙන්නේ මයිකල් බ්‍රිජ්ස් කියන අවුරුදු 22ක් වෙන කොල්ලා. 2003 අවුරුදේදි පොරගේ ස්කූල් ලව් එක වුන එරීන් හිතුවේවත් නැති විදිහට අතුරුදහන් වෙනවා. මයිකල් ගොඩක් එයාගේ ගර්ල්ෆෙන්ඩ්ට ආදරේ කරපු නිසා මේ අතුරුදහන් වීම නිසා පොර ඉන්නේ ලොකු මානසික පිඩනයකින් . එරීන්ගේ දෙමාපියන් සහ පවුලේ අය පොලිසිය එක්ක ඇය සොයන්න මහන්සි වුනත් ඒක සාර්ථක වෙන්නේ නෑ. මුලදි පොලිසියට මයිකල් ගැන සැක හිතුන නිසා මයිකල්ගෙන් කට උත්තර ගත්තත් මයිකල් නිර්දෝශී බව ඔවුන්ට වැටහෙනවා.

    මේ ප්‍රශ්න එක්ක මයිකල් හොඳටම අවුල් වෙලා ජොබ් එකත් නැතිවෙනවා. මයිකල් ටිකක් සැපට ඉන්න කැමති කොල්ලෙක්. මේ නිසා මේ වුන ආර්ථික අපහසුතා නිසා මයිකල් තව තවත් අවුල් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අතරතුරයි ලොතරැයියක් වගේ දෙයකින් මයික්ට hockey match එකක් බලන්න ticket එකක් හම්බවෙන්නේ. මේ ටිකට් එකේ විශේෂත්වය තමයි ඒ hockey match එක බලන්න යන ගමනේ සියළු වියදම් මේ ටිකට් දුන්න සමාගමින්ම දැරීම. මයිකල් සතුටින් මේ ගමන යන්නේ එයාගේ මානසික ව්‍යවුල් බවෙන් පොඩ්ඩක් හරි මිදෙන බලාපොරොත්තුවෙන්.

    ඒ වගේම මේ මැච් එක බලන්න ඒ වගේ ටිකට් එකක් ඇදුන තව පිරිමිකෙනෙක් hockey match එක අතරතුරදී මයිකල්ට සෙට් වෙනවා. මේ අහම්බෙන් හම්බවුන මයිකල්ගේ යාළුවා ගොඩක් හොඳ සල්ලිකාරයෙක් කියලා මයිකල්ට තේරෙන්න යන්නේ ටික වෙලාවයි.

    කොහොම හරි මයිකල් සහ මේ යාලුව දවස් කීපයකින් හොඳම යාළුවෝ බවට පත් වෙනවා. ඔහුත් දුප්පත් කොල්ලෙක් විදිහට ඉදලා මේ තරම් පෝසත් වුනේ ඔහු දැන් කරන ජොබ් එක නිසා බවත් මේ වෙනකොට මයිකල් ඉන්නේ අසරණ වෙලා නිසා පොරගේ බොස්ට කියලා මයික්ටත් වැඩ ටිකක් හොයලා දෙන්නම් කියලා මේ යාළුවා මයිකල්ට කියනවා.

    ඒ අනුව යාළුවා මයිකල්ට ජොබ් එකක් සෙට් කරනවා.ඒ ඔහු දෙන පාර්සල් අදාල ස්ථානයට ගිහින් ඩිලිවරි කරන එක. ඒ වගේම ඒ පාර්සල් කඩලා බලන එක මයිකල්ට තහනම් වැඩක්. මයිකල් සල්ලි ඕන නිසා සහ ජොබ් එකකුත් ඕන නිසා රිස්ක් එකක් තියාගෙන පාර්සල් පරිස්සමින් ඩිලිවරි කරනවා.

    කාලයක් යනකොට මයිකල්ට තෙරෙනවා තමන්ගේ යාළුවා කරන්නේ නීති විරෝධී වැඩක් බව. යාලුවා මේ තරම් සල්ලි හම්බකරන්නේ කුඩු බිස්නස් කරල වෙන්න ඇති කියලා මයිකල්ට තේරුනත් සල්ලි වලට තියෙන ආසාවට මයිකල් යාළුවා එක්ක මේ වැඩේ දිගටම කරගෙන යනවා.

    දවසක් යාළුවා මයිකල් එක්කම ගිහින් නොසිතූ මොහොතක ගෑණු ළමයෙක්ට හම්බවෙලා ඒ ගෑණු ළමයට මුහුණට පහරදීලා රහසේම ඒ ළමයා මරනවා දැකීමත් එක්කයි මයිකල්ට මේ කරන වැඩේ බරපතල කම තේරෙන්න පටන් ගන්නේ.. ඒත් මයිකල්ට දැන් මේ වැඩේ අත අරින්න බැරි. පොර නොසිතූ විදිහට පොරට මේ වැඩෙන් සල්ලි ලැබෙන නිසා.
    ... ,cont'd

    ReplyDelete
    Replies
    1. ඔය අතරතුර මයිකල්ගේ යාළුවා මයිකල්ට කියන්නේ ඔහුගේ බොසාට මයිකල් හම්බවෙන්න ඕන බව. මයිකල් පාර්සල් ඇරලා බලන් නැතිව හොඳ විශ්වාසයෙන් ඒ පාර්සල් ඩිලිවරි කරන නිසා මයික්ට උසස් වීමක් දෙන්න බොසා හිතන් ඉන්න බව යාලුවා මයිකල්ට කියනවා. ඒත් ඒ උසස්වීමත් එක්ක වගකීම් වැඩි නිසා මයිකල් තව එක කඩයිමක් පහු කරන්න ඕන බව යාළුවා කියනවා. ඒත් ඒ කඩයිම ගැන යාළුවා මයිකල්ට කියන්නේ නෑ.

      මේ වෙලාවේ මයිකල් යාළුවා පුදුම කරමින් එයා මීට අවුරුද්දකට කලින් සිදු කරපු රහසක් ගැන යාළුවට කියනවා. මේකත් එක්ක එයා ඒ කඩයිමත් සම්පූර්ණ කරලා බව යාළුවට වැටහෙනවා.

      ඔන්න අනික් දවසෙ මයිකල් යාළුවාගේ බොසා හම්බවෙන්න හෝටලයකට යනවා. මේ වෙලාවට මයික්ගේ යාළුවත් එනවා. පස්සේ දෙන්නම කාමරයකට වෙලා බොස් එනකන් පොඩි චැට් එකක් දානවා. මේ අතර මයිකල්ගේ යාළුවා ආයෙත් මයිකල්ට කියන්නේ එයා කලින් දා කියපු අර පුදුම සහගත කතාව ආයෙත් වතාවක් කියන්න කියලයි.

      මයිකල් ඒ කතාව ආයෙත් අකුරක් නෑර කියනවා. ඒ කතාව ඉවරවුනත් හරි යාළුවා බොස් ආපු බව කියලා කාමරේ දොර අරිනවා.

      එතකොටයි මයිකල් දැන ගන්නේ ඔහුට කෙලවුන බව.

      මේ කාමරයට එනේ යාළුවගේ බොස් නෙවෙයි පොලිස් නිළධාරීන් පිරිසක් වන අතර, මාස ගානක් මයිකල්ගේ හොඳම යාළුවා විදිහට ඉදලා තියෙන්නෙත් පොලිස් නිළධාරියෙක් බව මේ මොහොතේ මයිකල්ට තෙරෙනවා.

      මයිකල් යාළුවාට කියපු රහස තමයි 2003 අවුරුද්දේ අතුරුදහන් වුන ඔහුගේ පෙම්වතිය වූ එරීන් මැරුවේ ඔහු බව. ඇයට ඔහුගෙන් වෙන් වන්නට ඕන බව කියූ නිසා ඇයට පහර දී මරා දමා පසුව පරණ මිනී වලකට දමා ඇයව වලදැමූ බව රහස විදිහට මයිකල් යාළුවාට එහෙමත් නැත්නම් පොලිස් නිලධාරියාට ප්‍රකාශ කර තිබුනා.

      කොහොම හරි පොලීසියෙන් කරපු රඟපෑමට මයිකල් හොඳටම රැවටෙනවා. ෆ්‍රී ටිකට් දීපු වැඩේ කරල තියෙන්නෙත් රඟපෑමක් , ඒ වගේම මයිකල් අතෙ යවපු පාර්සල් වල තිබිලා තියෙන්නේ කුඩු කියලා මයිකල් හිතුවට ඒවායේ තිබිලා තියෙන්නේ දාන්‍ය ඇට වර්ග. ඒ වගේම යාළුවා කෙල්ලෙක් මරනවා වගේ පෙන්නලා තියෙන්නෙත් බොරුවක්. මේ සියළු රගපෑම් වලට අහුවෙන මයිකල් අවසානයේ ඔහුගේ පෙම්වතිය මැරූ වරදට හිරේ යනවා.

      ඔන්න ඔහොමයි එරින්ගේ මිනීමරුවා කැනඩාවේ පොලීසිය විසින් සොයාගෙන තිබුනේ...❤️

      මේ වගේම එකක් වුනා ලංකාවේ රත්නපුරේ. බිරිඳ මරලා ගං ඉවුරේ වලලපු සිද්දික් . CID එකෙන් ඇවිත් අවුරුදු ගානක් එකම පතලේ කාල බීලා ඩෝප් දාලා අන්තිමට උගේ කටින්ම මිනීමැරුම ගැන අහගත්තා, මේ ගැනත්,ලියන්න පුළුවන්ද මාතලන්ට ලස්සනට?

      Delete
  26. මාතලන් ඔය කවුරු කොහොම බැන්නත් JR හදපු ව්‍යවස්ථාව යන්තම් හරි පනගහන හින්දා මේ තරමට හරි, රටේ සාමකාමී සාමාන්‍ය මිනිස්සු පන ගහල ඉන්නේ.රනිල් තමා ඕකේ වටේ තිවුන වැට කඩන්න මුලින්ම දායක උනු කෙනා.

    අන්තිමේ පොරටම තපින්න උනු එක තමා දෛවයේ සරදම. ඔය නීති වෙනස් කරන්න හදිස්සි වෙන්න ඕනේ නෑ. මේ ගොල්ලන්ට මේ අවුරුදු පහ ඉවර කරගන්න දෙමු.

    ඊටපස්සේ පුලුවන් අම්මණ්ඩි බලන්න හෙලිකොප්ටර් දෙකකින් තඹුත්තේගම ගිය ඒවයි, මහ මැතිවරණයට ඡන්ද රැස්වීම් වලට ජනතාවගේ මුදලින් ගුවන් හමුදා හෙලිකොප්ටර් වල ගිය ඒවයි, හැමිනියන් බර්ඩ් විලා වල ආතල් ගත්ත ඒවටයි ගිය මහජන මුදලත් සතේට ගණන් කරලා, මේ පූර්වාදර්යශ යටතේම ජම්පරේ අන්දවන්න.

    ඇයි හෙන්චයියන්ගේ ගෑණු ෂොපින් ගිහින් රජයේ දේපළ අවභාවිතා වෙච්ච ඒවත් ඒ ගොඩටම දාලා එක පෙළටම නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්.

    ඊට පස්සේ බැරියෑ ඉතින් ඕනේ නම් ඔය කියන නීති ටික වෙනස් කරලා දාන්න.

    තාම මාස 11යි. අවුරුදු ගාණක් කූරු ගණින්න නිමිති ඕනේ තරම්. අවුරුදු 5ට පස්සේ හිතාගන්නවත් බැරි වෙයි, නේහ් ?

    හදිස්සි නෑ...!

    ReplyDelete
  27. රනිල්ව හිරේ දාන්න හදනවා කියලා හිතාගෙන මම රනිල් වික්‍රමසිංහ උන්නැහේට ලියමනක් ලියුවා මාතලන්

    අගෝස්තු 31 වැනිදා ,
    කොළඹදී .

    ප්‍රිය රනිල්,

    මේ ලියුමට එබුණු මගේ බිරිඳ ඇහුවා "මේ දවස්වල රනිල්ට ප්‍රිය කියල කිව්වට කමක් නැද්ද ?" කියල.ඇත්ත.මේ කාලෙ මිනිහෙක් ප්‍රගතිශීලි කියල පිළිගැනෙන්න නම් ඔයැයිව අප්පිරිය වගේ හැසිරෙන්න ඕන තමයි.ප්‍රිය කියල ආමන්ත්‍රණය කරාට මටත් ඔයැයිව පෙන්නන්න බෑ .හැබැයි ඒ,මේ දවස්වල හැමෝම වගේ කියන හේතු නිසා නම් නෙවෙයි.

    මට ඔයැයිව පෙන්නන්න බැරි වෙන මොකකටවත් නෙවෙයි, ඔයැයි යූඑන්පිය නැති කරල දාපු නිසයි .හැබැයි ඒ මම යූඑන්පීකාරයෙක් හින්දා නම් නෙවෙයි.මම කවදාවත් යූඑන්පියට ඡන්දෙවත් දීල නෑ.ඒත් යූඑන්පිය කියන්නෙ මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන හිටපු විශාල කුළුනක් කියල අපිට පිළිගන්න වෙනවනෙ .⁣අපි යූඑන්පියට අකැමැති වුණත් යූඑන්පිය කියන්නෙ ඡන්දෙන් මිසක් වෙන විදිහකට පාර්ලිමේන්තුව අල්ලගන්න හිටපු පක්ෂයක් නෙවෙයිනෙ . එතකොට ඒ පක්ෂෙ නැති කරල දාපු මනුස්සයට මහා ප්‍රජාතන්ත්‍රවාදියා කියල කට්ටිය කියන්නෙ කොහොමද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ.ඒ වගේම ඔයැයි තමන්ගෙ ආත්ම ලාභයට ලංකාවෙ තිබිච්ච ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂෙ නැති කරයි කියන කාරණේ,ඔයැයිගෙ වැරදි කියන අයගෙ ඔළුවට එන්නෙ නැත්තෙ මොකද?ඇත්තටම කියනව නම් මං හිතන්නෙ ඔයැයිව හිරේ දාන්න ඕන අන්න ඒ වැරැද්දටයි.

    අනිත් අතට යූඑන්පිය වගේ ධනවාදී පක්ෂයක් විනාස කරල දාපු මනුස්සයව ජාතික ජන බලවේග ආණ්ඩුව හිරේ දැමීමත් මට තේරැම් ගන්න බෑ.සමසමාජ,කොමියුනිස්ට් ,ජේවීපී කාටවත් කරගන්න බැරිවෙච්ච දෙයක්නෙ ඔයැයි යූඑන්පිය ඇතුළෙ ඉඳන්ම කරල දුන්නෙ.එහෙව් කොට හරි නම් ඒගොල්ලො ඔයැයිගෙ ප්‍රතිමාවක් හදල ඔයැයිට⁣ ගෞරව කරන්නනෙ වටින්නෙ.ජාජබ සමාජවාදී පක්ෂයක් නම් කරන්න ඕන ඒක නෙවෙයිද ?

    ඒක නෙවෙයි ලොක්කා,මේ වෙලාවෙ නම් ඔයැයි මාර පොරක් කියල රටට පෙන්නුවෙ ඔයැයිගෙ මිතුරො නෙවෙයි,පරම හතුරො.කවදාවත් ඡන්දෙකින් දිනන්න බැරි වෙච්ච,පාර්ලිමේන්තුවෙ ආසනයක්වත් නැති පක්ෂෙක,අවුරැදු 76ක නාකි හම්පඩයෙකුට පහුගිය⁣ දවස් ටිකේ මිනිස්සු බැනපු බැනිල්ල,කරපු අපහාස කිරිල්ලෙන් තමයි තේරැ⁣⁣ණේ ඒගොල්ලොන්ට ඔයැයි මාර පොරක් කියල. වැදගැම්මකට නැති එකෙක් නම් කරන්න ඕන ගණන් නොගෙන ඉඳිල්ලනෙ.

    ඒ අස්සෙ අපේ පුතා කියනවා ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන හිටපු විශාල කුළුනක් විනාස කිරීමේ ගෞරවේ ඔයැයිට විතරක් දීම වැරදියිලු.ශ්‍රි ලංකා නිදහස් පක්ෂෙ විනාස කිරීම වෙනුවෙන් සිරිසේනටත් ඔයැයිට සමාන ගෞරවයක් හිමියි නේද කියල මිනිහා අහනවා.ඔව් නේන්නම් .ඒත් ශ්‍රිලනිපේ විනාස කිරීමේ ගෞරවේ සිරිසේනට විතරක් දීල බෑ.සිරිසේනට පක්ෂෙ තෑගි දීපු මහින්දටත් එයින් කොටසක් හිමියි.මේව අහගෙන හිටපු බිරිඳ කියනවා,යූඑන්පිය විනාස කිරීමේ ගෞරවෙත් රනිල්ට විතරක් නෙවෙයිනෙ සජිත්ටත් සම සමව යන්න ඕනනෙ කියල.

    එක අතකට ඕව ගැන කතා කරලත් වැඩක් නෑනෙ . ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන හිටපු කුලුණු ගැන කරදර වෙන්න ඕන අපිට තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න ඕන නම්නෙ,නේද?අපිට එහෙම ඕනද ළමයි?

    මීට,
    මම

    ප:ලි:
    ඔයැයි රිමාන්ඩ් වීමෙන් තේරිච්ච කාරණයක් තමයි ලංකාවෙ මිනිස්සුන්ගෙන් බාගයක් ඔයැයිටයි,මහින්දටයි වෛර කරනවා.ඉතුරැ බාගෙ ජෙප්පොන්ට වෛර කරනවා.මේ අයගෙන් සියයට හැත්තෑවක් වෛරයෙන් වෛරය නොසංසිඳේ කියල උගන්වපු අහිංසාවාදී ආගමේ ශ්‍රාවකයො.අපේ කට්ටියගෙ සිස්ටම්මෙකේ තියෙන්නෙ ලෝකෙට කියන බයිලා නෙවෙයි, වෛරය.චේන්ජ් කරන්න ඕන අන්න ඒක.

    ReplyDelete
  28. මාතා ෆොන්සේකාගේ අමුතු බයිලා කතාව ඇහුවා ද? දන්නේ නැත්නම් කියන්නම් සරත් ෆොන්සේකා ආයිත් අමුතු කතාවක් කියලා තියෙනවා. ඒ ''මහින්ද යුද්ධෙ අන්තිම අදියරේදි පැය 48 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරලා ප්‍රභාකරන්ට බේරිලා යන්න අවස්ථාවක් හදලා දෙන්න හැදුවා'' කියලා. 2010 දී කිව්වා සුදු කොඩි රැගෙන ආපු ප්‍රභා ලට මරා වෙඩි තියන්න නියෝග කළා කියන බොරුව, දැන් ආපහු අනෙක් පැත්තට වෙන බොරුවක් ගහනවා

    පේන විදියට ෆොන්සේකා තාමත් හිතන් ඉන්නේ යුද්ධෙ ඉවර කළේ තමන්ගෙ හයියෙන් , තමන්ගේ හැකියාවෙන් ම කියලා. මේකත් ඔහු මහින්ද කෙරේ තබාගෙන සිටින - වරින්වර දිගහරින ඔහුගේ වෛරයේම තවත් එක් දිගුවක්.

    ඉස්සර 1987 කොබ්බෑකඩුව වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය දුන්නේ උතුර ප්‍රභාකරන්ගෙන් මුදාගැනීමේ ඉලකක්ය ඇතිව. එය අදියර කිහිපයකින් ජයග්‍රාහී ලෙස ඉදිරියට ගියා. ඒත් හදිසියේම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන අණ දුන්නා මෙහෙයුම නවත්වන්න. කොබ්බෑකඩුවගේ ෆයිට් එකත් නතරවුණා.

    හැබැයි 2009 විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කොච්චර බටහිර බලපෑම් එල්ල වුණත් එල්.ටී.ටී.ඊ.ය විනාශ කර දමා මිස යුද්ධය අවසන් කරන්නේ නැහැ කියලා දැඩි ස්ථාවරයක හිටියා විතරක් නෙමේ, ඒ බව බ්‍රිතාන්‍ය , ප්‍රංශ , ඉන්දීය නියෝජිතයන්ට සෘජුව ප්‍රකාශ කළා. වරක් සටන් විරාමයකට බලකරපු ඉන්දීය නියෝජිතයාගෙන් මහින්ද ඇහුවේ ''ඇයි කලින් පාර වගේ උඩින් පරිප්පු දාන්නද? '' කියලා. කුෂ්නර් හා මිලිබෑන්ඩ් ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව ළඟදි බලපෑම් කරද්දි මහින්ද කිව්වේ '' අපි ඔයාලගේ යටත්විජිතයක් වෙලා හිටියේ අවුරුදු හැටකට කලින්. දැන් මම වගකියන්නේ මගේ රටේ ජනතාවට. මම මේක ඉවරකරලා මිස මගින් නවත්වන්නේ නෑ. '' කියලා.

    ඉතිං එහෙම උත්තර දුන්නු මහින්ද මගදි ප්‍රභාකරන්ට බේරිලා යන්න ඉඩ හදලා දෙන්න ගියා කියලා කීම අතිශය මෝඩ කතාවක් විතරක් නෙමේ, ඒක විශ්වාස කරන්න පුළුවන් වෙන්නෙත් ඒ වගේම අමුම තකතීරු පල් මෝඩයෙක්ට විතරමයි.

    අනෙක ෆොන්සේකා හිතන්න ඕන ජනාධිපති ජේ.ආර්. යුද්ධය මගින් නවත්වන්න තීරණය ගත්තා වගේ මහින්දත් එහෙම තීරණයක් ගත්තානං ෆොන්සේකා තනියම යුද්ධෙ කරන්නද ? කියලා. එහෙනං ෆොන්සේකාත් අද නිකම්ම නිකං හිටපු යුද හමුදාපති කෙනෙක් විතරයි.

    ඇත්තටම මේ වගේ අඥාන කතා සරත් ෆොන්සේකාට නෙමේ, 'යුද්ධය නිමා කළ අවස්ථාවේ හිටපු යුද හමුදාපතිගේ' තත්ත්වයටවත් ගැළපෙන්නේ නැහැ.

    ReplyDelete
  29. මාතා තලපති විජේ ගැන විස්තර සහිතව ලියන්න අදහසක් නැද්ද? ඇත්තටම තලයගේ මාලිමාවේ වගේ සටන්පාඨ, අඩි සීයේ ධජ පතාක නැගලා යන්නේ ඇයි?. දෙමළ ෆිල්ම්වල වගේ සතුරන් නසන ආතල් තාමත් ඇයි. ලංකාවේ බොරුවේ සහ සංදර්ශණ වල උපත වූ මාලිමාව දින්න වගේම විජෙත් දිනයිද. තමිල්නාඩුව එහෙමම තියෙයි . සියල්ල සෙලියුලොයිඩ් යථාර්තයක් වෙයිද?

    නමුත් අනිත් පැත්තෙන් දැන් ඉස්සර වගේ නෙමෙයි තමිල්නාඩු ආර්ථිකය ඉන්දියාවේ දෙවන විශාලතම රාජ්‍ය ආර්ථිකය

    දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.56% (2024–25)

    ආංශික සංයුති සේවා 54% • කර්මාන්ත 33% • කෘෂිකර්මාන්තය 13%

    අපනයන ඉන්දියාවේ අපනයනවලින් 10%

    HDI (2023) 0.741 (ඉන්දියානු ජාතික සාමාන්‍යය 0.644 ට වඩා වැඩි)

    දරිද්‍රතාවය (2005–06) 36.5%
    දරිද්‍රතාවය (2022–23) 1.43%

    මෙහෙම රටකට විජේ වගේ කෙනෙක්ට තමිල්නාඩුවේ මාලිමාව වගේ එකකින් එන්න පුළුවන් වෙයිද?

    අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ ගැන. මේ දවස්වල අපේ අයගේ අවධානයත් විජේට. දකුණු ආසියාවේ ජනප්‍රියත්ව දේශපාලනයේ තවත් එක නැගීමක්.

    මට නම් විජේගේ පලවෙනි මීටිම දැක්ක ගමන් හිතුනේ අඩේ මේක තමිල්නාඩුවේ මාලිමාව නේද කියල. ඔය ඇම්බියුලන්ස් ටිකයි, වාඩිලාගත්ත කූඩාරම් ටිකයි, දාපු ෆ්ලෑෂ්ලයිට් ටිකයි අතහැරපුවම මේක මාලිමාවේ වැඩේම තමයි. මාලිමාවේ වැඩේ කියන්නේ මුළු ලෝකෙටම සපයපු උදාහරණයක්. හැමෝම කොපි කරන්න අරගෙන. ඒත් ඒක හැමෝටම කොපිකරන්න බැහැ.

    එකම දේ දේශපාලනයේ හිටපු අනුර නළුවෙක් උනා. නළුකමේ හිටපු විජේ දේශපාලඥයෙක් උණා.

    කතා ගත්තත් විජේගේ ෆෑන් බේස් එකටම හරියන කතා. ලොන්තපෝල් දෙමලු ටික ලාබෙට ෆෝම් කරන කතා. කච්චතිව් ගන්න එකයි, දෙමල අනන්‍යතාවෙයි, නාකි මෝදි ගැනයි, අරකයි මේකයි.

    නෙළුම් කොලේ පිණි බින්දු රැදෙන්නේ නැහැ වගේ දෙමලු ටික මෝදිගේ BJP දේශපාලනයෙන් ලිස්සලා යන්න ඕනිලු.

    එක ජාතියක් එක දෙය්යෙක් (ondre kulam, oruvane thevan) - ද්‍රවිඩ ජනතාවාදී දේශපාලනය - දූෂිත වෙස්මුහුණු - පවුල් දේශපාලනයට එරෙහිවීම - පවුලක් විසින් තමිල්නාඩුව සූරාකෑම - ඔබේ ආරක්ෂාව - ධීවර ගැටළු වගේම පැවති දේශපාලනය ප්‍රභූ එකක් හැටියටත් ඒක සතුරෙක් හැටියටත් විජේ වෙස් ගැන්වුවා. ඒ වචන ලස්සනට උච්චාරණය කළා.

    මේ සටන්පාඨ, අඩි සීයේ ධජ පතාක නැගලා යයි. දෙමළ ෆිල්ම්වල වගේ සතුරන් නසයි. මාලිමාව දින්න වගේම විජෙත් දිනයි. තමිල්නාඩුව එහෙමම තියෙයි ද?

    සියල්ල සෙලියුලොයිඩ් යථාර්තයක් වෙයිද?

    ReplyDelete
  30. පෙරටුගාමී සහෝදරවරුන්ට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ප්‍රමුඛ එන් පී පී, ජවිපෙ මිනීමරු මැර අලුගෝසු කල්ලිය පහර දීමට පැමිණි මොහොතේ මාතලන්ලා සිතුවේ දෙව්පුත් අප්පුහාමි සිය ප්ලයිවුඩ් කුරුසය තිබූ තැනකින් ගෙන මකුළු දැල් කඩා ධූලි පිස දා කරේ තබා ගම්පහට එනු ඇත කියා ය. පාර දිගට රැස් වූ කිතුනුවෝ ද මුසල්මානුවෝ ද බොදුවෝ ද කුරුසය ඇද ගෙන යන අප්පුහාමිගේ පය රැඳි ගෙජ්ජි හඬන වාරයක් වාරයක් පාසා කඳුළු සලමින් හඬනු ඇත කියා ය. දෙව්පුත් අප්පුහාමිගේ කුසලානය ගැන මගින් මගට සිරස ලයිව් අප්ඩේට් දෙමින් ඔමායා වැකේ ලසියන්ට කෲර ආතල් එකක් දෙනු ඇත කියා ය.

    දෙව්පුත් අප්පුහාමිගේ කුරුසය එන තෙක් කටුක බුරියානි පතකින් පමණක් කුස ගිනි නිවමින් දුමින්ද නාගමුව සහෝදරයා “ආගම අබිං” කියූ කාල් මාක්ස්ගේ පින්තූරයක් බදා ගෙන යක්කල පෙසප කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරනු ඇත කියා ය. බලහත්කාරයෙන් ජෙරුසලම අල්ලා ගෙන සිටි මුසල්මානුවන් එළවා දමා සිය ප්‍රාණ භුක්තිය නැවත ගැනීමට එන කුරුස හමුදාව මෙන් අන්තරේ හමුදාව තාප්පවලින් පැන වැට කඩොළු සීමා බිඳ “කපා කපා… කෑලි කපා…” විරු ගීය ගයමින් සතර දිගින් පැමිණ පෙසප කාර්යාලය ජවිපෙ මිනීමරුවන්ගෙන් මුදා පුබුදු ජයගොඩ සහෝදරයාට බාර දී ජයපැන් බොනු ඇත කියා ය. නමුත් ඒ කිසිවක් වූයේ නැත.

    ඒ වෙනුවට අප දුටුවේ දෙව්පුත් අප්පුහාමි සිය ගෘහයේ හිඳ කරන්නන් වාලේ කරන අලස ෆේස්බුක් ලයිවකි. රටේ නීතියක් ඇති බවත් ඒ අනුව කටයුතු කළ යුතු බවත් බලහත්කාරයෙන් කිසිවක් නොකළ යුතු බවත් තොල පටලමින් එම දේවපුත්‍රයා කියනු ඇසූ අපට සිනහාව නවතා ගත නොහැකි විය. ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර පුරවැසියාගේ නිදහස් හා සාධාරණ ඡන්ද අයිතිය දූෂණය කළ නුවන් බෝපගේ ජනාධිපති අපේක්ෂකවරයා විසින් ව්‍යවස්ථාපිත නීතිය අනුව කටයුතු කළ යුතු ආකාරය ගැන සද්ගුණවත් සුපේශල සිල්වත් අයුරින් ටිල්වින් සහෝදරයාට ජනමාධ්‍යයෙන් උපදෙස් දෙනු ඇසූ අපට තවත් කොනකින් සිනහා ගියේ ය.

    “පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවක් හැදිය යුත්තේ ඇයි… සහ කෙසේ ද” යන මැයෙන් එකල දේශන දුන් පට්ට විප්ලවවාදීන් ටික පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නීතියේ සහන පතා කැමරා ඉදිරියේ හොටු පෙරා ගෙන නාහෙන් හඬන හැටි දුටු අපට සිනහාව අවසානයේ අනුකම්පාවක් ඇති විය.

    USAID ඩොලර් මිටියක් නොදුටු කල
    කුරුසය වුවත් බර වැඩි වේ දෙව්පුතුට
    ඩයස්පෝරා කොටි කාසිත් අහිමි කල
    අතපය නොසෙල්වේ විප්ලවකරුවාට

    මේ ගැන මාතලන්ගේ අදහසත් කුරුටු ගාන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  31. මාතා, මිනිස්සු විවිධාකාරයි ඒ අතරින් යහපත් මනුෂ්‍යයෙක් හොයා ගන්න එක හරිම දුෂ්කර අතිශය අභියෝගාත්මක වැඩක්, ඒ වගේම ජෝජියෝ අමානී (Giorgio Armani) වර්ෂ 1934 ජූලි 11 වන දින ඉතාලියේ Piacenza හිදී උපත ලැබුවේ දුර්ලභ හැකියාවක් එක්ක.

    ඔහුගේ පියා නැවක කළමනාකරුවෙක්. ඔහුට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටියා. ළමා කාලයේදී දෙවන ලෝක යුද්ධයේ දුෂ්කරතා අත්විඳි අමානී, තම පවුල සමඟ කුඩා නිවසක ජීවත් වුණා.

    ඔහු තරුණ කාලයේදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පටන් ගත්තත්, දෙවන වසරෙන් පසු එය අතහැර දැමුවා. පසුව ඔහු මිලාන් හී Rinascente දෙපාර්තමේන්තු ගබඩාවේ ඇඳුම් ප්‍රදර්ශන කුටි සකස් කරන්නෙක් (Window Dresser) ලෙස රැකියාවක් ආරම්භ කළා.

    එය ඔහුගේ විලාසිතා ලෝකයේ පළමු පියවර වුණා. මේ කාලයේදී ඔහු විලාසිතා සහ රෙදිපිළි පිළිබඳ විශාල දැනුමක් ලබා ගත්තා.

    1960 දශකයේදී ඔහු සුප්‍රසිද්ධ ඉතාලි විලාසිතා නිර්මාණකරුවෙකු වන නිනෝ චෙරූටි (Nino Cerruti) යටතේ සේවය කළා.

    එහිදී ඔහු පිරිමි ඇඳුම් නිර්මාණය කිරීමේ අත්දැකීම් ලබා ගත්තා. වසර ගණනාවක් වෙනත් විලාසිතා ආයතන කිහිපයක සේවය කිරීමෙන් පසු, ඔහු තනිවම වැඩ කිරීමට පටන් ගත්තා.

    ඔහුගේ සහකරු වන සර්ජියෝ ගැලියොට්ටි (Sergio Galeotti) සමඟ එක්ව වර්ෂ 1975 දී, Giorgio Armani S.p.A. සමාගම පිහිටෙව්වා.

    ජෝජියෝ අමානීගේ ප්‍රධානම සුවිශේෂීත්වය වන්නේ ඔහු පිරිමි ඇඳුම් සඳහා ගෙන ආ වෙනසයි. වර්ෂ 1980 ගණන්වලදී ඔහු විසින් නිර්මාණය කරන ලද ලිහිල්, මෘදු හා සිල්ක් රෙදිවලින් නිම කරන ලද සූට් ජනප්‍රිය වුණා.

    ඔහුගේ මෙම නිර්මාණ, සාම්ප්‍රදායිකව දැඩි හා අපහසු ඇඳුම්වලට වඩා සුවපහසු සහ අලංකාරවත් බවක් එක් කළා.

    මෙම නව විලාසිතාව "Power Dressing" ලෙස හැඳින්වුණ අතර, එය ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.

    වර්ෂ 1980 දී තිරගත වූ "American Gigolo" චිත්‍රපටයේ නළු රිචඩ් ගියර් (Richard Gere), අමානිගේ ඇඳුම් ඇඳීමත් සමඟ ඔහුගේ නම ලෝක ප්‍රසිද්ධ වුණා.

    අමානි විලාසිතා ලෝකයේ විවිධ අංශ වෙත සිය ව්‍යාපාරය පුළුල් කළා. ඒ අතර, Emporio Armani, Armani Exchange (A|X), Armani Privé: haute couture, Armani/Casa, Armani Beauty වැනි බොහෝ නිෂ්පාදන ඔහු ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව, ඔහු ලොව පුරා හෝටල් සහ නිවාඩු නිකේතනද ආරම්භ කළා.

    අමානි තම පෞද්ගලික ජීවිතය ගැන එතරම් ප්‍රසිද්ධියේ කතා නොකළත්, ඔහුගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා වූයේ ඔහුගේ ව්‍යාපාරික සහකරු සර්ජියෝ ගැලියොට්ටිය. ගැලියොට්ටිගේ මරණයෙන් පසුවත් අමානි, තනිවම සිය ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා.

    විලාසිතා ලෝකයේ කීර්තිමත් පුද්ගලයෙකු වූ ඔහු, සරල සහ අලංකාර නිර්මාණ සඳහා පුරෝගාමී වුණා. ඔහුගේ නිර්මාණ බොහෝ නිර්මාණකරුවන්ට ආදර්ශයක් වුණා. ඔහු විසින් නිර්මාණය කරන ලද විලාසිතා විලාසයන් පරම්පරා ගණනාවක් පුරා අඛණ්ඩව ජනප්‍රියව පැවතුණා.

    ජෝජියෝ අමානී, ඊයේ එනම් වර්ෂ 2025 සැප්තැම්බර් 04 වන දින වයස අවුරුදු 91 දී අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ මරණය විලාසිතා ලෝකයට විශාල පාඩුවක්. ඔහු තැබූ උරුමය සහ විලාසිතා ලෝකයට කළ දායකත්වය සදහටම පවතිනු ඇත!

    ReplyDelete
  32. මාතලන්

    බොලාගේ නාමල් රාජපක්ෂ මෝලාට ඇත්තටම හොඳම ඔපුචුනිටි එකක් මෝඩ තකතීරු ආණ්ඩුව හදලා දෙන වෙලාවක ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඌට කියලා දීපන් පැනික් බයියන්ට සහ චූන් කොල්ලන්ට

    කෙහෙලා ඇතුලු ආණ්ඩුවට සම්බන්ධ නැති බවට සිතිය හැකි කංජිපානිගේ තරගකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පිටරටදී අල්ලා කුදලා ගෙන ලංකාවට ගෙන ඒම සැබැවින් ම මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණයක්. නමුත් ඔවුන් එම ජයග්‍රහණය ඔවුන්ගේ කර ගැනීමට නොදනී. තමන්ගේ ජයග්‍රහණයටත් වැලේ වැල් නැති රාජපක්ෂලා ගාවා ගනී. අවසානයේ වෙන්නේ එම ජයග්‍රහණයේ වාසිය දෙකයි පණහට වැටී පැත්තකට වී ඇති රාජපක්ෂලාට වැඩිපුර මාධ්‍ය අවකාශය ලැබීම යි. හරියට ගත්තොත් එය උන්ට අතිවිශාල වාසියකි.

    එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවතාවෙ ම ජයග්‍රහණය කළේ තමන් වෙත එන එවැනි සෘණාත්මක අවදානය හැකි තරම් උපරිමයෙන් පවත්වා ගැනීමෙනි.

    නමුත් නාමලාලාට එන එම වාසියෙන් උපරිම ඵල නෙලා ගැනීමට නොහැක්කේ බොලාගෙ පැත්තේ සිටින පැනික් බයියන් නිසා ය. ඔවුන් සුළු දෙයකින් පවා වහා කලබලයට පත් වේ. ඔවුන්ට තිබෙන්නේ ඉතාම දුර්වල විශ්වාසයකි. නාමල් රාජපක්ෂට චෝදනාවක් එල්ල කළ විගස ම ඔවුන්ට නාමල්ව එපා වේ. පොහොට්ටුවත් එපා වේ. තුන් ලෝකයම එපා වේ. සියල්ල එපා වේ. නිලන්ත සත්සර ගමගේ, මනෝජ් විජේසේකර සහ මහින්ද පතිරණ වැනි අතලොස්සක් හැරෙන්න අනෙක් ෆේස්බුක් බයියෝ බහුතරය එවැනි පැනික් බයියන් බව පෙනේ.

    තකතිරු මෝඩ සුනිල් වටගලයා මාධ්‍ය සාකච්ඡාවක් තබා නාමල්ගේ පින්තූර පෙන්වමින් කළ සංදර්ශනය සැබැවින්ම ඔවුන්ට අවාසිදායක බව වත් ඌට නොතේරේ. එය හරියට බස් එකේ යන විට ඔබගේ පොකට් එකට විද්ද හොරා, සියලු දෙනාට පෙර “හොරෙක්… හොරෙක්…” කියමින් දිවීම වැනි ය. කුල්ල කුජීත වෙන්න පැරදී හොම්බ බිම ඇනී රීම් එකෙන් යන පොහොට්ටුව සමග අන්තර්ජාතික කුඩු ජාවාරම්කාරයන් වැඩ කරනවා යැයි කීම අන්තිම ගොන් කථාවකි. සාමාන්‍ය දැනුම තිබෙන මිනිස්සු එය පිළිගන්නේ නැත. එයින් වෙන්නේ සුනිල් වටගල සහ ආණ්ඩුව කෙරෙහිත් සැකයක් නිර්මාණය වීම ය. දැන් වෙමින් තිබෙන්නේ එයයි.

    නමුත් මාලිමාව මෙන්ම මෝඩ වැඩ කරන නාමල්ගේ සෝබන වැඩකිඩ නිසා ඔහුටත් සැකය එල්ල වේ. නාමල්ගේ වටේ සිටින චූන් කොල්ලන් ටික දන්නේ එක දෙයකි. එනම් නාමල් යන එන කියන කරන සියල්ල සිය අතරැඳි ජංගම දුරකථනයෙන් රෙකොර්ඩ් කර සිංදුවක් දමා බුකියට දැමීම පමණී. ඔවුන් නොදමන්නේ නාමල් වැසිකිලියට යන එක පමණී. ඒවා දකින ජනතාවට හිතෙන්නේ නාමල් හෙන ආතල් එකේ ඉන්නා බවය. එයින් වෙන්නේ නාමල් ගැන ඊර්ෂ්‍යාවක් නැවත ජනතාව තුළ නිර්මාණය වීම ය. විශේෂයෙන් ම රටෙන් බාගයකට වඩා පවුල් හරි හැටි නොකා නොබී ජීවත් වන විට, සතුටින් සිටින මිනිසුන් කෙරෙහි ඔවුන් තුළ වෛරයක් ඇති වීම ස්වභාවික ය. නමුත් නාමල් ඉන්නේ ගිනි ගොඩක් උඩ ය. ආණ්ඩුව ඉන්නේ නාමල්ව සිර ගත කරන්නේ කොයි මොහොතේ ද කියා බලා ගෙන ය. ජනාධිපති වෙනවා තබා 2029 නාමල්ට ඡන්දය ඉල්ලන්න ඉඩ දුන්නොත් ලොකු දෙයකි.

    කොහොමත් නාමල්ව සිර ගත කළොත් ඔය වටේ සිටින උන් එකෙකු පළාතේ එන්නේ නැත. ඒ නිසා ආසන්නත ම චෝදනාවට පිළිතුරු දීමට නාමල් ම තනිවම ඉදිරිපත් වීම හොඳ ය. එය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රමය යි. ඔහුට එන සියලු චෝදනාවලට ඔහු සෘජුව මාධ්‍ය ඉදිරියේ පිළිතුරු දෙයි. හැමදාම චෝදනා එනවා නම් ඔහු කැමති ය. එවිට ඔහු හැමදාම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් වේ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන් ගොල්ෆ් ගැසීමට හෝ බාල් නැටීමට නොයා යුතු ය. ඇමරිකාවේ ඒවාට ආස විශාල පිරිසක් සිටියත් ලංකාවේ දරිද්‍ර සනුහරේ ඒවාට කැමති නැත. එමෙන් ම එපමණින් නොනැවතී වටගල මෝඩයා පාර්ලිමේන්තුවෙන් පිටදී කළ චෝදනාවලට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය, බොලා පොලිටික්ස් ඉගෙන ගෙන පුළුවන් නම් මේ ගොබ්බ කෙබර කෙලින පච ආණ්ඩුවට ගේමක් දීපන් බන් ගොන් වැඩ නොකර?

    ReplyDelete
  33. උදව් ඕනෙ කිව්වා...
    ගාල කඩාගෙන එකාවන්ව එතනට එකතු වුනා..
    ප්‍රපාතෙ ගැඹුරුයි කිව්වා...
    කඹ දාගෙන පල්ලම බැස්සා...

    තුවාල වුන මිනිස්සු උඩට අරන් යන්න බැ කිව්වා...
    ගල් පෙරලගෙන කඹ දිගේ උඩටම ගෙනාවා...
    ලයිට් නැ කලුවරයි කිව්වා...
    දුර ඉදන් ෆ්ලැශර් පවා ගහන්න ගත්තා...
    අන්තිමට...
    පිංවන්ත භවයන්...
    හුස්ම නතර වුන භවයන් තමන්ගෙ කරේ එල්ලගෙන උඩටම ගෙනාවා...

    අඩි 500ක් පහළ, තනියමවත් පහළට බහින්න අමාරු බෑවුම්, සර්පයෝ එළි බහින වෙලාවක්, පොද වැස්ස, මහ කළුවර, ලඟා වෙන්න හිතන්නවත් අමාරු තැනක...

    අතින් එකින් එක යකඩ ඉවත් කරමින් ජීවිත බේරගන්න ඔට්ටු වෙන හයිය හිත් තියෙන මේ මිනිස්සු කාටවත් කරදරයක් වෙන්න එපා දෙවියනේ!!!❤🙏

    මේ මාතෘභූමිය දාල නොයන හේතුව මොකක්ද කියල මගෙන් ඇහුවොත් මුළින්ම මතක් වෙන හේතුව තමයි මේ මනුස්සකම....
    මරණෙදිවත් අතාරින්නැති ශ්‍රී ලාංකේය මිනිස්සු ❤

    හිත් ඇතුලේ හැමදේම දරාගෙන ප්‍රාර්ථනා පුරවගෙන පිහිටවෙන මිහිපිට දෙවිවරු දෑසින් දකින්න පිං කරලා තිබ්බා...❤️🙏🇱🇰🙏❤️
    ඒ වැඩේ නම් කරන්නේ එපා....
    එහෙම උනොත් එය ඓතිහාසික පාවා දීමක් වෙනවා.
    එයට විරුද්ධ විය යුතුයි..
    අපිට කරන්න පුළුවන් එච්චරයි..

    මානව හිමිකම් සමුළුව කියන කියන පදේට අප එකඟ විය යුතු නැහැ..

    ඊශ්‍රායලය ඇස් පනාපිට මෙතරම් කුඩා දරුවන් මහළු මිනිසුන් රෝගීන් මරා දමමින් පලස්තීනය අමු සොහොන් පිටියක් කරද්දී ඒවා ගැන නොසොයන මානව ලොක්කන්,

    ලොව ම්ලේච්ඡතම කෲරතම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කර දැමූ අපේ හමුදාවන් පස්සෙන් පන්නනවා...

    ඊශ්‍රායලයේ මානව හිමිකම් කොමිසමෙන් කියන දේවල් තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැහැ..
    ඔවුන්ගේ ලොකු අයියා ඇමරිකාව ගණන් ගන්නේ නෑ..

    ඒත් අපි...?

    එවැනි කටයුත්තකට දශම මාත්‍රයකින් හෝ සහාය දීමට රටක් වශයෙන් අප කටයුතු කළහොත්,
    එවැනි දේකට අප එකඟ වුවහොත්,
    අප වැනි අකෘතඥ ජාතියක් ලොව කිසිම තැනක නොමැති බව මට විශ්වාසයි...

    කවර දේශපාලන මතයක් දැරුවත් මේ කටයුත්තේදී ඒ දේශපාලන මත පසෙක තබා මනුස්සකම කෘතගුණ සැලකීම ගැන මොහොතක් කල්පනා කර,

    පාරක තොටක අද අප බස් බෝම්බ ක්ලේමෝ බෝම්බ වල මරණ බයෙන් තොරව ගමන් බිමන් යන ආකාරය මතක්කර,

    රට පුරා විනෝද ගමන් යන ආකාරය මතක් කර,

    පාසලට යන දරුවන් බෝම්බ ප්‍රහාරයකට ලක් නොවී ගෙදර ඒමට ඇති ඉඩකඩ ගැන කල්පනා කර,

    වැඩට යන නෝනා මහත්මයා දුම්රියේ බස්රියේ පිපිරෙන බෝම්බවලට බියෙන් ගිය කාලය අවසන් කර ඇති බව මතක් කර,

    රජරට උතුර නැගෙනහිර ඈත ගම් දනව්වල ජනතාව,
    මහ රෑ තම නිවාස වලට පැමිණ ත්‍රස්තවාදීන් විසින් කපා කොටා මරා දැමූ අතීතය අවසන් බව මතක් කර,

    එලෙස ඒ බිහිසුන යුගය අවසන් කිරීමට අපරිමිත කැප කිරීම් කළ මිනිසුන්ගේ අනාගතය ගැන අනාගත ආරක්ෂාව ගැන මොහොතක් සිටිය යුතු වෙනවා....

    දෙදහස් නවයේ මැයි මාසයේ දහ අටවෙනිදා නන්දිකඩාල් කලපුවේදී දශක තුනකට වැඩි කාලයක් අපට මහත් පීඩාවක් මරණ බයක් ගෙන දුන් බිහිසුණු ත්‍රස්තවාදය අවසන් වුවත්,

    පසුවදා සිටම එම පරාජයේ පලිය ගැනීමට මේ රටේ සහ විශේෂයෙන්ම පිටරට පැතිරී සිටි එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සංවිධානය උණා..

    විශේෂයෙන්ම උතුරේ ජනතාවට අවම හානියක් වන පරිදි තමන්ගේ ජීවිතය ඒ වෙනුවෙන් පූජා කරමින් සටන් කළ හමුදාවකට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කිරීමට ඔවුන් සංවිධානය වුණා..

    අවාසනාවකට මෙන් අපේ රටේ ද එයට සහාය දෙන පිරිස් සිටි අතර පුදුමයකට මෙන් අපේ හමුදාවට අණදුන් හමුදාපතිවරයාද දේශපාලන වාසි තබා එම බිදුම්වාදීන්ට ශ්‍ය ප්‍රකාශ පවා නිකුත් කරා...

    කෙසේ වෙතත් ජ්‍යාත්‍යන්තරයේ විවිධ අවස්ථාවලදී අපට එරෙහිව ගෙන එන යෝජනාවලට අප දැඩිසේ විරුද්ධ වූ අවස්ථාවන් මෙන්ම සමහර අවස්ථාවලදී පැවති පාලනයන්,
    අපට අවාසිදායක ලෙස ඔවුන් සමග එකඟතාවයන් ඇතිකරගත් අවස්ථාද තිබුණා..

    කෙසේ වෙතත් ලොව පුරා පැතිරී සිටින එල්ටීටීඊ හිතවාදීන් බලාපොරොත්තු වූ ආකාරයට මෙතෙක් ඔවුන්ට අවශ්‍ය පළිගැනීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ..

    නමුත් දැන් පලවන පුවත් අනුව මෙවර තත්වය ඒ කවරදාටත් වඩා භයානක සහ අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙනවා...

    ශ්‍රී ලංකා රජය අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට එකඟවීම පිළිබඳ මෙරටට ස්තුති වන පුවතක් විදෙස් මාධ්‍යවල පළ වී තිබුණු අද දුටුවා.

    එසේ වුවහොත් රණවිරුවන්ට එරෙහි එල්ටීටීඊ හිතවාදීන් එල්ල කරන චෝදනා ඒ හරහා විභාගය වීම සිදුවේවි..

    එවිට එය සාමාන්‍ය අපේ රටේ නීතියට වඩා වෙනස් බවයි පැවසෙන්නේ..
    නීතිපති දෙපාර්තමේන්තුව හරහා නොගොස් නීතිමය කටයුතු ඒ හරහා කළ හැකි බවට පැවසෙනවා...

    යම් හෙයකින් විදේශයන්හි සිට හමුදා නිලධාරීන්ට එරෙහිව බොරු සාක්ෂි දෙන සාක්ෂිකරුවකු පිළිබඳව නීතිමය වශයෙන් පියවර ගැනීමට ඇති අවස්ථාවද නැතිවී යාමට ඉඩ තිබෙනවා..

    යම් හෙයකින් රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීමටද අප කටයුතු කළහොත් අපට අපේ නිලධාරීන් ජාත්‍යන්තර අධිකරණයට භාරදීමට ද සිදුවෙනවා...

    මේ යන විදියට එයද සිදුවුවොත් පුදුම වන්නට අවශ්‍ය නෑ...

    ReplyDelete
    Replies
    1. පක්ෂ බේද වලින් තොරව ටයුත්තේදී මේ රටට ආදරය කරන සියලු ශ්‍රී ලාංකිකයන් එක්
      අප වෙනුවෙන් සිය ජීවිත කැපකර අපට මරණ බයෙන් තොරව ජීවත්වීමට රටක් හිමි කර දුන්,
      මිනිසුන් රැකගැනීම සඳහා,
      මේ වැඩපිළිවෙලට සහයෝගය දීම නතර කිරීමට කළ හැකි සියලු බලපෑම් කළ යුතු වෙනවා...

      හෘද සාක්ෂියක් ඇති මිනිසුන් වශයෙන් එවැනි පාවාදීමකට සහාය විය හැකිද....?
      එවන් අනුමත කළ හැකිද...?

      කවරම හෝ ලාභ ප්‍රයෝජන වරදාන වරප්‍රසාදයකටවත් මට නම් සිතන්නටවත් බැරිය..
      එතරම්ම පිළිකුල්ය..
      තුච්ඡය...
      නින්දිතය.

      Delete
  34. මාතා, ඔය සාමාන්‍යයෙන් තීන්ත හදන රසායනික ද්‍රව්‍ය වගේ සරළ රසායනික වලින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයකරන්න බෑ.

    ඒවාට අවශ්‍ය කෙමිකල් හෝ ඒ සමාන කෙමිකල් මේ රටට ගෙන්නුව ආයතන රේගුවේ සටහන්වෙලා තියෙන්න ඕන.

    ආන්න ඒ,සමාගම් පරීක්ෂා කරලා බැලුවනම් මෙහි,ජාලය හදුනා ගන්නත්,පුළුවන්.

    ඔන්න ඔය විස්තර රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සිවළී අරුග්ගොඩලාට රේගුව ලෙස හොයලා දෙන්න පුළුවන්,වෙන්න ඕන ‼️

    ඒ රේගුව දුන්න විස්තර වලට අදාල කෙමිකල් වලින් කියන භාන්ඩ නිෂ්පාදනය කරලද නැද්ද ඉතුරඅ කෙමිකල්,කොහෙද හරියටම තියනවාද කියන එක

    පොළීසිය සහ CID හොයලා රටට ඉදිරිපත් කරන්න ඕන.

    ඒවා එහෙම නැත්නම් අද සීවලී අරුග්ගොඩ නායකත්වය දෙන රේගුව

    විශ්වාසය මත මේ,තාක් රටේ නිදහස් කරපු ලංකාවේ රේගුවේ ස්කෑන් යන්ත්‍ර

    තහනම් ද්‍රව්‍ය ලෙස හදුනා ගත් හෝ නොගත්

    කනටේනර් හරහා රටට ඇතුළු වෙලා කියන එක පිළිගන්න ඕන..‼️

    මම දන්න අහලා තියෙන විදිහට නම් අයිස් මත්ද්‍රව්‍ය හදන්න ගන්නවා කියන කෙමිකල් දෙකක් ලංකාවේ රේගු ස්කෑන් යන්ත්‍ර තහනම් ද්‍රව්‍ය ලෙස හදුනා ගන්නා

    ලංකාවට ආනයනයට අවසර නැති රසායනික සංයොජන දෙකක්.

    එහෙමනම් ඒවා මුහුදු මාර්ගයෙන් හෝ කන්ටේනර් ඇතුලේ හොර බඩු විදිහට එන්න ඕන.

    මම පෙර කීවාක්,මෙන් කන්ටේනර් පිටිං හොර බඩු විදිහට මුහුදු මාර්ගයෙන් ඇවිත් ගොඩ බාන්න තියෙන ඉඩ අඩුයි.

    එහෙම නම් මේවා වරායක් හරහාම එන්න වෙනවා.

    මේ රජය පත්වෙනකල් රේගුව විසින් හම්බන්තොට හෝ,වෙනත් ප්‍රදේශයක මන්ත්‍රීලා හෝ ඇමති වරයෙක් පරීක්ෂා කිරීමෙන් තොරව බහාළුම් කන්ටේනර් අරං ගියා හෝ,නිදහස් කර ගත්තා කියන චෝදනාව

    වරාය රේගු අංශය පැමිණිල්පක් කරලත් නෑ ආන්ඩු බලය නැති වුනාට පස්සේ කියලත් නෑ.

    එහෙමනම් මේවා එක්කෝ රේගුව ආනයනකරුවාගේ විශ්වාසය මත පදනමට නිදහස් කරන රේගු කන්ටේනර් හරහා රටට ඇතුළු වෙන්න ඕන

    නැත්නම් දැන දැන දැනම වරායේ රේගු අංශය මේවා පිට කරලා තියෙන්න ඕන.

    ⁣අපි ඒකයි මේක දේශපාලන පන්දු ක්‍රීඩාවක් කර ගන්න එපා කියන්නේ.

    මොකද ඒ ඔස්සේ ඇත්ත අපරාධකාරයන් හැගිලා යනවා

    මොකද මේවා කෝටි ගානක මුදල් සංසරණය වන සුදු කරපටි ගේම් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වසරකට දෙපාරක් තුන්පාරක් හදිසියේම වරායේ කනටේනර්,තදබද ඇතිවෙනවා.

      ඒ අස්සේ කඩිනම්,පියවර විදිහට රේගු බහාළුම් නිදහස් කරනවා

      හැම කාලයකම අදාල වරාය ඇමති වරයා විශිෂ්ඨ ලෙස වරායේ තදබදය අවසන් කරා කියලා පත්තර TV වලින් ඔසවලා තියනවා.

      ඊට පසු ආසන්න කාලවල රටේ මත් ද්‍රව්‍ය මිළ පහළ බැහැලා කොළඔ පිටකොටුවෙි බක්කි අස්සෙත් ලාබෙට බඩු විකිනෙනවා.

      මාළිමා ආන්ඩුව නෙවේ අප්පච්චිගේ ආන්ඩුව කාලෙත් ඒවා වුනා.‼️

      ඒ දවස්,වල වරායේ ස්ට්‍රයික් මෙහෙය වුවේ,ජවිපය

      එවිට කන්ටේනර්,තද බදයන් හැදුවා යුනියන් සාකජ්චා කරලා වරජනය අවසන් කරනවා ( අවසානයට ස්ට්‍රයික් කරේ,මොකටද කියලත් ගැටළු නැත්තේම නෑ 😃😃)

      ආපහු වැඩ පටන් ගන්නේම ගොඩ ගැහුන කන්ටේනර් කඩිනමින් නිදහස් කරානවා කියාගෙන 😃😃

      ඒ දවස් වල ස්ට්‍රයික් කරපු අය අද ආන්ඩු බලයේ ඉන්නවා එතකොටත් වරායේ හදිසි තදබද වැඩිවෙනවා

      රේගුව කඩිනමින් ආනයන කරවන්ගේ විශ්වසෙය ගැන හිතලත් කනිටේනර් නිදහස් කරනවා.

      ඊට පස්සේ කන්ටේනර් පිටිං තහනම් මත්ද්‍රව්‍ය හදන කෙමිකල් අහුවෙනවා.

      ඒකට දේශපාලන අධිකාරියෙන් පට්ට තර්ක ගොඩ නගමින් ඉන්නවා.

      හැබැයි ලබන අවුරුද්දෙත් වරායේ කන්ටේනර් තදබද හැදෙනවා.(හෝ හදවනවා )

      ඊලග මාතෘකාව කරළියට එනකල් අපි රාජ්‍යයට කුඩු මත්ද්‍රව්‍ය එකතු වීමට එරෙහි වෙනවා.

      පරණ සිස්ටම් එතටම රට දුවනවා 😃😃

      මේකත් බලන්න

      ///
      අයිස් හදන්න කෙමිකල් ගෙනා කන්ටේනර් 02 වරායෙන් මුදා හැරලා තියෙන්නෙ ඒ ගැන සියලු තොරතුරු නාකොටික් එකට ලැබිලා තියෙද්දි…

      මිද්දෙණිය තලාව ප්‍රදේශයේ නිවසක වළ දමා තිබිය දී හමුවුන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණය සහිත කන්ටේනර දෙක ශ්‍රී ලංකා වරායට පැමිණෙන බවට ඇමරිකානු බුද්ධි තොරතුරක් මගින් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට දැනුම් දෙන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ දී බවත් ඒ තොරතුර අනුව මෙම කන්ටේනර් දෙක වරායේ රඳවාගෙන තබාගෙන තිබූ බවත් සිද්ධිය සම්බන්ධව විමර්ශනය කරන විමර්ශන අංශ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

      🔴 මෙතැම්ෆෙටමින් රසායනික ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා අවශ්‍ය රාසායන සහිත මෙම කන්ටේනර් දෙකේ රසායන ද්‍රව්‍ය සහිත කොටස් ආරක්ෂාව සඳහා පරිවාර ද්‍රව්‍යයකින් කන්ටේනරය පුරවා තිබූ බවත් මේ දැන් වළදමා ඇත්තේ එම පරිවාර ද්‍රව්‍ය බවත් විමර්ශන අංශ පවසයි.

      🔴 දැනට සැක කරන ආකාරයට කන්ටේනර් තුළ සඟවා එවූ රසායන ද්‍රව්‍ය වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇත.

      වාර්තාවන ආකාරයට මේ කන්ටේනර් දෙක පිටවන්නේ පසුගිය ජනවාරියේ දී ය. එනම් මේ රටේ බරපතල බහාලුම් තදබදයක් ඇති වී තිබුණු අවස්ථාවක දීය. නාකොටික් එකත් දැනුම්වත්ව පැවති විදේශ බුද්ධි තොරතුරක් මත වරාය තුළ රඳවාගෙන තිබූ මත්ද්‍රව්‍ය නිශ්පාදන රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් දෙකක් වරායෙන් පිටවී තිබුණු ආකාරය සම්බන්ධව බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇතැයි විමර්ශන අංශ කියයි.///

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න