.

.

Sep 26, 2023

චමුදිත කටු ඉඹුලට


 

චමුදිත කටු ඉඹුලට

➖➖➖➖➖➖💀▪️


චමුදිත කෙලින්ම අපායට යනවා...


යම රජ්ජුරුවෝ බුවා දැක්ක ගමන් කටේ ප්ලාස්ටර් එකක් දාන්න කියනවා...


යමපල්ලෝ අහනවා ඇයි සර් ඒ කියලා...


නැත්තන් මට මූ කතා කරන්නවත්.... ඌ මෙහේ එව්වේ  ඇයි කියලාවත් කියන්න දෙන්නේ නෑ.... ඒ නිසා දැන් මූ මෙහේ ආවේ  ඇයි කියලා ඌට කියලා  දෙනවා....


යම පල්ලෙක් පව් පොත අරගෙන ඇවිත්..... සිරිසේන කියලා කෙනෙක් තමා රෙකමන්ඩ් කරලා තියෙන්නේ.... කටු ඉඹුලේ යවන්න කියලා...  හැමදාම උදේට... පත්තර කියවනවා කියාලා අමු බොරු කියනවය හිටන්....

මිනිස්සුන්ට මඩ  ගහනවය හිටන්... සමාගම් වලට මඩ ගහනවය හිටන්... පවුල් කඩාකප්පල් කරානව හිටන්.... ඒවට එහේදිම ගූ පාර කෑවට ඒ මදිය හිටන්.... 

ඒ නිසා අපට යුෂ්මතා කටු ඉඹුලේ අරින්නම වෙනවාය හිටන්.... කියලා....


ඒත් චමුදිත හස්ත මුද්‍රාවෙන් එකම එක දෙයක් කියන්න දෙන්නෙයි කියලා .... කඳුළු පෙරාගෙන අඬනවා දැකපූ යම රජ්ජුරුවෝ ...

ඕන්න ඕක පොඩ්ඩක් ගලවනවා.... හැබයි එකම එක දෙයක් කියපු ගමන් වහන්න ඕනේ හරිය...


රජතුමනි මම නම් අහලා තියෙන්නේ බොරු කිව්වම කටේ ලෝදිය දානවා කියලා..... කිව්වා විතරයි යම පල්ලා ආයේ ප්ලාස්ටරෙන් කට වහනවා...


ඔව් ඔව්... අපේ පනිෂ්මන්ට් එක නම් ඒක තමා... ඒත් එතන පෝලිම හෙන දිගයි... පාස්කු ප්‍රහාරය ගැන ගල් පැලෙන බොරු නේ ඕයි තමුසෙලා කියලා තියෙන්නේ.... ආන් දැන් සෙට්ටෙකම පොලීමේ ඉන්නවා....

යුෂ්මතාට කටු ඉඹුලට යන ගමන් බලාගෙන ගියෑකී....


අනේ ඉතින් චමුදිත ප්ලාස්ටරෙත් දාලා දැන් කටු ඉඹුලට අරගෙන යනවා...


ඒ යන අතරේ... යම පල්ලෙක් චමුදිතට කියනවා... ආන් ඉන්නවා එහෙන් ආපු සෙට් එක පෝලිමේ... දවසට තුන් සැරයක් ලෝදිය දෙනවා බොන්න....


චමුදිත බලනවා පෝලිම දිහා... රවී සෙනෙවිරත්න, නිලන්ත, පූජිත, සිරිල් ගාමිනී, කාදිනල්, සජිත්, කසිප්පුවා, ෆොන්සේකා ඊට ඉස්සරහන් පොලීමේම වළඳකුත් අරගෙන ශානී...


ඊට ඉස්සරහා ඉන්න එකාට කටට ලෝදිය වක්කරන ගමන්... අඳුරගන්න බෑ...


ඒත් පෝලිමේ උන්න ශානී... චමුදිත දැකලා ... බුවාගේ ඉස්සරහා ඉන්න එකාට ... ජනාධිපති කමේ දිවුරුම් දුන්න වෙලාවේ නිදහස් මන්දිරේදී රන්ජා ඇන්නා වගේ... ඉලපත්තට ඇන්න ගමන්... 


ඉස්සරහා හිටපු සිරිසේන ... ටහුක්... ගාගෙනම ශානී දිහාට හැරුනා.... ශානී වළඳ දික් කරලා චමුදිතයා පෙන්නුවා..... 


ආ .... ඇද්ද මම උඹට කිව්වේ බොරුද.... ඔය යන්නේ කටු ඉඹුලට නේ හිටන්.... කියපු සිරිසේන...


සරම උස්සාලා චමුදිතට පුප පෙන්නුවා....


▪️අපායේ සිට මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ මාතලන් යකා වන මා විසිනි....

.

12 comments:

  1. පට්ට කතාව ඕයි, හැබැයි අපායට උඩින් තියෙන රටේ කපුටු මයිනො පොනිල්ල සිරාල කලවැදි පොන්නසේකාලා නිදන්හොර ගොබ්බදාසලා උතුර-දකුණ මාරුවෙච්ච කයිපඩ මාලිමා කෙබරදාසලා වගේ සක්කිලි හැත්ත වගේම ඔය උන්ටත් වාල්කම්කරපු වලංහෝදන සානි හිවල්මොටා වගේ තුට්ටු දෙකේ කාලකන්නි හැත්ත බුරුත්තම අවීචියට වීසා ඇවිත් වලකජ්ඡ ගැහුවත් ඔය ඉන්න ගොබ්බ මීගව සම්පත එක්ක ලංකාව කියන පාහර රට නම් හදන්න බෑ, අපි වගේ රටින් පැනපිය, වෙන නෝ අදර් ඔප්ෂන්ස්...

    ReplyDelete
  2. ලංකාවෙන් ගිය එව්වෝ එකතු වෙලා
    යම රජුටත් කොමිස් ගැහිලි හුරු කරලා
    සුර ලෝකෙට හොර පාරක් ඉදි කරලා
    එහෙට පනිනවලු හොර වීසා ගහලා

    ReplyDelete
  3. මාතේ, මට මැවිල පේනවා වලං ශානි පොල් බූරුවා වළඳකුත් අතේ තියාගෙන දණ ගහගෙන දේසපාලුවන්ට පූප දී ගෙන කඹුරන හැටි... 😅🤣😂 මාර විදිහට creative script එකක්

    ReplyDelete
  4. හැම දෙයකම තවත් පැත්තක් තියෙනවා මාතේ මම කතාවකින් කියන්නම් එක දවසක ඇල්බට් අයින්ස්ටයින් තම සිසුන් විශාල පිරිසකට පැවති දේශනයකදී කළු ලෑල්ලක මෙසේ ලිවීය.

    9 x 1 = 9
    9 x 2 = 18
    9 x 3 = 27
    9 x 4 = 36
    9 x 5 = 45
    9 x 6 = 54
    9 x 7 = 63
    9 x 8 = 72
    9 x 9 = 81
    9 x 10 = 91

    එකපාරටම පන්ති කාමරය තුළ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ අයින්ස්ටයින් අතින් වරදක් සිදු වූ නිසයි. නිසැකවම, 9 × 10 සඳහා නිවැරදි පිළිතුර 91 නොවේ. ඔහුගේ සියලුම සිසුන් ඔහුට සමච්චල් කළහ. අයින්ස්ටයින් සියල්ලන්ම නිශ්ශබ්ද වන තෙක් බලා සිටි අතර මෙසේ පැවසීය.

    “මම ගැටලු නවයක් නිවැරදිව විශ්ලේෂණය කළත්, කිසිවෙකු මට සුබ පැතුවේ නැත. ඒත් මම එක වැරැද්දක් කළාම හැමෝම හිනා වෙන්න ගත්තා. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයෙකු සාර්ථක වුවද, ඔහුගේ කුඩා වැරැද්ද සමාජය දකින බවයි. ඒ වගේම ඔවුන් එයට කැමති වනු ඇත.

    එබැවින් විවේචනවලට ඔබේ සිහින විනාශ කිරීමට ඉඩ නොදෙන්න. කිසිදා වරදක් නොකරන එකම පුද්ගලයා කිසිවක් නොකරන අයෙකි."

    ReplyDelete
  5. ඕව මොනාද බන් ක්‍රිකටර්ස්ලටත් කඩේ යන වහල්ලු ඉන්න රටේ පොලිටීෂියන්ලට වහල්ලු හැදෙන එක අරුමයක් නෙවෙයි 😄 ඔය බඩරස්සාව වෙනුවෙන් ගෙවල්වල බැලමෙහෙවර කරන්න උනත් එන්න කැමතියි කියල අමු ගොන් කතා කියපු ෂාර්නී අභයසේකර වගේ ගොන්ම ගොන් හද්ද ගොන් කසඩ හාල්පාරුවෙකුටත් කඩේ යන කුණුම කුණු මීහරක් බුකියේ ඉන්නවානේ 😅

    ReplyDelete
  6. හිරු රූපවාහිනිය සතිපතා පවත්වන සලකුණ වැඩසටහන මෙවර කැඳවා තිබුණ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු ජනාධිපතිට එල්ල වන පාස්කු ප්‍රහාරය සම්බන්ධ වන චෝදනාව ගැනද ද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කිරීමත් සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම වැඩසටහෙන් ආකෘතිය කණපිට හරවමින් දිගින් දිගටම දැඩි ස්වරයකින් අදහස් පල කරන්නට වූ අතර වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනාද නිරුත්තර වී ගිය අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ ප්‍රශ්න ඇසීම සඳහා හිටපු ජනාධිපතිවරයා ගෙන් අපට කතාකරන්නට වෙලාව දෙන මෙන් ඉල්ලීමටද සිදු විය.

    එක් අවස්ථාවක සිරිසේන මහතා කියා සිටියේ පත්තරේ විස්තරේ කියන්නේ චමුදිත සමරවික්‍රම නමැති ජඩ මාධ්‍ය කරුවා ඔහේ හරකෙක් වගේ හැරෙන හැරෙන පැත්තට
    බොරු කියමින් මඩ ගසමින් නින්දා අපහාස කරමින් විශාල පාපයක් සිදු කරගන්නා බවත් පවුල් කඩාකප්පල් කරමින් කොම්පැණි කඩා වට්ටමින් ඔහු සිදුකරන මහා පාපය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්ම ලෙස කිසියම් අවස්ථාවක පඩිසන් දෙනු ඇති බවත්ය.

    මේ ගැන ධර්මානුකූල ලෙස කාටහරි පැහැදිලි කිරීමක් කළ හැකිද?

    ReplyDelete
  7. සංජීව් ලෝන්ලියස් මේ දවස් වල සමාජ මාධ්‍ය වල ජනප්‍රියතම ගායකයෙක්.

    සංජීව් අමු සිංදු කියලා තමන්ගෙම ගීත ආරක් හදන් ඉන්නවා.

    ඒ සිංදු ජනප්‍රිය සංස්කෘතියට වඩා වෙනස් වුනත්, ඔහුගේ පසුකාලීන ගීත බොහෝමයක් ජනප්‍රිය වුණා.

    මිනිස්සු වැළඳ ගත්තා.

    පහුගිය දවසක සංජීව් රූපවාහිනි වැඩසටහනකට සහභාගී වුණා.

    නමුත් මේ රූපවාහිනි වැඩසටහන ගැන සමාජයේ සාකච්ඡා වුනේ එහිදී ඔහු විසින් ගායනා කරපු ගීතවත්, ඔහු විස්තර කළ කලාවවත් නෙවෙයි.

    එම රූපවාහිනි වැඩසටහනට ඔහු පැළඳ ආ සරල පාවහන් යුවළ ගැනයි.

    ඔහුගේ ගීත වලටත් වඩා ඔහුගේ සරලකම මිනිස්සු වැළඳගෙන තිබුණා.

    මේ සංජීව් ලෝන්ලියස් ට පමණක් සීමා වූ දෙයක් නෙවෙයි.

    පුද්ගලයෙකු පිළිගැනීමට අප සමාජය විසින් සිදු කරන මූලික පරීක්ෂණයේ ඉහළම තැනක් සරලකමට හිමි වෙනවා.

    අපි ඉතාම ඉක්මණින් සරලකම වැළඳගන්නවා. සරලකමට ආදරය කරනවා.

    සරලකමටත් වඩා සරල යැයි පෙන්වන මිනිසුන්ට ඉතාම පහසුවෙන් සමාජයේ පැල වීමට ඉඩක් ලැබෙනවා.

    අපි සරල වීම නිසාම පුද්ගලයන් ජනාධිපති පුටුවට පවා පත් කළ රටක්.

    අප වීරයන් තෝරා ගැනීමේදි ඔවුන්ගේ වීරත්වයට වඩා සරලකමට මුල් තැන දෙනවා

    අපි හදවතේ ගායකයො, හදවතේ නළුවො, හදවතේ තරු විදියට තෝරා ගන්නේත් සරල හෝ සරල යැයි පෙන්වන පුද්ගලයො.

    එහිදී ඔවුන්ගේ දක්ෂතාවයට, හැකියාවටත් වඩා "සරලකමට" වටිනාකමක් ලැබෙනවා.

    මේ බව අවබෝධ කරගත්තු බොහෝ ව්‍යාජ, වංචනික චරිත පවා පහසුවෙන් සමාජයේ ස්ථාවර වෙන්න "සරලකම" පාවිච්චි කරනවා.

    "සරල" විදියට පෙනී ඉන්නවා.

    සරල වීම නිසාම තමන් අතීතයේ සිදු කළ සියලූම අකුසල් සහ අපරාධ, සමාජය ඉදිරියේ සෝදාගෙන නිදොස් වී වැජඹෙන චරිත මහ සමාජයේ ඕනෑතරම් ඉන්නවා.

    එවැනි ව්‍යාජ චරිත 'සරලබව' විකුණමින් තවමත් මහ සමාජය රවටනවා.

    සතියකට වරක් කොහෝ හෝ යුටියුබ් සාකච්ඡාවකින්, සරල චරිතයක් සමාජයට බිහි වෙනවා.

    ඉන් ටික කලකට පස්සේ ඔහු හෝ ඇය තමන්ගේම ආකාරයකට සමාජය රවටන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.

    මිනිසුන් රැවටෙනවා.

    මේ සරලබවට ආශක්ත වීමේ ඇති එක් නරක ප්‍රතිඵලයක් පමණයි.

    සරලබව යනු නරක ලක්ෂණයක් නෙවෙයි.

    එය ඉතා ධනාත්මක, මිනිසෙකුට පහසුවෙන් සතුටු විය හැකි, පරිපූර්ණ විය හැකි ගුණාංගයක්.

    නමුත් ප්‍රජාවක් හෝ රටක් විදියට සෙස්සන්ගේ සරලබවට ආශක්ත වීම කිසිඳු දිනෙක ධනාත්මක ප්‍රතිඵල ලඟා කරන්නක් නෙවෙයි.

    මේ සරල බව වැළඳ ගැනීම ඇතුලේ ධනයට සහ පොහොසත්කමට පෙන්වන ප්‍රතිරෝධයක් ද හැංගිලා තියෙනවා.

    ඒක හරියට රිය අනතුරකට පස්සේ, වරද කාගේ වුනත් පහර දෙන්නේ වටිනාකමෙන් වැඩිම කාර් එකට වගේ වැඩක්.

    ගායකයන් බිහි කරනා රියැලිටි තරග වලදී සමාජයේ මේ හැසිරීම ඉතා හොඳින් පැහැදිලි කර ගත හැකියි.

    ගායනයේ හැකියාව කෙසේ වෙතත් වඩාත්ම සරල සහ දුක හිතෙනා කතාව හිමි පුද්ගලයා වැඩිම මනාප ලබා ගන්නවා.

    උපතින්ම ධනවත් හෝ සරල යැයි ලඝු කළ නොහැකි තරගකරුවන්, දක්ෂතාවය නොසලකා ඉවත් වෙනවා.

    අප රටක් විදියට ලබනා ආර්ථික දියුණුවක් ගැන කතා කරනවා.

    නමුත් අපි විසින්ම ධනයට සහ පොහොසත්කමට දැඩි සමාජීය ප්‍රතිරෝදයක් ගොඩනගා තියෙනවා.

    එය කිසිදා සමපාත නොවෙන විසංවාදයක්.

    පුද්ගලිකව අපගේ ජීවිතය තුල සරලකම පුහුණු කිරීම ඉතා හොඳ ලක්ෂණයක්.

    නමුත් අපගේ වීරයන් තෝරා ගැනීමේදි වීරත්වයට, දක්ෂතාවයට වඩා සරලකමට මුල් තැන ලබා දීම යහපත් ප්‍රතිඵල ගෙන එන්නක් නෙවෙයි.

    ප්‍රජාවක් ලෙස අප ඔසවා තැබීමට තෝරාගත යුත්තේ සරලකමට එහා ගිය, ජයග්‍රහණයන් ලබා ගත් වීරයන්.

    අතීතයේ විඳි දුක් ගැහැට ට වඩා වර්තමානයේ අත්විඳිනා සාර්ථකත්වය ගැන කතා කරනා මිනිසුන්.

    රටක් ලෙස අප දකිනා පොහොසත්, සමෘද්ධිමත් සිහිනය සැබෑ වෙන්නේ එවිටයි.

    ReplyDelete
  8. හැමදාම උදේට වෛරය වපුරලා චමුදිතය රටට කරලා තියෙන හානිය අපරිමිතයි. රට මේ ගානට වැටෙන්න එදා ඉදන් අද වෙනකන් හිටපු දේශපාලකයෝ වගේම හානියක් චමුදිත වගේ ජඩ මාධ්‍යවේදී ජඩයිනුත් කරලා තියෙනවා. මුන් ඒ මදිවට මඩ නොගහ ඉන්න කියල කප්පම් ඉල්ලනවා.

    ReplyDelete
  9. මේකේ මට ආතල් කෑල්ල තමයි මිනිහා මම හිතුවට වඩා සෑහෙන එෆර්ට් එකක් දාලා මේ වැඩේට..

    අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් වල ටෝක් වගේ ෆුල් රොමැන්ටික් ටෝක් දීලා සෑහෙන මහන්සි වෙලා

    ඒ කියන්නේ මිනිහගේ ජීවිතේම ඉතින් මේ වැඩේ තමයි... 🫡

    ReplyDelete
  10. මේ කතාව ගැන මාතලන් මොකද ඇත්තටම හිතන්නේ?

    මම කොලඹ තියන ගෙදර විවේකයෙන් හිටියේ. එක පාරටම ගෙදර අයන් ගේට් එකට පිරිසක් තඩිබානවා. මම ස්විච් එක ප්‍රෙස් කරලා ගේට් එක ඇරියා. රතු කමිස ඇඳ ගත්ත ෆයිල් අතේ තියාගත්ත පිරිසක් . "ගේට්ටු ඇරලා තියන්ඩ ඕනේ" රැලේ නායකයා වගේ කෙනා සද්දෙන් කිව්වා. "ගේට් එක ඇරලා තියන්න බෑ බල්ලා එලියට දුවනවා. කාර් එක පරිස්සම් නෑ " මම කිව්වේ කට්ටිය දෙස හොඳින් බලන ගමින්. එහෙම කියලා හරියන්නේ නෑ ; දැන් නීතිය හැම ගෙදරකම ගේට්ටු ඇරල තියන එක​. ප්‍රතිගාමියෝ හැංගිලා ඉන්නවා නම් උන්ව අල්ල ගන්න ඕනේ " රැලේ නායකයා කියනවා.

    මට මිනිහව ටිකක් නෝට් උනා. ඉස්සර නුගේගොඩ මිනිහා ත්‍රී වීල් එකක් එලෙව්වා. මුල් කාලයේ යූ.එන්.පී සපෝටර් කෙනෙක්. දැන් ජවිපෙ ප්‍රාදේශීය නායකයෙක්. මිනිහා මගේ අළුත් කාර් එක දිහා බැළුවා. " මේ වාහනය සඳුදට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගේන්ඩ ඕනේ. එතන අපේ සහෝදරෙක් ඇති. අපි ඔක්කොම ලක්‍ෂරි වාහන රෙජිස්ටර් කරනවා"

    ඒ කතාවට මට ටිකක් අප්සෙට් ගියා. මුං මගේ අළුත් කාර් එක පවරා ගන්න යනව වත්ද ? මට මතක් උනා 1988 කාලේ මගේ යාළුවෙක් ගේ මාමා කෙනෙක් ගේ ලාන්සර් බොක්ස් එක සහෝදරවරු බලෙන් අරගෙන ගිය කතාව​. රැලේ නායකයා කතා කරගෙන යන කොට මිනිහගේ ගෝලයෝ අතේ තියන කැමරා වලින් ගෙදර සහ වත්තේ පින්තූර ගන්නවා.

    "අපිට ගෙදර ඉන්න අයගේ හැඳුනුම්පත් දෙන්ඩ" නායකයා මට අණක් දුන්නා. මම හිතුවේ හැඳුනුම්පත් එකතු කරගෙන යයි කියලා. මොනවා කරන්නද මම පවුලේ අයගේ අයි.ඩී මිනිහගේ අතට දුන්නා. මිනිහා ඒක ෆයිල් එකක් අතේ තියාගෙන හිටපු රැවුල වවගෙන හිටපු එකෙක් ගේ අතට දුන්නා. මෑන් අයි.ඩී වල විස්තර කොලයක ලියාගන්නවා. මුන් ටික යනව නම් හොඳයි කියලා මට හිතුනා. ඒත් යන පාටක් නෑ.

    " ගෙදර කාමර කීයක් තියනවද ? නායකයා ඇහුවා. කාමර හයක් තියනවා මම කිව්වේ ටිකක් හිමීට. " ගෙදර ඉන්නේ හතර දෙනයි , කාමර හයක් මොකටද? රැලේ නායකයා මගෙන් ඇහුවේ සද්ද දමලා. එතකොට මිනිහත් එක්ක හිටපු සෙට් එක මා දිහා බැලුවේ හොරාට විදුලිය ගත්ත එකෙක් දිහා බලනවා වගේ.

    "නායක සහෝදරයා තීරණයක් අරගෙන තියනවා වැඩිපුර කාමර තියන ගෙවල් වලට නිවාස රහිත පවුල් යොමු කරන්න. ඒ නිසා ලබන සුමානේ අපේ සහෝදරයෙක් එයි. වැඩිපුර තියන කාමර දෙක නිවාස අමාත්‍යාංශය පවර ගන්නවා " හිටපු ත්‍රීවීල්කාරයා කියාගෙන යනවා.

    මල කෙලියක් නේ යකෝ මේක මට හිතුනා. මට Doctor Shivago ෆිල්ම් එක මතක් උනා. මුං අපේ ගේ අස්සට කොහෙවත් යන පවුල් දෙකක් ඔබන්න යනවා. එතකොට බාත්‍ රූම් ඔක්කොම හවුලේ පාචිච්චි කරන්න වෙයි. වයිෆුයි දුවයි නම් මේකට කොහොමත් කැමති වෙන එකක් නෑ. මේ මොන මරාලයක් ද ?

    කට්ටිය විස්තර අරගෙන ගියා. මම ගේට්ටුවේ ස්ලයිඩිං දොර වහන්නේ නැතිව ගෙදරට ඇවිත් දොර වහ ගත්තා. කෙලින්ම කතා කලේ කුරුඳුවත්ත පොලිසියේ ඕ.අයි.සීට. මිනිහා මගේ යාලුවෙක්. මම ඕ.අයි.සීට ඔක්කොම විස්තර කිව්වා. මගේ විස්තර අහගෙන ඉඳලා ඕ.අයි.සී කටහඞ අඩු කරලා මෙහෙම කියනවා

    . " මටත් දැන් කිසිම බලයක් නෑ. අපේ පොලිසියට රතු කොමිසාර් කෙනෙක් කියලා ඉස්සර මහරගම එළවළු බක්කියක් කරගෙන හිටපු එකෙක් දාලා. පොලිසියේ ඔක්කොම නියෝග යන්නේ ඌ හරහා. මේ යක්කු මොන පිස්සුවක් කෙලිනවද මම දන්නේ නෑ. මොනවටවත් විරුද්ධ වෙන්න යන්න එපා. අර ප්‍රතිගාමී පනත හරහා ඕන කෙනෙක්ව අත් අඩංගුවට අරගෙන විලච්චිය පැත්තේ කෑම්ප් එකකට යවනවා. ඒ නිසා බලාගෙන" මෙහෙම කියලා ඕ.අයි.සී ෆෝන් එක තිබ්බා.

    Read more;

    https://transyl2014.blogspot.com/2023/09/blog-post_26.html

    ReplyDelete
  11. මාතා තත්ත්වය ඊට වඩා භයානකයි නරේන්ද්‍ර මෝදිගෙ අඛණ්ඩ් භාරත් හින්දු රාජ්‍යය ප්ලෑන් එක මේ දිනවල හෙමින් සැරේ ක්‍රියාත්මක වන නිසා ඉන්දියාව ඇතුලෙත් සෙසු ආගම් ජාතීන් කළකිරීමකින් ඉන්නෙ. විශේෂයෙන් භාරතීය මුස්ලිම්වරුන්ට මේකෙන් සෑහෙන අසාධාරණයක් වෙනවා.

    හරිනම් රටක් දියුණු වෙනකොට ඔය වගේ යල්පැනගිය ජාති ආගම් කුලභේද අතහැරලා ජාතිකත්වය වර්ධනය කරන්න ඕන. ඒත් ඉතිහාසෙ ඉඳලම කුලමල භේදය හතර වටේම රටවලට පතුරවපු ඉන්දියාව තව කල්පයක් ගියත් ඒ කැත පුරුද්ද අතහරින එකක් නෑ.

    කොහොමත් අඛණ්ඩ් භාරත් ප්‍රොජෙක්ට් එකට ලංකාවත් ඇතුලත් නිසා ලාංකික සම්භවයක් සහිත නන් රෙසිඩන්ට් ශ්‍රී ලාංකික ප්‍රජාව විදියට අපටත් අපේ මවුරටේත් හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

    ReplyDelete
  12. Saumyata kiyala kata chu kara ganna asayi

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න