.

.

Mar 5, 2018

බයිලා ගසා සංහිදියා ඇති කළ නොහැක - Swansong of Sirisena


Cartoon By - Awantha Artigala 


තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම්, තනි ඇහැට කඳුළු එන තරම් දුකක්ය. ඒ අනාවැකි එසේ පලකලේ එතෙක් මෙතෙක් අම්මට සිරි ලංකාවේ පහළවූ කිසිඳු දෙයක් කළ නොහැකි අසාර්ථකම රාජ්ජ නායකායාගෙන්, සංහිදියාව තබා කිසිඳු දෙයක් බලාපොරොත්තු වීම එකම විකාරයක්ම පමණක්ම නිසාය. එම ළිපියේ මාතලන් මෙසේ කීවේය.

// ඊයේ තඹුත්තේගම සිඳු වූ සිඳුවීම, වඳ පෙත්තට එහා ගිය දෙයක් බව ආන්ඩුව තේරුම් නොගන්නේ නම් එය මහා විනාශයක ආරම්බය බව, අප විසින් මේ ගවපාලකයන්ට මතක් කර දිය යුතුව ඇත. අද මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. 

ජනවාරි 10 වන්දා පැවති ආන්ඩුව ඉල්ලාගෙනම කෑ හුටප්පරයෙන් ලෝකටයටම දුන් පණිවිඩය එය බව තිත්ත වහ කඳුරු වුවත් පට්ට ඇත්ත ලෙස අප කවුරුත් පිලිගත යුතුය. තම පක්ෂය, ඇමති මණ්ඩලය, කැබිනෙට්ටුව පාලනය කර ගන්න බැරි උන්ට, රටක් තියා ප්‍රාදෙශීය සභාවක්කත් පාලනය කර ගන්න බැරි බව අද අපූරුවට පෙන්වමින් සිටින්නේය.

පොලිසිය, හමුදා කඳවුරු, ඇස් ටී ඇෆ් කඳවුරු සියල්ල තිබියදි, පෙත්තක් දැම්මාය කියා ක්ෂනයකින් මහා පරිමාන ප්‍රහාරයක් එල්ල කරන්නේ, හොඳ සංවිධාන ශක්තියකින් පමණක්ම නොව, අර කලින් සඳහන් කළ ඒවායේ ආශීර්වාදයද ඇතිව බව සැක කිරීමට, අප ජීවිතය තුල දෑසින්ම දැක ඇති දෑ ඕනාවටත් වඩා ඇතිය. 

එය ආන්ඩුවේම ක්‍රියාදාමයක්ය කියා සැක කිරීමට නොහැක්කේ, මේ ආන්ඩුවට එවන් දෙයක් කර ගැනීමට ශක්තියක් ඇතැයි කියා කිසිවකුත් නොසිතනා නිසාය. ඒ කෙසේ වෙතත්, 83 දී මෙන් මෙය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිඳු වූ දෙයක් විය හැකි සම්භාවිතාවයක්ද පවතින්නේ, මෙතක් කිසිවකු හෝ අත් අඩංගුවට ගෙන නොතිබීමමය. 

පෙත්තේ ගිනි නිවී යාමටත් ප්‍රතම, තඹුත්තේගම ඇතිවන සිද්දිය අප සුළු කොට තැකිය යුතු නැත. යහපාලන ආන්ඩුවක් ලෙස, වතුර ඉල්ලු ජනතාවට පොලීසියේ බවුසරයෙන් වතුර බෙදීම අප අගය කළ යුතු වුවද, මෙතරම් ජනම් එකක් පොලීසියට විරුද්ධව කැරලි ගසන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුම කාරනාවක්මය. මක්කා කීවත් පොලීසිය ආන්ඩුවේය. පොලීසිය අයිති ආන්ඩුවට වූවද පොලීසියේ අති බහුතරයද මහින්ද වාදින්ය. පොලීසියේ පමනක් නොව, අධිකරණයේ අති බහුතරයද මහින්දවාදීන් බව, අති ශ්‍රේෂ්ඨාධිකරනයෙන් දෙන ඉල ඇදෙනා නඩු තීන්දුවලින් මනාව දිස් වෙනවාය. 

තත්වය එසේ හෙයින් මේ ආන්ඩුව මෙන්ම, ජෝකර් කෙනෙකු යටතේ පාලනය වන විගඩම් පොලෝසියද එකෙක්කත් සත පහකට මායිම් කරන්නේ නැතිය. එය එසේ හෙයින්, ඡන්දයට කලින් 100-200 එක් වී ආන්ඩුවට එරෙහිව පාරවල් වසාගෙන කළ උග්ගෝෂණ, තඹුත්තේගමටත් වඩා දරුණු ලෙස, හෙට හෝ අනිද්දා ඇති වීම කිසිවකුටත් වැලැක්වීමට නොහැකිය. මන්ද අම්මට සිරි ලංකා නිදහස් පක්ෂයේ පෙර උන් ප්‍රාදේශීය චන්ඩීන් සියල්ලම පොහොට්ටුවෙන් ජන වරම ලබා ගෙන අවසානය. දැන් උන් කරමින් සිටින්නේ, පාලිත තෙවරප්පෙරුමගේ බජාර් එකේ චන්ඩියා සෝ එකේ සීන්ය. 

තඹුත්තේගම පොලීසිය ඉදිරිපිට විශාල ජනම් එකක් රැස්වන්නේ. බහු ජාතික සමාගමකට එරෙහිව නොව චීනාට එරෙහිවය. ඒ, ජලාශයේ ජලය, පානීය ජලය නිශ්පාදනය කරණා කර්මාන්තශාලාවකට බදු දීමට එරෙහිවය. මහින්දගේ කාළේ මේ වාගේ ඒවා අනන්තවත් සිඳු වූවද, එකෙක් පාරට බහිනවා තියා හූම් කීවේ නැතිය. ඒ පොහොර සහනාධාර මක්කා කොලත් හම්බ වූ නිසාත්. උන් ගැන බලා ගන්නා බව පෙන් වූ නිසාත්ය. //

දිගන සංවිධානාත්මක ලෙස ගිනි තබන්නේ ඇයිදෝ කියා ඔබට දැන් ඉතා හොඳින් තේරෙනවා ඇතිය. මාතලන් එම ලිපියේ හෙඩිම දැම්මේ මේසේය "තඹුත්තේගමින් ඇරබි තුන් වන කැරැල්ල - Get Ready for the next Revelation". ජාතිවාදය හෝ ජාතිආලය, ජාතිමාමකත්වය හෝ මොන හත්තිලව්වක් යටතේ හෝ රට නැවත් ගමන් කරමින් තිබෙන්නේ ත්‍රස්තවාදි සමයකයටය. ඊට හේතුවද මාතලන් එම බ්ලොග් පල් හෑල්ලේම ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේය.

// දැන් අර සරළ ගොවි පුතාට ඕවා ගැන මතකයක් ඇත්තේ නැතිය. දැන් බලන්නේ මහින්ද හලා, ඝෝඨා සමගින් හෝ, සිරිසේන සහ සමාගමේ ග්‍රෝව්ත් එක හෙවත් අභිවෘද්ධියම පමණි. ඒ සඳහා කළ හැකි, සියලු යටි කූට්ටූ වැඩ, නූල් සූත්තර, යාග හෝම, වත් පිලිවෙත් කරනවා හැර, රටට මක්කා වූවත් උන්නැහේට පයිසෙක ගානක් නැතිය. 

මේ එන්නේ මහින්ද රාජපක්ෂටත් වඩා ජනතා අප්‍රසාදයට පත් වූ නායකයකුගේ අති භයානක එකාධිපති පාලනයක් බව නොකිව මනාය. මන්ද ඉදිරියේදි එන ජන උද්ඝෝෂණ මීට වඩා අති දරුණු ඝනයේ ඒවා වීම කිසිවකුටත් වැලැක්විය නොහැකිය. තමන්ගේ නොහැකියාව, ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස ලෙස දී විරුද්ධ පාක්ෂිකයා ශක්තිමත් කර ඇති යුගයක, විපක්ෂ බලවේග, ආන්ඩුවට වඩා අති දරුණු ලෙස ශක්තිමත් වී සංවිධානය වී අවසානය. 

මේ ආන්ඩුවට තව දුරටත් ජන බලයක් නොමැති බවත්, ජනාධිපතිවරයා අනුමත කර ඇත්තේ රටේ ජනතාවගෙන් 4% පමණ බවත් තේරුම් ගැනීමට ගවපාලනයට නොහැකි වූවද ජනතාව එය තේරුම් ගෙන අවසානය. පිඳුරු වේලා, ගොඩ ගසා අවසානය, ආන්ඩුවෙන් පැස්ටෝල් ඉහලාද අහවරය. දැන් ඇත්තේ ගිනි කූර ගසා විසි කිරීම පමණමය. 

තුන් වැනි කැරල්ල බලාපොරොත්තු වන්න....!!! ..//

බයිලා ගැසීමෙන් සංහිදියාව ඇති කරන්න පුලුවන් කියා මොකෙක් හෝ සිතන්නේ නම්, එක්කෝ ඌ උන්මතකයෙක් විය යුතුය. නැතිනම් මේ ලෝකය ගැන කිසිවක් නොදන්න, අමුම අමු ළිං මැඩියෙක්ම විය යුතුය. අද මේ 4% ජනවරමක් ඇති නායකයා රටේ ජනතාවගෙන් නොව, ලෝක නායකයන්ගෙන්ද කිච වෙලා අහවරය. මානව හිමිකම් කේස් මෙන්ම, යුරෝපා සංගමයෙන් හා කැනඩා රාජ්‍යයෙන් එන බලපෑම් රාජපක්ෂ යුගයේ ඒවටත් එහා ගිය ඒවාය. මන්ද, මේ වාහේ ලෝක නායකයන්වත් අන්දන්න ගොස් හත් පොලේ ගාගෙන නාගෙන සිටිනා නිසාය. 

සංහිදියාව සිරිසේනට නොව බුදු හාන්දුරුවන්ටවත් ඇති කරන්න පුළුවන් දෙයක් නෙමේය. ඒවා ඇති කළ හැක්කේ නවීන ලෝකයට ගැලපෙන අජ්ජාපන ක්‍රමයක් තුලින් ස්වාධීන චින්තනයක් ඇති බුද්ධිමතුන් බිහි කිරීමෙන් පමණකි. අනෙකාගේ නිදහසට ගරු කරනා වචනයේ පරිසමාර්තයෙන් මිනිසකු යැයි කියා කිව හැකි ජනතාවක බිහි කිරීමෙන් පමණකි. නමුත් ඒවන් දෙයක් මේ අම්මට සිරි ලංකාවේ බලාපොරොත්තු වීම සිරිසේනගේ යහපාලනය වගේම එකම විගඩමකි.

ඒ නිසා කළ යුත්තේ තද බල නීති මගින් ජාති ආගම් බේද නොසලකා රට ගිනි තියනා උන් අල්ලා ඇප නැතිව කූඩූ කරනා ක්‍රමයක් ඇති කිරීමය. පන්සල තරහා වේයැයි කියා අම්පාරේ හාතයි බූරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ නීතිය උගේ අම්මාගේ නීතියකි. මේ එන්නේ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදය ඇති කරනා හෝ ඒවාට උඩ ගෙඩි දෙන හැම එකාම අල්ලා බැඳ දැමිය යුතු කාලය පැමිණ අවසානය.

දේරණ මාධ්‍ය ජාලය කරන්නේ තනිකර ජාතිවාදය පැතිරවීමයි. සංඛ අමරජිත් නැමැති ජඩ මාධ්‍යවේදියාගේ එකම රාජකාරිය එයම පමණකි. මේවාට ඉඩ දී පස්සේ නාහෙන් හඬලා ඇති වැඩක් නැතිය. දැන්ම මුන් පාලනය කිරීම ආරම්බ කළ යුතුය. සංහිදියාව ඇති කළ හැක්කේ එවන් දරුණු මර්ධනයන් තුලින් මිස. සංහිදියා බයිලා ගැසිමෙන් නම් නොවේ.

ජන වරම අහිමි නායකයෙක්, ජනතාව පමණක් නොව, රජයේ කිසිඳු නිළධාරියකුද පයිසෙකට මායිම් කරන්නේ නැතිය. අම්පාරේ සුළු සිද්දිය මෙන්ම. දිගන සැලසුම් සහගත ප්‍රහාරයද ඇති වන්නේ, පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක වීම වැලකුන නිසාය. පොලීසියද අද අන්ත අසරණය. වෙඩි තැබුවොත් උන්ගේ රස්සාවට කෙල වේදෝ කියනා බියක් උන්ට ඇත්තේය. එකල නීතිය ක්‍රියාතමක කළ නිලධාරින් කන පරිප්පු දකිනා එකෙක් වෙඩි තියන්න කලින් දෙසරයක් හිතනවාය. එක්කෝ උන් අල්ලා වැලිකඩ යැවිය යුතුය. නැත්නම් මේ කාළකන්නි නඩු සියල්ල, ඉල්ලා අස් කර ගත යුතුය.

දිගන ගිනිගත්ත බව පත්තරෙන් ද්කිනා විට වැඩේ වෙලා අහවරය. එහෙයින් ඉදිරිය ඉතා භයානකය. ආර්ථික වශයෙන් අස්තාවර රටක් පමණක් නොව නීතිය වල් වැදුනු එකිනෙකා මරා ගන්න වර්ගවාදි යුද්ධයකට පාර කපා අවසානය. මේ සියල්ලට වග කිව යුත්තේ වෙන කිසිවකුත් නොව ස්ථිර ප්‍රතිපත්තියක් දැක්මක් නැති එක එකාගේ පදයට නටනා රාජ්‍ය නායකයා මිස වෙන කිසිවකුත් නොවේය.

පක්ෂ විපක්ෂ සියල්ලම එකතු වී කළ යුත්තේ රනිල් එලවීම නොව දෝශාභියෝගයක් ගෙනවුත් මේ රූකඩ පාලකයා එලවා දමනා එකය.


ඒ වගත් මේසේය.... 

87 comments:

  1. මාතලන් 1983 කෝලාහල ඇතුවූයේද 2018 කෝලහලය ඇති වූයේද කාලකනි යූඑන්පී බූරුවන් රට පාලනය කරන පාහර ක්‍රමය නිසාය​.
    සිංහල ජාතියට කෙනෙහිලි කම් කරමින් පරයන් හුරතල් කරන විට සිංහලයන් අතර අනරක්‍ෂිත බව හා කලකිරීම ඉහල යයි. එවිට ජනතව නීතිය අතට ගනී.

    මේ සිධියේදී මුස්ලිම් දේශපලක ඌරන් ගේ බලපෑම මත මිනීමරු මුස්ලිම් ත්‍රී වීල් කාරයන්ව දින ගණනවක් යනතුරු අල්ලා නොගැනීම හා එයට විරුද්ධව උද්ගෝශනය කල සිංහලයන් ව විනාඩි කිහිපයක් තුල අත් අදංගුවට ගැනීමට නියොග දීම මෙ විනාසයට හෙතුවයි.

    වත්මන් UNP + SLFP බූරුවන් විසින් සිංහල ජාතිය ට පාච්චල් කරමින් කරගෙන යන සංහිඳියා වේ ප්‍රතිඵලය තමයි මේ.

    ReplyDelete
  2. ඇත්ත මාතලන් හැබැයි මෙතන සිංහල මිනිස්සුන්ට ප්‍රතිපත්ති වශයෙන් ජීවත් වෙන්න කියලා දීල වැඩක් නැහැ. මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තු ගිය උන් නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ.

    හෙල්මට් නැතිව පාරේ මෝටර් බයිසිකල් පදින සිංහල උන්ට දඩ ගහනවා. හෙල්මට් නැතුව යන මුසල්මානුවන්ට ඒ නීතිය නැහැ. එංගලන්ත්තෙත් මේගොල්ල හෙල්මට් නැතුව යනවද?? මේක එක උදාහරණයක්.

    ඉඩම් නැති සිංහල උන් එමට ඉන්නවා, එත් විල්පත්තු කට්ටි කරලා එක ජන වර්ගයකට බෙදන්නේ රජයේ මොන ඉඩම් ප්‍රතිපත්තියෙන්ද? රජය ප්‍රතිපත්තියකට එන්න ඕනා හැමෝටම සාධරණේ ඉෂ්ට කරන්න.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද තිත්ත ඇත්ත... මම ඕවා කියලා ගොඩාක් කල් මචෝ...

      Delete
  3. මාතලන්,
    මම ලංකාවට එන්න හිතන් හිටියෙ.
    PR එක දාගෙන මෙහේම ඉන්න එක හොඳයි වගේ නේහ්

    ReplyDelete
    Replies
    1. මම මේ ආපු එක ගැන දුක් වෙනවා මචෝ

      Delete
    2. Pr ඵක බන්ගලාදේෂයෙද MATE

      Delete
  4. අයිසෙ මාතලන්,

    තමුන් මෙතන බයිල ගහන්නෙ නැතුව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු !

    මේකෙ මුලින්ම වුණේ මදාවි මුස්ලිම් සෙට් එකක් සෙට් වෙලා සිංහල කොලුවෙක්ව කපල කොටල මරල දාලු එක. ඇත්තටම තෙල්දෙණියේ පහරදී මරා දැමුණ සිංහල තරුණයා පෞද්ගලික සමගමක (ඩිලිවරි වාහනයක ) රැකියාව කරපු කෙනෙක්. ඔහුගේ ඩියුටිය අදාල සමාගමේ බඩු කඩවල්වලට දැමීම. ජිවත් වෙන්න වෙනත් අදායම් මාර්ග නැතිව දුප්පත්කම හේතුවෙන් ඔහු මේ රස්සාව තෝරාගෙන ඇත්තේ මාසෙකට රු.15,000 ක් වැනි සුළු වැටුපකට. ඔහුගේ මවත් පියාත් දෙදෙනාම ඉන්නේ අසනීපෙන් ගෙදර ඔත්පල වෙලා. ඔහුට සහෝදරයෙක් ඉන්නවා ඔහුත් යම් කායික හා මානසික අසනීප තත්වයෙන් පෙළෙන්නෙක්. මේ හැමෝම ගැන බලන්නේ අරවගේ කුලී රැකියාවකින් ලබන සොච්චම් වැටුපෙන්. ඒ හැරුණු විට ඔහු විවාහකයෙක්. මේ තමයි අපේ මහනුවර දිස්ත්‍රික්කයේ පිටිසරට වෙන්න ඉන්න බොහෝ සිංහල පවුල්වලට තියෙන ජිවන ඉරණම. දකුනේ ගල් කපටි සිංහලයොයි කොලබ පොශ් ඩයල්ස් වලයි ලයිෆ් එක මීට වෙනස් ඇති.

    මේ තරුණයා ප්‍රදේශයේ ජාති භේදයකින් තොරව මුස්ලිම් ජනතාවටත් උදව් උපකාර කරපු අහිංසක තරුණයෙක්. ඒ බව අපි නෙමෙයි කියන්නේ ඒ ප්‍රදේශයේ ඔහු ගැන දන්නා මුස්ලිම් පිරිස්මයි. ගම ඇතුළට ගමනාගමන පහසුකම් අඩු නිසා ඔහු වැඩ කරන වාහනේ සිංහල මුස්ලිම් භේදයකින් තොරව හැමෝම කැටුව ගිහින් බස්සවන බව මුස්ලිම් ජනතාවම සාක්ෂි කියනවා. ඔහු රැකියාව ගැන පමණක් නොව මනුෂ්‍යත්වය ගැනද සලකා බැලූ තරුණයෙක් බව මේ තුළින් පැහැදිලියි.

    නමුත් පසුගිය දවසක තෙල්දෙණිය සෙඩ් එකින් ඉන්ධන ගසා වාහනය හරවා ගැනීමට රිවස් කරනවිට පිටුපස තිබුණු ත්‍රිරෝද රථයේ කණ්ණාඩිය කැඩී තිබෙනවා. එහි සිට ඇත්තේ ගංජා ඇතුළු මත්ශ්‍රව්‍ය බී සිහිවිකල් කරගත් මදාවි මුස්ලිම් තරුණයන් හතර පස්දෙනෙක්ගෙ සෙට් එකක්. එම පළාතේ අන්ඩර්වර්ඩ් එක රන් කරන්නේ මුස්ලිම් මදාවි කල්ලියක්, මුනුත් උන් එක්ක ෆිට් මුස්ලිම් ප්‍රිරිසක්. සිංහල තරුණයා අතේ එවෙලේ තිබී ඇත්තේ රු. 1,000 ක් පමණයි. අරුන් කණ්ණාඩිය කඩපු එකට අඩු ගාණෙ 10,000 ක් වත් ඕනෙ කියල සද්දෙ දාල, බහින් බස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු එය ත්‍රිරෝද රථයේ සිටි මුස්ලිම් පිරිසට කියා ඇත්තේ දැනට මගේ අතේ තියෙන්නේ මෙච්චරයි යනුවෙන්. ඒත් අර පිරිස ඊට සංවේදී වී නැහැ. මග රැකලා ඔහුට අමානුෂික ලෙස පහර දීලා. හිසට බරපතල විදිහට හානි වෙලා. ඔහු පැය කීපයකින් ජීවිතය සමග පොරබදා පසුව වලකජ්ජ ගහල.

    හැබැයි පළාතේ මුස්ලිම් දේශපාලුවන් හකීම් බතියුදීන් දෙන්නගෙ හයිය අරන් අර මදාවි සෙට් එක ඇරෙස්ට් කරන්න නොදී පොලිසියට ඉන්ෆ්ලුවන්ස් කිරීම නිසා නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ සිදුවීම මුල්කරගෙන පළාතේ සිංහල ජාතීවාදී ගොන් හැත්ත උද්ඝෝෂණයක් කරා. නමුත් පොලිසිය අධිකරණ නියෝග තිබේ කියමින් ඔවුන් අත් අඩංගුවට අරගෙන ජාතිවාදය ඇවිස්සීමේ වරදට චෝදනා කිරීම. අන්තිමට පොලිසියෙන් බහුතර සිංහල මිනිසුන්ට සාධාරණයක් ඉටු නොවූ තැන මේක සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා. ප්‍රදේශය ගිනි ගන්නවා. විශාල දේපළ හානියක් සිදුවෙනවා. මාධ්‍ය තුළින් මේ සිදුවීම හරියාකාරව වාර්තා කරන්නේ නැහැ. නමුත් සිදුවී ඇති විනාශය ප්‍රවෘත්ති වලින් පෙන්වා දෙන තරමට වඩා අති විශාලයි. තත්ත්වය පාලනය කිරීමට ඇදිරි නීතියත් දැම්මේ ඒකයි. මීට පෙරත් ගම්පොළ ප්‍රදේශයේ කටින පෙරහැරකට අන්තවාදී මුස්ලිම් තරුණයන් පිරිසක් ගල්ගහලා සිදුවෙන්න ගිය මහ විනාශයක්ද විහාරස්ථානයේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් වලක්වා ගත්තා. ඇත්තටම මාතලන් අද බොහෝ නගර වල මුස්ලිම් චන්ඩි ගැන්සි ඇත .මොවුන් බොහෝවිට ත්‍රිවිල් නැවතුම්පොළක් ආශ්‍රිතව හෝ ඉස්තාන කිහිපයක එක දුරකථන ඇමතුමකින් එකතුවීමේ දුරින් ක්‍රියාත්මකවේ . යම් කිසි ඕනෑම අවස්ථාවක එකතුවන මොවුන් කිසිම බියක් නොමැතිව තම අනසක පතුරවා ක්‍රියාත්මක වේ .සිංහල හෝ ඕනෑම අයෙක් හට කිසිදු පැකිලීමකින් තොරව මරමස්ථාන (ඔලුවට වන් ෂොට් තියරි කියා මොවුන් මෙය හඳුන්වයි) වලට පහර දෙනුයේ නැවත ජිවත් වීමට නම් නොවේ . මා අසා ඇති පරිදි ගාල්ලේ දීද සිදු වූ යේ මෙයමයි)

    >>>>

    ReplyDelete
    Replies
    1. >>>>

      දැන් අපි බලමු මෙයින් අපට ගන්න පුලුවන් වාසිය.

      ඔබ විසින් ලිවිය යුත්තේ මෙසේයි, "මීට අවුරුදු ගණනකට සිට තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනිම සදහා රාජපක්ෂලා විසින් ජාතින් අතර ඇතිකරපු වයිරයේ ප්‍රතිඵලයි මේ."

      මේ වෙලාවේ මේ අවාසනාවන්ත සිදුවීම රාජපක්ෂලාගේ හොහොට්ටු කල්ලියේ ගිණුම් වලට බැර කරලා දේශපාලන වාසි ගන්න උත්සාහ කළ යුතුයි. පොහොට්ටුවේ ජයග්‍රහණයෙන් රට බේරා ඔවුන්ගේ නැග ඒම කඩාකප්පල්කාරීව විනාශ කර දමමු !

      මේ අර්ථය දෙන බ්ලොග් පෝස්ට් එකක් ලියා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩයම හොරු, අපරාධකාරයෝ සහ නූගතුන් පිරිසක්. උන්ව කර ගහගෙන යන්නේ උන් හා සමානම පිරිසක්. මරාවාදීන් (මරාට කඩේ යන ගමන් විරුද්ධ දේශපාලකයන්ට කුණුහර්පෙන් බණින හරිහමන් අධ්‍යාපනයක් නැති, ඒ නිසාම හොඳ රැකියාවක් නැති, අනුන්ට ඊර්ෂ‍යා කරන, තමන්ගෙ පහත් තත්වෙ නිසා හීනමානෙන් පෙලෙන අමනයින්) දැඩි ලෙස විවේචනය කොට කෙසේ හෝ බහුතර මුස්ලිම් දමිළ මෙන්ම ගැටුම් වලට අකමැති සිංහල ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ආකර්ෂණය කර දෙමු !

      Delete
    2. //"හැබැයි පළාතේ මුස්ලිම් දේශපාලුවන් හකීම් බතියුදීන් දෙන්නගෙ හයිය අරන් අර මදාවි සෙට් එක ඇරෙස්ට් කරන්න නොදී පොලිසියට ඉන්ෆ්ලුවන්ස් කිරීම නිසා නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ සිදුවීම මුල්කරගෙන පළාතේ සිංහල ජාතීවාදී ගොන් හැත්ත උද්ඝෝෂණයක් කරා. නමුත් පොලිසිය අධිකරණ නියෝග තිබේ කියමින් ඔවුන් අත් අඩංගුවට අරගෙන ජාතිවාදය ඇවිස්සීමේ වරදට චෝදනා කිරීම. අන්තිමට පොලිසියෙන් බහුතර සිංහල මිනිසුන්ට සාධාරණයක් ඉටු නොවූ තැන මේක සිංහල මුස්ලිම් ගැටුමක් දක්වා වර්ධනය වෙනවා"//

      මේ කතාව හරි , නීතිය හැමෝටම එකසමානව ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න ඔඩු දුවන්නේ නෑ.

      නීතිය ක්‍රියාත්මක වෙනකොට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා බලන්න ගිහිං තමා මේක වෙන්නේ .

      Delete
    3. ඒ කෑම එකේ පෙත්තක් (වඳ හරි, මත් හරි ආතල් හරි ) තිබ්බනං ඒක ඒ ආපන ශාලාවේ ආහාර වල ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් . හරියාකාරව ආහාර පිළියෙළ නොකරන බවට සාක්ෂි . මේකට යෝග්‍යතා සහතිකයක් දීලා ඇතිනේ PHI මහත්තයා , මෙය A ශ්‍රේණියේ හරි B ශ්‍රේණියේ හරි මොකක් හරි ආපන ශාලාවකි කියලා . ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන .


      ඒ කියන්නේ ඒක දීපු PHI ගෙත් වැඩ තහනං කරන්න ඕන . ...

      .මෙන්න නුතන කින් කැකිල්ලේ ඉවාන් පවුලූශා

      උඹට උපාධියක් ලබා තියනාවා නේද ඉවාන් පවුලූශා? කොහෙන්ද එක ගත්තේ පෙට්ටි කඩේකින් නේද

      මේ කතාව හරි , නීතිය හැමෝටම එකසමානව ක්‍රියාත්මක වෙනවා නම් මේ ප්‍රශ්න ඔඩු දුවන්නේ නෑ.

      එහින්දා දැන් පොලිසියේ එවුන් කුදලගෙන ගිහින් පල්ලෙකැලේ ප්රිසින් එක පුරවලා උන්ට දඬුවම් කරමු

      හා:)

      Delete
    4. මේ දෙපලම රටේ නායකයන් ලෙස ජනතාව පිලිගන්නේ නැත. ඔවුන්ගේ එකම නායකයා හා ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂම වී අවසානය. ජන වරම අහිමි නායකයෙක්, ජනතාව පමණක් නොව, රජයේ කිසිඳු නිළධාරියකුද පයිසෙකට මායිම් කරන්නේ නැතිය. මී මාතලන් කියන දෙපිට කසන්නා කියන සුරංගනා කතා කවර කතාද ?

      Delete
    5. එහෙනම් අපි ඒ විදියට කරමු

      Delete
  5. මෙහිදී අප විසින් මෙහි සියලු වැරැදි වලට වගකිව යුතු දූෂිත අසික්කිත රාජපක්ෂ නීලකාස කම්බා හොර රැලට එරෙහිව ක්‍රියා කළ යුතුයි. කෙසේ හෝ ලංකාවේ පෙර පැවති කාලකණ්ණි වනචර මිනීමරු මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, එම වල් පරයින්ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, "රණවිරු" කියාගන්නා කුණුහබ්බ ලේබලයෙන් හෝ කහකඩ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන මනපහතයින් මෙහි වගකීම භාරගත යුතුයි. ඒ ජඩ කාලකණ්ණින් අතරේ, සිංහලබුඩ්ඩාගම රකින්නන්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පාහරයින්ද සිටින බව පැහැදිලිව පෙනේ. මෙම අමනයින් සම්පූර්ණයෙන් විනාශ කොර හැකිනම් රාජපක්ෂ පවුලද සමගම සමූලඝාතනය කර දැමිය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. සිහිණ සතක් දුටුවෙමි මම
      සත් දවසක් එක විලසින්
      එක සිහිනෙක ඔබ දුටුවා
      හෙඟන්නෙකු ලෙසේ....

      Delete
  6. //නවීන ලෝකයට ගැලපෙන අජ්ජාපන ක්‍රමයක් තුලින් ස්වාධීන චින්තනයක් ඇති බුද්ධිමතුන් බිහි කිරීමෙන් පමණකි. අනෙකාගේ නිදහසට ගරු කරනා වචනයේ පරිසමාර්තයෙන් මිනිසකු යැයි කියා කිව හැකි ජනතාවක බිහි කිරීමෙන් පමණකි. //
    ලඟදී කියවපු හොඳම ලිවීමක්.
    ලංකාවෙ නැත්තෙම ස්වාධීන චින්තනය. ඇත්තෙම දේශපාලන,ජාති,ආගම් රැල්ලට යන රංචු.
    නැත්තෙම අනෙකාගේ නිදහසට ගරු කිරීම, ඇත්තෙම පල්ලි හා පන්සල්වලින් අනෙකාගේ කන් අඩි පැලෙන්න ලවුඩ් ස්පීකර් සද්දෙ දැමීම.
    එතනින් පරිණාමය වෙන්නේ ගිනි තැබීම හා මිනී මැරීම තමයි.

    ReplyDelete
    Replies
    1. මුසලුවන්ගෙන් සිංහලුන්ට අසාධාරණ උන හැම පාරම මුස්ලිම් චන්ද ටිකට පෙරේත කමේ සින්හල නායකයෝ සිංහලුන්ට කොකා පෙන්නලා මුසලුවන්ට කඩේ ගිය හින්දයි මේ තත්වය මේ තරම් දුර ගියේ. හරියට නිතිය ක්‍රියාත්මක නොවෙනකොට මිනිස්සු නිතිය අතට ගන්නවා.

      හැබැයි මිනිස්සු මරපු, මරපු උන්ට සහයෝගේ දීපු උන්ගේ කඩවල් ගෙවල් ගිනිතියනවා මිසක් කොහෙවත් ඉන්න අහිංසකයන්ගේ කඩවල් ගෙවල් ගිනිතියලා වැඩක් නෑ. ඒකෙන් වෙන්නේ පැත්තක ඉන්න උනුත් සිංහලුන්ට වෛර කරන එක. ඒක කෙලවර වෙන්නේ අන්තිමට යුද්දෙකින්. එතකොට ඒකෙනුත් සැප විදින්නේ යුද්දේ විකුණන් කන දේශපාලකයෝ

      Delete
    2. අපේ ජීවිත කාළය තුලදි නම් එය ඇති වෙන්නේ නෑ මචෝ..

      කොහොම හරි හදිසි නීතිය දාපු එක ළොකු දෙයක්... ජනතාව මොවුන් දෙදෙනාම නයකයින් ලෙස පිලිගන්නේ නෑ..

      Delete
  7. මාතේ දේශපාලන විශ්ලේශක බ්ලොග්කාරයින්ගෙන් කොපි කරලද මන්දා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගිය මැතිවරණයේ ලබා ගෙන ඇත්තේ 40.66% ප‍්‍රතිශතයක් බව ඇමති චම්පික රණවකත් කියනවා.

    ගිය ජනාධිපතිවරණයට හංසයා ලකුණින් එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇතැයිද ඔහු කියයි.

    මාධ්‍ය ආයතනවලින් වාර්තා කර ඇත්තේ අසත්‍ය ප‍්‍රතිඵලයක් යයිද ඔහු සදහන් කරයි. කෙසේ වෙතත් ඔහු පවසන සත්‍ය ප‍්‍රථිඵලය ගත් මූලාශ‍්‍රය සදහන් කර නැත. බොහෝවිට ඒ දේශපාලන විශ්ලේශක බ්ලොග් අඩවි විය යුතුයි.

    එමෙන්ම මැතිවරණ කොමිසම විසින් මේ වන තෙක් අවසන් නිල ඡන්ද ප‍්‍රතිඵලයක් නිකුත්කර නොමැත. ඉතිහාසයේ මුල් වතාවට තැපැල් ඡුන්ද ප‍්‍රතිඵල වෙනම නිකුත් නොකලේද මෙවර මැතිවරණයේදීය.

    ඇමතිවරයාගේ ෆේස්බුක් අඩවියේ සදහන් කර ඇති වාර්තාව මෙසේය.

    පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.
    මාධ්‍ය ආයතන ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදියි.

    පොහොට්ටුවේ සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)

    ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
    (මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)

    මේ වරද සිදුවූයේ කෙසේ ද?

    බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගැනීමෙනි.

    නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමග සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් වේ. මේ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ප‍්‍රතිශතය වෙනස් විය යුතුය.

    ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.

    මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දූෂිත කල්ලියට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.

    මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ සියළුම පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.

    මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය.

    පාඨලී චම්පික රණවක ඇමතිවරයාගේ ෆේස්බූක් අඩවියේ ඇසුරිනි.

    ReplyDelete
  8. සිංහල ජාතිවාදී පාදඩයින් විසින් තම ප්‍රචාරණය සදහා මෙම පුවත යොදා ගැනීමට ප්‍රධාන හේතුවක් වුයේ මීතොටමුල්ල, ගංවතුර ඇතුළුඅවතැන් වු ජනතාවට විශාල වශයෙන් උදව් කලේ මුස්ලිම් ජනතාව බව ඔවුන් දන්නා නිසාය. ඇත්තටම මෙම සිංහල ජාතිවාදී සෙට් එක අවතැන් වු ජනතාවට කළ කෙංගෙඩියක් නැත. ඒ මිනිස්සුන්ව මුස්ලිම්වරුන්ගෙන් ඈත් කරන්නට මෙම පච ප්‍රචාරණය යොදා ගති. මුස්ලිම් විරෝධය මවාපාන ෆෙස්බුකියේ සිංහල ජාතිවාදී කල්ලිය තවත් අළුත් ජාතකයක් ඉතා නුදුරේදීම සොයා ගනු ඇත.

    සිංහල කාන්තාවන් තම සිංහල පෙම්වතුන්/ සැමියන්ගේ ඉල්ලීම අනුව දිනකට ගබ්සා 600ත් 800ත් අතර ප්‍රමාණයක් කෙරෙන අපේ රටේ මෙම සිංහල ජාතිවාදීන්ට එය ප්‍රශ්නයක් නැත. මන්ද ඒ කරන්නේ ඔවුන්ගේ ජාතියේ වෛද්‍යවරුන් බැවිනි. කෙසේ වුවද දැන් දරුවන් අවශ්‍ය නැති අයට හොදම ලේසිම ක්‍රමයක් තිබේ. එනම් මුස්ලිම්වරුන්ගෙන් බ්‍රෙසියරයක් ඉල්ලාගෙන ඇද ගැනීමයි. නැත්නම් මුස්ලිම් කඩේකින් කොත්තු කෑමයි. මෙම පච ප්‍රචාරයට දායක වු සැමගෙන් මා ඉල්ලා සිටින්නේ ඔළුව අතගා බලන ලෙසයි. සමහර විට අං ඇවිත් තිබෙන්නට පුළුවන.

    තෙල්දෙනියේ පුද්ගලික ආරවුලක් සිංහල ජාතිවාදීන් විසින් අවුලුවා අහිංසක මුස්ලිම් වැසියන් ඝාතනය කර කඩ ගෙවල් වාහන සියල්ල විනාශ කර තිබේ. මෙම සිංහල ජාතිවාදී අමන රැලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු මය.

    - අහ්මද් නියාස් අහ්මද් නජීබ්

    ReplyDelete
  9. තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන් අලලා මාතලන් පල කළ අනාවැකිය සපල වීම ඇත්ත වසොයෙන්ම කියනවා නම් මාතලන්සාස්තර කියන්න ඉගෙනගත්තේ තම මාමණ්ඩිය ගෙනි ඔහු ප්‍රේමදාස පිච්චි මැරෙනවා කියා මාතලන් ට කියාදී තිබුණි . ඔහුගෙන් දෑවැද්දට ලැබුනේ මෙපමණකි මිහිඳු මාවතේ කඩ කාමරය ..... අපොයි මගේ සල්ලි විය

    ඔහේලට ගොඩා................................................................................................ක් කලින් මම 2020 ඝෝඨා කියලා කියන්නේ.මාතලන් ගේ ඉදිරි අනාවැකිය මෙයයි
    එමනිසා පක්ෂ විපක්ෂ සියල්ලම එකතු වී කළ යුත්තේ රනිල් එලවීම නොව දෝශාභියෝගයක් ගෙනවුත් මේ රූකඩ පාලකයා එලවා දමනා එකය. එසේ නොකළහොත් මාතල්න්ගේ අනාවැකිය වරදිනවාය කෙසේ හෝ මෙය කල යුතුය නැතිනම් සංසිදියාව ඇති කරන්න පුලුවන් කියා මොකෙක් හෝ සිතන්නේ නම්, එක්කෝ ඌ උන්මතකයෙක් විය යුතුය.

    හා ද කියන්න මාතලන්

    හා:)


    ReplyDelete
  10. Replies
    1. අඩෝ තඩියෝ ඔන්න උඹට කැමති විදිහට තම්බින්ට ගහනවා ඉක්මනට සතුට පලකරලා උඹේ බ්ලොග් එකේ ලිපියක් ලියහන් මර ලොල් කියලා අනුන්ගේ බ්ලොග් වල වැටවල් ගහලා වැඩක් නා

      Delete
  11. දැන් ලංකාවෙ ඕනැම ටවුමක් ගත්තොත්, ඒ ටවුම රන් කරන්නේ ත්‍රී වීල් සෙට් එකයි, පොළේ හරි මාකට් එකේ හරි ඉන්න සෙට් එකයි. මුන් ඔක්කොම වගේ හරි හමන් අධ්‍යාපනය ලබපු නැති, අමු රස්තියාදුකාර, මැර මානසිකත්වයක් තියෙන උන්. රෑ 9, 10 වෙද්දී ඉන්නේ බී ගෙන. නැත්තම් මොනවා හරි ජරාවක් උරලා. මුන් දන්න එකම දේ ප්‍රශ්ණයක් උනාම කුණු හරුපෙන් කෑ ගහ ගන්නයි, ගහ ගන්නයි, මරා ගන්නයි විතරයි. දුක කියන්නේ නගර සභාවට, ප්‍රාදේශීය සභාවට තේරිලා එන්නෙත් මේ සෙට් එකෙන්ම උඩට ගිය උන් තමා. රටේ අනාගතය ගැන නම් කතා කරලා වැඩක් නෑ. පුළුවන් විදියට, රටින් යන්න ප්ලෑන් කරන එක තමා නුවණට හුරුම දේ.

    ReplyDelete
  12. ඇනෝලා හැර වෙනත් උන් මෙහිසිටීද?

    ReplyDelete
    Replies
    1. වෙනත් උන් රට වටේ ඉත්තෑවෝ හොයනවා පුකේ ඇරගන්න ඇයි අවුල්ද ?

      Delete
  13. නීතිය හා සාමය ෆොන්සේකාට දෙනු !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නීතිය හා සාමය ෆොන්සේකාට දුන්නොත් මාතලන් මොනවා කියයිද

      රාජපක්ෂ රෙජීමයේ අවසානය කියලා කියයිද පොහොට්ටුවේ බලාපොරොත්තුව සුන් කියලා කියයිද නැතිනම් රොකට් රෝහිනී හොයාගෙන මාතලන් යයිද ?,සුමාන දෙකයිනේ බලාගෙන ඉමු
      මාතලන් අනාවැකිය ක් කියන්න හා

      Delete
  14. This is even better;

    https://www.youtube.com/watch?v=fahXMxCPPlA

    ReplyDelete
  15. සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. අවාසනාවට මා සිංහලයකු ලෙස උපන් බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ පරම අයිතිය ඇත්තේ ය. ඔස්ට්‍රේලියාවට ඒමට පෙර මා වරක් ලංකාවේදී අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. තුන්වන ලෝකයේ අතිශය දිළිඳු හිඟන රටක් වූ ලංකාවේ දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි.

    පළමුවැන්න, නම් ලාංකිකයින්ගේ දැඩි අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට ඉතා ඉහල මට්ටමට සංවර්ධිත නමුත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී මිනිසුන් ඇතැයි ලංකාවේ ළිං මැඩියන් ගරහන ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතරම ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. ඒ සැම විටකදී ම, වයසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා වහා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා විශිෂ්ට 2500 ලබ්බේ සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ගොබ්බ ලාංකික අපතයින්ට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත.

    දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඕයි, ඇයි මොක ද?” යනුවෙන් ය. අපගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය ‍තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානවදයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි.

    කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈඟේ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.

    ඉතින් මෙවැනි තුන්වැනි ලෝකයේ කාලකණ්ණි හිඟන රටක් අතහැර ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් මා හට දැන් දෙව්ලොව ආවාක් මෙන් දැනෙයි. ඔබත් ඔස්ට්‍රේලියාව බැරිම නම් අඩුගානේ එංගලන්තය වගේ රටකටවත් සංක්‍රමණය වන්නට කටයුතු කරන්න.

    ReplyDelete
    Replies
    1. "ඉතින් මෙවැනි තුන්වැනි ලෝකයේ කාලකණ්ණි හිඟන රටක් අතහැර ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් මා හට දැන් දෙව්ලොව ආවාක් මෙන් දැනෙයි. ඔබත් ඔස්ට්‍රේලියාව බැරිම නම් අඩුගානේ එංගලන්තය වගේ රටකටවත් සංක්‍රමණය වන්නට කටයුතු කරන්න."

      "ප" යන්න "ක" යන්න පව් බබා ඔයාට.
      ඔස්ට්‍රේලියාවෙ පට් ටයිම් කරන ගමන් ලයිබ්‍රියකට ගිහිල්ලා 1500 -2000 Current Era (CE) ඉතිහාසය හදාරන්න.

      Delete
    2. මෙ වැද්දන්ට වඩා පර සුද්දෝ කොහොමත් හොඳයි

      Delete
  16. //පක්ෂ විපක්ෂ සියල්ලම එකතු වී කළ යුත්තේ රනිල් එලවීම නොව දෝශාභියෝගයක් ගෙනවුත් මේ රූකඩ පාලකයා එලවා දමනා එකය.// මාතලන් කියනා මේ තිත්ත ඇත්ත තේරුම් ගන්නට දියවන්නාවේ ඉන්නා ලිං මැඩියන්ට හෝ රට පුරා ඉන්නා රාජපක්ෂවාදීන් කිසිවෙකුට මොළයක් නොමැත. රටට දැන් තිබෙන ප්‍රශ්ණය පොළොන්නරුවෙන් ආ ගමරාළ විනා අපට සිටින එකම දේශපාලනඥයා සහ බුද්ධිමත් රාජ්‍ය පාලකයා ලෙස සැලැකිය හැකි රනිල් වික්‍රමසිංහ නොවේ. රනිල් එලවා ගත් විට නැවතත් රේස්කාර්/රොකට්/නිල්බලුකා සංගමයට සිත්සේ රට සුරා කන්නට පුලුවන් වෙනවා ඇත. රනිල් එලවා ගෙන මගුල් කන්නට හබන් කුකුළන් බලා සිටින්නේ ඒ නිසාය. ඊළඟ අභාග්‍යය නම් රටේ ඇතිවන සියලුම අර්බුධවලට පිටුපසින් තිබෙන අදිසි හස්තය හිමි, පරාජයෙන් පසුව වුවත් බලය දමා යන්නට අකමැති මළ පෙරේතයා කවුදැයි දකින්නට ජනතාව අපොහොසත් වීමය.

    ReplyDelete
    Replies
    1. රනිල්ට නිසි ලෙස රට පාලනය කරන්නට මල් තොටිල්ලක්ද දෙන්න කියන්නේ? අභියෝග ජයගෙන ඉදිරියට යාම නායකත්වයි. අදිසි හස්ත තිබෙනවා යයි කියා නහයෙන් ඇඬුවාට නායකයෙක් වෙන්නේ නැත. ප්‍රේමදාසගෙන් ඉගෙන ගන්න කියන්න

      Delete
    2. Asanga Manapitiya රනිල් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති නොවන බව ඔබ දැන නොසිටීම පුදුමයට කරුණකි. විධායක ජනාධිපති තනතුරේ සිටින්නේ මඩේ සිටවූ ඉන්නක් වැනි පඹයෙකි.

      Delete
    3. වැඩ පුලුවන් කෙනා, වැඩ පෙන්නනට සියළු බලතල ලැබෙනකම් කට බලියාන සිටින්නේ නැත. රනිල් රටේ අගමැතිය. බලවත්ම අමාත්‍යාංශ ඇත්තේ ඔහු සතුවය. ඔහු යටතේ ඇති අමාත්‍යාංශවලින් මෙතෙක් ඔහු කර ඇත්තේ මොනවාද ?
      නීතිය හා සාමය භාර අමාත්‍යවරයා හැටියට ඔහුගේ වගකීම මේ මොහොතේ ඔහු හරි හැටි කරනවාද ?
      ලලිත්ලා, ගාමිණීල, ප්‍රේමදාසලා වැඩ පෙන්නුවේ විධායක ජනාධිපතිවරුන් වෙලාද ?.

      Delete
    4. මහින්ද වලේ දමන්නට ඔහුගේ ලේකම්ව තමුන්ගෙ පැත්තට ගෙන ජනපති කල පසු ඌ රනිලාට ලෙසටම අරී...

      අනුන් හෙලන්නට වලක් කපන්නා
      ඒ තුල වැටිලා මිය යන්නා...
      කළ දේ පල දේ එලසේ....
      රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ
      මිනිස් ගුනේ සැමදා බැබලේ

      Delete
    5. තිස්ස, අපි කොතරම බලාපොරොත්තු තබා ගෙන උන්නත් රනිල්ට බෑ කියලා ඔප්පු කරලා අවසානයි.. ඔහු නිර්භීත් නායකයෙක් නෙමෙයි...

      Delete
    6. හිතවත් අසංග මාන්පිටිය,

      මෛත්‍රීපාල සිරිසේන කියන්නේ රනිල්ගේ අතේ නැටවෙන නූල් රූකඩයක්. ඔහු නමට "විධායක ජනපති" ලේබල් ගහගෙන හිටියත් සැබෑවට රට පාලනය වෙන්නෙ රනිල් හා ඔහුගේ රාජකීය ගජමිතුරු චෞර කල්ලිය විසින්. ඉතින් රට කරවන රනිල් ප්‍රමුඛ අති අසාර්ථක ගොබ්බ ආණ්ඩුවට ජනතාව අතිබහුතරය දැඩි ලෙස විරෝධය පානවා. රනිල් දන්නව තමුන්ගේ අසාර්ථක අවනීතික පාලනයට අති බහුතර ජනතාව විරුද්ධ බව. ඉතින් තමන්ට විරුද්ධ ජනමත්ය සැබෑ විපක්ෂයට ලැබීමට නොදී ඔහු විසින් හදාගත් රූකඩ මෛත්‍රී වයින් කර ඔහු ලවා ඔහුටම බැනගන්නේ අවසානයයේ එම ඡන්ද ටික තුලින් ලැබෙන බලයත් තමන්ටම ලැබෙන බව දන්නා නිසයි. කොහොම වුණත් රනිල් විසින් මෝඩ ජනපති රවටා අත්සන් කරවාගේන ගන්නා විධායක තීන්දු තීරණ වල පලවිපාක පත්තරෙන් දැන්ගන්නා විසුළු ජනපති කෝලම රනිල්ගේ හොරකම් අල්ලන බව කියනකොට දැනුම් තේරුම් ඇති බුද්ධිමත් මිනිසුන් හිනාවෙන්නේ දෙකොණින් ! ගොබ්බ කැපුවත් කොළ යූඑන්පී වහල් මැටිමෝල් මීහරක් රැල රනිල්ගේ වැල්බයිලාවලට රැවටී අහිංසක මෛත්‍රී කියන මුවහමට තඩිබා රනිල් රකින්නට දරන වෙහෙසක්, රනිල් කපටි ලෙස හිනාවෙවී මුන්ගේ අමු ගොන්කම් වලින් ආතල් ගන්නවා ඇති.

      නමුත් අසංග දැනට රටේ සැබෑ විධායක නායකයා වන රනිල් වික්‍රමසිංහ මේ රටේ දෙවරක්ම ඉතා බලගතු ලෙස අගමැති ධූරයට පත් 2001 දී සහ 2015 දී ඔහු භාවිතාවෙන් පෙන්වූයේ ඔහු ධනවාදියකු බව හෝ ලිබරල්වාදියෙකු බවද?

      ඔහු සමාජවාදියකු නොවේ. ඇතැමුන්ට අනුව ඔහු ලිබරල්වාදියෙකි. තවෙකෙකුට අනුව ඔහු ධනවාදියෙකි.

      ධනවාදියෙකු නම් උත්සාහ කළ යුත්තේ මෙරට තුළ ධනවතුන් බිහි කිරීමටය. ඔවුන් උපයන අතිරික්ත ප්‍රාග්ධනය භාවිතා කොට ලෝකයේ අනෙක් රටවල සම්පත් සහ ශ්‍රමය වෙත යොමු වීමටය.

      2001 රීගේනින් ශ්‍රී ලංකා (Regaining Sri Lanka) වැඩසටහන ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමෙන් ගම්‍ය වන්නේ ඔහු ධනවාදියෙකු හෝ ලිබරල්වාදියෙකු හෝ වන බව නොවේ.

      ඇමරිකා,චීන ඇතුළු ධනවාදී රටවල බහු ජාතික සමාගම් වලට ලංකාව කොල්ල කන්න උදවු කරන්නට සූදානම් වූ ඔවුනගේ චක්ගෝලයකු බව පමණි ඒ මඟින් පෙනෙන්නේ.

      2001දී ඔහු ගැන කීමට තිබූ එකම හොඳ සෘණ ආර්ථිකයක් ධන කළ බවය. නමුත් ඇත්ත වශයෙන්ම ලංකාව වැනි රටක සෘණ ආර්ථිකයක් ධන කිරීම, ධන ආර්ථිකයක් යළි ධන කරනවාට වඩා පහසුය. එය නිතැතින්ම වාගේ සිදුවන්නකි. මහා දුර්භීක්ෂයක් නොතිබීම ඒ සඳහා හොඳටම ප්‍රමාණවත් වේ. (සෘණ ආර්ථිකයක් ලෙස එදා දේශපාලකයන් විසින් හැඳින්වූයේ ආථික වර්ධන වේගය සෘණ අගයක් ගැනීමය.), වසර 2000 දී දැඩි ත්‍රස්ත ප්‍රහාර නිසා කටුනායක ඇතුලු මර්මස්ථාන විනාශ වීමත් ජාත්‍යන්තර රක්ෂණ අධිභාර නිසාත් කඩාවැටුණු ආර්ථිකය 2001 දී සටන් විරාම ගිවිසුම සමග යළි පණ ගැසීම පමණයි සිදුවුණේ? නැත්ද?

      එකල ඔහු ජනතාවට කීවේ පටි තද කර ගන්න කියාය. මෙවරද එම වචනයෙන් නොකීවද සමස්ථ 2018 අයවැයේ මුඛ්‍ය අර්ථය පටි තද කර ගනු යන්නයි.

      මහින්ද සමයේ තත්වය මීට හාත්පසින්ම වෙනස් විය. මහින්දගේ පණිවුඩ වූයේ ඒක පුද්ගල ආදායම වැඩි කිරීම, දිළිඳු රටක සිට මැදි ආදායම් රටක් බවට පරිවර්තනය කිරීම, සාමයේ ප්‍රතිලාභ, සහ ආසියාවේ ආශ්චර්යය වැනි ඒවායි.

      අප මහින්ද හා මතවාදීව එකඟ නොවන්නෙමු. ඒ පිළිබඳ වෙනම දීර්ඝ ලෙස කතා කළ යුතුය. නමුත් මහින්දට පැහැඳිලි දිශානතියක් විය. ඒ දිශානතියට රට ගමන් කළේය. එහි අඩුපාඩු කොතෙකුත් තිබුණද මහින්දට ගමනක් තිබුනි.

      නමුත් රනිල්ට කුමන හෝ දිශාවකට රට ගෙනයන ආර්ථික ගමනක් නැති බව පැහැඳිලිය. අතරමංවූ සිරිසේන පාර අසා ඇත්තේ මංමුලාවූ සමනලියකගෙනි. සිරිසේන ගැන නම් මට තේරුම් ගොස් ඇත්තේ කිසිදු තේරුමක් නැති අයකු ලෙසය. ඔහු උත්සාහ කරන්නේ "පරිසරයට" මුවා වී තම නොතේරුම් කම සඟවා තබා ගැනීමටය. නමුත් පරිසරයට ඔහුව සැඟවිය නොහැකි පරිසරයක් ළඟ එන මැතිවරණ සමඟ උදාවනු ඇත.

      රනිල් වික්‍රමසිංහ ධනවාදියෙකිය යන හැඟීම යමෙකු තුළ ඇති විය හැකිය. එය සදොස් නිගමනයක් වුව එවැන්නකට කිසියම් නෑකමක් රනිල්ගේ මතවාදයේ ඇත. තේරුම් ගැනීමට අපහසු මේ මිනිසා තේරුම් ගැනීමට සිත යොමු කිරීම උචිත සහ කාලීන වැදගත්කමකින් යුතු ක්‍රියාවක් වන්නේ අපගේ මවුබිමේ ඉරණම ඒ හා ගැට ගසා තබන්නට සිදු වී ඇති බැවිනි. කොහොම නමුත් රනිල් සාගල රත්නායක නමට දාල තමන් ම පාලනය කරපු 'නීතිය හා සාමය අමාත්‍යාංශය' 2018 නිල වශයෙන් තමන්ගේ අතට ගත්ත ගමන් පක්ෂයේ මිනිසුන් රනිල්ට එරෙහිව සිරුරට ගිනි තබා ගෙන මිය යද්දී පවා රනිල්ට ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී පක්ෂ නායකත්වය අල්ලා සිටින්නට හයියක් ලැබගන්නේ විදෙස් රටවලින් ලැබෙන අනුග්‍රහය ගැන විශ්වාසය තබන නිසා විය නොහැකිද?

      මහින්ද පරදවන්නට තමා ඇමරිකාවට ගොස් ටියුෂන් ගත් බව ඔහු කිසිදු පැකිළීමකින් තොරව පැවසුවේ කිනම් හෝ මොහොතක බටහිර බලවතුන් විසින් තමා බලයට ගෙන එන බව ඔහු විශ්වාස කළ නිසා නොවේද? මේ ගැන ඔබ දරණ මතය කුමක්ද?

      Delete
    7. ඔබත් සමග එකඟයි. රනිල් මොන වාදියෙකු උනත්, ක්‍රියාවෙන් නම් ඔහු පෙන්වා ඇත්තේ බැරිවාදය පමණි (පක්ෂයේ නායකත්වය රැක ගැනීමේදී හැර ). රනිල් විවිධ විෂයන්හි ප්‍රමාණික දැනුමක් ඇත්තෙකු බවට සැකයක් නැත. නමුත් ඔහු තෝරාගෙන ඇත්තේ වැරදි රැකියාවකි. ඔහුත් මෛත්‍රී (වික්‍රමසිංහ ) මෙන් විශ්වවිද්‍යාලයක උගන්වන්නට ගියේ නම් මීට වඩා රටට බොහෝ ඵලදායක වන්නට තිබිණි.

      Delete
    8. එහෙනම් ඒ විස්ස විජ්ජාලවලටත් අබ සරණයි..

      පේන්නේ නැද්ද. මහලොකු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා... සමාජ මාජ්ජ ඔක්කෝම බ්ලොක්

      අම්පාරේ වඳ පෙති කේස් එක ඇද්ද හුත්තිගේ කොල්ලගෙ පුකට වෙඩි තියලා මරලා දාන්නේ නැතිව
      ජාතිවාදේ පතුරන විමල් වීරවංශ , මධු මාධව, නානසාර හිරේ දාන්නේ නැතිව මුලු රටේම උන්ට වෙඩි තියලා දාපු මරි මෝඩ පාලකයෙක්..

      Delete
  17. පවතින දේශපාලන අස්ථාවරත්වය, මොකක් හෝ වාදයක් කරපින්නා ගත් හැම අන්තවාදියාටම, සරිලන ක්‍රීඩා පිටියක් තනා දී තිබේ. සිරිසේන ජනාධිපතිවරයාට තව දුරටත් රට පාලනය කිරීමේ හැකියාවක් නැතිබව පැහැදිලිය. එක්කෝ ආණ්ඩුව පෙරලී නව ශක්තිමත් ආණ්ඩුවක් බිහිවිය යුතුය. (එවැන්නකට ඇති ඉඩ කඩ සීමිතය )
    නැත්නම් සියල්ලෝම තම තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර මදකට පසෙක තබා ඊලඟ මැතිවරණය තෙක් පවතින රජය ගෙනයාමට සහාය දිය යුතුය.
    මොන අරමුණකින් කලත්, අගමැතිට විරුද්ධ විශ්වසභංගය කල් දැමීමට ගත් තීරණය කාලෝචිතය.

    ReplyDelete
    Replies
    1. @Asanga Manapitiya

      සහතික ඇත්ත !

      +++++++++++++++++++++

      Delete
    2. ඇත්ත කතාව නම් නව වියවස්තාව යටතේ විශ්වාසභංගයක් ගේන්න බෑ..

      Delete
    3. විශ්වාසභංගයක් ගේන්න බැරි ව්‍යවස්ථාවක් මොන වාදීද ?

      Delete
    4. //විශ්වාසභංගයක් ගේන්න බැරි ව්‍යවස්ථාවක් මොන වාදීද ?//

      ඒකාධිපතිවාදී වේ.

      රනිල් මහත්මයා කියන්නේ ලංකාවේ නොම්මර එකේ ඒකාධිපතියා කියල නේද සැලකෙන්නෙ? ඔහු එජාප පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර මැරෙනතුරු නොනැසෙන එජාප රජු කියල තමයි පාක්ෂිකයො කියන්නෙ. ඉතින් ඔහුගේ අදහසේ හැටියට අගමැති ධූරය මළාට වෙනස් නොවන විදිහට හදන්න ඇති. එතකොට එතුමාව කොහොම වෙනස් කරන්නද?

      Delete
  18. අන්පිටියේ සුමන සහ මාතලන් අතර ඇතිවූ ෆෝන් කෝල් සංවාදය විකිලික්ස් මගින් ළඟදීම .....

    ReplyDelete
  19. රටේ සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය වැටෙනකොට කොළඹ කෙසෙල්වත්තෙනුත් මිනිස් හිසක් හමුවෙයි

    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධිය හේතුවෙන් රට පුරාම පවතින්නේ ආන්දෝලනාත්මක තත්වයක්.

    ඉතින් අද උදෑසන කොළඹ, කෙසෙල්වත්ත-බණ්ඩාරනායක මාවතේ බෑගයක දමා තිබිය දී පිරිමි පුද්ගලයෙකුගේ මිනිස් හිසක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා තිබෙනවා.

    පෙනෙන නොපෙනෙන දුරක

    කෙසේවෙතත් මෙලෙස මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මේවනතෙක් තහවුරු වී නැහැ.

    ReplyDelete
    Replies
    1. බයවෙලා කොරවෙලා කණුවේ
      වැඩක් නැ ඔය ජිවිතේ
      කොපමන ලීවත් බ්ලොග් ලොවේ
      4 රියනයි බොරැල්ලේ

      Delete
  20. සංහිදියාව (Compatibility) බලෙන් , නීති වලින් , එක රැයෙන් , දවසෙන් ඇතිකරන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඒක මිනිස්සුන්ගේ ඇතුළතින්ම එන්න ඕනේ . සමාජ ක්‍රමය වෙනස් නොකර ඔය කියන සංහිදියාව ගැන කතා කරන එක මටනම් පැටලවිලි සහිතයි .

    සංහිදියාව ගැන කතා කරන මග තොටේ මිනිස්සු හම්බවෙන්නේ නැති දේශපාලකයා හිතන් ඉන්නේ ,හැම ආගමකම මිනිස්සු අනිත් ආගමේ මිනිසුත් එක්ක කතා නොකර ,ගනුදෙනු නොකර ඉන්නවා කියල .

    රටේ මිනිසුන්ට සංහිදියාව ඇතිකරන්න ඉස්සර ඔය දේශපාලකයෝ හැමෝම දේශපාලනික සංහිදියාව (political Compatibility) ඇතිකරගත්තනම් හරිනේ . මිනිස්සු ඉල්ලනේ ඔන්න ඕකයි .

    http://magelokaya01.blogspot.com/2017/06/compatibility.html

    ReplyDelete
  21. මොකෝ බන්ස් මේ ෆේස්බුක් ස්ලෝ වෙලා...?

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාල වේගය අඩුවීම ගැන විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් කළ විමසීමක දී ඔවුන් කියා සිටියේ මහනුවර ප්‍රදේශයට අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

      එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ මහනුවර ප්‍රදේශයේ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාදක කරගෙන සමාජජාල මඟින් සහ වෙබ් අඩවි තුළින් බොරු ප්‍රචාර පතුරුවන පුද්ගලයින් හඳුනාගැනීමට මෙය සිදු කළ බවයි.

      ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පවසයි.

      කෙසේ හෝ අද දිනය ඇතුළත මෙය සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවද විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව වාඩි දුරටත් කියා සිටියේය.

      මේ අතර ඩයලොග් සමාගමක්ද සිය ට්විටර් පණිවිඩයක් මඟින් පවසා තිබුණේ මහනුවර දිස්ත්‍රික්කය තුළ අන්තර්ජාලයට පිවිසීමේ වේගය සීමා කර ඇති බවයි.

      කෙසේ වෙතත් මේ වන විට මහනුවර, පරිපාලන දිස්ත්‍රික්කය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවතත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

      නැවත දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය .

      Delete
    2. ෆේස්බුක් යන්නම බෑ දැන්

      රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය

      Delete
    3. රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය

      Delete
    4. හැම තැනම ස්ලෝ

      Delete
    5. ෆේස්බුක් විතරක් නෙවෙයි වට්ස් ඇප් වයිබර් ඔක්කොම ස්ලෝ, ළඟදීම බ්ලොගර්/ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වලටත් අබ සරන වෙන හැඩයි. මේ රෙද්දේ ගොන් ජාතිවාදී මෝඩ රැල රට ගිණි තියපු එකෙන් අසරණ අපි කට්ට කන්න ඕක. ශික්

      Delete
  22. ෆේස්බුක් යන්නම බෑ දැන්

    රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදය

    ඈයි මාතලන් ජතිවාදෙන්

    උබ රට ගිනිතියන්නද ?

    ReplyDelete
  23. මුළු ලෝකෙම ඉස්සරහට ගමන් කරද්දී අපි ශ්‍රී ලංකික ජාතිය විදියට ආපස්සට ගමන් කරනවා ගෝත්‍රවාදී සටන් හරහා..

    ReplyDelete
    Replies
    1. හා දෑන්නෙ ආවේ බ්ලොග් ලොවේ පිට කහාගන්නා සෙට් එක කෝ අනික් එවුන් උන් රට වටේ ඉත්තෑවෝ හොයනවා ද ඉත්තෑවෝ පුකේ ඇරගන්න ගොඩකව පොන්නත් මග එනවද ?

      Delete
    2. හදවතින්ම සිරි ලාංකිකයි ඩෝ... ටෞකන්ඩ දාලා

      Delete
  24. බිම්බරක් සෙනඟ ගැවසුන. චන්ද්‍ර සූර්යයා බැබලුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කොයි.

    යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත්මුහුදු මතින් ගුවනින් තම්බි වටකලේ මනරම් මාලිගාව මයි.

    -ජගත් පතිරන

    ReplyDelete
  25. ඇද්ද ඇද්ද තොපිලට.... දැං ඉතිං පළයල්ලකො බුකියට හූ...

    ReplyDelete
  26. fb යන්න බැරි හිංදා
    උබලව නොදැකත් බැරි හිංදා
    බ්ලොග් එක පැත්තෙ අාවා ...
    හිටං

    ReplyDelete
  27. දිගනේ ජීවත් වෙන්නෙක් මි. පසුගිය දින දෙකෙහි සමාජ ජාල වලට‍ අමතරව දුරකථන පණිවිඩ, එස් එම් එස් මගින් ඉතා විශාල වශයෙන් බොරු ප්‍රචාර සිදු විය.

    කට කතා - නිවෙන්නට ආසන්න ගින්දරට සුළං පිම්බා. පැතිරෙන කතා වලින් 90% විතර අමු කෙප්ප. අතින් එකතු කරපු හිතලු.

    උදා- අපගේ ගමේ පන්සලට ප්‍රහාරයක් එල්ල වන බවට පුවතක් පැතිරිලා. අවට ගම් දෙකක පිරිස් ප්‍රති ප්‍රහාර වල එන්න සැරසිලා. ගමේ අයට දුරකථන ඇමතුම් කිහපයක් පවා දීලා .... ඇත්තටම එවැනි ප්‍රහාරයකට අවස්ථා අවමයි.(පන්සල අසල ආරක්ෂක හමුදාව රදවලා තිබුන...පල්ලි අසලත් එහෙමයි)


    06.05.2018 රාත්‍රී මැණික්හින්න සිද්දිය.
    මැණික්හින්න ප්‍රදේශයේ සිංහල බහූතරයක් සිටින ප්‍රදේශයක්. ඇදිරිනීතිය පනවා තිබියදීත් ගොබ්බ රැලක් එහි ආසන්න පල්ලියකට පහර දෙන්න ගිහින් . අසල රඳවා සිටි ආරක්ෂකයෝ ඔවුන් පලවා හැරීමට උත්සහා කරලා. පිරිස ඒ නොතකා ගිහින් . පොලිසිය අහසට වෙඩි තියලා.තව දුරටත් ඒ නොතැකූ තැන වෙඩි තැබූ බවත් දෙදෙනෙක් තුවාල වූ බවත් ආරන්ච්යි. (එහෙවු තත්වයක් නොතකා වීරයන් වීමට යාම ගොබ්බ කමක් නෙමෙයිනම් අහවල් එකක් ද? )

    07.03.2018
    අඹතැන්න සිද්ධිය.
    අඹතැන්න , සෑහෙන මුස්ලිම් පිරිසක් වෙසෙන අකුරණ ප්‍රදේශයට ආසන්න නගරයක්. පන්සලකට පහර දුන්නා කියන ආරන්චියකට අකුරණ දෙසට ගිය පිරිසක් අඹතැන්නේ පල්ලියකට පහර දෙන්න හදලා. පල්ලියේ සිටි පිරිසක් ප්‍රති ප්‍රහාර දීලා. පහර දෙන්න ගිය පිරිස 4 ක් හෝ 3 ක් මැරිලා. (මුස්ලිම් වැඩි ජනගහනයක් ඉන්න පළාතකට චන්ඩි කම් දාන්න යන්නේ මොන තරම් මී ගොන් කමක්ද ? මැරිලා ඉන්නේ කසාද බැදලා ළමයි පැටවූ එහෙම ඉන්න අය නම් තවත් සනීපයි... ( මළගෙදර නම් බැනර් දායි. අපි ඔබට ණය ගැතියි...ඔබ මියගියේ නැත... එහෙම කියලා. තුමාසේ දානෙන් පස්සේ ළමයි ටික හදා ගන්න විදිහක් නැති තැන භාර්යාවෝ ටිකට අන්තිමේ අරාබි රටකම තමා යන්න වෙන්නේ , කබුරන්න ) උන් ටික උසිගන්නපු වයිශ්‍යා පුත්‍රයෝ අර ගෑනුගේ ළමයිගේ වගකීම බාරගනීද?

    සමාජ ජාල තහනම.
    බොහෝ කෙප්ප පැතිරුනේ ෆේස්බුක් , මැසෙන්ජර් වගේ මාධ්‍ය හරහා. බොරු වැපිරුවා. අනුමානෙන් හිතන එව්වා සිදුඋනා සේ පල උනා. (අද උදේ හෝ ඊයේ රාත්‍රී සිට ෆේස්බුක් වැඩ නෑ . එහෙවු එකේ දවල් 3 ට විතර කෝල් කරපු රත්නපුරේ හිතවතෙක් අහනවා කටුගස්තොට හාමුදුරු කෙනෙක් මරලා පින්තූර ෆේස්බුක් තියනවා එයා දන්නා කෙනෙක් දැක්ක බව කිව්වලු , ඇත්තද කියලා.... )

    ඒ නිසා ( ප්‍රජාතන්ත්‍රවාදය මොක උනත් ) මේ වගේ අමු ගොන් මුස්ලිම් හා සිංහල ගොබ්බ චාටර් පජාත ගෝත්‍රික රැලකට ෆේස්බුක් , ට්වීටර් , වට්ස් අප් බ්ලොක් කරපු එක මේ වගේ වෙලාවක හොද තීරණයක්.

    ගිනි ඇවිලීම.
    කොහොමත් තෙල්දෙණියේ පොලිසිය ගැන ප්‍රදේශයේ බහුතර පිරිසක් අතර එතරම් ප්‍රසාදයක් නෑ. පල්ලි නිමවී හෙල්මට් රහිතව මෝටර් බයිසිකල් වල යන අයට නීතිය ක්‍රියාතමක නොවීම. දිගන මස් කඩයට රිංගන සමහර පොලිස් නිලධාරීන් මාර්ග නීති උල්ලගනය කරමින් පාර අවහිර වනසේ ඒ අහල පහළ නවතා තිබෙන ත්‍රිරෝද රථ බයිසිකල් මෝටර් රථ නොදුටු සේ ආපසු යාම...ආදිය නිසා බහුතර සිංහල පිරිසකට හිත් බිදීමක්‌ තිබුනා. ආසන්නම සිද්දිය වන ලොරි රියදුරුට පහර දුන් තරුණයන් අත් අඩංගුවට ගැනීමේ දී පොලිසිය දක්වපු ඇල්මැරුණු බව - පල්ලි කඩ සාප්පු ගිනිබත් කරන්න අවුලපු මේ ගින්නට ඉන්දන සැපයුවා. (මට හිතෙන හැටියට )

    ReplyDelete
    Replies
    1. ///අඹතැන්න සිද්ධිය. - අඹතැන්න , සෑහෙන මුස්ලිම් පිරිසක් වෙසෙන අකුරණ ප්‍රදේශයට ආසන්න නගරයක්. පන්සලකට පහර දුන්නා කියන ආරන්චියකට අකුරණ දෙසට ගිය පිරිසක් අඹතැන්නේ පල්ලියකට පහර දෙන්න හදලා. පල්ලියේ සිටි පිරිසක් ප්‍රති ප්‍රහාර දීලා. පහර දෙන්න ගිය පිරිස 4 ක් හෝ 3 ක් මැරිලා.///

      ඔතන කේස් එක වුණේ මේකයි, මහනුවර, දිගන, තෙල්දෙණිය ප්‍රදේශවල දින කිහිපයක්‌ තිස්‌සේ පැවැති කලබලකාරී තත්ත්වය ඊයේ වෙනකොට වන විට පාලනය වී තිබුණත් අඹතැන්න පූජාපිටිය මුල්ලේගම ප්‍රදේශයේ විහාරස්‌ථානයකට කිසියම් ආන්තවාදීන් පිරිසක්‌ ප්‍රහාර එල්ලකර විශාල විනාශයක් සිදු කිරීමත් සමඟම ඊයේ උදේ එම ප්‍රදේශයේ ජනතාව කලබලවී කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තියෙනවා.

      මේ කලබල වෙච්ච ගමේ අසංවිධානාත්මක පිරිස්‌ පූජාපිටිය වෙලේකඩේ මංසන්ධිය වෙත ගමන් ගනිද්දී ඔවුන් වෙත කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කරපු බව තමයි කියන්නෙ. එම ප්‍රහාරයෙන් අඹතැන්නේ පූජාපිටිය පැත්තේ පුද්ගලයකු එම ස්‌ථානයේදීම මියගිය අතර තවත් හය දෙනෙක්‌ බරපතළ තුවාල වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුණා. එයිනුත් දෙන්නෙක්ද තුන්දෙනෙක්ද මැරිලලු. අඹතැන්නේ පල්ලියකට ගහන්න හදපු කතාව ඇත්තක් නෙවෙයි, කලබල වුණු අය හන්දියට එකතු වෙද්දි බෝම්බ ගහල මැරිච්ච සීන් එකක්. එම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු අකුරණ, පූජාපිටිය, මුල්ලේගම ප්‍රදේශ නැවතත් උණුසුම් වූ අතර කලහකාරී පිරිස්‌ මාර්ගවල ටයර් පුළුස්‌සමින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇත. මෙම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය නැවත ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කරන ලදී.

      ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව, යුද හමුදා විශේෂ බළකාය කැඳවා තිබේ. අහිංසකයින්ගේ ගෙවල් ගිණි තියමින්, කඩු පොලු අරගෙන නටන වත්මන් රජයේ බළල් අත් වන අමිත් වීරසිංහ, ඩෑන් ප්‍රියසාද් වැනි නපුංසක හොරිකඩ නරින් බතියුතීන්ලා, හකීම්ලාගේ චක්ගෝල තවුෆීක් ජමාත් සක්කිළින් සමග ප්ලෑන් කොට පෙන්නන ගොන් පාට් නිසා පොහොට්ටු කල්ලියට වැටෙන මුස්ලිම් ඡන්ද අහිමි කිරීම, අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය පහ කර අවධානය වෙනස් කිරීම, බැදුම්කර වංචාවට අදාල හොරුන් පැනයාම, අධික බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක කරවීම යන කාරණා සඳහා බොරු ආරවුල් අවුඅලනවා. කොහොම වුණත් මේකෙන් නිකරුණේ අහිංසක අසරණ මිනිස්සු මැරෙන එක පව්.

      Delete
  28. මේ දැන් රටේ සිදුවන්නේ රජය/ ජනපති අපහසු තාවයටපත් කිරමට මාතලන් විසින් යෝජනාකර හදුන්වාදුන් සහ බලාපොරොත්තුවූ 3වන කැරැල්ල ද ?

    ReplyDelete
    Replies
    1. මාතලන් කියූ දෙයක් වැරදිලා නැත..

      Delete
    2. පළාත් පාලන චන්දෙ ප්‍රතිපලය හැර නේද බන් ......

      Delete
    3. පළාත් පාලන චන්දෙ ප්‍රතිපලය හැර නේද බන් ......


      බඩ කපාගනින් මාතලන් පුක නම් කපාගන්න එපා කියක් හරි උඹට හොයාගන්න තියන එක

      හා

      Delete
  29. මාතලන්ට අවශ්‍ය රට අස්ථිර කර ආතල් ගන්න ද

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්... කොහොමද ටක්කෙටම කිව්වේ

      Delete
  30. මාතලන් අයියේ,

    2018 පෙබරවාරි 10 වෙනිදා ඡන්දෙන් ආණ්ඩුව කුජීත ලෙස පරාද වීමත් සමගම මෙතෙක් මේ රටේ ප්‍රධානම මාතෘකාව වුනේ අගමැතිවරයා ඉවත් කිරීම . ඊට කලින් මේ රටේ ප්‍රධාන මාතෘකාව බැදුම්කර වංචාවේ හොරුන්ට තවමත් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවීම. අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට තවමත් ඇවිත් නෑ. ගේන්න පොරොන්දු වූ අගමැතිතුමන් කරපු කිසි දේකුත් නෑ.

    කෙසේ නමුත් මේ ගොන් ජාතිවාදී පිස්සු ගැටුම විසින් අගමැති ඉවත්කිරීම ගැන එජාපය තුල හා ඉන් පිටත වු පීඩනය ඉවත් වී බැදුම්කර වංචාව බඩු මිලේ ප්‍රශ්නය ජනතාවට අමතක වී තියෙනවා. ඒ වෙනුවට සිංහලයන් සහ මුස්ලිම් වරුන් එකිනෙකා දෙස සැකයෙන් කෝපයෙන් බලන්න පටන් අරන් තියෙනවා. සමස්ථයක් ලෙස රටේ ප්‍රශ්න අමතක කරලා අළුත් ප්‍රශ්නයක් ප්‍රමුඛතම ප්‍රශ්නය බවට පත්වෙලා තියෙනවා. කාටද මින් වාසි ලැබෙන්නේ. ආණ්ඩුවට මිසක් වෙන කාටවත්ම නෙවෙයි නේද?

    අගමැතිතුමන් නීතිය හා සාමය අමාත්‍යංශය බාරගත් වහාම මෙවැනි සිදුවීමක් ඇතිවීම අතිශයින්ම සැක සහිතයි. 1983 ජුලි කලබල ඇතිවෙද්දී තිබුනේත් එජාප ආණ්ඩුවක්. එදා ආමිකාරයින් 13 දෙනෙක් බිම්බෝම්බයකට ගොදුරු වී ඇති වු හදිසි මරණ හේතුවෙන් ජනතාව තුල ඇතිවු දැඩි ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට හරවා ආණ්ඩුව තමන්ගේ ඇග බේරාගත්තා. රටේ ඇතිවෙච්ච ආණ්ඩු විරෝධය දෙමළ විරෝධයක් බවට පත්වුයේ කෙසේදැයි විග්‍රහ කරමින් රාජන් හූල් වැනි දෙමළ විද්වතුන් පොත් පවා ලියා තිබෙනවා. මේ සිදු වෙමින් පවතින්නේත් ආණ්ඩු විරෝධය සමනය කරගැනීමේ උපායක් ද?

    අපට තියෙනවා වැදගත් ප්‍රශ්නයක්. එදා මියගිය රියදුරු කුමාරසිංහට පහරදුන් මුස්ලිම් ජාතිකයන් වහා අත්අංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොදී පොලීසියට කවුද අත පොවල වෙනතකට යොමු කලේ? ඊට පස්සෙ පොලිසියේ කුජීත ක්‍රියාකාරීත්වයට විරෝධ්ය පළකළ පමණින් කිසිදු හේතුවක් නැතිව අහිංසක නිරායුධ 24 දෙනෙක් අත්අංගුවට අරගෙන නැති ප්‍රශ්නයක් ඇති කිරීමට පොලීසියට උපදෙස් දුන් හස්තය කුමක්ද කියන එක සොයා ගත යුතු ව තිබෙනවා.

    මරාවාදී විපක්ෂ කල්ලිය පොහොට්ටුවෙන් "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" විදිහට තරග කරලා සිංහල ජනතාවගෙන් තුනෙන් දෙකට වඩා වැඩි පිරිසක් ආකර්ශණය කරගෙන තියෙනවා. ඔවුන්ට ඊට වඩා සිංහල සමාජයේ ඉදිරියට යන්න බෑ වගේ. එම හොර රැල ඊලගට බලන්නේ අවශ්‍ය සුලු ජාතික ඡන්ද ආකර්ශණය කරගන්න. බණ්ඩාරවෙල හා බේරුවල නගරසභා ස්වාධීන කණ්ඩායම් හරහා ජයග්‍රහණය කිරීමෙන් එම කුජීත හොර කල්ලිය මුස්ලිම් ඡන්ද ආකර්ශණය කරගැනීමත් ආරම්භ වෙලා තියෙනවා. එවැනි පසුබිමක වනචර මරාවාදීන්ගේ පොහොට්ටු කල්ලිය තවත් ශක්තිමත් වීම වැලැක්වීමටත් මේවගේ ගැටුම් වලින් වාසියක් නේද වෙන්නෙ?

    ReplyDelete
  31. දැන් ජාතිවාදී පොස්ට් ලියපු මාතලන්ගේ පොස්ට්වල ආතල් ඉවරයි !!!! වඳ පෙත්ත ආතල් එක ඉවරයි රස පරීක්ෂකගේ පිටි ගුලියෙන් තෙල් දෙනියේ කෙස් එකත් ඉවරයි මහසෝන් බලකාය මාට්ටු නිසා බුකියත් ඉවරයි
    හා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න