අම්මට සිරි ලංකාවේ නිදහසෙන් පසු ත්‍රස්තවාදී නායකයින් දෙදෙනෙක් බිහි උනේය. උන් දෙදෙනාම මේ රට විනාශ කලේය. තරුණ පරම්පරා දෙකක් මරා දැම්මේය. එකෙක්ට වැඩේ දුන්නේ වත්මන් ජනපති ඝෝඨාභයමය.
මේ ත්‍රස්තවාදීන්ට අමතරව ලංකාවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බතට කෙලිනා ත්‍රස්තවාදයක්ද ඊට නායකත්වය දෙන එකෙක්ද සිටිනවාය. ඌ එසේ මෙසේ එකෙක් නොව ඌ කියනා විදියට නම් ජනාධිපතිගේත් බොක්කේ යාලුවෙක්ය. ඌගේ සහෝදරයා අවුරුදු පහක් ගොන් ආතල් දී රට කාබාසීනියා කල පොලොන්නරුවේ පඹයාය. ඒ කවුරුත් දන්නා ඩෙඩ්ල් සිරිසේනය.
මේ රටේ සහල් මිළ තීරණය වෙන්නේ වෙළදපොල ඉල්ලුම සැපයුම මතවත්, අම්බ පරිප්පුවක් කන වී ගොවියාවත්, තොග වෙළෙන්දාවත්, සිල්ලර වෙළෙන්දාවත්, පාරිභෝගිකයාවත්, රජයවත්, රටේ නායකයාවත් නොව, මේ ත්‍රස්තවාදි නායකයා හෙවත් ටෙරාය. ඌගේ ළඟ අනෙක් සියල්ලෝම බල්ලා මාක්ය.
උගේ අණසක කොතරම් බලවත්ද යත්, පස් වන හරස්කවීදියේ සහල් රටින් ගෙන්වන දෙමළ තොග වෙළෙන්දා ඉන්නේත් මුගේ යටතේය. අස්වැන්න නෙලනාකාලයට පිටරටින් හාල් ගෙනවිත් කුණු කොල්ලයට දී වෙළදපොල සහල් මිළ අඩු කොට, ගොවියාගේ වී කුණු කොල්ලයට මිළදී ගන්නේ මූ සහ සිරිපාල ගම්ලත් හා තවත් දෙදෙනෙකි.
වී ගොවියා සැමදා හිඟන්නා වෙන්නේ එසේය. වී අලෙවි මණ්ඩලයක් තිබුනද, එහි මහ එකාගේ සිට පොඩිම එකා දක්වා සේවය කරන්නේ රටට නොව ඩෙඩ්ලි මාෆියාවටම බව වී ගොවින් සියල්ලෝම දන්නවාය. වගා නිළධාරින්, ක්‍ෘෂිකරුමේ කරුමක්කාර නිළධාරින් සියල්ලෝම මුගේ මාෆියාවේ සාමාජිකයෝය.
ඝෝඨභය නිවැරදි තීරණය ගෙන ඇත. ත්‍රස්තවාදයට එරෙහි පළමු ප්‍රහාරය ආරම්බ කර ඇත. ගැසට් නිවේදනයකින් සහල් වලට පාලන මිළක් පනවා ඇත. ඩෙඩ්ලි සිරිසේන ප්‍රතිප්‍රහාරය එල්ල කොට ඇත. ඌ අඩු මිළට තිබූ සහල්ද පාලන මිළ දක්වා වැඩි කර ඇත. මාෆියාවේ මීටිමේදී අනෙක් උන් රජයේ තීරණයට ගරු කරමින් මිළ අඩු කිරීමට තීරණය කලද, මූ හදන්නේ ඝෝඨා දනගැස්සවීමටය. ඒ පිටුපස, ලංකාවේ මෙතෙක් බිහි වූ පජාතම දේශපාලුවා වන ගොන් සිරිසේනද, පඩියට කෙලවූ ටෙලිකොම් සිරාද සිටිනා බව ඉර හඳ මෙන් විශ්වාසය.
සිරිසේන යනු එතරම්ම කුහකයෙකි. දැන් ඝෝඨාභය තීරණය කළ යුත්තේ තමන් පත් කල ලක්ෂ 69 ක් ජනතාව පමණක් නොව, රටේ සියළුම ජනතාවට බලපාන මේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවාද, එසේ නොමැති නම් මාෆියාවට යටත් වෙනවාද යන්නය.
සටන මෙහෙයවීම වී අලෙවි මණ්ඩලයට නොහැකි නම් පොලීසිය හෝ හමුදාව යොදා මේ මොහොතේම නිම කල යුතුමය. එසේ නොමැති නම් අපට සිදුවන්නේ මේ පාලකයාද මෙතෙක් උන් අය වාගේම කයිවාරුකාරයෙක් පමණක්ම යැයි සිතා බකං නිලාගෙන සිටීමටය.
අප බලා සිටින්නේ, වඩාත් බලවත්, මැදමුලනේ රාජපක්ෂලාද, පොලොන්නරුවේ සිරිසේනලාද කියලාය.
ඒ වගත් මෙසේය...










