ලෝකයේ අධ්‍යාපනය කියන දේ ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. අධ්‍යාපනය ලබා දෙන ක්‍රමය, විෂයයන්, ගුරු අධ්‍යාපනය, මේ සියල්ල දියුණුයි. පින්ලන්තේ,ව්සිංගප්පූරුව වැඩක් නෑ, කාළයක් අපි මැට්ටෝ කියපු අරාබියේ අධ්‍යාපනයත් ලෝකයේ දියුණුම රටවල තත්වයට පත් වෙලා ඉවරයි.
අපේ උන් කුජ හතේ ඉන්න කෑලී හොයද්දී, උන් කුජට රොකට් යවනවා, එකට එකක් කෙල්ලොත් උගත්තු, විද්‍යාඥයෝ. ලෝකයේ දියුණුම සෞඛ්‍ය පහසුකම්, පර්‍යේශණාගාර, අභ්‍යාවකාෂ මධ්‍යස්ථාන විතරක් නෙමේ කාන්තාරයේ ඕගනික් ගොවිතැනුත් කරනවා.
ඒකට ප්‍රධාන හේතුව ඒ රටවල ඉන්න නායකයෝ අළුත් දේට බය නැති වීම, ඊට හේතුව උනේ ඒ ජෙනරේසොන් එක ලබාගත් විදෙස් අධ්‍යාපනය. උන්, උන්ට උග්න්වපු ගුරුවරු ආචර්‍යවරු මහාචර්‍යවරු තමන්ගේ රටට ගෙනාවා. උන් අධ්‍යාපනයේ වටිනකම ව්ටහා ගන්නවා. උන් කුහක උනේ නෑ රටේ සාමාන්‍ය මිනිහත් උන්ගේ ජීවන මට්ටමට ගේන්න.
උන් රටින් ගෙනල්ලා හරි රට හැදුවා. රටේ උන් අමතක කළේ නෑ. ඉස්සර උන්ට පිටරටවල ගිහින් ලබා ගන්න උන දියුණු අධ්‍යාපනය උන් තමන්ගේ රටේ උන්ට ගේ දොරකඩටම හෙනත් දුන්නා. පිටරටවලින් සුපිරිම ගුරුවරු ආචාර්‍යවරු මහාචාර්‍යවරු ගෙනත් උන්ගේ උන්ට ඉගැන්නුවා. දැන් උන් කාටත් සෙකන්ඩ් නෑ.
මේ විප්ලව කරන්න මහා කාළයක් ගියේ නෑ. පරම්පරා ගානක් ගියේ නෑ. දැන් උන් තව දුරටත් ගෝත්‍රිකයෝ නෙමේ, නූගත් මෝඩයොත් නෙමෙයි, ලෝකය ගැන විශ්වය ගැන සියල්ල දත් උගත්තු. එහෙම උනාම උන්ගේ ගෝත්‍රික ගතිත් ටිකෙන් ටික අතෑරලා, සමාජශීලී ජීවිතවලට පුරුදු වෙනවා.
ඒත් ලංකාවේ මොකක්ද තත්වය. තාම ෆලෝ කරන්නේ 1948 සුද්දා දීලා ගියපු සිස්ටම් එක. පොඩි උන් ඔක්කොම නාට්ටාමිලා කරන්න පුරුදු කරනවා. දවසක උගන්වන සබ්ජෙක්ට්ස් ටික උන්ගේ කරට දරා ගන්නත් බැරි නම් කොහොමද අර පුංචි මොළ ගෙඩි වලට දරාගන්නේ. දියුණු රටවල පොඩි උන්ට අකුරු ඉලක්කම් උගන්වන්නේ නැ. උන්ට උගන්වන්නේ හොඳ නරක, යහපත් හැසිරීම්, සාමුහිකත්වය, පිරිසිඳුකම, සිරිත් විරිත්, මනුස්සකම්.
මේ කිසිවක් ගෙදරදිවත් ඉස්කෝලෙවත් ඉගෙන නොගන්න උන් මහාචාර්‍යවරු වෙලා එලියට ආවත් උන්ගේ ගෝත්‍රික ගතිය යන්නෙත් නෑ, මනුස්සකමත් නෑ. තියෙන්නේ ලොකුකම විතරයි. ඔය එකෙක්වත් තමන්ගේ පම්පෝරිය කියවනවා මිසක් රටට කිසි දෙයක් කරන්නේ නැ. කරන්නත් බෑ.
මොකෝ උන් ලබලා තියෙන්නේ නිර්මාණශීලී අධ්‍යාපනයක් නෙමේ. අපේ විභාග ක්‍රමය හැඩ ගැහිලා තියෙන්නේ එහෙමයි. කට පාඩම් කරලා ලියන්න. ගොඩක් උන්ට ගණිතය විශය බැරි වෙන්නත් හේතුව ඒකයි. අනිත් ප්‍රශ්ණ ඔක්කෝටම පොතේ උත්තර තිබුනට. විභාගයට එන්නේ පොතේ තිබ්බේ නැති ගානක්. ඉතින් අරූගේ RAM එකේවත් ROM එකේවත් එහෙම ගානක් නෑ.
අනික අප්ඩේට් නොවීම. පරිඝණක විජ්ජාව උගන්නනවා තමයි, ඒත් අප්ඩේට් වීමක් නෑ. මේ ළඟදි මම දැක්කා ටීවී එකේ ටීචර් කෙනෙක් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් ගැන මොනිටර් ගැන කී බෝඩ් ගැන උගන්වනවා, දැන මෙගා ෆික්සල් ෆෝන් වලින් සූම් ගිහින් ඉගෙන ගන්න උන්ට මේවා පට්ට ජෝක්.
දැන් පොඩි උන් අවුරුදු දෙකකට කිට්ටු කාලයක් ඉස්කෝලේ යන්නේ නෑ. උන්ට උගන්වන්න ජාතික වැඩ පිලිවලක් හදාගන්න අජ්ජාපන දෙපාර්තමේන්තුවේ ඉන්න ආචාර්‍ය මහාචාර්‍යලාටවත් ඇමතියා වෙච්චි මහාචාර්‍යවරයාටත් බැරි වෙලා තියෙනවා. උන් අවුරුදු දෙකක් කිසිම දෙයක් නොකර පින් පඩි කනවා.
ඊයේ මහාචාර්‍ය අර්ජුන ඩි සිල්වා මහත්තයා දෙරණේ චතුරට කියනවා ලංකාවේ ඉන්න උගත් පරපුර ඇඳවල් උඩට වෙලා ඉස්මාට් පෝන් වලින් ගේම් ගගහා ඉන්න වෙලාවේ, ස්වේච්චාවෙන් ඉදිරියට ඇවිත්, මේ වසංගතය මැඩලන්න කුමන හෝ ආකාරයකින් සපෝට් එකක් දෙන්නය කියලා. කරුමේ වෙලා තියෙන්නේ ඒ අය අඩු ගානේ මේක ලෝක වසංගතයක්වත් කියලා නොදැන, ස ෆේල්ස, ෆේල් කිය කියා ඉන්න උන් වීම. ඔය ෆේස් බුක් ගෲප් අස්සේ වස්සැප් ගෲප් අස්සෙ එකෙක් දැකලා තියෙනවද කොවිඩ් වෙනුවෙන් හැදුන ගෲප් එකක්, ඇප් එකක්. ඔන්න ලංකාවේ ඉන්න උගත්තූ.
මුල් කාළේ එක එක උන් එක එක දේ උස්සගෙන ආවත් ඒ එකක්වත් නව නිර්මාණ නෙවෙයි. කාගේ හරි කොපියක්, යූ ටියුබ් එකෙන් උස්සපුවා. අනික පට්ට ප්‍රාථමික නිර්මාණ.
ඔය අජ්ජාපන දෙපාර්තමේන්තුවේ ඉන්න උන් මේ අවුරුදු දෙකේ ඉස්කෝල ආයේ අරිනකන් බලාගෙන් ඉන්නවා මිසක්, ආයේ ගුරුවරු ටික ඉස්කෝලේ එනකන් බලාන ඉන්නවා මිසක්, දරුවෝ එනකන් බලාන ඉන්නවා මිසක්, ඉස්කූල් වෑන් බස් එන්නේ කොහොමද බලාගෙන ඉන්නවා මිසක්, එකෙක් හිතුවද මේ සිස්ටම් එක ඉදිරියටත් පවතියි කියලා ඊට අනුගත වෙන සිස්ටම් එකක්. ඇත්ත කතාව නෑ කියනෙක.
ඔන් ලයින් සිස්ටම් එක හැමෝටම නෑ. සමහර පලාත්වල සිග්නල් නෑ. ඩේටා ගන්න මිනිස්සුන්ට සල්ලි නෑ. ෆෝන් අරගෙන දෙන්න ටැබ් අරගෙන දෙන්න හැම එකාටම සල්ලි නෑ. සමහර පවුල් වල දරුවෝ තුන හතර ඉන්නවා. දෙමව්පියනුත් ගුරුවරුන් නම් ඒ පවුලට සන්තානම් මෑනියන්ගේ පිහිටයි.
අවුරුදු දෙකක් ගිහිල්ලත් මේ වෙනකම් සෑම දරුවෙක්ටම එක සමාන විදියට අජ්ජාපනය ලබලා දෙන සිස්ටම් එකක් නෑ. දරුවන්ට ඩේටා අඩු ගානේ අඩුවට දෙන සිස්ටම් එකක් නෑ. සූම් ඇර වෙන ඇප් එකක් නෑ. ෆෝන් ටැබ් අඩුවට දෙන වැඩ පිලිවලක් නෑ. ඒවා ආනයනෙ තහනම් නිසා ගිනි ගනන්. අඩු ගානේ අජ්ජාපන ඇමතියා ඒක අඩු කරලා දීපන් කියලා කැබිනට් පේපර් එකක් දාලා නෑ.
තියෙන රූපවාහිනී නාලිකා ඔක්කොගෙම උදේ ඉඳන් මහ රෑ වෙනකන් මල ජරා ටෙලි නාට්ටියි තුප්පහි මලයාලම් චිත්‍රපටියි. ඇයි අර සන්නගෙ සිංහල පන්තිය වගේ විනාඩි 20 - 30 යේ ක්‍රියේටිව් ඇට්‍රෑක්ටිව් ප්‍රෝග්‍රෑම් හදලා දාන්න බැරි. පොඩි උන් නෙමේ හැම එකාම බලයි. සන්නා සුද්දා වගේ සිංහළ උගන්වනවා. බලන්න ආසයි. පොඩි උන් නෙමෙයි මහ උන් උනත් බලයි.
අර MCC වලින් රට බෙදෙන හැටි උගන්නපු සර් උනත් අවුලක් නෑ. බොරුව උනත් සිරස වගේ නැතිව, රොෂාන් වටවල වගේ හත් පොලේ ගාගන්නේ නැතිව ඇත්ත වගේ දෙනවා. ගානක් චැනල් වලට ගෙව්වත් පාඩු නෑ. උන් උනත් ජාතික වැඩ පිලිවෙලක් නිසා බෑ කියන්නේ නෑ. එහෙම ඇට්‍රෑක්ටිව් විදියට උගන්වන උන් ගොඩක් ඉන්නවා, හැම සබ්ජෙක්ට් එකටම වගේ.
අජ්ජාපන දෙපාර්තමේන්තුවේන් කරපු අයි චැනල් එකේ යන වැඩ සටහන් නම් බල්ලෙක්ටවත් . බලන්න බෑ. නිදි මතයි, කම්මැලියි, මෙලෝ රහක් නෑ. ඒවා නම් නොපෙන්වන තරමට හොදයි. පිටරටක එකෙක් දැක්කොත් හිතයි, අපි තාම ගෝත්‍රිකයෝ කියලා. ටයි එකක් හරියට දාන්න බැරි, මැච් වෙන්න කලිසමක් ෂර්ට් එකක් අඳින්න බැරි, පිලිවලකට සාරියක් අඳින්න බැරි උන් කියලා. මේ දෙවලුත් දරුවන් විශයට අකර්ෂනය කර ගැනීමට වැදගත්.
ඊට වඩා හොදයි සෙසමේ ස්ට්‍රීට් වගේ සුද්දන්ගේ ප්‍රෝග්‍රෑම් ටිකක් පෙන්නන එක. දරුවෝ ඉන්ගිරිසි ටිකක් හරි ඉගෙන ගනියි.
නාමල් රාජපක්ෂ පහසු ගෙවීම් මත ටැබ් හා නොමිලේ ඩේටා ලබා දෙන වැඩ සටහනක් පටන් ගන්න යනවා කියලා ආරංචියක් එන්නේ මේ අතරේ. මේ සැරෙත් මං ගොනාපිල ලෙඩක් අදියිද දන්නේ නෑ පිවිතුරු සිංහළ දරුවෝ වඳ වෙනවා කියලා. එයාලගෙ ළමයි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මෙහේ උන් ඉගෙනගත්තත් නැතත් එයාලට අවුලක් නෑ. අනිකා සිරිසේන. මේ වෙලාවේ මක්කා කියයිද දන්නේ නෑ.
හැබයි ඉතින් ටැබ්, ෆෝන් තියා ඩේටා ඔක්කොම දුන්නත් වැඩක් නැ. ඒවයෙනුත් උගන්වන්නේ අර නීරස ගුරුවරු නම්, පරණ ලදරන් සබ්ජෙක්ට්ස් නම්, දරුවන්ට දරාගන්න බැරි තරම් දැණුමක් නම්, අඩු පිරිසක් උගත්තු වෙලා වැඩක් නෑ. අවශ්‍ය වෙන්නේ බහුතරයක් උගත්තු වෙන අජ්ජාපන ක්‍රමයක්. ඉගෙන ගන්න බැරි එකාට උගන්වන ක්‍රමයක්, නවීන තාක්ෂණය එක්ක යන ගමනක්. මේ තමයි හොඳම අවස්තාව අජ්ජාපනේ ගැන අලුතෙන් හිතන්න. ඒක මේ රටේ උන්ට කරන්න බෑ. පිට රටින් විශේෂඥයෝ ගෙනත් කරන්න ඕන වැඩක්. ඒවට හැම එකාම විරුද්ධව මරාගන්න එයි. හැබයි ඒවට බය නැතිව මේ තීරණ ක්‍රියාත්මක කලොත් රට වෙනස් වෙයි.
නැත්නම් අනාගතයටත් ටැබ් ඉස්මාට් ෆෝන් උස්සගෙන ටයි කෝට් ඇඳගෙන යන වෙනස් වෙන්න බය, හයිබ්‍රිඩ් වාහන වලට බය, පෝට් සිටියට බය, එක්ස්ප්‍රස් වේ වලට බය, අලුත් එයාර්පෝර්ට් වලට බය, සුද්දන්ට බය, ඉන්දියාවටත් බය, චීනටත් බය, ඕගනික් ෆාමින් වලට බය, අරක්කු බියර් වලට බය, තමන්ම විතරක් ගොඩ ගියාම ඇති කියලා හිතාගෙන ඉන්න අමු ගං කබර ගෝත්‍රිකයෝ ටිකක් රටේ ඉඳියි..
ඒ වගත් මෙසේය.