ස්වේච්ඡා සේවයේ නියුතු මහාචාර්යවරුන් වෙත මඩ හා අසත්‍ය චෝදනා එල්ල කරමින් ආන්ඩුව වැට්ටවීමේ උත්සාහයන් ලත් තැනම ලොප් කළ යුතුමය.
➖➖➖➖➖➖➖➖➖➖⭕➖
අපේ රටේ මිනිසුන් මහා කුහක ගුණමකු මිනිසුන් බව නැවත නැවත කියන්නට සිඳුවීම ඉතා කනගාටුවකි.
දැන් ඔවුන් උත්සාහ කරමින් සිටිනුයේ අති විශාල ජනවරමකින් බලයට පැමිණි අභිනව ආන්ඩුව අප්‍රසාදයට පත්කොට ජනතව තුල කළකිරීමක් ඇතිකිරීමටය.
අවුරුදු 76 ක් තුල විනාශ කොට ආර්ථික වශයෙන් බංකොලොත් කළ රටක් මාස දෙකකින් ගොඩ දැමීමට ජනතාව විසින් පත්කොට එවා ඇත්තේ ප්‍රාතිහාර්‍යයන් පෑ හැකි ඉන්ද්‍රජාලිකයින් නොව, ඒ ඒ විශයයන් පිළිබඳව ලොව මුල් පෙලේ විශ්ව විද්‍යාලවලින්, එනම් රුහුණු පිහිටි මායා යන ප්‍රදේශයන්හි ඇති ලෝක ප්‍රකට විශ්ව විද්‍යාලවලින් මෙන්ම ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය ආදී ලොව කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතන තුලින් ඉහළම ගෞරව උපාධි වලින් සමත් ඒ ඒ විශයයන් පිළිබඳ අවබෝධයක් හා දැණීමක් ඇති ලෝක ප්‍රසිද්ධ විශේෂඥයින් පිරිසකි.
ඔවුන් මේ මොහොත වන විට පැවති සිස්ටම් එකේම ගමන් කිරීම ඇත්තක් වුවද, එය වෙනස් කිරීමේ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටි. ඒ සඳහා බොහෝ විට ඉතා සුළු කාළයක් හෙවත් වසර තුනක් හෝ පහක් ගතවිය හැක.
ඔවුන් බලයට පත්කල ජනතාව ඒ බලය ඔවුන් වෙත ලබා දුන්නේ, කිසිඳු සහනයක් ආධාර හෝ සහනාධාරයන් බලාපොරොත්තුවෙන් නොව, ඕනෑම කැපකිරීමක් කිරීමේ පරණ වූත් පවිත්‍ර වූත් චේතනාවෙන්මය. එබැවින් ඔවුනට ඉදිරියටත් තවත් වසර 10 වුවද එම අපහසුතාවයන් දරාගැන්ම සුළු කටයුත්තකි.
බලයට පත් පිරිස, ඒ වෙනුවෙන් කිසිඳු වැටුපක්, දීමනාවක්, නිළ නිවසක්, වාහනයක් හෝ ආහාර තබා, ටැප් වතුර වීදුරුවක් හෝ ලබා නොගෙන රටේ පුනරුදය වෙනුවෙන් සේවය සලසන්නේ ස්වේච්චාවෙන් වීම හොර නඩයකට දරා ගැනීම අපහසුය.
නිළධාරින් විසින් එවන් අනවශ්‍ය වියදම් සඳහා වෙන්කරනු ලබන මුදල් සියල්ලම, පැලවත්තේ ඇති මහාභාන්ඩාගාරය වෙත නැවත හරවා යනු ලබන්නේය.
එවන් උතුම් පිරිසකට මඩ ප්‍රහාර එල්ල කරමින්, අසත්‍ය පුවත් නිර්මාණය කරමින්, ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම ආරම්බ කිරීමට උත්සාහ කළේ නැවතත් රට තුල ජාතිවාදය වැපිරීමෙනි. මියගිය ත්‍රස්තවාදීන් වෙනුවෙන් කිසිඳු සැමරුම් උත්සවයක් නොපැවති උතුරේ, එවන් සැමරුම් ඇති බවට ගෙනගිය අසත්‍ය ප්‍රචාරයන් ලත් තැනම ලොප් වූයේ එහි කිසිඳු අත් අඩංගුවට ගැනීමක් සිඳු නොවීමෙන් බව ජනතාව දැන් අවබෝධ කරගෙන අවසානය.
ඒ බව ස්වාධීන මන්ත්‍රීවරයෙක් වන හොනරබල් ජොස්තර අර්චුනා මහතාද පාර්ලිමේන්තුව තුල ඔප්පු කරමින් සිටිනුයේ ඊළම මෙන්ම ප්‍රභාකරන්ද පට්ට පතුරු ගසමිනි.
දැන් ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මේ උගත් බුද්ධිමත් විචක්ෂණශීලි බහුශ්‍රැත මහා ප්‍රාඥයින් වන ආචාර්‍ය මහාචාර්ය පිරිසට මඩ ගසමින්, ඔවුන් එවන් පිරිසක් නොව හොර උපාධි හා ආචාර්‍ය මහාචාර්ය පට්ටම් සහිත අම්බ හාල්පාරුවන් පිරිසක් බවට අසත්‍ය ප්‍රචාරයන් ගෙන යාමටය.
අප මෙම ආන්ඩුව පත්කරගත්තේ මෙවන් අසත්‍ය ප්‍රචාර ඉදිරිපත් කරන්නන්ට තව දුරටත් රඟන්නට ඉඩ දීමට නොවේ.
එම නිසා අප පොලීසියට කිසිඳු බලපෑමක් නොකරන පොලිස් ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මහාචාර්‍ය් නිර්මාල් රංජිත් දේවසිරි, හිටපු චන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය, විදර්ශන කන්නන්ගර, පුබුදු ජයගොඩ, කුමාර කළුආරච්චි මෙන්ම දේශද්‍රෝහී සුනන්ද දේශප්‍රිය වැනි සිවිල් ක්‍රියාකාරිකයින් PTA පනත හෝ ICCPR යටතේ ඇප ලබා දීමට නොහැකි වන සේ ඇතුලට දැමිය යුතු බවට බලපෑම් කරනා ලෙසය.
එමෙන්ම හොනරබල් අධිකරණ ඇමතිතුමාගෙන් අප ඉල්ලා සිටින්නේ පවත්නා නීතී මේ සදහා ප්‍රමාණවත් නොවනා හෙයින් හිස ගසා දැමීමේ නීතීය වහාම පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කොට අනුමත කර ගන්නා ලෙසය.
මන්ද මෙවන් පිරිස් සිවිල් සමාජයේ තවදුරටත් රැදීම ආන්ඩුවේ ඉදිරි ගමනට බොහෝ සෙයින් අනතුරුදායක විය හැකි බැවිනි.
මාස දෙකක් යාමටත් මත්තෙන් නාඩූ හාල් සහ පොල් සම්බල් කන ජනතාව පොහොසත් පිරිසක් බවට පත්කිරීමට තරම් ආන්ඩුව සමත්වීම මොවුන්ට දරාගැනීමට නොහැකිව ඇත.
ටුඩේ වී ඕල් ඔෆ් කැන් සේ
වී හැව් ඒ ඩ්‍රිම්
ඕල් ඔෆ් අස් ආ වෙරි හැපි
නව් සී ලංකා පීපල් ආ වෙරි හැපී
ගෝ අහෙඩ්.... ගෝ අහෙඩ්...
#ParlimentJokes #කොළඹසන්නිය
.









.jpeg)


