.

.

May 8, 2011

බුද්ධ ජයන්තියට කරන්න පුලුවන් ලොකුම පින්කම... - Dear Sir, Please release General

1956 දී බුද්ධ ජයන්තිය සමරල ඉවරයි. ඒත් මේ වෙසක් උත්සවයටත් මහ ඉහලින් ජයන්තියක් සමරනව. ඒ සිද්ධාර්ථ කුමාරයා බුදු බව ලබල අවුරුදු 2600 වෙන එකට. ඉතින් රට පුරා උත්සව සමරනවා. රජය විශාල වශයෙන් එයට ප්‍රචාරයකුත් ලබා දෙනවා. අනිවාර්යයෙන් සිර කරුවොත් නිදහස් කරයි.

මහින්ද මහත්තයට අභියෝගයක් එල්ල කරන්න පුලුවන් නායකත්වයක් පෙනෙන තෙක් මානයකවත් නෑ. තාමත් ඔබතුමා සාමාන්‍ය ජනතාව අතර අති ජනප්‍රියයි. සියළුම ඡන්ද ජයග්‍රහණය කලේ ඔබ නිසයි. නැතුව 1994 ඉඳන් ඉන්න වැඩ බැරි ටාසන්ල නිසා නෙමෙයි. 2005 පස්සෙ කරපු දෙයක් කලේ රාජපක්ෂල තමයි. මමනං කැමතියි 1994 ඉඳන් ඉන්න සෙට් එකම ජේෂ්ඨ ඇමතිවරු කරනවනම්. අදටත් දීල තෙයෙන අමාත්‍යශවල මොනවද ඒ සෙට් එක කරල තියෙන්නෙ. හැම වැඩේම නාගෙන චොර කර ගත්තයින් පස්සෙ ඒව විසදන්නෙත් ලොක්කම තමයි. ඉතින් ලබන සැරේ කුට්ටම අනන කොට මගේ යෝජනව ගැනත් සලකල බලන්න.

තකහනියක්ම මෙහෙම ලියන්න හිතුනෙ. රටවැසියෙක් වශයෙන් ඔබ තුමාගෙන් එකම ඉල්ලීමක් කරන්නයි. එනම් ජෙනරාල් උන්නෑහේ නිදහස් කරන්නෙයි කියන එකයි. හැබයි කොන්දේසි සහිතව. මොකද උන්නැහේගේ කට හොඳ නෑ. යුද්ධ කරන්න දන්නව උනාට පොලිටික්ස් බෑ. අපරාදේ ඒ මනුස්සය හිරේ යවපු එකට වග කියන්න ඕන ජ.වි.පෙම් තමයි. නිදහස් කලත් මාධ්‍යවේදීන්ට ඔහුව හමුවෙන්න දෙන්න නරකයි. මොකද එතුමව ඒ තත්වෙට පත් කරන්න එයාලත් කටයුතු කළ නිසයි. (නමුත් නියම ප්‍රජාතන්ත්‍රවාදයනම් ලොක්ක ඕන කෙනෙකුට තම මතය ප්‍රකාෂ කරන්න දෙන එකයි.)

උන්නැහේ යුද්දෙදි කරපු සේවාව ගැන විවාදයක් නෑ. එවගේම ඔබත්, ගොඨා මහත්තයත් අනෙකුත් සේවාවනුත් කළ දේ ගැන කිසිම විවාදයක් නෑ. උන්නැහේ නිදහස් කිරීම තුලින් ඔබ වඩාත් ජනප්‍රියත්වට පත්වනවා මිසක් කිසිම කෙනෙක් ඒ ගැන දොසක් කියන එකක් නෑ. ඒ වගේම් දේශපාලනයේදී කිසිම අභියෝගක් වන්නෙත් නෑ. ඒ නිසා ඔබ තුමාට කරන්න පුළුවන් ලොකුම පින්කම තමයි එතුමව නිදහස් කරන එක.

ප: ලි:
නිදහස් කිරීම ප්‍රශ්නයක් නම් අඩුම වශයෙන් නිවාස අඩස්සියටවත් පත් කරන්න. එතකොට වාර්තාකාරයෝ හම්බ වෙන්නත් බෑනේ....

7 comments:

  1. ඇත්තටම ටිකක් භයානකයි වගේ කියලා හිතුනත් මමත් හිතනවා මේක තමයි ඒකට හොඳම වෙලාව කියලා..ජෙනරල්ගෙන් දේශපාලනික වශයෙන් හානියක් නැහැ මහින්දට..ඒත් උන්නැහේව වෙන රටක ඉත්තෙක් කර ගන්න හැකියාව ලැබුනොත් ඒක සෑහෙන විනාශයක් අපේ රටට..ආන්න ඒක නොවෙන විදියකට ඔය මනුස්සයට නිදහසේ ඉන්න විදියක් හැදුවනං හොඳයි.

    ReplyDelete
  2. ඊට කලින් සීරියල් කිලර්ස්ල වත් නිදහස් කරන්න වෙයි

    ReplyDelete
  3. @ මාරයාගේ හෝරාව..

    සහතික ඇත්ත...

    @ ගෝනිබිල්ලා...

    හෙහ් ... හෙහ්... ඒකත් ඇත්ත තමයි.....

    ReplyDelete
  4. ජෙනරල්ව නිදහස් කරන එක හොද දෙයක් නෙමෙ. ජෙනරල්ව ඇතුලෙ තියන්න ඔනා. නැත්තම් ජෙනරල් එලියට ආපු ගමන් නිකම්ම ඉන්න එකක් නැහැ. මම හිතන්නෙ නැහැ මහින්ද මහත්මයා සරත් මහත්මයාව නිදහස් කරයි කියලා.

    ReplyDelete
  5. පිලාත් අතහෝදගත්ත කතාව මතක් උනා!

    ReplyDelete
  6. @ රවා

    ඒ උනාට යුදාධීකරණ නියෝගයටත් ලොක්ක අත්සන් කරල නැතෙයි කියන්නෙ...

    @ ගෝනිබිල්ලා

    කොහෙද බොලව් මේ ලෝකේ පර්ෆෙක්ට් මිනිස්සු ඉන්නෙ.......

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න