.

.

May 22, 2011

වි.වි. හුට පටේ ඡන්ද ප්‍රථිපල - A new pro-gramme for University Students


මගේ මත විමසුමට අනුව 50% කගෙ අදහස වූයේ මෙය පිස්සු වැඩක් බවයි. 35% කගේ අදහස නම් මෙය හොඳ වැඩක් බවයි. 5% අනේ මන්දා කියූ අතර, ඉතිරි කොටසට වෙනත් අදහසක් ඇත. මා මෙතනදි ඒ වෙනත් අදහසක් ඇතයි කියූ අය, ඔවුන්ගේ අදහස් මෙම ලිපියෙහි කොමෙන්ටු ලෙස පලකරනු ඇතයි උදක්ම බලාපොරොත්තු වෙමි.

පුවත් පත් තුල පලවූ ලිපි මගින්, රූපවාහිනි සංවාද මගින් හා විවිධ අයගෙන් මේ සඳහා එල්ලවූයේ බලවත් විරෝධයකි. මේ පිළිබඳව මධ්‍යස්ත අදහස් පලවූයේ නම් ඒ ඉතා අතලොස්සකි. සුපුරුදු පරිදි වන්දිබට්ට මාධ්‍ය කාරයන් හා මාධ්‍ය මගින් මෙයට පක්ෂව කඩේ යාම කිසිම අඩුවක් නැතුවම කරනා අයුරු කාටත් දැක ගන්නට ලැබිනි.

මෙයට විරුද්ධ වීමට ප්‍රධාන කාරනය වූයේ, රජය මගින් මෙය ඉදිරිපත් කළ ආකාරයයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන ඇමති දූරය සඳහා අප බලාපොරොතු වනුයේ උගත් ඉතා නිවුනු මහත්මා ගති ගුන ඇති පුද්ගලයෙකි. එහෙත් ළැබී ඇත්තෙ උපාධීධාරී චන්ඩියෙකි. මෙය කාළයක් තිස්සේ වි.වි. සිසුන් හා ආචාර්යවරුන් තරම් උගතුන් පිරිසක් චන්ඩීන් පිරිසක් නැතැයි සිතු ප්‍රජාවකට ලැබුනු කනේ පහරකි. මගේ ජීවිත අත්දැකීම් අනුව මේ දෙපිරිසම රඟපානුයේ ඇමතිතුමාගේ චරිතයයි, නැතිනම් එයින් එක කොටසකි. පාළකයන් බිහිවන්නේ ජනතා සිතුම් පැතුම් අනුවයි යන්න මෙහිදි සැබෑවූ පරම සත්‍යයයි.

මෙහිදී බොහෝ පිරිස් පැවසූ කාර්යය වූයේ "යර්ස් සර්" සංස්කෘතියක් මෙයින් බිහිවන බවයි. ඔවුන්ගෙන් මට ඇසීමට ඇති ප්‍රශ්නයනම් වර්තමානයේ පවතිනුයේ එයම නොවෙද යන්නයි. නවක වදයනම් දස වදයක්දී එමගින් මොළය ශුද්ධ පවිත්‍ර කොට ළොවෙන් ප්‍රතික්ෂේප කරන ලද වමක් වෙත ගෙන යාම "යර්ස් සර්" ම නොවෙද?. එම පුහුණුව මගින් ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් නවතා දමන බව තවත් මතයකි. මෙයට විරුද්ධව නඩු මගට පවා ගොස් ඇති පක්ෂයේ ප්‍රශ්න කිරීම් වලට ඉඩක් තිබේද? යටත් විජිත කාළයේ සිට පැවතේන දේශනා කටපාඩමෙන් වමාරන ආචාර්ය මහාචාර්ය වරුන්ගෙන් ප්‍රෂ්න කිරීමක් කළ හැකිද?

මෙහිදි මෙම වැඩ සටහන් මෙහෙවනුයේ කවුරුන්ද? ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම කුමක්ද යන්න තවත් ප්‍රශ්නයකි. මගේ නම් අදහස වනුයේ මහාචාර්ය රත්නපාල කළා මෙන් හිඟන්නාගෙන්ද යම් කිසි දෙයක්  (යම් අධ්‍යාපනයක්) ලබා ගත හැකි බවයි. මෙවැනි වැඩසටහනක් නොම්ළේම ලබා දීම අප ඉතා අගය කළ යුතුය, මන්ද මෙවැනි වැඩසටහන් මෙහෙය වන අයගේ අයකිරීම් ගැන මෙවන් වැඩ සටහන් සංවිධානය කළ පුද්ගලයකු වශයෙන්, විශාල අවබෝධයක් ඇත. ඒ නැතත් සති අග පුවත් පත් මගින් ඔබට වුව ඒ ගැන අවබෝධයක් ලබා ගත හැක.

සුලු සුලු අඩුපාඩුකම් තිබුනද මගේ අදහස මෙය ඉතා හොඳ වැඩසටහනක් බවයි. රැකියා විරහිත උපාධීධාරීන්ගේ ගැටලුවට ප්‍රධාන හේතුවක් වනයේ රැකියා බහුල පෞද්ගලික ආයතන වල සම්මුඛ පරික්ෂන සඳහා ඔවුන් දක්වන බියයි. යම් කිසි ලෙසකින් ඔවුන් තොරාගත්තද ඔවුන් තුල ඇති සබකෝලය හා හීනමානය ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල බාධාවකි. සමාජයේ විශේෂිත පුද්ගලයන් වන ඔවුන් කිසිසේත්ම එසේ විය යුතු නැත.

පවතින තත්වය අනුව මගේ මතය මෙය වූවද. විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් මා බලාපොරොත්තු වනුයේ. කිසිවකුටත් "යර්ස් සර්" නොකියන, තම බුද්ධියෙන් කල්පනා කොට අළුත් අළුත් මති මතාන්තර, නිශ්පාදන, තර්ක විතර්ක, ව්‍යාපාර, නිර්මාණ බිහිකළ හැකි නිර්මාණශීලි යහපත් බුද්ධිමත් ලංකිකයෙකි....... 

7 comments:

  1. ඕන කුණුගොඩක් හොඳ කොලේක තවරල දුන්නොත් ව්ලේසියෙන් මාකට්කරන්න පුලුවන් බව මේවගේ හොඳ අදහසක් ගෙනාපු මිනිහට නොතේරුන ඒක තමයි මට පුදුමෙ!
    මමත් ඔය බොහොම ප්‍රසද්ධ ධනාත්මක පොරවල් එක්කල කැරියර් ගයිඩන්ස් වැඩසටහනකට ඉතාම ලඟින් ඉඳන් සහභාගි උන කෙනෙක් හැටියට දන්නව අපේ අය කොයිතරම් පස්සෙන්ද ඉන්නෙ කියල.
    හරියට කෙරුනොත් හොඳයි ආමි එකේ උන් කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් තරහ පිරි නොමහ!

    ReplyDelete
  2. @ ඉන්දික උපශාන්ත

    උඹට මට තේරූනාට මේක අනෙක් උන්ට තේරෙන්නේ නැති එකනේ කරුමේ..

    කොහොම හරි පටන් ගත්ත එක ලොකු දෙයක්

    ReplyDelete
  3. මේ පුහුනු වැඩමුළුවෙ අරමුන, අනාගතේදි හොඳ කොන්දක් තියෙන, කෙලින් වැඩ කරන්න පුළුවන් ශක්තිමත් තරුණ පරම්පරාවක් රටට දායාද කරන 1 නේද? ඉතින් දෙයියනේ අපේ රටේ උසස් පෙළ ලියන ළමයින්ගෙන් මම දන්න හැටියට 2%යිද කොහෙද කැම්පස් select වෙන්නෙ. ඉතිරි 98% දෙනාට නායකත්ව පුහුනුව දෙන්න ඕන නැද්ද?? උන් ගොන් පාට් ද? ඒ මිනිස්සු රටට වැඩක් නැද්ද? කැම්පස් select වෙන්නෙත් උසස් පෙළ කරපු ළමයිමයි. උන් අලි පු*න් ආපු එව්න් නෙවෙ නෙ.මම කියන්නෙ දෙන ල*බක් හැමොටම දීපල්ලා... නැත්තන් ඔය ජාතික ගොන් පාට් 1 නවත්තහල්ලා....

    ReplyDelete
  4. @ රවීන්

    හැමෝටම දෙන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද...? උසස් පෙළ වසර දෙකේදි විෂයක් කලත් කම් නෑ...

    ReplyDelete
  5. අන්න හරි.. ඒකාලෙම ඔය මගුල කරා නම් ඉවරයි නෙ.. නැත්තන් අර රිසල්ස් එනකන් කොල්ලො කෙල්ලො පල් වෙන කාල පරාසයක් තියෙන්නෙ.. අන්න ඒ කාලෙත් හොඳයි...

    ReplyDelete
  6. පුහුණුව හොඳ වැඩිද මන්දා ගැහැණු ළමයෙක්ට සර්පයෙක් දෂ්ඨ කරලා කියලා ආරංචි වුණා. තව කාගෙද කොන්දක් කැඩුණා කියලත් ආරංචි වුණා. මොකක් වුනත් හැදි ගෑරුප්පුවෙන් කන්න, ටයි ගැටයක් දාගන්න, හරියට අදින්න පළදින්න, හරියට කොන්ද කෙළින් තියාගෙන ඇවිදින්න වගේ දෙයක් මේකෙන් හරි පුරුදු වෙනවා නම් හොඳයි

    ReplyDelete
  7. අන්න බලහං... අලුත් දෙයක වටිනාකම දන්න... උඹ වගේ ඒවුන්ට ඕක තේරෙනව..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න