.

.

May 24, 2011

ආවා ආ වලාගේ කතාව - Rabbit Vs Bear


ඉස්සෙල්ලම බලයි මූ මොකක්ද මේ ලියල තියෙන්නේ කියල.. හාවා සහ වලහාගේ කතාව කියල තමයි කතන්දරේ යන්නෙ. සමහර අය මේක අහල ඇති, සමහර විට බොග් වල දාලත් ඇති. ඒත් මට හිතට වැදුන කතන්දරේ.. මට මේක කිව්වේ කොළඹ යාලුවෙක්. ඒ පැත්තෙ අය කතා කරන කොට "හ" යන්න කියවෙන්නෙ නෑ. හාල් වලට කියන්නේ "ආල්", හඳේ හාවට කියන්නෙ "අඳේ ආවා" කියල. සමහර විට ඒ කියපු විලාසෙට වෙන්නත් ඇති බොක්කටම වැදුනේ...

එකොමත් එක රටක, එකෝමත් එක කාළෙක, එකෝමත් එක කැලේක ඉටියලු ආවෙකුයි වලාකුයි. මුන් දෙන්න එකාට එකා කොයි වෙලාවෙත් බලන්නේ අනෙක් එකාට ගේමක් දෙන්නෙ කොයි වෙලාවෙද කියලලු, ඕං ඉතිං දෙන්න එක්ක විලක් ළඟ මළක් ඒම ගාලා ආතල් එකේ සැපක් ගන්න වෙලාවක, එක පාරටම විලෙන් මතු උනාලු රත්තරං ගෙම්බෙක්..

ආවයි වලායි පුල් ඔල්මංලු.. මොකෝ මෙච්චර කාළෙකට එච්චර ලස්සන ගෙම්බෙක් දෙන්නම දැකල නැතිලු

"උඹ කවුද ඩෝ...?" වලා තමන්ගෙ සුපුරුදු මීරී වොයිෂ් එකෙන් ගෙම්බගෙන් ඈව්වලු.....

"මම තමයි ඩෝ තිදෙව් ලෝකෙම අයිති ශක්‍ර දේවේන්ද්‍ර ඇයි මොකද වලිද..?" කියල ගෙම්බ දුන්නලු රිප්ලයි එක..

"ශක්‍ර දේවේන්ද්‍ර...?  ඒ මොකෙක්ද ඒ..? ශශී ව්ජේන්ද්‍ර කියල පොරක් ගැනනං අපි ආලා තියෙනව නියම ඇක්ටිං... නැද්ද මචං...? " කියල වලා ආවත් චැට් එකට එකතු කර ගත්තලු...

"දන්නෙ නැත්තං ඒ විදියට ඉටාං.. මෙයා තමයි අපි ඔක්කොගෙම ලොක්ක.. ඒම නේද බොශ්...?"  කියල ආවා දුන්නලු පොර ටෝක් එකක්..

"ඔව්.. ඔව්.. ඒම තමා, උඹේ ගඳ වගේම කටත් වැඩියි..  පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉටාන් ඔදෙයි..". ඒ ගෙම්බ..

"ෂොරිම වෙන්න ඕන ලොක්ක.. මොනාද අපෙන් වෙන්න ඕන....?". කියල අම්බානක බය වෙච්චි වලා ගෙම්බගෙන් ඇහුවලු..

"තොපිලගෙන් මං මොනව ගන්නද යකෝ...?  මම ආවේ මම ඇම එකාටම දෙන විෂ් තුන උඹල දෙන්නටත් දෙන්න.." ඒ ගෙම්බ..

අම්මටම සිරි කොඑන් කඩාගෙන පාත්වුන චාන්ස් එකක්ද යකෝ මේ කියල ආවටයි වලාටයි දෙන්නටම මාර ආතල්ලු.

"ආ උඹ ඉල්ලපංකො ඉස්සෙල්ලම,... කෝමත් ලොකු එකාට ඉස්සෙල්ල චාන්ස් එක දෙන්න එපැයි..." කියල ගෙම්බ කිව්වලු...

වලා කොයි එකාගෙත් ඉතේ තීන විෂ් එක ඉල්ලුවලු..

"ලොක්ක.... මේ කැලෙ ඉන්න එකම වලා මම වේවා...!!!. කිව්ව විතරයිලු ඒ කැලේ ඉටපු ඔක්කොම වලස්සු, වැලඉන්නියෝ බවට පත් වුනාලු...

"උඹත් ඉල්ලපං ආවෝ පළවෙනි විෂ් එක..." කියපු ගමන් ආව ඉල්ලුවලු "ලොක්ක.... මට දෙන්න ඔඳ ක්‍රෑෂ් එල්මට් එකක් ..." කියල.. ගෙම්බයි වලායි ටිකක් අප්සට් ගියාලු ආවගෙ විෂ් එකට.."

"දැන් උඹ ඉල්ලාන්  උඹගෙ දෙවෙනි විෂ් එක...."

"ලොක්ක.... එආ කැලේටත් ඉන්න එකම වලා මම වේවා...!!!"  කිවව විතරලු එආ කැලේ උන්නු වලස්සු සෙරමත් වැලඉන්නියො උනාලු..

"මට දෙන්න ලොක්ක ඔඳ යමා රේල් බයික් එකක්" ආව එයාගේ දෙවනි විෂ් එක ඉල්ලුව විතරයිලු අන් රෙජිස්ටඩ් බ්‍රෑන්ඩ් නිව් පුටුං බුම් එකක් එතනලු...

ගෙම්බයි වලායි පුල් චාටර්ලු.. ඔල්මන්ද බේරේ පොල්කොලම වෙලා ගියාලු..

"ඇම කැලේටම ඉන්න එකම වලා මම වේවා....!!!"  කියල වලා තුන්වෙනි ඉල්ලීමත් ඉල්ලුව විතරයිලු, මුලු ලෝකෙටම එකම වලා අපේ වලා උනාලු...

වලාට ෆුල් ඇපිලු.. මැක්සලු.. පුල් ත්‍රිල් එකේ හාවට මේම කියනවලු..

"දැන් ඉතිං ඉල්ලාන් තොගෙ ඉතුරු විෂ් එකත්.... ගොන් ආවෝ....."

"මගේ ලාස්ට් විෂ් එක තමයි ලොක්ක.... මේ ලොකේ ඉන්න එකම වලා ගේ (Gay) පොරක් වේවා.....!!!"

කියල එල්මට් එකත් දාං ඉටපු ආවා අන් රෙජිස්ටඩ් බ්‍රෑන්ඩ් නිව් පුටුං බුං එකේ නැගල එකසිය ගානට පෑගුවලු....

සැ: යු: කොහේ හෝ "හ" තිබුනොත් සමාවන සේක්වා...!!!

17 comments:

  1. ඉක්ස්ස්ස්ස්... පව් අනේ වලා...ඇබැයි ඉතින් වලාට ආතල් ගන්න තව වලෙක් නැති වුනාට මොකද?? ඔය රත්තරන් ගෙම්බෙක් ඉන්නෙ.. ආව දන් නෑ ගෙම්බගෙ ආතල් 1.. ඉක්ස්ස්ස්

    ReplyDelete
  2. කැලේ හිටපු කියන තැනයි පුල් හොල්මන් වුනා කියන තැනයි ඔන්න හ යනු 2ක් මම හොයා ගත්තා...

    ReplyDelete
  3. ගනේමුල්ලේ බස්ටෑන්ඩ් එක ලග තේවතුර කඩේ මුදළාලි නෝනායි එයාගේ මල්ලීයි මේ වගේ තමයි කතා කලේ.

    ReplyDelete
  4. @ රවීන්

    ඒ ගෙම්බට ගේම් දෙන්න අමාරුයි. ඒත් ආවා ඒම අම්බ උනොත් නම් අර වැඩේ කොරනවමයි...

    ඔන්න වැරදි නිවැරදි කිරීම කළා හොඳෙයි....

    ReplyDelete
  5. @ කතන්දර

    ඒනං මුදලාලි තේ ශීනී විතරක් නෙවෙයි.. තව බඩු ගෙනැත් තියෙනව කොළඹින්..

    හෙහ් හෙහ්

    ReplyDelete
  6. අඩේ පවු අසරන වලා .. අතර වෙනි විශ් එකක් නැද්ද මන්දා ?

    ReplyDelete
  7. ඕම කරන්න ඔඳද බන් . . ආවා අරිම XX ආවෙක් නෑ බන්z . .

    අලේ මචං මේ ඉස්ටෝරි එකේ ඉංගිරිසි ඉස්ටෝරි එකක් මම කියෙව්ව මචෝ .

    ReplyDelete
  8. @ හිස් අහස

    ඒම විෂ් දෙන්නෙ නෑ ලොක්ක.. මැක්ෂා තුනයි...

    ReplyDelete
  9. @@ දුකා

    කියල වැඩක් නෑ.. වල්ම වල් ආවෙක්..

    ඉංගිලිෂ් එක මාත් ළගදි කියෙව්ව.. ඒ උනාට ඒකේ මේ රසේ නැතෝ....

    ReplyDelete
  10. @ ඉන්දික උපශාන්ත

    ආවත් වලා... වලාත් වලා...

    ReplyDelete
  11. වලා මෝඩයි. ආවා නුවනක්කාරයි. ඒමයි හිතාන ඉන්නෙ.

    විෂ් ඉල්ලාන්නේ කාගෙන්ය. ??

    ආවා පැලල ගිහින්.......

    ReplyDelete
  12. @ සොඳුරු සිත

    විෂ් ඉල්ලන්නෙ ගෙබ්බගෙන් නෝනේ.. ආවගෙන් නෙමේ..

    ReplyDelete
  13. ආවා තමයි ආවා දවසකට හරි. අහලා තියෙනවාද සිංහයෙක් ආවෙක්ව අල්ලන්න ඇවිත් ආවා අල්ලයි මගෙ ** කියලා දුවපු කතාව :))

    ReplyDelete
  14. @ හසිත

    අපි දැං වයසයිනේ බොලව්.. ඕන එකක් ඇහුවයින් පස්සෙ තමයි මතක් වෙන්නෙ..

    ReplyDelete
  15. :D මම මේ කතාවෙ සිංහල වර්ෂන් එක අහල තිබුණා. මේක එළ! කතාවක් රහ ඒකෙ ඔරිජිනල් බාසාවෙන්ම තමා.

    ReplyDelete
  16. @ නලිනි චන්දිමා

    ඌ කියපු බාසාවෙන්ම් ලියුවනම් බොග දාලා ඉවරයි.. සෑහෙන්න සංශෝධනයට යටත් කොටයි දැම්මෙ නෝනේ....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න