.

.

May 16, 2011

අනේ බුදු හිමියනේ...... - Vesak Celebration


අනේ හිමි සඳුනේ..
සිටියානම් අද දිනේ...
බබළන අයුරු සාසනේ..
නිවී සැනසෙද කෙසේ නිවනේ..

පීකර් වලින් පමණක් නොවේ
සියලු වාහිනි මෙපින් පොලොවේ
දෙසති ධර්මය හතර වරුවේ
ගිලන්වූ සිත් එයින් සුවවේ

බලෙන් දක්කති එකෙක් පන්සල්
තටිටෙ බූ ගා ගනී දස සිල්
නැගෙති රට වට බොහෝ පන්සල්
කොල්ලො බලයෙන් කවති දන්සල්

තැන තැන අහස් කුස සිඹිනා තොරන්ය
තද බද වෙවි සිරි නරඹන ලියන්ය
ඉඳ හිට ගැට කපන පව් කාරයන්ය
පොඩි ෂොට් එකක් දා ගත් පින්වතුන්ය

පිදුමට මල් නොමැත එළවළු වවන්නේ
හඳට බයයි ඒ ගැන නෑ ලියන්නේ
ලෝන් ගසාලයි කූඩූව තනන්නේ
අහිතක් නොමැත බුදු හිමියනි කමන්නේ


ඔබ සැමට සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා....!!!!!

3 comments:

  1. නියමයි මාතලන් අයියා නියමයි . . .
    පිහිටක් නැති සරණක් නැති සතුටක් ඇති මුහුනක් නැති
    මේ සසර දනව්වේ . . අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා . . බුදු හාමුදුරුවනේ . . කියලා තමයි හිතෙන්නේ

    ReplyDelete
  2. @ දුකා

    පිං සිද්ද වේවා....!!! කොලුවො.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න