.

.

Jul 30, 2011

සේකරගේ රිදුණු සිත........




රිදෙයි සිත සේකරගේ....
දල්වන්ට දුම්වැටිය....
රැගෙන ඔහු දුම්වැටිය...
තව එකෙක්, මහතැන් කෙනෙක්....
නැවත දෙයි නැත සිනා...
නොමැත ස්තූතියක්....
රිදුනි සිත සේකරගේ....
සංවේදී කවි සිතක....
මහ කලාගාරයක......


කොලොම්තොට තරු රැයක....
අඳුරු නොපෙනෙන තැනක....
විඳින කළ ඒ සුවය....
දල්වන්න බීඩියක්.....
"එක්ස් කියුස් මී සෑර්...."
ඉල්ලුමක් කාරුණික..

"සර්... කොටේ මන් ගහන්නද...?"

එපා කොට.. අදින්නට..
අදින බර.. මදිද නුඹ..
පෙරහැරේ ඇතෙක් සේ..
ගහපන්කො ෆුල් එකක්..
නැතේ කිසි අමනාප..

"එපා....!!!"
"මගේ එක මට දෙන්න..."
"මේක අරගන්න..."

 "සිකැරට් එකක්..!!!."
"ටැන්කිව් සෑර්.....!!!"

 ළොකු බුවෙක්......
මහ එකෙක්.....
නොවේ ඌ....
පොඩි එකෙක්....

24 comments:

  1. මේක මහගම සේකර ලියාපු එකක්ද?... මට නම් කොහෙදිවත් කියවන්න ලැබිල නෑ...

    මේක මාතලන් අයිය ලියාපු එකක් නම් සුපිරි කියල තමයි කියන්න තියෙන්නෙ... සේකර මෙහෙම ලියාපු එකකට මම කියවල තියෙන්නෙ,
    "ඉල්වාගෙන ප්‍රබුද්ධගේ දුම්වැටිය
    දැල්වී තවෙකෙක් තම දුම්වැටිය
    'ඉස්තුතියි' කියා ඔහු කියාවීයි සිතූ මුත්
    නොදොඩා කිසි බසක්
    නොදී යන්තම් සිනහ බිඳකුත්
    ගසාගෙන දුම්වැටිය කට කොනක
    ගියේ ඔහු ලෝඩ් වාගේ ඉවත
    ...................."

    ReplyDelete
  2. @ සාතන්
    හරියට හරි කොල්ලෝ.. ඔය කවිය කියවපු දවසෙ මට මාර දුකක් ඇතිඋනා.. මිනිස්සු ගැන.. ඒකට තමයි මේක ලිව්වෙ.. මේක මගේ.. "තෑන්ක්ස් සර්.."

    ReplyDelete
  3. කොමෙන්ට් නොදැම්මාට මමත් මාතලන් ගෙ පාඨකයෙක්.මේ පළවෙනි කොමෙන්ට් එක..

    දුන්නෙ මම නුඹට ගිනි
    දවන්නට පපු කැවුතු
    එපා මට ඒකට
    කිසිම ස්තූතියක්..

    ලොකු කමක් පෙන්නන්න ලිව්වා නෙවෙයි, ඒත් ඒ මට හිතෙන හැටි.

    ReplyDelete
  4. @ Lucky
    ස්තූතියි කොමෙන්ට් කොලාට..
    ගොඩාක්..
    දුම්කොළ ගොවියො නගා සිටුවීමක් අපි කොරන්නේ...

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් තහනම(කුඩා කර්මාන්තකරුවන්), ඉදිරියේ ඒමට නියමිත දුම්කොල වගා තහනම ගැන ඔහේලට සැකයක් නැද්ද?

      Delete
  5. මාතලන් අය්යා,

    අර උඩ තියන පින්තූරේ අඩු පාඩුවක් තියනවා...
    කොටු කොටු දාන්න...

    ReplyDelete
  6. @ ගිම්හානී.
    ඇත්තමයි.. ෂොරි ඈ....

    ReplyDelete
  7. ගිම්හානි කියපු එක හරි..මේ රටේ මතට තිත තියලා තියෙන්නේ..ඔව්වා දාන්න එපා..හිකිස්‌...
    ලියපු එකනම් ආයි නෑ , පට්ටයි..

    ReplyDelete
  8. @ ChammA
    මතට තිතද...... තිතට මතද.....?
    ටැන්කූ...

    ReplyDelete
  9. පට්ට වෙන්ඩ ලියා තියනවා මාතලන් ලොක්කා ..මම නම් කවියට උපරිමෙන්ම ලයික් . ..

    ReplyDelete
  10. @ සඳරූ
    ටැන්කිවූ සෑර්.....

    ReplyDelete
  11. @ indika dissanayake
    "thank you Sir,"
    he he .........

    ReplyDelete
  12. මාතලන් ගේ කවි අපූරුයි නෙව.

    ReplyDelete
  13. මාතලන් ගොයියත් අපූරු කවි කාරයෙක් නොවැ....! අපූරු පැබැඳුම ගොයියෝ...!

    ReplyDelete
  14. ඉස් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආව
    කවියක් කියෙව්ව
    හොඳින් රසවින්ද
    ඉතින් ආයෙත් එන්නන්

    ReplyDelete
  15. @ Il mondo di una povera pazza
    ඇත්තෙයි.... "ටැන්කූ සර්"
    ෂොරී ඈ
    ටැන්කූ මැඩොම්...

    ReplyDelete
  16. @ දුමී
    අනේ මන්දා.. "ටැන්කූ සර්..."

    ReplyDelete
  17. @ පොත් ගුල්ලා

    මුලින් මෙහි ආවට
    කොමෙන්ටුව දැම්මට
    තුති පුදමි ගුල්ලට
    ගනිමි මගෙ සින්ඩියට

    ReplyDelete
  18. මේක අමුතු කවියක්.ඒ නිසාම මම කැමතියි ඒකට.

    ReplyDelete
  19. @ කංචනා අමිලානි
    ඇගයුමක්..
    "තෑන්ක්ස් මැඩම්...."

    ReplyDelete
  20. පට්ට.සංවේදී හිතක් තියෙන මිනිහෙක් ගොඩක් වටිනවා.එළකිරි කවියෙක්.

    ReplyDelete
  21. Hmm is anyone else having problems with the images
    on this blog loading? I'm trying to figure out if its a problem on my end or if it's the blog.

    Any feedback would be greatly appreciated.

    Here is my homepage :: I recommend you read this

    ReplyDelete
  22. Hey would you mind letting me know which webhost you're working with? I've loaded
    your blog in 3 different web browsers and I must say this blog loads a lot
    faster then most. Can you suggest a good
    hosting provider at a reasonable price? Many thanks, I appreciate it!


    My page great article

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න