.

.

Oct 5, 2011

අනාගත මුල් පිටු - Future News


පොලිස් අත් අඩංගුවට පත්වෙන මිනීමරුවෝ, මංකොල්ළකාරයෝ, රේප් කේස් කාරයෝ කියන කොයි එකාටත් හිංගලෙන් කියන්නේ සැකකාරයා. උන් ඔය අපරාද කොරපු තැන් ආයුධ හංගපු තැන් හොයන්න යන කොට පොලීසියත් එක්ක ගැටෙන්න ගිහිල්ලා. සමහර විට කකුල් පැටලැවිලා අරවා මේවා වෙලා මැරෙණවා. ඒ එයාලා ගෙනාපූ ආයුෂ ප්‍රමාණය ඉවර නිසා මිසක් වෙන හේතුවක් නෙමෙයි.

එවන් සිඳුවීම් ගැන ජාතික පුවත් පත් නිවැරදිව සිඳුවීම වාර්ථා කරලා තම ජාතික යුතුකම නිසි ලෙස ඉටුකරනවා. සිරස නම් පොඩ්ඩක් කොස්සක් හිටින විදියට තමයි වාර්ථා කොරන්නේ. දෙරණ ග්‍රැෆික් මාර්ගයෙන් පොලිස් කතාව නිරූපනය කරන අතර සෝමා අක්කගේ පච වාහිනිය නළු නිළියෝ යොදායෙන චිත්තරපටියක්ම හදල සත්‍ය සිඳුවීම ජනතාවට ලබා දෙනවා. ඒ උනාට මේ බ්ලොග් කාරයෝ කියන නොසන්ඩාලයෝ ඒවට එක එක විග්ගරහ ඉඳිරිපත් කොරනවා. කොහොමත්ම මහ එපා කරපු ජාතියක්.

ඒ අතරේ හොඳම පොස්ට් එක තිබුනේ බුවාගේ එකේ. එයා දක්ෂ කතා කාරයෙක් හොයනව පොලීසියට. මම නම් කිව්ව මහින්ද අබේසුන්දරට කෝල් එකක් දෙන්න කියලා. මොකෝ එයා ආගිය කතා කියල ලස්සන කතා ටිකක් ලිව්වා කාලයක් ලක්බිම පත්තරේ. ඔය පිටරට සෝ වල ඉන්නෝ රිපෝටර් කෙනෙක්. මිනිහට හෙට පත්තරේ යන ඒවා, අද රෑ හීනෙන් පේනවා. උන්ට විතරක් නෙමෙයි අපිටත් පේනවා. නමුත් ඉතින් අපි ඕවා කිව්වම අපි ගැන සෝ හදන්නේ නෑ. සමච්චලයට ලක් කොරනවා. මෙන්න එහෙම අනාගත පත්තර වල මා දුටු හෙඩින් ටිකක්.

"අත් අඩංගුවට පත්වන සැකකරුවන් කිසිම වහානයකින් රැගෙන යාම අද රාත්‍රි 12 පටන් සපුරා තහනම්" 

"සැකකරුවන් සැක කටයුතු ස්ථාන වලට ගෙනයාම, කලින් ප්‍රසිද්ධ කොට, පෙරහරක් මගින් ගෙන යන ලෙසට ජනපති අණ කරයි."

"සැකකරුවන් අත් අඩංගුවට ගැන්මට පෙර ප්‍රාදේශීය දේශපාළන බලවතාට ලිඛිතව දැණුම් දිය යුතුය."


"සැකකරූ විදුලි සැර වැදී මියයයි."
අත් අඩංගුවේ පසුවූ සැකකරුට රැවුල බා ගැනීම සඳහා ලබාදුන් ඕ.අයි.සී මහතාගේ ඉලෙක්ට්‍රොනික් රේසරයේ වූ විදුලි කාන්දුවකින් සිඳුවූ මරණයක් බව මරණ පරීක්ෂනයේදී හෙලිවේ.

"පොලීසිය සමග ගිය චාරීකාවේදී ලෝකාන්තයෙන් වැටී සැකකරු මිය යයි"
පොලිසියත් සමග ළෝකාන්තය වෙත විනෝද චාරීකාවක යෙදුනු සැකකරු පින්තූරයක් ගැනීමට යාමෙදී පය ලිස්සා යාමෙන් ප්‍රපාතයට වැටීමෙන් මේ කනගාටූදයක සිඳුවීම සිඳුවී ඇත. මළකඳ සොයා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාෂක පවසයි.

"සැකකරුවන් සමඟ උස් ස්ථානවලට (සීගිරිය, මිහින්තලේ, සිරිපාදය, නමුණුකුල, බතලේගල, වැඩිහිටි කන්ද, අභයගිරිය වැනි ස්ථාන.) විනෝද චාරිකා යාම රජය වහා අත්හිටුවයි"

"වෙසක් නාට්‍යයේදී එල්ල කළ ඊ පහරින් සැකකරු මිය යයි"
"දොම්පේ පොලිසිය ප්‍රදේශයේ ජනතාව සමග ඉදිරිපත් කරන වාර්ශික වෙසක් නාට්‍යයෙදි පෙන්වන ලද මනමේ නාට්‍යයෙදී වැදි රජ එල්ල කරන ලද හී පහරකින් මනමේ කුමරුන් ලෙස රඟපෑ නළුවා එම ස්ථානයෙදීම මිය ගොස් ඇත. මෙහිදි මනමේ කුමරුන් ලෙස රඟපා ඇත්තේ පොලිස් අත් අඩංගුවේ පසුවූ සැකරුවෙකි.

"පිටින් ගෙනත් දුන් ආහාර විෂ වී සැකකරු මියයයි"
පොලීසිය මගින්, බුරියානි, ෆලූඩා, කොකා කෝලා සහ බෝතල කල පානීය ජලය ලබා දුන්නද, පිටින් කෑම ඉල්ලා සිටි සැකකරු එම ආහාර අනුබව කොට සුළු මොහොතකින් මරණයට පත්ව ඇත. මෙම ආහාර වල සයනයිට් අඩංගුව තිබූ බවද මොහුගේ ඥාතීන් කොටි සංවිධානය සමග සම්බන්දතා පවත්වා ඇති බවද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ බවද වාර්ථාවේ.

"ටී බනිස් ගෙනෙන්නට ගිය සැකකරුට වැඩේ බනිස් වෙයි" - ලංකාදීප 3 පිටුව
වාර්ථා වන අන්දමට සැකකරු පොලිසිය හා ඉතා ඉක්මනින් හිතවත්ව ඇත. ඔහුගේ මුදලින් පොලීසියට සංග්‍රහයක් කිරීමට අවශ්‍ය බව දන්වා පොලිසියේ තිබූ ෆුට් සයිකලයක්ද රැගෙන අසල ඇති බේකරිය වෙත ගොස් බනිස් ද රැගෙන පැමිණෙමින් සිටියදී රාජකාරියක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි පොලිස් ජීප් රියේ ගැටීමෙන් මෙම මරණය සිඳුවී ඇත. හිතවත් නිළධාරින් සඳහා ඔහු ගෙනා බනිස් පාර පුරා විසිරි තිබූ අතර පොලීසිය මගින් පවත්වන අවුරුදු උලෙලේ බනිස් කෑමේ තරඟය, සැකකරුගේ නමින් අනුස්මරණ තරඟයක් බවට පත් කොට ඇත.

"අධ්‍යාපන චාරීකාවකට සහභාගී වූ සැකකරු මියයයි."
පොලිස් නිළධාරින් සමඟ කටු ගේ නැරඹිමට ගිය සැකකරුවකු කටුවක් ඇනීමෙන් මිය ගොස් ඇත. මේ කටුවම මීට පෙර කකුලෙ ඇනීමෙන් ටිකිරි කුමරු නම් පාතාල සාමජිකයකුද මියගොස් ඇති බව පුරා විද්‍යඥ්ඥයන් විසින් පොලීසියට දන්වා ඇත. 

මේවා සිහින බැවින් සිහින සැබෑවීමේ සම්භාවිතාව අනුව සමහර විට සිඳු නොවන්නටද නොහැකියාවක් නොමැත.

32 comments:

  1. එහෙනං මාතලන් ට ජොබ සැට් වෙලා වගේ?

    ReplyDelete
  2. @ කතන්දර
    ස්ථිර රැකියාවක් නැති එකේ මේකවත් ස්/ට් උනොත් මරු. අයි ටී ඇන් එකේ විමසුම ලියන්නත් බැරියෑ.

    ReplyDelete
  3. මෙන්න තවත් අනාගත හෙඩිමක්

    සැකකරුවන් රැසක් සිනමා දර්ශන තලයේ දී කඩු පහරකින් මියයති
    ජැකා කොක්ක දැමූ නිසා කොට උඩ ගිය ජයන්ත චන්ද්‍රසිරි ගේ දුටුගැමුණු චිත්‍රපටියේ අළුතින් වැඩ ඇරඹූ දිනයේ එහි අතිරේක නළුවන් ලෙස රඟපාමින් සිටි සැකකරුවන් කීප දෙනෙක්ම විජිතපුර සටන් පෙරහුරුවේ දී මියගොස් ඇත.
    දුටුගැමුණු නව නිශ්ඳාදනය පොලිස් පාරිතෝෂික අරමුදල මගිනි.

    ReplyDelete
  4. මේ සිහින සැබෑ වීමට බොහෝ ඉඩ කඩ ඇත. පලා යාමේදී, දනිස්සෙන් පහලට වෙඩි තැබීමට නියමව තිබු හිරකරුවෙකු, එම දඬුවමට ලක් වීමේදී, ඔලුවෙන් සිට ගැනීම වෙනුවට, හිර ගෙදරින් පමණක් නොව රටින්ද පැන ගොස්, අසල දුපතක කරවල වාඩියක සැඟවී සිටින බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇත.

    ReplyDelete
  5. @ කතන්දර
    වෙන්න තිබෙන සම්බාවිතාවය සෑහෙන ඉහලයි. ජෙප්පොත් කැලෑ වදින්න සැරසෙන වෙලාවේ.

    ReplyDelete
  6. @ ඔබ්සර්වර්
    දූපතේ සිට එවූ ඊ මේල් පනිවිඩයක් මගින් මේ බව තහවුරු කරගෙන ඇත.

    ReplyDelete
  7. පොලිස් නිලදාරියාගෙන් ගිනි අවිය පැහැරගත් සැකකරු තමාටම වෙඩි තබා ගෙන මිය යයි.

    ReplyDelete
  8. සිරි ලංකාවනේ සැබැවින්ම විය හැක.
    මමත් කැමතිම බුවාගේ ලිපියට තමයි.

    ReplyDelete
  9. @ ඇනෝ
    බොහෝ විට ඊළඟ නිව්ස් එක වෙන්න ඉඩ තියෙනවා..

    ReplyDelete
  10. @ වෙද මහත්තයා
    අනිවා. මගෙත් ප්‍රියතම එක ඒක...

    ReplyDelete
  11. කතා දෙකක් නෑ....ඔය හීන සැබෑවේවී....හුඟාක් දුරට සැබැවෙලානෙ...මාතලන්...ඔන්න කිව්වා හොරකම් කරලා නම් පොලීසියට අහුවෙන්න එපා ඔන්න...පේනවා නොවැ වෙන දේවල්....

    අර පොලීසියේ ලියන්නට ගියොත් නරකද....මහින්දා නන්දට වඩා නියමෙට කරාවි..

    ඇත්තටම මාතලන් ඔය මහින්දා නන්ද ට ඔය තරමට බොරු පච කෙබර කොහෙන් එනවද මන්දා...මිනිහගෙ පඩියට වඩා ගෙවනවා ඇති පච වලට...

    ReplyDelete
  12. කොයි ලෝකේ එව්වද අයියේ මේ?

    ReplyDelete
  13. පොලිස් නිලධාරියාගේ කුඹුරේ වැඩ කිරීමට රැගෙන අා සැකකරුවා වකුගඩු රෝගයෙන් ජීවිතක්ෂයට. (එ් කියන්නෙ ජීවිත අක්ෂයට)

    ReplyDelete
  14. මහින්ද අබේසුන්දරය කථා කාරය උනාට ශුවර් නැ , මොකද වෙලාවකට මිනිහ කියන ඒවා මිනිහටම නිච්චියක් නැ , මාතලන් තමයි වැඩේට සුදුසුම එක්කෙනා ,ඉලංගකෝන් මහත්තයට කියන්නද පොස්ට් එකට පොරක් සෙට් වුනාය කියල

    @තනි අලියා - කුඹුරු කෙටීමට ආ සැකකරු ආසනික් විෂ වී මරුට කියල දාමු , එතකොට නලින් මහත්තයටයි සී නිවුස් එකටයි මාසයක් විතර ජීවත් වෙන්නත් ඒකම යොදා ගන්න පුලුවන් ,.. ටූ ඉන් වන් හෙවත් එක ගලෙන් කූරුල්ලො දෙන්නයි

    ReplyDelete
  15. පොලිස් නිලධාරියාගේ පෙම්වතියට අතවර කිරීමට උත්සහ කල සැකකරු . සෙරෙප්පු පහරකින් මරුට !

    ReplyDelete
  16. මා දුටු උඹේ හොඳම පෝස්ට් එක මේක.

    ReplyDelete
  17. @ දිල්
    මහින්දානන්ද නෙමෙයි අනේ මහින්ද අබේසුන්දර. මහින්දානන්ද කියන්නේ කොච්චර වැදගත් මහත්මයෙක්ද..? අපොයි බිස්කට් එකක් හොරකම් කරත් රටින් පනින්න බලාගෙන තමයි කරන්නේ. මොකෝ කඩේ පෙන්නන්න යන ගමන් කකුල පැටලිලා වැටුනොත් හෙම.

    ReplyDelete
  18. @ ප්‍රසන්න86කේ
    පෘතුවිය කියන ළෝකේ උතුම්ම රටේ වෙන්න පුලුවන් දේවල්.

    ReplyDelete
  19. @ තනි අලියා
    වෙන්න පුලුවන් හොඳ කතාවක්..

    ReplyDelete
  20. @ බුවා
    දන්නවනම් පොඩ්ඩක් කතා කොරල බලහන්.

    ReplyDelete
  21. @ ජෝතිෂ ලංකා
    ටැන්කූ...

    ReplyDelete
  22. @ හිස් අහස
    සමහ විට කම්මුල් පහරකින් උනත් මියයන්න තියෙන අවස්ථාව වැඩියි..

    ReplyDelete
  23. @ සුජීව කොහුවල
    ටෑන්ක්ස්.. බුවාගේ පෝස්ට් එකෙන් තමයි අදහස ආවේ. උඹේ කොමෙන්ට් එකක් දැක්කෙ සෑහෙන කාළේකින්.

    ReplyDelete
  24. @buwa
    මමත් මුලින්ම දැම්මෙ අාසනික් විෂවී කියල තමා,.... පස්සෙ මට නිකං මොකද්ද වගේ හිතුන අප්ප! :)

    සමහරවිට " සැකකරු ගෙල වැලලාගන්නට තැත් කිරීමේදී කොන්ද කැඩී මරුට, සියලු පොලිස් ස්ථාන වලට ප්‍රමිතියෙන් යුත් කඹ ලබා දීමට පියවර ගනී" වගේ නිව්ස් පලවෙන්න ඉඩ තියෙයිද??

    ReplyDelete
  25. ශිහ් . . . මාතලන් අලුත් ජොබ් එකට ගියාම බ්ලොග් ලියන්න වෙලාව තියෙයි නේද ???

    ReplyDelete
  26. @ තනි අලියා
    එහෙම නොදැම්ම එකම හොඳයි. මොකෝ මී උන වෙන්නත් පුළුවන්නේ. සර්ප විෂටත් වකුගඩු අප්සෙට් වෙනවනේ.

    ReplyDelete
  27. @ ඕනයා
    කස්ටියට එපා වෙනකම් ඒකනම් කෙරෙයි..

    ReplyDelete
  28. අත්තඩංගුවට ගත් සිරකරු ප්ලායෑමට මාංචු පිටින් කැලණිගට පැනීම නිසා මියයයි..

    ReplyDelete
  29. පොලිස්කාරයන් හා සැකකාරයන් අතර පවත්වන වාර්ෂික ක්‍රිකට් ගැටුමේදී බවුන්සර් පන්දුවක් හිසේ වැදී කොටි සෝමේ මරුට.

    ReplyDelete
  30. @ සිතුවිලි මණ්ඩිය
    ලස්සන කතාවක්.. බුවාට උඹ ගැනත් කියන්නම්..

    ReplyDelete
  31. @ පොඩි මෑන්
    එතකොට රිපීට් ටෙලිකාස්ට් වෙනවා. ඇයි බන් නේවී අජිත් මලේ එහෙමනේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න