.

.

Mar 13, 2018

මාක් සකර්බර්ග් ලංකාවේ - Mark Zuckerberg visits Siri Lanka



මයෙ අම්මප මචෝ මේ දවස්වල මලක්කත් කඩා ගන්න බැරිව හිතේ වේදනාවෙන් ඉන්න නිසා, නාමල් උඩුගමගේ, "වේදනා දෙන්නේ නෑ.... ඔබ හැර මා යන්නේ නෑ...." කියලා වැරදි මාරගයෙන් බුකි ගත උනත්, කෑලි ටිකට වැරදි මාර්ගේ යන්න දන්නේ නැති නිසා උනුත් නැති හිතේ අමාරුවට, සිරිලයියගෙන් මලක් ගෙනත් ගහලා නිදා ගන්න ගියා.

වැඩි වෙලාවෙක් දොයියන්න උනේ නෑ, කෝල් එකක් එනවා පිට රට නම්බරේකින්. කොහොමත් මේ දවස්සල මම ඉන්නේ, අයර්ලන්තේ, සිංගා, නවසීලන්තේ වගේ රටවල නේ. ඕන මල හත්තිලව්වක් කියලා, ආන්සර් කලාම අනෙක් පැත්තේන් අමු හින්ගලෙම අහපි.."හලෝ..... මේ මාතලන්ද හිටන්...?" කියලා. මම කිව්වා "මාතලන් තමයි.... හැබයි හිටන් නම් නෙමෙයි ඇලවෙලා ඉන්නේ..." කියලා හිටන්.

"මාතේ..... මම මේ සිරිසේන.... මොනවද බං ඔහේ පත්තර වල තියෙන්නේ හිටන්...." කියලා අහපු ගමන්, හරකට වගේ මට තේරුම් ගියා, මේ අපේ අතිගරු ජනාධිපති තුමා නේද යකෝ කියලා. "අනේ... මේ සිරිසේන සෑර් නේද හිටන්...." කියලා අහපු ගමන්, එයැයි කිව්වා සෑර් කෑල්ල එපැයිය. "මම ඉතින් සරළ සමීකරණ පොර නේ මාතේ හිටන්...." කියලා.

"මක්කත් නෑ මචං... මේ ෆේස්බුක් තහනම අද නොවේ හේට කියලා ඉතරයි තියෙන්නේ......... මම හිතන්නේ පත්තර කාරයොත් වැඩේට කැමතියි වගේ හිටන්... "කියපු ගමන් උන්නැහේ කියපි,

"මක්කටෙයි මාතේ බොරුවක් මුසාවක් කියන්නේ... මම බොරුවක් කියනවා නම් මහින්ද අමරවීරට හෙන ගහන්න.... ඕවා මේ අරුන්ගේ වැඩ නේ හිටන්..."

"ඒක ඇත්ත..... මම නොදන්නවය.... ඔහේ කවදැයි බොරුවක් කිව්වේ... ඒකත් එකටම මම හිතුවා ඕක මහින්දලගේ වැඩක් වෙන්නෑ කියලා හිටන්..."

"මහින්දගෙ නෙමෙයි මාතේ.... ඔය ඔක්කොම ගේම් දෙන්නේ අර සෙට් එක... ඕවා එයාලගෙ වැඩ."

"එතකොට එක එකාට ඕන වැඩ කරන්න නම්, ඔහේ ඉන්නේ මක්කැටෙයි.... "කියලා අහන්න කට ගන්න කොටම,

උන්නැහේ කියපි, "ඕන් මාතේ ශිරාල් කාරයා හරි, ඔස්ටින් කාරයා හරි පෝන් එක ටැප් කොරනවද කොහෙද.... අනේ මාතේ.... මාත් ෆේස්බුක් එන්නේ ඕකුන්ට හොරෙන් හිටන්....|" කියලා,  උන්නැහේ කට් කලේ නැතැයි කෝල් එක හිටන්.

ඒ පාර, මල් මද හාසේ මස්කට් කෑල්ලකුත් කාලේ ආයේ නිදාගෙන විනාඩි කීපයයි ගියේ, ආයෙත් වැදුනයි කියහන්කෝ පෝන් එක. "ආ දැන් ටැප් කරන්නේ නෑ වගේද  හිටන්.." කියලා අහපු ගමන්, එහා පැත්තේන් කියපි "අයි ඇම් මාක් හියර්..." කියලා. පල පලයන් ඩෝ යන්න මේ නිදාගෙන ඉල්ල වෙලාවෙ පිස්සු කෙලින්න එපා කියලා කිව්වේ සමහර පඩත්තල වේස කොල්ලෝ එක එක කෝල් දෙන හින්දා. ඒ කියලා කෝල් එක කට් කරලා දැම්මා ඉතරයි, ආයේත් වදිනවා බඩ කඩුත්තුව, ඒ පාර හොඳට බැලුවාම වෙන නම්බර් එකක්.

Hello I'm Mark..

මන මාක්ද බං කාල් මාක්ද ඌ මැරිලා ගොඩක් කල් නේ...

නෑ නෑ බං... කාල් මාක්ස් නෙමෙයි.. මම මේ Mark බං..

ආ මේ Mark Anthony ... අඩෝ මචං පිස්සු පීකුදු... පොඩ්ඩක් "When I dream at night..." ගහපන්කෝ...

පිස්සුද බං මම මේ Mark Zukerberg .

අම්මට හැමනෙයි දාලා.. සකර්බර්ග්...

ඔව් බං ෆේස්බුක් අයිති සකර්බර්ග්..

අනේ පලයන් බං යන්න.... මාත් හිතුවේ එහෙම තමයි බුකියට යන කොට.. ඒත් එතනට ගියපු ගමන් ඒක මේ අයිතිකාරයෝ ගොඩාක් ඉන්න තැනක් කියලා තේරුනේ.. අපේ හිංගල උන් අපිට ලියන හැටි කියලා දෙනවා...

පිස්සුද බං මේක මගේ තනි ක්ම්පැනිය..

අනේ පලයන් බං යන්න... පස්සෙ තමයි අපිත් තේරුම් ගත්තේ මේක මේ අපේ ආන්ඩුවේ බිස්නස් එකක් කියලා.. ඕන් දැන් හැමිනවලා තියෙන්නේ.. ඒත් ඉතින් අපි වැරදි මාර්ග ඔස්සේ යනවා නොයා බැරි කමට..

ඒක නෙමෙයි මාතේ.. කව්ද මේ හරීන් කියන්නේ...

ආ එයා නේ මේ ජනවාරි 8 විප්ලවේ නියමුවා..

එයා අයියා කෙනෙක්ද..

එක නම් කියන්න දන්නේ නෑ හොඳ කොල්ලා මක්කා උනත්..

නෑ මේ ඌ කියලා තියෙනවා උන් කියන විදියට කරේ නැහ්නන් බුකිය වහලා දානවය කියලා...

ඔව් ඔව් මිනිහා එහෙමට පොර.. කොහොමත් බුකිය නෙමෙයි පත්තර ටැලිවිසොනුත් වහලා දායි කාපු කෑමට.. ඒ තරම් මලෙන් ඉන්නේ දැන්..

අනේ එහෙම නෙමෙයි උඹ ඌව දන්නවා නම්, ඌට කියලා බැරිද තහනම් අයින් කරන්නෙයි කියලා... නැත්නම් ඉතින් මම ඉවරනේ.. අපිත් මාතේ අහිංසක දරු පවුල් කාරයොනේ.. බුකියට එන්නේ උබලයි රටේ උන් විතරනේ... උඹලා නැහ්නන් මගේ බඩේ බත් නෑ..  ප්‍රිසිලගෙන් කනක් ඇහිලා ඉන්න නෑ.. දරුවට පිටි එකක් අරගෙන දෙන්න වෙන්නත් නැතෙයි.. පානුයි පරිප්පුයි තමයි කන්න වෙන්නේ කියලා... ඒ නිසා මම ලංකාවට ඇවිල්ලා ජනාධිපතිටයි, අගමැතිටයි කතා කරන්න ඉන්නේ පර්සනලි...

මෙහෙමයි මචං උඹ ලංකාවට වරෙන්..ඒත් එයාලා හම්බ වෙන්න කලින් රට පාලනය කරන අනික් අය හම්බ වෙලා ඉන්න වෙනවා ඊට පස්සෙ පුළුවන් අර අය හම්බ වෙන්න...

අප්පා එහෙමත් එකක්ද...?

ඔව්වොව් ආයේ ලේසි වෙන්නේ නෑ...  ඇවිල්ලා ඉස්සෙලම මල් වට්ටියක් අරගෙන දළදා හාන්දුරුවෝ වැඳහන්.. මල් ගැන කලබල වෙන්න එපා... අපි මල් සල්ලි දීලා ගත්තට..., උඹලා වගේ උන් එනකොට නිලංග දෑලා බන්ඩාරයා නොමිලේ මල් වට්ටියක් දීලා දත ළගටම ගිහින් පෙන්නනවා.. ඊට පස්සේ නුවර ෆුඩ් සිටියේ තියෙනවා පලතුරු වට්ටි..., ඒවයින් තුනක් ගනින්..., ඒවත් අරගෙන ඉස්සෙල්ලම පලයන් මල්වත්තට...

ආ මේ පේරාදෙනිය ගාර්ඩ්න්ස්

නෑ යකෝ... පේරාදෙනියේ මල් වත්තට නෙමෙයි.. මල්වතු විහාරයට... ගිහිල්ලා පළතුරු ටික වළඳන්නෙයි කියලා... දන ගහලා වඳින්න ඕන.. පොර ටිකක් ෂේප්... හොඳට හිනාවෙලා කතා බහ කරලා... ඕන නම් පොඩි කින්ඩියක් දායි..

හරි ඊට පස්සෙ තා දෙකක් ඉතුරුයිනේ...

ඊළඟට අස්ගිරියට. පොර ටිකක් තදයි... පොඩි සද්දයක් දායි ගනන් ගන්න එපා.. රෝන්ග් ටෝක්ම තමා දෙන්නේ.. ඒ නිසා බෙන්ස් කොම්පැනියෙන් ගිෆ්ට් වව්චරේකුත් ගන්න වෙනවා.. ඒවා දුන්නාම නිවන් දකින්නත් ලේසියි.. ආර්ය අස්ටාංගික මාර්ගේ යන්න ඕන නෑ.. වහගෙන ඉන්න පාරෙන් කෙලින්ම නිවන් මාර්ගෙට..

හරි .... එයිට පස්සේ

ඊළඟට පලයන් ගැටඹෙට.. පොර ටිකක් යකා වගේ පොර... ඒත් මහින්දත් එක්ක ගියා නම් ඇඹරෙනවා...

කව්ද මහින්ද

මහින්ද රාජපක්ෂ

ඉතින් එයා පැරදිලා ගෙදර ගිය එක්කෙනෙක් නේ..

මගුලක් කතා කරනවා මේ ළඟදි නීතීය හා සාමය ඇමති පත් කලෙත් එයා.. එයා තමයි රට පාලනය කරන්නේ...

ඔය නුවර කිට්ටුව නේද වැද්දො ඉන්නේ මට හරි ආසයි මාතේ වැද්දෝ බලන්න..

ආපෝ වැද්දෝ බලන්න එහේ යන්න ඕන නෑ.. මොකෝ ඊට පස්සේ ඔහේට යන්න වෙලවා කාදිනල් හම්බ වෙන්න... එයාට නම් වඳින්න ඕන නෑ.. අතට අත දීලා පොටෝ එකකට උන්නාම එයා නොමිලේ වොයිස් කට් එකක් දෙනවා..

ආන් ඒ ගමන්ම වැද්දෝ බලන්න පුළුවන්...

ඉතින් ඒකට ආයෙත් මහියංගනේ යන්න එපාය..

උන් මොන වැද්දොද මචං උන් දැන් හෙන දියුණුයි.. අපේ උන් කියන්නේ උන්ගේ නායකයා 2015 ජනවාරි 8 වෙනිදා නායකයා කරා නම් රට මීට වඩා දියුණුයි කියලා.. උඹ වරෙන් මම එක්ක යන්නම් නියම ගල් වැද්දෝ දෙන්නක් පෙන්නන්න..

කොළඹ...

ඔව් බං ඕව්.... එක්කෙනෙක් ඉන්නේ ෂැන්ග්‍රිලා එක ළඟ තියෙන කොලෝනියල් බිල්ඩින් එකක. තාමත් කෙහෙල් කොලේ කන්නේ... 

එතකොට තව එක්කෙනෙක් ඉන්නවා කිව්වා නේද...

ආ ඔව් එයත් ඒ කිට්ටුවම ඉන්නේ.... ටයි කෝට් ඇඳලා උන්නට රැවටෙන්න එපා.... එයත් නොම්මර එකේ ගල් වැද්දා..

එතකොට ප්‍රසිඩන්ට් ඇන්ඩ් ප්‍රයිමිනිස්ටර්

ආ ඒ දෙන්නද.... ඒ දෙන්නා ඉතින් හම්බ උනත් වැඩක් නෑ... ඒත් ඉතින් මේ වෙනකොට ඒ දෙන්නා හම්බ උනයි කියලා හිත හදා ගනින්කො....

එතකොට හරීන්

ආ මට අමතක උනා... අර මහින්ද හම්බ වෙන්න ගියාම එයාට කියපන් උඹේ දුක් ගැනවිල්ල.. එයා ප්‍රසිඩන්ට්ට කියලා මක්කා හරි කරලා දෙයි... හොඳ මනුස්සයා මක්කා කොලත්... 

90 comments:

  1. ඇයි අප්පා සෝෂල් මීඩියා වහපු තදියමෙන්ම මුංට සයිටම් වහගන්න බැරි වුනේ තාම.

    ReplyDelete
    Replies
    1. සයිටම් වහලා ගොඩක් කල්... අඟහරු ලෝකෙයි ඉන්නේ හිටන්..

      මේ ආන්ඩුව තිබුනොත් ඉන්ටර්නැසොනල් ඉස්කූල් ටිකත් වහලා දායි... මොකෝ අමු මී හරක් සෙට් එකක් නේ ඉන්නේ...

      Delete
  2. බීඑම් බෙන්ස්ද ඇති මේ කාළේ

    “ඔස්ටින්” කබලක් ගත් ගමරාලේ

    දෙන ලණු හොඳටම ගිලපන් රාලේ

    කඹ පහවනවිට දාගන් මාලේ

    - මයුරවිල මි.

    ReplyDelete
    Replies
    1. අම්මප අමරේ බී ඇම් ඇති අද කාළේ
      ඔස්ටින් කේම් බ්‍රිජ් මොකටෙයි මගෙ රාලේ
      ගැලපෙන් නැතේ නව ලෝකෙට කිස් තාලේ
      මුන් රැල හොඳා බැඳ දමනට ගව ගාලේ

      - කාව්ය සිරෝමනී මාතලන් -

      Delete
  3. @ මාතලන් | Maathalan

    ////එක්කෙනෙක් ඉන්නේ ෂැන්ග්‍රිලා එක ළඟ තියෙන කොලෝනියල් බිල්ඩින් එකක. තාමත් කෙහෙල් කොලේ කන්නේ... ///

    ++++++

    ///එතකොට තව එක්කෙනෙක් ඉන්නවා කිව්වා නේද...

    ආ ඔව් එයත් ඒ කිට්ටුවම ඉන්නේ.... ටයි කෝට් ඇඳලා උන්නට රැවටෙන්න එපා.... එයත් නොම්මර එකේ ගල් වැද්දා..///

    ++++++++++++++++++++++++++++++

    :D :D :D

    Well said Prof. Matalan, you are the man who has the skill to write like this. Beautiful & Superb post. Cheers !

    ReplyDelete
  4. කාලෙකින් රහ කතාවක්!

    ReplyDelete
  5. මාතලන් සකර්බර්ග්ට අයිති ෆේස්බුක් ඇවිල්ල පිහියක් වගේ, පාන්, එළවළු, මස් කපන්න ගන්න වගේම මිනියක් මරන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. FB ඇවිල්ලත් ඒ වගේ තමා. අවාසනාවට අපේ මිනිස්සු බහුතරය FB පාවිච්චි කලේ වැරදියට.

    Facebook භාවිතාවේ ඇති භයානක කම නිරීක්ෂණය කල නිසා ටයිකෝට් ඇඳලා ඉන්න නොම්මර එකේ ගල් වැද්දා Facebook භාවිතය තාවකාලිකව තහනම් කර ඇති අතර ඔරුවක් පෙරලීමෙන් 5ක් මිය යාම නිසා ඔරු භාවිතය තාවකාලිකව තහනම් කර ඇත. මිට අමතරව නිවාස ගිනි තැබීමට ගින්දර යොදා ගන්නා බැවින් ලිප ගිනි මෙලවිමද තාවකාලිකව අත් හිටවා ඇත. පිහි කැති ආදී යුධ මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට එම ආයුද භාවිතය ආරක්ෂක අංශ වලට පමණක් සීමා කරන බව සදහන් කල කැ. මාද්‍ය ප්‍රකාශක *ජිත, පසුගිය කාලයේ petrol පෝලිම් ඇති වූයේ රජය දූරදර්ශිව කටයුතු කර petrol බෝම්බ සැදීමට ගන්නා අමු ද්‍රව්‍ය සීමා කල නිසා බවද එමගින් ඇතිවිය හැකිව තිබු විනාශය සීමා කර ගත බවද වැඩි දුරටත් සඳහන් කළේය.

    ReplyDelete
    Replies
    1. මාතලන්, ස්ත්‍රී දුෂණයද බරපතල අපරාධයකි. එබැවින් එයට අත්‍යවශ්‍යයෙන්ම භාවිතා කෙරෙන "ආයුධය" සම්බන්ධයෙන් ගතයුතු පියවර මොනවාද?

      Delete
    2. කොහොමත් ඉස්ටෝනේජ් කාළේට යයි වගේ,,,

      ආයුදේ ඉතරක් නෙමෙය් අරකත් වහලා දාන්න ඕන හාකොබොන්ඩ් ගාලා

      Delete
    3. chinese solution
      ttps://i2.wp.com/lh6.ggpht.com/_6trla2rXMnY/TEUv-bqXA2I/AAAAAAAALgc/W3lHdW-P2fY/image_thumb[9].png

      Delete
  6. හැබැයි ඉතින් අපි නං බොක්කෙන්ම පිං දෙනවා, ජනාධිපතිතුමාටයි, අගමැති තුමාටයි මේ බුකී තහනම ගැන.

    මොකද කියනවා නම්, නිදහස්, තරුණ, සාධරණ, සුවාදීන...එකී මෙකී නොකී සියළු ජනමාද්දිය නිදහසේ දේවදූතයින්ගේ රෙද්ද කඩලා...ඔලුවේ ඔතලා.. පෙන්නපු එකට..

    ReplyDelete
    Replies
    1. ඔහේට කියන්න අපේ හාමිනත් දැන් වී පී ඇන් වලින් බුකි යන්නේ...

      Delete
  7. ප.ලි.
    බුකිය තහනම් කරපු මුල් මොහොතේ සිටම, වංගු නොගහා.. ඒකට විරුද්ධව කතා කරපු, වැඩ කරපු මාතලන්ට අපේ සැලියුට් එක.

    ReplyDelete
  8. මාතලන් බොස්! මම කලින් පොස්ට් එක ඕෆ් ලයින් කියවන්න දාල කෝච්චියට නැග්ගට පස්සෙ තමයි මේ පොස්ට් එක දැක්කෙ. "අම්මට හැමනෙයි දාලා.. සකර්බර්ග්..." මේ කෑල්ල දැකල හිනා ගිය වෙලේ අනිත් ඇවුන් මගෙ දිහා බැලුවෙ මූ පෙත්තක් වත් ගහලද තනියම ෆෝන් එක දිහා බලං හිනා වෙන්නෙ කියල. අම්මප මට හිතුන ඔහේට කෝල් එකක් ගන්න. ඒත් ආතල් එකේ ඉන්න ඇවුන්ගේ ආතල් නං මම කවදාවත් කඩන්නෙ නැහැ, ඊවන් වෙන් අයි ඩ්‍රීම් ඇට් නයිට්.
    මේවට තමයි කියන්නෙ භික්ෂු පීකුදු ආතල් කියල. මාතලන් බොස් ගෙ නේකඩ් කුණුහබ්බ කියවන්න මමනං පට්ට ආසයි. කෙලින් කියන්න තියෙන දේ කෙලින්ම ලියන්න පුළුවන් ඔහෙට විතරයි. සුභ රාත්‍රියක්..!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ගුඩ් මෝනින් ටික්කෝ... උඹත් රිප්ලයි එක දකින්නේ උදේ නේ...

      ඒ නිසා උඹටත් ගුඩ් මෝනින් එකක් වේවා...

      Delete
    2. මාතලන් බොස්. ඔහෙට පොඩි දෙයක් කියන්න තියෙනව. ඒක ඔහේට මගේම වචනෙන් ඒ කියපු දේ අහගන්නම ඕන. මම කැමති නෑ ඒක මෙතන කියන්න. පුලුවන්නම් මගේ බ්ලොග් එකේ +++ පේලියක් තියපන් බොස්. මම ඒ දෙබස එතන ලියන්නං. ඔහේ පුදුම හිතෙයි. සම්මානෙකකටත් වැඩිය ඒක වටිනව. හිටං

      Delete
    3. ඇත්තෙයි..... ඕන් එහෙනන් වැඩේ හරියෙයි කියලා හිතා ගනින්...

      Delete

  9. Anonymous වෙසින් එන ගැරඬියන් , බයගුල්ලන් සහ කාඩ්බෝර්ඩ් වීරයන්ගේ හිස් ප්‍රකාශ බලා වෙහෙසට පත්වෙන අපට යන්තමින් හෝ සහනයක් සහ සතුටක් ගෙනෙන්නේ මාතලන් ලොක්කා පමණය.මාතලන්ගේ සුවිශේෂත්වය වන්නේ යකෙකුට වුණත් කියන්නට තිබෙන දේ කෙලින්ම කීමට හැකියාවක් තිබීමය. මාතලන් මලක් ගසා සොමියෙන් සිටියාට මල් නොගසන අපට සොමියක් දැනෙන්නේ මාතලන් ලියන බ්ලොගක් හෝ බුකියේ සටහනක් හෝ දුටුවිට පමණය. දිගු කල් දිනේවා සොඳුරු බ්ලොගාණෙනි.

    ReplyDelete
    Replies
    1. ඔය නමින් එන ලොන්ත පොල් නාකි යෝ ගැනුන්ගේ මුණු ගෙන පෙනී හිටියට උන්ට මලක සොමිය කවරදාකවත් තේ රෙන්නේ ද නැත මලක් ගසන්නවත් පන නැත ෆේස් බුක් එකක කොමන්ට් දා දා පින්ගුත්තරයෙක් වගේ ආතල් ගන්නේ ද නැත කෙලින්වන්නේ නැති නිසා මෙවැනි ආතල් උන්ට
      මාර ජෝලිය මෙයි ඔවුනට පජාත සුවයක් ලැබෙනවාය කියා සිතනවාය

      මාතලන් මලක් නොවයි බ්‍රවුන් ෂුගර් / වයිට් පවුඩර් / Cocaine./MDMA/Ecstasy./GHB / Hallucinogens./ Methamphetamine ("Ice ) / Ketamine දේ දේශ/ විදේශ සංචාරකයින් සමග බෙදාහගෙන ගතමන්නාවක් සොයා ගන්නවට ඔය කියන ලියන බයිලා වේදිකාවක /පොලිසියක් ඉදිරියේ දී කරකියා ගන්න බැරිය

      ෆේස්බුක් වලින් බ්ලොග් වලින් ආණ්ඩු වලට /නායකයින්ට බයිලා ලිව්වට කෙලින් ගිහින් මුනට කියන්න හරියමන් කශේරුකාවක්ද නැත. තිබුනත් සමහරුන් ඉදිරියේ එහි කොටස් අඩු නිසා නැවෙන්නේ ද පුදුම ආකාරයට .






      Delete
    2. තිස්සලා මෙන්ම මේ ගූ කාළකන්නි ඇනෝලාද මේවා විඳින බව උන්ගේ වේදනාත්මක කොමෙන්ටු වලින් මනාව ඔප්පුවේ...

      Delete
    3. උඹටත් ඇඬන්නේ මොකද මාතලන් මේ ගු ගුජ්ජ කොල්ලෝ ෆෙස්බුක් වහලා හින්දා පඩත්තල නාකින්ගේ ඇට මිරිකනොකොට. මලක්වත් ඇදගන්න බැරි පාලන් කොක්කු බන්

      Delete
    4. ස්ෂු..... ස්ෂු ..... කෑගලු ගන් කබර්යෝ....අර...ඇමරිකාවේ නිව්යෝක් ගිය කල ... ඔහොම වෙනවාලු කියලා ගම්පලයා කිව්වා රයිගමයට කිව්වා බන්

      Delete
  10. මම මාතලන්ට හොද කියන ඇනෝ කෙනෙක්.
    සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. අනේ ටැන්කූ හොඳ ඇනෝ....

      Delete
  11. මාතේ දියුණුයි නේහ්.
    කලම්බු ටෙලිග්‍රාෆ් එකෙත් යනවා මාතෙගෙ ලිපි.
    හැබැයි මොකේ ගියත් මාතලන් ඉට්ටැයිල් එක වෙනස් කොරනවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. කාළයක් රාවයෙත් ගියා... ඒත් ඉතින් වික්ටර් අයිවන් විවේචනේ කලාම බඩු බනිස් උනා

      උවිඳුවා එක්ක අවුලක් යන එකක් නෑ... මොකෝ අපි දෙන්නම එක වල්ලේ පොල් නේ...

      Delete
    2. මාතලන්ගේ පින්තුරෙත් එක්කම යන හින්දා කන වෙලාවට හෝල් සෙල් ගානට කයි!!

      මහින්දගේ කාලේ හොයා ගන්න බැරිවනේ උන්නේ. දැන් ගෙන්න හදන්නේ පොහොට්ටුවනේ උන්ටත් ඕනේ මාතලන්වනේ ඒකාලේ ඉදන්ම ඉට පස්සේ සඳරුවන් වගේ එංගලන්ත යන්න පුළුවන් විසා ඉබේම ලැබෙයි

      Delete
    3. මහින්දගේ කාලෙත් අපි එලියේ උන්නේ... මොකෝ එයැයි හිතුවේ මේවා තියෙන්නේ ආතල් ගන්න කියලා නේ...

      Delete
    4. මහින්දගේ කාලෙත් අපි එලියේ උන්නේ... 3 එළියේ දාගෙන නේද

      Delete
  12. //ටයි කෝට් ඇඳලා උන්නට රැවටෙන්න එපා.... එයත් නොම්මර එකේ ගල් වැද්දා.// නියමයි. මුං ටයි කෝට් අඳින ම්ලේච්ඡයෝ.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කාළකන්නි පාලකයෝ පිරිසක් මේ වෙලාවේ ලොව කිසිම රටක නැතිව ඇති...

      Delete
  13. හම්මෝ ඒ.......................ක

    ReplyDelete
  14. super... Original Matalan.. two thumbs up!

    ටයි කෝට් ඇඳලා උන්නට රැවටෙන්න එපා.... එයත් නොම්මර එකේ ගල් වැද්දා.. :))))))))))

    ReplyDelete
  15. උඹ දන්නේ නෑ බං.. මුං මේක වැහුවේ පැය හැත්තෑ දෙකකට. ඒත් ඊට පස්සේ ඒක අරින්න හදද්දි තමයි අම්මට හැමනෙයි දාලා වුනේ.. ලොක් එක ඇර ගන්න බැරිවුනා කියහංකෝ තාම. ඒ තරං ඔස්තාද්ලා ඉන්නේ අපට.... මුන් දැන් ඕක මේ කරගන්න පුළුවන් වෙයි, හෙට කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා .... පුල් ට්‍රයි

    ReplyDelete
  16. අයිසේ මාතලන් ඇට දෙක තලාගන්න ඕනෙයි හිටන්

    ReplyDelete
    Replies
    1. BDSM වලත් එච්චර අවුලක් නෑ බං

      Delete
  17. හෙහ්
    ෆේස්බූක් මට ඒතරම් වැදගත් නොවුනාට වයිබර් හා වට්සැප් වැහීම අහිතකරව බලපෑවා. ඒවා වැහුව හේතුව මොකක් කියලද කිව්වෙ? පින්තූර/වීඩියෝ ?

    ReplyDelete
    Replies
    1. පස්සෙ නේ අර අමනවීර ඇත්ත කිව්වේ. ජනාධිපති තුමාට අපහාස් කරන රූප එහෙම දානවලු නේ හිටන්... ඒවා දරාගන්න බැරි නම් අහවල් දේටද දන්නෙ නෑ දේශපාලනේට ආවේ හිටන්

      Delete
  18. කිලින් කලට දේශපාලකයන්ගේ මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රකාශ සහ ප්‍රතිචාර සමාජය තුල ප්‍රසිද්ධියට පත්වේ , මේ එවන් කීපයකි , මේවයේ කිසිම අවස්ථා සම්බන්දයක් නැත, අම්මප


    " ෆේස් බුක් තහනම් කලේ නැත්තං අද වෙනකොට මේ තත්වය රට පුරාම පැතිරිලා , ෆේස්බුක් නිසා අපේ රටේ ධනය කාලය අපතේ යනවා, අනවශ්‍ය කෝලාහල ඇතිවෙනවා "
    ------------ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

    ******************************************************************************

    අනේ තෝ වගේ මීහරකෙක් මෝඩ මූසලයෙක් - ආචාර්ය මර්වින් සිල්වා

    ප....ක.....යා - වාසුදේව නානායක්කාර

    ඔබට සතුටුයිද දැන් - රුවන් හෙට්ටිආරච්චි


    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු - දීපාල් සිල්වා

    එහෙමද ආස - කෝටිපතියෝ කේ.ජි. රංජි

    ඒක වෙනම ආතල් එකක් - කූම්බියෝ ජෙහාන්

    බලනවා තමුසෙට අං එනවද කියලා - අපේ පංති භාර සර්


    මේ පහලින් තියෙන ඒවා උඩම තියෙන එකට උත්තර එහෙම නම් නෙවේ නිකං පටලවා ගන්න එපා




    ReplyDelete
    Replies
    1. උඹ හොඳ වෙලාවට කිව්වේ මේ දෙකේ සම්බන්ධයක් නැතෙයිය කියලා හිටන්... නැහ්නන් ඉතින් බොග දාලත් හමාරයි හිටන්...

      Delete
  19. එල මාතේ.....සිරා හිතන් ඉන්න ටසිරිලන්කාව විතරයි බුකිය යූස් කොරන්නෙ කියල වෙන්ටෑ

    ReplyDelete
    Replies
    1. ඔව්වොව් ආන් අරෙහෙ සකර්බර්ග් බෙල්ලෙ වැල දාගන්න යනවලු

      Delete
  20. ෆේස්බුක් වෙබ් අඩවිය වසා දැමීමෙන් පසු රජයේ ආදායම හොදට ඉහල ගොස් ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජපානයේ යෙදෙන නිල සංචාරය අතරතුරදී එරට සිටින ශ‍්‍රී ලාංකිකයන් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

    ‘මේකට කිසිසේතම අත තියන්න බෑ. මේකට මොකුත් කරන්න බෑ කියල කලින් කතාකලාට අපි සතියක් මේ වහල දාපුවාම ලෝකෙ හැම තැනම ඉන්න ලෝකෙ ලොකු සමාගම්වල ලොකු මහත්තුරු පහුගිය සතියෙ ඉදල ලංකාවට එනව අපේ කොම්පැනිවලට ලොකු පාඩුවක් කියල. ආදායම් බැහැල කියල ඒගොල්ලන්ගෙ.

    රජයේ ආයතනවල ආදාලම හොදට ඉහල ගිහින් තියෙනව ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සෙ.

    ටෙලිකොම්, ටීආර්සී තිබණුට වඩා දවසේ ආදායම මිලියන 200කින් වැඩි වෙලා තිබෙනව. ඒ වැඩිපුර එන ගාන’

    දැන් බලපන් මාතෙ සිරිසේන තුමා කියන්නෙ සුපිරි මොළයක්නෙ බලාගෙන ගියාම. ඊළඟට ඉන්ටෙර්නෙට් වහල දැම්මම තැපැල් දෙපාර්තමේන්තුව ලාබ ලබනවා. ප්‍රයිවට් බස් ත්‍රීවීල් තහනම් කළාම ඊළඟට ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලබනවා.

    පුද්ගලික වාහන තහනම් කළාම ලංකාවෙ බරබාග, තිරික්කල, ඔරු, අඟුල් නිෂ්පාදන කර්මාන්ත සීග්‍ර දියුණුවක් ලබනවා. ලොරි කන්ටේනර් තහනම් කළාම ලංකාවේ බර කරත්ත, පාරු නිෂ්පාදන කර්මාන්ත සීග්‍ර දියුණුවක් ලබනවා. සැක නැතිවම ගව පාලන කර්මාන්තය දැවැන්ත පිම්මක් තප්පුලාගෙන ඉදිරියට පනිනවා.

    ජෙට් සහ නැව් තහනම් කළාම රුවල් නැව් කර්මාන්තෙ නැවත ආරම්භ වෙනවා.

    ලෝකෙ හැමතැනින්ම මෙහෙට ආයෝජකයො වැල නොකැඩි ගලා එනවා මේ නව ව්‍යාපාර වල ආයෝජනය කරන්න. බෙන්ස්, බීඑම්ඩබ්ලිව්, හුන්ඩායි, ජෙනරල් ඉලෙක්ට්‍රික් වගේ අර fortune 500 වල ඔක්කොම.නැත්නම් උන්ට පාඩුවෙලා මකබෑවිලා යනවනෙ.

    මම අද කිව්වයි කියල හිතාගනින් මචං බොයින්, එයාර්බස් තමන්ගේ පළමුවෙනි සරුංගල් කර්මාන්ත ශාලා මෙහෙ ආරම්භ කරනවා.

    ඊලඟට දැන් තියෙන යුධ උපකරණ තහනම් කළාම චීනෙ නොරින්කෝ මෙහෙ තමයි තමන්ගෙ පළමු කඩු, පලිහ, දුනු, ඊතල නිෂ්පාදනය සඳහා ආයෝජනය කරන්නෙ.

    දැන් මෙතන පහල එක එකා කට කැඩිච්ච කතා කියන්න එපා. අපේ ජනාධිපති සිරිසේන තුමා තමයි ලෝක ආර්ථික ඉතිහාසෙ ඇඩම් ස්මිත්ට සහ කාල් මාක්ස්ට පස්සෙ වෙනස් කරන්නෙ.

    ඕකනෙ අපි වගේ දුහුනන් නොවෙන දාර්ශනිකයො එදා මෙහෙම කිව්වෙ.

    "රටකට ඕනෑ අපමණ අගයක් - ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්"

    මචං ඊළඟ පොස්ට් එක මේ සම්බන්ධව කළොත් මොකද ? අර "කියුබාවෙ ප්‍රබෝධය" වගේ අදහසක් ඇතිවෙන හෙඩිමක් නරකද?

    - මොණරවිල

    ReplyDelete
    Replies
    1. මයේ අම්මාපා.... හාංකවිසයක් අමතක වුනා නොවැ හිටන්

      ඡන්දෙන පස්සේ ආර්ථිකේ එයැයිට අරගෙන රටේ සීඝ්‍රද මක්කද ආර්ථික සංවර්ධනයක් කරනවැයි කිව්වා නේ හිටන්...

      Delete
  21. මාතලන් බලන බලන පැත්ත හැමෙකාම ෆේස්බුක් නැතිව විරෝදී උද්ගෝෂණ සමනල වසන්තක් ඇවිත් ආණ්ඩුව පෙරලෙයි නේද අරාබියේ වගේ එතකොට අලුත් ආණ්ඩුව කවුද බන් පොහොට්ටුවද නැතිනම් පෙරටු ගගාමි එවුන්ද

    ReplyDelete
    Replies
    1. පොහොට්ටුව දිණලා ඉවරයි බං... මුං තිබුන ටිකත් නැති කර ගත්තා...

      Delete
  22. ට්‍රම්ප් රාජ්‍ය ලේකම්ව අස් කරයි. CIA ලොක්කා රාජ්‍ය ලේකම් ධුරයට!!...උඹට පාන්ද මාතලන් !!!!

    ReplyDelete
    Replies
    1. නෑ.... මාළු පාන්

      Delete
    2. මාළු පාන්.. අල වගේද ගෝවා දාපු ඒවා ද

      Delete
  23. Replies
    1. ප්‍රේමෙ ප්‍රේමේ විනෝදේ පාලා....

      Delete
    2. අම්මට හුඩු දැන් ඝනයොත් බ්ලොග්වල කොමන්ට් දානවා යකෝ ෆේස්බුක් කෙලියේ තරම මාතලන් කෙහෙල්වත්තේ නිව් මෝර් ස්ට්‍රීට් එකේ පල්ලියට ගිහින් මවුලෙකුට කියාපන් උඹේ බ්ලොග්වලට් කොමන්ට් දන්න කියලා බැලන්ස් වෙන්න

      Delete
  24. සුපිරි පට්ට පට පට

    ReplyDelete
  25. අදමයි දැක්කේ.
    ඕනෙනං මෙන්න බලපං බ්ලොක්කරහං පුක!

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු සහ එළු බාබත් ..... ඇක්සොලන්ට් රයිටින්ග්

      Delete
    2. අම්මෝ චන්ඩි එලි බැහැලා නේද මාතලන් පුක බ්ලොකරන එකා බ්ලුමැන්ඩල් රෝඩ් එකේ 60 කෑල්ලේ එකෙක් වගේ කෙසෙල්වත්තේ එවුන් කැලේ.

      Delete
  26. කියල වැඩක් නෑ බං ..
    බුකියෙන් කීයක් හරි හම්බ කරන අපිට දැං රේස් බුකිය තමා ..

    ReplyDelete
    Replies
    1. කොහොමත් රට කාළා යයි යන්න ඉන්න එකේ හිටන්

      Delete

  27. රජ්ජුරුවෝ උඩයි උඩයි
    අපි පොඩි උන් බිමයි බිමයි
    අන්දරේලා මැද ඉදගෙන
    ආ............
    දෙපැත්තටම විහිළු කරයි

    රට යනවා පරදේසෙක
    අපි යනවා පරලෝකෙට
    අන්තිමේදි බලපුවාම
    අන්දරේලා අපි සේරම
    අන්දරේලා.....

    ReplyDelete
    Replies
    1. අන්දරේ රට පාලනේ කොරනවා හිටන්

      Delete
  28. Lankatricks - රැකියා අවස්ථා හා දැනුම. අළුත්ම රැකියා අවස්ථා හා අධ්‍යාපනික දැනුම ලබාගැනීමට අදම පිවිෙසන්න.

    http://www.lankatricks.com

    ReplyDelete
  29. රනිල් :- බලපන් මචං මහජනතාව හරී හොඳයි...මං අර්ජුන් එක්ක ගහපු ගේම ගැන උන්ට ගානක් වත් නෑ...ෆේස් බුකිය පාළුයි...
    සිරා :- ඔව් මචං...මං බලන්නේ පත්තරේ නේ...පත්තරෙත් මොනවත් නෑ...මාධ්‍ය මල්ලිලත් හරී හොඳයි හිටං

    ReplyDelete
    Replies
    1. නරියන් හා දිවියන් අඩු නිසා රිළවුන් වැඩි වෙලා

      Delete
    2. දෙන්නම බුකියේ ඉන්නවා... ඔහේ නම් දැක්කේ නෑ...

      Delete
  30. අන්න මාතලන් නෙලුම්යාය එවුන් කෙහෙද කෙල්ලන්ට පෑඩ් බෙදලා අදින විදිහ කියාදෙනවා මාතලන්ට පුලුවන්නේ එපැත්තේ කොල්ලන්ට කොපු දාන හැටි කියාදෙන්න ෆ්‍රී ට්‍රෛන් ටිකට් එකක් දෙනවලු උඹට විතරක් , රටට බරක් වෙලා ඉන්නේ නැතිවපලයන් ලොක්කා කොපු බෙදන්න හැබැයි හා කියලා මගඅරින්න බෑ !!!!!

    ReplyDelete
    Replies
    1. පිස්සු හුත්තලා වගයක් බං.... උන් බ්ලොග් වල නම දාගෙන අමු පිස්සුවක් කෙලින්නේ..

      ඒක නේ ඕවයෙ පැත්ත පලාතේ නොයන්නේ...

      මාධ්‍ය වාරණය ගැන මෙලෝ දෙයක් නෑ... ගොන් හැත්ත...

      Delete
  31. සිරස බ්‍රේකින් නිවුස් 12.53 ට

    වරෙවා!!! මාතලන්ගේ කීම අසා M3 ෆේස් බුක් එකේ දොර ඇරලා දැන් ඇමරිකාවේ ඉන්න ලෝන්ත්පොල් නාකි එවුන්න්ට ලංකාවේ ආච්චිලා සමග මල් කැඩිම නිසා නැවත වතාවක් ෆේස්බුක් ලෝග්විමේදී විශාල තදබදයක් ඇතිවී ඇත.

    ReplyDelete
  32. ලෝකයම තම අත්ලමත නටවන FB අායතනය, මේ පුංචිම පුංචි දිවයින ඉදරියෙ දණ ගැස්සවු ඒ මහා පෞරුෂයකින් හෙබි අතිශ්‍රේෂ්ඨ නායකයාට අපේ ප්‍රණාමය....!

    මාතලන් දැක්කද දැඩි සීමාකාරී පාලක කොන්දේසි සහිතව අතිගරු ජනපතිතුමන් ෆේස්බුක් නැවත විවර කර ජනතාවට අන්තර්ජාලයට පිවිසීමට විවරණ සපයා දුන් අපූරුව?

    මේ පුන්චි රටේ මේ පහළ වී ඉන්නේ නම් පුලතිසිපුර මහ පැරකුම් මහරජාණෝ මය ! අතිගරු අති උතුම් අතිපූජනීය වන්දනීය ගරු ජනපති මෙත්පල් සිරිසෙන් උතුමාණන් හට දීර්ඝායුෂ ලැබේවා...! මේ කරපු පින් ම මදිය නිවන් යන්න? ලබන ආත්මයේදීත් අපේ රටේ ජනපති කෙනෙක් වෙන්න වරම් ලැබේවායි ඉත සිතින් පතමු.

    2015 ජනවාරි 08 හංසයාට කතිරය ගැසූ අප සැවොම මහත් සේ ආඩම්බර විය යුතුමය !

    ReplyDelete
    Replies
    1. මම "ටැන්කූ මචං" කියලා පෝස්ට් එකක් බුකියෙම දැම්මා

      Delete
  33. මෙත්පල් නිරිඳුනි අපේ රැකියා සුරක්ෂිත කරන්න .

    මීට - " ටෙනී - බන්දු සිනාසාගර ඇකඩමිය " .

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න