.

.

Oct 8, 2011

වඩු කුරුල්ලා - Weaver Bird


බලාපන් අපිලිවෙල
මුලු ගහම වනසලා
වසුරු ලා සෑමතැන
පළාතම මහ ගඳයි
කිචි බිචිය අමිහිරියි
දබරයට අත වනයි
චන්ඩ මාරුතයකට
කැදළි යැයි වැනසිලා

ඔය ලෙසට උන්නාම
තොපටමයි හොඳ නැත්තේ
ළමයි ටික වල් වෙනව
ගෑණූ ටික පිට යනවා
උඹත් කොටුවක් පනියි
වෙන එවුන් ගෙට එනවා
අහු උනෝතින් කියයි
අනේ මට වැරදුනා
ඔක්කෝම එක වගෙනේ

ඔව් අපිට තේරෙනවා
උඹ ඊට හුරුවෙලා
නමුත් අපි කැමති නෑ
තොපි ඔහොම ඉන්නවට
ඔය ජරාවල් නෙමෙයි
ගහ ළඟම වෙන තැනක
අස්තීර මේ ළොවේ
ඉස්තීර කැදැල්ලක්
තනනවා අප නුඹට
උඹල අකමැති උනත්

ගහ වටේ එළි කරල
තව ටිකක් හැඩ කරල
එක කැදැල්ලක් හදලා
දෙනව වැඩි මුදලකට
රටින් එන කුරුලන්ට

අපිත් ගොඩ උඹත් ගොඩ
උඹල හෙන මොඩ් වෙනවා
කිචි බිචිය නිමාවෙයි
හලෝ හව් බව් කියයි

වික්ටර් අයිවන් මහත්තයට විශ්වාශයක් නොතිබුනාට, සැම දෙයක් ගැනම සාධාරනව බලන කෙනෙක් විදියට, මට තිබුනා විශ්වාශයක්, ගෝඨා මහත්තය කොළඹට වෙනසක් කරයි කියල. ඒ ගැන මම පොස්ට් එකකුත් දැම්ම සෑහෙන කාළේකට පෙර "ඕල්කෝට් මාවත" කියලා. කැමති කෙනෙකුට බලන්න පුළුවන්. නමුත් මේ අහිංසක (මගේ අදහස අනුව, පෙර පටන් මේ මිනිස්සු එයින් ගොඩ ගන්න කිසිම ක්‍රියා මාර්ගයක් සිඳුවෙලා නෑ. පල්ලියෙන් ඇර. එයත් ඉතා සුළු වශයෙන්. මේත් අපේ සහොදර සහෝදරියන්.) ජනතාව අතරමං නොකළ යුතුයි.

කොළඹ එජාපය දිනපු හේතුව මම හිතන්නේ සුළු ජනතාවගේ අප්‍රසාදය (වෙනම කතා කළ යුතු මාතෘකාවක්.) මිස එජාපයේ ජයග්‍රහනයක් නොවෙයි. මොකෝ ආන්ඩුවටත් විශාල ප්‍රමාණයක් ඡන්ද ලැබිලා තියෙනවා. මේ ගැන කළබල නොවී, රට පාළනය කරන අය වශයෙන් සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන එකයි යුතුකම. රනිල් මහත්තයක් ජාතික ආන්ඩුවක් ගැන අදහස් පල කරලා තියෙන වෙලාවක.

ඊයේ සිඳුවීම වත්මන් දේශපාළන සංස්කෘතිය ගැන පාඩමක් කියලා දෙනවා හැමෝටම. පාදඩ දේශපාළනය අවසන් කළ යුතු කාළය පැමිණ තිබෙනවා. මැර බලය අවසාන වන්නේත් එයින්මයි.

23 comments:

  1. සමස්ථ මැතිවරණය අප සිතූ පරිදිම වුනා කියන එකයි මගේ හැගීම. කොළඹ ගැන නම් මට හිතෙන්නේ ඒකත් අපි හිතපුදේම තමයි. ඒ ඡන්ද මොන ඡන්ද කියනවට වඩා ජනතාව දුන්නු පණිවිඩයයි වැදගත් වෙන්නේ. ඒත් මම එකක් කියන්නම් මේ ප්‍රතිඵලය වැඩක් නැහැ. අධිකාරිය ආවට පස්සේ වඩා බලවත් වෙන්නේ අධිකාරියයි. කෙසේ හෝ වඩා යහපත් දෙයක් මේ මිනිස්සුන්ට වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තමන්ගේ නියම ගම් බිම් දාල කොළඹට සියවස් ගනනකට කලින් මේ මිනිස්සු ආවේ ඇයි කියන එක හිතේ තියාගෙන දෙන විසදුමක් දුන්නොත් හොඳයි.

    පාදඩ දෙශපාලන ගැන කියනවනම් අවි ගත්තෝ අවියෙන්ම නසී. මෙකෙන් වැඩක් වුනේ මහින්ද විජේසෙකරට. දැන් චැටක් දාගෙන ඉන්න බුවෙක් ලැබුනා.

    ReplyDelete
  2. @ වෙද මහත්තය
    මම නම් වැරදුනා මෙතනදී. මා කළ සමීක්ෂන්යෙත් ඔබ තුමා කියන දේම කිව්වත් මම හිතුවා සන්ධානේ කොළඹත් ජයගනියි කියලා. මොන ක්‍රමේකින් හරි මේ මිනිස්සුන්ගේ ජීවන තත්වය යහපත් වෙනවනම් එච්චරයි මගෙත් බලාපොරොත්තුව. වැරදි තිබුනත් මේ රජය අන් හැමට වඩා කොළඹට දෙයක් කළා.

    ReplyDelete
  3. අවි ගත්තෝ නැසෙති කවදත් අවියෙන්ම..
    සවි ඇත්තෝ දඟලති බලයට එන්න..
    ජනයා තීන්දුව දීලා දැන් දැන ගන්න..
    පාදඩ දේශපාලනයට දැන්වත් තිත දෙන්න...

    ReplyDelete
  4. @ ගිම්හානී

    කොමෙන්ට් කොරනවා නොවැරදි හැමදාම
    දැන් කව්වියෙන්ම වාගෙයි දෙන්නේ ගේම

    ReplyDelete
  5. මංනං අද උදේම රුපියල් සීයක් හිමි කරගත්තා.. ඒක චන්ද ඔට්ටුවක්... කොළඹ යූ ඇන් පීයටම යනවා කියලා තමයි මගේ කැමැත්ත මොනවා උනත් මං ඔට්ටු ඇල්ලුවේ... ඒකත් මගේ හොද සගයෙක් එක්ක... අපි දෙන්නා පැය ගානක් කතා බහ කරලා අවසානෙදි රුපියල් සීයක් ඔට්ටු ඇල්ලුවා විසඳුමක් නැති තැන... ඕක ඔය විදියටම වෙන බවනං තේරුම් ගතෑකි..හැබැයි කොළඹ සන්ධානය කවදා හරි දිනන දවසක් ඒවි..එදාට ගම්වලින් සන්ධානය පරදින්න පටන් ගනීවි කියලත් මං හිතනවා... මොකද මේක එකම රටක් ඇතුලේ තියෙන දරුණු මතවාද දෙකක් අතර ගැටුමක් කියන එකයි මට පේන්නේ... (මං කියන හැම දේම හරිත් නැහැ.. මගේ විදියට අනිත් අය හිතන්න ඕනත් නැහැ..:D)

    කොළඹ ඉන්න පැල්පත් වාසීන් අත ඇරියම අනිත් හුගක් චන්ද වල තියෙන අරමුණ ගම්වල ඉන්න සාමාන්‍ය මිනිහ ගාව තියෙන අරමුණු වලට වඩා හුගක් වෙනස්..ඇත්තටම ඒ දෙක කාසියේ දෙපැත්ත වගේ.. මං මේ කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න... ඒ කියන්නේ වෙලෙන්දට හොදනං පාරිභෝගියට හොඳ වෙන්න තියෙන අවස්ථාව අඩුයි වගේම..පාරිභෝගිකයට හොඳනං ඒක වෙළෙන්දට හොඳ වෙන්නත් ලේසි නැහැ වගේ... ඔය පරතරය..වෙනස නැති කරන එක ලේසි නැහැ.. ඒක එහෙම වෙනතාක් කල් කොළඹ දිනන එක සංධානයට හීනයක්... ඒත් දවසක කොළඹත් දිනාවි.. ඒ ගම්වල මතයට පිටින් ගිහින් නෙවෙයි නම් අවුලක් නැහැ.. එහෙම නොවුනොත් අද යූ ඇන්පීය ඉන්න තැනට එදාට සන්ධානයට යන්න වෙනවා කොයි තරම් අකමැති උනත්...

    ReplyDelete
  6. @ මාරයා
    අවංකවම මම හිතුවා කොළඹ දිනයි කියලා. මොකද සෙයිලමේ ජීවත් වෙන නිසා. මට දැනෙනවා ඒ වෙනස. මගේ නම් අදහස පෝස්ට් එකේ දාපු අදහසමයි. උඹ කියන් දේ සම්පූර්ණ සත්‍යයක්. මොකෝ කිසි දෙයක් ඉස්තිර නැති නිසා. අවංකවම කොළඹ ජනතාව බය වෙලා ඉන්නේ මේ ගෙවල් කඩන වැඩේට. දෙනෝ දාහක් බලාගෙන ඉඳිද්දී නේ ගෙවල් කැඩුවේ හමුදාව දාලා. ඒක එතනින් නැවතුනාට. අදටත් මිනිස්සු හරි බයෙන් ඉන්නේ. විශේශයෙන් සුළු ජාතීන්. ළොක්කා ගේමට නොබැස්සනම් මේ තරම් වත් චන්ද එන්නේ නෑ. මිනිස්සු ලොක්කට ආදරෙයි. හැබැයි රෝහිතලට දුමින්දලට ආදරේ නෑ.

    ReplyDelete
  7. මාතලන්ට,
    ඔබගේ සමීක්ෂණයට පළවෙනි ඡන්දය දැම්මේ මමයි. එලෙසම සත්‍ය ප්‍රතිඵලයත් ඇවිත් නේද?
    තව දෙයක් මේවා අපි හුදු විනෝදය තකා කලත් මේවායින් විශාල ප්‍රයෝජනයක් ඇති බව පෙනෙනවා නේද?
    මාරයා මල්ලිගේ අදහස සත්‍ය බව මමද කියමි. එම අදහස් හා 100% එකඟයි.

    ReplyDelete
  8. @ වෙද මහත්තයා
    ඔබ තුමා මගේ රසිකයනේ.. කවදත්.. ස්තූතියි...!!!

    ReplyDelete
  9. ආණ්ඩුව කොළඹ නගරය තුල ගෙනයන සංවර්ධන ක්‍රියාදාමය සංවර්ධනයමදෝ කියන්න මම හරියටම දන්නෙ නෑ . . . . ඒත් පසු කාලීනව නිවාස ලබාදීමේ අරමුනින් හරි පැල්පත් වාසී ජනතාවගේ නිවාස කඩාදැමීම ක්‍රමවත්ව නොවීම පෙරමුනේ කොළඹ පරාජයට හේතුව කියලයිමට හිතෙන්නෙ . . . . කිසිම දෙයක් කියන්නෙ නැතුව කඩල බිඳල ඉවරවෙලා . . . . මිනිස්සු නැගීහිටින්න පටංගන්න තැනදි ලොක්ක කියනව "අපි තමුන්නාන්සෙලට මෙතනම ගෙවල් හදල දෙනව" කියල . . . . නිරවුල් ඔප්පුවක් එක්ක පාර පලල් කරද්දිවත් කැඩෙන්නෙ නැති තැනක තියන ගෙදරක ඉන්න මට ඔය කතාව හරියටම හරියන්න පුලුවං . . . . ඒත් තමංගෙ ඉහට තිබුන වහල . . . ආරක්ශාවට තිබුනු බිත්ති හතර අහිමි උන මනුස්සයෙකුට එහෙම හිතෙයිද ??????

    ප.ලි.
    මිලින්ද පවු . . . .
    මහරූෆ් පවූවූවූවූ . . . ..

    ReplyDelete
  10. දේශපාලනේ ගැන ඇත්තටම මගේ ලොකු අත්දැකිම් නම් නැ.. පලවෙනි චන්දේ දැම්මේ උගන්වපු ගුරුවරයෙක් නිසා එතුමට.. ඒත් අනිවාර්යෙන්ම මැර දේශපාලනයට තිත තියන්න ඕනා... ඒ දේ වෙනකන් කවදාවත් අපිට නිදහස තියනවා කියලා හිතන්න බැ..
    කොළබ අපිට දුර නිසා කවුරු දිනයිද කියලා හිතන්නවත් හිතක් නැ..

    ප/ලි : දන්නේ නැති නිසා අහන්නේ අනිත් හැමතැනම පැරදිලා නායකතුමාගේ පැත්ත (ප්‍රදේශය ) දිනපු නිසා අර නායකයන් ඉවත් කරන්න ගෙනියපු වැඩේ තිත තියන්න ඕනා නේද??

    ReplyDelete
  11. මම නම් හිතන්නෙ මැතිවරණය අපි හිතපු හැටියටම ප්‍රථිපල ආවා කියන එකයි....කොළඹ ඉතින් කවදත් යනවනෙ...කොළඹ ඡන්ද ටික ගන්න නම් ආණ්ඩුවට තව හුඟාක් දේවල් කරන්න වෙයි...කොළඹ මීට වඩා ක්‍රමවත් සංවර්ධණයක් අරන් ගියොත් ආණ්ඩුවට කොළඹ ගන්න එක මහ දෙයක් නෙමේ....කොළඹ පැත්පත් වාසීන් නිවාඩ ගැන හිතද්දී බහුතරයක් ව්‍යාපාරිකයෝ හිතන්නෙ අද පවතින ව්‍යාපාර තත්වය ගැන....ඒ අයගේ ඡන්දය විපක්ෂයට දෙන්නෙ පුරුද්දට.....(ව්‍යාපාරවලට ආණ්ඩුවෙන් සහයෝගයක් නෑ කියන පොදු මතයේ පිහිටලා...)

    මහනුවර ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ කියලා හිතුනා...

    ReplyDelete
  12. @ ඕනයා

    මේවා කළින් හිතන්න තිබුනා.. ඊයේ සිඳුවීම උදේ උනානම් තවත් ඡන්ද අඩු වෙනවා. පාදඩයෝ කියල වෙන් කරලා පැත්තකට දැම්මට උනුත් මිනිස්සූ. හැගීම් දැනීම් තියෙන.

    ReplyDelete
  13. @ දේවා ගේ අඩවිය
    සජිත්ට පුළුවන්ද රනිල් එළවන්න. පොර බැලුවේ මහින්ද වෙන්න. පන්සල් වලට සල්ලි දීලා. මිනිස්සුන්ට තවත් මහින්ද කෙනෙක් ඕන නෑ. වෙනස් පුද්ගලයෙක් අවශ්‍ය. සල්ලි බෙදිල්ලත් ඉවරයි නේ. සිරසෙන් පුම්බන ගෙම්බෙක්. අනික මහින්ද වෙන්න ගියාට, ලොක්කා ගාවින් වත් තියන්න පුළුවන්ද..?

    ReplyDelete
  14. @ දිල්
    වෙළඳ ප්‍රජාවේ වැඩි පිරිස ඉන්නේ මහින්ද මහත්තයත් එක්ක. මෙතන තියෙන්නේ සුළු ජාතින්ගේ ප්‍රශ්නයක්. ඒක තේරෙනවා ඒ පක්ෂවලට ලැබිලා තියෙන ඡන්ද ප්‍රමාණය දිහා බැලුවත්. මේ ප්‍රශ්නය සාධාරන ලෙස විසදිය යුතුයි. ඒකට කල් යයි. මොකද අවිශ්වාශයක් දෙපාර්ශවයටම තියෙනවා. මම හොඳටම දන්නවා කොළඹ දෙමළ මිනිස්සූ මහින්දට කැමතියි. ආන්ඩුවට සහ මර්ධනයට අකමැතියි.

    නිරංජන් විජේරත්න කියන්නේ නුවර මිනිස්සුන්ට පෙන්නන්න බැරි චරිතයක්. අඩු ගානේ හිනා වෙන්නවත් දන්නවද..? මුසම්මිල් දින්නේත් එයාගේ දක්ෂතාවයකට නෙමෙයි. ආන්ඩුව කාළේකට ඉස්සර කළ වැරද්ද නිසා. මිස්සුන්ට ගෙවල් දීලා ඕන ගෙවල් කඩන්න. අඩුම ගානේ ඒ මිනිස්සුන්ට උනේ මොනවද කියලවත් ආන්ඩුව කිව්වේ නෑ.

    ReplyDelete
  15. @මාතලන්:
    මමත් යූ.ඇන්.පී. කාරයෙක් තමයි . . . . ඒත් . . . .සජිත් ගැන ඔබේ මතයට මම 100%ක් එකඟයි . . . . ඔය කතාව නිසා මම ගුටි කන්නත් සෙට් වෙලා තියනව . . . ඒත් මම හිතන්නෙ රනිල්ගෙ නායකත්වය මොන විදියෙ එකක් උනත් . . . සජිත් තාම එ.ජා.ප. නායකත්වයට සූදානම් නෑ කියල . . .

    ReplyDelete
  16. @ ඕනයා
    පිස්සුද මචං තාත්තගේ නමත් කනවා. එයාගේ පොරක්නේ සූත්තර පුංචා. කෝ මාතරට දාපු සෙට් එකේ උන්ට ඇපත් නෑ මයෙ හිතේ.

    ReplyDelete
  17. ලංකාවට කෝචර්ල (ක්‍රිකට්) CEO ල (ටෙලිකොම්) ගේනව වගේ පොලිටීෂියන්ලත් ඉම්පෝර්ට් කරන්න වෙලා තීන්නෙ!

    ReplyDelete
  18. බිම් මට්ටම සහ ගම් මට්ටම සුනේ සුන්. හමබන්තොට වැඩ පෙන්නන්න බැරිව කොහොමද රටේම වැඩ පෙන්නන්නේ.

    නුවර සිද්ධ උනේ ප්‍රචාරයේ අවුලක්. නිරන්ජන්ට නිලංග දෑලබණ්ඩාර තරම් අප්‍රසාදයක් නෑ. මොකද මාළිගාවේ පඩි ගෙවන්න අරමුදලක් හරි හැදුවේ නිරංජන්. ඒ වගේම මාළිගාවේ බිස්නස් කරේ නෑ. දැන් පොළී කාරයොයි අලි කාරයොයි මාළිගාවේ බිස්නස්. හැමදාම නුවර දිනපු නිසා මේපාරත් දිනයි කියලා කට්ටිය බකන්නිලාගෙන හිටියා.

    කොළඹ පරදින්න එජාපය දිනන්න මූලිකම හේතුව තමයි මිලින්ද ආණ්ඩුවේ නගරාධිපති අපේක්ෂකයා වීම. ව්‍යාපාරික ප්‍රජාවගේ හැසිරීම එජාපයට වාසි උනේ නැහැ. මහරාජාගේ පටන්, දුමින්ද, තිලංග, ඊ.ඒ.පී., ස්වයංරැකියා මහින්ද කහදගම ඇතුළු සියල්ල හිටියේ ආණ්ඩුව පැත්තේ. කොළඹ මිනිස්සු ක්‍රමවත් ‍නිවාස වැඩපිළිවෙළකට අකමැත්තක් තිබුනේ නැහැ. ඒත් නිවාස වෙනුයවන් ඔවුන්ගේ ආදායම් මාර්ග හිලව් කරන්න ඔවුන් කැමති උනේ නැහැ. ඒ වගේම ජීවන වියදම් ප්‍රශ්නයේද සෑහෙන බලපෑමක් සිද්ධ උනා. ඒ වගේම ආරක්ෂක ලේකම් ‍තුමා සහ ඔහුගේ අනුග්‍රහය ලබන දුමින්ද සිල්වා වැන්නවුන් පමණක් ලබන වරපුසාද පිළිබද ශ්‍රීලනිප ප්‍රබලයන් තුළ තිබූ ඊර්ෂ්‍යවද මෙයට බලපාන්නට ඇති.

    ReplyDelete
  19. @ ඉන්දික උපශාන්ත
    බොහෝ විට...

    ReplyDelete
  20. @ තිසර
    මගේ මතය නම් දෙමළ එක චන්දයක්වත් හම්බ උනේ නෑ. (වසර 30 ක යුද්ධයකට පස්සේ ජන කොටස් දෙක අතර පමණක් නොව දේශපාළකයන් අතර පවා විශ්වාශයක් නෑ.) මුස්ලිම් මිනිස්සු දුන්නේ නෑ ගෙවල් කඩපු තරහට. (පාතාලෙට සම්බන්ධ උන් හැර.) සිංහල ඡන්ද බහුතරය ලොක්කට (මිලින්දට නෙමේ ලොක්කට.) කොලොන්නාවේ මනාප ලබා ගෙන තියෙන ආකාරය අනුව අනෙක් කරුණ හිතා ගන්න පුළුවන්නේ. දුමින්දලට. රෝහිතලට කොළඹ මිනිස්සූ කැමති නෑ. තාත්තට ආදරේ උනාට පුතාට ආදරෙත් නෑ.

    ReplyDelete
  21. දැක්කේ නැතත් මෙව්වා සිතා ගත හැක . දුමින්ද වගේ උන්ට ඇඟ තිබ්බට ඔලුවේ ඇත්තේ හින්නිකිතර මොලයක්නේ. අනේ මන්දා . මක්ක කියන්නද මන්දා . ගෙවල් ප්‍රශ්නය ..මහල් නිවාස තමයි ඉතින් විසඳුම . ඉන්න තැනක් නොදී කොහොමද . අපි ඒ තත්වේ හිටිය නම් තේරෙයි. නගරය ලස්සන වෙන්න ඕන . මිනිස්සු ඉන්නත් ඕන . මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී . ධිවර ගම්මානයක් වෙච්ච සිංගප්පුරුව දැන් ඉන්න තැන දිහා බැලුවම අපිට බැරි මොකදැයි අහන්නත් හිතෙනවා. හැබැයි ඒ රටවල් එහෙම වුනේ මොලකාරයෝ රට පාලනය කල හන්දා වෙන්න ඇති. මිනිස්සුත් ටිකක් නම්‍යශීලි ඇති අපට වඩා . නැත්නම් එක පක්ෂේ ආණ්ඩුවක් ඕන මේ වියට්නාමේ වගේ . හැබැයි පාලක පක්ෂය මොලේ ඇති අය විය යුතුයි , නැත්නම් පොල් පොට් කරපු හරිය වෙන්න පුළුවන් . මේවා අපි නිකන් හිතේ අමාරුවට කිව්වට මන් වලියට බර නැතෝ

    ReplyDelete
  22. @ බින්දි
    උඹ හරි.. වෙන්න ඕනෙත් ... ඒකයි.. සාමන්‍ය ජනතාව නගා සිටුවන වැඩ පිළිවෙලකුයි....

    ReplyDelete
  23. මෙ බ්ලොග් එක හොදයි අදයි මම දැක්කේ.
    lakshanpainting.blogspot.com
    මගේ සයිට් එකකටත් ඇවිත් බලන්න. හොදද කියල

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න