.

.

Nov 15, 2011

පෙරේත රටක් - Untidy Country


අපේ දෙමව්පියන් අහිංසක මිනිස්සුන්ය. යාළුවෝ කියන්නේ මූ අරන් හදා ගත්ත එකෙක්ද කොහෙද කියාය. නමුත් සීයා එසේ නොවේය. මරුමූස් පොරය. සීයා ගැන එකම එක කතාවක්ද කොහෙද කිව්වා වගේ මතකය. නාවර පෙරන් ඉන්න කොට උන්දෑ කියන්නේ මළ පෙරේතයෙක් වගේ ඉන්නේ නැතුව නාගෙන වරෙන් කියාය. ඒ කතාව මතක් උනේ අද ලියන්න යන්නේ මළ පෙරේතයන් ගැන නිසාය. ලංකාවේ ජනගහනය තිස් තුන් කෝටී දෙසීය ලක්සොයක්ය. ඒ දෙවිවරුත් එක්කය. දෙයියො නැතුව මිලියොන් විස්සය. ඒ මිනිස්සුය. මමනම් හිතන්නේ මෙයින් වැඩි පිරිසක් පෙරේතයෝ කියාය.

එක එකා මොන මළ දාන කිව්වත්. කොළඹ මළ පෙරේතයන් මට්ටු කළේ ආරක්ෂක ලේකන් තුමාය. ඒ කොරොමේ නැතිව මේ මළ පෙරේතයෝ මට්ටු කොරන්නටත් බැරිය. ලංකාවේ ලස්සන තැන් බොහෝමය. මේවා ඉස්සර බලන්න යන්නේ සුද්දෝ විතරය. උන්ට සුද්දෝ කියන්නේ මළ පෙරේත වැඩ නොකරන නිසාය. කන ටොපි කොලේ පවා සාක්කුවේ දාගන්නවාය. සුද්දෝ රෙන කොරොමේ ගැන කතාකරන අපේ උන් රෙන තැන විතරක් හෝද ගන්නවාය. රීපූ තැන වනසනවාය. හුජ්ජ කොරන තැන රෙනවාය. මූන හෝදන තැන හුජ්ජ කොරනවාය. හදිස්සියකටවත් පොදු වැසිකිලියකට ගොඩ උනොත්, දවස් ගානක් බත් කන්නට බැරිය.

ඔය අප්පරොසිද්ද තැන් අපේ පෙරේතයන්ට පෙන්නුවේ හේම නලීන්ය. ඒ නමයයි පහෙන්ය. අද වගේ නෙමේය. නමයයි පහ රටම බලනවාය. ඒ තරමට ලස්සනය. උන්නැහේ ඒවා පෙන්නුවේ හොඳ හිතින්ය. නමුත් අපේ පෙරේතයෝ ඒ තැන් පොදු වැසිකිලි කලේය. හොඳම ඇක්සාම්පොල් එක බෝපත් ඇල්ලය. නැත්තටම නැති කලේය. දැන් ටිකක් හොඳය. මේ මළ පෙරේත කොම සමහර විට අපේ සංස්කුරුත්තෙම අන්ගයක්ද කියා සමහර විට සිතෙන්නේය. පල්ලි, කෝවිල් වගේ නෙමේය. පන්සල් වල අපිරිසිඳු කොම වැහි වැහැලාය.සමහර බුදු ගෙවල් තුලට යන්නට බැරි තරම් ගඳය. තෙල් හලලාය. කුණු වෙච්ච මල් එහෙමමය. හඳුන් කූරු පැකට්, පාන්තිර පැකට් යටි වියන්ය. මකුළු දැල් දිරච්ච පරාල උඩු වියන්ය. හාන්දුරුවරුත් එහෙමය. සිවුර නිකන් අපිට ඕනවට වගේය. කට පුරාම බුලත්ය. රැවුල් වැවිලාය. අලුත් අසපු නම් එහෙම නැතිය. සමහර විට පන්සල් නැතිවී අසපු ජනප්‍රිය විය හැකිය.

මට මෙතරම් දුකක් ආවේ මම ලංකාවේ ආසම කරන තැන දැන් විනාස වෙන නිසාය. තැන කොතනද කියා මගෙන් අහන්න එපාය. එතකොට තව උන් යනවාය. රූපවති කෙනෙක් මේ ගැන වාර්ථාවක් පෙන්නුවාය. ඊට පසු දිනම මට මෙතනට යන්න අවස්ථාව උදාවිය. කතාව ඇත්තය. මළ පෙරේතයෝ පැමිනිලාය. මුන් නම් මැරුවත් මට දුකක් නැත්තේමය. මේ ප්ලාස්ටික් නවත්තනවා කියා හෙලු උරුමේ උපාසක මහත්තෙක් කිව්වේය. ඒව්වා නිකම් බයිලාය. උන්ගේ කතා ප්ලාස්ටික් නෙමෙය ඉලාස්ටික් වගේය. මේ මළ පෙරේතයෝ කන්න අරන් යන කෙහෙල් කොළ, ඉතුරු බත් වටේ විසි කොරනවාය. බත් ඔතන ප්ලාස්ටික් කොලත් දමනවාය. ප්ලාස්ටික් බෝතලුත් දමනවාය.

සොෆ්ට් ඩ්‍රින්ක් බොතල්, මයිලෝ පැකට්, අර පැකට් මේ පැකට් දානවාය. ඒ මදිවාට කොන්ඩමුත් දානවාය. මේ ඔක්කොටම වඩා පෙන්නන්න බැරි දේ බොන අරක්කු බෝතලේ කුඩු කොරන එකය. මේ වගේ මූසල ජාතියක් මම හිතන්නේ මේ තුන් ළෝකයේම නැත්තේය.මුන්ට කරන්න ඕන බෝතලේ උන්ගේ ඔලුවේ ගසා ඔලුව කුඩු කොරන එකය. මේ වැඩ වලින් පොඩි දිය පාරවල් බ්ලොක් වෙනවාය. දිය පහර වෙනස් වෙනවාය. මේවා සතුන් ආහාරයට ගන්නවාය. උන් මියෙනවාය. පරිසරයේ සමබර තාවය නැතිවෙනවාය. මා දුටු දේම පරිසරය ගැන ලියන ගොර්දෝනියා සෙයිලනිකා දැක ඇත්තේය. ලියා ඇත්තේ සුන්දර හග්ගල ගැනය. ඌත් හිතේ අමාරුවෙන් ලියපු පෝස්ට් එක බලන්න වටිනවාය.

මෙවන් මළ පෙරේතයන් දුටුවහොත් ප්‍රසිද්දියේ සමච්චලයට ලක් කොරන්න ඕනෑය. ආන්ඩුවට ඕනකමක් තියෙනවානම් මේවා සුළු දේවල්ය. ප්‍රසිද්දියේ සිකැරට් බොන එක නවත්තපු ආන්ඩුවට මේවා සිම්පොල් වැඩය. කොළඹ කාක්කෝ මට්ටු කොරන්න පුළුවන් නම්. මේ මළ පෙරේතයෝ කජ්ජක්දය. ඇත්ත මල පෙරේතයෝ එලවන්න ප්‍රොෆෙසනල් පොරවල් සිටීනවාය. පූජකයෝ, කට්ටඩියෝ, මලයාලම ගුරුවරු, හාමුදුරු හොරු ඕනෑ තරම් ඉන්නවාය. ඒ මළ පෙරේතයන්ටත් වඩා මූසල මේ මළ පෙරේතයන් එලවන්න කට්ටඩි තියා තක්කඩියන්ටත් බැරිය.අනාගතයට ලබා දිය යුතු ස්ථානවලට සිවිල් පොරවල් ආරක්ෂාවට දැමිය යුතුය. නැත්නම් හැම එකටම දාලා තියෙනවා වගේ හමුදාව දැමිය යුතුය. මේ තුප්පහි වැඩ කරණ උන්ට කන පැලෙන්නට ගැසිය යුතුය. මානුසික කේස් එයිනම් රුපියල් දහ දාහක්වත් අවම දඩ ගැසිය යුතුය. දරුණු නීතී ගෙනත් හෝ මේවා වහාම නැවත්විය යුතුමය. අපෙ දරුවන්ගේ දරුවන්ටවත් මේ දේවල් ලබා දිය යුතු නිසාය. පනීඉඩේ හතර වටේටම යවන අයට පින් අත් වෙනවාය. එක්කෙනෙක් දහ දෙනෙකුට වත් යැව්වොත් බඩුම තමයිය. අඩු ගානේ පොඩි උන්වත් මේ දේවල නොකර සිටිනවාය. මළ පෙරේතයන්ට වඩා දෙයියෝ උසස්ය.

61 comments:

  1. ඒකනම් ඇත්තය.....
    අපේ උන් කන තැනත් රෙනවාය....

    ReplyDelete
  2. සම්පූර්ණ අැත්ත!

    ReplyDelete
  3. මේවා වෙනස් කරන්න නම් අපේ මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරන්නට සිදුවේය,, අනික තමන්ගේ රූපවාහිනී වැඩසටහන ජනප්‍රිය කරගන්නට දඟලන පෙරේතයන් නිසාම මේවා සිදුවන නිසා උන්ටද කස පහර දී ඒවා සජීවී විකාශනය කළයුතුය.

    වෙස් මුහුණු වලට එක එක නම් තියෙනවා කියලා අහලා තියෙනවා, ඔය පින්තූරෙ ඉන්න තුන්දෙනා කවුද හැබෑට?

    ReplyDelete
  4. ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ බන්... අපේ උන් ඒවාට පුරුදු වෙලා... ට්‍රිපක් ගියොත් කෑම ටික ඔතපු කොල එහෙමම... බෝතල් එහෙමම.. කුණු එහෙමම දාල එනවා... දවසක් එකෙකුත් ඕක ගැන කීව ඌ කීවේ..

    " මේ හු*** මේ ලංකාව... "

    ලංකාව අපේ නිසා අපි ඒක ට මල මුත්‍රා කර කෙලසනවාය.. එහෙව් එකා සුද්දගේ රටට ගියාම ටොෆි කොලෙත් සාක්කුවෙ දමා ගන්නේ $$$ වලින් දඩ ගෙවන්නට බය නිසාය.

    ReplyDelete
  5. ඉතාම වටිනවා. මාතලන් ඔබට මගේ ප්‍රණාමය!!!
    මම පිටරට ඉන්න කොට කරන්නේ ඇවිදින එකයි. ඒත් මට ලංකාව තරම් කිලිටු ජරාව පිරුණු තැනක මම ගිය කිසිම රටක හමු වී නැත. මම ඉන්දියාවට ගොස් නැතිය. ආසියාවේ ද වැඩිපුර ගැවසී නැත. ඒ නිසා ඒ ගැන නොදනිමි. හැබැයි ජරාව පිරි රටවල් වලින් අංක එක කෙසේ වෙතත් පලවෙනි 10 තුල ලංකාව ඇති බවනම් මටත් ස්තිරයි. ගෝටාභයගේ ඔය වැඩේට නම් මමත් 100% නෙමේ ඊටත් වඩා එකඟයි. දැන් කොළඹ ඇවිදිනකොට බලන්න ආසයි
    වෙන රටවල ස්වභාවික ලස්සන තැන් සල්ලි ආකරය. අපේ?????
    නවසීලන්තේ තියනවා පොඩි දිය ඇල්ලක් ඒකෙ නම හුකාෆෝල් (හික්.. හික්..) බලන්න ලස්සනයි හැබැයි අපේ බෝපත් ඇල්ල කිට්ටුවටවත් තියන්න බැහැ. බලන්න ටිකට් ගන්න යන වියදම අපිට දව්ස් දෙකක් ලංකාවේ කන්නවත් යන්නේ නැහැ. ඒ රටවල එහෙමයි. නමුත් අපි. ඔය මහ කට්ටිය දැන් වල් වැදී ඇති නිසා අඩු ගානේ අපේ දරුවන්වත් හදාගන්න බලනව නම් අගේයි.
    මෙවැනි සටහනක් දැමීමෙන් ඔබ මහ පිනක් කර ගත්තා. ඔබට මගේ ස්තුතිය නැවතත්.

    රූපයේ ඉන්නේ, ලේ අඩුකම නිසා නිරක්තිය හැදුනු සන්නිය හෙවත් භීත ස්න්නිය, ගොළු සන්නිය, ට්‍රයිජෙමිනල් න්‍යුරැල්ටියා කියනා රෝග තුන දහාට සන්නිය තුල නිරූපනය වෙන ආකාරය නේද?

    ReplyDelete
  6. අපේ රට ගැන කතා කරලා පලන් නැත...යන යන තැන පාහරන කැත ජාතියක් ලෝකේ කෝහේවත් නැතුව ඇති.... පහුගිය දවසවල ලෝකෙ පිරිසිදුම රට විදියට තේරුනේ සිංගප්පූර්...ගිය අය දන්නවනේ...ඒ තරම් පිරිසිදු රටක් ලෝකෙ කොහේවත් නැතුව ඇති...

    අනේ ඉතින් ලංකාව කවදා නම් ඒ වගේ තැනකට ඒවිද....බලධාරීන්ටම බැනලා පලක් නෑ...රට පිරිසිදුව තියා ගන්න එක අපි හැමෝගෙම වගකීමක්නෙ....

    ReplyDelete
  7. මේ ගැනනම් කියල වැඩක් නෑ මාතලන් අය්ය . සම්පූර්ණ ඇත්ත .
    …ඔය බෝපත් ඇල්ල බලන්න ගිහින් මගෙ කකුලත් කැපුන ලොකු වීදුරු කටුවකට . බලනකොට බෝතල් අඩියක් .. අපේ අය ගියොත් එතන වනසලා තමයි එන්නෙ ..

    ReplyDelete
  8. පට්ටය . . . පට්ටම පට්ටය . . . . වෙන කීමට මොකුත්ම නැත . . . .ඔලුගෙඩිය බිම වදිනතරමට නමා ආචාර කරන්නේය . . . .

    ReplyDelete
  9. මෙ මොන කතාද හවසට යනකොට රටකජුගොට්ටක් අරං කාලා පොතු ටික තියන කඩදහි ගොට්ට බෑග් එකෙ දාගන්නෙ කුනු ගොඩකට විසික්කරන්න එහෙව් මට කින්ඩි දාන උන් ඉන්න රටෙ තව මොන කතාද

    …ප.ලි අර බෑග් එකෙ දාගන්න රටකජු බෑග් සතියකට සැරයක් පවුල තමයි බැන බැන විසි කරන්නෙ

    ReplyDelete
  10. 100% ක් ඇත්ත.... හැබැයි පිරිසිදුකම පටන් ගන්න ඕන ගෙවල් වලින්... සමහර ගෙවල්වල පිරිසිදුකම අතින් අන්තිම තැන දෙන්නේ කුස්සියට සහ කක්කුස්සියට... ඊලඟට ඉස්කෝල.....ඇයි හෝටල්????
    පොසොන් වෙසක් කාලෙට අනුරධපුරේ තමයි මිහිපිට පෙරේත ලෝකේ! නලින් ලොක්කා හුම්මානයටත් කෙලෙව්වා.

    ReplyDelete
  11. මේක බලලා එකෙක් වත් හැදුනොත් ඇති. අනේ ඇත්තටම මමත් 100%ක් එකඟයි මාතලන් එක්ක . ඔය අංශයෙන් අපේ රට දෙවෙනි වන්නේ ඉන්දියාවට විතරයි මන් හිතේ . පිස්සා කිව්වා වගේ පිටරටවල ගියහම සාන්ත දාන්ත විදියට ඉන්නත් පුළුවන් අය තමන්ගේ රට වනසන්නේ ඇයි.

    ReplyDelete
  12. මගේ නාන තැන් පෝස්ට් එක ලියනකොටත් ඔය ගැන කියන්න හිතුන. ඒත් තාම කොළඹ හරියෙ හින්ද කිව්වෙ නෑ. ඇත්තටම අපි දන්න හොඳ තැන් ගැන කියන්න හිතෙන්නෙ නෑ මේ වගේ දේවල් හින්ද.

    මං අනූ හතරෙදි හුම්මානෙ දැක්ක ලස්සන අද නෑ. එතන කාල. වගකියන්න ඕනෙ ප්‍රසිද්ධ කරපු නලිනය කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  13. මමත් සාමාන්‍යයෙන් කුනු බාස්කට් එකක් නැති නම් කුනු සාක්කුවේ හරි දාගෙන එන ජාතියේ එකෙක්මි . . ඒත් දුම් බටේ කොටේ නම් අහුවෙන තැනකට විසිකරන නරක පුරුද්දක් ඇත . . ඒකත් නතර කොර ගන්න ඕනෑය . .

    ReplyDelete
  14. එක් වරක් සිරීපාදේ ගියා. එනකම් කබරයා දදා එන්න උනේ. අපේ උන්ට කිසි චාරයක් නෑ. හොද ලිපියක්. "මට" කරන්න පුළුවන් දේ කරමු. පින් මචං මේවා ලියනවට.

    ReplyDelete
  15. මාතලන් සහ ගොර්දෝනියා සෙයිලනිකා ගෙ කටේ මසුරන් දැමිය යුතුය.

    ReplyDelete
  16. සිරාවට!එහෙම උන්ව එතන උදේ ඉදන් හවස් වෙනකන් දනගස්සලා යන එන හැම එකාටම ටොක්ක ටොක්ක ගානේ අනින්න කියන්න ඕන! බෝතල් කඩන එකේ කටුකත්වය මාත් අත්දැකලා තියනවා..අපේ ගෙවල් තියෙන්නේ බෙන්තර බීච් එක කිට්ටුව.අහන්න ඕන නැහැ නේ සමහරදාට සෙල්ලම් කරන්න ගියාම වෙන දේ!
    ආත්මාර්ථකාමී බල්ලෝ!

    ReplyDelete
  17. එම්බා මාතලන්, අපගේ ජාතිය ගැන ගුණ ගයා ජාති ආලය උස්ස තැබිය යුතු යුගයක තා ජාතිය සුනකයට දම කතා කරන්නෙහිය. එය දේශ ද්‍රෝහී කමකි. ජාතිය පාවා දීමකි. ලිය යුත්තේ "ලෝකෙන් උතුම් රට ලංකාවයි " හෝ ඊට සමාන දේ පමණක් වෙමි.
    --------------------------------------
    හැබැයි බන් උඹ කියන්නෙත් මට කියා ගන්න බැරුව හිටපු ටිකක් තමයි. තවත් චුට්ටක් එකතු කරන්නම්.
    --------------------------------------
    චූ කිරීමෙන් පසුව එතනට කෙල තොප්පයක් දැමීමද අපේ සිරිතය. හරියට මොකක්දෝ ලෙව කැවා වගෙය. අනිත් එක බුලත් කෑමය. රතු පාට කෙල හැම තැනම ගසනවය. ඔවුන්ගේ කරේ පඩික්කම් එල්ලිය යුත්තේය. ජාතික සිරිත කියා ඉඩ හල නොයුත්තේය. පිලික හැදෙන බැවින් කොහොමත් බුලත් කමට එරෙහි වුනාට කම් නැත්තාහ. අනිත් ප්‍රශ්නය ඇගිල්ලේ හුණු ටික අහු වෙන අහු වෙන තැන් වල ඇතිල්ලීමය. අහුවුනොත් ඇකේ පුතිල්ලිය යුතුය.
    එම්බා මාතලන්, මේව ගැන තා තව තව ලිය යුත්තාහ.

    මේ වගටත් ඇනෝ.

    ReplyDelete
  18. ඇයි අනේ මිනිස්සුන්ට හැදෙන්ට බැරි?...:(

    ReplyDelete
  19. බෝ මළුවේ සපත්තු නැතිව ඇවිදින්න බැරිය. ඒ හතර අතේ බල්ලන් රී ඇති නිසාය.

    ReplyDelete
  20. මට අර තහනම් කොරපු සින්දුව මතක් වුණා.මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

    ReplyDelete
  21. සම්පුර්ණ ඇත්ත , මට මතකයි පරාක්‍රම බහු රජ තුමාගේ මාලිගයේ එක මුල්ල කට යන්න බෑ හුලුදිය ගඳට..(නොදකින් කාලකන්නි කපන්න ඕන ..)

    ReplyDelete
  22. 'ඕනය'ගෙ කොමෙන්ට් එකෙන් කියන්නෙ ඌට නමන්න ඔලු ගෙඩියක් තියෙන බවය. එය සෑහෙන්න සැක සහිතය.

    ReplyDelete
  23. පලමු වතාවටය මෙ පැත්තේ ආවෙ
    *දරැවාට පරිසරය ගැන කියා නොදෙන මවි පියෝ.
    *ටොපි කොලේ කුණු කුඩයට දමන්න කියා නොදෙනා අධ්‍යපනය.
    *අරක්කු බෝතලේ ගලේ ගභන්න උගන්නන සමාඡය.
    *පාරිසරික ප්‍රතිපත්තියක් නැති දේශපාලනය.
    යන කාරනා අසමිපුර්ණ සමාඡයක ඡිවත් වන(බහුතරයක්)මිනිසුන්ගෙන්. පරිසරයට අයාපතක් මිස.කෙයින්ද යාපතක්........

    ReplyDelete
  24. හිතට දැනුනාය . සිගරට් කොටේ තැන නොතැන බලා වීසි කිරීමේ පුරුද්ද විතරයි මටනම් තියෙන්නේ . ඊට අමතරව ඉවසාගත නොහැකි බරක් ආවොතින් ඒකත් ඔයි කොහාට හරි අතඇරලා දාන පුරුද්දත් ඇරුණාම ..

    //හුජ්ජ කොරන තැන රෙනවාය. මූන හෝදන තැන හුජ්ජ කොරනවාය...//

    ඔන්න ඕක තමා කේස් එක

    ReplyDelete
  25. පරිසරය වනසන එක වීරකමක් කියලා හිතන් ඉන්න අපේ මිනිස්සු, නීතියට හොරෙන් අහු නොවෙන්නට වනසන එක සුපිරි වීරකමක් කියලයි හිතන් ඉන්නෙ. ඒ මානසිකත්වය නැති කරනකම් ස්වභාවික පරිසරය රැක ගන්නට වෙන්නෙ නෑ.
    බේබද්දො ගැනනම් ඉතින් කතා කරන්නවත් දෙයක් නෑ. රටේ ලොකුම පිළිලය.

    ReplyDelete
  26. ඔව්වනං මොනවද මාතලන් ගොයියෝ..අපේ උන්දලා ඉන්නව නෙව ඇළ දොළ බදු අරගත්තු...
    නිදහසේ ගලාගෙන යන ඇලවල් දොලවල් අයිනෙන් හොද ලස්සන තැන් අල්ලං ඒවායේ මේස පුටු දාලා එන යන උන්ට බොන්න දීලා ගාන කපන ඈයෝ... ආන්න එහෙම අම්ම අප්ප උනත් විකුණන් කන්න ඇහැකි උන් ඉන්න රටේ ඔව්ව මොනවද..?

    @ඕනයා...

    උඹ ඔළුව පාත් කොර කොර හිටිං..අන්න තෝ දැම්ම බෝතල් කට්ටකට ගිම්හානිගෙ කකුල කැපිලා...

    ReplyDelete
  27. කතාව සම්පූර්ණ ඇත්තය. මෙවැනි මල පෙරේතයන් පිරි රටක ඉපදෙන්නට වීමම මයේ අවාසනාවක්ය. කොරන්නට දෙයක් නැත. දැං ඉපදී හමාරය. මල මූසලයන් එළැවීමට මාද කැමතිය. ඔබේ පෝස්ටුව ඊ-මේල් කිරීමට අවසර පතමි. දන්න දන්න හැම තැනම ෂෙයාර් කරමි. මෙය ඉතා අගනා වටිනා පෝස්ටුවකි.

    ReplyDelete
  28. අනික් එවුන් මොන කෙහෙල්මල කලත් පරිසරය වෙනුවෙන් තමන්ගේ කාරිය හරියට කරන්නට අපි දරුවන්ට පුරුදු කල යුතු කාලය පැමිණ ඇත. පරිසරය කැත කිරීම ලැජ්ජාවට කාරණයක් බවට පත් කල යුතුය...
    හොඳම උදාහරණය ප්‍රසිද්ධ ස්ථාන වල සිගරට් බීමය..කලකදී එය වසංගතයක් විය. එහෙත් අලුත් තරුණ පරපුර ප්‍රසිද්ධියේ සිගරට් බොන්නට අකමැතිය...ගොඩ ඒමට ඇති එකම ක්‍රමය මූත්‍රා කිරීම බල්ලන්ට පමණයි තියරිය යෙදීම හා අකුරු නොදන්න බල්ලන්ගේ වල්ගය කපා දැමීමයි.

    ReplyDelete
  29. @ අසේල
    මාතලන් බොරු කියන්නේ නැතිය..

    ReplyDelete
  30. @ තනි අලියා
    තැන්කූය...

    ReplyDelete
  31. ආණ්ඩුව කොරන්නෙත් මළ පෙරේත හැත්තක් වෙද්දි කොහොමද ආණ්ඩුව මළපෙරේතයෝ නැති කරන්නෙ.

    ReplyDelete
  32. @ හරී පිණිපළස
    බ්‍රේන් වොෂ් කරන්න ඕනා නැතිය. අවශ්‍ය තද බල නීතිය. රටcඅල් පිරිසිඳු කර ගෙන තියෙන්නේ එසේය. මූනූ ගැන ඇත්තේ සුළු දැණුමක්ය. වෙද මහත්තයාගේ අදහස මගෙත් අදහසය..

    ReplyDelete
  33. @ පිස්සා පලාමල්ල
    හරියට හරිය. දඩ ගහපු ගමන් ඔය වැඩ නවතිනවාය. ආයාච්න කොරලා හරියන්නේ නැතිය.

    ReplyDelete
  34. @ වෙද මහත්තයා
    බොහෝම ස්තූතියි වෙද මහත්තයා. අපේ උන්ට ගෝර්දෝනියා කියනවා වගේ කියලා හරියන්නේ නැතිය. මූනූ ගැන ඔබේ මතය හා එකඟවන්නට සිඳු වන්නේය. මමත් අසා තිබෙන්නේ රෝග 18 ක් සඳහා තීබෙන මූණූ 18 ක් ගැනත්, ගුරුළු රාක්ෂ, නාග රාක්ෂ, කෝළම් මූනූ ආදී ලෙසය.

    ReplyDelete
  35. @ දිල්
    අපෙ උන් කවද්ද වග කීම් ඉලු කලේ. අවශ්‍යතාවයක් නැති කම හා රටට ආදරය නොකරන එකයි මෙතන තියෙන ප්‍රශ්නය. කොළඹ නගර සීමාවට දාපූ නීතිය ලංකාවටම ක්‍රියාත්මක කරලා. පොලොස් කොට්ටෝරුවන්ට වගකීම දුන්නනම් වැඩේ ඉවරයි..

    ReplyDelete
  36. @ ගිම්හානී.
    කවුද ඩෝ බෝතල් කැඩුවේ. අපෙ කෙල්ලගේ සුදු කකුල කැපෙන්න. අඩෝව්....

    ReplyDelete
  37. @ ඕනයා
    තැන්කූ මචන්. ඒ උනාට ඔබා කේස් එකක් ඇදලා ඔන්න උඹට

    ReplyDelete
  38. @ ලොකු ජෝන්
    කින්ඩි දාන්නේ හරක්. උඹ පොරක්...

    ReplyDelete
  39. @ කැන්ඩියන්
    සහතික ඇත්ත.. පොලොන්නරුව.. අනුරාධපුරේ දැක්කම සසර කළකිරෙනවා.

    ReplyDelete
  40. @ බින්දි
    මටත් ඕන එච්චරයි අඩු ගානේ 1000 ක් වත් හැදුනොත් මටත් පින්...

    ReplyDelete
  41. @ ඉන්දික උපශාන්ත
    ඉස්සර හැම තිස්සෙම ක්‍රියා කරපු හුම්මානේ. දැන් ක්‍රියා කරන්නෙත් කලාතුරකින්. සොබාධර්මෙට උනත් තද වෙනවනේ මේ මළ පෙරේතයෝ දැක්කම..

    ReplyDelete
  42. @ දුකා
    සිකරට් කොටේ සාක්කුවේ දාගන්ට පුරුදු වෙන්න එපාය. නිවන් නැතිව දාගත්තොත් මල්ලි අනාතය.

    ReplyDelete
  43. @ තිසර
    ටැන්කූ මචන්. පනිවිඩේ වටේ යැව්වනම් අඩු ගානෙ ලැජ්ජාවටවත් නවත්වයිනේ..

    ReplyDelete
  44. @ ඔබා
    තෑන්ක්ස්.. හැබයි චොකලට් නම් මසුරන් වලට වඩා රසය..

    ReplyDelete
  45. @ සබියා
    වට කරලා දීපන් පෝරියල් එක අනිත් දවසේ...

    ReplyDelete
  46. @ ඇනෝ
    හප්පේ මම බය වෙච්ච තරම. ලියනවා ස්වාමීනී ලියනවා .... බයටම ලියනවා

    ReplyDelete
  47. @ පො කු
    නිකම්ම හැදෙයි තද නීතී දැම්මනම්. ඔය කොළඹ කාක්කෝ ඉන්නේ බල්ලො වගේ...

    ReplyDelete
  48. @ ඇනෝ
    ඒ බන් පරා දාපුවා වෙන්ටෑ...

    ReplyDelete
  49. @ සිත් සයුර
    හරියට හරි. ඔය සිහල උරුමේ පලා බබා එකේ ඉන්න පරිසර ඇමතියගේ බයිලා විතරයි ඝෝඨා නැත්නම්..

    ReplyDelete
  50. @ සඳරූ
    රට හදන්නට පෙර රටේ උන්ගේ විනය හැදිය යුතුය..

    ReplyDelete
  51. @ නලිනි චන්දිමා
    බේබද්දොන්ට බනින කොට අපටත් වදිනවාය. ඒත් සිකරට් කොටයක්වත්. බයිට් එකේ මස් කට්ටක්වත් බිම නොදමන්නේය. සියල්ල ෂොපින් එකේ දමාගෙන ගෙදරම ගේනවාය.

    ReplyDelete
  52. @ මාරයා
    ඒ උනත් එහෙම දෙන තැන්වලත්.. පිරිසිඳුවට තියාගන්න උනුත් ඉන්නවා...

    ReplyDelete
  53. @ ප්‍රභාත් දර්ශන
    කිසිම ප්‍රශ්නයක් නැතිය. මා බලාපොරොත්තු උනේත් එයමය...

    ReplyDelete
  54. @ ලකී
    අරාබියේ වගේය. එහෙම කලත් හිතට දුකක් නැතිය..

    ReplyDelete
  55. @ ප්‍රභාත් දර්ශන
    නෝ ප්‍රශ්ය. මා බලාපොරොත්තු උනෙත් එයමය. බොහොම ස්තූතිය..

    ReplyDelete
  56. ඔය කිව්වේ ඉතිං පිලියමක් . . තෝ නම් අම්මපා

    ReplyDelete
  57. ස්තූතියි මාතලන් මාමෙ මගෙ එකට ලින්ක් එකක් දැම්මට.
    ඒවගේම ඔබතුමාලා වගේ ජනප්‍රිය බ්ලොග් කරුවන් මේ පරිසර ගැටළු ගැන කතා කිරීම අගනා දෙයකි.
    දිගටම මේව ගැන ලියන්න.
    ස්තූතියි මේ වගේ ලිපියක් ලීවට.
    මෙතන තියන ගැටළු වලට දිගු කතිකාවතක් ලිවිය යුතුය.

    ReplyDelete
  58. @ දුකා
    ඔය ඉතින්.. අවවාදයක් දුන්නත් වනේ.. පරිසරේ වගේද මල්ලි..

    ReplyDelete
  59. @ ගෝර්දෝනියා සෙයිලනිකා
    මෑත කාලයේ මා දුටු හොඳම බ්ලොග් එක.. ආයේ කතා දෙකක් නෑ..

    ReplyDelete
  60. :) ඉස්තූතියි..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න