.

.

Nov 17, 2011

සෙනසුරු මාරූ - Welcome Hon. Saturn ...!!!



කෙරුවලු කෝල් වෙන දා සෙනසුරු මා         රූ
ෆෝන් රිඟින් නෝ ආන්සර් ඇමති හො         රූ
අපි පන බයයි ලොක්කට අපේ බොහෝ ග    රූ
ඒ වගේද සෙනසුරුලගෙ ග්‍රහ මා                     රූ

ජනවාරියේ ශෆල් එකක් තියෙනව                ලූ
කරුපු දෙයක් මතකෙට නගපන් යා                ලූ
පච කෙල කෙල ජෝක්ස් දදා සිටියා               ලූ
එව්වට මේ සැරේ සලකන්නේ නෑ                  ලූ

පායයි හිරූ ආවොත් කිව්වාය ක                     රූ
ඒ උනාට පැයුවෙ නම් නැහැනෙ හි                 රූ
දනින් වැටි හිමිවරු ළඟ නගයි චු                    රූ
නෑ වාගෙයි කරූට සෙනසුරු මා                     රූ

නිව්ස් බාගයක් වෙන්කරලා සිර                      ස
පෙරට ගන්න වලි කයි පොඩි පෙම් දා             ස
මීටිමකට දහයක් වත් නැති දව                       ස
මළ එක හොඳයි නොම දැක ලොකු පෙම් දා   ස

උපන්දා පටන් දුකමයි මැරෙන තු                    රු 
මහ මග සැරිසරති බලපන් බට පතු                 රු
සමාවෙලා කියපන් කපු මහත්තු                      රූ
ජහ මනයාට කවදැයි සෙනසුරු මා                   රූ

රජ යෝගයෙන් ගැන්නත් කූඩුවෙ කූ              රූ
ජනපති සමාවක් වත් දුන්නොතින් ම              රූ
කට හොඳ නැතත් කොටියට පෙන්නුවා ත       රූ
පෙරමග බලමි යලි ඔබ පැමිනෙනා තු              රූ

.oO00Oo.

37 comments:

  1. නොවැම්බර් 18 කියන්නේ වැදගත් දවසක්...

    ReplyDelete
  2. මට නම් සෙනසුරු මාරුව හොඳලු. මංගල යෝගෙකුත් (එකයි:( ) තියනවා කියලා අත්තම්මා කීවේ...:D

    ReplyDelete
  3. @ පිස්ස පලාමල්ල
    මගේ පරම පැතුම එයයි..

    ReplyDelete
  4. @ පොකූ
    හප්පේ ළොකුම ළොකු දෙයක්. කනක් ඇහිලා ඉන්න ඇහක් වෙයි....

    ReplyDelete
  5. 100%, මම බ්ලොග් අවකාශයේ දැකපු හොඳම කවි පංතියක්. ඔබ නම් නියම කවියෙක්. හරිම ලස්සනයි. මේක කියවන විට එන්නේ සුන්දර හැඟීමක්. මේකම ගද්‍යයෙන් ලිව්වනම් කියවද්දී එන්නේ මරාගෙන මැරෙන හැඟීමක් වෙයි නේද? කවියට කල හැකි දේ?

    ReplyDelete
  6. බොහෝම බලගතු කතරගම දෙයියන්ටත් හෙනහුරා බටකොළ කැව්වලු. මොකා මාරැ වුනත් අපේ අත හෙළව්වොත් විතරයි අපේ කට හෙල්ලෙන්නෙ. ඒ නිසා හෙනහුරා උගේ වැඩ. අපි අපේ වැඩ. දැන් ගොඩක් දෙන බලන් ඉන්නවා සෙනසුරැගේ සපෝට් එකෙන් බලේ ගන්න. ජනතාව වෙනුවෙන් මුකුත් නොකර. අන්තිමට සෙනසුරා කෙසේ වෙතත් මුන් ටික නීච වෙනවා.

    ලංකාවේ විපක්ෂ දේශපාලනයක් ඉතිරිවෙලා තියෙනවනම් ඒ ජෙනරල් උන්නැගේගේ තත්පර දහයේ දේශපාලනය විතරයි කියලා බ්ලොග් එකක තිබුණා මතකයි. සමහර දේ එක්ක එකග නොවුනත් කොන්දක් තියාගෙන වැඩ කරන ජෙනරල්ට ජනපති සමාවක් අවශ්‍ය නෑ කියලයි මගේ හැගීම. අර්නස්ට් හෙමිංවේ ගේ "මහල්ලා සහ මුහුද" හැමදාම වගේ මතක් කරනවා. මිනිහෙක් විනාශ කරන්න පුළුවන්. හැබැයි පරාජය කරන්න බැහැ.

    ReplyDelete
  7. නියම කවි පන්තියක්. එලිසමය කෙලින් ගන්ට කොච්චර අමාරුද බ්ලොග් එකක් ලියද්දි. උඔ නං හැබෑ බ්ලොග් කාරයෙක්.

    ReplyDelete
  8. .
    අපිනම් නොදනී ජනයගේ සෙනසුරු මාරු
    මැති සබෙ ඉතින් හැමදාමත් පුටු මාරු
    ලෝක විනාසෙත් එනවලු ලඟ ලඟ නුදුරු
    අපි යමු අය්යේ කඩනට සිරගෙයි කූරු

    ReplyDelete
  9. නොපෙනෙනා රජකමක් පෙන්වා සිංහයෙකු ට
    …අවුලවමින් රජවරු සෙනෙවිවරු පෙර දවසක ට
    …රජකම ගන්න කෙල හල හල උන් හිවලුන් ට
    පැන්න හෙනහුරා බෙදා ජෙප්පන් දෙපැත්ත ට

    ReplyDelete
  10. හී හී...මටත් සෙනසුරු මාරුව හොදයිලු.අනේ කවුද ඕවා දන්නේ...:))))

    ReplyDelete
  11. @ වෙද මහත්තයා
    බොහොම ස්තූතියි. දැන් ඔබ තුමා මගේ සදාකාලික රසිකයනේ.. මම අවංකව අද දුක් වෙනවා. කළා විෂය ඉගෙන නොගත් එකට.

    ReplyDelete
  12. @ තිසර
    උඹ හා 100% එකඟයි.. මූ නම් නියම සිංහයෙක්..

    ReplyDelete
  13. @ බුද්ධි
    මොහොම ස්තූතියි බුද්ධී. මේව මෙහෙම ලියවෙන්නේ හොඳ වගේම වැරදිත් පෙන්නලා දෙන කශූ, දුකා, සිංහභාහූ වගේ උන් නිසා

    ReplyDelete
  14. @ ගිම්හානී
    උඹ වගෙ කෙල්ලො මේ ලක්දිව සිටින තුරූ
    සත්තයි දිනක සැමටම පායාවී හිරූ

    ReplyDelete
  15. @ ලොකු ජෝන්
    අමතක උනා ජෙප්පෝ ගැන ලියන්නට
    මාරුවටත් කලින් සෙනසුරු ආවේ උන්ට
    ඊයෙත් මරන් නොමිලේ දුන් නිවසකට
    දෙවියෝ එයිද යක්කුන් පිරි දෙවොලකට

    ReplyDelete
  16. @ නිසූපා
    අපිටනම් සිකුරු ආවත් ඔච්චරයි...

    ReplyDelete
  17. කයිය කියෙව්වෝ...!!!
    හොඳයි කිව්වෝ.....!!!

    ReplyDelete
  18. මාතලන් මල්ලියේ, මගෙනුත් සීපදයක් ..

    මහ පස්සෙක එකෙක් ඇත විලසින් පොන් නා
    ශනි ලැබුමට ඉඩක් නැත උපතින් එය ලැබූ නා
    නැත අහො විපස්සය, මහරජු මරු කෙලි නා
    මකාබපියන් දෙන්නම, ශනි සකි සදු නා

    මේ වගටත් එසේම,
    ඇනා

    ReplyDelete
  19. සෙනසුරු ලබා ඇත රණවිරු මැතිදු හ ට
    තෙවසක් ලබා ඇත හිර ගෙයි බත් කන් ට
    නීතිය විහිළුවක් කල රජු හා විනිසුරු කැල ට
    පු.. අරිනු මැන සෙනසුරු වී නොපසුබ ට

    ReplyDelete
  20. මාතලන්ට සහ කොමෙන්ට් කල සියලු දෙනාට රිදුනු සිතින් වුවද ස්තුති කරමි.මගේ සිත නම් අද මල ගෙයකි.

    ReplyDelete
  21. සෙන්පති සිරගෙට - කොටියෝ රජ ගෙට
    සෙනසුරු නෙවෙයි ගොඩක් දේවල් මාරු වෙලා

    @තිසර සෙනසුරා බට කොළ කැව්වේ විෂ්ණුට

    ReplyDelete
  22. කයියකිංම කොමෙන්ට් කෑල්ලක් ගහන්න්න හිතුනත් . . . පස්සෙ හිතුන මගෙ කයි කෑලිදාල මොකටද උඹේ කයි පංතිය කන්නෙ කියල . . .
    එල කයි ටික . .. .
    බලාන යද්දි මාතලං "කයි පද බඳින්න" උපං හපනෙක් නොවැ . . . .

    ReplyDelete
  23. ලංකාවේ නීති පද්ධතිය දැන් තනිකරම මැජික් බලය ලැබුණු පිස්සෙකු ගේ තත්වයට වැටී ඇත...

    ReplyDelete
  24. මක් කොරන්නද අපි බොහෝම කුඩාම මිනිසුන්.

    ReplyDelete
  25. ඔය දුන්නේ රාජ යෝගේ.

    ReplyDelete
  26. ජෙන්රාල් ආවනම් රටේ නීතියට මෙහෙම වෙන්නෙ නෑ කියල හිතෙනවා.
    මහ තැන් වලින් කරන වැරදි විතරක් නෙමෙයි.....
    මිනිස්සු පාරෙ තොටේ කරන වැරදි උනත් නවතින්න තිබුන....
    අපේ රටේ මිනිස්සු කරන වරදි වලට ඕනෙ හමුදා පාලනයක්ම තමයි.....

    ReplyDelete
  27. බලාගෙන ගියාම හෙනහුරා මාරු වෙලා පාත් වෙන්නේ ජහමනයාටමනෙ. ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!

    ඕනයා...මාතලං "කයි පද බඳින්න" විතරක් නෙවේ හපනා..."කයි පද කරේ තියාගෙන යන්නත්" හපනෙක් වගේ.

    ReplyDelete
  28. ජහමනයාට කොයින්ද 'රත්තරන් බෝල' මිරිකන්න!

    දැන් ඉතින් ...... දෙක මිරිකගෙන තමයි සෙනසුරු මාරු ඇරගන්න තියෙන්නෙ

    ReplyDelete
  29. @ ඔබා
    ඕකට ඉතින් කෑ ගහන්න ඕනය...

    ReplyDelete
  30. @ ඇනෝ
    උඹේ වෙදනාව මට තේරෙනවා. එ උඹ මනුස්සයෙක් නිසා. මට දුක සරත් ෆොන්සේකාටත් වඩා අනෝමා ෆොන්සේකා ගැන. නමුත් නියම ගැහැනියක්, එක්නැලිගොඩ නෝනා වගේ.

    ReplyDelete
  31. @ ජය ශ්‍රී
    අබුද්දස්ස කාළේ ලබුත් තිත්තයිලූ රාලේ...

    ReplyDelete
  32. @ ඕනයා
    බොහොම ස්තූතියි කයි පසනවට
    සොරි සොරි කයි පසසනවට..

    ReplyDelete
  33. @ වෙද මහත්තයා
    අපි මුක්කුද. අලිත් කර අඹපු කොට..

    ReplyDelete
  34. @ සුජීව කොහුවල
    ඉඳා කාලා වරෙන්.. ඉතිරි කොටස ලබන සතියේ..

    ReplyDelete
  35. @ අසේල
    ජෙනරාල ආව නම් කොරන ඒවා තමයි ලොක්කත් කරන්නේ. නමුත් අර සිරිමාවොන්ට කලා වගේ ප්‍රජා අයිතිය අහිමි කරලා මේ වීරයා එළියේ තිබ්බනම් ඉවරනේ. අඩි ගානේ නිවාස අඩස්සියේ..

    ReplyDelete
  36. @ කැන්ඩියන්
    දෙවියන් වහන්සේ දීපූ බෝලේ මිරක මිරික ඉමූ. බලාගෙන කේන්ති යන වෙලාවට මිරිකන්නේ. ගොඩා.........ක් සිදෙයි..
    කයි පටේ දාගන්න වෙලා තියෙන්නේ..

    ReplyDelete
  37. @ බුවා
    ඔය කියල තියෙන්නේ නියමෙටම...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න