.

.

Jan 26, 2012

ඩිල්ෂාන්.... ගහපාන්.... - Dil Scoop



ගම උපදින
වැඩ පෙන්වන
කොළඹට එන
ඇතුටට යන
කඩුළු රකින
මැද පෙල එන
ගලී ඉන්න
පන්දු ගිලින
බිම පෙරලෙන
පිනුම් ගහන
 පිලුම් නොවන
බඳින ලෙහෙන
එනමුත්, නොසැලෙන
ඕපන් එන
වටේ නෙලන
පුදුමකරන
ස්කූප් පුදන
පන්දු යවන
විකට් ගන්න
ළොවම දිනන
මෑන්ද වන
නෝ ...බෝල් දාන
උපදෙස් දෙන
දඩෙත් ගෙවන
දුන්නම එන
නායක වෙන
ෆේල්ම උන
කිව්වම යන
තවම ඉන්න
තිලකරතන
-o-

ටැලන්ට් සාගරයකි
ජාතික වස්තුවකි
අනාගතයේ හෝ
නායකත්වයට කිසිසේත් සුදුසු නොවේ......
තව දුරටත් අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙකි....

81 comments:

  1. Replies
    1. කවුද...? මමද... ඩිල්ෂාන්ද...?

      Delete
  2. Replies
    1. ක්‍රිකට් වලට ලැදියි වගේ..

      Delete
  3. පට්ට, ඒත් කොල්ලා නාගන්නෙඔ කට නිසානේ, ඒකයි අවුල! ඵල කවිය !

    ReplyDelete
    Replies
    1. ඔය කවුරු කවුරුත් නාගත්තෙ කට නිසා තමා

      Delete
    2. නිකන් උන්න එකාට නායකත්වය දීලා නැතිකලා. නායක කම තියා උපනායක කමකටවත් සුදුසු නෑ.

      Delete
    3. මට මතනදි තව කතාවක් මතක් වෙනවා ... එක්කො ඕනැන්නෙ නෑ ඒකෙ පොලිටික්ස් ..

      Delete
  4. කියවන්නෙක් පමණිJanuary 27, 2012 at 1:37 AM

    මගේ අදහස නම් ක්‍රීඩකයන් දිල්ෂාන්ට සහයෝගය නොදී තනි තනිව ක්‍රීඩා කළ බවයි. මහේල කණ්ඩායමේ සිටිමට නායකත්වය භාරගත් බව සිතේ. මහදවල් මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධ ඔබගේ ලිපියක කරැණු ද සිහියට නැගේ.

    මාතලන් සුපිරිම ආකාරයට දිලාගේ චරිත සහතිකය ලබා දී ඇත.

    ReplyDelete
    Replies
    1. මෙ කතාව හරියට අර itn විමසන්නා ගෙ කිරිකට් විග්‍රහය වගෙ

      Delete
    2. ඔබේ අදහසට මම එකඟ නෑ. ඕනම ටීම් එකකට බෑඩ් පැච් එකක් තියෙනවා. නමුත් ප්‍රශ්නය උනේ තරඟාවලි 4 ක් පරදිනකම්ම පිලියමක් නොයෙදූ එක. අඩුගානේ අත්හදාබැලීම්වත් කරන්න තිබුනා. මහේලගේ ඒ ප්‍රශ්නේ දඩමීමා කරගෙන බලෙන් තමයි නායකත්වය දීලා තියෙන්නේ. සත පහක වැඩක් නැති එකෙක් තමයි මැතිව්ස්..

      Delete
    3. aniwaaaaaa ,,, sathapahakata wedak na methews >> 100% agreee

      Delete
  5. සිරා ! දැන් වගකිමකින් තොරව ස්කූප් ගසා ලකුණු දෙනු මැනව !

    ReplyDelete
    Replies
    1. මම හිතනවා සුපුරුදු දස්කම් අතරට එයි කියලා..

      Delete
  6. ආපහු ඉස්සර වගේ පීඩනයක් නැතිව සෙල්ලම් කරනවා බලන්න්න අපිට පුළුවන් වේවි කියලා හිතනවා..

    "නෝ ...බෝල් දාන
    උපදෙස් දෙන.."

    ඒ කෑල්ලනම් මරු..

    ReplyDelete
    Replies
    1. තව ඩිංගෙන් මුලු ඉන්දියාවෙන්ම කනවා

      Delete
  7. ඩිල්ෂාන් නැති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හරියට චිකන් නැති චිකන් කරියක් වගේ....

    ReplyDelete
    Replies
    1. නායක කමින් අයින් උනා මිසක් ක්‍රිකට් වලින් අයින් උනෙ නෑ ඒ හන්දා කරියෙ චිකන් තාම තියනවා

      Delete
  8. //අනාගතයේ හෝ
    නායකත්වයට කිසිසේත් සුදුසු නොවේ......//

    ඇත්තම තත්වෙ ඒකද?

    ReplyDelete
  9. දිගටම නායකත්වයෙන් ෆේල් වෙන අය ක්‍රිකට් වලදි අයින් වෙනවා වගේ දේශපාලනේදිත් එහෙම වෙනවනම් හොඳයි කියලා මේ ළඟදි දවසක රනිල්ගේ පොටෝ එකක් දාං සිරස ප්‍රවෘත්ති වලට කිව්වා මං අහගෙන! :D

    ReplyDelete
    Replies
    1. උන්ට පිස්සු අනේ. අර එළුවගේ මොකක්ද එක හැලෙනකම් පස්සෙන් ගියා වගේ සජිත් එක්ක රනිල් පස්සේ යනවා.

      Delete
  10. නායකත්වය ගුණාංගයක්! ඒක හැමෝටම පිහිටන්නේ නැති බව පෙන්නන්න ඩිල්ෂාන් කදිම උදාහරනයක්!

    ReplyDelete
  11. ලිවිල්ල නම් මරු මාතලන් අයිය... ඒ ඇරෙන්න ක්‍රිකට් නම් ඉතිං තිබ්බත් එකයි නොතිබ්බත් එකයි ;)

    ReplyDelete
    Replies
    1. පොඩි කාළේ පටන් දන්න ගේම නිසා මැරෙනකම් ආදරෙයි...

      Delete
  12. //ටැලන්ට් සාගරයකි//

    ශුවර්ද ? මට නම් හිතෙන්නේ පොර වාසනාවට ගහන පොරක් කියල . තීරණාත්මක තරඟ වලදි දක්ෂ කණ්ඩායම් ලස්සනට දිලාව වට කරන්නේ ඒකයි . ඒ වගේම ලොකු ටෝක් දෙනවත් වැඩියි .පුද්ගලිකව මම අකමැති ක්‍රිඩකයෙක් . අති දක්ෂ පන්දු රකින්නෙක් කියල නම් මාත් පිලිගන්නවා

    ReplyDelete
    Replies
    1. බුදු ෂුවර්.. දකුණු අප්‍රිකාවේ ප්‍රවීන විචාරකයොත් කිව්වේ. මම කියන දෙයමයි.. මම කියපු අනාවැකිය හරියටම හරි ගියා.. නමුත් බලාපොරොත්තු උනදේ සිද්ධ උනා.. ඩිලාන් ටැලන්ට් සාගරයක්..

      Delete
    2. අප්‍රිකානු තරඟාවලිය බැලුවෙ නැති නිසා දන්නේ නැ උන් මොකක් කිව්වද කියල . දිල්ශාන් නායක කමෙන් අයින් වෙනකන් විස්සයි විස්ස හැර කිසිම තරඟයක් බලන්නේ නැය කියල හිතාන හිටියේ . දිල්ශාන් ඔය කියන තරම් දක්ෂ ආරම්භක පිතිකරුවෙක් නොවේය කියල මම කියන්නේ ඇයි කියල ග්‍රැහැම් සිමිත්, ශේන් වොට්සන්, ශෙවාග් සහ දිල්ශාන්ගේ පිතිකරන දක්ශතා ලයිස්තු සංසන්දනය කලාම ඔබටම තේරේවි සමහර විට . ඔය අනික් තුන් දෙනාමත් දිල්ශාන් වගේම ප්‍රහාරාත්මක පිතිහරඹයට නම් දරාපු අය . ඒ ඕනි නැ දිල්ශාන් වගේ නෙලන පොරක් නොවුනු උපුල් තරංග දිල්ශාන්ට වඩා අඩු තරඟ ගාණකින් පෙන්වලා තියන දක්ෂතා අරගෙන බලන්නකො

      Delete
    3. නමුත් උපුල් තරංගට පුළුවන් බැටින් විතරයි. උඹ කියන ක්‍රීඩයන්ගේ මට්ටමට නැති උනත් හොඳ ඉල්ලුමක් තියෙන ක්‍රීඩකයෙක්. මැච් කීයක් දිනලා දුන්නද.. ඒවත් පොඩ්ඩක් බලපන්..

      Delete
    4. බුවා කියන්නේ ඩිල්ෂාන් ගේ බැටින්ග් ඇවරේජ් එක ගැනද?

      මම නම හිතන්නේ එක එච්චර සාධාරණ මිම්මක් නෙමෙයි, මට මතක විදියට දීලා සැලකියයුතු කාලයක් පසු පෙළ සෙල්ලම් කලා

      Delete
    5. සසිඳු හරි.. සනත්ටත් ඔය අසාධාරනේම උනා. ඩිල් ආරම්බයේ සාර්ථකයි..

      Delete
    6. ඇවරේජ් එකම නෙවෙයි , සමාන්‍යයෙන් ප්‍රහාරාත්මක අයගේ ඇවරේජි එක ටිකක් අඩුයි , 50/100 ගාණ , හයේ /හතරේ ගාණ වගේ දේවල් . ඔය දත්ත වලින් නොකියවෙන දේවල් තමයි දිල්ශාන් ව ආවරනය කරන්න පුලුවන් ප්‍රමාණය . අපි සහබාගි වුනු විස්සයි විස්ස අවස්න් තරඟය මතකද , අතිශයින් සාර්ථක තරඟා වලියකින් පස්සේ අවසන් තරඟයේදි ලස්සනට පක්ස්ථානේ උපක්‍රමයට අහුවුනා , වර්ල්ඩ් කප් ෆයිනල් එකෙත් ඩිල්ශාන්ගෙ ශොට් කීයක් නතර කලාද , කොච්චර හිර වුනාද .දිලා අදක්ෂයි කියල මම කියන්නෙ නැ ඒත් අපේ ගොඩක් කට්ටිය පොරව උඩ දාන තරම් සුපිරි දක්ෂයෙක් නෙවෙයි . ටැලන්ට් සාගරයක් කියන්න තරම් දක්ෂයෙක් නෙවෙයි කියල මම කියන්නේ .

      Delete
    7. ඩිලා දක්ෂ ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් වුනාම පොඩි මොරාල් එකක් තියෙන්නත් ඕනේ. ඩිලාගෙ ඒක අඩු නැතුව තියෙනවා. මං ඩිලාගේ ආසමදෙත් එකයි. මෑන් ඕන එකෙක් එක්ක ගේම නම් ගේම සයිස් එකේ ඉන්නේ.

      ටැලන්ට් සාගරයකි කියන එක වඩාත්ම හරියන්නේ මහේලට. ඩිලාගෙත් ටැලන්ට් නැහැයි කියන්න බැහැ.

      Delete
    8. මම හිතනෙ ටැලන්ට් සාගරයක් කියන එකෙන් අදහස් කලෙ ඩිල්ශාන් සිව් ඉරියව් දක්ශතා පෙන්වන්නෙක් වීම. ඕනෑම වෙලාවක ඇන සම්බන්ද තාවයක් කඩන්න පුලුවන් අයුරින් පන්දු යවන්න හැකියාවක් හැමෝටම නෑ. අඩුම තරමෙ මුරලිටවත් ඒ හැකියාව නෑ. හැබැයි බැටින් ගැනනම් අර පෙර වාසනාව කතාව මටත් හිතෙනවා ඩිල්ශාන් හරියට අර ඒ දවස්වල අෆ්රිඩි වගෙ වදින එක වදිනවා . ඔලුව පාවිච්චිකරලා සෙල්ලම් කරන්නෙ නෑ. ඉතින් හරියට ඔලුව පාවිච්චිකරන ප්‍රතිවාදී පන්දුයවන්නෙකුගෙ දවාගන්න එක එච්චර අමාරු නෑ. ඒකතමා හැමදාම උනේ.

      Delete
    9. //ගේම නම් ගේම සයිස් එකේ ඉන්නේ. //

      මේක තමයි මම අකමැතිම සීන් එක , ඉන්දියන් පක්ස්ථාන් ටීම් වල නම් බහුතරයක් ඔය විදිහ , ඒත් ලංකාවේ ක්‍රිඩකයො සමාන්‍යයෙන් අහිංසක (පිට්ටනියෙදි ) පැත්තටයි බර , අර්ජුන සනා මුරලි,වාස්, මහේල .අ වගේ ක්‍රිඩකයො අනික් රටවල ක්‍රිඩකයොත් එක්කත් බොහොම සුහදව , තමන්ගේ දක්ෂතාවයෙන් උපරිම වැඩකුත් ගත්තා .රවින්ද වුනත් කථා බහ එහෙම අඩු වුනාට ගේම ඉල්ලන්නෙත් නැනේ ඉන්දියාවෙ උනත් බලන්න පණ්ඩිත සීන් නැති දෝනි සචින්, සෙවාග් වගේ උන් දක්ෂ කමයි මහත්මා ගතියයි දෙකම තියාගෙන ඉන්නේ . මම පෞද්ගලිකව කැමති ඒ වගේ ක්‍රිඩකයින්ට . එංගලන්තේ මුලු ටීම් එකම වගෙත් , ඕස්ට්‍රේලියාවේ වොට්සන් වගේ අයත් ඔය කැලැසියෙ කට්ටිය .

      ලොකු ජෝන්- ඇන ගැලවිල්ල සාමාන්‍යයෙන් විකල්ප පන්දු යවන්නන්ගෙන් දකින්න තියන ලක්ෂනයක් , මතකද ඉස්සර අර්ජුන ජයසුරියගෙනුත් ඔය ප්‍රයෝජනය ලස්සනට අරගත්තා

      Delete
    10. මම ඒ මතයේ කවදත් ඉන්නවා. මොකද තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ද වන අතර කඩුලු රකින්නත් පුළුවන්. ඔබ කියන එක හරි අනෙක් කන්ඩායම්වල ක්‍රීඩකයන් මොහු හිරකරනවා. නමුත් ඇයි එසේ කරන්නේ.. දක්ෂ ක්‍රීඩකයෙක් නිසා නේද. ඔහුව මෙතරම් කතා බහට ලක්වන්නේ ඇයි. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් නිසා නේද..

      Delete
    11. මාතලන් - සැබැ දක්ෂයන්ව එහෙම ලේසියෙන් හිර කරන්න බැ , මහේල පන්දු රකින්නො නිසා හිරවෙලා ගහ ගන්න බැරුව තටමනවා දැකල තියේද ?

      දක්ෂයින් වෙනුවෙන් පැල්න් ගහනව , උදා ජයසුරියගෙන් කැච් එකක් ගන්න විදිහක් ආදි වශයෙන් ,හැබැයි එහෙම අවුට් කරගන්න බැරි වුනොත් ජයසුරිය ලකුණු ගන්න එක නතර කරන්න බැ කොච්චර පන්දු රකින්නො දැම්මත් , අරවින්ද, මහේල , සංගා වගේ ක්‍රිඩකයින්ව නම් එහෙම ප්ලැන් ගහල අවුට් කරගන්නත් අමාරුයි , ඒ අයගෙම වැරැද්දක් හෝ හොඳ පන්දුවක් නිසා අවුට් උනොත් මිසක

      Delete
  13. ක්‍රිකට් ගැන උනන්දුවක් නොමැත

    ReplyDelete
    Replies
    1. එහෙනම් මොනවටෙයි උනන්දු.. අර තීරණේ වෙනස් කොලැයි...

      Delete
  14. ඔන්න බලන්න දැන් කොල්ලා ස්කුප් ගහන ලස්සන..

    ReplyDelete
    Replies
    1. දැන් බය වෙන්න දෙයක් නෑ වගකීමක් නෑනේ..

      Delete
  15. නායකත්වය බර වැඩි වෙන්නැති.. ඒකයි .. දැන් බලමු !

    ReplyDelete
  16. ජාතික වස්තුවකි
    අනාගතයේ හෝ
    නායකත්වයට කිසිසේත් සුදුසු නොවේ......
    තව දුරටත් අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙකි....

    අනිවා !!!

    ReplyDelete
    Replies
    1. අනිවා.... නිවා.... අනිවා....

      Delete
  17. කමන්නෑ දැන් දෙමු පොල්ලඩි බෝල පැලෙන්න !!

    ReplyDelete
  18. ලංකාවේ හිටපු හොඳම මැද පෙළ පිතිකරුවන් දෙන්නෙක් තමයි ඩිල්ෂාන සහ ආර්නල්ඩ්.ඉතින් දිල්ෂාන් ගෙන් වුනු සේවය ගොඩක් වැඩියි.තරග පරදින එක තනිකරම නායකයා නිසාම නෙවෙයි.2005 එංගලන්ත සංචාරයේදී අපි දිනුවා 5-0 ක්.එතකොට මගෙල නායකයා.තරඟ 5 මගෙල ලකුණු 10 ක් වත ගහල නැහැ එත් අපි දිනුවා.

    ReplyDelete
    Replies
    1. ඒ නායකත්වය.

      …මැද පෙලට කට්ටිය එන්න එන්න ඩිල්ශාන්ට පීඩනය වැඩිඋනා . පොර සනාගෙන් පස්සෙ ඉනිම අරබන්න තියන අඩුපාඩුවට සෙට් වෙන්න බ්ලූම්ෆීල්ඩ් එකෙ ඉනිම ආරම්ම්බ කරලා වැඩ පෙන්නුවා එහෙම තමා පොර ඔතනට සෙට් උනෙ. හැබැයි පන්දු රැකීමයි ., ඇන ගැලවීමේ හැකියාවයි අතින් නම් ඩිල්ශාන්ට ගහන්න කෙනෙක් නෑ.

      Delete
    2. බාගෙට හරි.. මහේලගේ නායකත්වෞඅ විශිෂ්ඨයි. නමුත් කලකදි ෆේල් උනා. දැන් නම් නායකත්වය දුන්නේ කුමක් උඩද කියලා හිතාගන්න අමාරුයි. සංගා තමයි සුදුසු නමුත් පාලකයෝ සංගට කැමතී නෑ ළොවම පිළිගත් ශ්‍රේෂ්ඨයෙක් නිසා. එහෙම අයට දේශපාලුවෝ බයයි. අපි බලමු කැනගරු රටේ තුන් කොන් තරඟාවලිය..

      Delete
    3. මහෙලට නායකත්වය දුන්නෙ ඇයි ? දැන්නම් තෙරෙනවා ..

      Delete
  19. ක්‍රිකට් ගැන
    දන්නේම නැත

    ReplyDelete
    Replies
    1. බෙඩ් රගර් හෙම දන්නවා ඇති මයෙ හිතේ...

      Delete
  20. meka kiyanne loku jonata, uba anunge blog wala comment walata reply dala nikan add 1 wenne nethuwa thamange wedak balaganin. comment walata reply danna one editor misak kohewath yana JONBAS kenek nemei

    ReplyDelete
    Replies
    1. උබට නොතෙරුනාට මෙ අලුතින් Reply එක හදලා තියෙන්නෙ ඕකට.අනෙ ඒකට මං මක්කොරන්නෙයි.

      …(ස්තුතියි මම ගැන හොයා බැලුවට ආ අමත්ක උනා ඇඩ් එකටත් ටැන්කූ )

      Delete
    2. අනික බ්ලොග් වල හැමෝගෙම අදහස් එකතුවෙනකොට තමයි බ්ලොග් ලියන අයට තව තව රසවත් දෑ ලියන්න හිතෙන්නෙ. මාතලන් අකමැතිනම් මම මෙ බ්ලොග් එකෙ දාන කමෙන්ට් එයා delete කරයි.

      Delete
    3. Aha mey ananyathawaya eliyata daganna baruwa dangalana anonymous roogiya blogkaranaya gana degree 1k gahapu kenek wagei kathawa....thawa kiyannako apitath igena ganna blogkaranaya gana rules ehema dannawanam....
      add ganath dannawa wage ne... oyala wage aya rata jathiyata sahena watina kastiya ammapa...lankawata wela thiyenne oka thamai...kaata hari kamak na kelinnamai hadanne.. :/

      Delete
    4. wihiluwa sirawata gaththe aidei nodanimi. loku john ge 1 rep gena sathutuya, 2 rep sirawata gena demima nisa duka sithe. HK_මාස්ටර්- කණ්ඩායමක පුහුණුකරැ වුවද ක්‍රීඩකයන් තරම් දක්ෂ නොවියහැක. මා ඔබලාට මෙන් ඩිග්‍රි නොමැති බව පිලීගනිමි. මෙහි මාගේ නම දැමීමටද දැනුමක් නොමැති බව සිතන්න. විශිෂ්ට දැක්මක් ඇති මාතලන්ට ගරැ කිරීමක් ලෙස මින් ඉදිරියට කිසිදු දෙයක් නොකියමි.

      Delete
    5. මේ කොමෙන්ට් එක මට නූනත් මම කියවපු ගමන් විහිළුවක් විදියටයි දැක්කේ. කොහොම නමුත් ඇනෝත් ඒක සනාත කරලා තියෙනවා. ජෝන් බාස් කියපු එකත් ඇත්ත. ඔක්කොටම ස්තූතියි.. ඕනම දන්නේ නැති දෙයක් තියෙනවනම් බය නැතුව අහන්න. උදව් කරන්න ඕන අය ඕන තරම්

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ක්‍රිකට් ගැන මෙලෝ හසරක නොදනී

    ReplyDelete
    Replies
    1. බලන අයත් එහෙම තමයි. ඇමතිත් එහෙම කොට බලන උන් ගැන මොන කතාද.

      Delete
  23. 96න් පස්සෙ නැහැ බැලුවෙ ක්‍රිකැට්
    දිල් ස්කූපා තිලකරත්න
    මතක නැහැ ඉතින්
    අර්ජුන අරවින්ද සුවඳ
    මතකයෙහි තියන්
    ක්‍රිකැට් වලට සමුදීලා
    බොහෝ කල් ඉතින්

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගහන්නේ යන්තන්
      හිටගත් දා ඉඳන්
      මියෙන තෙක් ඉතින්
      ඉඳිමි එහි රසිකයෙක් විලසින්

      Delete
  24. I love all Cricket lovers and [and also non Cricket lovers as well ]

    ReplyDelete
  25. මාතලන් අයියා කියලා තියෙන දේවල් එලිපිටම ඇත්ත.මමත් ක්‍රිකට් වලට එදා ඉදන්ම ආසයි.දැන්නම් වැඩියෙන් කැමති දිවාරාත්‍රී තරග වලට වෙන මුකුත් හින්ද නෙවෙයි හදහන් බැලිල්ල කරන ගමන් දවල් මැච් බලන්න බැරි හින්දා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත උන්ගේ රස්සාව බලන්න අපෙ රස්සාව පාඩු කර ගන්න ඕන නෑනේ..

      Delete
  26. අපේ කොල්ලෝ පැරදුනත් දිනුවත් අපි දුක් උනත් සතුටු උනත් හැමදාම ක්‍රිකට් මැච් බලනවා ලොවෙත් නැති වෙන්න........
    මොනවා උනත් සෙල්ලම් කරන්නේ අපේ රටේ එවුන්නේ...පුරුදු විදියටම ඉස්සරහටත් ක්‍රිකට් මැච් බලන්න වාසනාව ලැබේවා අපි හැමෝටම......!!
    අනේ දිලි බෝයි ට මේ පෝස්ට් එක අහම්බෙන් හරි දකින්න ලැබෙනවානම් තුන්කොන් ගේම පටන් ගන්න කලින් පට්ටයි....
    මාතලන් අයියගේ දිල් ස්කූප් පෝස්ට් එක නම් සුපිරි තමයි...අදනේ මේ බ්ලොගයට ගොඩ වැදුනේ...සුබ පැතුම් ඉතින්....!!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා ඕන්.. පරණ එව්වත් නිවාඩූ පාඩූවේ කියවන්න.. තෑන්ක්ස්

      Delete
    2. ඔන්න මගෙ ඇඩ් එක වැඩ කොරලා හික් හික්

      Delete
  27. දිලා හොඳ එකා. බට් රේසිංකාර් එංජිමකිං කෝච්චි දුවවන්න හදලා එන්ජිමට බනින්න එපා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න