.

.

Jan 29, 2012

දෙවියන්ටත් වැරදීම - Error in Creation


මැව්වෙමි
පෘතුවිය
ලදිමි විවේකයක්.....
ඉන්පසු
පුරුෂයා
ලදිමි විවේකයක්.....
මැවු දා සිට සොඳුරු ගැහැණිය
නොමැත කිසි විවේකය,
මටවත්
පුරුෂයන්ටත්.
යේසුස්..
ඔබ යන්න.... විසඳන්න..
නොහැකිනම්... 
යලි එන්න.
-0-
ප්‍රබුද්ධ විචාරය :-
ළොව පළමු ගැහැණිය බිහිවූ දා සිට වර්ථමානය දක්වා, පුරුෂයන් විඳින්නාවූ ගැහැට ඉතා සියුම් සහ අලංකාර ලෙස පැදියට නගා ඇත. දෙවියන් වහන්සේ සිඳු කල ඒ අනවශ්‍ය මැවීම, උන් වහන්සේට මතක් කර දීමත්. පසු කළෙක අහිංසක පුරුෂයන් මේ පාපයෙන් මුදවා ගැනීම සඳහා උන් වහන්සේගේ පුත්‍රයා මේ සඳහා යොමු කිරීමත්, උන් වහන්සේගේම පාපෝච්චාරනයක් ලෙස කවියා මෙහිදි සියුම් ලෙස උත්ප්‍රාසයට නගා ඇත. ගැහැණිය නිර්මාණය සඳහා කට්ටක් යොදා ගැනීම හේතුවෙන් මේ කට්ට කෑමට සිඳුව ඇති බව විචාරකයාගේ අදහසයි. පොදු ප්‍රස්තුතයක් සාකච්චාවට බදුන් කිරීමේ කාළීන අවශ්‍යතාවය කවියා විසින් ඉටු කර ඇත..

අති විශේෂ -
ඉතා වටිනා බ්ලොග් අඩවියක් "අන්වර් මනතුංග (මෙතන කොටන්න)" නමින් ලියවෙනවා. ආගමික අදහස් පැත්තක තබා බැලූ විට ඔහුගේ ලිපි ඉතා විශිෂ්ඨයි. බ්ලොග් ලෝකයට අවශ්‍ය හිඩැස පුරවන බ්ලොග් අඩවියක්. කොමෙන්ටුවක් දමා එය දිරිගන්වන්න.....

59 comments:

  1. ඉතා වටිනා බ්ලොග් අඩවියක් "අන්වර් මනතුංග (මෙතන කොටන්න)" නමින් ලියවෙනවා. ආගමික අදහස් පැත්තක තබා බැලූ විට ඔහුගේ ලිපි ඉතා විශිෂ්ඨයි. බ්ලොග් ලෝකයට අවශ්‍ය හිඩැස පුරවන බ්ලොග් අඩවියක්. කොමෙන්ටුවක් දමා එය දිරිගන්වන්න...

    --------------]
    ආගමික අදහස් පැත්තක තබා බැලූ විට, එකේ කියවන්න දෙයක් නැති වෙනවා නේ .... ලොලේ ලොල් ය

    ReplyDelete
    Replies
    1. ඇත්ත මටත් ඒකම හිතුනා.

      Delete
    2. අපොයි ඕන තරම් තියෙනවා. අනික ආගම ගැන උනත් අපි දැණුමක් ලබාගන්නවනේ. බලන නොබලන එක තම තමන්ගේ කැමැත්ත.

      Delete
  2. දෙයියන්ටත් පිස්සු අෆ්ෆා! :D:D:D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමා වෙන දේවල් වලින් නම් පෙනෙන්නේ..

      Delete
  3. දෙයියො මැව්වෙ කව්ද දෙවියනේ....

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න මම නම් නෙමෙයි...

      Delete
  4. දැන් ඉතින් කෙල්ලනේ... මේකටත් මල පනින්න එපා ඔ්ං... අරකත් බලන්ට ඔනේ

    ReplyDelete
    Replies
    1. උන් දන්නවා මාතලන් උන්ට කොච්චර ආදරේද කියලා

      Delete
  5. මමත් එකඟයි කාන්තාව නිසා තමයි ලෝකෙ හැම හොදක්ම නරකක්ම වෙන්නෙ. ඇතුවත් බරි නැතුවත් බැරි සුන්දර වස්තුව.

    ReplyDelete
  6. හෙහ් හෙහ් මොනා උනත් මරු කවිය. ඊට එහාට මුකුත් නොකියා ඉන්න එක ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි. හොඳ කට්ටක කන බව පෙනේ...

      Delete
    2. කට්ට බෙරේ . . . .

      Delete
  7. ලෝකප්‍රසිද්ධ ගායිකා මැඩෝනාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ වඩාත්ම කැමති පිරිමියා කව්ද? යේසුස් වහන්සේ යයි ඇය පිළිතුරැ දෙනවා. දෙවියන් වහන්සේගේ පුත්‍ර ගැලවුම් කාරයාටත් ගෑනුන්ගෙන් ගැලවීමක් නැත.

    ගැහැණිය යනු ලොව සියළු විදීම් වල උල්පතයි. එය විටෙක සුන්දරය. විටෙක අසුන්දරය. ගැහැණිය නැති දිනයක්. පරිප්පු නැති හෝටලයක්. ඒ වගේම ගැහැණිය යනු පුවත් පතකි. බලන්නට සිතෙන්නේම අනුන් අත තිබෙන විටදීය.

    ReplyDelete
    Replies
    1. සහතික කරන ලදී.. තවත් ප්‍රබුද්ධ විචාරයක්....

      Delete
  8. ආගම අයින් කලොත් අන්වර් මනතුංගගේ ලිපි වල මොනව කියවන්නද ?

    අන්වර් මනතුංග කියන්නේ අර එලු රැවුල් ශකිරි නායක් කියන කොනකපාලුවා ජාතියේම ආගමික අන්තවාදියෙක් . බ්ලොග් අවකාශයේ හිඩැස් පිරවිල්ල කෙසේ වෙතත් පෙරමුණේ රාලත් එක්ක විවාද වලින් අම්බානක නාගත්ත බව නම් දන්නවා

    ReplyDelete
    Replies
    1. කන්නාඩිය ගලවලා බලපන් බුවෝ.. එකක් හරි තියෙනවා

      Delete
    2. මාතලන් - මගේ කණ්නාඩිය ජනප්‍රිය "සිංහල -බෞද්ධ" එක නම් නෙවෙයි (මගේ අදහස් කියවන් උබ ඒක දැනෙගන ඉන්න ඕනි ) , මම දාල තියන ලින්ක් එකේ තියනව ඔය අන්වර් මනතුංග ගොය්යා අහපු මැටි මෝල් ප්‍රශ්න කිහිපයක්(දෙක තුනක් ගත යුත්තක් තියනවා ) , ඒ දීල තියන උත්තර සමහරක් මම අනුමත කරන්නේ නැ , කොහොම වුනත් පොරගෙන් පෙරලා අහපු ප්‍රශ්න වලට පොර උත්තර දීපු බවක් දැනගන්නත් නැ(ඒවට ලේසියෙන් උත්තර හොයන්නත් බැරි බව පේනවානේ ) ,මේ ප්‍රශ්නත් හරියට මෙයා අගය කරන ගුරා ශකීර් නායක් චතුරාර්ය සත්‍යය විග්‍රහ කරනව වගේ

      මම ඉස්ලාමයට විරුද්ධයි , මනුෂ්‍යත්වයට හානිදායක කාරණා රාශියක් අන්තර්ගත නිසා (මේවා මාතලන්ට අමුතුවෙන් කියන්න ඕනි නැනේ )

      ලංකාවේ ඉන්න මුස්ලිම් ජාතිකයන් සහෝදරත්වයෙන් ඉන්න කැමති එහෙම ඉන්න මිනිස්සු ඕනි තරම් , නමුත් ඒ අතරම රටේ බහුතරයක් ජීවත් වෙන බෞද්ධයින්ව කුපිත කරන වැඩ කටයුතු කරන , අන්තවාදියොත් ඉන්නවා , අන්න උන්ටත් මම විරුද්ධයි

      http://xa.yimg.com/kq/groups/13976223/521783738/name/Anwar+manathungata+uththara.pdf

      Delete
    3. අපි අකමැති දෙවල් උනත් පොඩ්ඩක් කියවන්න ඕන. ඒ ගැනත් දැණීමක් තියෙන එක පාඩුවක් වෙන්නේ නෑ.. ඇති හති....

      Delete
  9. gahaniya yanu,pichchena bawa dana danama paninnata hithena gini godakya... eya nam sabaaawakmaya

    ReplyDelete
    Replies
    1. කව්ද කියන්නේ .... ඇත්තද

      Delete
  10. ඉදිරි දින කීපයතුල මාතලන්ට බ්ලොග් අවකාශයෙ සැරිසරන්ට බැරිවන බවට අනවැකියක් මගෙන් .... හික් හික්ස්

    ReplyDelete
    Replies
    1. අර මක්කටෙයි.. එයාලා ආඩම්බර වෙන්න එපායෑ. යෙසූස් ඇවිල්ලත් හදන්න බැරි උන කස්ටියක් ලෙස. අනික මේ කවියේ අනිත් පැත්ත බැලුවම. එයාලා පවර්ෆුල් බව නේ කියන්නේ..

      Delete
  11. දෙවියන් වහන්සේ මැවුවෙ කවුද අප්පා ???

    ගැහණිය නම් ඇතුවත් බෑ... නැතුවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඕන් මම හෙම නම් නෙමෙයි.. ඇතුවත් බෑ නැතුවත් බෑ නෙමෙයි අනේ. නැතුව බෑ..

      Delete
  12. ගැහැනුන් ගැන කතා කරන විට, ගැහැනුන් කමෙන්ට් නොකර සිටීම ඇඟට ගුන බව කීවේද දෙවියන්මය. :D

    ReplyDelete
    Replies
    1. ඔහේ තේරුම් අරන් වගේ සැඟවුන අර්ථය...

      Delete
  13. Replies
    1. //තමන් ජීවත්වෙන්න ඕන තමන්ට හොඳයි කියල හිතෙන අනුන්ට කරදර නොවෙන විදියට. ඒකෙදි ගෑණුද පිරිමිද කියල වෙනසක් නෑ!//කිව්වෙ ඉන්දික උපශාන්ත http://upashantha.blogspot.com/2012/01/ladies-be-careful.html

      Delete
    2. ගොඩක් කල්. පිරිසිඳු කමට හා සැක්ස් යන දෙකටම හොඳයි.. උඹත් කපලා බලහන්..

      Delete
  14. ගැහුවානේද ආයෙමත් දෙබරෙට ගලක්!

    ReplyDelete
    Replies
    1. එයාලට දෙබරේ කියලත් කියනවයි...

      Delete
  15. ලොකු ලොකු වලි දාගත්තු වෙලාවට මටත් ඔහොම හිතෙනවා බන් . . ඒත් තනියෙම ඉන්න උනු වෙලාවට තමා රඟේ තේරෙන්නේ . . .

    ReplyDelete
    Replies
    1. මේ මක්කා දොඩනවයි.. පේදුරූ තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඇති සෑම තුඩුවකම රස වෑහෙන රස සාගරයක් නොවැ..

      Delete
  16. දෙවියන්ටත් වැරදුන තැන.. ආයෙම දෙවියෝ ලෝකය මවද්දි ඒ වැරැද්ද කරන එක නෑ.. ඒත් දෙවියෝ ඒ වරද නොකලානම් අපිට මොකද වෙන්නේ??

    ReplyDelete
    Replies
    1. ගේ කස්ටියට කොල්ලෝ හම්බවෙයි..

      Delete
  17. සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. මතලන් බොරු කියනවා අඩුයි..

      Delete
  18. සිරා ගොහින් බලන්නම් !

    ReplyDelete
    Replies
    1. එකෙක් හරි අවබෝධ කර ගත්තනම් ඒ ඇති....

      Delete
  19. මේ කාලෙදි අපිට වඩා දෙයියන්ට වරදිනව කියලයි මට හිතෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. දෙයියෝ පල් වෙච්ච යුගයක්....

      Delete
  20. හපොයි දෙයි හාමුදුරුවනේ........:O

    ReplyDelete
  21. බුවා සහෝදරයට තව තව ධෛර්ය ලැබෙන්න ඕනි. ආගම් වාදය වර්ග වාදය වපුරන කොට ඒත් මනුස්සයෙක් බව අමතක වෙනවා. ආගමකින් කරන්නේ කෙනෙක්ගේ අධ්‍යාත්මය පෝශණය කරන එක මිසක මිනිසුන් අතර බෙදීම ඇති කරන එක නෙමෙයි. ඒ උදවිය බුදුන් ගැන කථා කලාට උන්වහන්සේ පෙන්නපු මග යන්න බැරි වුනු අය කියලා මට හිතෙන්නේ

    අරලිය

    ReplyDelete
    Replies
    1. ආගම් කියන්නේ බොරුවක බව අවබෝධ කර ගත්ත දාට ලෝකේ මීට වඩා ලස්සන වෙයි....

      Delete
  22. සමා වෙන්න ආමන්ත්‍රණය බුවා නෙමෙයි මාතලන් වෙන්න ඕනි
    අරලිය

    ReplyDelete
  23. පොඩි කාලේ සෙල්ලමක් කලා පොඩි වලක් හාරලා ඒකට කඩියෙකුයි දිමියෙකුයි දාලා වීදුරු කෑල්ලකින් වහලා බලනවා උන් දෙන්න ෆයිට් කරනවා. ඊට පස්සේ තුත්තිරි ගස් ගෙනත් ඉස්ම පොවනවා රා පොවනවා කියලා ෆයිට් එක නැගලා යන්න

    දෙයියොත් මේකම කලාද මන්දා. මිනිහා නිකන්ම තිබ්බහම බෝරින් වගේ නිසා පොඩි ෆන් එකක් ගන්න ගෑනියෙකුත් මවලා දීලා දැන් ජොලියේ උඩ ඉඳන් බලාගෙන ඉන්නව දෙගෝල්ලෝ කෙල ගනන් හැටි

    ReplyDelete
  24. අම්මපා සහතික ඇත්ත.. පට්ට කතාව..

    ReplyDelete
  25. God made man and then rested,
    God made women and then no one rested.

    අන්න එහෙමයි කියන්නෙ. අර සයිට් එක නං තාම බැලුවෙ නෑ.
    මාත් හොයාගන්න ඕන ගල්ගහන්න දෙබරයක්.

    ReplyDelete
    Replies
    1. අර මක්කෙටෙයි දෙබර අවුස්සන්නේ.. හොඳ ලිපි සෑහෙන තියෙන්වා

      Delete
  26. අන්වර් මනතුංගගේ අන්තිම පොස්ට් එක විතරයි කියෙව්වෙ, ඒක නං හිතට ඇල්ලුව. ආයෙත් ගිහින් පරණ ඒවත් බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බලපන් මචං වටිනා ලිපි ගොඩක් තියේ

      Delete
  27. මාතලන් අයියේ මේ පෝස්ට් එකේ පින්තූරය දැක්කම දෙයක් අහන්න හිතුනා.ඔය වගේ පින්තූර ගොඩක් මගේ මූණූ පොතට පිරිමි ලමයි ටැග් කරනවා.සමහර පින්තූර කාන්තාවන් පිරිමින්ට ලේ එනකන් ගහන ඒවා,පිරිමි ලමයි කියනවා මගේ වහලෙක් වෙන්න ඕනිලු.මට මේක තේරෙන්නෙ නෑ.සියල්ල දත් මාතලන් අයියාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ඇනෝ කෙනෙක් විදියට ආවට සොරි හොදේ.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ "Voyeurism" කියලා. type කරලා බලන්න ඔබට අවබෝධයක් ලබාගන්න පුලුවන්..

      Delete
    2. මචෝ . . . ඔය කියන්නෙ වෝයරිසම් නෙමෙයි. වෝයරිසම් කියන්නෙ හොරෙං බලල ආතල් එක ගන්න එක. එක්සිබිෂනිසම් කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. උඩ පිංතූරෙ තියන සීන් එක සබ්මිසිවුනස් කියන සීන් එක. මේ බ්ලොග් එක පොඩ්ඩක් බලන්න

      Delete
  28. සුපුන් බණ්ඩාAugust 1, 2013 at 7:03 AM

    කොහොම වුනත් ගොයියෝ මට නම් admina ඇතුළුව උඹලව නැවත යවන්න වෙනවා අතීතයට. කියවපියව් රොසලින් සහ ජයතිස්ස හෙවත් වාසනාවන්ත විවාහය. භාෂා භාවිතය අවුල් වුනත් ප්‍රස්තුතය, සිද්ධි දාමය මල් 7යි ඕයි............... දිරවයිද?

    ReplyDelete
  29. මේක දෙවියන් වහන්සේට තෑගි කරපු බ්ලොග් එකක්ද? එහෙනං ආමේන්

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න