.

.

Apr 10, 2012

කුමාර් මහත්තයා පිටුවහල් කලාද, ආපහු ගියාද, ගිහින් ඇරලුවාද - Confuse Journalism


බුද්ධිමත් ජනතාව කෙසේ වෙතත්, මාතලන්ගේ නම් මොළේ මඤ්ඤංය. අදක ඊයේක සිට නොවේය. දැන් බොහෝ කාළේක සිටය. මට එහෙම උනාට, මුතූගේ දොස්තර මහත්තයා නම් කියන්නේ එහෙම අවුලක් නෑ කියාය. ඒ පිළිබඳව සහතික කර දෙන ලද ලිපියක්ද මාළඟ තියෙන්නේය. ඒත් මොළේ අප්ෂෙට්ය. ඒ නිසා දොස්තර මහත්තයා හම්බ වෙන්න ගියාම නැවතත් නිරීක්ෂනය කොට කීවේ කිව්වේ මඤ්ඤං නොවී ඉන්න නම් එක පත්තරයක්. එක රූපවාහිණි චැනලයක්, එක රේඩීයෝ එකක්, එක වෙබ් සයිට් එකකට සීමා වෙන්න කියාය. එතුමා අප්ෂට් නොවි සිටින්නේ, එහෙම ඉන්න නිසා බවත් නැත්නම් එතුමාටත් මඤ්ඤං වෙන බව කියා තවත් සැටිපිකට් එකක් දුන්නේය.

එහෙම උපදෙස් දුන්න නිසා, මම දැන් බලන්නේ පවුලේ නාලිකාවය, කියවන්නේ බේරේ ගෙදර දීන මීණ ගැසට් එකය, අහන්නේ හඩු සේවයය, වෙබ් සයිට් එක වී නිව්ස්ය. එහෙම අහලා බලලා කියවලාත් ආයෙත් මඤ්ඤංය. ඒ උනාට දොස්තර ගාවට යන්න බැරිය. ආරංචි විදියට එතුමාත් මඤ්ඤංය. එකම පත්තරේ තියෙන්නේත් මඤ්ඤං නිව්ස්ය. එකෙක් කියන්නේ ජිනීවා වල අපි පැරදුනේ නෑ කියලාය. තව එකෙක් කියන්නේ අපි පැරදුනා කියලාය. උනේ මොකක්ද කියලා කියන්න එකෙක් නැතිය. කරුමෙට ඉංග්‍රීසි පත්තරයක් බැලුවේය. ඒවාල නම් අවුලක් නැත්තේය. පුක බිම ඇනෙන්නම පැරදිලාය. ඉගෙනගත්ත පාඩමේ නිර්දේෂ, කිරියාවේ යොදන්න කියනවාය. ඒ උනාට මීටීමට ගිය පචපාලා කියන්නේ එක එකා කියන විදියට වැඩ කරන අන්ඩුවක් නෙමේ කියායා. මේ එක එකා කියන්නේ කොමිසමේ උන්ටද, බටහිර කුමන්ත්‍රණ කාරයන්ටද කියා, මට නම් තේරෙන්නේ නැතිය.

තව එකෙක් කියන්නේ 2500 නොමැරි ඉන්න පුළුවන් කියාය. කතානායක කියන්නේ එයාට හම්බ වෙන ගානත් මදිය, පාන්ඩූවේ සේවකයෝ කොහොම කනවාද කියා එයා මල්ලිගෙන අහලා කියන්නම් කියාය. එහෙම කිව්වාට එයා පැන්ෂොන් ගිය මැති ඇමතිවරුන්ට පාටි දෙනවාය. ඔන්න එතකොටම මට මඤ්ඤං වෙනවාය. පචායුධ කියන්නේ කොකා කෝලා බොන්න එපා කියාය. එතකොට මිලාන් කියන්නේ, සරන් ඇඳන් ඔළුවෙන් හිටගෙන පුකයෙන් බිව්වාට අවුලක් නෑ කියාය. මැක්ඩොනල්ඩ්, කේ.ඇෆ්.සී. එකෙම කාලා, කක්කුස්සියට ගියාමත් ඔළුවෙන් හිටගෙන ඉන්න වෙනවාය. ඔන්න එතකොට මඤ්ඤංම වෙනවාය.

ලයිට් සප්ලයි කොරන්න, ලයිට් ඉන්ජිනේරූ මහත්තයෙක්ම දමලා ඉන්නවාය. ඒ උපාසක මහත්තයා, අයියාත් එක්ක ගිහින් නොරච්චෝලේද ඕපන් කලේය. දැන් ඉතින් දිවාගුහාවටත් ලයිට් දෙනවා කිව්වේය. ඒ උනාට ඒක ඕපන් කොරපු දා ඉඳලාම, නොරොච්චෝලේ නෙමේය කරච්චලේය. අවුරුදු 20 ක් යූස් කොරපු එකක්ය. අනික සෙලොලයිට් වගේ ලයිට් දෙන්න දාපු එකා කියන්නේ, ලයිට් ඕෆ් කොරන් ඉන්න කියාය. එතකොට එයා " විදුලි බළ " ඇමතිද එහෙම නැත්නම් " විදුලි පිරිමහපිය බොල " ඇමතිද කියා, මට තේරෙන්නේ නැතිය. ජොනී අයියා කියන්නේ අවුරුදු කන්න ඕන තරම් බඩු තියෙනවා කියාය. අයියෝ සිරිසේන කියන්නේ, වැඩිය කන්න එපා කියාය. එහෙම කියලා එතුමා භාවනා කරන්නද කොහේදෝ ගිහිල්ලාය. කටුගේ කඩපු දවසේ පොලොස් මාද්දිය ප්‍රොකාසක උන්නැහේ කිව්වේ හෙට වෙනකොට කස්ටිය බෙල්ලෙන්ම අල්ලනවා කියාය. ඔක්කෝම හොරු කැමරා එකේ ඉන්නවා කියාය. ඒ මෙලෝ රහක් නැති ඇමති කියන්නේ, කැමරාවලට හෙන ගහලා කියලාය. දැන් ඒ ප්‍රොකාසක රුපියල් මිලියනයක් දෙන්න හොරා ගෙනත් දෙන්න කියා මට කියනවාය. එටකොට මට පිස්සු ඩබල් වෙනවාය.

ඔහොම ඉන්න අව් අස්සේ, අළුත්ම පාටියේ දෙන්නෙක් අතුරුදහන් වෙනවාය. එතකොට එකම පත්තරේ එක තැනක තියෙන්නේ, අතුරදහන් කොරලා කියාය. තව තැනක කියන්නේ අතුරුදහන් වෙලා කියලාය. පොලීසිය කියන්නේ අපි දන්නේ නෑ කියාය. මට පේන්නේ පොලීසියත් බිස්නස් කොරනවා කියලාය. ඒ කියන්නේ පෙරටුගාමී එකේ ඇඩ්වටයිසීන් කැම්පේන් එකට ෆුල් සප් එක දෙනවාය. මේකට කැන්ගරු තානාපතිත් සපෝට් එක දෙනවාය. කොහොම හරි ලලිත් කූගන් වගේ හාල් පාරුවන් නොවන නිසා ජෙප්පොත් දන්නේ නැතයි කියපු කුමාර් මහත්තයයි දිමුතු නෝනයි බේරෙනවාය. සම හරක් හිතාගෙන ඉන්නේ ලලිත් කූගන් කියන්නේ එකෙක් කියලාය. පාටියේ උන් කින්ඩිය දැම්මාට කුමාර් මහත්තයා යන්නේ පොලෝසියටය. ඒ අය මාර හොඳය. එයාලා කුමාර් මහත්තයාට කන්න දනවාය, බොන්න දෙනවාය, රෙන්න දෙනවාය, ඇම්බැසිඩර්ට එන්න කියනවාය, ටිකට් අරන් දෙනවාය, වාහනත් දෙනවාය. පරෙස්සමට කස්ටියත් දෙනවාය. ඔක්කෝම එක්ක ඔට්ටේලියාවටම ගිහින් ඇරලනවාය. එහෙම කරලා හැරෙනකොටම, පොරින් මිනිස්ට්‍රියෙන් කියන්නේ ඌ පිටුවහල් කලා කියලාය. ඔන්න මට ලෙඩේ තද වෙනවාය. පිටුවහල් කොරන්න ඌ අපේ එකෙක් විය යුතුය. මූ එහෙම එකෙක් නෙමේය ඔට්ටේලියාවේ එකෙක්ය. මේවා නිරාකරනය කොර ගන්න අහුබුදුත් නැති නිසා මට ඇඬෙනවාය.

ඕන රෙද්දක් කියා බෝතලේකුත් ණයට අරන් අවුරුද්දට වැඩ අල්ලන්න රෙඩි උනේය. මළ මගුලක්මය. ඒ පාර නැකත අප්ෂෙට්ය. පත්තරේට වැඩේ අප්ෂෙට් කියපු බන්ද්‍රසිරි චන්ඩාර ටැලිවිෂන් එකට ආවාම එහෙම අවුලක් නෑ කියනවාය. මිනි වලලන වෙලාවට නැකත් හදනවා කියා ආන්ඩූ විරෝධි නැකත් කාර කඩාකප්පල් කාරයෝ කියනවාය. දැන් නම් උදේටත් මිනී වලලනවාය. සගිස්කුරුත් ඇමති කියන්නේ එහෙම කේස් එකක් නැතයි කියාය. මම හිතාගෙන හිටියේ ඒ ඇ මැට්ටා ඉන්නේ අක්ෂර තහනම් කොරන්නයි ජයමංගල ගාථා සින්දු වලට දාන එක තහනම් කොරන්න විතරයි කියාය. බලපුවාම හඳහනුත් බලනවාය. මාතලන්ගේ ඉල්ලීම මත පාක්ෂිකයෙක්ටම නියමිත නැකත්, අද සෑට සෑම පස්සේකින්ම නිකුත් කරනවා ඇතිය, නිර්පාක්සික අය කැමති වෙලාවට නැකත් පත හදාගත්තාට අවුලක් නැත.

මගේ වෙලාව අප්සට් නිසා, මම සන්ගිස්කුරුත ඇමතිගෙන් වේලපත්කඩෙත් බලාගෙන, පන්සලෙන් ඔළුවට තෙල් ටිකකුත් ගාගෙන එන්න කියා, බස් එකකට ගොඩ උනේය. බස් එකේ යන කෑලී (පෙර කලැ මගීන් ලෙස නම් කරන ලද පිරිසකි) , බස් ගාස්තු වැඩි කරනවා, පැස්ටෝල් වැඩි කරනවා, 2500 න් කන්න කියනවා, අවුරුදු නෙමෙයි කන්න ඕන, මුන්ගේ කැවුතු කියා, කැත විදියට ආන්ඩුවට බනිනවාය. ඇමතිවරුන්ගේ ඉතරක් නොව, ලොක්කාගේ අම්මාත් මතක් කොරනවාය. සනුහරේටම බක් මහ අකුණු වලින් ආශීර්වාද කොරන්න කියා ප්‍රාර්තොනා කොරනවාය. මම කිව්වේ තෙපි මෙකල්හි රාජ්‍යට, රජුට පමනක් නොව ඇ මැට්ටන්ටද, එතුමන්ගේ මෑනියන් වහන්සේලාටද බැන අඬ ගසන්නෙහුය, එහෙත් අනාගතයෙහි රජුන් ගැන ඇ මැටි යන් ගැන ප්‍රසාදය විචාරන කල්හී, හිරු නැග එත්ම පක්ශීන්ටත් පෙරැ පේලියට සෑදී මනාප පල කොටැ නැවත නැවතත් රාජ්‍ය පාළනය කරන ලෙසැ අයැදින්නෙත් තොපිමයැයි කී කල්හී. ඊළඟ පොලිස් ස්ටේසොමට බස් එක ඇල්ලුවාය. ආන්ඩු විරෝධී එකෙක් කියා බස් එකේම කස්ටිය මාව පොලෝසියට බාර දුන්නාය. ඒ අය කුමාර් මහත්තයාට වගේම, මාව පිටරටකට යවන්න ලේස්ති උනාය. මම කිව්වේ මට රට යන්න ඕන නෑ. බෝතලේ ගහන්න ගෙදර යන්න ඕනෑ කියාය. ඕ අයි සී මහත්තයා කිව්වේ මූට පිස්සු, මූව පිස්සන් කොටුවට දාන්න කියාය. මගේ වෙලාවට එතන උන්නේ මුතූටත්, මටත් සැටිපිකට් දුන්න ඩොක්ටර්ය. එතුමා මාව ගෙදර එව්වාය. මේක බලලා ඔහේලා මඤ්ඤං වෙන්න ඕනෑ නැතිය.

58 comments:

  1. මඤ්ඤං නොවී ඉන්න පුළුවන් වුනොත්නෙ පුදුමෙ මාතලන් අයිය...

    ReplyDelete
    Replies
    1. ඒක මිසක්ක.. මම හිතුවා මඤ්ඤං ගැන මට මඤ්ඤං කියලා

      Delete
  2. අවුරුද්ද දවස් ටිකේවත් මඤ්ඤං නොවී ඉන්න ඕන්නං ටීවී පත්තර රේඩියෝ අහන්නෙ බලන්නෙ නැතුව ඉදිං.

    ReplyDelete
    Replies
    1. බෑනේ බන්. අපේ ගෙදර අය ඒ කාලේ ඉඳන් විකට වැඩසටහන් වලට හරි කැමතියි. ඇන්ස්ලි බර්ටි සැමුවෙල් වගේම විමල් බන්දු මර්වින් කබ්‍රාල් සිරිපාල ජී ඇල් ඩලස් සුසිල් සිරිසේන විතරක් නෙමෙයි බැසිල්ගේ ජොක්ස් කෑලීත් අරින්නේ නෑ

      Delete
  3. දැන්නේ දන්නේ මාත් මඤ්ඤං, ඒකත් හොදයි මෙහෙව් ලෝකෙක මඤ්ඤං වීම තරම් සැපතක් තවත් කොන්දා. මට නම් හිතෙන්නේ වරද අපේ කියාය. මාතලනුත් මම වගේ හිතන්න මඤ්ඤංම නැති වෙයි. ඔය එකක්වත් හිතන්න එපා. ජොලියේ ඉන්න. හැම එකාම අපිට වඩා බුද්ධිමත් ඒ නිසා උන් කියන හැමදේම හරි. අපේ මොලේ කොලොප්පන් නිසා තමයි අපිට හරියට මේවා තේරෙන් නැත්තේ. කොයිකත් හරි. "නැකත් පත".... ආ ඒකත් හරි.

    ReplyDelete
  4. Replies
    1. මොකක්ද බන්. ඔන්න ආයෙත් මඤ්ඤංය

      Delete
  5. ඔය තියෙන්නෙ හතර අතටම වනාලා.. හොදම සීන් එක ඊයේ කව්දෝ ටෙලීසොන් කියනව මට ඇහුනා එළවලු ගනන් අඩු නිසා වැඩිපුර එලවලු කන්නලු.. මගේ කටට ආවේ එහෙනම් එළවලුවලට වඩා පුන්නක්කු ගනන් අඩුයිනේ කියලා...

    ReplyDelete
    Replies
    1. බයිට් එකට පුනක්කු හරි රසයි අනේ...

      Delete
    2. අන්න හරි! හතර අතටම වනල.

      Delete
  6. මඤ්ඤං නොවී ඉන්න.ලංකාවේ පොලිසිය කියන දේ පිලිනොගන්න.ඇමතුවරැ කියන වාචාල කතා බැහැර කරන්න.මාධ්‍ය කරැවන් අරින බේගල් වලට හසු නොවන්න.මන්ද ඇත්ත එළිවන්නේ පසුවය.කුමාර අතුරැදහන් වුනේ නැත.ඉස්සුවේය..එහෙත් එන පොට හොද නැති බව දැනුන නිසා .හොර පාරේම රටින් පි‍ට කළේය.ඹහුගේ ව්දේශ සම්බන්ධය නොතිබෙන්න ඹහුටද දෙවියන් ගේ පිහිටමය..මෙහෙම ගියොත් ඊ ළග සුදු වෑන් රථය අපගේ නිවස ඉදිරිපිට විය හැකිය.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ලක්මල්ටත් මඤ්ඤං වගේය..

      Delete
  7. ඉන්න ඩිංග ජීවත්වී
    සැපෙන් ඉදිමු අපි මල්ලී

    - පිස්සු පූසා

    ReplyDelete
    Replies
    1. හරි මූටත් බඩුම තමයි

      Delete
  8. දැන් නම් මටත් මඤ්ඤං වගේ ඕයි !

    ReplyDelete
    Replies
    1. මම කිව්වනේ එහෙම වෙන්න එපාය කියලා. කෝ ඇහුවය...

      Delete
  9. කොඤ්ඤං කොඤ්ඤං වගේය...
    අලුත් අවුරුද්දට කලින් දේශමාමකයෝ ඔක්කොම මතක් කරලා තියෙන හැඩය.

    ReplyDelete
    Replies
    1. පරණ අවුරුද්දත් සමරන්න එපාය

      Delete
  10. මඤ්ඤං උනාම මරුනේ අනේ . ඔන්න ඔහේ ඔක්කොමල මඤ්ඤං වෙමු .

    ReplyDelete
    Replies
    1. ඔහේලටනම් මඤ්ඤංනුත් ආතල් තමයි ඉතින්.

      Delete
  11. මට නම් පිස්සු වගේ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තත්වේ දරුණුයි...

      Delete
  12. රිදී තිරයේ හිටපු චණ්ඩියා ගේ මස්සිනා (හිටපු පලා බබෙකි) ධවල රථයකින් පැහැරගෙන ගියේය.මස්සිනා ගේ රථාචාර්ය අදාල තැන් වලට දුරකථන ඇමතුම් කීපයක් දී තම ස්වාමියා බේරගත්තේය.හිටපු පලා බබා තමා බේරාගැනීම ගැන දසඅතේ ස්තුති කරමින් පත්තරේට ප්‍රකාශයක් ද කළේය.

    මටත් මඤ්ඤං සැදුනෙමි.

    ReplyDelete
    Replies
    1. රථාචාර්ය කොන්ටැක්ට් කොරපු නම්බරේ අපිටත් දුන්න නම් නේද...?

      Delete
  13. හැමදාම තිබ්බ මඤ්ඤං ... බාරගන්න මිනිස්සු ඉන්න තාක් කල් මඤ්ඤං දෙන්නා අය ද සිටිනු ඇත!!!!

    ReplyDelete
    Replies
    1. ආයේ අහලා මඤ්ඤංලන්තයේ.. මඤ්ඤං ජනතාව....

      Delete
  14. මඤ්ඤං වෙන්න එපා කිවුවට අන්තිමේ මඤ්ඤං වෙලාවගේ දැන්..

    ReplyDelete
    Replies
    1. එව්වට කොරන්න දෙයක් නෑ. කලින් අන්තුරු අඟවලා ඉවරනේ...

      Delete
  15. මමත් ගෝඩාක් උත්සහ කලා මඤ්ඤං නොවි ඉන්න......... හරි යන්නේ නැ අයියා.. වැඩේ ෆුල් අවුල්........... මටත් ඔය ඩොක්ටර් හම්බ වෙන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. අනිවා... අවුරුද්දෙන් පස්සේ තමයි...

      Delete
  16. මඤ්ඤං කියන්නේ මොකක්ද අනේ...:D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ... පිස්සු ඇත්තෙත් නෑ... නැත්තෙත් නෑ වගේ තත්වයක්. හරියට ඔයා වගේ... හිහ්.. හිහ්....
      : ) :) :{

      Delete
  17. පාලකයන්ටත් මඤඤං අපිටත් මඤඤං

    ReplyDelete
  18. මටත් දැං මංඥං වගේ අප්පා

    ReplyDelete
    Replies
    1. ඒ වෙන ලෙඩක්.. අකුරු අස්පට්

      Delete
  19. මඤ්ඤං වුවද සිදුවෙන සියල්ල කරපිඤ්ඤාං සිටීම හොදය..

    නැත්තං ‍මේ අවුරුද්ද ද සරපිඤ්ඤං වනු නියතය.

    ReplyDelete
    Replies
    1. මම නම් කොම්පඤ්ඤවීදීයේ ඉඳන් පිපිඤ්ඤා කෑල්ලක් කකා කරිඤ්ඤා වීදුරුවක් බොන ගමන් මෙහෙන් චුතවී ස්පාඤ්ඤයට යන්න කල්පනා කොරනවාය..

      Delete
  20. මුං අපිව මංඤ්ඤං කරන්නේ අපි කොණ්ඩෙ බැඳලා කියා හිතාගෙනය.
    ඒත් අපි ඒ කොණ්ඩෙ කපලා හුඟක් කල් බව උන්ට නොතේරෙන්නේ
    උන් මංඤ්ඤං වී සිටින නිසාය

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව තිත්ත උනත්.. ජනතාව හරක්ය

      Delete
  21. මාතලෝ.....
    අපි බඩුවක් ඉස්සුවොත් තමයි පොලීසියෙං ඇවිත් දොරට තටුටු කරන්නෙ... කර කර හිටපු එකත් නවත්තලා දොර අරින්න වෙනවා...

    කුමාර් මහත්තයා දිමුතුව ඉස්සුවෙ මොන රෙස්ට් හවුස් එකටද ?

    ඇලා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටහන් මම ස්ක්යිප් එකෙන් අහලා කියඤ්ඤං

      Delete
  22. මෙතැන තිබෙන්නේ දාර්ශනික ප්‍රශ්නයකි, කාලය අවකාශය අරුනු විට වෙනත් මානයක් පිලිබඳ අනවබෝධයයි(මේ ලියන මා ද නොදනී, නාථ දෙවියො දනී)

    තවද මේ ලෝකය තුලම පවත්නා සිත මිස කය නැති, සිත නැති කය පමනක් ඇති ආදී කොටස් පිලිබඳ සාශ්තෲ වරුන් දෙසූ දහම් ඉගෙන ගන්න දහම් පාසල් නොයාමයි

    තවද කුලක පිලිබඳ ඔබගේ මඳ දැනුමයි. ඔබගේ කුලකය කුමක්දැයි තේරුම් ගන්න. ඉන්ග්‍රීසි පත්තරය හා සිංහල පත්තරය එකවිට කියවීම ඒ ප්‍රශ්නයේ ගැඹුර මොනවට පෙන්වයි
    තවද මුදල් හා වෙලා නාස්තියකි.

    මිනිසුන් අතර මුදල් හා වේලාව ගැවසීමට සාක්ශියකි. මසකට 2500ට වඩා අඩුවෙන් ජීවත් වීමට පුලුවන් බවට සාක්ශියකි. තවත් ටෙලි නාට්‍යයක් දෙකක් තව ටීවී චැනලයකට දෙකකට ඉඩක් මාකට් එකේ තිබෙන බවට සාක්ශියකි.

    ReplyDelete
    Replies
    1. හිහ්.... හිහ්... මඤ්ඤම ඩබල් වූ සේය..

      Delete
  23. අපටද මඤ්ඤං සෙයියාවක් දැනේ.....

    ReplyDelete
    Replies
    1. එහෙම නිකමට හෝ දැනේනම් ඒ කියන්නේ මඤ්ඤංය

      Delete
  24. මා හිතාගෙන හිටියේ මට මඤ්ඤං නෑ කියා ය. ඒත් බලාගෙන යන විට ද මටත් සුපිරි එකෙන් ම මඤ්ඤං ය.. අයියෝ සල්ලි!

    ReplyDelete
  25. දැන් බලාගෙන යනකොට සුදුවෑන් වල කට්ටිය හරිම ශෝක්නෙ.කන්න දෙනවා නාන්න දෙනවාඒ අතරේ ලිංගය අතගානවා.තවත්නම් මං සුදුවෑන් වලට බය නැහැ.අනේ සුදු වෑන් මචංලා මාවත් පොඩි විනෝද ගමනක් එක්ක පලයල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. මම ඔය කොලු සීන් වලට කැමති නැතිය. ඒ නිසා මේ පැත්තේ එවනවානම් කෑල්ලක් දාලා එවන්නය..

      Delete
  26. මගේ මඤ්ඤං මතකය අවධි වී ඇත්තෝය.

    මිහිදු තුමා UNP එකේ අතුරුදහන් කරවීම්, භීෂණ වලට විරුද්ධව කතා කරනවාය. බලා ඉන්න ලස්සනහුය. ජිනීවා පැත්තේ මස දෙකකට වරක්වත් ගොස් මානව හිමිකම් ගැන පැමිණිලි කර එනවාය. එයාර්පෝට් එකේ පොලොසියෙන් චෙක් කොර එතුමා ජිනීවා ගෙනියන භීෂණ පොටෝ ඇරෙස්ට් කොරනාවය. හැබැයි දැන් මාද්ය වලින් මෙතුමාට මේකේ අනිත් පැත්ත කියා බනින වග මට වටහෙන්නෙමි. නමුත් මම වැරදි බව දන්නෙමි. මට මඤ්ඤං වියයුතුය.

    එතුමා පද යාත්‍රා යන්නෝය. බඩුමිල වැඩියි කියා ගිගුම් දෙමින් කෑ ගසන්නොය. ආණ්ඩුවට ගෙදර පල කියන්නෝය. හැබැයි යහතින්ම පෙරහැර කතරගමට සේන්දු වන්නෝය. මගදී මෙර්වියෙක් හෝ පොලොසියෙන් හෝ ගැසුවේ නැත්තෝය. මගේ කූබි මොලේට වැටෙහෙන අන්දමට නම් අද බදු මිල වැඩිය් කියා කඩපිලේදී හෝ කීවොත් දේශද්‍රෝහී වීමේ චෝදනාවට සුදු වැන් එකක යාමට සුදු වේ යයි සිතේය. නමුත් මම වැරදි බව දන්නෙමි. මට මඤ්ඤං වියයුතුය.

    මහරජානෝ මුල්වරට රජකමට චන්දෙ ඉල්ලනකොට පක්ෂයේ උන් කකුලෙන් ඇද්දෝය. ශ්‍රී ලංකා එකෙන් ගුටි කමින්, මැරුම් කමින් එතුමට කඩේ ගියේ, පොස්ටේර් ගැහුවේ, වේදිකා ගැහුවේ JVP එකයි. කළගුණ සැලකීම වැනි දේ walin පිරි එතුමා අද උන්ටම ආපසු නැතිවෙන්න ගසන බව සක්කිලි චෝදනා කරන්නාහුය. මට මඤ්ඤං වියයුතුය.

    වෙන එකක් තියා, අවුරුදු දහයකට විස්සකට කලින් හිටපු අර අවංක, දජ පතක, සාධාරණත්වයේ ප්‍රතිමූර්තිය බදු වූ මහින්ද මහත්තය අද රජකම් කරන බව බොහෝ දෙනා කියන්නාහුය. මමද එය මේ වනතෙක් පිළිගත්තෙමි. මට හොදටම මඤ්ඤං වියයුතුය.

    ReplyDelete
    Replies
    1. ඒ එදා මේ මෙදාය මට සිතා ගන්න නොහේ...
      දෑස පියාගත් කළ මට පෙනෙන්නේ ඔබ රුව....
      - ජැකා සමඟ ක්ලැරන්ස්

      Delete
  27. ඇත්තටම මඤ්ඤං නං ඒකත් සැපක් බං හොඳ සිහියෙං මේවා බලං ඉන්නවට වැඩිය...

    ReplyDelete
  28. පට්ටයි ඈ මට පේන හැටියට මාතලන් ගොයියාටත් සුදු වෑන් ගායද කොහෙද :)

    ReplyDelete
    Replies
    1. මට පොඩි කාළේ ඉඳන් රථ ගාය...

      Delete
  29. කෞතුකාගාරේ හොරු ටික සති දෙකෙන් අල්ලනවා කියලා ගිය සතියේ කියලා තිබුණා. තව සතියයි තියෙන්නේ :D

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න