මේ වැඩේ පටන් ගන්න උන්නේ වැලන්ටයින් දවසේ. ඒ උනාට මම බිසි නිසාත්, සහයට කෙනෙක් හොයාගන්න නැති නිසාත් වැඩේ කල් දැම්මා. මම පටන් ගන්න යන එකට වඩා, පහසුකම් සියල්ල පිරි, කපු සර්විස් තිබුනත්. මේ සේවයේ එම පහසුකම් ඇත්තෙම නෑ. චැට් රූම්, වල් පල් දෙඩවීම්, දුරකථන අංක ප්‍රචාරය කිරීම් ඇත්තෙම නෑ. ඒ නිසා මේ සේවය, තම දරුවනට මනාල, මනාලියන් සොයන දෙමව්පියන්ට වඩාත් සුදුසුයි, ඒ කියන්නේ රහස්‍ය බව වැඩියි. අනෙක් කපු සර්විස් වල, හොර බොරු කාරයොත් වැහි වැහල. කෙල්ලො කොල්ලෝ යාළුවෙලා විවාහවෙනවා වගේම. එසේ නොවන පිරිස තවමත් වැඩියි. අපේ රටේ විතරක් නෙමෙයි මේ මැච් මේකර් එහෙම නැත්නම් කපු සර්විස් එක ළොකයේ දියුණු රටවල පවා තියෙන දෙයක්.
මේකේ නම "අතිනත සිහිණ සේවය". දැන්වීම් පලකරන්නේ නොමිළේ, නමුත් ලැබෙන ප්‍රතිචාර ලබා ගැනීමට සුළු මුදලක් අය කරනවා. ඇත්තටම මේ මුදල ලැබෙන්නේ රැකියාවක් නැති කෙනෙකුට. ඉතින් ඒ දෙන සුළු මුදල ඇත්තටම පුණ්‍ය කටයුත්තක්. අනික නොමිළේ දෙන දෙයක වටිනාකමකුත් නෑනේ. ඒත් මුලින්ම දැන්වීම පල කරණු ලබන 10 දෙනාගේ ප්‍රතිචාර ඔවුනට නොමිළේ ලබාදෙන්න අප කටයුතු කරනවා.
අපේ බ්ලොග් ලියන අයගෙත්, කසාද බඳින්න කොල්ලෙක්, කෙල්ලෙක් හොයන අය ඕන තරම් ඉන්නවනේ. එයාලටත් මේ සර්විස් එක නොමිළේම ලබා දෙනවා. එයාලගේ අදහසුත් ගොඩක් වටිනවා. ඒවා කොමෙන්ට් කලාම බලාගන්න පුළුවන්නේ.සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගෙන් කරන ඉල්ලීම නම්. මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න කියන එක විතරයි. අනෙක තම දැන්වීම වඩාත් නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා නම් එය නැවුම් අත්දැකීමක් වේවී.කැමති අයට වැඩිපුර විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.
"අතිනත සිහිණ සේවය"
එහෙනම් කාට කාටත් සුබ මංගලම්....!!!
හපොයි දෙය්යනේ...:D:D:D
ReplyDeleteඔන්න කෙල්ලෙ නොමිලේ සේවය
Deleteඅම්මට සිරි!
ReplyDeleteකෝ බන් දීලා තියෙන ලින්ක් එකේ හෝම් පේජ් එක හිස්නේ
Deleteඒකේ මුකුත් වැටෙන්න ඇඩ් එන්න එපාය
Deleteමගෙ ඇඩ් එක තව අවුරුදු 3,4කින් එවන්නං ඈ... :-)
ReplyDeleteඑතකොට වෙන වෙන සෙල්ලන් තියෙයි
Deleteබිබිලි නඟින බෙලිකටු, කැරකෙන දඟර හුලන් කිවුවලු .....
ReplyDeleteකොහෙන්ද බන් මේ වචන එන්නේ
Deleteඇයි ටින් ටින් බැලුවේ නැද්ද..එකේ ඔව ඔන හැටියෙ තියෙනව
Deleteඅඩේ සිරා වැඩක් බන් . . ..
ReplyDeleteසිරාවටම සිරා . .
කෝ දුන්නයි ඊතල ටිකයි ලෑස්තිද?
ඒ විතරක් නෙමෙයි කෙටේරියත් ලෑස්තියි
Deleteකෙටේරිය මක්කටෙයි? ප්‍රේමදාස මහත්තයට කරන්න බැරි උන වැඩේ කරලත් බන්දල දෙනවැයි ??
Deleteපේමදාස මාත්තය නෙවී ජේ ආර් ඈ.. පොඩි පිංටිං මිස්ටෙයික් එකක් !
Deleteහතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ....
ReplyDeleteසුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ.....
-- සිකුරු හතේ-- (ගිරිරාජ් කෞශල්‍ය)
මගුලක් කතා කරනවා
Deleteඅන්න හරි පාර.. යනවනම් .. ජීවිතේ ගිරිදුර්ග තරණයට අත්වැලක් හොයා ගන්න..
ReplyDeleteඒ උනාට යාළුවෙක් කිව්ව පව් වැඩ කරන්න එපා බන් කියලා
Deleteරුපියක් පන්සියයක් - මේක හදපන්ද් රුපියල් කියලා....
ReplyDeleteහදපන්ද්......??????
DeleteThis comment has been removed by the author.
Deleteඇයි අයින්කොර ගත්තෙ බයේද?
Deleteඅවුලක් නෑ කස්ටියම මඤ්ඤං නේ
Deleteමාතලන් ලෙස කිරුලු පලන් කුමරා මෙවර මල්සරා ලෙස නම ගම වෙනස් කරයි...
ReplyDeleteඅඩේ ගුටි කන කේස් මේවා.. :)
පුරුදු දේවල් නේ..
Deleteහොඳ වැඩක්! ගුටි කන වැඩක්!
ReplyDeleteපුරුදු දේවල් නේ..
Deleteමං මේ බ්ලොග් ලියන පන්ඩිත ගෑනුන්ට ආස නෑ..හොද්දක් බතක් වියාගෙන ගහක් කොලක් හිටෝගෙන කිව් දේට එහෙයි කියාගෙන ඉන්න බඩුවක් මං ගමෙන් සේච් කරල හොයාගන්නවා....
ReplyDeleteඔයාගෙ කැමැත්ත ඒකනං ගටලුවක් නෑ. හැබැයි ගෑනු ඔය කියන විදියම වෙන්න ඕන නෑ!
Deleteකරුමේ කියන්නේ කෙල්ලො හොයන්නෙත් උඹ හොයන දේවල්මයි
Deleteඅපරාදෙ නොබැඳ උන්නනම් ඇඩ් එකක් දාගන්න තිබුනා
ReplyDeleteඅවුලක් නෑ බං. ඕපනින් එක වෙනුවෙන් අපිත් දාල බලමු!
Delete-රාජ්ගෙ නවාතැන
කරුමේ බන් කරුමේ .... මටත් බෑනේ...
Deleteමාතලන්ද කපුවා... අපිනං තනියම සෙටල් වෙලා තියෙන්නෙ... පටන් ගත්ත වැඩේට සුභ පතනවා... :)
ReplyDeleteඇයි බන් මං නොදන්නවැය ඒක
Deleteනියමායි :පි
ReplyDeleteඉක්මන් කරන්න.. අවුලක් නෑ ඔයාලාට නොමිලේ
Deleteමේ ලින්ක් එකේ මොන ඉලව්වක් වත් නෑ බං. ඒක හරියට සෙට් කරපං. අනිත් කාරණාව, මේ හරහා සෙට්වෙන දෙන්නට අතිශයින්ම අවශ්ය කරන ජොකෙක්, පෑන්ටියක්, බ්‍රා එකක් වගේ දෙයක් නොමිලේ දීපං. ඕන්නං මේවගේ උපදෙස් ටිකකුත් දෙන්න බැරිය. වැඩේ නැගල යයි.
ReplyDelete-රාජ්ගෙ නවාතැන
ඉවසපන් මගෙ අම්මා...
Delete@රජාගේ නවාතැන
Deleteඅම්මපා කොහෙන් එන අදහස් ද බන්
මාතලන් මල්සරා වේ.... ඒකත් මරු..
ReplyDeleteඅන්න දිනේෂ් අයියාට මරු මේක..;) අවුරුදු 3 ඉන්න ඕනෙ නෑ වගේ!!!
Deleteඅපි එහෙමයි
Deleteඅපිත් ඉල්ලුම් කරොත් ගුටි කන්න වෙයි නේද...
ReplyDeleteඅවුලක් නෑ දැකුම් කළු එකක් හොයා ගන්න බැරිය
Deleteමෙකට කපුවෙක් විතරයි අඩුවෙලා තිබුනෙ. දැං ඒකත් හරි
ReplyDeleteකපුවා කපෝති නොවේවා කියා පතමු!
Deleteඒ අඩුවත් පිරිමැහුවා
Deleteඅලුත් වැඩේට ජය වේවා ඈ.
ReplyDeleteThank you very much
Deleteකපු උන්නැහේ වැඩ අල්ලලා වගේ.
ReplyDeleteආයෙත් අහලා
Deleteහික්ස්ස්.. මරු වැඩක්නෙ...:D
ReplyDeleteමරු වැඩක් වගේ...
Deleteඒකත් ජයසිරි මංගලම්!
ReplyDeleteමාතලන් ඕකට හරියන වචනෙ Valentine ද Cupid ද?
වරදට නැවත නැවත දිගින් දිගටම සමාව දෙනසුලු කෙනෙක් හොයාඅගන්න බැරිවෙයිද ...මේ මගෙ යාලුවෙකුට?
henryblogwalker the Dude
ඒ වචනේ බොක්කට වදින්නේ නෑ...
Deleteමමත් හොයනවා ඒ වගේ එකක්
පහු ගිය දවසක මමත් මගේ බ්ලොගේ ඔහොම එකක් දැම්මා. ඒකම මේකට කොපි කරලා මේකට එවන්නද?
ReplyDeleteබඩු ටික එවන්න බලන්න. නැත්නම් ලින්ක් එකක් දාන්න
Deleteපන්සියක් වැඩිද මන්ද...
ReplyDeleteබන්දුල ගුණවර්ධන තියරියට අනුව නම් හෙන ගහන ගානක් තමයි...
Deleteඅනේ මාතලන් අපේ ගේ පැත්ත පළාතේ එන්න එපා. අම්ම දැක්කොත් මේ තනිකමත් කපෝති
ReplyDelete+++++++++++
ReplyDeleteමොකද මාතලන්ට වුනේ? අතුරුදහන් වෙලාද?
ReplyDeleteඉන්නවනං හූවක් කියාපංකො ඉන්නව කියල දැනගන්න.
ReplyDeleteඅඩේ මේක දැක්කෙ අදනෙ... රාජ් කිව්වත් වගේ මොකෑ මාතලන් අයිය සද්දයක්වත් නැත්තෙ?....
ReplyDeleteඅම්මපා මාතලන් (අයියව) මැරුවත් වටින්නෙ නැහැ..
ReplyDeleteමම මේ බ්ලොග් එකට අලුත්(අලුත් කිව්වට මාස 06-07ක් විතර පරණයි වගේ) රසිකයෙක්
කොහෙන් එන අදහස් ද?
මමත් තව අවුරුදු 10කින් විතර ඇඩ් එකක් දාන්නම්කෝ(නැත්තම් දැන්ම දාලා තියනව ද?දැන් කාලේ යන හැටියට කලින් දාන එකත් හොඳයි කියලා හිතෙනවා)
ලස්සන ඇඩ් එකක් දැක්කා
රූමත්, උගත්, පරිඝනක ඩිප්ළෝමධාරි, තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියුතු, වයස 29 යි, දැනට පිටරට ජීවත්වන, මව පමණක් සිටින, වැදගත් නෑදෑයින් සිටින මා සොයනුයේ, උගත් වයස 32 ට වැඩි කඩවසම් මනාලයෙකි.
ඇත්තට හොයලද නැත්තම් බොරුවක්ද?
මොකක් උනත්
මාතලන්ගේ වැඩ නම් ආයේ දෙකක් නෑ :D
මචං උබට මොකද වුනේ.. ?
ReplyDeleteඅලුත් පෝස්ටු නැද්දෝ.. ??
මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?
ReplyDeleteඅලුත් ජොකෙක් ගන්න මාතලන් නෝනත් එක්ක ගියයි කියන්නේ
Deleteතාම හරි යන එකක් හම්බුනේ නැතිළු
තාමත් රස්තියාදුවෙලු
මාතලන් වාරණය වෙලාද..?
ReplyDelete