ලව් කරපු කෙල්ලන්ට
බූට් දී ඇතිවෙන්ට
දෙමව්පියෝ සොයාදුන්
පතිනි බදිනෙමි තුටින්
හැඩ රුවින් පලක් නැත
ඩවරියෙන් අඩු නොමැත
මට නොමැත වැඩි යමක්
ඒත් ඇත ඩිග්‍රියක්
වසරක්ම ප්ලෑන් කර
එක්....සී... බිසන් විසිට් කර
දෙදෙන දුව පැන යමින්
ඇපොයිමන්ට් සෙට් කරන්
සාරී ඉන්දියාවෙන්
සූට් එක ජපානෙන්
අන්දවන්නේ.... හැරිස්
රමණිගෙන් හෙයාර්ස් ටයිල්
උයන්නේ පබිලිස්ය
ලන්ච් එක වෙස්ටන්ය
නැටුම් චන්නගෙන් වෙති
කෑලී මන පිනා යති
ජය... මගුල් ගාථා
දියනියනි විසාකා
ගෙදර බෙන්ස් කමක් නැති
ලිමෝසින් හයර් ඇති
කෙක් එක ෆයිව් ස්ටා..ර්
ගී ගයති සුපර් ස්ටාර්
ෆොටෝ ප්ලාටේ වලින්
දයානුත් එයි ඉතින්
ඇල්බමේ ටුවැල් ලැක්ස්
ගෲප් එක එයිට් ලැක්ස්
රෙඩ් බ්ලෑ...ක්, සරදමකි
දෙන්නේ අපි බ්ලූ විස්කි
ළෝකෙටම කියමු අපි
සාක්කිය හරිම හැපි
මෙහෙන් ජන අධි පතිය
එහෙන් අපෙ අග මැතිය
මැති ඇමති පිරවරා
නෑයෝ සිටි කට ඇරා
චීෆ් ගෙස්ට් ලොක්කාය
අපි සෙටියේ වේලේය
සිරසටත් කතා කර
දෙරණටත් කතා කර
වීක් එන්ඩ් පත්තරේ
ඉන්ගිරිසි විස්තරේ
මන්ත්ලි එන මැගසිමේ
වෙඩින් පික්චර් අතරෙ
අපේ පික්චර් තියේ
බලනු ගනු මැන ප්‍රියේ
නුවර එළි, කන්ඩලම
හුනස් ෆෝල්ස් වැඳගෙනම
නිව්යෝක් ලන්ඩන්
යන්නේ අපි හනීමූන්
මට නෙමෙයි මගෙ පනේ
පේරන්ට්ස්ගෙ බර බරේ
කන්‍ය බාවය සොයන්
ඇඳට සුදු රෙදි එලන්
රිලේ..ටිව්ස් ඉන් ලන්ඩන්
ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රොම් ටොරොන්ටෝ
බැරිස්ටර්, ඩොක්ටර්ද,
ප්‍රොක්ටර්ද, ප්‍රොෆෙසර්ද
සිටිති මුව අයාගෙන
ගුන්ද ගත ගුදම් ගත
රබානක් රත් කරති
ඔන්න රෙදී..., නැන්දා එති
කැඩුන පෙට්ටිය සොයති
Please encourage Bloggers by clicking short comments - Thanks
Please encourage Bloggers by clicking short comments - Thanks
මරුවට ලියල තියෙනව ඈ... :)
ReplyDeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි පට්ට අදහස් ටික ලස්සනට ගලපලා තියනවා
Delete@ සාතන් & Sri Lanka
DeleteThanks
පස්ට
ReplyDeleteThanks
Deleteකැඩුණු පෙටිටිය කිව්වෙ ආච්ච්ගෙ කැඩිච්ච පෙට්ටගම වෙන්නැති.
ReplyDeleteඑයාලා තමා මේ ගැන වැඩිපුර උනන්දු
Deleteතනි වචනෙං කිව්වොත් එල! ඊට පස්සෙ වෙච්ච ණය ගෙවන විදිය ගැනත් කිව්වනං හරි.
ReplyDeleteනය වෙලා මගුල් කන්නේ එහෙම නැත්නම් මගුලක් කන්න නය වෙන්න වෙලා තියෙන්නේ උඹල අපි වගේ අයට. එහෙම නැතුව සමාජ සේවයට කැප වෙච්ච උතුමන්ලාගේ දරු මල්ලන්ට නෙවෙයි.
Deleteඔය ඕනයා කියල තියෙන්නේ කෙටියෙන්ම
Deleteඑළ...
ReplyDeleteThanks Mr. Maaraya
Deleteela macho
ReplyDeleteකවි පංතිය නම් පංකාදු පහයි. කැඩුණු බිදුණු බඩු අළුත් වැඩියා කොරන්න පුළුවන්. හෙක්.... හෙක්... කොහොමද වැඩ. සුශ්‍රැත මොන වැඩකරුවෙක්ද ?? මෙව්වනේ පනේ වැඩ.
ReplyDeleteඉස්සරත් පුංචි බොරැල්ලේ දොස්තර මහත්තයෙක් උන්නා. දැන් නම් වැඩේ නැගලම ගොයින්
Deleteකැඩුනු බඩු අඩුවට අලුත්වැඩියා කරනු ඇත...ඔවැනි වෙඩින් ගන්නා අයට ජපං කොඩියක් අවැසිනම් ජපානෙන්ම ඕඩර කරගත හැකි බැවින් එය එතරම් කරදරයක් නොව් යැයි සිතම්..
ReplyDeleteඒ උනාට ඔය කොමෙන්ට් කොරලා තියෙන්නේ අලුතෙන් චැක් කොරන විදිය
Deleteකාගෙ වෙඩිං එකද අප්ප :O
ReplyDeleteඅළුත් සල්ලි කාරයන්ගේ....
Deleteමට නම් හිතෙන්නේ උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේ නෙමෙයි ඉන්න ඕනේ කියලා. රස්සාවට ලියන්න ගනින් මචන්... බලපිය මේවයේ ආතල් එක...
ReplyDeleteබොහෝම ආස දෙයක් බලමු කවදා හරි ඉටු වෙයිද කියලා
Deleteලෝකෙට පරකාසේ
ReplyDeleteගෙදරට මරගාතේ
henryblogwalker the Dude
හරියට හරි
Deleteමදෑ පොඩ්ඩිට සපෝර්ට් එකට ලීව කවි බලන්ට දුවගෙන ආවා. :D:D:D
ReplyDeleteමොකෑ හුකු හුකු ගාන්නේ. මේකත් ඒකටම අදාලයි
Deleteපෙට්ටි නං එමට ඇත
ReplyDeleteපෙලක්වා කැඩෙන්නැත
.................
ලොවෙත් නැති කේස් එත
එහෙම එව්වා එවනු මාවෙත
Deleteවිනාකිරි ගොරකා ගෙදර ඇත.
වඩාගෙන දොඩා ගෙන
ReplyDeleteතොල කටත් විකාගෙන
හදපු ඇල්බමය
බලන්නට බැරිව
ප්‍රයිවට් සිහිසුන් (private session )
පබිලිෂ් කරන්
කුළ කුමරියගෙ
ඇග පතත්
කා සමඟ ගෙන බෙදන්
රබන් නැති තොරන් නැති
මඟුලකුත් එපා
මේ තරම් ඉහල ගිය
වෙඩිමකුත් එපා
රෑ ජාමේ පැනල යන
පෙමවතුන් නොවී
නුඹ ඉන්න මා ලගින්
සඳ වාගේ පිපී
(නුඹ කීවේ මාතලන්ට නෙමෙයි හොඳේ .........)
හොඳ වෙලාවට කිව්වේ. තව පොඩ්ඩෙන් මම ඇඳුම් කෑලී දෙක තුනකුත් අරන් මාතර බස් එකේ නගිනවා...
Deleteනියමයි,නියමයි.ලංකාවේ ඇමති පුතෙකුගෙ වෙඩින් එකක්ද?
ReplyDeleteමේ වගේ වෙඩින් ගන්න ඇමති පුතාල වෙන්න ඕන නෑ බන්... හැබැයි අපි පුරුදු වෙලා ඉන්නව එහෙම කියන්න...
Deleteඇමති පුතාලට ස්පොන්සර්ලා ඉන්නවා. ඒ විදියට කරන්න ගිහින් උන්ගේ යාළුවෝ පුක බිම ඇනගන්නවා...
Deleteමල් මසුරන් පදවැල් ටික .....කැඩුනට දැන් රීකන්ඩිෂන් කොරනවනේ ....
ReplyDeleteඅත ගහන්න කලින් කෑලි තුනේ ටෝච් එකක් ගහල බලන්න ඕනේ මැහුම් පාරවල් තියෙනවද කියල. එතකොට රීකන්ඩිෂන් හොයාගත්තහැකි.
Deleteඇනෝ ලියලා තියෙන්නේ අළුත්ම ක්‍රමේ...
Deleteයකො මෙහෙම රටක 2500ට ජීවත් වෙන්නෙ කොහොමෙයි ?
ReplyDeleteඇයි ඉන්කම් එක අමතක උනා නේ. 2015 දී 4000 ඩොලර්ස්
Deleteනියමයි කියන්නේ නියමම නියමයි ...
ReplyDeleteThanks... Thanks you very much
Deleteහිහි මාර හැකියාවක්නෙ අෆ්ෆා
ReplyDeleteThanks :) :)
Deleteලොවෙත් නෑ.. නෑ නෑමයි..
ReplyDeleteලොවි ගහෙත් නෑ
Deleteවිවෘත ආර්ථිකය තුලින් බිහිවූ ලුම්පන් පන්තියේ තවත් එක් විකාරයක් වන විකාර "මගුල් කෑම' දෙස උපහාසයෙන් යුතුව බලන අනර්ඝ වූ කවි පන්තියකි. මජර දේශපාලනය ගැන පමනක් නොව ගම් පෙරලිය වැනි නිර්මාණ බිහි නොවන යුගයක ලාංකික ජන ජීවිතයේ විකාර රූපී නාටක එළි දැක්වීමද ඔබගෙන් ඉදිරියටත් බලා පොරොත්තු වෙමි. සාර්ථක නිර්මාණයකි.
ReplyDeleteබොහොම ස්තූතියි අගය කිරීමට
Deleteමාස 2..3 කින් දික්කසාදය සොයා යති...........
ReplyDeleteඔව් ඉතින් මේවට වෙච්ච ණයට වලි යනවනේ....
Deleteඑලය,මාවලස්ය,නියමයි,ඉටිකිරිස් තව මොනවද කියන්න ඕන.මේ ලිවීමේ හැකියාව තවතවත් දියුනුවේවා යයි පතමි.
ReplyDeleteබොහෝම ස්තූතියි
Deleteනියමයි බන් . . .මැක්සා . .
ReplyDeleteThanks Duka
Deleteඑල!
ReplyDeleteThanks Timm
Deleteහෙහ් හෙහ්.... විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. නියම කවිපෙළ නියමයි
ReplyDeleteබොහෝම ස්තූතියි.. මරු කතාව
Deleteනියමයි !
ReplyDeleteThanks Weni
Deleteදැන් ඔය නැන්දා ආවේ ලන්ඩන් වලටද පැරිස් වලටද??
ReplyDeleteරෙද්ද විතරයි එහේ යන්නේ.. චෙකින් මෙහේ
Deleteහිකිස්....මරේ මරු......
ReplyDeleteThanks Agni
Deleteපෙට්ටිය කැඩිලා නම් ඩිවෝස් එකද? නැත්තන් වෙන මොකක් හරිද? :P
ReplyDeleteඊට පස්සේ මළ මගුල් තමයි ඉතින්
Deleteඅලාබෙට වන්දියක් ගන්නත් පුලුවන්. ගනන් නොගෙන ඉඳල, පස්සෙ වෙන පෙට්ටි කඩන්නත් පුලුවන්. කොහොමද හොඳ
Deleteෆට්ට ෆට්ට
ReplyDeleteThanks Geethaka
Deleteඉන්විටේසොන් එකක් එහෙම අපටත් එවන්නේ නැති වෙයිද දන්නේ නෑ.. වෙන එහෙකට නෙවේ බ්ලූ විස්කියක රස බලන්න :D
ReplyDeleteමම මේ ළඟදිත් ගියා එකකට. ටික දොහකින් ආරන්චි උනා ඩිවෝස් කියලා.. මට තාමත් මතක් වෙන්නේ විස්කි ටික
Deleteblog avakaase mama dekapu hodhama adahasa,1-100 dakvaa>................
ReplyDeleteThanks Vimukthi
Deleteලෙසටම ලියල තියෙන්නෙ.
ReplyDeleteThanks Kiri Sana
Deleteඇඩෙනවා ඇස් දෙකටම...
ReplyDeleteහිනහ වෙලාද අඬලද
Deleteබ්ලූ විස්කි අතර බකාඩි එහෙමත් තියෙන්නැති "පබා"ගෙ වෙඩිමද?
ReplyDeleteපබාගේ නෙමෙයි දැන් කොයි බබාගෙත් මෙහෙම තමයි
Deleteකියල වැඩක් නැත. ඇත්තම ඇත්තය. කියවගෙන යනකොට මටම කියනවා ලෙස දැනුනි. මට මේ දෙය නොවුනට මගේ යහළුවන් හුග දෙනෙක් මේ මේ ලෙසටම මගුල් කැවාහුය. කියව දැනුනු අතල් එක නිසාම මටත් තව ලුණු මිරිස් ටිකක් එකතු කරන්නට අවසර දෙනු මැනව මාතලන් සකි සඳ..
ReplyDeleteඑක්තරා යහලුවෙකුට දයාන්ව බුක් කොර ගැනීමට බැරුව ගියෙමි. ඊට පසුව මොකෙක්දෝ එකෙක් ගෙනාවේය. එකා තමයි මුළු මගුල් ගෙදරම පාලනය කොරේ. පූසා අතින් අල්ලාගෙන වයින් තිබූ මීයා සේ දුවන මනමාලිගේ අම්මටත් වැඩ මූ බිසිය. මේක දයාන්ගේ ගෝලයෙක් කියල ප්‍රසිද්දීයකේ දීමට දෙපාර්ශවයම මාර ට්‍රයි එකක් දුන්නෝය. දයාන් මොකද ගෝලය මොකද.
තවත් ගොඩක් අය මගුලට පෙර බෝල් රුම් ඩාන්ස් පුරුදු වෙන්න පන්ති යනවය. මගුලේදී නටන්නේ හරියට උපතින්ම මේක පුළුවන් උනා වාගේය. එක යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් පුතාට හරිම ආදරෙය. ජෝඩුව නටද්දී අම්මත් ඒ දෙන්න මැද්දට පැන නටන්න ගත්තාය. මල කෙලියකි. අම්මා බෝල් රුම් පන්ති ගොස් තිබුනේ නැත. එදා රාත්‍රියේ අපේ යාළුවා මනමලිගෙන් හොදටම අසාගත් බව ආරංචිය. වැඩට ආ පසු යාලුවන්ගෙන් ද එතරම් සහනයක් ඇත වූයේ නැත.
තවත් ගමෙන් ආ එකෙකුට මගුලට පෙර මෙතොඩිකල් විදිහට පිහිනීම පුරුදු වෙන ලෙස කොළඹ පෙම්වතිය අණ කලය. ගමේ දියබුන් ගස පුරුදු ඔහු පසුව නොන්ඩි නැතුව පිහිනන්න පුරුදු උනාය. මාතලන් කී ආකාරයේම මගුලකුත් ගත්තේය, අවුරුදු දෙකකට පෙර. අද කෙල්ල මෙහෙය. ඔහු මැද පෙරදිගය.
සෝබනය ඔතනින් නවතින්නේ නැත. පෙට්ටි කඩා ටික කලක් ගිය විට බඩ ලොකු වන විට ඕක පෙන්නන්නට නම ගිය නාරිවේද වයිද්යවරයෙකුත් අල්ල ගත යුතුය. නැතිනම් කටක් ඇරලා යන තැන කියන්නේ කෙසේද?
පොඩි එකා ඉපදුනු පසුව නම දැමීල්ලත් නම්බුකාර ලෙසට කල යුතුය. පුතාගේ නම මොකක්ද කියා ඇසූ විට "නම අන්ජබජල්කුපොල්. ලස්සනයි නේද. ඔකේ ලස්සන තේරුමකුත් තියෙනවා. නම දැම්මේ ... අරබුදු ... " කියා කිව යුතුය . කරන්නට දෙයක් නැත. එතුමා අද නැත. ඔන්න කරනවා නම් වෙකන්සියක් ඇත. සල්ලි උල්පතකි.
නපුන්සකයින්ට මේක හොද කාලයකි. මනමාලියන්ට ඇදුම් මැසීම, ඇන්දවීම, කොන්ඩ කැපීම, පොටෝ ගැහීම පටන්ගත්තොත් ගොඩය.
අගේ ඇති කමෙන්ට් එක ඇනෝ... ;)
Deleteඇඳුම් මැසීම, ඇන්දවීම කියල දෙකක් තිබුනට ඔය ඇන්දවීම කරන්නෙ නෑ නේද?.. අපේ උන් (ගොනාට) ඇඳගන්න මාර දක්ෂයිනෙ... :)
Deleteමමත් ඇනෝ වගේ හිතන කෙනෙක්මි. මිනිස්සු ණයවෙලා කන මගුල් දැකල මට හරි අණුකම්පාවක් ඇතිවෙන්නෙ ඒ මිනිස්සු ගැන.කාව සතුටු කරන්නද ? තමාව නං නොවෙයි. ඇයි ඉතිං ණයගෙවනනෙ තමානෙ. අපේ මිනිස්සුංගෙ පුහු අදහස් වල තරම බලාගන්ඩ යන්ඩම ඕනැ මගුලකටම තමා.
Deleteයහමිං වියදං කරන්ඩ තියේ නං කාරි නැත
I Agree!!
Delete@ ඇනෝ
Deleteබොහෝම ස්තූතියි ඔබගේ කොමෙන්ට් එකට. 100% එකඟයි....
අද කාලයට ගැලපෙන අපුරු පද වැලක්...
ReplyDeleteඔය මුලාවේ(මම හිතන විදිහට) වැටෙන එක සමහරුන්ට හරි සනීපයිලුනේ
ඉතින් ඒ දිහා අපි උපහාසයෙන් බැලුවට උන්ට ඒක හරි ආතල්ය කියලනේ කියන්නේ
දුකත් එක්තරා සැපතක් කියන් උන්ට වෙන්න ඇති...
Deleteඉතින් මේ පොඩ්ඩිට සපෝට් එකටද ලිවේ. මාරු කවිය .
ReplyDeleteකොහොමෙයි කයිය
Deleteමාතලන් අයියා.. පෙට්ටිය කිව්වේ ????
ReplyDeleteද බොක්ස්
Deleteඅහ් අර බොක්ස් ඔපීස් වාරථා කඩන කිව්ව එකද ?
Deleteලොවෙත් නෑ
ReplyDeleteThanks Suranga
Deleteකන්‍යා පටල පරික්ෂාව ජපුරේ v .c මහත්තයා දැන් නොමිලේ කොරනවලු.රෙදි නැන්දට වඩා වැදගත් විදියට එයා වැඩේ කොරයි.
ReplyDeleteඌත් මර්වින් සිල්වා වගේ තමයි... එලවිලි සුම්මා
Deletethama lankawe kannaya bawaya balana siritha thiyennwada? mama hitanne dan eka ne
ReplyDeleteරෙදි නැන්දා නැති උනාට කොල්ලා චෙක් කොරනවා
Deleteහික්ස්ස්ස්....:D මරු!!!
ReplyDeleteThanks... Hithu....
Deleteඈ... රෙදි නැන්ද මොන වෙඩිමකටද කඩිච්ච පෙට්ටි බලන්න එන්නෙ... ??
ReplyDeleteවඩු බාරුන්නහේ කෙනෙක් එපැයි එවන්න
පොඩි මෑන් වගේ ඇක්ස්පීරියන්ස් පොරක් වුනත් කමක් නෑ...
Deleteකියල වැඩක් නෑ ඕයි . . . ගෑනිට දිව තල්ලට ගෙවෙනකන් කිවුව වෙඩිමයි හෝමකමිං එකයි දෙකක් නැතුව එකක් ගනිමු කියල කෝ ඇහුවයැ . . . තාම නය ගෙවනව . . .
ReplyDeleteප.ලි.
රෙද්ද නං දැං රෙදි නැනද ලවුව බලෝගන්නවට වඩා හොඳට විජේරාමෙ කන්්‍යාරත්න හේනෙමාමා බලනව . . . අත්දුටුවයි, ප්‍රත්්‍යක්ශයි . . .
එනදර් වික්ටිම් එතකොට....
Deleteඔය රෙද්ද හොයන්න එන රෙදි නැන්දට හොඳ කුණුහරුප සෙට් එකක් ලියලා රෙද්ද දෙන්න ඕනේ නොදකිං විතරක් නිදහසේ ඉන්න දෙන්නේ නැතිව අනුන්ගේ මගුල් හොයන්න එනවා... මෙයාලව ගෙන්නනන්න ඉන්න අපේ කස්ටියටත් කියන්ඩෝන මේවට ලෑස්තිවෙන්න එපා කියලා
ReplyDeleteපට්ට කවි සෙට් එක අයියේ උපරිමයි
ඒ මනුස්සයා මක්කා කොරන්නද. මනමාලයගේ අරක වගේම කොන්දත් කෙලින්නම් ඔක්කොම පරාදයි
Delete, April 27, 2010
ReplyDeleteදෙවන වසර සැමරුම් ලගයි නේද ?
හ්ම්.... හ්ම්... ඒත් ඉතින් අවුරුද්දක්ම ලිව්වේම නෑනේ..
Deleteමාතලන් අයිය තෝම්බුව දෙපැත්තෙන් කොයි පැත්තක හරි උඩට ගන්නවද?... පරණ පෝස්ට් බලන්න අමාරුයි දැන් තියෙන විදිහට :)
ReplyDeleteදැන් කොහොමෙයි තත්තේ.....
Deleteමාතලන්ට හැර මෙහෙවු අයිඩියා වෙන කාට එන්ඩද ?
ReplyDeleteහික්ස්... ඔය ඉතින් මට ලැජ්ජාවේ බෑ...
Deleteමොකක්ද බොලේ මේ දියණියනි විසාකා කතාව හැබැටම?
ReplyDeleteජයමංගල ගාථා කියන ළමයි ළොකු ඉස්කෝලෙක වෙන්නම ඕනා....
Deleteමරේ මරු ආ....
ReplyDelete